Pali BJTද්වාවීසතිමො වග්ගො.
Sinhala BJTද්වාවිංශද්වර්‍ගය
Pali BJT22. 1.
Sinhala BJT22. 1.
Pali BJTපරිනිබ්බාන කථා.
Sinhala BJTපරිනිබ්බාන කථා
Pali BJT1. ස. පු: අත්ථි කිඤ්චි සඤ්ඤොජනං අප්පහාය පරිනිබ්බානන්ති.
Sinhala BJT1. ස. පු: කිසි සංයොජනයක් නො පියා පිරිනිවීමෙක් ඇත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි කිඤ්චි සක්කායදිට්ඨිං අප්පහාය -පෙ- අනොත්තප්පං අප්පහාය පරිනිබ්බානන්ති.
Sinhala BJTස. අනු: කිසි සත්කායදෘෂ්ටියක් නො පියා … අනපත්‍රපාවක් නො පියා පිරිනිවීමෙක් ඇත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: අත්ථි කිඤ්චි සඤ්ඤොජනං අප්පහාය පරිනිබ්බානන්ති.
Sinhala BJT2. ස. පු: කිසි සංයොජනයක් නො පියා පිරිනිවීමෙක් ඇත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා සරාගො -පෙ- සකිලෙසො’ති.
Sinhala BJTස. අනු: රහත් සරාග … සක්ලේශ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නනු අරහා නිරාගො -පෙ- නික්කිලෙසො’ති.
Sinhala BJTස. අනු: රහත් නිරාග … නික්ලේශ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අරහා නිරාගො ... නික්කිලෙසො,
Sinhala BJTස. ඨ: ඉදින් රහත් නිරාග … නික්ලේශ වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අත්ථි කිඤ්චි සඤ්ඤොජනං අප්පහාය පරිනිබ්බාන”න්ති.
Sinhala BJTස. පා: භවත, ‘කිසි සංයොජනයක් නො පියා පිරිනිවීමෙක් ඇතැ’යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ප. පු: න වත්තබ්බං “අත්ථි කිඤ්චි සඤ්ඤොජනං අප්පහාය පරිනිබ්බාන”න්ති.
Sinhala BJT3. ප. පු: ‘කිසි සංයොජනයක් නො පියා පිරිනිවීමෙක් ඇතැ’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අරහා සබ්බං බුද්ධවිසයං ජානාතී’ති.
Sinhala BJTප. අනු: රහත් හැම බුද්ධවිෂය දන්නේ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. පා: තෙන හි “අත්ථි කිඤ්චි සඤ්ඤොජනං අප්පහාය පරිනිබ්බාන”න්ති.
Sinhala BJTප. පා: එකරුණින් ‘කිසි සංයොජනයක් නො පියා පිරිනිවීමෙක්’ ඇත.
Pali BJTපරිනිබ්බාන කථා නිට්ඨිතා.
Sinhala BJTපරිනිබ්බාන කථා නිමි.
Pali BJT22. 2.
Sinhala BJT22. 2.
Pali BJTකුසලචිත්ත කථා.
Sinhala BJTකුසලචිත්ත කථා
Pali BJT1. ස. පු: අරහා කුසලචිත්තො පරිනිබ්බායතී’ති.
Sinhala BJT1. ස. පු: රහත්හු කුශල සිත් ඇති වැ පිරිනිවෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා පුඤ්ඤාභිසඞ්ඛාරං අභිසඞ්ඛරොන්තො,{1} ආනෙඤ්ජාභිසඞ්ඛාරං අභිසඞ්ඛරොන්තො, ගති සංවත්තනියං කම්මං කරොන්තො, භවසංවත්තනියං කම්මං කරොන්තො, ඉස්සරියසංවත්තනියං කම්මං කරොන්තො, ආධිපච්චසංවත්තනියං{2} කම්මං කරොන්තො, මහාභොගසංවත්තනියං කම්මං කරොන්තො, මහාපරිවාරසංවත්තනියං කම්මං කරොන්තො, දෙවසොභග්ගියසංවත්තනියං කම්මං කරොන්තො, මනුස්සසොභග්ගියසංවත්තනියං කම්මං කරොන්තො පරිනිබ්බායතී’ති.
