Pali BJTධම්මාභිසමය කථා නිට්ඨිතා.
Sinhala BJTධම්මාභිසමය කථා නිමි.
Pali BJT22. 5-7.
Sinhala BJT22. 5-7.
Pali BJTතිස්සොපි කථා.
Sinhala BJTතිස්සෝපි කථා
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(මෙහි රජුගේ පුණ්‍යමහිමයෙන් ද පහය රන් වූ හෙයින් සාධකය නො යෙදේ.)
Pali BJT1. ස. පු: අත්ථි ගබ්භසෙය්යාය අරහත්තප්පත්තී’ති.
Sinhala BJT1. ස. පු: ගර්‍භශය්‍යායෙහි අර්‍හත්ත්‍වප්‍රාප්ති ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සුත්තස්ස පමත්තස්ස මුට්ඨස්සතිස්ස{1} අසම්පජානස්ස අරහත්තප්පත්තී’ති.
Sinhala BJTස. අනු: නිදාසිටියාහට පමාවූවහුට මුළාසී ඇතියාහට සම්‍යග්ඥාන නැතියාහට රහත්බව ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[ඒ ඒ කාලයෙහි ශරීර ආයු ප්‍රභා ප්‍රමාණ නානාත්‍වය මිස සෙසු බුදුදහමින් බුදුවරුන්ගේ බුදුවරුන් කෙරෙන් හීනාතිරෙක බවෙක් නම් නැත. බුදුවරුන් කෙරෙහි අවශේෂයෙන් හීනාතිරෙකතා ඇතැයි අන්‍ධක නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘බුද්ධ කථා’ එයි.]
Pali BJT2. ස. පු: අත්ථි සුපිනගතස්ස ධම්මාභිසමයො’ති.
Sinhala BJT2. ස. පු: ස්වප්නගතයාහට ධර්‍මාභිසමය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සුත්තස්ස පමත්තස්ස මුට්ඨස්සතිස්ස{1} අසම්පජානස්ස ධම්මාභිසමයො’ති.
Sinhala BJTස. අනු: සුප්තයාහට ප්‍රමත්තයාහට මුෂිතස්මෘති ඇතියාහට සම්‍යග්ඥාන නැතියාහට ධර්‍මාභිසමය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පු එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: අත්ථි සුපිනගතස්ස අරහත්තප්පත්තී’ති.
Sinhala BJT3. ස. පු: ස්වප්නගතයාහට අර්‍හත්ත්‍වප්‍රාප්ති ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සුත්තස්ස පමත්තස්ස මුට්ඨස්සතිස්ස1 අසම්පජානස්ස ධම්මාභිසමයො’ති.
Sinhala BJTස. අනු: සුප්තයාහට ප්‍රමත්තයාහට මුෂිතස්මෘති ඇතියාහට සම්‍යග්ඥාන නැතියාහට ධර්‍මාභිසමය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTතිස්සොපි කථා නිට්ඨිතා.
Sinhala BJTතිස්සෝපි කථා නිමි.
Pali BJT22. 8.
Sinhala BJT22. 8.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘හැම දික්හි බුදුවරු සිටිති’ යි මහාසාංඝිකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තාහු ඇත. උන්ගේ වාද බිඳුනට ‘සබ්බදිසා කථා’ එයි.]
Pali BJTඅබ්යාකත කථා.
Sinhala BJTඅබ්‍යාකත කථා
Pali BJT1. ස. පු: සබ්බං සුපිනගතස්ස චිත්තං අබ්යාකතන්ති.
Sinhala BJT1. ස. පු: ස්වප්නගතයාගේ හැම සිත් අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සුපිනන්තෙන පාණං හනෙය්යා’ති.
Sinhala BJTස. අනු: ස්වප්නයෙන් ප්‍රාණඝාත කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි සුපිනන්තෙන පාණං හනෙය්ය,
Sinhala BJTස. ඨ: ඉදින් ස්වප්නයෙන් ප්‍රාණඝාත කරන්නේ වී නම්?
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “සබ්බං සුපිනගතස්ස චිත්තං අබ්යාකත”න්ති.
