Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 12401-12500 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT2. ස. පු: නත්ථි සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස අලොභො කුසලමූලං, අදොසො කුසලමූලං, අමොහො කුසලමූලං සද්ධා -පෙ- පඤ්ඤා’ති.
Sinhala BJT2. ස. පු: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නහුට අලෝභකුසලමූලය අදොසකුසලමූලය අමෝහකුසලමූලය ශ්‍රද්ධා ... ප්‍රඥා නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි නත්ථි සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස අලොභො කුසලමූලං, අදොසො කුසලමූලං, අමොහො කුසලමූලං, සද්ධා විරියං සති සමාධි පඤ්ඤා,
Sinhala BJTස. ඨ: ඉදින් සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නහුට අලෝභකුසලමූලය අදොසකුසලමූලය අමෝහකුසලමූලය ශ්‍රද්ධා වීර්‍ය්‍ය ස්‍මෘති සමාධි ප්‍රඥා නැත් නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති අසඤ්ඤසත්තූපිකා”ති.
Sinhala BJTස. පා: භවත ‘සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තිය අසඤ්ඤසත්තූපිකා යැ’ යනු නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති අසඤ්ඤසත්තූපිකා’ති.
Sinhala BJT3. ස. පු: සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තිය අසඤ්ඤසත්තූපිකා වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස ඵස්සො වෙදනා සඤ්ඤා චෙතනා චිත්තන්ති.
Sinhala BJTස. අනු: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නහුට ස්‍පර්‍ශ වේදනා සංඥා චේතනා චිත්ත ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: නත්ථි සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස ඵස්සො වෙදනා සඤ්ඤා චෙතනා චිත්තන්ති.
Sinhala BJT4. ස. පු: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නහුට ස්‍පර්‍ශ වේදනා සංඥා චේතනා චිත්ත නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඵස්සකස්ස මග්ගභාවනා -පෙ- අචිත්තකස්ස මග්ගභාවනා’ති.
Sinhala BJTස. අනු: ස්‍පර්‍ශ නො කරනුවහට මාර්‍ගභාවනා ... අචිත්තකයාහට මාර්‍ගභාවනා වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු සඵස්සකස්ස මග්ගභාවනා -පෙ- සචිත්තකස්ස මග්ගභාවනා’ති.
Sinhala BJTස. අනු: ස්‍පර්‍ශකයාහට මාර්‍ගභාවනා ... සචිත්තකයාහට මාර්‍ගභාවනා වෙයි නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි සඵස්සකස්ස මග්ගභාවනා -පෙ- සචිත්තකස්ස මග්ගභාවනා,
Sinhala BJTස. ඨ: ඉදින් ස්‍පර්‍ශකයාහට මාර්‍ගභාවනා වේ නම් ... සචිත්තකයාහට මාර්‍ගභාවනා වේ නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ සඤ්ඤාවෙදයිතනිරොධ සමාපත්ති අසඤ්ඤසත්තූපිකා’ති.
Sinhala BJTස. පා: භවත, ‘සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්ති අසඤ්ඤසත්තූපිකා යැ’ යනු නො කියැයුතු මැ යැ.
Pali BJT5. ස. පු: සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති අසඤ්ඤසත්තූපිකා’ති.
Sinhala BJT5. ස. පු: සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්ති අසඤ්ඤසත්තූපිකා වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[මෙහි ද නිදානය අද්ධා කථායෙහි මෙනි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යෙ කෙචි සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජන්ති. සබ්බෙ තෙ අසඤ්ඤසත්තූපිකාති.
Sinhala BJTස. අනු: යම් කිසි කෙනෙක් සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවදනාහු වෙත් නම්, ඔහු හැම අසඤ්ඤසත්තූපිකා නම් වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ප. පු: න වත්තබ්බං සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති අසඤ්ඤසත්තූපිකා’ති.
Sinhala BJT6. ප. පු: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් ‘අසඤ්ඤසත්තූපිකා’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: තනු ඉධාපි අසඤ්ඤී තත්රාපි අසඤ්ඤී’ති.