Sinhala BJTස. අනු: රහත්හු පුණ්‍යාභිසංස්කාර රැස් කෙරෙමින්, ආනෙඤ්ජාභිසංස්කාර රැස් කෙරෙමින්, ගතිසංවර්‍තනික කර්‍ම කෙරෙමින්, භවසංවර්‍තනික කර්‍ම කෙරෙමින්, ඓශ්චර්‍ය්‍යසංවර්‍තනික කර්‍ම කෙරෙමින්, ආධිපත්‍යසංවර්‍තතික කර්‍ම කෙරෙමින්, මහාභෝග සංවර්‍තනික කර්‍ම කෙරෙමින්, මහාපරිවාරසංවර්‍තනික කර්‍ම කෙරෙමින්, දේවසෞභාග්‍යසංවර්‍තනික කර්‍ම කෙරෙමින්, මනුෂ්‍යසෞභාග්‍යසංවර්‍තනික කර්‍ම කෙරෙමින්, පිරිනිවෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: අරහා කුසලචිත්තො පරිනිබ්බායතී’ති.
Sinhala BJT2. ස. පු: රහත්හු කුශල සිත් ඇති වැ පිරිනිවෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා ආචිනන්තො අපචිනන්තො පජහන්තො උපාදියන්තො{3} විසිනෙන්තො උස්සිනෙන්තො විධූපෙන්තො සංධූපෙන්තො පරිනිබ්බායතී”ති.
Sinhala BJTස. අනු: රහත්හු (කුශලාකුශලවිපාක) රැස් කෙරෙමින් විධ්වංශන කෙරෙමින් (කෙලෙසුන්) දුරු කෙරෙමින් (තෘෂ්ණා - මාන - දෘෂ්ටි විසින්) උපාදාන කෙරෙමින් (තෘෂ්ණාවශයෙන්) හිවමින් (මාන වශයෙන්) උත්කර්‍ෂණ කෙරෙමින් (කෙලෙස්ගිනි) නිවමින් දල්වමින් පිරිනිවෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[යම් පුද්ගලයක්හට යම් ධර්‍මයෙක් ප්‍රත්‍යුත්පන්න වේ ද, හේ ඒ ධර්‍මයෙන් පමණක් අවිවික්ත (යුක්ත) නම් වෙයි යනු ස්වසමයෙහි නිශ්චය වෙයි. පෘථග්ජන පුද්ගල විසින් ත්‍රෛධාතුකධර්‍ම අපරිඥාත (පිරිසිඳ නොදත්) හෙයින් ඒකක්‍ෂණයෙහි මැ හැම ත්‍රෛධාතුකධර්‍මයන්ගෙන් අවිවික්තයයි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අවිවිත්ත කථා’ එයි.]
Pali BJTස. අනු: නනු අරහා නෙවාචිනාති න අපචිනාති අපචිනිත්වා ඨිතො’ති.
Sinhala BJTස. අනු: රහත්හු (කුශලාකුශල විපාක) නො මැ රැස් කෙරෙති, විධ්වංශන නො කෙරෙති, විධ්වංශන කොට සිටියාහු නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අරහා නෙවාචිනාති න අපචිනාති අපචිනිත්වා ඨිතො,
Sinhala BJTස. ඨ: ඉදින් රහත්හු කුශලාකුශල විපාක නො මැ රැස් කෙරෙත් නම්, විධ්වංශන නො කෙරෙත් නම්, විධ්වංශන කොට සිටියාහු නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අරහා කුසලචිත්තො පරිනිබ්බායතී”ති.
Sinhala BJTස. පා: භවත, රහත්හු කුශලසිත් ඇති වැ පිරිනිවෙති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. අනු: නනු අරහා නෙව පජහති න උපාදියති පජහිත්වා ඨිතො -පෙ- නෙව විසිනෙති න උස්සිනෙති විසිනෙත්වා ඨිතො -පෙ- නනු අරහා නෙව විධූපෙති න සංධූපෙති විධූපෙත්වා ඨිතො’ති.
Sinhala BJT3. ස. අනු: රහත්හු (කෙලෙසුන්) නො මැ දුරු කෙරෙති, (තෘෂ්ණා - මාන - දෘෂ්ටි විසින්) උපාදාන නො කෙරෙති, (කෙලෙසුන්) දුරු කර සිටියාහු නො … (තෘෂ්ණා විසින්) නො මැ හිවෙති, (මාන විසින්) උත්කර්‍ෂණ නො කෙරෙති, (තෘෂ්ණා බන්‍ධන) දුරු කොට සිටියාහු … රහත්හු (කෙලෙස් ගිනි) නො මැ නිවෙති, නො දල්වති, නිවා සිටියාහු නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අරහා නෙව විධූපෙති න සංධූපෙති විධූපෙත්වා ඨිතො.