Sinhala BJTස. පා: භවත, ‘ස්වප්නගතයාගේ හැම සිත් අව්‍යාකෘත වෙති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: සුපිනන්තෙන අදින්නං ආදිය්යෙ -පෙ- මුසා භණෙය්ය -පෙ- පිසුණං{1} භණෙය්ය -පෙ- ඵරුසං භණෙය්ය -පෙ- සම්ඵං පලපෙය්ය{2} -පෙ- සන්ධිං ඡින්දෙය්ය -පෙ- නිල්ලොපං හරෙය්ය -පෙ- එකාගාරිකං කරෙය්ය -පෙ- පරිපන්ථෙ තිට්ඨෙය්ය -පෙ- පරදාරං ගච්ඡෙය්ය -පෙ- ගාමඝාතකං කරෙය්ය -පෙ- නිගමඝාතකං කරෙය්ය -පෙ- සුපිනන්තෙන මෙථුනං ධම්මං පතිසෙවෙය්ය -පෙ- සුපිනගතස්ස අසුචි මුච්චෙය්ය -පෙ- සුපිනන්තෙන දානං දදෙය්ය -පෙ- චීවරං දදෙය්ය -පෙ- පිණ්ඩපාතං දදෙය්ය -පෙ- සෙනාසනං දදෙය්ය -පෙ- ගිලානපච්චයභෙසජ්ජ පරික්ඛාරං දදෙය්ය -පෙ- ඛාදනීයං දදෙය්ය -පෙ- භොජනීයං දදෙය්ය -පෙ- පානීයං දදෙය්ය -පෙ- චෙතියං වන්දෙය්ය -පෙ- චෙතියෙ මාලං ආරොපෙය්ය -පෙ- ගන්ධං ආරොපෙය්ය -පෙ- විලෙපනං ආරොපෙය්ය -පෙ- චෙතියං අභිදක්ඛිණං කරෙය්යා’ති.
Sinhala BJT2. ස. පු: ස්වප්නයෙන් අයිනාදන් ගන්නේ වේ ද? … මුසවා බණන්නේ වේ ද … පිසුනුබස් කියන්නේ වේ ද … පරොස්බස් බණන්නේ වේ ද … පලප් බණන්නේ වේ ද … ගෘහසන්‍ධි සිඳුනේ වේ ද … ගම් වොලොගෙන යන්නේ වේ ද … එක් ගෙයක් වොලොගන්නේ වේ ද … කඬපලාසොරකමට මහමග සිටුනේ වේ ද … පරඹුවන් කරා යන්නේ වේ ද … ගම් නසනකම් කරනුයේ වේ ද … නියම්ගම් නසන කම් කරනුයේ වේ ද … ස්වප්නයෙන් මෛථුනධර්‍ම සේවන කරන්නේ වේ ද … ස්වප්න ගතයාහට අසුචි (ශුක්‍ර) මිදෙන්නේ වේ ද … ස්වප්නයෙන් දන් දෙන්නේ වේ ද … සිවුරු දෙන්නේ වේ ද … පිඬුවා දෙන්නේ වේ ද … සෙනසුන් දෙන්නේ වේ ද … ගිලන්පස බෙහෙත් පිරිකර දෙන්නේ වේ ද … ඛාද්‍ය දෙන්නේ වේ ද … බොජුන් දෙන්නේ වේ ද … පැන් දෙන්නේ වේ ද … සෑ වඳනේ වේ ද … සෑයෙහි මාලා නගන්නේ වේ ද … ගන්‍ධ නගන්නේ වේ ද … විලෙවුන් නඟන්නේ වේ ද … සෑය පැදකුණු කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි සුපිනන්තෙන චෙතියං අභිදක්ඛිණං කරෙය්ය,
Sinhala BJTස. ඨ: ඉදින් ස්වප්නයෙන් චෛත්‍යය ප්‍රදක්‍ෂිණා කරන්නේ වී නම්,
Pali BJTස. පා: නෙ ච වත රෙ වත්තබ්බෙ “සබ්බං සුපිනගතස්ස චිත්තං අබ්යාකත”න්ති.
Sinhala BJTස. පා: භවත, ‘ස්වප්නගතයාගේ හැම සිත් අව්‍යාකෘත වෙති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ප. පු: න වත්තබ්බං “සබ්බං සුපිනගතස්ස චිත්තං අබ්යාකත”න්ති.
