Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(මෙයින් අප්‍රහීන බැවින් සානුසයයි කියයුතු බවද, නො උපන් හෙයින් පර්‍ය්‍යුත්‍ථිත යයි නො කියයුතු බවද දැක්වේ, අනුශය පර්‍ය්‍යුත්‍ථානයන්ගේ අන්‍යතාව නො දැක් වේ. එහෙයින් අසාධකයි.)
Pali BJTපණ්ණරසමො වග්ගො.
Sinhala BJTපසළොස්වන වග
Pali BJT15. 1.
Sinhala BJT15. 1.
Pali BJTපච්චයකථා.
Sinhala BJTපච්චයකථා
Pali BJT1. ස. පු: පච්චයතා වවත්ථිතා’ති.
Sinhala BJT1. ස. පු: ප්‍රත්‍යයභාවය ව්‍යවස්ථිත වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[අනිත්‍යාදි විසින් මෙනෙහි කරනුවහටත් රාගාදීහු උපදිත්නු’යි පර්‍ය්‍යුත්‍ථානය චිත්තවිප්‍රයුක්ත යයි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘පරියුට්ඨානං චිත්තවිප්පයුත්තන්ති කථා’ එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වීමංසා හෙතු, සො ච අධිපතී’ති.
Sinhala BJTස. අනු: විමංසා හේතු නො, එ ද අධිපති නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි වීමංසා හෙතු, සො ච අධිපති,
Sinhala BJTස. ඨ: ඉදින් විමංසා හේතු වේ නම්, එ ද අධිපති වේ නම්,
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ “හෙතුපච්චයෙන පච්චයො, අධිපතිපච්චයෙන පච්චයො”ති.
Sinhala BJTස. පා: භවත එකරුණින් “හේතුප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ යයි ද, අධිපති ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ”යයි ද කියැයුතු යැ.
Pali BJT2. ස. අනු: නනු ඡන්දාධිපති සහජාතානං ධම්මානං අධිපතී’ති.
Sinhala BJT2. ස. පු: ඡන්‍දාධිපති ධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වන්නේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි ඡන්දාධිපති සහජාතානං ධම්මානං අධිපති,
Sinhala BJTස. ඨ: ඉදින් ඡන්‍දාධිපති ධර්‍මය සහජාත ධර්‍මයනට අධිපති වේ නම්,
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ “අධිපතිපච්චයෙන පච්චයො, සහජාතපච්චයෙන පච්චයො”ති.
Sinhala BJTස. පා: භවත එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, සහජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි’ යනු කියැයුතු යැ.
Pali BJT3. ස. අනු: නනු විරියාධිපති සහජාතානං ධම්මානං අධිපතී’ති.
Sinhala BJT3. ස. අනු: වීර්‍ය්‍යාධිපති ධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වන්නේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි විරියාධිපති සහජාතානං ධම්මානං අධිපති,
Sinhala BJTස. ඨ: ඉදින් වීර්‍ය්‍යාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වේ නම්,
Pali BJTස. පා’ තෙන වත රෙ වත්තබ්බෙ “අධිපතිපච්චයෙන පච්චයො, සහජාතපච්චයෙන පච්චයො”ති.
Sinhala BJTස. පා: භවත එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ සහජාතප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි’ යනු කියැයුතු මැ යැ.
Pali BJT4. ස. අනු: නනු විරියාධිපති සහජාතානං ධම්මානං අධිපති, තං ච ඉන්ද්රියන්ති.
