Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 14301-14400 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා:
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නො:
Pali BJT“ආපායිකො නෙරයිකො කප්පට්ඨො සඞ්ඝභෙදකො වග්ගරතො අධම්මට්ඨො යොගක්ඛෙමා පධංසති{1} සඞ්ඝං සමග්ගං භෙත්වාන කප්පං නිරයම්හි පච්චතී”ති{a}
Sinhala BJT“අපායසංවර්‍තනික වූ නිරයසංවර්‍තනික වූ කල්පස්ථ වූ වර්‍ගරත වූ අර්‍ධමස්ථ වූ සඞ්ඝභේදක නිවනින් පිරිහේ. සමග සඞ්ඝයා බිඳ කපක් මුළුල්ලෙහි නිරයෙහි පැසේ” යයි
Pali BJTඅත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. පා: තෙන හි “සඞ්ඝභෙදකො ආනන්තරිකො”ති.
Sinhala BJTප. පා: එකරුණින් “සඞ්ඝභේදක ආනන්තරික වෙයි’.
Pali BJTඅසඤ්චිච්ච කථා නිට්ඨිතා.
Sinhala BJTඅසඤ්චිච්ච කථා නිමි.
Pali BJT20. 2.
Sinhala BJT20. 2.
Pali BJTඤාණ කථා.
Sinhala BJTඤාණ කථා
Pali BJT1. ස. පු: නත්ථි පුථුජ්ජනස්ස ඤාණන්ති.
Sinhala BJT1. ස. පු: පෘථග්ජනහට ඥාන නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නත්ථි පුථුජ්ජනස්ස පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා’ති.
Sinhala BJTස. අනු: පෘථග්ජනහට ප්‍රඥා ප්‍රජානන විචය ප්‍රවිචය ධර්‍මවිචය සංලක්‍ෂණ උපලක්‍ෂණ ප්‍රත්‍යුපලක්‍ෂණ නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු අත්ථි පුථුජ්ජනස්ස පඤ්ඤා පජානනා විචයො -පෙ- පච්චුපලක්ඛණා’ති.
Sinhala BJTස. අනු: පෘථග්ජනහට ප්‍රඥා ප්‍රජානන විචය ... ප්‍රත්‍යුපලක්‍ෂණ ඇත් නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අත්ථි පුථුජ්ජනස්ස පඤ්ඤා පජානනා විචයො -පෙ- පච්චුපලක්ඛණා.
Sinhala BJTස. ඨ: ඉදින් පෘථග්ජනහට ප්‍රඥා ප්‍රජානන විචය … ප්‍රත්‍යුපලක්‍ෂණ ඇත් නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “නත්ථි පුථුජ්ජනස්ස ඤාණ”න්ති.
Sinhala BJTස. පා: භවත, ‘පෘථග්ජනහට ඥාන නැතැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: නත්ථි පුථුජ්ජනස්ස ඤාණන්ති.
Sinhala BJT2. ස. පු: පෘථග්ජනහට ඥාන නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පුථුජ්ජනො පඨමං ඣානං සමාපජ්ජෙය්යාති.
Sinhala BJTස. අනු: පෘථග්ජන පුද්ගල ප්‍රථමධ්‍යානයට සමවදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි පුථුජ්ජනො පඨමං ඣානං සමාපජ්ජෙය්ය,
Sinhala BJTස. ඨ: ඉදින් පෘථග්ජන පුද්ගල ප්‍රථමධ්‍යානයට සමවදනේ නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “නත්ථි පුථුජ්ජනස්ස ඤාණ”න්ති.
Sinhala BJTස. පා: භවත, ‘පෘථග්ජනහට ඥාන නැතැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: පුථුජ්ජනො දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- ආකාසානඤ්චායතනං සමාපජ්ජෙය්ය, විඤ්ඤාණඤ්චායතනං -පෙ- ආකිඤ්චඤ්ඤායතනං -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපජ්ජෙය්ය, පුථුජ්ජනො දානං දදෙය්ය -පෙ- චීවරං දදෙය්ය -පෙ- පිණ්ඩපාතං දදෙය්ය -පෙ- සෙනාසනං දදෙය්ය -පෙ- ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං දදෙය්යා’ති.