Sinhala BJT3. ප. පු: ස්වප්නගතයාගේ හැම සිත් අව්‍යාකෘත වෙති’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු සුපිනගතස්ස චිත්තං අබ්බොහාරියං වුත්තං භගවතා’ති.
Sinhala BJTප. අනු: “ස්වප්නගතයාගේ සිත අව්‍යවහාරක යැ” යි භාග්‍යවතුන් විසින් වදාරනලද නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ඨ: හඤ්චි සුපිනගතස්ස චිත්තං අබ්බොහාරියං වුත්තං භගවතා,
Sinhala BJTප. ඨ: ඉදින් ‘ස්වප්නගතයාගේ සිත අව්‍යවහාරක යැ’යි භාග්‍යවතුන් විසින් වදාරනලද වී නම්,
Pali BJTප. පා: තෙන{1} වත රෙ වත්තබ්බෙ “සබ්බං සුපිනගතස්ස චිත්තං අබ්යාකත”න්ති.
Sinhala BJTප. පා: එකරුණින් භවත, ‘ස්වප්නගතයාගේ හැම සිත් අව්‍යාකෘත වෙති’ යි කියැයුතු මැ යැ.
Pali BJTඅබ්යාකත කථා නිට්ඨිතා.
Sinhala BJTඅව්‍යාකෘත කථා නිමි.
Pali BJT22. 9.
Sinhala BJT22. 9.
Pali BJTආසෙවනපච්චය කථා.
Sinhala BJTආසේවනපච්චය කථා
Pali BJT1. ස. පු: නත්ථි කාචි ආසෙවනපච්චයතා’ති.
Sinhala BJT1. ස. පු: කිසි ආසේවනප්‍රත්‍යයතායෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: “පාණාතිපාතො භික්ඛවෙ ආසෙවිතො භාවිතො බහුලීකතො නිරයසංවත්තනිකො තිරච්ඡානයොනිසංවත්තනිකො පෙත්තිවිසයසංවත්තනිකො, යො සබ්බලහුසො පාණාතිපාතස්ස විපාකො මනුස්සභූතස්ස අප්පායුකසංවත්තනිකො හොතී”ති{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් විසින් වදාරනලද නො: “මහණෙනි, ප්‍රාණඝාතකර්‍මය ආසේවන කරනලද්දේ භාවිත කරනලද්දේ බහුල කරනලද්දේ නිරෑ පිණිස පවත්නේ යැ. තිරිසන් යොන් පිණිස පවත්නේ යැ. ප්‍රේතවිෂය පිණිස පවත්නේ යි. ප්‍රාණඝාතයාගේ හැමට ලඝු වූ යම් විපාකයෙක් ඇද්ද, හේ මනුෂ්‍ය වූවහුට අල්පායු පිණිස පවත්නේ වේ”යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[රූපාදිය රූපාදි ස්වභාවයෙන් නියත වෙයි. ස්වභාවය නො පියයි. එහෙයින් ‘හැම ධර්‍මයෝ නියතයහ’ යි අන්‍ධක නිකායවාසීන් - සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තාහු ඇත. උන්ගේ වාද බිඳුනට ‘ධම්ම කථා’ එයි.]
Pali BJTස. පා: තෙන හි “අත්ථි කාචි ආසෙවනපච්චයතා”ති.
Sinhala BJTස. පා: එකරුණින් කිසි ආසේවනප්‍රත්‍යයතායෙක් ඇත.
Pali BJT2. ස. පු: නත්ථි කාචි ආසෙවනපච්චයතා’ති.
