Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1401-1500 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අත්ථි කොචි වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරතීති.
Sinhala BJTප. අනු: වේදනායෙහි ... චිත්තයෙහි ... ධර්‍මයෙහි ධර්‍මය නුවණින් දක්නාසුලු වැ ඉරියව් කරන කිසිවෙක් ඇත්තේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථි කොචි ධම්මානුපස්සී විහරතී.
Sinhala BJTඅනු. ඨ: එබැවින් ධර්‍මයෙහි ධර්‍මය නුවණින් දක්නා සුලු වැ ඉරියව් කරන කිසිවෙක් ඇත.
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTඅනු. පා: එහෙයින් භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු මැ යැ.
Pali BJT309. ස. පු: අත්ථි කොචි කායෙ කායානුපස්සී විහරතී’ති කත්වා තෙන ච කාරණෙන පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනාති.
Sinhala BJT309. ස. පු: කයෙහි කය නුවණින් දක්නාසුලු වැ ඉරියව් කරන කිසිවෙක් ඇතියි කරුණු කොට එ කරුණින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගලයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යො කායෙ කායානුපස්සී විහරති ස්වෙව පුග්ගලො, යො න කායෙ කායානුපස්සී විහරති න සො පුග්ගලොති.
Sinhala BJTස. අනු: කයෙහි කය නුවණින් දක්නාසුලු වැ විහරණ කරන යමෙක් ඇද්ද හෙ මැ පුද්ගල වේ ද? කයෙහි කය නුවණින් නො දක්නාසුලු වැ විහරණ කරන යමෙක් ඇද්ද හේ පුද්ගල නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT310. ස. පු: යො වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ස්වෙව පුග්ගලො, යො න ධම්මෙසු ධම්මානුපස්සී විහරති න සො පුග්ගලොති.
Sinhala BJT310. ස. පු: වේදනායෙහි ... චිත්තයෙහි ... ධර්‍මයෙහි ධර්‍මය අනුව දක්නා සුලු වැ ඉරියව් පවත්වන යමෙක් ඇද්ද හෙ මැ පුද්ගල වේ ද? ධර්‍මයෙහි ධර්‍මය නුවණින් නො දක්නාසුලු වැ ඉරියව් පවත්වන යමෙක් ඇද්ද හේ පුද්ගල නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT311. ස. පු: අත්ථි කොචි කායෙ කායානුපස්සී විහරතී’ති කත්වා තෙන ච කාරණෙන ‘පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT311. ස පු: ‘කයෙහි කය නුවණින් දක්නාසුලු වැ වාස කරන කිසිවෙක් ඇති’යි කරුණු කොට එකරුණි නු දු සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤො කායො, අඤ්ඤො කායෙ කායානුපස්සී විහරතීති.
Sinhala BJTස. අනු: කය අනෙකෙක් වේ ද? කයෙහි කය නුවණින් දක්නාසුලු වැ වාස කරනුයේ අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. අනු: අඤ්ඤා වෙදනා -පෙ- අඤ්ඤං චිත්තං -පෙ- අඤ්ඤෙ ධම්මා, අඤ්ඤො ධම්මෙසු ධම්මානුපස්සී විහරතී’ති.
Sinhala BJTස. අනු: වේදනා අනෙකෙක් වූ ද ... චිත්තය අනෙකෙක් වේ ද ... ධර්‍මයෝ අන්හු වෙත් ද ... ධර්‍මයෙහි ධර්‍මය නුවණින් දක්නාසුලු වැ වාස කරනුයේ අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT312. ප. පු: පුග්ගලො නූපලබ්භති{1} සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT312. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා:
Sinhala BJTප. අනු: වදාළේ මැ නො? බුදුන් විසින්
Pali BJT“සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු මොඝරාජා{1} සදා සතො. අත්තානුදිට්ඨිං ඌහච්ච{2} එවං මච්චුතරො සියා. එවං ලොකං අවෙක්ඛන්තං මච්චුරාජා න පස්සතී” ති.
