Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 13101-13200 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු “යදනිච්චං තං දුක්ඛං” වුත්තං භගවතා, අනින්ද්රියබද්ධං අනිච්චන්ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් “යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුකැ” යි වදාළ පරිදි අනින්‍ද්‍රියබද්ධය අනිත්‍ය නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි “යදනිච්චං තං දුක්ඛං” වුත්තං භගවතා, අනින්ද්රියබද්ධං අනිච්චං,
Sinhala BJTස. ඨ: ඉදින් “යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුකැ” යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ පරිදි අතින්‍ද්‍රියබද්ධය අනිත්‍ය වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ: ඉන්ද්රියබද්ධඤ්ඤෙව දුක්ඛන්ති.
Sinhala BJTස. පා: භවත ‘ඉන්‍ද්‍රියබද්ධය මැ දුකැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT5. ප. පු: න වත්තබ්බං ඉන්ද්රියබද්ධඤ්ඤෙව දුක්ඛන්ති.
Sinhala BJT5. ප. පු: ඉන්‍ද්‍රියබද්ධය මැ දුකැ’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: යථා ඉන්ද්රියබද්ධස්ස දුක්ඛස්ස පරිඤ්ඤාය භගවති බ්රහ්මචරියං වුස්සති, එවමෙවං අනින්ද්රියබද්ධස්ස දුක්ඛස්ස පරිඤ්ඤාය භගවති බ්රහ්මචරියං වුස්සතී’ති.
Sinhala BJTප. අනු: යම්සේ ඉන්‍ද්‍රියබද්ධදුඃඛයාගේ පරිඥා පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස කරන්නේ වේ ද, එපරිදි මැ අතින්‍ද්‍රියබද්ධදුඃඛයාගේ පරිඥා පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස කරන්නේ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. අනු: යථා ඉන්ද්රියබද්ධං දුක්ඛං පරිඤ්ඤාතං න පුන උප්පජ්ජති, එවමෙවං අනින්ද්රියබද්ධං දුක්ඛං පරිඤ්ඤාතං න පුන උප්පජ්ජතී’ති.
Sinhala BJTප. අනු: යම්සේ ඉන්‍ද්‍රියබද්ධදුඃඛයාගේ පරිඥා කරනලද්දේ වටාලා නූපදනේ වේ ද, එපරිදි මැ අනින්‍ද්‍රියබද්ධදුඃඛය පරිඥා කරනලද්දේ වටාලා නූපදනේ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. පා: තෙන හි “ඉන්ද්රියබද්ධඤ්ඤෙව දුක්ඛ”න්ති.
Sinhala BJTප. පා: ඒ කරුණින් ‘ඉන්‍ද්‍රියබද්ධය මැ’ දුඃඛ වෙයි.
Pali BJTඉන්ද්රියපද්ධකථා නිට්ඨිතා.
Sinhala BJTඉන්‍ද්‍රියබද්ධකථා නිමි.
Pali BJT17. 5.
Sinhala BJT17. 5.
Pali BJTඨපෙත්වා අරියමග්ගන්ති කථා.
Sinhala BJTඨපෙත්‍වා අරියමග්ගන්ති කථා
Pali BJT1. ස. පු: ඨපෙත්වා අරියමග්ගං අවසෙසා සඞ්ඛාරා දුක්ඛා’ති.
Sinhala BJT1. ස. පු: ආර්‍ය්‍යමාර්‍ගය තබා අවශේෂ සංස්කාරයෝ දුඃඛ වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දුක්ඛසමුදයොපි දුක්ඛො’ති.
Sinhala BJTස. අනු: දුඃඛසමුදයත් දුඃඛ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: දුක්ඛසමුදයොපි දුක්ඛො’ති.
Sinhala BJT2. ස. පු: දුඃඛසමුදයත් දුඃඛ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තීණෙව අරියසච්චානී’ති.
Sinhala BJTස. අනු: ආර්‍ය්‍යසත්‍යයෝ තිදෙනෙක් මැ වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: තීණෙව අරියසච්චානීති.