Sinhala BJT3. ස. පු: පෘථග්ජන පුද්ගල ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට … ආකාසානඤ්චායතනයට සමවදනේ වේ ද? විඤ්ඤාණඤ්චායතනයට ... ආකිඤ්චඤ්ඤායතනයට … නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදනේ වේ ද? පෘථග්ජන පුද්ගල දන් දෙන්නේ වේ ද, … සිවුරු දෙන්නේ වේ ද, පිඬුවා දෙන්නේවේ ද … සෙනසුන් දෙන්නේ වේ ද, ගිලන්පස බෙහෙත් පිරිකර දෙන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි පුථුජ්ජනො ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං දදෙය්ය,
Sinhala BJTස. ඨ: ඉදින් පෘථග්ජන පුද්ගල ගිලන්පස බෙහෙත් පිරිකර දෙන්නේ නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “නත්ථි පුථුජ්ජනස්ස ඤාණ”න්ති.
Sinhala BJTස. පා: භවත, ‘පෘථග්ජන පුද්ගලහට ඥාන නැතැ’ යි නො’ කියැයුතු මැ යැ.
Pali BJT4. ප. පු: අත්ථි පුථුජ්ජනස්ස ඤාණන්ති.
Sinhala BJT4. ස. පු: පෘථග්ජනහට ඥාන ඇද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පුථුජ්ජනො තෙන ඤාණෙන දුක්ඛං පරිජානාති, සමුදයං පජහති, නිරොධං සච්ඡිකරොති, මග්ගං භාවෙතී’ති.
Sinhala BJTස. අනු: පෘථග්ජන පුද්ගල එ ඥානයෙන් දුඃඛපරිඥාන කෙරේ ද, සමුදය දුරු කෙරේ ද, නිරෝධය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, මාර්‍ගය වඩන්නේ වේ ද?.
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTඤාණ කථා නිට්ඨිතා.
Sinhala BJTඤාණ කථා නිමි.
Pali BJT20. 3.
Sinhala BJT20. 3.
Pali BJTනිරයපාල කථා.
Sinhala BJTනිරයපාල කථා
Pali BJT1. ස. පු: නත්ථි නිරයෙසු නිරයපාලා’ති.
Sinhala BJT1. ස. පු: නිරයෙහි නිරයපාලකයෝ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නත්ථි නිරයෙසු කම්මකාරණා’ති.
Sinhala BJTස. අනු: නිරයෙහි කම්කටොලු නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: අත්ථි නිරයෙසු කම්මකාරණා’ති.
Sinhala BJT2. ස. පු: නිරයෙහි කම්කටොලු ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි නිරයෙසු නිරයපාලා’ති.
Sinhala BJTස. අනු: නිරයෙහි නිරෑපල්ලෝ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: අත්ථි මනුස්සෙසු කම්මකාරණා, අත්ථි ච කාරණිකා’ති.
Sinhala BJT3. ස. පු: මිනිසුන් කෙරෙහි කම්කටොලු ඇද්ද, කම්කටොලු කරන්නෝත් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි නිරයෙසු කම්මකාරණා, අත්ථි ච කාරණිකා’ති.
Sinhala BJTස. අනු: නිරයෙහි කම්කටොලු ඇද්ද, කම්කටොලු කරන්නෝත් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: අත්ථි නිරයෙසු කම්මකාරණා, නත්ථි ච කාරණිකා’ති.
Sinhala BJT4. ස. පු: නිරයෙහි කම්කටොලු ඇද්ද, කම්කටොලු කරන්නෝ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි මනුස්සෙසු කම්මකාරණා, නත්ථි ච කාරණිකා’ති.
Sinhala BJTස. අනු: මිනිසුන් කෙරෙහි කම්කටොලු ඇද්ද, කම්කටොලු කරන්නෝ නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: අත්ථි නිරයෙසු නිරයපාලා’ති.
