Pali BJTමග්ගකථා.
Sinhala BJTමග්ග කථා
Pali BJT1. ස. පු: පඤ්චඞ්ගිකො මග්ගො’ති.
Sinhala BJT1. ස. පු: මාර්‍ගය පඤ්චාඞ්ගික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අට්ඨඞ්ගිකො මග්ගො වුත්තො භගවතා: සෙය්යථීදං සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධී’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් අෂ්ටාඞ්ගිකමාර්‍ගය වදාරනලද නො: ඒ කෙසේ යැ යත්? “සම්‍යක්දෘෂ්ටි ය ... සම්‍යක්සමාධි” යි වදාරනලද නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අට්ඨඞ්ගිකො මග්ගො වුත්තො භගවතා: සෙය්යථීදං සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJTස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් අෂ්ටාඞ්ගික මාර්‍ගය වදාරනලද වී නම්, ඒ කෙසේ යැ යත්: ‘සම්‍යක්දෘෂ්ටි යැ … සම්‍යක් සමාධි’ යි වදාරනලද වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “පඤ්චඞ්ගිකො මග්ගො”ති.
Sinhala BJTස. පා: භවත මාර්‍ගය පඤ්චාඞ්ගික යයි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: පඤ්චඞ්ගිකො මග්ගො’ති.
Sinhala BJT2. ස. පු: මාර්‍ගය පඤ්චාඞ්ගික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා:
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො:
Pali BJT“මග්ගානට්ඨඞ්ගිකො{1} සෙට්ඨො සච්චානං චතුරො පදා විරාගො සෙට්ඨො ධම්මානං ද්විපදානඤ්ච චක්ඛුමා”ති{a}
Sinhala BJT“මාර්‍ගයන් අතුරින් අෂ්ටාඞ්ගිකමාර්‍ගය උතුමි. සත්‍යයන් අතුරින් (දඃඛසත්‍යාදි) සතරපදයෝ උතුම්හ. ධර්‍මයන් අතුරින් විරාගය උතුමි. දෙපා ඇතියවුන් අතුරින් චක්‍ෂුස්මත් බුදුහු උතුම්හ” යි
Pali BJTඅත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ප: තෙන හි “අට්ඨඞ්ගිකො මග්ගො”ති.
Sinhala BJTස. පා: එකරුණින් මාර්‍ගය අෂ්ටාඞ්ග ඇති වෙයි.
Pali BJT3. ස. පු: සම්මාවාචා මග්ගඞ්ගං, සා ච න මග්ගො’ති.
Sinhala BJT3. ස. පු: සම්‍යග් වචනය මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග නො වන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාදිට්ඨි මග්ගඞ්ගං, සා ච න මග්ගො’ති.
Sinhala BJTස. අනු: සම්‍යග්දෟෂ්ටිය මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග නො වන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: සම්මාවාචා මග්ගඞ්ගං, සා ච න මග්ගො’ති.
Sinhala BJT4. ස. පු: සම්‍යග් වචනය මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග නො වන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාසඞ්කප්පො -පෙ- සම්මාවායාමො -පෙ- සම්මාසති -පෙ- සම්මාසමාධි මග්ගඞ්ගං, සො ච න මග්ගො’ති.
Sinhala BJTස. අනු: සම්‍යක්සංකල්පය … සම්‍යග්ව්‍යායාමය සම්‍යක්ස්මෘතිය … සම්‍යක්සමාධිය මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග නො වන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: සම්මාකම්මන්තො -පෙ- සම්මා ආජීවො මග්ගඞ්ගං, සො ච න මග්ගො’ති.
Sinhala BJT5. ස. පු: සම්‍යග්කර්‍මාන්තය සම්‍යගාජීවය මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග නො වන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි මග්ගඞ්ගං, සො ච න මග්ගො’ති.
Sinhala BJTස. අනු: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධිය මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග නො වන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT6. ස. පු: සම්මාදිට්ඨි මග්ගඞ්ගං, සා ච මග්ගො’ති.