Sinhala BJTප. අනු: මෙහිදු අසංඥී නො? එහිදු අසංඥී නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ඨ: හඤ්චි ඉධාපි අසඤ්ඤී තත්රාපි අසඤ්ඤී,
Sinhala BJTප. ඨ: ඉදින් මෙහිත් අසංඥී වේ නම්, එහිත් අසංඥී වේ නම්,
Pali BJTප. පා: තෙන වත රෙ වත්තබ්බෙ “සඤ්ඤාවෙදයිත නිරොධසමාපත්ති අසඤ්ඤසත්තූපිකා”ති.
Sinhala BJTප. පා: භවත, එකරුණින් ‘සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තිය අසඤ්ඤසත්තූපිකා යැ’යි කියැයුතු මැ යැ.
Pali BJTඅසඤ්ඤසත්තූපිකකථා නිට්ඨිතා.
Sinhala BJTඅසඤ්ඤසත්තුපිකකථා නිමි.
Pali BJT15. 11.
Sinhala BJT15. 11.
Pali BJTකම්මූපචයකථා.
Sinhala BJTකම්මූපචයකථා
Pali BJT1. ස. පු: අඤ්ඤං කම්මං, අඤ්ඤො කම්මූපචයො’ති.
Sinhala BJT1. ස. පු: කර්‍මය අනෙකෙක් වේ ද, කර්‍මොපචය අනෙකෙක් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤො ඵස්සො, අඤ්ඤො ඵස්සුපචයො, අඤ්ඤා වෙදනා, අඤ්ඤො වෙදනූපචයො, අඤ්ඤා සඤ්ඤා, අඤ්ඤො සඤ්ඤූපචයො, අඤ්ඤා චෙතනා, අඤ්ඤො චෙතනූපචයො, අඤ්ඤං චිත්තං, අඤ්ඤො චිත්තූපචයො, අඤ්ඤා සද්ධා, අඤ්ඤො සද්ධූපචයො, අඤ්ඤං විරියං, අඤ්ඤො විරියූපචයො, අඤ්ඤා සති, අඤ්ඤො සතූපචයො, අඤ්ඤො සමාධි, අඤ්ඤො සමාධුපචයො, අඤ්ඤා පඤ්ඤා, අඤ්ඤො පඤ්ඤූපචයො, අඤ්ඤො රාගො, අඤ්ඤො රාගූපචයො -පෙ- අඤ්ඤං අනොත්තප්පං, අඤ්ඤො අනොත්තප්පුපචයො’තී.
Sinhala BJTස. අනු: ස්‍පර්‍ශය අනෙකෙක් වේ ද, ස්‍පර්‍ශොපචය අනෙකෙක් වේ ද, වේදනා අනෙකක් වේ ද, වේදනෝපචය අනෙකෙක් වේ ද, සංඥා අනෙකක් වේ ද, සංඥොපචය අනෙකෙක් වේ ද, චේතනා අනෙකක් වේ ද, චේතනෝපචය අනෙකෙක් වේ ද, චිත්තය අනෙකෙක් වේ ද, චිත්තොපචය අනෙකෙක් වේ ද, ශ්‍රද්ධා අනෙකක් වේ ද, ශ්‍රද්ධොපචය අනෙකෙක් වේ ද, වීර්‍ය්‍යය අනෙකෙක් වේ ද, වීර්‍ය්‍යෝපචය අනෙකෙක් වේ ද, ස්මෘති අනෙකක් වේ ද, ස්මෘතිඋපචය අනෙකෙක් වේ ද, සමාධි අනෙකෙක් වේ ද, සමාධිඋපචය අනෙකෙක් වේ ද, ප්‍රඥා අනෙකක් වේ ද, ප්‍රඥොපචය අනෙකෙක් වේ ද, රාගය අනෙකෙක් වේ ද, රාගෝපචය අනෙකෙක් වේ ද, අනොත්තප්පය අනෙකෙක් වේ ද, අනොත්තප්පඋපචය අනෙකෙක් වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[යම් හෙයෙකින් චතුරාස්‍රවයන් සාස්‍රව කළ ගෙන චතුරාස්‍රවයන්ට වැඩි අන්‍ය ආස්‍රව කෙනෙක් නැද්ද, එහෙයින් ‘චතුරාස්‍රවයෝ අනාස්‍රවයහ’යි හේතුවාද නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුනගේ වාද බිඳුනට ‘ආසවකථා’ එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: අඤ්ඤං කම්මං, අඤ්ඤො කම්මුපචයොති.