Sinhala BJT2. ස. පු: කිසි ආසේවනප්‍රත්‍යයතායෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: “අදින්නාදානං භික්ඛවෙ අසෙවිතං භාවිතං බහුලීකතං නිරයසංවත්තනිකං තිරච්ඡානයොනිසංවත්තනිකං පෙත්තිවිසයසංවත්තනිකං, යො සබ්බලහුසො අදින්නාදානස්ස විපාකො මනුස්සභූතස්ස භොගබ්යසනසංවත්තනිකො හොති -පෙ- යො සබ්බලහුසො කාමෙසු මිච්ඡාචාරස්ස විපාකො මනුස්සභූතස්ස සපත්තවෙරසංවත්තනිකො හොති -පෙ- යො සබ්බලහුසො මුසාවාදස්ස විපාකො මනුස්සභූතස්ස අභූතබ්භක්ඛාන සංවත්තනිකො{1} හොති -පෙ- යො සබ්බලහුසො පිසුනාය වාචාය විපාකො මනුස්සභූතස්ස මිත්තෙහි භෙදනසංවත්තනිකො හොති -පෙ- යො සබ්බලහුසො ඵරුසාය වාචාය විපාකො මනුස්සභූතස්ස අමනාපසද්දසංවත්තනිකො හොති -පෙ-
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “මහණෙනි, අදත්තාදානකර්‍මය ආසේවන කරනලද්දේ පුරුදු කරනලද්දේ පුනපුනා වඩනලද්දේ නිරය පිණිස පවත්නේ යැ. තිරිසන්යෝනි පිණිස පවත්නේ යැ. ප්‍රේතවිෂය පිණිස පවත්නේ යි. අදත්තාදානකර්‍මයාගේ හැමට ලඝු යම් විපාකයෙක් ඇද්ද, ඒ මිනිස් වූවහුට භොගව්‍යසන පිණිස පවත්නේ වෙයි … කාමමිථ්‍යාචාරකර්‍මයාගේ හැමට ලඝු යම් විපාකයෙක් ඇද්ද, ඒ මිනිස් වූවහුට සතුරුවෙර පිණිස වැටෙන්නේ වෙයි … මෘෂාවාදකර්‍මයාගේ හැමට ලඝු යම් විපාකයෙක් ඇද්ද, ඒ මිනිස් වූවහුට අභූතාඛ්‍යාන (බොරු චෝදනා) පිණිස වැටෙන්නේ වෙයි … පිශුනවචන කර්‍මයාගේ හැමට ලඝු යම් විපාකයෙක් ඇද්ද, ඒ මිනිස් වූවහුට මිතුරන් කෙරෙන් බිඳුනා පිණිස පවත්නේ වෙයි … පරුෂවචනයාගේ හැමට ලඝු යම් විපාකයෙක් ඇද්ද, ඒ මිනිස් වූවහුට අමනාපශබ්ද පිණිස පවත්නේ වෙයි …
Pali BJTයො සබ්බලහුසො සම්ඵප්පලාපස්ස.{1} විපාකො මනුස්සභූතස්ස අනාදෙය්යවාචසංවත්තනිකො හොති. සුරාමෙරයපානං භික්ඛවෙ අසෙවිතං -පෙ- යො සබ්බලහුසො සුරාමෙරයපානස්ස විපාකො මනුස්සභූතස්ස උම්මත්තකසංවත්තනිකො හොතී”ති,{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTසම්ඵප්‍රලාපයාගේ හැමට ලඝු විපාකයෙක් ඇද්ද, ඒ මිනිස් වූවහුට අනාදෙය (නො පිළිගතයුතු) වචන පිණිස පවත්නේ වෙයි. මහණෙනි, රහමෙරපනු ආසේවන කරනලද්දේ ... සුරාමේරයපානකර්‍මයාගේ යම් හැමට ලඝු විපාකයෙක් ඇද්ද, ඒ මිනිස් වූවහුට උමතුව පිණිස වැටෙන්නේ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. පා: තෙන හි අත්ථි කාචි ආසෙවනපච්චයතා’ති.
Sinhala BJTස. පා: එකරුණින් කිසි ආසේවනප්‍රත්‍යයතායෙක් ඇත.
Pali BJT3. ස. පු: නත්ථි කාචි ආසෙවනපච්චයතා’ති.
