Pali BJTඣාන්තරික කථා
Sinhala BJTඣානන්තරික කථා
Pali BJT1. ස. පු: අත්ථි ඣානන්තරිකා’ති.
Sinhala BJT1. ස. පු: ධ්‍යානාන්තරික (ධ්‍යානයට අතුරෙහි වූ) සමාධියෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි ඵස්සන්තරිකා -පෙ- අත්ථි සඤ්ඤන්තරිකා’ති.
Sinhala BJTස. අනු: ස්පර්‍ශාන්තරික ඇද්ද … සංඥාන්තරිකා ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: අත්ථි ඣානන්තරිකා’ති.
Sinhala BJT2. ස. පු: ධ්‍යානාන්තරික සමාධියෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දුතියස්ස ච ඣානස්ස තතියස්ස ච ඣානස්ස අන්තරෙ අත්ථි ඣානන්තරිකා’ති.
Sinhala BJTස. අනු: ද්වීතීයධ්‍යානයටත් තෘතීයධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානාන්තරික සමාධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: අත්ථි ඣානන්තරිකා’ති.
Sinhala BJT3. ස. පු: ධ්‍යානාන්තරික සමාධියෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තතියස්ස ච ඣානස්ස චතුත්ථස්ස ච ඣානස්ස අන්තරෙ අත්ථි ඣානන්තරිකා’ති.
Sinhala BJTස. අනු: තෘතීයධ්‍යානයටත් චතුර්‍ත්‍ථධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානාන්තරික සමාධියෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: දුතියස්ස ච ඣානස්ස තතියස්ස ච ඣානස්ස අන්තරෙ නත්ථි ඣානන්තරිකා’ති.
Sinhala BJT4. ස. පු: ද්වීතීයධ්‍යානයටත් තෘතීයධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානාන්තරික සමාධියෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි දුතියස්ස ච ඣානස්ස තතියස්ස ච ඣානස්ස අන්තරෙ නත්ථි ඣානන්තරිකා,
Sinhala BJTස. ඨ: ඉදින් ද්වීතීයධ්‍යානයටත් තෘතීයධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානාන්තරික සමාධියක් නැත් නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ”අත්ථි ඣානන්තරිකා’ති.
Sinhala BJTස. පා: භවත, ධ්‍යානාන්තරික සමාධියෙක් ඇතැ’යි නො කියැයුතු මැ යැ.
Pali BJT5. ස. පු: තතියස්ස ච ඣානස්ස චතුත්ථස්ස ච ඣානස්ස අන්තරෙ නත්ථි ඣානන්තරිකා’ති.
Sinhala BJT5. ස. පු: තෘතීයධ්‍යානයටත් චතුර්‍ත්‍ථධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානාන්තරික සමාධියෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ. හඤ්චි තතියස්ස ච ඣානස්ස චතුත්ථස්ස ච ඣානස්ස අන්තරෙ නත්ථි ඣානන්තරිකා,
Sinhala BJTස. ඨ: ඉදින් තෘතීයධ්‍යානයටත් චතුර්‍ත්‍ථධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානාන්තරික සමාධියක් නැත් නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අත්ථි ඣානන්තරිකා”ති.
Sinhala BJTස. පා: භවත, ‘ධ්‍යානාන්තරික සමාධියෙක් ඇතැ’යි නො කියැයුතු මැ යැ.
Pali BJT6. ස. පු: පඨමස්ස ච ඣානස්ස දුතියස්ස ච ඣානස්ස අන්තරෙ අත්ථි ඣානන්තරිකා’ති.
Sinhala BJT6. ස. පු: ප්‍රථමධ්‍යානයටත් ද්වීතීයධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානාන්තරික සමාධියෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දුතියස්ස ච ඣානස්ස තතියස්ස ච ඣානස්ස අන්තරෙ අත්ථි ඣානන්තරිකා’ති.
Sinhala BJTස. අනු: ද්වීතීයධ්‍යානයටත් තෘතීයධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානාන්තරික සමාධියෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[භාග්‍යවත් බුදුන් කෙරෙහි නුනුවණින් ගත් ප්‍රේම වශයෙන් භාග්‍යවතුන්ගේ මලමූ අන්‍ය ගන්‍ධජාතයනට වඩා සුගන්‍ධතර යයි අන්‍ධක උත්තරාපථකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ගන්‍ධජාතකථා’ එයි.]
Pali BJT7. ස. පු: පඨමස්ස ච ඣානස්ස දුතියස්ස ච ඣානස්ස අන්තරෙ අත්ථි ඣානන්තරිකා’ති.