Sinhala BJT2. ස. පු: කර්‍මය අනෙකෙක් වේ ද, කර්‍මොපචය අනෙකෙක් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා,
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කම්මුපචයො කම්මෙන සහජාතො’ති.
Sinhala BJTස. අනු: කර්‍මොපචය කර්‍මය හා සහජාත වේ ද,
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: කම්මූපචයො කම්මෙන සහජාතො’ති.
Sinhala BJT3. ස. පු: කර්‍මොපචය කර්‍මය හා සහජාත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලෙන කම්මෙන සහජාතො කම්මුපචයො කුසලො’ති.
Sinhala BJTස. අනු: කුශලකර්‍මය හා සහජාත වූ කර්‍මොපචය කුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: කුසලෙන කම්මෙන සහජාතො කම්මූපචයො කුසලො’ති.
Sinhala BJT4. ස. පු: කුශලකර්‍මය හා සහජාත වූ කර්‍මොපචය කුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ. (චිත්තසම්ප්‍රයුක්තයා සඳහා පිළින යි.)
Pali BJTස. අනු: සුඛාය වෙදනාය සම්පයුත්තෙන කම්මෙන සහජාතො කම්මුපචයො සුඛාය වෙදනාය සම්පයුත්තො’ති.
Sinhala BJTස. අනු: සුඛවේදනාසම්ප්‍රයුක්තකර්‍මය හා සහජාත වූ කර්‍මොපචය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: දුක්ඛාය වෙදනාය -පෙ- අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තෙන කම්මෙන සහජාතො කම්මූපචයො අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තො’ති.
Sinhala BJTස. අනු: දුඃඛවේදනාසම්ප්‍රයුක්ත ... අදුඃඛාසුඛවේදනා සම්ප්‍රයුක්ත කර්‍මය හා සහජාත වූ කර්‍මොපචය අදුඃඛාසුඛවේදනා හා සම්ප්‍රයුක්ත වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[ජරාමරණ නම් අපරිනිෂ්පන්න බැවින් ලෞකික යැ හෝ ලෝකෝත්තර යැ හෝ කියැයුතු නො වෙයි. “ලෝකියා ධම්මා, ලෝකුත්තරා ධම්මා” යන දුකයෙහි දු ජරාමරණ ලෝකිය පදයෙහි හෝ ලෝකුත්තර පදයෙහි හෝ නො දක්වන ලදි. එහි මේ ලක්‍ෂණ නො ගෙන ලෝකෝත්තර ධර්‍මයන්ගේ ජරාමරණ ලෝකෝත්තර යයි මහා සාඞ්ඝිකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ජරාමරණකථා’ එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: කම්මූපචයො කම්මෙන සහජාතො’ති.
Sinhala BJT5. ස. පු: කර්‍මොපචය කර්‍මය හා සහජාත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලෙන කම්මෙන සහජාතො කම්මූපචයො අකුසලොති.
Sinhala BJTස. අනු: අකුශලකර්‍මයා හා සහජාත වූ කර්‍මොපචය අකුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: අකුසලෙන කම්මෙන සහජාතො කම්මූපචයො අකුසලො’ති.
Sinhala BJT6. ස. පු: අකුශලකර්‍මයා හා සහජාත වූ කර්‍මොපචය අකුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සුඛාය වෙදනාය සම්පයුත්තෙන කම්මෙන සහජාතො කම්මුපචයො සුඛාය වෙදනාය සම්පයුත්තො’ති.
Sinhala BJTස. අනු: සුඛවෙදනාසම්ප්‍රයුක්ත කර්‍මය හා සහජාත වූ කර්‍මොපචය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: දුක්ඛාය වෙදනාය -පෙ- අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තෙන කම්මෙන සහජාතො කම්මූපචයො අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තො’ති.
Sinhala BJTස. අනු: දුඃඛවේදනාසම්ප්‍රයුක්ත ... අදුඃඛාසුඛවේදනාසම්ප්‍රයුක්තකර්‍මය හා සහජාත වූ කර්‍මොපචය අදුඃඛාසුඛවේදනා හා සම්ප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ස. පු: කම්මං චිත්තෙන සහජාතං, කම්මං සාරම්මණන්ති.
Sinhala BJT7. ස. පු: කර්‍මය චිත්තය හා සහජාත වෙයි. කර්‍මය සාලම්බන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කම්මූපචයො චිත්තෙන සහජාතො, කම්මූපචයො සාරම්මණො’ති.