Sinhala BJT4. ස. පු: වීර්‍ය්‍යාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වෙයි, එ ද ඉන්‍ද්‍රිය වන්නේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ. හඤ්චි විරියාධිපති සහජාතානං ධම්මානං අධිපති තං ච ඉන්ද්රියං,
Sinhala BJTස. ඨ: ඉදින් වීර්‍ය්‍යාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වන්නේ එ ද ඉන්‍ද්‍රිය වේ නම්,
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘යම් හෙයෙකින් කාමරාගය කාමවිතර්‍ක සඞ්ඛ්‍යාත කාමධාතුව සහජාත වශයෙන් ලුහුබඳනේ කාමධාතුපර්‍ය්‍යාපන්න වේ ද, එහෙයින් මැ රූපාරූපරාගයෝත් රූපාරූපධාතු ලුහුබඳනාහු රූපාරූපධාතුපර්‍ය්‍යාපන්න වෙති’යි අන්‍ධකසමමිතීයනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘පරියාපන්න කථා’ එයි.]
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ “අධිපතිපච්චයෙන පච්චයො, ඉන්ද්රියපච්චයෙන පච්චයො”ති.
Sinhala BJTස. පා: භවත එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ ඉන්‍ද්‍රියප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ ය’යි කියැයුතු මැ යැ.
Pali BJT5. ස. අනු: නනු විරියාධිපති සහජාතානං ධම්මානං අධිපති, තං ච මග්ගඞ්ගන්ති.
Sinhala BJT5. ස. අනු: වීර්‍ය්‍යාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වෙයි, එ ද මාර්‍ගාඞ්ග වන්නේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ. හඤ්චි විරියාධිපති සහජාතානං ධම්මානං අධිපති තඤ්ච මග්ගඞ්ගං,
Sinhala BJTස. ඨ: ඉදින් වීර්‍ය්‍යාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වන්නේ එ ද මාර්‍ගාඞ්ග වේ නම්,
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ “අධිපතිපච්චයෙන පච්චයො, මග්ගපච්චයෙන පච්චයො”ති.
Sinhala BJTස. පා: භවත, එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ මාර්‍ගප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’ යයි කියැයුතු මැ යැ.
Pali BJT6. ස. අනු: නනු චිත්තාධිපති සහජාතානං ධම්මානං අධිපතී’ති.
Sinhala BJT6. ස. අනු: චිත්තාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වන්නේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ. හඤ්චි චිත්තාධිපති සහජාතානං ධම්මානං අධිපති,
Sinhala BJTස. ඨ: ඉදින් චිත්තාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වේ නම්,
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ “අධිපතිපච්චයෙන පච්චයො, සහජාතපච්චයෙන පච්චයො”ති.
Sinhala BJTස. පා: භවත එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ සහජාතප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’ යයි කියැයුතු මැ යැ.
Pali BJT7. ස. අනු: නනු චිත්තාධිපති සහජාතානං ධම්මානං අධිපති, සො ච ආහාරො’ති.
Sinhala BJT7. ස. අනු: චිත්තාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වෙයි, එ ද ආහාර වන්නේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ. හඤ්චි චිත්තාධිපති සහජාතානං ධම්මානං අධිපති, සො ච ආහාරො,
Sinhala BJTස. ඨ: ඉදින් චිත්තාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වන්නේ එ ද ආහාර වේ නම්,
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ “අධිපතිපච්චයෙන පච්චයො, ආහාරපච්චයෙන පච්චයො”ති.
Sinhala BJTස. පා: භවත එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ ආහාර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’ යයි කියැයුතු මැ යැ,
Pali BJT8. ස. අනු: නනු චිත්තාධිපති සහජාතානං ධම්මානං අධිපති, තඤ්ච ඉන්ද්රියන්ති.
Sinhala BJT8. ස. අනු: චිත්තාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වෙයි. එ ද ඉන්‍ද්‍රිය වන්නේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ. හඤ්චි චිත්තාධිපති සහජාතානං ධම්මානං අධිපති තං ච ඉන්ද්රියං,
Sinhala BJTස. ඨ: ඉදින් චිත්තාධිපති ධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වන්නේ එ ද ඉන්‍ද්‍රිය වේ නම්,
Pali BJTස. අනු: තෙන වත රෙ වත්තබ්බෙ “අධිපතිපච්චයෙන පච්චයො, ඉන්ද්රියපච්චයෙන පච්චයො”ති.
