Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 13301-13400 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTන වත්තබ්බං බුද්ධස්ස දින්නං මහප්ඵලන්ති කථා නිට්ඨිතා.
Sinhala BJTන වත්තබ්බං බුද්ධස්ස දින්නං මහප්ඵලන්ති කථා නිමි.
Pali BJT17. 11.
Sinhala BJT17. 11.
Pali BJTදක්ඛිණාවිසුද්ධි කථා.
Sinhala BJTදක්ඛිණාවිසුද්ධි කථා
Pali BJT1. ස. පු: දායකතො’ව දානං විසුජ්ඣති, නො පටිග්ගාහකතො’ති.
Sinhala BJT1. ස. පු: දානය දායකයා කෙරෙන් මැ විශුද්ධ වෙ ද? ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අත්ථි කෙචි පටිග්ගාහකා ආහුනෙය්යා පාහුනෙය්යා දක්ඛිණෙය්යා අඤ්ජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTස. අනු: ආහුනනයට නිසි, පාහුනනයට නිසි, දක්‍ෂිණාවට නිසි, අඤ‍්ජලිකරණයට නිසි, ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ කිසි ප්‍රතිග්‍රාහකයෙක් ඇත් නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අත්ථි කෙචි පටිග්ගාහකා ආහුනෙය්යා පාහුනෙය්යා දක්ඛිණෙය්යා අඤ්ජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස,
Sinhala BJTස. ඨ: ඉදින් ආහුනනයට නිසි පාහුනනයට නිසි දක්‍ෂිණාවට නිසි අඤ‍්ජලිකරණයට නිසි ලොවට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ කිසි ප්‍රතිග්‍රාහකයෙක් ඇත් නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “දායකතො’ව දානං විසුජ්ඣති, නො පටිග්ගාහකතො”ති.
Sinhala BJTස. පා: භවත, “දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වෙයි. ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වෙයි” යනු නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: දායකතො’ව දානං විසුජ්ඣති නො පටිග්ගාහකතො’ති.
Sinhala BJT2. ස. පු: දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වෙ ද? ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු චත්තාරො පුරිසයුගා අට්ඨපුරිසපුග්ගලා දක්ඛිණෙය්යා වුත්තා භගවතා’ති.
Sinhala BJTස. අනු: ‘සතර පුරුෂයුග වූ අෂ්ටආර්‍ය්‍යපුද්ගලයෝ දක්‍ෂිණාර්‍හයහ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි චත්තාරො පුරිසයුගා අට්ඨපුරිසපුග්ගලා දක්ඛිණෙය්යා වුත්තා භගවතා,
Sinhala BJTස. ඨ: ඉදින් ‘සතර පුරිස්යුග වූ අටාඅරීපුඟුල්හු දක්‍ෂිණාවට නිස්සහ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “දායකතො’ව දානං විසුජ්ඣති, නො පටිග්ගාහකතො”ති.
Sinhala BJTස. පා: භවත, “දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වෙයි, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වේ” යයි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: දායකතො’ව දානං විසුජ්ඣති, නො පටිග්ගාහකතො’ති.
Sinhala BJT3. ස. පු: දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වේ ද? ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අත්ථි කෙචි සොතාපන්නෙ දානං දත්වා දක්ඛිණං ආරාධෙන්තීති.
Sinhala BJTස. අනු: සෝවන් පුඟුල් කෙරෙහි දන් දී දක්‍ෂිණා සපයන (අල්පමාත්‍ර දක්‍ෂිණායෙන්) මහත්ඵල උපයන කිසි කෙනෙක් ඇත් නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අත්ථි කෙචි සොතාපන්නෙ දානං දත්වා දක්ඛිණං ආරාධෙන්ති.
Sinhala BJTස. ඨ: ඉදින් සෝවන් පුඟුල් කෙරෙහි දන් දී දක්‍ෂිණා සපයන කිසි කෙනෙක් ඇත් නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “දායකතො’ව දානං විසුජ්ඣති, නො පටිග්ගාහකතො”ති.
Sinhala BJTස. පා: භවත “දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වෙයි, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වෙයි” යනු නො කියැයුතු මැ යැ.
Pali BJTස. අනු: නනු අත්ථි කෙචි සකදාගාමිස්ස -පෙ- අනාගාමිස්ස -පෙ- අරහතො දානං දත්වා දක්ඛිණං ආරාධෙන්තී’ති.