Sinhala BJT3. ස. පු: කිසි ආසේවනප්‍රත්‍යයතායෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: “මිච්ඡාදිට්ඨි භික්ඛවෙ ආසෙවිතා භාවිතා බහුලීකතා නිරයසංවත්තනිකා තිරච්ඡානයොනිසංවත්තනිකා පෙත්තිවිසයසංවත්තනිකා”ති. අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් විසින් වදාරනලද නො: “මහණෙනි, මිථ්‍යාදෘෂ්ටි ආසේවන කරනලද්දී භාවිත කරන ලද්දී බහුල කරනලද්දී නිරය පිණිස වැටෙන්නී තිරිසන්යෝනට වැටෙන්නී ප්‍රේතවිෂයට වැටෙන්නී වේ”යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. පා: තෙන හි “අත්ථි කාචි ආසෙවනපච්චයතා”ති.
Sinhala BJTස. පා: එකරුණින් කිසි ආසේවනප්‍රත්‍යයතායෙක් ඇත.
Pali BJT4. ස. පු: නත්ථි කාචි ආසෙවනපච්චයතා”ති.
Sinhala BJT4. ස. පු: කිසි ආසේවනප්‍රත්‍යයතායෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “මිච්ඡාසංකප්පො -පෙ- මිච්ඡාසමාධි භික්ඛවෙ ආසෙවිතො භාවිතො -පෙ- පෙත්තිවිසයසංවත්තනනිකො”ති. අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “මිථ්‍යාසංකල්ප … මහණෙනි, මිථ්‍යාසමාධි ආසේවන කරනලද්දේ භාවනා කරනලද්දේ … ප්‍රේතවිෂයට වැටෙන්නේ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. පා: තෙන හි “අත්ථි කාචි ආසෙවනපච්චයතා”ති.
Sinhala BJTස. පා: එකරුණින් කිසි ආසේවනප්‍රත්‍යයතායෙක් ඇත.
Pali BJT5. ස. පු: නත්ථි කාචි ආසෙවනපච්චයතා”ති.
Sinhala BJT5. ස. පු: කිසි ආසේවනප්‍රත්‍යයතායෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: “සම්මාදිට්ඨි භික්ඛවෙ ආසෙවිතා භාවිතා බහුලීකතා අමතොගධා හොති අමතපරායනා අමතපරියොසාන”ති. අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “මහණෙනි, සම්‍යග්දෘෂ්ටිය ආසේවන කරනලද්දී භාවනා කරන ලද්දී බහුල කරනලද්දී අමෘතයෙහි ඇතුළු වෙයි. අමෘතය පිහිට කොට ඇත්තී වෙයි. අමෘතය කෙළවර කොට ඇත්තී වේ”යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. පා: තෙන හි “අත්ථි කාචි ආසෙවනපච්චයතා”ති.
Sinhala BJTස. පා: එකරුණින් කිසි ආසේවනප්‍රත්‍යයතායෙක් ඇත.
Pali BJT6. ස. පු: නත්ථි කාචි ආසෙවනපච්චයතා’ති.
Sinhala BJT6. ස. පු: කිසි ආසේවනප්‍රත්‍යයතායෙක් නැද්ද?
Pali BJTප. පටි: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා’ සම්මාසංකප්පො භික්ඛවෙ ආසෙවිතො භාවිතො බහුලීකතො -පෙ- සම්මාසමාධි භික්ඛවෙ ආසෙවිතො භාවිතො බහුලීකතො අමතොගධො හොති අමතපරායනො අමතපරියොසානො”ති. අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “මහණෙනි, “සම්‍යක් සංකල්ප ආසේවන කරනලද්දේ වඩන ලද්දේ පුනපුනා වඩනලද්දේ … මහණෙනි, සම්‍යක්සමාධි ආසේවන කරනලද්දේ වඩනලද්දේ පුනපුනා වඩනලද්දේ අමෘතයෙහි ඇතුළු වූයේ වෙයි. අමෘතපරායණ වූයේ අමෘතපර්‍ය්‍යවසාන වූයේ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. පා: තෙන හි “අත්ථි කාචි ආසෙවනපච්චයතා”ති.
Sinhala BJTස. පා: එකරුණින් කිසි ආසේවනප්‍රත්‍යයතායෙක් ඇත.
Pali BJTආසෙවනපච්චය කථා නිට්ඨිතා.
Sinhala BJTආසේවනපච්චය කථා නිමි.
Pali BJT22. 10.
Sinhala BJT22. 10.