Sinhala BJT6. ස. පු: සම්‍යග්දෘෂ්ටි මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාවාචා මග්ගඞ්ගං, සා ච මග්ගො’ති.
Sinhala BJTස. අනු: සම්‍යග්වචන මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: සම්මාදිට්ඨි මග්ගඞ්ගං, සා ච මග්ගො’ති.
Sinhala BJT7. ස. පු: සම්‍යග්දෘෂ්ටි මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාකම්මන්තො -පෙ- සම්මාආජීවො මග්ගඞ්ගං, සො ච මග්ගො’ති.
Sinhala BJTස. අනු: සම්‍යක්කර්‍මාන්ත … සම්‍යගාජීව මාර්‍ගාඞ්ග වෙයි එ ද මාර්‍ග වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: සම්මාසඞ්කප්පො -පෙ- සම්මාවායාමො -පෙ- සම්මාසති -පෙ- සම්මාසමාධි මග්ගඞ්ගං, සො ච මග්ගො’ති.
Sinhala BJT8. ස. පු: සම්‍යක්සංකල්ප … සම්‍යග්ව්‍යායාම ... සම්‍යක්ස්මෘතිය … සම්‍යක්සමාධි මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග වේ ද?
Pali BJTප. පටි: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාවාචා -පෙ- සම්මාකම්මන්තො -පෙ- සම්මා ආජීවො මග්ගඞ්ගං, සො ච මග්ගො’ති.
Sinhala BJTස. අනු: සම්‍යග්වචන … සම්‍යග්කර්‍මාන්ත … සම්‍යගාජීව මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ප. පු: අරියො අට්ඨඞ්කිකො මග්ගො’ති.
Sinhala BJT9. ප. පු: ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ග වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[ආනන්තර්‍ය්‍යවස්තු ගරු බැරි වෙයි. එහෙයින් චේතනා නො කොට නමුදු ආනන්තර්‍ය්‍යවස්තු විකෝපන කල කල්හි ආනන්තරික වෙති’යි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අසඤ්චිච්චකථා’ එයි.]
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා “පුබ්බෙ’ව ඛො පනස්ස කායකම්මං වචීකම්මං ආජීවො සුපරිසුද්ධො හොති එවමස්සායං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවනා පාරිපූරිං ගච්ඡතී”ති.{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “පළමු මැ ඔහට කායකර්‍ම වාක්කර්‍ම ආජීව සුපරිශුද්ධ වෙයි. මෙසේ ඔහට මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය භාවනායෙන් පරිපූර්‍ණ බවට යේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ …
Pali BJTප. පා: තෙන හි “පඤ්චඞ්ගිකො මග්ගො”ති.
Sinhala BJTප. පා: එකරුණින් පඤ්චාඞ්ගික මාර්‍ගය වේ.
Pali BJT10. ස. පු: පඤ්චඞ්ගිකො මග්ගො’ති.