Sinhala BJTස. අනු: කර්‍මොපචය චිත්තය හා සහජාත වෙයි. කර්‍මොපචය සාලම්බන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: කම්මූපචයො චිත්තෙන සහජාතො, කම්මූපචයො අනාරම්මණො’ති.
Sinhala BJT8. ස. පු: කර්‍මොපචය චිත්තය හා සහජාත වෙයි. කර්‍මොපචය අනාලම්බන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කම්මං චිත්තෙන සහජාතං, කම්මං අනාරම්මණන්ති.
Sinhala BJTස. අනු: කර්‍මය චිත්තය හා සහජාත වෙයි, කර්‍මය අනාලම්බන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ස. පු: කම්මං චිත්තෙන සහජාතං, චිත්තං භිජ්ජමානං කම්මං භිජ්ජතී’ති.
Sinhala BJT9. ස. පු: කර්‍මය චිත්තය හා සහජාත වෙයි, චිත්තය බිඳෙන්නේ යැ, කර්‍මය බිඳේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කම්මුපචයො චිත්තෙන සහජාතො, චිත්තං භිජ්ජමානං කම්මූපචයො භිජ්ජතීති.
Sinhala BJTස. අනු: කර්‍මොපචය චිත්තය හා සහජාත වෙයි, චිත්තය භිද්‍යමාන යැ, කර්‍මොපචය බිඳේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT10. ස. පු: කම්මුපචයො චිත්තෙන සහජාතො, චිත්තං භිජ්ජමානං කම්මූපචයො න භිජ්ජතීති,
Sinhala BJT10. ස. පු: කර්‍මොපචය චිත්තය හා සහජාත වෙයි. චිත්තය භිද්‍යමාන යැ, එකල කර්‍මොපචය නො බිඳේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කම්මං චිත්තෙන සහජාතං, චිත්තං භිජ්ජමානං කම්මං න භිජ්ජතී’ති.
Sinhala BJTස. අනු: කර්‍මය චිත්තයා හා සහජාත වෙයි, චිත්තය භිද්‍යමාන කල්හි කර්‍මය නො බිඳේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[සඤ්ඤාවේදයිත නිරෝධසමාපත්ති නම් කිසි (භාව) ධර්‍මයෙක් නො වෙයි. ඒ සතර අරූපස්කන්‍ධයන්ගේ නිරෝධ යි. එ හෙයින් ඒ ලෞකික හෝ ලෝකෝත්තර හෝ නො වෙයි. යම් හෙයෙකින් ලෞකික නො වේ ද, එහෙයින් ලෝකෝත්තර වෙතියි හේතුවාදනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සඤ්ඤාවේදයිතකථා’ එයි.]
Pali BJT11. ස. පු: කම්මම්හි කම්මූපචයො’ති.
Sinhala BJT11. ස. පු: කර්‍මය ඇති කල කර්‍මොපචය වේ ද?
Pali BJTප. පටි: ආමන්තා,
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තඤ්ඤෙව කම්මං සො කම්මූපචයො’ති.
Sinhala BJTස. අනු: ඒ කර්‍මය මැ ඒ කර්‍මොපචය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT12. ස. පු: කම්මම්හි කම්මූපචයො, කම්මූපචයතො විපාකො නිබ්බත්තතී’ති.
Sinhala BJT12. ස. පු: කර්‍මය පිහිටි කල කර්‍මොපචය වෙයි, කර්මෝපචයෙන් විපාකය උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තඤ්ඤෙව කම්මං, සො කම්මූපචයො, සො කම්මවිපාකො’ති.
Sinhala BJTස. අනු: ඒ කර්‍මය මැ ඒ කර්‍මොපචය වූයේ ඒ කර්‍මවිපාකය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT13. ස. පු: කම්මම්හි කම්මූපචයො, කම්මූපචයතො විපාකො නිබ්බත්තති, විපාකො සාරම්මණො’ති.
Sinhala BJT13. ස. පු: කර්‍මය ඇති කලැ කර්‍මොපචය වෙයි, කර්මෝපචයෙන් විපාකය උපදී. විපාකය සාලම්බන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කම්මූපචයො සාරම්මණො’ති.