Sinhala BJT“මෝඝරාජය, හැමදා ස්මෘතිමත් වැ ස්කන්‍ධලෝකය සත්ත්‍වශූන්‍යතා විසින් බල. මෙසේ සත්කායදෘෂ්ටිය බිඳ මාරතරණය වෙයි. මෙසේ ස්කන්‍ධලෝකය දක්නහු මෘත්‍යුරාජ නො දක්නේ යැ’යි
Pali BJTඅත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. නිග: තෙන හි{3} පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTප. නිග: එ කරුණින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබෙයි.
Pali BJT313. ස. පු: පුග්ගලො අවෙක්ඛතීති.
Sinhala BJT313. ස. පු: පුද්ගල බලන්නේ වේ ද? (සුඤ්ඤතො ලෝකං අවෙක්ඛස්සු යනාදි ගාථායෙහි දී පරවාදියා කෙරෙහි ‘බලනුයේ පුද්ගල යැ’ යන ලබ්ධි ඇතියෙන් තෙල ප්‍රශ්න නැඟිණ).
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සහ රූපෙන අවෙක්ඛති{4}, විනා රූපෙන අවෙක්ඛතීති.
Sinhala BJTස. අනු: රූපකාය සහිත වැ බලන්නේ වේ ද? රූපකාය රහිත වැ බලන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: සහ රූපෙන අවෙක්ඛති.
Sinhala BJTප. පටිඤ්ඤා: රූපකාය සහිත වැ බලන්නේ යැ.
Pali BJTස. අනු: තං ජීවං තං සරීරන්ති.
Sinhala BJTස. අනු: ජීවත් එ මැ ශරීරත් එ මැ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. අනු: සහ රූපෙන අවෙක්ඛති, විනා රූපෙන අවෙක්ඛතී’ති.{*}
Sinhala BJTස. අනු: රූප සහිත වැ බලන්නේ වේ ද? රූප රහිත ව බලන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: විනා රූපෙන අවෙක්ඛති.
Sinhala BJTප. පටිඤ්ඤා: රූප රහිත වැ බලන්නේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති.
Sinhala BJTස. අනු: ජීවය අනෙකෙක් ශරීරය අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT314. ස. පු: පුග්ගලො අවෙක්ඛතීති.
Sinhala BJT314. ස. පු: පුද්ගල බලන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අබ්භන්තරගතො අවෙක්ඛති, බහිද්ධා නික්ඛමිත්වා අවෙක්ඛතීති.
Sinhala BJTස. අනු: අභ්‍යන්තරගත වැ බලන්නේ වේ ද? අභ්‍යන්තරයෙන් බැස බලන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: අබ්භන්තරගතො අවෙක්ඛති.
Sinhala BJTප. පටිඤ්ඤා: අභ්‍යන්තරගත වැ බලන්නේ යැ.
Pali BJTස. අනු: තං ජීවං තං සරීරන්ති.
Sinhala BJTස. අනු: ජීව එ මැ ශරීර එ මැ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. අනු: අබ්භන්තරගතො අවෙක්ඛති, බහිද්ධා නික්ඛමිත්වා අවෙක්ඛතීති.
Sinhala BJTස. අනු: අභ්‍යන්තර වැ බලන්නේ වේ ද? බැහැර නික්ම බලන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: බහිද්ධා නික්ඛමිත්වා අවෙක්ඛති.
Sinhala BJTප. පටිඤ්ඤා: බැහැර නික්ම බලන්නේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති.
Sinhala BJTප. අනු: ජීව අනෙකෙක් වේ ද? ශරීර අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT315. ප. පු: න වත්තබ්බං පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනාති.
Sinhala BJT315. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ යැ’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු භගවා සච්චවාදී කාලවාදී භූතවාදී තථවාදී අවිතථවාදී අනඤ්ඤථවාදීති.