Sinhala BJT10. ස. පු: පඤ්චාඞ්ගික මාර්‍ගය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: “යස්මිං ඛො සුභද්ද ධම්මවිනයෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගො න උපලබ්භති, සමණො’පි තත්ථ න උපලබ්භති, දුතියො’පි තත්ථ සමණො න උපලබ්භති, තතියොපි තත්ථ සමණො න උපලබ්භති, චතුත්ථො’පි තත්ථ සමණො න උපලබ්භති. යස්මිඤ්ච ඛො සුභද්ද ධම්මවිනයෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගො උපලබ්භති, සමණො’පි තත්ථ උපලබ්භති දුතියො’පි -පෙ- තතියො’පි -පෙ- චතුත්ථො’පි තත්ථ සමණො උපලබ්භති. ඉමස්මිං ඛො සුභද්ද ධම්මවිනයෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගො උපලබ්භති. ඉධෙව සුභද්ද සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්ථො සමණො. සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙ”ති{b} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො? “සුභද්‍රය, යම් ධර්‍මවිනයෙකැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය නො ලැබේ ද, එහි ශ්‍රමණ ද නො ලැබෙයි. එහි ද්විතීය ශ්‍රමණ ද නො ලැබෙයි, එහි තෘතීය ශ්‍රමණ ද නො ලැබෙයි. එහි චතුර්‍ත්‍ථ ශ්‍රමණ ද නො ලැබෙයි. සුභද්‍රය වැළිත් යම් ධර්‍මවිනයෙකැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය උපලබ්ධ වේ ද, එහි ශ්‍රමණ ද උපලබ්ධ ද වෙයි. එහි ද්විතීය ශ්‍රමණ ද උපලබ්ධ වෙයි. එහි තෘතීය … චතුර්‍ත්‍ථ ශ්‍රමණ ද උපලබ්ධ වෙයි. සුභද්‍රය, මේ ධර්‍ම විනයෙහි ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය උපලබ්ධ වෙයි. සුභද්‍රය, ශ්‍රමණ (සෝවන්) මෙ සස්නෙහි මැ වෙයි. ද්විතීය ශ්‍රමණ (සෙදගැමි) ද මෙහි මැ වෙයි. තෘතීය ශ්‍රමණ (අනගැමි) ද මෙහි මැ වෙයි. චතුර්‍ත්‍ථ ශ්‍රමණ (රහත්) ද මෙහි මැ වෙයි. අන්‍ය පර (දෙසැට මිසදිටු ගතුවන්ගේ) ප්‍රවාදයෝ ශ්‍රමණයන්ගෙන් ශුන්‍ය වෙති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. පා: තෙන හි”අට්ඨඞ්ගිකො මග්ගො”ති.
Sinhala BJTස. පා: එකරුණින් අෂ්ටාඞ්ගිකමාර්‍ග වෙයි.
Pali BJTමග්ග කථා නිට්ඨිතා.
Sinhala BJTමග්ග කථා නිමි.
Pali BJT20. 6.
Sinhala BJT20. 6.
Pali BJTඤාණ කථා.
Sinhala BJTඤාණ කථා
Pali BJT1. ස. පු: ද්වාදසවත්ථුකං ඤාණං ලොකුත්තරන්ති.
Sinhala BJT1. ස. පු: ද්වාදශවස්තුකඥානය ලෝකෝත්තර වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වාදස ලොකුත්තරඤාණානී’ති.
Sinhala BJTස. අනු: ලෝකෝත්තර ඥාන දොළොසෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: ද්වාදස ලොකුත්තරඤාණානී’ති.
Sinhala BJT2. ස. පු: ලෝකෝත්තරඥාන දොළොසෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වාදස සොතාපත්තිමග්ගා’ති.
Sinhala BJTස. අනු: සෝවන් මාර්‍ග දොළොසෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: ද්වාදස සොතාපත්තිමග්ගා’ති.
Sinhala BJT3. ස. පු: ශ්‍රෝතාපත්තිමාර්‍ග දොළොසෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වාදස සොතාපත්තිඵලානී’ති.
Sinhala BJTස. අනු: ශ්‍රෝතාපත්තිඵල දොළොසෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: ද්වාදස සකදාගාමී -පෙ- අනාගාමී -පෙ- අරහත්තමග්ගා’ති.
Sinhala BJTස. අනු: සකෘදාගාමිමාර්‍ග දොළොසෙක් … අනාගාමි … අර්‍හන්මාර්‍ග දොළොසෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: ද්වාදස අරහත්තමග්ගා’ති.
Sinhala BJT4. ස. පු: අර්‍හන්මාර්‍ග දොළොසෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වාදස අරහත්තඵලානී’ති.
Sinhala BJTස. අනු: අර්‍හත්ඵල දොළොසෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ප. පු: න වත්තබ්බං ද්වාදසවත්ථුකං ඤාණං ලොකුත්තරන්ති.
