Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 12501-12600 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJT“පච්චයතා වවත්ථිතා පටිච්චසමුප්පාදො අද්ධා ච ඛණො ලයො මුහුත්තං චත්තාරො ආසවා අනාසවා ලොකුත්තරානං ධම්මානං ජරාමරණං, ලොකුත්තරා සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති, ලොකියා සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති, සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො කාලං කරෙය්ය, ස්වෙව මග්ගො අසඤ්ඤසත්තූපපත්තියා, අඤ්ඤං කම්මං අඤ්ඤො කම්මූපචයො”ති.
Sinhala BJTපච්චයකථා යැ. අඤ්ඤමඤ්ඤපච්චයකථා යැ, අද්ධාකථා යැ, ඛණ ලය මුහුත්තකථා යැ, ආසවකථා යැ, ජරාමරණකථා යැ, සඤ්ඤාවේදයිතකථා යැ, දුතියසඤ්ඤාවේදයිත කථා යැ, තතියසඤ්ඤාවෙදයිත කථා යැ, අසඤ්ඤසත්තූපික කථා යැ, කම්මූපචයකථා යි.
Pali BJTතතියො පණ්ණාසකො.
Sinhala BJTතුන්වැනි පනස යි.
Pali BJTසොළසමො වග්ගො.
Sinhala BJTසොළොස්වනවග
Pali BJT16. 1.
Sinhala BJT16. 1.
Pali BJTනිග්ගහකථා.
Sinhala BJTනිග්ගහ කථා
Pali BJT1. ස. පු: පරො පරස්ස චිත්තං නිග්ගණ්හාතී’ති.
Sinhala BJT1. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ (වසඟ කරන්නේ) වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරො පරස්ස චිත්තං මා රජ්ජි, මා දුස්සි, මා මුය්හි මා කිලිස්සී’ති නිග්ගණ්හාතී’ති.
Sinhala BJTස. අනු: අනෙකෙක් අනෙකකුගේ ‘සිත නො ඇලේවයි දූෂ්‍ය නො වේවයි මුළා නො වේවයි කිලිටි නො වේව’යි මෙසේ නිගන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘අසුවලා මැරෙනපියවි ඇත්තේ යැ. අසුවලා නො මැරෙනපියවි ඇත්තේ යැ’යි මරණධර්‍මතායෙහි නියමයක් නැති හෙයින් සංඥාවේදයිතනිරෝධයට සමවන්නේ ද කලුරිය කරන්නේ යැ’යි රාජගිරිකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘තතියසඤ්ඤාවේදයිතකථා’ එයි.]
Pali BJT2. ස. පු: පරො පරස්ස චිත්තං නිග්ගණ්හාතී’ති.
Sinhala BJT2. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරො පරස්ස උප්පන්නො ඵස්සො මා නිරුජ්ඣී’ති නිග්ගණ්හාතී’ති.
Sinhala BJTස. අනු: අනෙකෙක් අනෙකකුට උපන් ස්පර්‍ශය ‘නහමක් නිරුද්ධ වේව’යි මෙසේ නිගන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: පරො පරස්ස උප්පන්නා වෙදනා -පෙ- උප්පන්නා සඤ්ඤා -පෙ- උප්පන්නා චෙතනා -පෙ- උප්පන්නං චිත්තං -පෙ- උප්පන්නා සද්ධා -පෙ- උප්පන්නං විරියං -පෙ- උප්පන්නා සති -පෙ- උප්පන්නො සමාධි -පෙ- උප්පන්නා පඤ්ඤා මා නිරුජ්ඣි’ති නිග්ගණ්හාතී’ති.
Sinhala BJTස. අනු: අනෙකෙක් අනෙකකුට උපන් වේදනා ... උපන් සංඥා ... උපන් චේතනා ... උපන් සිත ... උපන් ශ්‍රද්ධා ... උපන් වීර්‍ය්‍ය ... උපන් ස්මෘති ... උපන් සමාධි ... උපන් ප්‍රඥා ‘නහමක් නිරුද්ධ වේව’යි මෙසේ නිගන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: පරො පරස්ස චිත්තං නිග්ගණ්හාතී’ති.
Sinhala BJT3. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරො පරස්ස අත්ථාය රාගං පජහතී’ති -පෙ- දොසං පජහති -පෙ- අනොත්තප්පං පජහතී’ති.