Pali BJTඛණික කථා.
Sinhala BJTක්‍ෂණික කථා
Pali BJT1. ස. පු: එකචිත්තක්ඛණිකා සබ්බෙ ධම්මා’ති.
Sinhala BJT1. ස. පු: සර්‍වධර්‍මයෝ ඒකචිත්තක්‍ෂණික වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චිත්තෙ මහාපඨවී සණ්ඨාති, මහාසමුද්දො සණ්ඨාති, සිනෙරුපබ්බතරාජා සණ්ඨාති, ආපො සණ්ඨාති, තෙජො සණ්ඨාති, වායො සණ්ඨාති, තිණකට්ඨවනප්පතයො{1} සණ්ඨහන්තී’ති.
Sinhala BJTස. අනු: චිත්තයෙහි මහාපෘථිවිය පිහිටා ද, මහා සමුද්‍රය පිහිටා ද, සිනේරුපර්‍වතරාජයා පිහිටා ද, අබ්ධාතු පිහිටා ද, තේජස් පිහිටා ද, වායු පිහිටා ද, තෘණකාෂ්ටවනස්පතීහු පිහිටත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: එක චිත්තක්ඛණිකා සබ්බෙ ධම්මා’ති.
Sinhala BJT2. ස. පු: හැම ධර්‍මයෝ ඒකචිත්තක්‍ෂණික වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණෙන සහජාතන්ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුරායතනය චක්‍ෂුර්විඥානය හා සමග සහජාත වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[දිට්ඨධම්මවේදනීයාදි කර්‍ම දිට්ඨධම්මවෙදනාදීන් නියත වන හෙයින හැම කර්‍මයෝ (විපාක විසින්) නියතයහ’යි ලබ්ධි ගත්තාහු ඇත. අන්‍ධකනිකායවාසීන් හා ඇතැම් උත්තරාපථකයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට ‘කම්ම කථා’ එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණෙන සහජාතන්ති.
Sinhala BJT3. ස. පු: චක්‍ෂුරායතනය චක්‍ෂුර්විඥානය හා සමග සහජාත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු ආයස්මා සාරිපුත්තො එතදවොච: “අජ්ඣත්තිකඤ්චෙ{2} ආවුසො චක්ඛුං අපරිභින්නං හොති, බාහිරා ච රූපා න ආපාථං ආගච්ඡන්ති, නො ච තජ්ජො සමන්නාහාරො හොති, නෙව තාව තජ්ජස්ස විඤ්ඤාණභාගස්ස{3} පාතුභාවො හොති. අජ්ඣත්තිකඤ්චෙව ආවුසො චක්ඛුං අපරිභින්නං හොති, බාහිරා ච රූපා ආපාථං ආගච්ඡන්ති, නො ච තජ්ජො සමන්නාහාරො හොති, නෙව තාව තජ්ජස්ස විඤ්ඤාණභාගස්ස.3 පාතුභාවො හොති. යතො ච ඛො ආවුසො, අජ්ඣත්තිකඤ්චෙව චක්ඛුං අපරිභින්නං හොති, බාහිරා ච රූපා ආපාථං ආගච්ඡන්ති, තජ්ජො ච සමන්නාහාරො හොති, එවං තජ්ජස්ස විඤ්ඤාණභාගස්ස පාතුභාවො හොතී”ති.{a} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ තෙල වදාළාහු නො: “ඇවැත්නි, අධ්‍යාත්මික චක්‍ෂුසත් නො බිඳුණේ වේ ද, බාහිර රූපයෝත් ආපාථයට (හමුවට) නො එත් ද, තදනුරූප (එයින් උපන්) මනසිකාරයත් නො වේ ද, ඒ තාක් තදනුරූප (එයින් උපන්) විඥානයාගේ ප්‍රාදුර්‍භාවය නො වේ මැ යි. ඇවැත්නි, අධ්‍යාත්මික චක්‍ෂුසත් නො බිඳුණේ වේ ද, බාහිර රූපයෝත් ආපාථයට එත් ද, තදනුරූප මනසිකාරයත් නො වේ ද, ඒ තාක් තදනුරූප විඥානයාගේ ප්‍රාදුර්‍භාවය නො මැ වෙයි. ඇවැත්නි, යම් හෙයකින් ආධ්‍යාත්මික චක්‍ෂුසත් නො බිඳුණේ වේ ද, බාහිර රූපයෝත් ආපාථයට එත් ද, තදනුරූප මනසිකාරත් වේ ද, මෙසේ තදනුරූපවිඥානයාගේ ප්‍රාදුර්‍භාවය වේ” ය යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. පා: තෙන හි න වත්තබ්බං: “චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණෙන සහජාත”න්ති.