Sinhala BJT7. ස. පු: ප්‍රථමධ්‍යානයටත් ද්වීතීයධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානාන්තරික සමාධියෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තතියස්ස ච ඣානස්ස චතුත්ථස්ස ච ඣානස්ස අන්තරෙ අත්ථි ඣානන්තරිකා’ති.
Sinhala BJTස. අනු: තෘතීයධ්‍යානයටත් චතුර්‍ත්‍ථධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානාන්තරික සමාධියෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: දුතියස්ස ච ඣානස්ස තතියස්ස ච ඣානස්ස අන්තරෙ නත්ථි ඣානන්තරිකා’ති.
Sinhala BJT8. ස. පු: ද්වීතීයධ්‍යානයටත් තෘතීයධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානාන්තරික සමාධියෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පඨමස්ස ච ඣානස්ස දුතියස්ස ච ඣානස්ස අන්තරෙ නත්ථි ඣානන්තරිකා’ති.
Sinhala BJTස. අනු: ප්‍රථමධ්‍යානයටත් ද්විතීයධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානාන්තරික සමාධියෙක් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: තතියස්ස ච ඣානස්ස චතුත්ථස්ස ච ඣානස්ස අන්තරෙ නත්ථි ඣානන්තරිකා’ති.
Sinhala BJT9. ස. පු: තෘතීයධ්‍යානයටත් චතුර්‍ත්‍ථධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානාන්තරික සමාධියෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පඨමස්ස ච ඣානස්ස දුතියස්ස ච ඣානස්ස අන්තරෙ නත්ථි ඣානන්තරිකා’ති.
Sinhala BJTස. අනු: ප්‍රථමධ්‍යානයටත් ද්විතීයධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානාන්තරික සමාධියෙක් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ස. පු: අවිතක්කො විචාරමත්තො සමාධි ඣානන්තරිකා’ති.
Sinhala BJT10. ස. පු: අවිතර්‍ක විචාරමාත්‍ර සමාධිය ධ්‍යානාන්තරික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සවිතක්කො සවිචාරො සමාධි ඣානන්තරිකා’ති.
Sinhala BJTස. අනු: සවිතර්‍ක සවිචාරසමාධිය ධ්‍යානාන්තරික වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“බුදුරදහු සෝවන් වැ සෙදගැමි මඟත් සෙදගැමි වැ අනගැමි මඟත් අනගැමි වැ රහත්මඟත් පසක් කළහ. එක් මැ රහත්මඟින් සතර ඵලයන් පසක් කළහ” යි බුදුන් කෙරෙහි නුනුවණින් කළ ප්‍රේම වශයෙන් අන්‍ධක උත්තරාපථක නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඒකමග්ගකථා’ එයි.]
Pali BJT11. ස. පු: අවිතක්කො විචාරමත්තො සමාධි ඣානන්තරිකා’ති.
Sinhala BJT11. ස. පු: අවිතර්‍ක විචාරමාත්‍ර සමාධිය ධ්‍යානාන්තරික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අවිතක්කො අවිචාරො සමාධි ඣානන්තරිකා’ති.
Sinhala BJTස. අනු: අවිතර්‍ක අවිචාර සමාධිය ධ්‍යානාන්තරික වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT12. ස. පු: සවිතක්කො සවිචාරො සමාධි න ඣානන්තරිකා’ති.
Sinhala BJT12. ස. පු: සවිතර්‍ක සවිචාර සමාධිය ධ්‍යානාන්තරික නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අවිතක්කො විචාරමත්තො සමාධි න ඣානන්තරිකා’ති.
Sinhala BJTස. අනු: අවිතර්‍ක විචාරමාත්‍ර සමාධිය ධ්‍යානාන්තරික නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT13. ස. පු: අවිතක්කො අවිචාරො සමාධි න ඣානන්තරිකා’ති.
Sinhala BJT13. ස. පු: අවිතර්‍ක අවිචාර සමාධිය ධ්‍යානාන්තරික නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අවිතක්කො විචාරමත්තො සමාධි න ඣානන්තරිකා’ති.
Sinhala BJTස. අනු: අවිතර්‍ක විචාරමාත්‍ර සමාධිය ධ්‍යානාන්තරික නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT14. ස. පු: ද්වින්නං ඣානානං පටුප්පන්නානං{1} අන්තරෙ අවිතක්කො විචාරමත්තො සමාධී’ති.
