Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 14601-14700 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පුරත්ථිමාය දිසාය බුද්ධො තිට්ඨතී’ති.{1}
Sinhala BJTස. අනු: පෙරදිග බුදුහු සිටිත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: පුරත්ථිමාය දිසාය බුද්ධො තිට්ඨතී’ති.
Sinhala BJT2. ස. පු: පෙරදිගැ බුදුහු සිටිත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කින්නාමො සො භගවා, කිං ජච්චො, කිං ගොත්තො, කින්නාමා තස්ස භගවතො මාතාපිතරො, කින්නාමං තස්ස භගවතො සාවකයුගං, කොනාමො තස්ස භගවතො සාවකයුගං, කොනාමො තස්ස භගවතො උපට්ඨාකො, කීදිසං චීවරං ධාරෙති, කීදිසං පත්තං ධාරෙති, කතරස්මිං ගාමෙ වා නිගමෙ වා නගරෙ වා රට්ඨෙ වා ජනපදෙ වා’ති.
Sinhala BJTස. අනු: ඒ බුදුහු කිනම්හ. කවර ජාති ඇතියහ. කවර ගෝත්‍ර ඇතියහ. ඒ බුදුන්ගේ මාපියෝ කිනම්හ. ඒ බුදුන්ගේ ශ්‍රාවකයුගය කිනම් ඇතියේ යැ. ඒ බුදුන්ගේ උපස්ථායක කවරෙ යැ. ඒ බුදුහු කෙබඳු සිවුරු දරත් ද, කෙබඳු පාත්‍ර ධරත් ද, කවර ගමෙක හෝ නියම්ගමෙක හෝ නුවරෙක හෝ රටෙක හෝ ජනපදයෙක හෝ සිටිත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: දක්ඛිණාය දිසාය -පෙ- පච්ඡිමාය දිසාය -පෙ- උත්තරාය දිසාය -පෙ- හෙට්ඨිමාය දිසාය බුද්ධො තිට්ඨති’ති.
Sinhala BJTස. අනු: දකුණුදිගැ ... පැළදිගැ … උතුරුදිගැ … යටදිගැ බුදුහු සිටිත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“පුබ්බේව ඛො පනස්ස කායකම්මං වචීකම්මං ආජීවො සුපරිසුද්ධෝ හොති - පළමු මැ ඔහුගේ කායකර්‍ම වාක්කර්‍ම ආජීව සුපරිශුද්ධ වෙයි” යන මේ සූත්‍රපාඨ ද, සම්‍යක් වචන කර්‍මාන්ත ආජීවයන්ගේ චිත්ත විප්‍රයුක්තතා ද නිසා නිෂ්පර්‍ය්‍යායයෙන් මාර්‍ගය පඤ්චාඞ්ගික වෙති’ යි මහිංසාසික නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තාහු ඇත. උන්ගේ වාද බිඳුනට ‘මග්ගකථා’ එයි]
Pali BJT3. ස. පු: හෙට්ඨිමාය දිසාය බුද්ධො තිට්ඨතී’ති.
Sinhala BJT3. ස. පු: යට දෙස බුදුහු සිටිත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කින්නාමො සො භගවා -පෙ- ජනපදෙ වා’ති.
Sinhala BJTස. අනු: ඒ බුදුහු කිනම්හ … කිනම් දනවියෙකැ හෝ සිටිත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: උපරිමාය දිසාය බුද්ධො තිට්ඨතී’ති.
Sinhala BJTස. අනු: උඩ දෙස බුදුහු සිටිත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: උපරිමාය දිසාය බුද්ධො තිට්ඨතී’ති.
Sinhala BJT4. ස. පු: උඩ දෙස බුදුහු සිටිත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චාතුම්මහාරාජිකෙ තිට්ඨති -පෙ- තාවතිංසෙ තිට්ඨති -පෙ- යාමෙ තිට්ඨති -පෙ- තුසිතෙ තිට්ඨති -පෙ- නිම්මාණරතියා තිට්ඨති -පෙ- පරනිම්මිත වසවත්තියා තිට්ඨති -පෙ- බ්රහ්මලොකෙ තිට්ඨතී’ති.
Sinhala BJTස. අනු: සිවුමහරදයෙහි සිටිත් ද, … තව්තිසැ සිටිත් ද, ... යාම දෙව්ලොවැ සිටිත් ද, … තුසීපුර සිටිත් ද, ... නිර්‍මාණරති දෙව්ලොවැ සිටිත් ද, පරනිර්මිත වශවර්ති දෙව්ලොවැ සිටිත් ද ... බඹලොවැ සිටිත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTසබ්බදිසා කථා නිට්ඨිතා.
