Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 101-200 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු යයි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු ය’යි ද යන යමක් එහි ලා කියෙහි ද ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති,
Sinhala BJTපටි. ඨ: ඉදින් යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු මැ වෙයි.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ යො සච්චිකට්ඨො පරමත්ථො තතො සො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති ඉදං තෙ මිච්ඡා.
Sinhala BJTපටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු යයි ද, යම් සත්‍යාර්‍ත්‍ථයෙක් පරමාර්‍ත්‍ථයෙක් වේ ද ඒ හේතුවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් එ පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු යයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකැ’යි මේ නිග්‍රහයක් කෙරෙයි ද එසේ නිග්‍රහ නො කළ යුතු යැ.
Pali BJTනිගමනං: තෙන හි යෙ කතෙ නිග්ගහෙ සෙ නිග්ගහෙ දුක්කටෙ. සුකතෙ පටිකම්මෙ. සුකතා පටිපාදනා’ති.
Sinhala BJTනිගමන: එ හෙයින් යම් නිග්‍රහයෙක් කරන ලද ද එ නිග්‍රහය දුෂ්කෘත යැ. අප විසින් කළ ප්‍රතික්‍රියාව සුකෘත යැ. කථාමාර්‍ගප්‍රතිපාදනය සුකෘත යි.
Pali BJTනිගමන චතුක්කං
Sinhala BJTනිගමන චතුක්ක යි.
Pali BJTදුතියො නිග්ගහො.
Sinhala BJTදෙ වන නිග්‍රහ යි.
Pali BJT11. ස. පු: පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT11. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස අනු: සබ්බත්ථ පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTස. අනු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම තන්හි (සකල ශරීරයෙහි) මැ පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. අවජානනා: න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTප. පටි: එසේ නො කියයුතු යැ.
Pali BJTස. නි. ආජානාහි නිග්ගහං.
Sinhala BJTස. නි: මේ නිග්‍රහය පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘සබ්බත්ථ පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එහෙයින් (තොප විසින්) සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම තන්හි පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු මැ යැ.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: ‘වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ සබ්බත්ථ පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු යයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම තන්හි පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු යයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ ‘සබ්බත්ථ පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. ඨ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම තන්හි පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු මැ යැ.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ සබ්බත්ථ පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති මිච්ඡා. -පෙ-
Sinhala BJTපටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු යයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම තන්හි පුද්ගල දන්නා ලැබේ යයි නො කියැයුතු’ යයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි ...
Pali BJTතතියො නිග්ගහො.
Sinhala BJTතුන් වන නිග්‍රහ යි.
Pali BJT12. ස. පු: පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති
Sinhala BJT12. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සබ්බදා පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTස. අනු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම කල්හි (පූර්‍ව පශ්චිම කාලයෙහි දු ධරමානකාලයෙහි හා පිරිනිවි කල්හි දු) පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTප. පටි: එසේ නො කියයුතු යැ.
Pali BJTස. නි: ආජානාහි නිග්ගහං.
Sinhala BJTස. නි: මේ නිග්‍රහය පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘සබ්බදා පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එහෙයින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම කල්හි පුද්ගල දන්නා ලැබේ’ යයි කියයුතු මැ වෙයි.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ සබ්බදා පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු යයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම කල්හි පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු’ යයි ද යන යමක් එහි ලා කියෙහි ද ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ සබ්බදා පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු වේ නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු මැ වෙයි.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ සබ්බදා පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති මිච්ඡා -පෙ-
Sinhala BJTපටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු යයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම කල්හි පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු’යයි ද යන යමක් එහි ලා කියෙහි ද ඒ භවත්හුගේ මිථ්‍යායෙකි ...
Pali BJTචතුත්ථො නිග්ගහො.
Sinhala BJTසතරවන නිග්‍රහ යි.
Pali BJT13. ස. පු: පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT13. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සබ්බෙසු පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTස. අනු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් (ස්කන්‍ධ ආයතන ආදි) සියල්ලෙහි පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTප. පටි: එසේ නො කියයුතු යැ.
Pali BJTස. නි: ආජානාහි නිග්ගහං.