Sinhala BJT14. ස. පු: ප්‍රත්‍යුත්පන්න ධ්‍යාන දෙකක්හුගේ අතුරෙහි අවිතර්‍ක විචාරමාත්‍ර සමාධියෙක් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අවිතක්කෙ විචාරමත්තෙ සමාධිම්හි වත්තමානෙ පඨමං ඣානං නිරුද්ධං, දුතියං ඣානං පටුප්පන්නන්ති.{2}
Sinhala BJTස. අනු: අවිතර්‍ක විචාරමාත්‍ර සමාධිය පවත්නා කල්හි ප්‍රථමධ්‍යානය නිරුද්ධ වූයේ ද්විතීයධ්‍යානය ප්‍රත්‍යුත්පන්න වූයේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අවිතක්කෙ විචාරමත්තෙ සමාධිම්හි වත්තමානෙ පඨමං ඣානං නිරුද්ධං, දුතියං ඣානං පටුප්පන්නං,{2}
Sinhala BJTස. ඨ: ඉදින් අවිතර්‍ක විචාරමාත්‍ර සමාධිය පවත්නා කල්හි ප්‍රථමධ්‍යානය නිරුද්ධ වූයේ ද්විතීයධ්‍යානය ප්‍රත්‍යුත්පන්න වූයේ නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “ද්වින්නං ඣානානං පටුප්පන්නානං අන්තරෙ අවිතක්කො විචාරමත්තො සමාධි{3} ඣානන්තරිකා”ති.{4}
Sinhala BJTස. පා: භවත, ප්‍රත්‍යුත්පන්න ධ්‍යාන දෙකක්හුගේ අතුරෙහි අවිතර්‍ක විචාරමාත්‍ර සමාධිය ධ්‍යානාන්තරික වෙතී’ නො කියැයුතු මැ යැ.
Pali BJT15. ප. පු: අවිතක්කො විචාරමත්තො සමාධි න ඣානන්තරිකා’ති.
Sinhala BJT15. ස. පු: අවිතර්‍ක විචාරමාත්‍ර සමාධිය ධ්‍යානාන්තරික නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අවිතක්කො විචාරමත්තො සමාධි පඨමං ඣානං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානන්ති.
Sinhala BJTප. අනු: අවිතර්‍ක විචාරමාත්‍ර සමාධිය ප්‍රථමධ්‍යාන … ද්විතීයධ්‍යාන … තෘතීයධ්‍යාන … චතුර්‍ත්‍ථධ්‍යාන වේ ද,
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. ආ: තෙන හි “අවිතක්කො විචාරමත්තො සමාධි ඣානන්තරිකා”ති.
Sinhala BJTප. අනු: එකරුණින් “අවිතර්‍කවිචාරමාත්‍රසමාධිය ධ්‍යානාන්තරික” වෙයි.
Pali BJT16. ස. පු: අවිතක්කො විචාරමත්තො සමාධි ඣානන්තරිකා’ති.
Sinhala BJT16. ස. පු: අවිතර්‍ක විචාරමාත්‍ර සමාධිය ධ්‍යානාන්තරික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු තයො සමාධි වුත්තා භගවතා “සවිකක්කො සවිචාරො සමාධි, අවිතක්කො විචාරමත්තො සමාධි, අවිතක්කො අවිචාරො සමාධීති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් තුන් සමාධි කෙනෙක් වදාරන ලදහු මැ නු: “සවිතර්‍ක සවිචාරසමාධි යැ අවිතර්‍ක විචාරමාත්‍ර සමාධි යැ අවිතර්‍ක අවිචාරමාත්‍රසමාධි යැ” යි
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි තයො සමාධී වුත්තා භගවතා සවිතක්කො -පෙ- [විචාරමත්තො -පෙ-] අවිචාරො සමාධි,
Sinhala BJTස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් “සවිතර්‍ක ... [විචාරමාත්‍ර …]: අවිචාරසමාධි යැ” යි තුන් සමාධි කෙනෙක් වදාරන ලද්දාහු වී නම්,
Pali BJTස. පා: නෙ ච වත රෙ වත්තබ්බෙ “අවිතක්කො විචාරමත්තො සමාධි ඣානන්තරිකා”ති.
Sinhala BJTස. පා: භවත, “අවිතර්‍ක විචාරමාත්‍ර සමාධිය ධ්‍යානාන්තරික වෙතී” නො කියැයුතු මැ යැ.
Pali BJTඣානන්තරික කථා නිට්ඨිතා.
Sinhala BJTධ්‍යානාන්තරික කථා නිමි.
Pali BJT18. 8.
Sinhala BJT18. 8.
Pali BJTසමාපන්නො සද්දං සුණාතීති කථා.
Sinhala BJTසමාපන්නෝ සද්දං සුණාතීති කථා
Pali BJT1. ස. පු: සමාපන්නො සද්දං සුණාතී’ති.