Sinhala BJTස. අනු: සෙදගැමිහට … අනගැමිහට … රහත්හට දන් දී ... දක්‍ෂිණා සපයන කිසි කෙනෙක් ඇත් නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අත්ථි කෙචි අරහතො දානං දත්වා දක්ඛිණං ආරාධෙන්ති,
Sinhala BJTස. ඨ: ඉදින් රහත්හට දන් දී දක්‍ෂිණා සපයන කිසි කෙනෙක් ඇත් නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “දායකතො’ව දානං විසුජ්ඣති. නො පටිග්ගාහකතො”ති.
Sinhala BJTස. පා: භවත, “දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වෙයි. ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වෙයි” යනු නො කියැයුතු මැ යැ.
Pali BJT4. ප. පු: පටිග්ගාහකතො දානං විසුජ්ඣතීති.
Sinhala BJT4. ප. පු: ප්‍රතිග්‍රාහකයා කෙරෙන් දානය විශුද්ධ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අඤ්ඤො අඤ්ඤස්ස කාරකො, පරකතං සුඛදුක්ඛං, අඤ්ඤො කරොති, අඤ්ඤො පටිසංවෙදෙතීති.
Sinhala BJTප. අනු: අනෙකෙක් අනෙකක්හට කාරක වේ ද? සුඛදුඃඛ පරකෘත වේ ද? අනෙකෙක් කරනුයේ අනෙකෙක් විඳුනේ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. පු: දායකතො’ව දානං විසුජ්ඣති, නො පටිග්ගාහකතො’ති.
Sinhala BJTස. පු: දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වේ ද? ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: “චතස්සො ඛො ඉමා ආනන්ද, දක්ඛිණාවිසුද්ධියො, කතමා චතස්සො: අත්ථානන්ද, දක්ඛිණා දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො. අත්ථානන්ද දක්ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති නො දායකතො. අත්ථානන්ද දක්ඛිණා දායකතො චෙව විසුජ්ඣති පටිග්ගකතො ච. අත්ථානන්ද දක්ඛිණා නෙව දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො. ඉමා ඛො ආනන්ද, චතස්සො දක්ඛිණාවිසුද්ධියො”ති{a} අත්ථෙව සුත්තන්තොති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “ආනන්‍දය, මේ දක්‍ෂිණා විශුද්ධීහු සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්: ආනන්‍දය, දායකයා කෙරෙන් විශුද්ධ වන ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වන දක්‍ෂිණායෙක් ඇත. ආනන්‍දය, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ වන දායකයා කෙරෙන් විශුද්ධ නො වන දක්‍ෂිණායෙක් ඇත. ආනන්‍දය, දායකයා කෙරෙනුදු ප්‍රතිග්‍රාහකයා කෙරෙනුදු විශුද්ධ වන දක්‍ෂිණායෙක් ඇත. ආනන්‍දය, දායකයා කෙරෙනුදු විශුද්ධ නො වන ප්‍රතිග්‍රාහකයා කෙරෙනුදු විශුද්ධ නො වන දක්‍ෂිණායෙක් ඇති. ආනන්‍දය, මොහු සතර දක්‍ෂිණාවිශුද්ධීහු වෙති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. පා: තෙන හි න වත්තබ්බං “දායකතො’ව දානං විසුජ්ඣති නො පටිග්ගාහකතො”ති.
Sinhala BJTස. පා: එකරුණින් “දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වෙයි, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වෙයි” යනු නො කියැයුතු මැ යැ.
Pali BJTදක්ඛිණාවිසුද්ධිකථා නිට්ඨිතා.
Sinhala BJTදක්‍ෂිණාවිශුද්ධි කථා නිමි.
Pali BJTසත්තරසමො වග්ගො නිට්ඨිතො.
Sinhala BJTසතළොස් වැනි වග නිමි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[පරමාර්‍ත්‍ථ විසින් මාර්‍ගඵල මැ සඞ්ඝ වෙයි. මාර්‍ගඵලයෙන් අන්‍ය සඞ්ඝ නම් කිසිවෙක් නැත. මාර්‍ගඵලයෝ කිසිවක් නො පිළිගනිති. එහෙයින් සඞ්ඝයා දක්‍ෂිණාව පිළිගනිතී නො කියැයුතු යැ’ යි මහාපුණ්‍යවාදීන් සෙයින් ලබ්ධි ගතුවන්ගේ වාද බිඳුනට ‘න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතීති කථා’ එයි.]