Sinhala BJTස. අනු: අනෙකෙක් අනෙකකු සඳහා රාගය ප්‍රහාණ කෙරේ ද ... ද්වේෂය ප්‍රහාණ කෙරේ ද? ... අනපත්‍රපා ප්‍රහාණ කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: පරො පරස්ස චිත්තං නිග්ගණ්හාතී’ති.
Sinhala BJT4. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරො පරස්ස අත්ථාය මග්ගං භාවෙති -පෙ- සතිපට්ඨානං භාවෙති -පෙ- බොජ්ඣඞ්ගං භාවෙතී’ති.
Sinhala BJTස. අනු: අනෙකෙක් අනෙකකුගේ අර්‍ත්‍ථ පිණිස මාර්‍ගය භවා ද? ... සීවටන් භවා ද? ... බෝධ්‍යඞ්ග භවා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: පරො පරස්ස චිත්තං නිග්ගණ්හාතී’ති.
Sinhala BJT5. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරො පරස්ස අත්ථාය දුක්ඛං පරිජානාති, සමුදයං පජහති, නිරොධං සච්ඡිකරොති, මග්ගං භාවෙතී’ති.
Sinhala BJTස. අනු: අනෙකෙක් අනෙකකුගේ අර්‍ත්‍ථ පිණිස දුඃඛය පරිඥා කෙරේ ද? සමුදය දුරු කෙරේ ද? නිරෝධය සාක්‍ෂාත් කෙරේ ද? මාර්‍ගය භවා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: පරො පරස්ස චිත්තං නිග්ගණ්හාතී’ති.
Sinhala BJT6. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤො අඤ්ඤස්ස කාරකො, පරං කතං සුඛං දුක්ඛං, අඤ්ඤො කරොති, අඤ්ඤො පටිසංවෙදෙතී’ති.
Sinhala BJTස. අනු: අනෙකෙක් අනෙකකුට කාරක වේ ද? සුඛදුඃඛ පරකෘත වේ ද? අනෙකෙක් කෙරේ ද? අනෙකෙක් විඳුනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ස. පු: පරො පරස්ස චිත්තං නිග්ගණ්හාතී’ති.
Sinhala BJT7. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා:
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:
Pali BJT“අත්තනා’ව කතං පාපං අත්තනා සඞ්කිලිස්සති. අත්තනා අකතං පාපං අත්තනා: ව විසුජ්ඣති. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤො අඤ්ඤං විසොධයෙ”ති{a}
Sinhala BJT“තමා විසින් කළ පාපය තමා කෙලෙසන්නේ යැ. තමා විසින් නො කළ පාපය තමා මැ ශුද්ධ කරන්නේ යැ. ශුද්ධි අශුද්ධි දෙක තමා කෙරෙහි වෙයි. අනෙකෙක් අනෙකකු විශුද්ධ නො කරන්නේ යැ” යි
Pali BJTඅත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. පා: තෙන හි න වත්තබ්බං: “පරො පරස්ස චිත්තං නිග්ගණ්හාතී’ති.
Sinhala BJTස. පා: එකරුණින් ‘අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
Pali BJT8. ප. පු: න වත්තබ්බං පරො පරස්ස චිත්තං නිග්ගණ්හාතී’ති.
Sinhala BJT8. ප. පු: ‘අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ යැ’ යනු නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අත්ථි බලප්පත්තා, අත්ථි වසීභූතා’ති.
Sinhala BJTප. අනු: බලප්‍රාප්තයෝ ඇත්තාහු නො? වශීභූතයෝ ඇත්තාහු නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ඨ: හඤ්චි අත්ථි බලප්පත්තා, අත්ථි වසීභූතා.
Sinhala BJTප. ඨ: ඉදින් බලප්‍රාප්තයෝ ඇත්තාහු නම්, වශීභූතයෝ ඇත්තාහු නම්,
Pali BJTප. පා: තෙන වත රෙ වත්තබ්බෙ “පරො පරස්ස චිත්තං නිග්ගණ්හාතී”ති.
Sinhala BJTප. පා: භවත එකරුණින් ‘අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ යැ’ යනු කියැයුතු මැ යැ.
Pali BJTනිග්ගහකථා නිට්ඨිතා.
Sinhala BJTනිග්ගහකථා නිමි.
Pali BJT16. 2.
Sinhala BJT16. 2.
Pali BJTපග්ගහ කථා.
Sinhala BJTපග්ගහකථා
Pali BJT1. ස. පු: පරො පරස්ස චිත්තං පග්ගණ්හාතී’ති.
Sinhala BJT1. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ (පාලනය) කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරො පරස්ස චිත්තං මා රජ්ජි, මා දුස්සි, මා මුය්හි, මා කිලිස්සී’ති පග්ගණ්හාතී’ති.