Sinhala BJTප. අනු: බුදුහු සත්‍යවාදී කාලවාදී භූතවාදී තථවාදී අවිතථවාදී අනන්‍යථාවාදී මැ නො?
Pali BJTස. පටිඤ්ඤා ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: වුත්තං භගවතා: “අත්ථි පුග්ගලො අත්තහිතාය පටිපන්නො”ති අත්ථෙව සුත්තන්තොති.
Sinhala BJTප. අනු: වදාළේ මැ නො? බුදුන් විසින්: ආත්මහිත පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. නිග: තෙන හි පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTප. නිග: එ කරුණින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබෙයි.
Pali BJT316. ප. පු: න වත්තබ්බං පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT316. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ය’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු භගවා සච්චවාදී කාලවාදී භූතවාදී තථවාදී අවිතථවාදී අනඤ්ඤථවාදීති.
Sinhala BJTප. අනු: බුදුහු සත්‍යවාදී කාලවාදී භූතවාදී තථවාදී අවිතථවාදී අනන්‍යථාවාදී මැ නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: වුත්තං භගවතා: “එකපුග්ගලො භික්ඛවෙ, ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සාන”න්ති අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: වදාළේ මැ නො? බුදුන් විසින්: “මහණෙනි, එක පුද්ගලයෙක් ලෝකයෙහි උපදනේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිස්නට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුඛ පිණිස උපදනේ යැ”යි වදාළ සූත්‍රයෙක් ඇත්තේ මැ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. නිග: තෙන හි පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනාති.
Sinhala BJTප. නිග: එ බැවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ.
Pali BJT317. ස. පු: පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT317. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු භගවා සච්චවාදී කාලවාදී භූතවාදී තථවාදී අවිතථවාදී අනඤ්ඤථවාදී’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ සත්‍යවාදී කාලවාදී භූතවාදී තථවාදී අවිතථවාදී අනන්‍යථාවාදී නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වුත්තං භගවතා: “සබ්බෙ ධම්මා අනත්තා”ති. අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: වදාළේ මැ නො? බුදුන් විසින් “සර්‍වධර්‍මයෝ අනාත්මයහ”යි මෙ වන් සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. නිග: තෙන හි න වත්තබ්බං පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTස. නිග: එ කරුණින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ’යයි නො කියැයුතු වෙයි.
Pali BJT318. ස. පු: පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT318. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු භගවා සච්චවාදී කාලවාදී භූතවාදී තථවාදී අවිතථවාදී අනඤ්ඤථවාදී’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ සත්‍යවාදී කාලවාදී භූතවාදී තථවාදී අවිතථවාදී අනන්‍යථාවාදී නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වුත්තං භගවතා: “දුක්ඛමෙව උප්පජ්ජමානං උප්පජ්ජති, දුක්ඛමෙව නිරුජ්ඣමානං නිරුජ්ඣතී’ති න කඞ්ඛති, න විචිකිච්ඡති, අපරප්පච්චයඤාණමෙවස්ස එත්ථ හොති. එත්තාවතා ඛො කච්චාන, සම්මාදිට්ඨි හොතී”ති අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: වදාළේ මැ නො? බුදුන් විසින් “උපදනුයේ දුක් මැ උපදනේ යැ. නිරුද්ධ වනුයේ දුක් මැ නිරුද්ධ වෙතියි ගෙන සැක නො කෙරෙයි. විචිකිත්සා නො කෙරෙයි. ඒ ආර්‍ය්‍යශ්‍රාවකහට මෙහි ලා පරප්‍රත්‍යය රහිත ඥානය මැ උපදනේ යැ. කාත්‍යායනය, මෙතෙකින් සම්‍යග්දෘෂ්ටි වෙයි” යනු මෙ වන් සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. නිග: තෙන හි න වත්තබ්බං ‘පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTස. නිග: එ කරුණින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ’යයි නො කියැයුතු වෙයි.