Sinhala BJT3. ස. පු: ආර්‍ය්‍යසත්‍යයෝ තිදෙනෙක් මැ වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු චත්තාරි අරියසච්චානි වුත්තානි භගවතා: “දුක්ඛං දුක්ඛසමුදයො දුක්ඛනිරොධො දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් “දුඃඛ යැ දුඃඛසමුදය යැ දුඃඛනිරෝධ යැ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා යැ” යි සතර සත්‍ය කෙනෙක් වදාරන ලද්දාහු නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි චත්තාරි අරියසච්චානි වුත්තානි භගවතා: දුක්ඛං දුක්ඛසමුදයො දුක්ඛනිරොධො දුක්ඛනිරොධගාමිනී පටිපදා,
Sinhala BJTස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් “දුඃඛ යැ දුඃඛසමුදය යැ දුඃඛනිරෝධ යැ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා යැ” යි සතර සත්‍ය කෙනෙක් මැ වදාරන ලද වෙත් නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ: “තීණෙව අරියසච්චානී”ති.
Sinhala BJTස. පා: භවත ‘ආර්‍ය්‍යසත්‍යයෝ තිදෙනෙක් මැ වෙතී’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT4. ස. පු: දුක්ඛසමුදයො’පි දුක්ඛො’ති.
Sinhala BJT4. ස. පු: දුඃඛසමුදයත් මැ දුඃඛ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. පු: කෙනට්ඨෙනාති.
Sinhala BJTස. පු: කවර අරුතින් වේ ද?
Pali BJTප. වි: අනිච්චට්ඨෙනාති.
Sinhala BJTප. වි: අනිත්‍යාර්‍ත්‍ථයෙන් වෙයි.
Pali BJTස. අනු: අරියමග්ගො අනිච්චො’ති.
Sinhala BJTස. අනු: ආර්‍ය්‍යමාර්‍ගය අනිත්‍ය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරියමග්ගො දුක්ඛො’ති.
Sinhala BJTස. අනු: ආර්‍ය්‍යමාර්‍ගය දුඃඛ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[රහතුන්ගේ දානසංවිභාග චේතියවන්‍දනාදි කර්‍ම දැක ‘රහත්හට පුණ්‍යෝපචය ඇතැ’ යි වරදවා ගෙන අන්‍ධකනිකාය වාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අත්‍ථි අරහතො පුඤඤුපචයොති කථා’ එයි.]
Pali BJT5. ස. පු: අරියමග්ගො අනිච්චො, සො ච න දුක්ඛොති.
Sinhala BJT5. ස. පු: ආර්‍ය්‍යමාර්‍ගය අනිත්‍ය වේ ද, එ ද දුඃඛ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දුක්ඛසමුදයො අනිච්චො, සො ච න දුක්ඛො’ති.
Sinhala BJTස. අනු: දුඃඛසමුදය අනිත්‍ය වේ ද, එ ද දුඃඛ නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: දුක්ඛසමුදයො අනිච්චො, සො ච දුක්ඛො’ති.
Sinhala BJT6. ස. පු: දුඃඛසමුදය අනිත්‍ය වේ ද, එ ද දුඃඛ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරියමග්ගො අනිච්චො, සො ච දුක්ඛො’ති.
Sinhala BJTස. අනු: ආර්‍ය්‍යමාර්‍ගය අනිත්‍ය වේ ද, එ ද දුඃඛ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ප. පු: න වත්තබ්බං ඨපෙත්වා අරියමග්ගං අවසෙසා සඞ්ඛාරා දුක්ඛා’ති
Sinhala BJT7. ප. පු: ‘ආර්‍ය්‍යමාර්‍ගය තබා අවශේෂ සංස්කාරයෝ දුඃඛයහ’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු සා දුක්ඛනිරොධගාමිනී පටිපදාති.
Sinhala BJTප. අනු: එ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ඨ: හඤ්චි සා දුක්ඛනිරොධගාමිනී පටිපදා,
Sinhala BJTප. ඨ: ඉදින් එ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා වූ නම්,
Pali BJTප. පා: තෙන වත රෙ වත්තබ්බෙ: “ඨපෙත්වා අරියමග්ගං අවසෙසා සඞ්ඛාරා දුක්ඛා”ති.
Sinhala BJTප. පා: භවත, එකරුණින් ‘ආර්‍ය්‍යමාර්‍ගය තබා අවශේෂ සංස්කාරයෝ දුඃඛයහ’ යි කියැයුතු මැ යැ.
Pali BJTඨපෙත්වා අරියමග්ගන්ති කථා නිට්ඨිතා.