Sinhala BJTස. අනු: අනෙකෙක් අනෙකකුගේ සිත ‘නොඇලේව යි දූෂ්‍ය නොවේව යි මුළා නො වේව යි කිලිටි නො වේව’යි ප්‍රග්‍රහ කරන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: පරො පරස්ස චිත්තං පග්ගණ්හාතී’ති.
Sinhala BJT2. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරො පරස්ස අලොභං කුසලමූලං ජනෙති, අදොසං කුසලමූලං ජනෙති, අමොහං කුසලමූලං ජනෙති, සද්ධං ජනෙති, විරියං ජනෙති, සතිං ජනෙති, සමාධිං ජනෙති, පඤ්ඤං ජනෙතී’ති.
Sinhala BJTස. අනු: අනෙකෙක් අනෙකකුගේ අලෝභකුසලමූලය උපදවා ද, අදෝස කුසලමූලය උපදවා ද, අමොහ කුසලමූලය උපදවා ද, ශ්‍රද්ධා උපදවා ද, වීර්‍ය්‍ය උපදවා ද, ස්මෘති උපදවා ද, සමාධි උපදවා ද, ප්‍රඥා උපදවා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: පරෙ පරස්ස චිත්තං පග්ගණ්හාතී’ති.
Sinhala BJT3. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරො පරස්ස උප්පන්නො ඵස්සො මා නිරුජ්ඣි’ති පග්ගණ්හාතී’ති.
Sinhala BJTස. අනු: අනෙකෙක් අනෙකකුට ‘උපන් ස්‍පර්‍ශය නහමක් නිරුද්ධ වේව’යි ප්‍රග්‍රහ කරන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[සඤ්ඤාවිරාග වශයෙන් පැවැති භාවනාව අසඤ්ඤසමාපත්ති ද වෙයි, නිරෝධසමාපත්ති ද වෙයි, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්ති ද වෙයි. මෙසේ සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තීහු, ලෞකිකලෝකෝත්තර වශයෙන් දෙදෙනෙකි. එහි ලෞකික වූවා පෘතග්ජනයා පිළිබඳ වැ ‘අසඤ්ඤසත්තුපිකා’ නම් වෙයි. ලෝකෝත්තර වූවා ආර්‍ය්‍යයනට වෙයි. එ ද ‘නාසඤ්ඤසත්තුපිකා’ වෙයි. මේ විභාගය නො කොට නිර්විශේෂයෙන් සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්තිය ‘අසඤ්ඤසත්තුපිකා’ නමුයි හේතුවාදනිකාය වාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අසඤ්ඤසත්තුපිකා කථා’ එයි.]
Pali BJTස. අනු: පරො පරස්ස උප්පන්නා වෙදනා -පෙ- උප්පන්නා සඤ්ඤා -පෙ- උප්පන්නා චෙතනා -පෙ- උප්පන්නං චිත්තං -පෙ- උප්පන්නා සද්ධා -පෙ- උප්පන්නං විරියං -පෙ- උප්පන්නා සති -පෙ- උප්පන්නො සමාධි -පෙ- උප්පන්නා පඤ්ඤා මා නිරුජ්ඣී’ති පග්ගණ්හාතී’ති.
Sinhala BJTස. අනු: අනෙකෙක් අනෙකකුට ‘උපන් වේදනා ... උපන් සංඥා ... උපන් චේතනා ... උපන් චිත්තය ... උපන් ශ්‍රද්ධාව ... උපන් වීර්‍ය්‍යය ... උපන් ස්මෘතිය ... උපන් සමාධි ... උපන් ප්‍රඥා ‘නහමක් නිරුද්ධ වේව’යි ප්‍රග්‍රහ කරන්නේ (වළහන්නේ) වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: පරො පරස්ස චිත්තං පග්ගණ්හාතී’ති.
Sinhala BJT4. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරො පරස්ස අත්ථාය රාගං පජහති, දොසං පජහති, මොහං පජහති -පෙ- අනොත්තප්පං පජහතී’ති.
Sinhala BJTස. අනු: අනෙකෙක් අනෙකකුට අර්‍ත්‍ථ පිණිස රාගය හැරපියා ද, ද්වේෂය හැරපියා ද, මෝහය හැරපියා ද, ... අනපත්‍රපා හැරපියා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: පරො පරස්ස චිත්තං පග්ගණ්හාතී’ති.