Sinhala BJTස. පා: එකරුණින් ‘චක්‍ෂුරායතනය චක්‍ෂුර්විඥානය හා සහජාත වෙති’යි නො කියැයුතු යැ.
Pali BJT4. ස. පු: එකචිත්තක්ඛණිකා සබ්බෙ ධම්මාති.
Sinhala BJT4. ස. පු: සර්‍වධර්‍මයෝ ඒකචිත්තක්‍ෂණික වෙත් ද?
Pali BJTප. පටි: ආමන්තා.
Sinhala BJTප. පටි: එසේ යැ.
Pali BJTස. අනු: සොතායතනං -පෙ- ඝානායතනං -පෙ- ජිව්හායතනං -පෙ- කායායතනං කායවිඤ්ඤාණෙන සහජාතන්ති.
Sinhala BJTස. අනු: ශ්‍රෝත්‍රායතනය … ඝ්‍රාණායතනය … ජිහ්වායතනය … කායායතනය කායවිඥානය හා සහජාත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: කායායතනං කායවිඤ්ඤාණෙන සහජාතන්ති.
Sinhala BJT5. ස. පු: කායායතනය කායවිඥානය හා සහජාත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු ආයස්මා සාරිපුත්තො එතදවොච: “අජ්ඣත්තිකො චෙ{1} ආවුසො, කායො අපරිභින්නො හොති, බාහිරා ච ඵොට්ඨබ්බා න අපාථං ආගච්ඡන්ති, නො ච -පෙ- අජ්ඣත්තිකො චෙව ආවුසො කායො අපරිභින්නො හොති. බාහිරා ච ඵොට්ඨබ්බා ආපාථං ආගච්ඡන්ති, නො ච -පෙ- යතො ච ඛො ආවුසො, අජ්ඣත්තිකො චෙව කායො අපරිභින්නො හොති බාහිරා ච ඵොට්ඨබ්බා ආපාථං ආගච්ඡන්ති, තජ්ජො ච සමන්නාහාරො හොති, එවං තජ්ජස්ස විඤ්ඤාණභාගස්ස පාතුභාවො හොතී”ති{a} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ තෙල වදාළාහු නො: “ඇවැත්නි. අධ්‍යාත්මික කයත් නො බිඳුණේ වේ ද, බාහ්‍ය ස්ප්‍රෂ්ටව්‍යයෝත් ආපාථයට නො එත් ද, ... ඇවැත්නි, අධ්‍යාත්මික කයත් නොබිඳුණේ වේ ද, බාහ්‍ය ස්ප්‍රෂ්ටව්‍යයෝත් ආපාථයට එත් ද, … ඇවැත්නි, යම් හෙයෙකින් ආධ්‍යාත්මික කයත් නො බිඳුණේ වේ ද, බාහ්‍ය ස්ප්‍රෂ්ටව්‍යයෝත් ආපාථයට එත් ද, තදනුරූප මනසිකාරත් වේ ද, මෙසේ තදනුරූපවිඥානභාගයාගේ ප්‍රාදුර්‍භාවය වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. පා: තෙන හි න වත්තබ්බං “කායායතනං කායවිඤ්ඤාණෙන සහජාත’න්ති.
Sinhala BJTස. පා: එකරුණින් ‘කායායතනය කායවිඥානය හා සහජාත වෙතී’ යි නො කියැයුතු යැ.
Pali BJT6. ප. පු: න වත්තබ්බං එකචිත්තක්ඛණිකා සබ්බෙ ධම්මා’ති.
Sinhala BJT6. ප. පු: හැම දහම්හු ඒකචිත්තක්‍ෂණිකයහ’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.