Sinhala BJTස. ඨ: ඉදින් රහත්හු විධූපන නො මැ කෙරෙත් නම් සංධූපන නො කෙරෙත් නම් විධූපන කොට සිටියාහු නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අරහා කුසලචිත්තො පරිනිබ්බායතී”ති.
Sinhala BJTස. පා: භවත, ‘රහත්හු කුසල්සිත් ඇති වැ පිරිනිවෙති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT4. ප. පු: න වත්තබ්බං “අරහං කුසලචිත්තො පරිනිබ්බායතී”ති.
Sinhala BJT4. ප. පු: ‘රහත්හු කුසල්සිත් ඇති වැ පිරිනිවෙතී’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අරහා උපට්ඨිතසති{1} සතො සම්පජානො පරිනිබ්බායතී’ති.
Sinhala BJTස. අනු: රහත්හු එළැඹසිටි සිහි ඇත්තාහු ස්මෘති ඇත්තාහු සම්‍යග්ඥාන ඇත්තාහු පිරිනිවෙන්නාහු නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ඨ: හඤ්චි අරහා උපට්ඨිතසති සතො සම්පජානො පරිනිබ්බායති.
Sinhala BJTප. ඨ: ඉදින් රහත්හු එළැඹසිටි සිහි ඇති වැ ස්මෘතිමත් වැ සම්‍යග්ඥාන ඇති වැ පිරිනිවෙන්නාහු නම්,
Pali BJTප. පා: තෙන වත{2} රෙ වත්තබ්බෙ “අරහා කුසලචිත්තො පරිනිබ්බායතී”ති.
Sinhala BJTප. පා: එකරුණින් භවත, ‘රහත්හු කුසල්සිත් ඇති වැ පිරිනිවෙන්නාහ’යි කියැයුතු මැ යි.
Pali BJTකුසලචිත්ත කථා නිට්ඨිතා.
Sinhala BJTකුසලචිත්ත කථා නිමි.
Pali BJT22. 3.
Sinhala BJT22. 3.
Pali BJTආනෙඤ්ජ කථා.
Sinhala BJTආනෙඤ්ජ කථා
Pali BJT1. ස. පු: අරහා ආනෙඤ්ජෙ ඨිතො පරිනිබ්බායතී’ති.
Sinhala BJT1. ස. පු: රහතුන් වහන්සේ ආනෙඤ්‍ජයෙහි (අරූපාවචර ධ්‍යානයෙහි) සිට පිරිනිවෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘රහත්හු හැම බුද්ධවිෂය නො දනිති. එහෙයින් ඔබ විසින් අවිද්‍යාවිචිකිත්සා ප්‍රහාණය නො කරනලද වනැ’ යි හැඟුමින් කිසි සංයොජනයක් නො පියා අර්‍හත්ත්‍වප්‍රාප්තියෙක් ඇතැයි මහාසාඞ්ඝිකයන් සෙයින් ලබ්ධි ගත්තාහු ඇත. උන්ගේ වාද බිඳුනට ‘සංයෝජනකථා’ එයි.]
Pali BJTස. අනු: නනු අරහා පකතිචිත්තෙ ඨිතො පරිනිබ්බායතී’ති.
Sinhala BJTස. අනු: රහතුන් වහන්සේ ප්‍රකෘතිචිත්තයෙහි සිට පිරිනිවෙත් නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අරහා පකතිචිත්තෙ ඨිතො පරිනිබ්බායති,
Sinhala BJTස. ඨ: ඉදින් රහතුන් වහන්සේ ප්‍රකෘතිචිත්තයෙහි සිට පිරිනිවෙත් නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අරහා ආනෙඤ්ජෙඨිතො පරිනිබ්බායතී”ති.
Sinhala BJTස. පා: භවත, ‘රහතුන් වහන්සේ ආනෙඤ්‍ජයෙහි සිට පිරිනිවෙති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: අරහා ආනෙඤ්ජෙ ඨිතො පරිනිබ්බායතී’ති.
Sinhala BJT2. ස. පු: රහත්හු ආනෙඤ්‍ජයෙහි සිට පිරිනිවෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා කිරියමයෙ ඨිතො පරිනිබ්බායතී’ති.
Sinhala BJTස. අනු: රහත්හු ක්‍රියාමය සිත්හි සිට පිරිනිවෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු අරහා විපාකචිත්තෙ ඨිතො පරිනිබ්බායතී’ති.