Sinhala BJTස. නි: මේ නිග්‍රහය පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘සබ්බෙසු පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එයින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සියල්ලෙහි පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු මැ යැ.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන නො ච වත්තබ්බෙ සබ්බෙසු පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු යයි ද සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සියල්ලෙහි පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු’ යයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ සබ්බෙසු පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සියල්ලෙහි පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු වේ නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ’පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු මැ යැ.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන නො ච වත්තබ්බෙ සබ්බෙසු පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති මිච්ඡා. -පෙ-
Sinhala BJTපටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යයි කියයුතු යයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් සියල්ලෙහි පුද්ගල දන්නා ලැබේ යයි නො කියයුතු යයි ද යන යමක් එහි ලා කියෙහි ද එ භවත්හුගේ මිථ්‍යායෙකි. ...
Pali BJTපඤ්චමො නිග්ගහො.
Sinhala BJTපස්වන නිග්‍රහ යි.
Pali BJT14. ප. පු: පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT14. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: සබ්බත්ථ පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTප. අනු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම තන්හි පුද්ගල නො දන්නා ලැබේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTස. පටි: එසේ නො කියයුතු යැ.
Pali BJTප. නි: ආජානාහි නිග්ගහං.
Sinhala BJTප. නි: මේ නිග්‍රහය පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ සබ්බත්ථ පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එහෙයින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම තන්හි පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු මැ වෙයි.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ සබ්බත්ථ පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු යයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම තන්හි පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු’ යයි ද යන යමක් එහි ලා කියෙහි ද ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ සබ්බත්ථ පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති
Sinhala BJTපටි. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම තන්හි පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු වේ නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු මැ වෙයි.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ සබ්බත්ථ පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති මිච්ඡා.
Sinhala BJTපටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු යයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම තන්හි පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු යයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
Pali BJTඡට්ඨො නිග්ගහො
Sinhala BJTසවන නිග්‍රහ යි.
Pali BJT15. ප. පු: පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT15. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: සබ්බදා පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTප. අනු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම කල්හි පුද්ගල නො දන්නා ලැබේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTස. පටි: එසේ නො කියයුතු යැ.
Pali BJTප. නි: ආජානාහි නිග්ගහං.
Sinhala BJTප. නි: මේ නිග්‍රහය පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ සබ්බදා පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එහෙයින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම කල්හි පුද්ගල නො දන්නා ලැබේ යැයි කියයුතු මැ වෙයි.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ සබ්බදා පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු යයි ද සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම කල්හි පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු’ යයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ සබ්බදා පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති,
Sinhala BJTපටි. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම කල්හි පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු වේ නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. පා: භවත, එයින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ’ යයි නො කියයුතු මැ වෙයි.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ සබ්බදා පුග්ගලො නූපලබබති සච්චිකට්ඨපරමත්ථෙනා’ති මිච්ඡා. -පෙ-
Sinhala BJTපටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු යයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැම කල්හි පුද්ගල නො දන්නා ලැබේ යයි නො කියයුතු’ යයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ භවත්හුගේ මිථ්‍යායෙකි. ...
Pali BJTසත්තමො නිග්ගහො.
Sinhala BJTසත් වන නිග්‍රහ යි.
Pali BJT16. ප. පු: පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT16. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: සබ්බෙසු පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTප. අනු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැමයෙහි පුද්ගල නො දන්නා ලැබේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTස. පටි: එසේ නො කියයුතු යැ.
Pali BJTප. නි: ආජානාහි නිග්ගහං
Sinhala BJTප. නි: මේ නිග්‍රහය පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ සබ්බෙසු පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එහෙයින් (තොප විසින්) ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැමයෙහි පුද්ගල නො දන්නා ලැබේ’ යැ යි නො කියයුතු මැ යැ.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: වත්තබ්බෙ ඛො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ සබ්බෙසු පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යයි කියයුතු යැයි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැමයෙහි පුද්ගල නො දන්නා ලැබේ යැයි නො කියයුතු’ යැයි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ සබ්බෙසු පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. ඨ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැමයෙහි පුද්ගල නො දන්නා ලැබේ’ යැ යි නො කියයුතු වේ නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. පා: භවත, එහෙයින් (තොප විසින්) ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ’ යැ යි නො කියයුතු මැ යැ.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි. වත්තබ්බෙ ඛො පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ සබ්බෙසු පුග්ගලො නූපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති මිච්ඡා -පෙ-
Sinhala BJTපටි. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ යැ යි කියයුතු යැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් හැමයෙහි පුද්ගල නො දන්නා ලැබේ යැ යි නො කියයුතු’ යැ යි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි. ...