Sinhala BJTස. පා: භවත, එකරුණින් ‘අධිපති ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ ඉන්‍ද්‍රියප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’ යයි කියැයුතු මැ යැ.
Pali BJT9. ස. අනු: වීමංසාධිපති සහජාතානං ධම්මානං අධිපතී’ති.
Sinhala BJT9. ස. පු: වීමංසාධිපති ධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වන්නේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ. හඤ්චි වීමංසාධිපති සහජාතානං ධම්මානං අධිපති.
Sinhala BJTස. ඨ: ඉදින් වීමංසාධිපති ධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වේ නම්,
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ “අධිපතිපච්චයෙන පච්චයො, සහජාතපච්චයෙන පච්චයො”ති.
Sinhala BJTස. පා: භවත එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ සහජාතප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’ යයි කියැයුතු මැ යැ.
Pali BJT10. ස. අනු: නනු වීමංසාධිපති සහජාතානං ධම්මානං අධිපති, තං ච ඉන්ද්රියන්ති.
Sinhala BJT10. ස. අනු: වීමංසාධිපති ධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වූයේ එ ද ඉන්‍ද්‍රිය වන්නේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ. හඤ්චි වීමංසාධිපති සහජාතානං ධම්මානං අධිපති, තං ච ඉන්ද්රියං,
Sinhala BJTස. ඨ: ඉදින් වීමංසාධිපති ධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වූයේ එ ද ඉන්‍ද්‍රිය වේ නම්,
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ “අධිපතිපච්චයෙන පච්චයො, ඉන්ද්රියපච්චයෙන පච්චයො”ති.
Sinhala BJTස. පා: භවත එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ ඉන්‍ද්‍රිය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’යයි කියැයුතු මැ යැ.
Pali BJT11. ස. අනු: නනු වීමංසාධිපති සහජාතානං ධම්මානං අධිපති, තං ච මග්ගඞ්ගන්ති.
Sinhala BJT11. ස. අනු: වීමංසාධිපති ධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වූයේ එ ද මාර්‍ගාඞ්ග වන්නේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ. හඤ්චි වීමංසාධිපති සහජාතානං ධම්මානං අධිපති, තං ච මග්ගඞ්ගං,
Sinhala BJTස. ඨ: ඉදින් වීමංසාධිපති ධර්‍මය සහජාතධර්‍මයන්ට අධිපති වූයේ එ ද මාර්‍ගාඞ්ග වේ නම්,
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ “අධිපතිපච්චයෙන පච්චයො, මග්ගපච්චයෙන පච්චයො”ති.
Sinhala BJTස. පා: භවත, එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ මාර්‍ගප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’යයි කියයුතු මැ යැ.
Pali BJT12. ස. අනු: නනු අරියං ධම්මං ගරුං කත්වා උප්පජ්ජති පච්චවෙක්ඛණා, තං චාරම්මණන්ති.
Sinhala BJT12. ස. අනු: ආර්‍ය්‍යධර්‍මය ගරුකොට ප්‍රත්‍යවේක්‍ෂණා උපදනේ නො? එ ද අරමුණු නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ. හඤ්චි අරියං ධම්මං ගරුං කත්වා උප්පජ්ජති පච්චවෙක්ඛණා, තං චාරම්මණං,
Sinhala BJTස. ඨ: ඉදින් ආර්‍ය්‍යධර්‍මය ගරු කොට ප්‍රත්‍යවේක්‍ෂණා උපදනේ වේ නම්, එ ද අරමුණු වේ නම්,
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ “අධිපතිපච්චයෙන පච්චයො, ආරම්මණපච්චයෙන පච්චයො”ති.
Sinhala BJTස. පා: භවත, එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ ආලම්බනප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’යයි කියයුතු මැ යැ.