Sinhala BJTස. අනු: රහත්හු විපාකචිත්තයෙහි සිට පිරිනිවෙත් නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අරහා විපාකචිත්තෙ ඨිතො පරිනිබ්බායති,
Sinhala BJTස. ඨ: ඉදින් රහත්හු විපාකචිත්තයෙහි සිට පිරිනිවෙත් නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අරහා ආනෙඤ්ජෙඨිතො පරිනිබ්බායතී”ති.
Sinhala BJTස. පා: භවත, ‘රහත්හු ආනෙඤ්‍ජයෙහි සිට පිරිනිවෙති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: අරහා අනෙඤ්ජෙ ඨිතො පරිනිබ්බායතී’ති.
Sinhala BJT3. ස. පු: රහත්හු ආනෙඤ්‍ජයෙහි සිට පිරිනිවෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා කිරියාබ්යාකතෙ චිත්තෙ ඨිතො පරිනිබ්බායතී’ති.
Sinhala BJTස. අනු: රහත්හු ක්‍රියාව්‍යාකෘත සිත්හි සිට පිරිනිවෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: නනු අරහා විපාකාබ්යාකතෙ චිත්තෙ ඨිතො පරිනිබ්බායතී’ති.
Sinhala BJTස. අනු: රහත්හු විපාකව්‍යාකෘත සිත්හි සිට පිරිනිවෙත් නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අරහා විපාකාබ්යාකතෙ චිත්තෙ ඨිතො පරිනිබ්බායති.
Sinhala BJTස. ඨ: ඉදින්, රහත්හු විපාකව්‍යාකෘත සිත්හි සිට පිරිනිවෙත් නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අරහා ආනෙඤ්ජෙඨිතො පරිනිබ්බායතී”ති.
Sinhala BJTස. පා: භවත, ‘රහත්හු ආනෙඤ්‍ජයෙහි සිට පිරිනිවෙති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT4. ස. පු: අරහා ආනෙඤ්ජෙ ඨිතො පරිනිබ්බායතී’ති.
Sinhala BJT4. ස. පු: රහත්හු ආනෙඤ්‍ජයෙහි සිට පිරිනිවෙත් ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[ඍද්ධිය කිසි තැනෙක සමෘද්ධ වෙයි. කිසි තැනෙකැ සමඍද්ධ නො වෙයි. අනිත්‍යාදිය නිත්‍යාදිය කිරීම ඒකාන්තයෙන් සිද්ධ නො වයි. සභාගසන්තති පෙරළා විසභාග සන්තති කරණය හෝ සභාගසන්තති චිරකල් පවත්වාලීම හො යම් කෙනකුන් සඳහා කරනු ලැබේ නම් ඔවුන්ගේ පුණ්‍යාදි කාරණ නිසා ‘භික්‍ෂූන් සඳහා පැන් කිරි ගී බවට පෙරැළිම සෙයින් ද, මහාධාතු නිධානයෙහි පහන් ආදිය චිරසන්තාන ප්‍රවර්‍තනය සෙයින් ද සමෘද්ධ වෙයි යනු ස්වසමයෙහි සනිටුහනි. යම් හෙයකින් ආයුෂ්මත් පිළින්‍දවච්ඡ තෙරණුවෝ රජුගේ ප්‍රාසාදය රන්වෙවයි ඉටුහු ද එහෙයින් ‘අධිප්පාය (අදහස ඉටුවන) ඍද්ධි ඇතැ’ යි අන්‍ධක නිකායවාසීන් සෙයින් ලබ්ධිගත්තාහු ඇත. උන්ගේ වාද බිඳුනට ‘ඉද්ධි කථා’ එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු භගවා චතුත්ථජ්ඣානා වුට්ඨහිත්වා සමනන්තරා පරිනිබ්බුතො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ චතුර්‍ත්‍ථධ්‍යානයෙන් නැඟී සමනන්තර වැ පිරිනිවියාහු නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි භගවා චතුත්ථජ්ඣානා වුට්ඨහිත්වා සමනන්තරා පරිනිබ්බුතො,
Sinhala BJTස. ඨ: ඉදින් බුදුහු චතුර්‍ත්‍ථධ්‍යානයෙන් නැඟී සමනන්තර වැ පිරිනිවිසේක් වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අරහා ආනෙඤ්ජෙඨිතො පරිනිබ්බායතී”ති.
Sinhala BJTස. පා: භවත, ‘රහත්හු ආනෙඤ්‍ජයෙහි සිට පිරිනිවෙති’යි නො කියැයුතු මැ යැ.
Pali BJTආනෙඤ්ජ කථා නිට්ඨිතා.