Sinhala BJT5. ප. පු: නිරයෙහි නිරෑපල්ලෝ ඇද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා:
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො:
Pali BJT“න වෙස්සභූ නො’පි ච පෙත්තිරාජා සොමො යමො වෙස්සවණො ච රාජා සකානි කම්මානි හනන්ති තත්ථ ඉතො පණුන්නං පරලොකපත්තන්ති”
Sinhala BJT“මෙලොවින් කරනලද පරලොවට ගියහු එහි දී වෙස්සභූ රජ ද නො නසයි. ප්‍රේතරාජ ද නො නසයි. සෝම යැ යම යැ වෛශ්‍රවණරජ යැ යන මොහු ද නො නසති. (වැළිත්) ස්වකීය කර්‍මයෝ මැ නසති” යි.
Pali BJTඅත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. පා: තෙන හි නත්ථි නිරයෙසු නිරයපාලා’ති.
Sinhala BJTප. පා: එකරුණින් නිරයෙහි නිරැපල්ලෝ නැත.
Pali BJT6. ස. පු: නත්ථි නිරයෙයු නිරයපාලා’ති.
Sinhala BJT6. ප. පු: නිරයෙහි නිරැපල්ලෝ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: “තමෙනං භික්ඛවෙ නිරයපාලා පඤ්චවිධ බන්ධනං නාම කම්මකාරණං කාරෙන්ති: තත්තං අයොඛීලං හත්ථෙ ගමෙන්ති, තත්තං අයොඛීලං දුතියෙ හත්ථෙ ගමෙන්ති, තත්තං අයොඛීලං පාදෙ ගමෙන්ති, තත්තං අයොඛීලං දුතියෙ පාදෙ ගමෙන්ති, තත්තං අයොඛීලං මජ්ඣෙ උරස්මිං ගමෙන්තී. සො තත්ථ දුක්ඛා තිබ්බා කටුකා වෙදනා වෙදෙති, න ච තාව කාලං කරොති යාව.{1} න තං පාපං කම්මං.{2} බ්යන්තීහොතී”ති{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “මහණෙනි, තුලුහුට යමපල්හු පඤ්චවිධබන්‍ධන නම් කම්කටොලු කෙරෙති: රත්වූ යහුලක් අතෙක ගසති. රත්වූ යහුලක් දෙවන අතැ ගසති රත්වූ යහුලක් පයෙකැ ගසති. රත්වූ යහුලක් දෙවන පයැ ගසති. රත්වූ යහුලක් උරමැද ගසති. හේ එහි දී තීව්‍ර වූ කටුක වූ දුක් වේදනා විඳී. ඒ පාපකර්‍ම ගෙවී අපගත නො වන තාක් කල් නො ද මියෙයි” වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[ලෞකික ශ්‍රද්ධා ශ්‍රද්ධා මැ වෙයි. ඉන්‍ද්‍රිය නො වෙයි. එසේ මැ වීර්‍ය්‍ය ස්මෘති සමාධි ප්‍රඥාවෝත් වීර්‍ය්‍යාදීන් මැ මිස ඉන්‍ද්‍රිය නො වෙති’ යි හේතුවාද මහිංසාසකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඉන්‍ද්‍රියකථා’ එයි.]
Pali BJTස. පා: තෙ න හි අත්ථි නිරයෙසු නිරයපාලා’ති.
Sinhala BJTස. පා: එකරුණින් නිරයෙහි නිරෑපල්ලෝ ඇත.
Pali BJT7. ස. පු: නත්ථි නිරයෙසු නිරයපාලා’ති.