Pali BJTඅට්ඨමො නිග්ගහො.
Sinhala BJTඅෂ්ටම නිග්‍රහ යි.
Pali BJT17. ස. පු: පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, රූපඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT17. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද? සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපත් දන්නා ලැබේ ද?
Pali BJTප පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤං රූපං අඤ්ඤො පුග්ගලොති
Sinhala BJTස. අනු: රූප අනෙකෙක් ද? පුද්ගල අනෙකෙක් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJTස. නි: ආජානාහි නිග්ගහං.
Sinhala BJTස. නි: මේ නිග්‍රහය පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන රූපඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපත් දන්නා ලැබේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘අඤ්ඤං රූපං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එහෙයින් ‘රූපය අනෙකෙකැ පුද්ගල අනෙකෙකැ’යි කියැයුතු යැ.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි. “වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, රූපඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ අඤ්ඤං රූපං, අඤ්ඤො පුග්ගලො”ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: “සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපත් දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද රූපය අනෙකෙකැ පුද්ගල අනෙකෙකැ”යි යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ අඤ්ඤං රූපං අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTපටි. ඨ: ඉදින් ‘රූපය අනෙකෙකැ පුද්ගල අනෙකෙකැ’ යි නො කියැයුතු වේ නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, රූපඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. පා: භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි ද සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපත් දන්නා ලැබේ යැ යි ද (තොප විසින්) නො කියැයුතු මැ යැ.
Pali BJTපටි. ආ: යං තත්ථ වදෙසි: “වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, රූපඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ අඤ්ඤං රූපං අඤ්ඤො පුග්ගලො”ති මිච්ඡා -පෙ-
Sinhala BJTපටි. ආ: “සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් රූපත් දන්නා ලැබේ යැයි කියැයුතු යැ යි ද රූපය අනෙකෙකැ පුද්ගල අනෙකෙකැ’යි නො කියැයුතු” යැ යි ද යන යමක් එහි ලා කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි...
Pali BJT18-21. ස. පු: පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, වෙදනා ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන -පෙ- සඤ්ඤා ච උපලබ්භති -පෙ- සඞ්ඛාරා ච උපලබ්භන්ති -පෙ- විඤ්ඤාණඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT18-21. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද? සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් වේදනාත් දන්නා ලැබේ ද? ... සංඥාත් දන්නා ලැබේ ද? ... සංස්කාරයොත් දන්නා ලැබෙත් ද? ... සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඥානත් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤං විඤ්ඤාණං අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTස. අනු: විඥානය අනෙකෙක් ද? පුද්ගල අනෙකෙක් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJTස. නි: ආජානාහි නිග්ගහං.
Sinhala BJTස. නි: මේ නිග්‍රහ පිළිගනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, විඤ්ඤාණඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ නම්, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඥානත් දන්නා ලැබේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ, අඤ්ඤං විඤ්ඤාණං, අඤ්ඤො පුග්ගලො’ති,
Sinhala BJTඅනු. පා: භවත, එහෙයින් (තොප විසින්) විඥානය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැ යි කියැයුතු යැ.
Pali BJTඅනු. ආ: යං තත්ථ වදෙසි: “වත්තබ්බෙ ඛො පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, විඤ්ඤාණඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, නො ච වත්තබ්බෙ අඤ්ඤං විඤ්ඤාණං, අඤ්ඤො පුග්ගලො”ති මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් විඥානත් දන්නා ලැබේ යැ යි කියැයුතු යැ යි ද, විඥානය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැයි කියැයුතු යැයි ද එහි ලා යමක් කියෙහි නම් ඒ තොපගේ මිථ්‍යායෙකි.
Pali BJTපටි. ඨ: නො චෙ පන වත්තබ්බෙ අඤ්ඤං විඤ්ඤාණං, අඤ්ඤො පුග්ගලො’ති,
Sinhala BJTපටි. ඨ: ඉදින් විඥානය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැ’යි නො කියැයුතු නම්,
Pali BJTපටි. පා: නො ච වත රෙ වත්තබ්බෙ පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙන, විඤ්ඤාණඤ්ච උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. පා: භවත, එහෙයින් (තොප විසින්) සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් විඥානත් දන්නා ලැබේ යැ යි නො කියැයුතු යැ.