Pali BJT319. ස. පු: පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT319. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වජිරා භික්ඛුනී මාරං පාපිමන්තං එතදවොච:
Sinhala BJTස. අනු: වජිරා මෙහෙණ පවිටු මරහට මෙසේ කියුවා නො වේ ද?
Pali BJT“කින්නු ‘සත්තො’ති පච්චෙසි මාර දිට්ඨිගතන්නු තෙ, සුද්ධසඞ්ඛාරපුඤ්ජොයං නයිධ සත්තූපලබ්භති.
Sinhala BJT“මාරය, කිම ‘සත්ත්‍වයහ’යි ගන්නෙහි යැ. තෙල තාගේ දෘෂ්ටි නො වේ ද? මේ ශුඞ සංස්කාර පුඤ්ජයෙකි. මෙහි සත්ත්‍වයෙක් නො ලැබෙයි.
Pali BJTයථා’හි අඞ්ගසම්භාරා හොති සද්දො රථො ඉති, එවං ඛන්ධෙසු සන්තෙසු හොති ‘සත්තො’ති සම්මුති{1}.
Sinhala BJTයම්සේ අඞ්ගසම්භාර හේතුයෙන් රථ සඞ්ඛ්‍යාත ශබ්දයෙක් වේ ද, එ පරිදි විද්‍යාමාන වූ පඤ්චස්කන්‍ධයෙහි ‘සත්ත්‍වයහ’යි සම්මුති වෙයි.
Pali BJTදුක්ඛමෙව හි සම්භොති. දුක්ඛං තිට්ඨති වෙති ච, නාඤ්ඤත්ර දුක්ඛා සම්භොති. නාඤ්ඤං දුක්ඛා නිරුජ්ඣතී”ති.
Sinhala BJTපඤ්චස්කන්‍ධ දුඃඛය මැ පවතින්නේ යැ. දුක මැ සිටුනේ ද නිරුද්ධ වනුයේ ද වෙයි. දුක හැර අනෙකෙක් නැත. දුක හැර අනෙකෙක් නිරුද්ධ නො වෙයි”
Pali BJTඅත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTයනු මෙ වන් සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. නිග: තෙන හි න වත්තබ්බං ‘පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTස. නිග: එ කරුණින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ යයි නො කියැයුතු වෙයි.
Pali BJT320. ස. පු: පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT320. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
Sinhala BJTස. අනු: ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළාහු නො වේ ද?
Pali BJT“සුඤ්ඤො ලොකො සුඤ්ඤො ලොකොති භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, සුඤ්ඤො ලොකොති වුච්චතී’ති. ‘යස්මා ඛො ආනන්ද, සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා, තස්මා සුඤ්ඤො ලොකො’ති වුච්චති. කිඤ්චානන්ද, සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා? චක්ඛුං{1} ඛො ආනන්ද, සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා. රූපා සුඤ්ඤා -පෙ- චක්ඛුවිඤ්ඤාණං