Sinhala BJT7. ස. පු: නිරයෙහි යමපල්හු නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: “තමෙනං භික්ඛවෙ නිරයපාලා සංවෙසෙත්වා කුඨාරීහි{3} තච්ඡන්ති. තමෙනං භික්ඛවෙ නිරයපාලා උද්ධපාදං{4}. අධොසිරං ඨපෙත්වා වාසීහි තච්ඡන්ති. තමෙනං භික්ඛවෙ නිරයපාලා රථෙ යොජෙත්වා ආදිත්තාය පඨවියා සම්පජ්ජලිතාය සජොතිභූතාය සාරෙන්ති’පි පච්චාසාරෙන්තිපි -පෙ- තමෙනං භික්ඛවෙ නිරයපාලා මහන්තං අඞ්ගාරපබ්බතං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං ආරොපෙන්ති’පි ඔරොපෙන්තී’පි -පෙ-
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “මහණෙනි, යමපල්හු තුලුහු (යපොළොවැ) හොවා පොරොවින් සසිති. මහණෙනි, යමපල්හු තුලුහු පා උඩුබල්වා හිස බිම් බල්වා තබා වැහෙයෙන් සසිති. මහණෙනි, යමපල්හු තුලුහු රියෙහි යොදා ඇවිළගත් ගිනි සහිත ප්‍රජ්වලිත පෘථුවියෙහි ඔබමොබ ඇවිදුවත් … මහණෙනි, යමපල්හු තුලුහු ඇවිළගත් ගිනි සහිත ප්‍රජ්වලිත වූ මහත් අඞ්ගාර පර්‍වතයට නංවති, බස්වති …
Pali BJTතමෙනං භික්ඛවෙ නිරයපාලා උද්ධපාදං අධොසිරං ගහෙත්වා තත්තාය ලොහකුම්භියා පක්ඛිපන්ති ආදිත්තාය සම්පජ්ජලිතාය සජොතිභූතාය. සො තත්ථ ඵෙණුද්දෙහකං පච්චති. සො තත්ථ ඵෙණුද්දෙහකං පච්චමානො සකිම්පි උද්ධං ගච්ඡති. සකිම්පි අධොගච්ඡති. සකිම්පි තිරියං ගච්ඡති. සො තත්ථ තිබ්බා කටුකා වෙදනා වෙදෙති, න ච තාව කාලං කරොති යාව න තං පාපං කම්මං බ්යන්තී හොති. තමෙනං භික්ඛවෙ නිරයපාලා මහානිරයෙ පක්ඛිපන්ති. සො ඛො පන භික්ඛවෙ මහානිරයො:
Sinhala BJTමහණෙනි, යමපල්හු තුලුහු පා උඩුබල්වා හිස බිම් බල්වා ගෙන තප්ත වූ ආදීප්ත වූ ජ්‍යොතිර්භූත වූ සම්ප්‍රජ්වලිත වූ ලෝහකුම්භියෙහි ප්‍රක්‍ෂේප කෙරෙති. හෙ එහි පෙණ උදහ කොට පැසෙයි. හේ එහි පෙණ උදහ කොට පස්නේ වරක් උඩට යෙයි. වරක් යටට යෙයි. වරක් සරසට යෙයි. හේ එහි ත්‍රීව වූ කටුක වූ දුක් වේදනා විඳියි. ඒ පාප කර්‍ම අපගත නො වනතාක් කල් නො මියෙයි. මහණෙනි, යමපල්හු තුලුහු ගෙන මහා නිරයෙහි බහාලති. මහණෙනි ඒ මහානිරය වනාහි:
Pali BJT“චතුක්කණ්ණො චතුද්වාරො විභත්තො භාගසො මිතො අයොපාකාරපරියන්තො අයසා පටිකුජ්ජිතො.
Sinhala BJT“සතරකන් ඇතියෙ යැ. සතර දොර ඇතියෙ යැ. කොටස් විසින් පමණ කොට බෙදන ලදුයේ යැ. යපවුරින් පිරිකෙව් කරනලද්දේ යැ. සපියනින් වසන ලද්දේ යි.
Pali BJTතස්ස අයොමයාභූමි ජලිතා තෙජසා යුතා සමන්තා යොජනසතං ඵරිත්වා තිට්ඨති සබ්බදා”ති.{a}
Sinhala BJTඑහි අයෝමයභූමිය ජ්වලිත වූවා තෙදින් යුතු වූවා හාත්පසින් සියක් යොදුන් තැන හැම කල්හි පැතිර සිටි”යයි
Pali BJTඅත්ථෙ ව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. පා: තෙන හි අත්ථි නිරයෙසු නිරයපාලා’ති.
Sinhala BJTස. පා: එකරුණින් නිරයෙහි නිරයපාලකයෝ ඇත.