Sinhala BJTආනෙඤ්‍ජ කථා නිමි.
Pali BJT22. 4.
Sinhala BJT22. 4.
Pali BJTධම්මාභිසමය කථා.
Sinhala BJTධම්මාභිසමය කථා
Pali BJT1. ස. පු: අත්ථි ගබ්භසෙය්යාය ධම්මාභිසමයො’ති.
Sinhala BJT1. ස. පු: ගර්‍භාශය්‍යායෙහි (මව්කුසැ) ධර්‍මාභිසමය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි ගබ්භසෙය්යාය ධම්මදෙසනා, ධම්මසමවණං, ධම්මසාකච්ඡා, පරිපුච්ඡා, සීලසමාදානං, ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා, භොජනෙ මත්තඤ්ඤුතා, පුබ්බරත්තාපරරත්තං ජාගරියානුයොගො’ති.
Sinhala BJTස. අනු: ගර්‍භාශය්‍යායෙහි ධර්‍මදේශනා, ධර්‍මශ්‍රවණ, ධර්‍මසාකච්ඡා, පරිපෘච්ඡා, ශීලසමාදාන, ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාරතා, භෝජනයෙහි මාත්‍රඥතා, පූර්‍වරාත්‍ර අපරරාත්‍රයෙහි ජාගර්‍ය්‍යානුයෝග ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නත්ථි ගබ්භසෙය්යාය ධම්මදෙසනා, ධම්මසවණං -පෙ- පුබ්බරත්තාපරරත්තං ජාගරියානුයොගො’ති.
Sinhala BJTස. අනු: ගර්‍භාශය්‍යායෙහි ධර්‍මදේශනා, ධර්‍මශ්‍රවණ, … පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි ජාගර්‍ය්‍යානුයෝග නැත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි නත්ථි ගබ්භසෙය්යාය ධම්මදෙසනා, ධම්මසවණං -පෙ- පුබ්බරත්තාපරරත්තං ජාගරියානුයොගො,
Sinhala BJTස. ඨ: ඉදින් ගර්‍භශය්‍යායෙහි ධර්‍මදේශනා, ධර්‍මශ්‍රවණ, … පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි ජාගර්‍ය්‍යානුයෝග නැත් නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ”අත්ථි ගබ්භසෙය්යාය ධම්මාභිසමයො”ති.
Sinhala BJTස. පා: භවත, ‘ගර්‍භශය්‍යායෙහි ධර්‍මාභහිසමය ඇතැ’යි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: අත්ථි ගබ්භසෙය්යාය ධම්මාභිසමයො’ති.
Sinhala BJT2. ස. පු: ගර්‍භශය්‍යායෙහි ධර්‍මාභිසමය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු ද්වෙ පච්චයා සම්මාදිට්ඨියා උප්පාදාය.{1} පරතො ච ඝොසො යොනිසො ච මනසිකාරො’ති.
Sinhala BJTස. අනු: සම්‍යග්දෘෂ්ටිහුගේ ඉපැත්මට පරතෝඝෝෂ යැ යෝනිසෝමනස්කාර යැ යි ප්‍රත්‍යයයෝ දෙදෙනෙක් ඇත්තාහු නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි ද්වෙ පච්චයා සම්මාදිට්ඨියා උප්පාදාය.{1} පරතො ච ඝොසො යොනිසො ච මනසිකාරො,
Sinhala BJTස. ඨ: ඉදින් සම්‍යග්දෘෂ්ටිහුගේ ඉපැත්මට පරතෝඝෝෂ යැ යෝනිසෝමනස්කාර යැ යි ප්‍රත්‍යයයෝ දෙදෙනෙක් ඇත් නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අත්ථි ගබ්භසෙය්යාය ධම්මාභිසමයො”ති.
Sinhala BJTස. පා: භවත, ‘ගර්‍භශය්‍යායෙහි ධර්‍මාභිසමය ඇතැ’යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: අත්ථි ගබ්භසෙය්යාය ධම්මාභිසමයො’ති.
Sinhala BJT3. ස. පු: ගර්‍භශය්‍යායෙහි ධර්‍මාභිසමය ඇත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සුත්තස්ස පමත්තස්ස මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස ධම්මාභිසමයො’ති.
Sinhala BJTස. අනු: සුප්තයාහට ප්‍රමත්තයාහට මුෂිතස්මෘති ඇතියාහට සම්‍යක්ප්‍රඥා නැතියාහට ධර්‍මාභිසමය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...