Sinhala BJT5. ප. පු: ද්වාදශවස්තුක ඥානය ලෝකෝත්තර වෙති යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා: “ඉදං දුක්ඛං අරියසච්චන්ති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි විජ්ජා උදපාදි පඤ්ඤා උදපාදි ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤෙය්යන්ති මෙ භික්ඛවෙ -පෙ- පරිඤ්ඤාතන්ති මෙ භික්ඛවෙ -පෙ- ඉදං දුක්ඛසමුදයො අරියසච්චන්ති මෙ භික්ඛවෙ -පෙ- තං ඛො පනිදං දුක්ඛසමුදයො අරියසච්චං පහාතබ්බන්ති මෙ භික්ඛවෙ -පෙ- පහීනන්ති මෙ භික්ඛවෙ -පෙ- ඉදං දුක්ඛනිරොධො{1} අරියසච්චන්ති මෙ භික්ඛවෙ -පෙ- තං ඛො පනිදං දුක්ඛනිරොධො{1} අරියසච්චං සච්ඡිකාතබ්බන්ති මෙ භික්ඛවෙ -පෙ- සච්ඡිකතන්ති මෙ භික්ඛවෙ -පෙ- ඉදං දුක්ඛනිරොධගාමිනීපටිපදා අරියසච්චන්ති මෙ භික්ඛවෙ -පෙ- තං ඛො පනිදං දුක්ඛනිරොධගාමිනීපටිපදා අරියසසච්චං භාවෙතබ්බන්ති මෙ භික්ඛවෙ -පෙ- භාවිතන්ති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදී”ති{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නො: “මහණෙනි, මේ (පඤ්චස්කන්‍ධය) දුඃඛාර්‍ය්‍යසත්‍ය යැයි පෙර නො ඇසූ දහම්හි මට චක්‍ෂුස පහළ වී. ඥානය පහළ වී. විද්‍යාව පහළ වී. ප්‍රඥාව පහළ වී. ආලොකය පහළ වී. මහණෙනි, ඒ මේ දුඃඛාර්‍ය්‍යසත්‍යය පරිඥා කටයුතු යැ යි මට … මහණෙනි, පරිඥා කරනලදැ’ යි මට … මහණෙනි, මේ (තෘෂ්ණාව) දුඃඛසමුදයාර්‍ය්‍ය සත්‍ය යැ යි මට … මහණෙනි, ඒ මේ දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය ප්‍රහාතව්‍ය යැ යි මට ... මහණෙනි, මට ප්‍රහීණ යැ යි … මහණෙනි, මේ දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍ය යැ යි මට ... මහණෙනි, ඒ මේ දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍ය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ යි මට … මහණෙනි, මා විසින් සාක්‍ෂාත්කෘත යැ යි … මහණෙනි, මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යැ යි මට … මහණෙනි, ඒ මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය භාවිතව්‍ය යැයි මට … මහණෙනි, මා විසින් භාවිත යැ යි පෙර නො ඇසූ දහම්හි චක්‍ෂුස පහළ වී … ආලොකය පහළ වී” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. පා: තෙන හි “ද්වාදසවත්ථුකං ඤාණං ලොකුත්තර”න්ති.
Sinhala BJTස. පා: එකරුණින් ද්වාදශවස්තුක ඥානය ලෝකෝත්තර වේ.
Pali BJTඤාණ කථා නිට්ඨිතා.
Sinhala BJTඤාණ කථා නිමි.
Pali BJTවීසතිමො වග්ගො නිට්ඨිතො.
Sinhala BJTවිංශද් වර්‍ගය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTමාතුඝාතකො ආනන්තරිකො, පිතුඝාතකො ආනන්තරිකො, අරහන්තුඝාතකො ආනන්තරිකො, ලොහිතුප්පාදකො ආනන්තරිකො, සඞ්ඝභෙදකො ආනන්තරිකො, නත්ථි පුථුජ්ජනස්ස ඤාණං, නත්ථි නිරයෙසු නිරයපාලා, අත්ථි දෙවෙසු තිරච්ඡානගතා, පඤ්චඞ්ගිකො මග්ගො, ද්වාදසවත්ථුකං ඤාණං ලොකුත්තරන්ති.