Pali BJTනිරයපාල කථා නිට්ඨිතා.
Sinhala BJTනිරයපාල කථා නිමි.
Pali BJT20. 4.
Sinhala BJT20. 4.
Pali BJTතිරච්ඡාන කථා.
Sinhala BJTතිරච්ඡාන කථා
Pali BJT1. ස. පු: අත්ථි දෙවෙසු තිරච්ඡානගතා’ති.
Sinhala BJT1. ස. පු: දෙව්ලොවැ තිරිසන්ගිය සත්ත්‍වයෝ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි තිරච්ඡානගතෙසු දෙවා’ති.
Sinhala BJTස. අනු: තිරිසන්ගිය සත්ත්‍වයන් කෙරෙහි දෙවියෝ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: අත්ථි දෙවෙසු තිරච්ඡානගතා’ති.
Sinhala BJT2. ස. පු: දෙව්ලොවැ තිරිසන්ගිය සත්ත්‍වයෝ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දෙවලොකො තිරච්ඡානයොනී’ති.
Sinhala BJTස. අනු: දෙව්ලොවැ තිරිසන් යෝනි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: අත්ථි දෙවෙසු තිරච්ඡානගතා’ති.
Sinhala BJT3. ස. පු: දෙවියන් කෙරෙහි තිරිසන්ගතයෝ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි තත්ථ කීටා පටඞ්ගා මකසා මක්ඛිකා අහී විච්ඡිකා සතපදී ගණ්ඩුප්පාදා’ති.
Sinhala BJTස. අනු: එහි කුරුමිණියෝ පළගැටියෝ මදුරුවෝ මැස්සෝ සපුසු නුහුසුවො සියපාහු ගඬවිල්හු ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ප. පු: නත්ථි දෙවෙසු තිරච්ඡානගතා’ති.
Sinhala BJT4. ප. පු: දෙවියන් කෙරෙහි තිරශ්චීනගතයෝ නැද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අත්ථි තත්ථ එරාවණො නාම හත්ථිනාගො, සහස්සයුත්තං දිබ්බං යානන්ති.
Sinhala BJTප. අනු: එහි ඓරාවණ නම් හස්තිරාජයෙක්, සහස්‍රයුක්ත දිව්‍යයානයෙක් ඇත් නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ඨ: හඤ්චි අත්ථි තත්ථ එරාවණො නාම හත්ථිනාගො, සහස්සයුත්තං දිබ්බං යානං,
Sinhala BJTප. ඨ: ඉදින් එහි ඓරාවණ නම් හස්තිරාජයෙක්, සහස්‍රයුක්ත දිව්‍යයානයෙක් ඇත් නම්,
Pali BJTප. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘අත්ථි දෙවෙසු තිරච්ඡානගතා”ති.
Sinhala BJTප. පා: භවත, එකරුණින් ‘දෙවියන් කෙරෙහි තිරශ්චීනගතයෝ ඇත.’
Pali BJT5. ස. පු: අත්ථි දෙවෙසු තිරච්ඡානගතා’ති.
Sinhala BJT5. ස. පු: දෙවියන් කෙරෙහි තිරශ්චීනගතයෝ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි තත්ථ හත්ථිබන්ධා අස්සබන්ධා යාවසිකා කාරණිකා භත්තකාරකා’ති.
Sinhala BJTප. අනු: එහි ඇත්ගොවුවෝ අස්ගොවුවෝ හස්ති ආදීන්ට යව (තණාදිය) දෙන්නෝ හස්තිදමනාදී කම් කරන්නෝ හස්ති ආදින්ට බත් පිසන්නෝ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. පා: තෙන හි “නත්ථි දෙවෙසු තිරච්ඡානගතා”ති.
Sinhala BJTස. පා: එකරුණින් ‘දෙවියන් කෙරෙහි තිරශ්චීනගතයෝ නැත.’
Pali BJTතිරච්ඡාන කථා නිට්ඨිතා.
Sinhala BJTතිරච්ඡාන කථා නිමි.
Pali BJT20. 5.
Sinhala BJT20. 5.