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJT“අත්ථි අරහතො පුඤ්ඤූපචයො, නත්ථි අරහතො අකාලමච්චු, සබ්බමිදං කම්මතො, ඉන්ද්රියබද්ධඤ්ඤෙව දුක්ඛං, ඨපෙත්වාරියමග්ගං අවසෙසා සඞ්ඛාරා දුක්ඛා, සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාති, සඞ්ඝො දක්ඛිණං විසොධෙති, සඞ්ඝො භුඤ්ජති පිවති ඛාදති සායති, සඞ්ඝස්ස දින්නං මහප්ඵලං, න වත්තබ්බං බුද්ධස්ස දින්නං මහප්ඵලං, අත්ථිදානං විසුද්ධියා”ති.
Sinhala BJTඅත්‍ථි අරහතො පුඤ්ඤූපචයොති කථා යැ, නත්‍ථි අරහතො අකාලමච්චූති කථා යැ, සබ්බමිදං කම්මතෝති කථා යැ, ඉන්‍ද්‍රියබද්ධ කථා යැ, ඨපෙත්‍වා අරියමග්ගන්ති කථා යැ, න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතීති කථා යැ, න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං විසොධෙතීති කථා යැ, න වත්තබ්බං සඞ්ඝො භුඤ්ජතීති කථා යැ, න වත්තබ්බං සඞ්ඝස්ස දින්නං මහප්ඵලන්ති කථා යැ, න වත්තබ්බං බුද්ධස්ස දින්නං මහප්ඵලන්ති කථා යැ, දක්‍ෂිණාවිශුද්ධි කථා යි.
Pali BJTඅට්ඨාරසමො වග්ගො.
Sinhala BJTඅෂ්ටාදශ වර්‍ගය
Pali BJT18. 1.
Sinhala BJT18. 1.
Pali BJTමනුස්සලොක කථා.
Sinhala BJTමනුස්සලෝක කථා
Pali BJT1. ස. පු: න වත්තබ්බං බුද්ධො භගවා මනුස්සලොකෙ අට්ඨාසී’ති.
Sinhala BJT1. ස. පු: ‘භාග්‍යවත් බුදුරජහු මිනිස්ලොව සිටියහ’ යි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අත්ථි බුද්ධවුත්ථානි චෙතියානි ආරාමවිහාරගාමනිගමනගරානි රට්ඨානි ජනපදානී’ති.
Sinhala BJTස. අනු: බුදුන් වුසූ චෛත්‍යයෝ ආරාම විහාර ග්‍රාමනිගමනගරයෝ රාෂ්ට්‍රයෝ ජනපදයෝ ඇත්තාහු නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අත්ථි බුද්ධවුත්ථානි චෙතියානි ආරමවිහාරගාමනිගමනගරානි රට්ඨානි ජනපදානි,
Sinhala BJTස. ඨ: ඉදින් බුදුන් වුසූ චෛත්‍ය ආරාම විහාර ග්‍රාම නිගම නගර රාෂ්ට්‍ර ජනපද ඇත් නම්,
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ “බුද්ධො භගවා මනුස්සලොකෙ අට්ඨාසී”ති.
Sinhala BJTස. පා: භවත, එකරුණින් ‘භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියහ’යි කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: න වත්තබ්බං “බුද්ධො භගවා මනුස්සලොකෙ අට්ඨාසී”ති.
Sinhala BJT2. ස. පු: ‘භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියහ’යි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු භගවා ලුම්බිනියා ජාතො, බොධියා මූලෙ අභිසම්බුද්ධො, බාරාණසියං භගවතා ධම්මචක්කං පවත්තිතං, චාපාලෙ චෙතියෙ ආයුසඞ්ඛාරො ඔස්සට්ඨො, කුසිනාරායං භගවා පරිනිබ්බුතො’ති.