Sinhala BJTසබ්බදිසා කථා නිමි.
Pali BJT21. 7.
Sinhala BJT21. 7.
Pali BJTධම්ම කථා.
Sinhala BJTධම්ම කථා
Pali BJT1. ස. පු: සබ්බෙ ධම්මා නියතා’ති.
Sinhala BJT1. ස. පු: හැම දහම්හු නියත වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මිච්ඡත්තනියතා’ති.
Sinhala BJTස. අනු: මිථ්‍යාත්‍ව වශයෙන් නියත වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නත්ථි අනියතො රාසී’ති.
Sinhala BJTස. අනු: අනියත රාශියෙක් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු අත්ථි අනියතො රාසී’ති.
Sinhala BJTස. අනු: අනියත රාශියෙක් ඇත් නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අත්ථි අනියතො රාසි,
Sinhala BJTස. ඨ: ඉදින් අනියත රාශියෙක් ඇත් නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “සබ්බෙ ධම්මා නියතා”ති.
Sinhala BJTස. පා: භවත ‘හැම දහම්හු නියත වෙති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: සබ්බෙ ධම්මා නියතා’ති.
Sinhala BJT2. ස. පු: හැම දහම්හු නියත වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු තයො රාසී වුත්තා භගවතා: මිච්ඡත්තනියතො රාසි, සම්මත්තනියතො රාසි, අනියතො රාසී’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින්: මිථ්‍යාත්‍වනියතරාශි යැ සම්‍යකත්‍වනියතරාශි යැ අනියතරාශි යැ යි තුන් රාශියෙක් වදාරනලද නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි තයො රාසී වුත්තා භගවතා: මිච්ඡත්ත නියතො රාසි, සම්මත්තනියතො රාසි, අනියතො රාසී’ති.
Sinhala BJTස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින්: මිථ්‍යාත්‍වනියතරාශි යැ සම්‍යක්ත්‍වනියතරාශි යැ අනියතරාශි යැ යි තුන්රාශියෙක් වදාරන ලද වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “සබ්බෙ ධම්මා නියතා”ති.
Sinhala BJTස. පා: භවත ‘හැම ධර්‍මයෝ නියතයහ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: රූපං රූපට්ඨෙන නියතන්ති.
Sinhala BJT3. ස. පු: රූපය රූපස්වභාවයෙන් නියත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මිච්ඡත්තනියතන්ති.
Sinhala BJTස. අනු: මිථ්‍යාත්‍වනියත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: සම්මත්තනියතන්ති.
Sinhala BJTස. අනු: සම්‍යක්ත්‍වනියත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණා විඤ්ඤාණට්ඨෙන නියතන්ති.
Sinhala BJT4. ස. පු: වේදනා … සංඥා … සංස්කාර … විඥානය විඥාන ස්වභාවයෙන් නියත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මිච්ඡත්තනියතන්ති.
Sinhala BJTස. අනු: මිථ්‍යාත්‍ව වශයෙන් නියත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: සම්මත්තනියතන්ති.
Sinhala BJTස. අනු: සම්‍යක්ත්‍ව වශයෙන් නියත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ප. පු: න වත්තබ්බං ‘රූපං රූපට්ඨෙන නියතං -පෙ- වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං විඤ්ඤාණට්ඨෙන නියත”න්ති.
Sinhala BJT5. ප. පු: “රූපය රූප ස්වභාවයෙන් නියත වෙයි … වේදනා සංඥා ... සංස්කාරයෝ … විඥානය විඥාන ස්වභාවයෙන් නියත වේ” යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: රූපං හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, සඞ්ඛාරා හොන්ති, විඤ්ඤාණං හොති, වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං -පෙ- රූපං හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, සඞ්ඛාරා හොන්තී”ති.
Sinhala BJTප. අනු: රූප වේ ද, වේදනා වේ ද, සංඥා වේ ද, සංස්කාර වෙත් ද, විඥාන වේ ද; වේදනා … සංඥා … සංස්කාර … විඥාන … රූප වේ ද? වේදනා වේ ද? සංඥා වේ ද? සංස්කාර වෙත් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. පටි: තෙන හි රූපං රූපට්ඨෙන නියතං, වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං විඤ්ඤාණට්ඨෙන නියතන්ති.
Sinhala BJTප. පා: එකරුණින් රූපය රූපස්වභාවයෙන් නියත වෙයි. වේදනා … සංඥා ... සංස්කාර … විඥානය විඥාන ස්වරූපයෙන් නියත වේ.