Sinhala BJT5. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරො පරස්ස අත්ථාය මග්ගං භාවෙති -පෙ- සතිපට්ඨානං භාවෙති -පෙ- බොජ්ඣඞ්ගං භාවෙතී’ති.
Sinhala BJTස. අනු: අනෙකෙක් අනෙකකුගේ අර්‍ත්‍ථ පිණිස මාර්‍ගය වඩා ද ... සතිපට්ඨාන වඩා ද, ... බෝධ්‍යඞ්ග වඩා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: පරො පරස්ස චිත්තං පග්ගණ්හාතී’ති.
Sinhala BJT6. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරො පරස්ස අත්ථාය දුක්ඛං පරිජානාති -පෙ- මග්ගං භාවෙතී’ති.
Sinhala BJTස. අනු: අනෙකෙක් අනෙකකුගේ අර්‍ත්‍ථ පිණිස දුඃඛය පරිඥා කෙරේ ද, ... මාර්‍ගභාවනා කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ස. පු: පරො පරස්ස චිත්තං පග්ගණ්හාතී’ති.
Sinhala BJT7. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤො අඤ්ඤස්ස කාරකො, පරං කතං සුඛං දුක්ඛං, අඤ්ඤො කරොති, අඤ්ඤො පටිසංවෙදෙතී’ති.
Sinhala BJTස. අනු: අනෙකෙක් අනෙකකුට කාරක වේ ද? සුඛදුඃඛ පරකෘත වේ ද? අනෙකෙක් කරන්නේ වේ ද? අනෙකෙක් විඳුනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: පරො පරස්ස චිත්තං පග්ගණ්හාතී’ති.
Sinhala BJT8. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා. “අත්තනාව කතං පාපං -පෙ- නාඤ්ඤො අඤ්ඤා විසොධයෙ”ති{a} අත්ථෙව සුත්තන්තොති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “තමා මැ කළ පාපය ... අනෙකෙක් අනෙකකු විශුද්ධ නො කෙරේ”යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු.
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. පා: තෙන හි න වත්තබ්බං: පරො පරස්ස චිත්තං පග්ගණ්හාතී’ති.
Sinhala BJTස. පා: එකරුණින් ‘අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කෙරේ”යයි නො කියැයුතු යැ.
Pali BJT9. ප. පු: න වත්තබ්බං පරො පරස්ස චිත්තං පග්ගණ්හාතී’ති.
Sinhala BJT9. ප. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කෙරේ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අත්ථි බලප්පත්තා අත්ථි වසීභූතා’ති.
Sinhala BJTප. අනු: බලප්‍රාප්තයෝ ඇත්තාහු නො? වශීභූතයෝ ඇත්තාහු නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ඨ: හඤ්චි අත්ථි බලප්පත්තා අත්ථි වසීභූතා.
Sinhala BJTප. ඨ: ඉදින් බලප්‍රාප්තයෝ ඇත්තාහු නම්, වශීභූතයෝ ඇත්තාහු නම්,
Pali BJTප. පා: තෙන වත රෙ වත්තබ්බෙ “පරො පරස්ස චිත්තං පග්ගණ්හා”ති.
Sinhala BJTප. පා: භවත එකරුණින් ‘අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කෙරේ” යයි කියැයුතු මැ යැ.
Pali BJTපග්ගහකථා නිට්ඨිතා.
Sinhala BJTපග්ගහකථා නිමි.
Pali BJT16. 3.
Sinhala BJT16. 3.
Pali BJTසුඛානුප්පදාන කථා.
Sinhala BJTසුඛානුප්පාදාන කථා
Pali BJT1. ස. පු: පරො පරස්ස සුඛං අනුප්පදෙතී’ති.
Sinhala BJT1. ස. පු: අනෙකෙක් අනෙකක්හට සුව දෙන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[කර්‍මොපචය වනාහි කර්‍මයෙන් අන්‍ය වූ චිත්තවිප්‍රයුක්ත වූ අව්‍යාකෘත වූ අනාලම්බන වූ එකෙකැයි අන්‍ධක සමමිතීය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘කම්මූපචය කථා’ එයි.]
Pali BJTස. පු: පරො පරස්ස දුක්ඛං අනුප්පදෙතී’ති.
Sinhala BJTස. අනු: අනෙකෙක් අනෙකක්හට දුක් දෙන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: පරො පරස්ස දුක්ඛං අනුප්පදෙතීති.
Sinhala BJT2. ස. පු: අනෙකෙක් අනෙකක්හට දුක් දෙන්නේ වේ ද?