Sinhala BJTස. අනු: බුදුහු ලුම්බිනී සල්වෙනෙහි උපන්නාහු නො වේ ද? බෝධිමූලයෙහි අභිසම්බුද්ධ වූවාහු නො වේ ද, බරණැස දී බුදුන් විසින් දම්සක් පවත්වන ලද නො වේ ද, චාපාල චෛත්‍යයෙහි දී ආයුසංස්කාර හරන ලද නො වේ ද, බුදුහු කුසිනාරායෙහි දී පිරිනිවියාහු නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි භගවා ලුම්බිනියා ජාතො -පෙ- කුසිනාරායං භගවා පරිනිබ්බුතො.
Sinhala BJTස. ඨ: ඉදින් බුදුහු ලුම්බිනියෙහි උපන්නාහු නම් … බුදුහු කුසිනාරායෙහි පිරිනිවියාහු නම්,
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ “බුද්ධො භගවා මනුස්සලොකෙ අට්ඨාසී”ති.
Sinhala BJTස. පා: භවත, එකරුණින් ‘භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියහ’යි කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: න වත්තබ්බං “බුද්ධො භගවා මනුස්සලොකෙ අට්ඨාසී”ති.
Sinhala BJT3. ස. පු: ‘භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියහ’යි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “එකමිදාහං භික්ඛවෙ සමයං උක්කට්ඨායං විහරාමි සුභගවනෙ සාලරාජමූලෙ”ති{a} “එකමිදාහං භික්ඛවෙ සමයං උරුවෙලායං විහරාමි අජපාලෙ නිග්රොධෙ පඨමාභිසම්බුද්ධො”ති.{b} “එකමිදාහං භික්ඛවෙ සමයං රාජගහෙ විහරාමි වෙළුවනෙ කලන්දකනිවාපෙ”ති. “එකමිදාහං භික්ඛවෙ සමයං සාවත්ථියං විහරාමි ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ”ති. “එකමිදාහං භික්ඛවෙ සමයං වෙසාලියං විහරාමි මහාවනෙ කූටාගාරසාලාය”න්ති අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: “මහණෙනි, මම එක් කලෙක උක්කට්ඨා නුවර සුභගවනයෙහි සාලරාජමූලයෙහි වාස කෙරෙමි”යි කියා ද “මහණෙනි, මම එක් කලෙක අභිසම්බුද්ධ වැ පළමු කොට උරුවෙල් දනවියෙහි අජපල් නුගරුක් මුල වාස කෙරෙමි” යි කියා ද, “මහණෙනි, මම එක් කලෙක රජගහ නුවර වේළුවනයෙහි කලන්‍දක නිවාප නම ආරාමයෙහි වාස කෙරෙමි” යි කියා ද, “මහණෙනි, මම එක් කලෙක සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වාස කෙරෙමි” යි කියා ද, “මහණෙනි, මම එක් කලෙක විසාලා මහනුවර මහාවනයෙහි කූටාගාරශාලායෙහි වාස කෙරෙමි” යි කියා ද බුදුන් විසින් වදාරනලද සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. පා: තෙන හි බුද්ධො භගවා මනුස්සලොකෙ අට්ඨාසී’ති.
Sinhala BJTස. පා: භවත, එකරුණින් ‘භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියහ’යි.
Pali BJT4. ප. පු: භගවා මනුස්සලොකො අට්ඨාසී’ති.
Sinhala BJT4. ප. පු: භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියාහු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු භගවා ලොකෙ ජාතො ලොකෙ සංවද්ධො{1} ලොකං අභිභුය්ය විහරති අනුපලිත්තො ලොකෙනා’ති.
Sinhala BJTප. අනු: බුදුහු ලෝකයෙහි ජාත වැ, ලෝකයෙහි සංවර්ධිත වැ, ලෝකය අභිභවා, ලෝකය හා අනුපලිප්ත වැ, වාස කරන්නාහු නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ඨ: හඤ්චි භගවා ලොකෙ ජාතො ලොකෙ සංවද්ධො{1} ලොකං අභිභුය්ය විහරති අනුපලිත්තො ලොකෙන,
Sinhala BJTප. ඨ: ඉදින් බුදුහු ලෝකයෙහි ජාත වැ, ලෝකයෙහි සංවර්ධිත වැ, ලෝකය අභිභවා, ලෝකය හා අනුපලිප්ත වැ, වාස කරන්නාහු වේ නම්,
Pali BJTප. පා: නො ච වත රෙ වත්තබ්බෙ “බුද්ධො භගවා මනුස්සලොකෙ අට්ඨාසී”ති.