Sinhala BJT1. ස. පු: සමවත් සමවන්නේ ශබ්ද අසන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සමාපන්නො චක්ඛුනා රූපං පස්සති -පෙ- සොතෙන -පෙ- ඝානෙන -පෙ- ජිව්හාය -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසති’ති.
Sinhala BJTස. අනු: සමවත් සමවන්නේ ඇසින් රූ දක්නේ වේ ද? … කනින් … නැහැයෙන් … දිවින් … කයින් පැහැසි පහස්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: සමාපන්නො සද්දං සුණාතී’ති.
Sinhala BJT2. ස. පු: සමවත් සමවන්නේ ශබ්දශ්‍රවණ කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතවිඤ්ඤාණසමඞ්ගී සමාපන්නො’ති.
Sinhala BJTස. අනු: ශ්‍රෝතවිඥානසමන්‍වාගත වූයේ සමාපන්න වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු සමාධි මනොවිඤ්ඤාණසමඞ්ගිස්සා’ති.
Sinhala BJTස. අනු: සමාධි මනෝවිඥානසමඞ්ගීහට නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි සමාධි මනොවිඤ්ඤාණසමඞ්ගිස්ස.
Sinhala BJTස. ඨ: ඉදින් මනෝවිඥාන සමඞ්ගීපුද්ගලහට සමාධි වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “සමාපන්නො සද්දං සුණාතී”ති.
Sinhala BJTස. පා: භවත, ‘සමවත් සමවන්නහු ශබ්දශ්‍රවණ කෙරෙතී’ නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: සමාධි මනොවිඤ්ඤාණසමඞ්ගිස්ස, සොතවිඤ්ඤාණසමඞ්ගී සද්දං සුණාති’ති.
Sinhala BJT3. ස. පු: මනෝවිඥානසමඞ්ගී පුද්ගලහට සමාධි වෙයි, ශ්‍රෝතවිඥානසමඞ්ගී පුද්ගල ශබ්දශ්‍රවණ කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි සමාධි මනොවිඤ්ඤාණසමඞ්ගිස්ස, සොතවිඤ්ඤාණසමඞ්ගී සද්දං සුණාති,
Sinhala BJTස. ඨ: ඉදින් මනෝවිඥාන සමඞ්ගීපුද්ගලහට සමාධි වී නම්, ශ්‍රෝතවිඥානසමඞ්ගී පුද්ගල ශබ්දශ්‍රවණ කරන්නේ වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “සමාපන්නො සද්දං සුණාතී”ති.
Sinhala BJTස. පා: භවත, ‘සමවත් සමවන්නහු ශබ්දශ්‍රවණ කෙරෙතී’ නො කියැයුතු මැ යැ.
Pali BJT4. ස. පු: සමාධි මනොවිඤ්ඤාණසමඞ්ගිස්ස, සොතවිඤ්ඤාණසමඞ්ගී සද්දං සුණාතී’ති.
Sinhala BJT4. ස. පු: මනෝවිඥානසමඞ්ගී පුද්ගලහට සමාධි වෙයි, ශ්‍රෝතවිඥානසමඞ්ගී පුද්ගල ශබ්දශ්‍රවණ කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අද්වින්නං ඵස්සානං -පෙ- ද්වින්නං චිත්තානං සමොධානං හොතී’ති.
Sinhala BJTස. අනු: ස්ර්‍පෂයන් දෙදෙනකුන්ගේ … චිත්තයන් දෙදෙනකුන්ගේ ... සමවධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ප. පු: න වත්තබ්බං සමාපන්නො සද්දං සුණාතී’ති.
Sinhala BJT5. ස. පු: ‘සමවන් පුඟුල් ශබ්දශ්‍රවණ කෙරෙතී’ නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“ඉධ භික්ඛවේ භික්ඛු විවිච්චෙව කාමෙහි පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, විතක්ක විචාරානං වූපසමා දුතියං ඣානං … තතියං ඣානං … චතුත්‍ථං ඣානං උපසම්පජ්ජ විහරති” යන මේ පිළිවෙළ දේශනා නිසා ඒ ඒ ධ්‍යානයාගේ උපචාරප්‍රාප්ති රහිත වැ මැ ධ්‍යානයෙන් ධ්‍යානයට පැන යති” යි මහීශාසකයන් හා සමහර අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඣානසඞ්කන්තිකථා’ එයි.]
Pali BJTප. අනු: නනු පඨමස්ස ඣානස්ස සද්දො කණ්ටකො වුත්තො භගවතා’ති.
Sinhala BJTප. ඨ: ‘ප්‍රථමධ්‍යානය ශබ්දකණ්ටක යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.