Pali BJTධම්ම කථා නිට්ඨිතා.
Sinhala BJTධම්ම කථා නිමි.
Pali BJT21. 8.
Sinhala BJT21. 8.
Pali BJTකම්ම කථා
Sinhala BJTකම්ම කථා
Pali BJT1. ස. පු: සබ්බෙ කම්මා නියතා’ති.
Sinhala BJT1. ස. පු: හැම කර්‍මයෝ විපාක විසින් නියත වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[ලෞකික ලෝකෝත්තර විසින් ඥානය ද්විවිධ යි. සමාපත්ති ඥානයත් දානාදි වශයෙන් පැවැති කර්‍මස්වකෘත ඥානයත් ලෞකික වෙයි. සත්‍යය පිරිසිඳුනා මාර්‍ගඥානයත් ඵලඥානයත් ලෝකෝත්තර වෙයි. මේ වෙනස නො ගෙන ‘සත්‍යය පිරිසිඳුනා ඥානය මැ ඥාන වෙයි, සෙසු ඥාන නැතැ’යි ද එහෙයින් මැ පෘථග්ජනහට ඥානය නැතැ’ යි ද හේතුවාදීන් සෙයින් ලබ්ධි ගතුවන්ගේ වාද බිඳුනට ‘ඤාණකථා’ එයි]
Pali BJTස. අනු: මිච්ඡත්තනියතා’ති.
Sinhala BJTස. අනු: මිථ්‍යාත්‍ව වශයෙන් නියත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: සම්මත්තනියතා’ති.
Sinhala BJTස. අනු: සම්‍යක්ත්‍ව වශයෙන් නියත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නත්ථි අනියතො රාසි’ති.
Sinhala BJTස. අනු: අනියත රාශියෙක් නැත්තේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු අත්ථි අනියතො රාසී’ති.
Sinhala BJTස. අනු: අනියත රාශියෙක් ඇත්තේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අත්ථි අනියතො රාසි,
Sinhala BJTස. ඨ: ඉදින් අනියතරාශියෙක් ඇත් නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “සබ්බෙ කම්මා නියතා”ති.
Sinhala BJTස. පා: භවත ‘හැම කර්‍මයෝ නියතයහ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: සබ්බෙ කම්මා නියතා’ති.
Sinhala BJT2. ස. පු: හැම කර්‍මයෝ නියත වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු තයො රාසී වුත්තා භගවතා: මිච්ඡත්ත නියතො රාසි, සම්මත්තනියතො රාසි, අනියතො රාසී’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මිථ්‍යාත්‍වනියතරාශි යැ, සම්‍යක්ත්‍වනියත රාශි යැ, අනියතරාශි යැ’යි තුන් රාශියෙක් වදාරනලද නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි තයො රාසී වුත්තා භගවතා: මිච්ඡත්තනියතො රාසි, සම්මත්තනියතො රාසි, අනියතො රාසි,
Sinhala BJTස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින්: ‘මිථ්‍යාත්‍ව නියතරාශි යැ, සම්‍යක්ත්‍වනියත රාශි යැ, අනියත රාශි යැ’යි තුන් රාශියෙක් වදාරනලද වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “සබ්බෙ කම්මා නියතා”ති.
Sinhala BJTස. පා: භවත ‘හැම කර්‍මයෝ නියතයහ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: දිට්ඨධම්මවෙදනීයං කම්මං දිට්ඨධම්මවෙදනීයට්ඨෙන නියතන්ති.
Sinhala BJT3. ස. පු: දිට්ඨධම්මවේදනීය කර්‍මය දිට්ඨධම්මවේදනීයත්‍වයෙන් නියත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මිච්ඡත්ත නියතන්ති.
Sinhala BJTස. අනු: මිථ්‍යාත්‍වනියත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: සම්මත්තනියතන්ති.
Sinhala BJTස. අනු: සම්‍යක්ත්‍වනියත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: උපපජ්ජවෙදනීයං කම්මං -පෙ- අපරාපරියවෙදනීයං කම්මං අපරාපරියවෙදනීයට්ඨෙන නියතන්ති?
Sinhala BJT4. ස. පු: උපපජ්ජවෙදනීය කර්‍මය … අපරාපරියවේදනීය කර්‍මය අපරාපරියවේදනීය ස්වභාවයෙන් නියත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මිච්ඡත්තනියතන්ති.