Sinhala BJTප. පා: භවත, ‘භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියහ’යි නො කියැයුතු මැ වෙයි.
Pali BJTමනුස්සලොක කථා නිට්ඨිතා.
Sinhala BJTමනුස්සලෝක කථා නිමි.
Pali BJT18. 2.
Sinhala BJT18. 2.
Pali BJTධම්මදෙසනා කථා.
Sinhala BJTධම්මදේසනා කථා
Pali BJT1. ස. පු: න වත්තබ්බං “බුද්ධෙන භගවතා ධම්මො දෙසිතො”ති.
Sinhala BJT1. ස. පු: ‘භාග්‍යවත් බුදුන් විසින් දහම් දෙසනලදැ’ යි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. පු: කෙන දෙසිතො’ති.
Sinhala BJTස. පු: කවරක්හු විසින් දෙසනලද වේ ද?
Pali BJTප. වි: අභිනිම්මිතෙන දෙසිතො’ති.
Sinhala BJTප. වි: නිර්මිත බුදුන් විසින් දෙසනලද වෙයි.
Pali BJTස. අනු: අභිනිම්මිතො ජිනො සත්ථා සම්මාසම්බුද්ධො සබ්බඤ්ඤූ සබ්බදස්සාවී ධම්මස්සාමී ධම්මපටිසරණො’ති.
Sinhala BJTස. අනු: නිර්මිත බුදුහු ජින, ශාස්තෘ, සම්‍යක්සම්බුද්ධ, සර්‍වඥ, සර්‍වදර්ශී, ධර්‍මාස්වාමී, ධර්‍මප්‍රතිසරණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[මාර්‍ගඵල මැ සඞ්ඝ නම් වෙයි. මාර්‍ගඵලයෝ දක්‍ෂිණා විශුද්ධ කරන්නට නො හැකි වෙති. එකරුණින් “සඞ්ඝයා දක්‍ෂිණා විශුද්ධ කෙරෙතී නො කියැයුතු යැ” යි වෛතුල්‍යවාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං විසෝධේතිතී කථා’ එයි.]
Pali BJT2. ස. පු: න වත්තබ්බං “බුද්ධෙන භගවතා ධම්මො දෙසිතො”ති.
Sinhala BJT2. ස. පු: ‘භාග්‍යවත් බුදුන් විසින් දහම් දෙසනලදැ’ යි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. පු: කෙන දෙසිතො’ති.
Sinhala BJTස. පු: කවරක්හු විසින් දේසිත වේ ද?
Pali BJTප. වි: ආයස්මතා ආනන්දෙන දෙසිතො’ති.
Sinhala BJTප. වි: ආයුෂ්මත් අනඳ තෙරුන් විසින් දේසිත වෙයි.
Pali BJTස. අනු: ආයස්මා ආනන්දො ජිනො සත්ථා සම්මාසම්බුද්ධො සබ්බඤ්ඤූ සබ්බදස්සාවී ධම්මස්සාමී ධම්මපටිසරණො”ති.
Sinhala BJTස. අනු: ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ජින, ශාස්තෘ, සම්‍යක්සම්බුද්ධ, සර්‍වඥ, සර්‍වදර්ශී, ධර්‍මාස්වාමී, ධර්‍මප්‍රතිසරණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT3. ස. පු: න වත්තබ්බං “බුද්ධෙන භගවතා ධම්මො දෙසිතො”ති.
Sinhala BJT3. ස. පු: ‘භාග්‍යවත් බුදුන් විසින් ධර්‍මය දේශිත යැ’ යි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “සඞ්ඛිත්තෙන’පි කො අහං සාරිපුත්ත ධම්මං දෙසෙය්යං, විත්ථාරෙන’පි ඛො අහං සාරිපුත්ත ධම්මං දෙසෙය්යං, සංඛිත්තවිත්ථාරෙන’පි ඛො අහං සාරිපුත්ත ධම්මං දෙසෙය්යං. අඤ්ඤාතාරො ච දුල්ලභා”ති{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් විසින් වදාරනලද මැ නො: “ශාරිපුත්‍රය, මම සැකෙවිනුදු දහම් දෙසන්නෙමි, ශාරීපුත්‍රය, මම විතරිනුදු දහම් දෙසන්නෙමි, ශාරීපුත්‍රය, මම් සකෙව්විතරිනුදු දහම් දෙසන්නෙමි. එතෙකුදුවුවත් වටහනුවෝ දුර්‍ලභයහ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. පා: තෙන හි “බුද්ධෙන භගවතා ධම්මො දෙසිතො”ති.