සුඤ්ඤං -පෙ- චක්ඛුසම්ඵස්සො සුඤ්ඤො -පෙ- යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා. සොතං සුඤ්ඤං -පෙ- සද්දා සුඤ්ඤා -පෙ- සොතසම්ඵස්සො සුඤ්ඤො -පෙ- ඝානං සුඤ්ඤං -පෙ- ගන්ධා සුඤ්ඤා -පෙ- ජිව්හා සුඤ්ඤා -පෙ- රසා සුඤ්ඤා -පෙ- කායො සුඤ්ඤො -පෙ- ඵොට්ඨබ්බා සුඤ්ඤා -පෙ- මනො සුඤ්ඤො -පෙ- ධම්මා සුඤ්ඤා -පෙ- මනොවිඤ්ඤාණං සුඤ්ඤං -පෙ- මනොසම්ඵස්සො සුඤ්ඤො -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා. යස්මා ඛො ආනන්ද, සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා, තස්මා සුඤ්ඤො ලොකො’ති වුච්චතී”ති. අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJT“වහන්ස, පඤ්චස්කන්‍ධ ලෝකය ශූන්‍ය යැ, පඤ්චස්කන්‍ධ ලෝකය ශූන්‍යයැ’යි කියනු ලැබේ. වහන්ස, කිපමණෙකින් පඤ්චස්කන්‍ධ ලෝකය ‘ශූන්‍ය යැ’යි කියනු ලැබේ ද? ආනන්‍දය, යම් මැ හේතුවින් ආත්ම බැවින් ද, ආත්මීය බැවින් ද සිස් වේ ද, එහෙයින් පඤ්චස්කන්‍ධලෝකය ‘ශූන්‍ය යැ’යි කියනු ලැබේ. ආනන්‍දය, කිනම් දැයෙක් ආත්ම බැවින් ද ආත්මීය බැවින් ද සිස් වේ ද? ආනන්‍දය, ආත්ම බැවින් ද ආත්මීය බැවින් ද ඇස සිසැ. රූපයෝ සිස්හ ... චක්‍ෂුර්විඥාන සිසැ ... චක්‍ෂුඃසංස්පර්‍ශය සිසැ ... චක්‍ෂුඃසංස්පර්‍ශ හේතුයෙන් සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් උපදනේ වේ ද, එ ද ආත්ම බැවින් ද ආත්මීය බැවින් ද සිසැ. ශ්‍රෝත්‍රය සිසැ ... ශබ්දයෝ සිස්හ ... ශ්‍රෝතසංස්පර්‍ශය සිසැ ... ඝ්‍රාණය සිසැ ... ගන්‍ධයෝ සිස්හ ... ජිව්හා සිසැ ... රසයෝ සිස්හ ... කය සිසැ ... ස්පර්‍ශයෝ සිස්හ ... මනස සිසැ ... ධර්‍මයෝ සිස්හ ... මනෝවිඤ්ඤාණය සිසැ ... මනඃසංස්පර්‍ශය සිසැ ... මනඃසංස්පර්‍ශ හේතුයෙන් සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් උපදනේ වේ ද, එ ද ආත්ම බැවින් ද ආත්මීය බැවින් ද සිසැ. ආනන්‍දය, යම් හෙයෙකින් ආත්ම බැවින් ද ආත්මීය බැවින් ද සිස් වේ ද, එහෙයින් ස්කන්‍ධලෝකය සිසැ’යි කියනු ලැබේ”යයි සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. නිග: තෙන හි න වත්තබ්බං ‘පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා ති.
Sinhala BJTස. නිග: එ කරුණින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ” යයි නො කියැයුතු වේ.