Sinhala BJTස. අනු: කර්‍මොපචය සාලම්බන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT14. ස. පු: කම්මූපචයො අනාරම්මණො’ති.
Sinhala BJT14. ස. පු: කර්‍මොපචය අනාලම්බන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: විපාකො අනාරම්මණො’ති.
Sinhala BJTස. අනු: විපාකය අනාලම්බන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT15. ස. පු: අඤ්ඤං කම්මං, අඤ්ඤො කම්මූපචයො’ති.
Sinhala BJT15. ස. පු: කර්‍මය අනෙකෙක් වේ ද, කර්‍මොපචය අනෙකෙක් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “ඉධ පුණ්ණ, එකච්චො සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි වචීසඞ්ඛාරං -පෙ- මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති. සො සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි කායසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි වචීසඞ්ඛාරං -පෙ- මනොසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා සබ්යාපපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි ලොකං උපපජ්ජති. තමෙනං සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි ලොකං උපපන්නං සමානං සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි ඵස්සා ඵුසන්ති. සො සබ්යාපජ්ඣෙහිපි අබ්යාපජ්ඣෙහිපි ඵස්සෙහි ඵුට්ඨො සමානො සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි වෙදනං වෙදෙති වොකිණ්ණසුඛදුක්ඛං, සෙය්යථාපි මනුස්සා එකච්චෙ ච දෙවා එච්චෙ ච විනිපාතිකා. ඉති ඛො පුණ්ණ, භූතා භූතස්ස උපපත්ති{1} හොති. යං කරොති තෙන උපපජ්ජති. උපපන්නමෙතං ඵස්සා ඵුසන්ති. එවම්පහං පුණ්ණ, කම්මදායාදා සත්තා’ති වදාමි”ති,{a} අත්ථෙව සුත්තන්තො.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “පුණ්ණය, මෙ සස්නෙහි කිසි මහණෙක් සදුඃඛ වූත් අදුඃඛ වූත් කායසංස්කාර අභිසංස්කරණ කෙරෙයි. සදුඃඛ වූත් අදුඃඛ වූත් වාක් සංස්කාර ... මනසංස්කාර අභිසංස්කරණ කෙරෙයි. හේ සදුඃඛ වූත් අදුඃඛ වූත් කායසංස්කාර අභිසංස්කරණ කොට සදුඃඛ වූත් අදුඃඛ වූත් වාක් සංස්කාර ... මනස්සංස්කාර අභිසංස්කරණ කොට සදුඃඛ වූ හෝ අදුඃඛ වූ හෝ ලෝකයට පැමිණෙයි. සදුඃඛ වූ හෝ අදුඃඛ වූ හෝ ලෝකයට පැමිණි තුලුන් සදුඃඛ වූ ද අදුඃඛ වූ ද ස්‍පර්‍ශයෝ පහසිත්. හේ සදුඃඛ වූ හෝ අදුඃඛ වූ හෝ ස්‍පර්‍ශයෙන් පහස්නා ලද්දේ සදුඃඛ වූ හෝ අදුඃඛ වූ හෝ ව්‍යවකීර්‍ණ සුඛදුඃඛ ඇති වේදනා විඳී. මනුෂ්‍යයන් ඇතැම් දෙවියන් ඇතැම් විනිපාතිකයන් සෙයිනි. පුණ්ණය, මෙසේ භූතයෙන් භූතයක්හුගේ උප්පත්ති වෙයි. යමක් කෙරේ ද එයින් උප්පත්ති වෙයි. ස්‍පර්‍ශයෝ උප්පන්න වූ තුලුන් ස්‍පර්‍ශ කෙරෙත්. පුණ්ණය, මම මෙසෙයිනුදු ‘සත්ත්‍වයෝ කර්‍මදායාදයහ’යි කියමි”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. පා: තෙන හි න වත්තබ්බං “අඤ්ඤං කම්මං අඤ්ඤො කම්මූපචයො”ති,
Sinhala BJTස. පා: එකරුණින් කර්‍මය අනෙකෙකැ, කර්‍මොපචය අනෙකෙකැ’යි නො කියැයුතු යැ.
Pali BJTකම්මූපචයකථා නිට්ඨිතා.
Sinhala BJTකම්මුපචය කථා නිමි.
Pali BJTපණ්ණරසමො වග්ගො.
Sinhala BJTපසළොස්වන වග.