Sinhala BJTස. අනු: මිථ්‍යාත්‍වනියත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: සම්මත්තනියතන්ති.
Sinhala BJTස. අනු: සම්‍යක්ත්‍වනියත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ප. පු: න වත්තබ්බං “දිට්ඨධම්මවෙදනීයං කම්මං දිට්ඨධම්මවෙදනියට්ඨෙන නියතං, උපපජ්ජවෙදනීයං කම්මං -පෙ- අපරාපරියවෙදනීයං කම්මං අපරාපරියවෙදනීයට්ඨෙන නියතන්ති.
Sinhala BJT5. ප. පු: දිට්ඨධම්මවේදනීය කර්‍මය දිට්ඨධම්මවේදනීය ස්වභාවයෙන් නියත වෙයි, උපපජ්ජවෙදනීය කර්‍මය … අපරාපරියවේදනීය කර්‍මය අපරාපරියවේදනීය ස්වභාවයෙන් නියත වෙතී” යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: දිට්ඨධම්මවෙදනීයං කම්මං උපපජ්ජවෙදනීයං හොති, අපරාපරියවෙදනීයං හොති -පෙ- උපපජ්ජවෙදනීයං කම්මං දිට්ඨධම්මවෙදනීයං හොති, අපරාපරියවෙදනීයං හොති -පෙ- අපරාපරියවෙදනීයං කම්මං දිට්ඨධම්මවෙදනීයං හොති, උපපජ්ජවෙදනීයං හොතී’ති.
Sinhala BJTප. අනු: දිට්ඨධම්මවේදනීය කර්‍මය උපපජ්ජවෙදනීය වේ ද? අපරාපරියවේදනීය වේ ද, … උපපජ්ජවෙදනීය කර්‍මය දිට්ඨධම්මවේදනීය වේ ද, අපරාපරියවේදනීය වේ ද, … අපරාපරියවේදනීය කර්‍මය දිට්ඨධම්මමවෙදනීය වේ ද, උපපජ්ජවෙදනීය වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘සඞ්ගීතීත්‍රය සඳහා ශාසනය නවීකෘත යැ යි ද, තථාගත ශාසනය අළුත් කරන කිසිවෙක් ඇතැ යි ද, තථාගත ශාසනය අළුත් කරන්නට ලැබේ යැ යි ද සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තාහු ඇත. උන්ගේ වාද බිඳුනට ‘සාසනකථා’ එයි.]
Pali BJTප. පා: තෙන හි “දිට්ඨධම්මවෙදනීයං කම්මං දිට්ඨම්මවෙදනීයට්ඨෙන නියතං, උපපජ්ජවෙදනීයං කම්මං -පෙ- අපරාපරියවෙදනීයං කම්මං අපරාපරිය වෙදනීයට්ඨෙන නියතන්ති.
Sinhala BJTප. පා: එකරුණින් දිට්ඨධම්මවේදනීය කර්‍මය දිට්ඨධම්මවේදනීය ස්වභාවයෙන් නියත වෙයි. උපපජ්ජවෙදනීය කර්‍මය … අපරාපරියවේදනීය කර්‍මය අපරාපරියවේදනීය ස්වභාවයෙන් නියත වේ.
Pali BJTකම්ම කථා නිට්ඨිතා.
Sinhala BJTකම්ම කථා නිමි.
Pali BJTඑකවීසතිමො වග්ගො නිට්ඨිතො.
Sinhala BJTඒකවිංශද්වර්‍ගය නිමි.
Pali BJTතස්ස උද්දානං.
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසාසනං නවං කතං - අත්ථි කොචි තථාගතස්ස සාසනං නවං කරොතිලබ්භා තථාගතස්ස සාසනං පුන නවං කාතුං, පුථුජ්ජනො තෙධාතුකෙහි ධම්මෙහි අවිවිත්තො, අත්ථි කිඤ්චි සඤ්ඤොජනං අප්පහාය අරහත්තප්පත්ති, අත්ථි අධිප්පායිද්ධි බුද්ධානං වා සාවකානං වා, අත්ථි බුද්ධානං බුද්ධෙහි හීනාතිරෙකතා, සබ්බ දිසා බුද්ධා තිට්ඨන්ති, සබ්බෙ ධම්මා නියතා, සබ්බෙ කම්මා නියතා’ති.
Sinhala BJTසාසන කථා යැ අවිවිත්ත කථා යැ සඤ්ඤෝජන කථා යැ ඉද්ධි කථා යැ බුද්ධ කථා යැ සබ්බදිසා කථා යැ ධම්ම කථා යැ කම්ම කථා යි.