Sinhala BJTස. පා: එකරුණින් ‘භාග්‍යවත් බුදුන් විසින් ධර්‍මය දේශිත වෙයි.
Pali BJT4. ස. පු: න වත්තබ්බං “බුද්ධෙන භගවතා ධම්මො දෙසිතො”ති.
Sinhala BJT4. ස. පු: ‘භාග්‍යවත් බුදුන් විසින් ධර්‍මය දේසිත වෙතී’ නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “අභිඤ්ඤායාහං භික්ඛවෙ ධම්මං දෙසෙමි නො අනභිඤ්ඤාය. සනිදානාහං භික්ඛවෙ ධම්මං දෙසෙමි නො අනිදානං. සප්පටිහාරියං. තස්ස{1} මය්හං භික්ඛවෙ අභිඤ්ඤාය ධම්මං දෙසයතො නො අනභිඤ්ඤාය, සනිදානං ධම්මං දෙසයතො නො අනිදානං, සප්පටිහාරියං ධම්මං දෙසයතො නො අප්පාටිහාරියං, කරණීයො ඔවාදො, කරණීයා අනුසාසනී, අලඤ්ච පන වො භික්ඛවෙ තුට්ඨියා, අලං අත්තමනතාය, අලං සොමනස්සාය, ‘සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො{2} ධම්මො, සුපටිපන්නො{3} සඞ්ඝො”ති. ඉමස්මිඤ්ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ දසසහස්සීලොකධාතු අකම්පිත්ථා’ති.{a} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් විසින් වදාරනලද මැ නො: “මහණෙනි, මම අභිඥා පිණිස දහම් දෙසමි. අනභිඥා පිණිස නො දෙසමි. මහණෙනි, මම නිදාන සහිත කොට දහම් දෙසමි. නිදාන රහිත කොට නො දෙසමි. මහණෙනි, මම නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසමි. අනෛර්‍ය්‍යාණික කොට නො දෙසමි. මහණෙනි, අනභිඥා පිණිස නො වැ අභිඥා පිණිස දහම් දෙසන, අනිදාන කොට නො වැ සනිදාන කොට දහම් දෙසන, අනෛර්‍ය්‍යාණික කොට නො වැ නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසන මා විසින් අවවාද කටයුතු වෙයි. අනුශාසනා කටයුතු වෙයි. තවද මහණෙනි, තොපටත් ‘බුදුහු සම්‍යක්සම්බුද්ධයහ, ධර්‍මය ස්වාඛ්‍යාත යැ, සඞ්ඝයා සුප්‍රතිපන්න යැ’ යි තුෂ්ටියට නිස්සැ සිය මනවඩනට නිස්සැ. සොම්නසට නිස්සැ. මේ වෛයාකරණ බණනුලබන කල්හි දශසහශ්‍රිලෝකධාතුව වෙවුලී” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. පා: තෙන හි “බුද්ධෙන භගවතා ධම්මො දෙසිතො”ති.
Sinhala BJTස. පා: එකරුණින් ‘භාග්‍යවත් බුදුන් විසින් දහම් දෙසනලද වෙයි.
Pali BJTධම්මදෙසනාකථා නිට්ඨිතා.
Sinhala BJTධර්‍මදේශනා කථා නිමි.
Pali BJT18. 3.
Sinhala BJT18. 3.
Pali BJTකරුණා කථා.
Sinhala BJTකරුණා කථා
Pali BJT1. ස. පු: නත්ථි “බුද්ධස්ස භගවතො කරුණා”ති.
Sinhala BJT1. ස. පු: භාග්‍යවත් බුදුන්ට ‘කරුණා’ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නත්ථි “බුද්ධස්ස භගවතො මෙත්තා”ති.
Sinhala BJTස. අනු: භාග්‍යවත් බුදුන්ට ‘මෛත්‍රී’ නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: නත්ථි “බුද්ධස්ස භගවතො කරුණා”ති.
Sinhala BJT2. ස. පු: භාග්‍යවත් බුදුන්ට ‘කරුණා’ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.