Pali BJT321. ස. පු: පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT321. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු භගවා සච්චවාදී කාලවාදී භූතවාදී තථවාදී අවිතථවාදී අනඤ්ඤථවාදී’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ සත්‍යවාදී කාලවාදී භූතවාදී තථවාදී අවිතථවාදී අනන්‍යථාවාදී නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වුත්තං භගවතා: “අත්තනි වා භික්ඛවෙ සති අත්තනියං මෙ’ති අස්සාති? එවං භන්තෙ අත්තනියෙ වා භික්ඛවෙ සති අත්තා මෙ’ති අස්සාති? එවං භන්තෙ. අත්තනි ච භික්ඛවෙ අත්තනියෙ ව සච්චතො ථෙතතො අනුපලබ්භියමානෙ යම්පිදං{1} දිට්ඨිට්ඨානං: සො ලොකො සො අත්තා, සො පෙච්ච භවිස්සාමි නිච්චො ධුවො සස්සතො අවිපරිනාමධම්මො, සස්සතිසමං තථෙව ඨස්සාමී’ති, නන්වායං භික්ඛවෙ, කෙවලො පරිපූරො බාලධම්මො’ති? කිඤ්ච{2} නො සියා භන්තෙ, කෙවලො හි භන්තෙ, පරිපූරො බාලධම්මො”ති අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: වදාළේ මැ නො? බුදුන් විසින් “මහණෙනි, ආත්මය (අධ්‍යාත්මස්කන්‍ධ කෙරෙහි ‘මම’ යන දෘෂ්ටි) ඇති වත් මැ, මාගේ අත්තනීය (බාහිරපරිෂ්කාර කෙරෙහි තමා සතු දෙය යි දෘෂ්ටි) වන්නේ ද? වහන්ස, එසේ යැ. මහණෙනි, අත්තනිය හෝ ඇති වත් මැ, මාගේ ආත්මය (යන දෘෂ්ටි) වන්නේ ද? වහන්ස, එසේ යැ. මහණෙනි, ආත්මය හා ආත්මීය (යන දෙක) සත්‍ය වශයෙන් ස්ථීර වශයෙන් නො ලැබෙන කල, ‘ඒ ලෝක’ යැ ‘ඒ ආත්ම’ යැයි ද, මම පරලොව ගොස් නිත්‍ය, ධ්‍රැව – ස්ථීර, ශාශ්වත, අවිපරිණාමධර්‍ම (නො නස්නා සැහැවි ඇත්තෙම්) වෙමි. ශශ්වතයන් (චන්‍ද්‍රසූර්‍ය්‍යාදීවස්තූන්) සෙයින් එසේ මැ සිටිමි යි යම් මැ දෘෂ්ටිවිකල්පයෙක් වේ ද, මහණෙනි, මෙය හුදු පිරිපුන් බාලධර්‍මයෙක් නො? වහන්ස, කිම නො වන්නේ වේ ද? වහන්ස, හුදු පිරිපුන් අඥධර්‍මයෙක් මැ යයි” වදාළ සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. නිග: තෙන හි න වත්තබ්බං ‘පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTස. නිග: එ කරුණින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ’යයි නො කියැයුතු වෙයි.
Pali BJT322. ස. පු: පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනාති.
Sinhala BJT322. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු භගවා සච්චවාදී කාලවාදී භූතවාදී තථවාදී අවිතථවාදී අනඤ්ඤථවාදීති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ සත්‍යවාදී කාලවාදී භූතවාදී තථවාදී අවිතථවාදී අනන්‍යථාවාදී නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වුත්තං භගවතා: “තයොමෙ සෙනිය, සත්ථාරො සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො: ඉධ සෙනිය, එකච්චො සත්ථා දිට්ඨෙව ධමෙම අත්තානං සච්චතො ථෙතතො පඤ්ඤාපෙති, අභිසම්පරායඤ්ච අත්තානං සච්චතො ථෙතතො පඤ්ඤාපෙති. ඉධ පන සෙනිය, එකච්චො සත්ථා දිට්ඨෙව හි ඛො ධම්මෙ අත්තානං සච්චතො ථෙතතො පඤ්ඤාපෙති, නො ච ඛො අභිසම්පරායං අත්තානං සච්චතො ථෙතතො පඤ්ඤාපෙති. ඉධ පන සෙනිය, එකච්චො සත්ථා දිට්ඨෙ චෙව ධම්මෙ අත්තානං සච්චතො ථෙතතො න පඤ්ඤාපෙති. අභිසම්පරායඤ්ච අත්තානං සච්චතො ථෙතතො න පඤ්ඤාපෙති. තත්ර සෙනිය, ය්වායං සත්ථා දිට්ඨෙචෙව ධම්මෙ අත්තානං සච්චතො ථෙතතො පඤ්ඤාපෙති අභිසම්පරායඤ්ච අත්තානං සච්චතො ථෙතතො පඤ්ඤාපෙති, අයං වුච්චති සෙනිය, සත්ථා සස්සතවාදො.