Sinhala BJTඨපෙත්‍වා අරියමග්ගන්ති කථා නිමි.
Pali BJT17. 6.
Sinhala BJT17. 6.
Pali BJTන වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතීති කථා.
Sinhala BJTන වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතීති කථා
Pali BJT1. ස. පු: න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතීති.{1}
Sinhala BJT1. ස. පු: ‘සඞ්ඝයා දක්‍ෂිණාව පිළිගනිතී’ නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු සඞ්ඝො ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’ති.
Sinhala BJTස. අනු: සඞ්ඝයා දුර සිට ගෙනවුත් පුදනට නිසි, ආදර බහුමාන පූර්‍වක වැ පුදනට නිසි, දක්‍ෂිණාවට (කම්පල අදහා දෙන දනට) නිසි, ඇඳිලි බඳනට නිසි වූයේ ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ඨ: හඤ්චි සඞ්ඝො ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස,
Sinhala BJTප. ඨ: ඉදින් සඞ්ඝයා ආහුනනයට නිසි, පාහුනනයට නිසි, දක්‍ෂිණාවට නිසි, අඤ්ජලිකරණයට නිසි වූයේ ලොවට අනුත්තර පින්කෙත් වී නම්?
Pali BJTප. පා: තෙන වත රෙ වත්තබ්බෙ: ‘සඞ්ඛො දක්ඛිණං පතිගණ්හාතීති{1}.
Sinhala BJTප. පා: භවත, එකරුණින් ‘සඞ්ඝයා දක්‍ෂිණාව පිළිගනිතී’ කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: න වත්තබ්බං ‘සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතී’ති.
Sinhala BJT2. ස. පු: ‘සඞ්ඝයා දක්‍ෂිණාව පිළිගනිතී’ නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු චත්තාරො පුරිසයුගා අට්ඨපුරිසපුග්ගලා දක්ඛිණෙය්යා වුත්තා භගවතාති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් සතර පුරුෂයුග වූ අෂ්ටපුරුෂපුද්ගලයෝ දක්‍ෂිණාර්‍හයහ’ යි වදාරන ලද නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි චත්තාරො පුරිසයුගා අට්ඨපුරිසපුග්ගලා දක්ඛිණෙය්යා වුත්තා භගවතා.
Sinhala BJTස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සතර පුරුෂයුග වූ අෂ්ටපුරුෂපුද්ගලයෝ දක්‍ෂිණාර්‍හයහ’ යි වදාරන ලද නම්,
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ: “සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතී”ති{1}.
Sinhala BJTස. පා: භවත, එකරුණින් සඞ්ඝයා දක්‍ෂිණා පිළිගනිතී කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: න වත්තබ්බං ‘සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතී’ති.
Sinhala BJT3. ස. පු: ‘සඞ්ඝයා දක්‍ෂිණාව පිළිගනිතී’ නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අත්ථි කෙචි සඞ්ඝස්ස දානං දෙන්තීති.
Sinhala BJTස. අනු: සඞ්ඝයාට දන්දෙන කිසි කෙනෙක් ඇත් නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අත්ථි කෙචි සඞ්ඝස්ස දක්ඛිණං දෙන්ති.
Sinhala BJTස. ඨ: ඉදින් කිසි කෙනෙක් සඞ්ඝයාට දන් දෙන්නාහු ඇත් නම්,
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ: “සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතී’ති.
Sinhala BJTස. පා: භවත, එකරුණින් සඞ්ඝයා දක්‍ෂිණා පිළිගනිතීයි කියැයුතු.
Pali BJTස. අනු: නනු අත්ථි කෙචි සඞ්ඝස්ස චීවරං දෙන්ති -පෙ- පිණ්ඩපාතං දෙන්ති -පෙ- සෙනාසනං දෙන්ති -පෙ- ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං දෙන්ති -පෙ- ඛාදනීයං දෙන්ති -පෙ- භොජනීයං දෙන්ති -පෙ- පානීයං දෙන්තී’ති.