Sinhala BJTමාතෘඝාතක ආනන්තරික යැ පිතෘඝාතක ආනන්තරික යැ අරහන්තඝාතක ආනන්තරික යැ ලෝහිතුප්පාදක ආනන්තරික යැ සඞ්ඝභේදක ආනන්තරික යැ යන අසඤ්චිච්චකථා යැ, නත්‍ථි පුථුජ්ජනස්ස ඤාණං යනුවෙන් දැක්වූ ඤාණකථා යැ, නත්‍ථි නිරයෙසු නිරයපාලා යනුවෙන් දැක්වූ නිරයපාලකථා යැ, අතථි දේවේසු තිරච්ඡානගතායි දක්වනලද තිරච්ඡානකථා යැ, පඤ්චඞ්ගිකො මග්ගෝයි දක්වන ලද මග්ගකථා යැ, ද්වාදසවත්‍ථුකං ඤාණං යි දක්වන ලද ඤාණකථා’ යි.
Pali BJTචතුත්ථො පණ්ණාසකො.
Sinhala BJTඒකවිංශද්වර්‍ගය
Pali BJTඑකවීසතිමො වග්ගො.
Sinhala BJTඒකවිංශද් වර්‍ගය
Pali BJT21. 1.
Sinhala BJT21. 1.
Pali BJTසාසන කථා.
Sinhala BJTසාසන කථා.
Pali BJT1. ස. පු: සාසනං නවං කතන්ති.
Sinhala BJT1. ස. පු: ශාසනය නවීකෘත (අළුත් කරන ලද) වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සතිපට්ඨානං නවං කතන්ති.
Sinhala BJTස. අනු: සතිපට්ඨානය නවීකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ
Pali BJT2. ස. පු: සාසනං නවං කතන්තී.
Sinhala BJT2. ස. පු: ශාසනය නවීකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මප්පධානා -පෙ- ඉද්ධිපාදා -පෙ- ඉන්ද්රියා -පෙ- බලා -පෙ- බොජ්ඣඞ්ගා නවං කතා’ති.
Sinhala BJTස. අනු: සම්‍යක් ප්‍රධානය … ඍද්ධිපාද … ඉන්‍ද්‍රිය … බල … බෝධ්‍යඞ්ගයෝ නවීකෘත වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: පුබ්බෙ අකුසලං පච්ඡා කුසලං කතන්ති.
Sinhala BJTස. අනු: පළමු අකුශලය පසු වැ කුශල කරනලද ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: පුබ්බෙ සාසවං -පෙ- සඤ්ඤොජනියං{1} -පෙ- ගන්ථනීයං{2} -පෙ- ඔඝනීයං{3} -පෙ- යොගනීයං{4} -පෙ- නීවරණියං{5} -පෙ- පරාමට්ඨං -පෙ- උපාදානියං -පෙ- සංකිලෙසිකං.{6} පච්ඡා අසඞ්කිලෙසිකං කතන්ති.
Sinhala BJTස. අනු: පළමු සාස්‍රවය … සංයෝජනියය ... ග්‍රන්‍ථනීයය ... ඕඝනීයය ... යොගනීයය ... නීවරණියය … පරාමෘෂ්ටය ... උපාදානියය ... සාංක්ලේශිකය පසුව අසාංක්ලේශික කරනලද වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: අත්ථි කොචි තථාගතස්ස සාසනං නවං කරොතී’ති.
Sinhala BJT3. ස. පු: තථාගතයන්ගේ සස්න අළුත් කරන කිසිවෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි කොචි සතිපට්ඨානෙ නවං කරොතී’ති.
Sinhala BJTස. අනු: සතිපට්ඨාන අළුත් කරන කිසිවෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJTස. අනු: අත්ථි කොචි සම්මප්පධානෙ -පෙ- ඉද්ධිපාදෙ -පෙ- ඉන්ද්රියෙ -පෙ- බලෙ -පෙ- බොජ්ඣඞ්ගෙ නවං කරොතී’ති.
Sinhala BJTස. අනු: සම්‍යක්ප්‍රධාන … ඍද්ධිපාද … ඉන්‍ද්‍රිය … බල … බෝධ්‍යඞ්ග අළුත් කරන කිසිවෙක් ඇද්ද?