Sinhala BJTස. අනු: වදාළේ මැ නො? බුදුන් විසින්: “සෙනියෙනි, මේ ශාස්තෘහු තුන් දෙනෙක් ලෝකයෙහි විද්‍යාමාන වැ ඇත. කවර තුන් දෙනෙක යත්: සෙනියෙනි, මෙ ලොව කිසි ශාස්තෘයෙක් මෙලොව මැ ආත්මය සත්‍ය විසින් ස්ථීර විසින් පනවයි. පරලොව ද ආත්මය සත්‍ය විසින් ස්ථීර විසින් පනවයි. වැලිත් සෙනියෙනි, මෙලොවැ කිසි ශාස්තෘයෙක් ඉහාත්මයෙහි ආත්මය සත්‍ය විසින් ස්ථීර විසින් පනවයි. එතෙකුදු වුව, පරලොව ආත්මය සත්‍ය විසින් ස්ථීර විසින් නො පනවයි. සෙනියෙනි, මෙලො වැ කිසි ශාස්තෘයෙක් ඉහාත්මයෙහි ම ආත්මය සත්‍ය විසින් ස්ථීර විසින් නො පනවයි. පරලොව්හිත් ආත්මය සත්‍ය විසින් ස්ථීර විසින් නො පනවයි. සේනිය, එහි යම් ශාස්තෘයෙක් ඉහාත්මයෙහි මැ ආත්මය සත්‍ය විසින් ස්ථීර විසින් පනවා ද, පරලොව්හි දු ආත්මය සත්‍ය විසින් ස්ථීර විසින් පනවා ද, සෙනියෙනි, මේ ශාස්තෘ ‘ශාශ්වත වාදයහ’යි කියනු ලැබේ.
Pali BJTතත්ර සෙනිය, ය්වායං සත්ථා දිට්ඨෙව හි ඛො ධම්මෙ අත්තානං සච්චතො ථෙතතො පඤ්ඤාපෙති, නො ච ඛො අභිසම්පරායං අත්තානං සච්චතො ථෙතතො පඤ්ඤාපෙති, අයං වුච්චති සෙනිය, සත්ථා උච්ඡෙදවාදො. තත්ර සෙනිය, ය්වායං සත්ථා දිට්ඨෙ චෙව ධම්මෙ අත්තානං සච්චතො ථෙතතො න පඤ්ඤාපෙති, අභිසම්පරායඤ්ච අත්තානං සච්චතො ථෙතතො න පඤ්ඤාපෙති, අයං වුච්චති සෙනිය, සත්ථා සම්මාසම්බුද්ධො. ඉමෙ ඛො සෙනිය, තයො සත්ථාරො සන්තො සංවිජ්ජමානා ලොකස්මි”න්ති. අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTසෙනියෙනි, එහි යම් ඒ ශාස්තෘයෙක් ඉහාත්මයෙහි ආත්මය සත්‍ය විසින් ස්ථීර විසින් පනවා ද, එතෙකුදු වුව පරලොව්හි ආත්මය සත්‍ය විසින් ස්ථීර විසින් නො පනවා ද, සෙනියෙනි, මේ ශාස්තෘ ‘උච්ඡේදවාදයහ’යි කියනු ලැබේ. සෙනියෙනි, එහි යම් ඒ ශාස්තෘයෙක් ඉහාත්මයෙහිත් ආත්මය සත්‍ය විසින් ස්ථීර විසින් නො පනවා ද, පරලොවත් ආත්මය සත්‍ය විසින් ස්ථීර විසින් නො පනවා ද, සෙනියෙනි, මේ ශාස්තෘ සම්‍යක්සම්බුද්ධයහයි කියනු ලැබේ. සෙනියෙනි, මේ ශාස්තෘහු තුන් දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වැ ඇතැ”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?