Sinhala BJTස. අනු: සඞ්ඝයාට චීවර දෙන්නාහු ... පිණ්ඩපාත දෙන්නාහු ... ශයනාසන දෙන්නාහු ... ග්ලානප්‍රත්‍යයභෙෂජ්‍යපරිෂ්කාර දෙන්නාහු ... ඛාදනීය දෙන්නාහු ... භෝජනීය දෙන්නාහු ... පානීය දෙන්නාහු ඇත් නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අත්ථි කෙචි සඞ්ඝස්ස පානීයං දෙන්තී,
Sinhala BJTස. ඨ: ඉදින් සඞ්ඝයාට පැන් දෙන කිසි කෙනෙක් ඇත් නම්,
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ: “සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතී”ති.
Sinhala BJTස. පා: භවත එකරුණින් සඞ්ඝයා දක්‍ෂිණා පිළිගන්නේ යයි කියැයුතු.
Pali BJT4. ස. පු: න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතීති.
Sinhala BJT4. ස. පු: ‘සඞ්ඝයා දක්‍ෂිණා පිළිගනිති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා:
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො:
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“නාහං භික්ඛවේ සඤ්චේතනිකානං කම්මානං කතානං උපචිතානං විපාකං අප්පටිසංවේදිත්‍වා බ්‍යන්තීභාවං වදාමියි. මහණෙනි, කළ රැස් කළ සඤ්චේතනික කර්‍මයන්ගේ විපාක නො විඳ විගතාන්තභාවය මම නො කියමි” යි වදාළ සූත්‍රාර්‍ත්‍ථ නුනුවණින් ගෙන රහත්හු නම් හැම කර්‍මවිපාක විඳලා මැ පිරිනිවියයුතු වෙති. එයින් රහත්හට අකල්මරණ නැතැ’ යි රාජගිරික සිදධාර්ත්‍ථික නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘නත්‍ථි අරහතො අකාලමච්චූති කථා’ එයි.]
Pali BJT“ආහුතිං{1} ජාතවෙදොව මහාමෙඝංව මෙදිනී{2}. සඞ්ඝො සමාධිසම්පන්නො පතිගණ්හාති දක්ඛිණ”න්ති.
Sinhala BJT“අග්නිය ආහුතිය (පිළිගන්නා) සෙයින්, පෘථිවිය මහාමේඝය (පිළිගන්නා) සෙයින් සමාධිසම්පන්න සඞ්ඝයා දක්‍ෂිණා පිළිගනිති” යි
Pali BJTඅත්ථෙව සුත්තන්තොති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. පා: තෙන හි “සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතී”ති.
Sinhala BJTස. පා: භවත එකරුණින් සඞ්ඝයා දක්‍ෂිණා පිළිගන්නේ වේ.
Pali BJT5. ප. පු: සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතීති.
Sinhala BJT5. ප. පු: සඞ්ඝයා දක්‍ෂිණා පිළිගන්නේ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: මග්ගො පටිගණ්හාති, ඵලං පටිගණ්හාතීති.
Sinhala BJTප. අනු: මාර්‍ගය පිළිගන්නේ වේ ද, ඵලය පිළිගන්නේ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTන වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතීති කථා නිට්ඨිතා.
Sinhala BJTන වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතීති කථා නිමි.
Pali BJT17. 7.
Sinhala BJT17. 7.
Pali BJTන වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං විසොධෙතීති කථා.
Sinhala BJTන වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං විසොධෙතීති කථා
Pali BJT1. ස. පු: න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං විසොධෙතීති.
Sinhala BJT1. ස. පු: ‘සඞ්ඝයා දක්‍ෂිණා විශුද්ධ කෙරෙතී’ නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු සඞ්ඝො ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTස. අනු: සඞ්ඝයා ආහුනනයට නිසි, පාහුනනයට නිසි, දක්‍ෂිණාවට නිසි, ඇඳිලි බැඳි වඳනට නිසි වූයේ ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි සඞ්ඝො ආහුනෙය්යො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස,
Sinhala BJTස. ඨ: ඉදින් සඞ්ඝයා ආහුනනයට නිසි ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වී නම්?
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ “සඞ්ඝො දක්ඛිණං විසොධෙතී”ති.
Sinhala BJTස. පා: භවත, එකරුණින් ‘සඞ්ඝයා දක්‍ෂිණා විශුද්ධ කෙරෙතී’ කියැයුතු මැ යි.
Pali BJT2. ස. පු: න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං විසොධෙතීති.
Sinhala BJT2. ස. පු: ‘සඞ්ඝයා දක්‍ෂිණා විශුද්ධ කෙරෙතී’ නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.