Pali BJT13. ස. අනු: නනු පුරිමා පුරිමා කුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ධම්මානං අනන්තරපච්චයෙන පච්චයො, සා ච ආසෙවනා’ති.
Sinhala BJT13. ස. අනු: පුරිම පුරිම කුශලධර්‍මයෝ පශ්චිම පශ්චිම කුශල ධර්‍මයනට අනන්තරප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය නො? එ ද ආසෙවනා නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි පුරිමා පුරිමා කුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ධම්මානං අනන්තරපච්චයෙන පච්චයො, සා ච ආසෙවනා.
Sinhala BJTස. ඨ: ඉදින් පුරිම පුරිම කුශලධර්‍මයෝ පශ්චිම පශ්චිම කුශලධර්‍මයනට අනන්තරප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙත් නම්, එ ද ආසෙවනා වේ නම්,
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ “අනන්තරපච්චයෙන පච්චයො ආසෙවනපච්චයෙන පච්චයො”ති.
Sinhala BJTස. පා: භවත, එකරුණින් ‘අනන්තරප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ ආසෙවනා ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’යයි කියැයුතු මැ යැ.
Pali BJT14. ස. අනු: නනු පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං අකුසලානං ධම්මානං අනන්තරපච්චයෙන පච්චයො, සා ච ආසෙවනා’ති.
Sinhala BJT14. ස. පු: පුරිම පුරිම අකුශල ධර්‍මයෝ පශ්චිම පශ්චිම අකුශල ධර්‍මයනට අනන්තරප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය නො? එ ද ආසෙවනා නො?
Pali BJTප. පටි: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං අකුසලානං ධම්මානං අනන්තරපච්චයෙන පච්චයො, සා ච ආසෙවනා.
Sinhala BJTස. ඨ: ඉදින් පුරිම පුරිම අකුශල ධර්‍මයෝ පශ්චිම පශ්චිම අකුශල ධර්‍මයනට අනන්තරප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය නම්, ආසෙවනා ද වේ නම්,
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ “අනන්තරපච්චයෙන පච්චයො ආසෙවනපච්චයෙන පච්චයො”ති.
Sinhala BJTස. පා: භවත, එකරුණින් ‘අනන්තරප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ, ආසේවනාප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ යයි කියැයුතු මැ යැ.
Pali BJT15. ස. අනු: නනු පුරිමා පුරිමා කිරියාබ්යාකතා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං කිරියාබ්යාකතානං ධම්මානං අනන්තරපච්චයෙන පච්චයො, සා ච ආසෙවනා’ති.
Sinhala BJT15. ස. අනු: පුරිම පුරිම ක්‍රියාව්‍යාකෘතධර්‍මයෝ පශ්චිම පශ්චිම ක්‍රියාව්‍යාකෘත ධර්‍මයනට අනන්තරප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය නො? එ ද ආසෙවනා නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි පුරිමා පුරිමා කිරියාබ්යාකතා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං කිරියාබ්යාකතානං ධම්මානං අනන්තරපච්චයෙන පච්චයො, සා ච ආසෙවනා.
Sinhala BJTස. ඨ: ඉදින් පුරිම පුරිම ක්‍රියාව්‍යාකෘත ධර්‍මයෝ පශ්චිම පශ්චිම ක්‍රියාව්‍යාකෘතධර්‍මයනට අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය නම්, එ ද ආසෙවනා නම්,
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ “අනන්තරපච්චයෙන පච්චයො ආසෙවනපච්චයෙන පච්චයො”ති.
Sinhala BJTස. පා: භවත එකරුණින් ‘අනන්තරප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ, ආසෙවනා ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’ යයි කියැයුතු මැ යැ.
Pali BJT16. ප: පු: න වත්තබ්බං පච්චයතා වවත්ථිතා’ති.
Sinhala BJT16. ප. පු: ‘ප්‍රත්‍යයතාව ව්‍යවස්ථාවත්’ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: හෙතුපච්චයෙන පච්චයො හොති, ආරම්මණපච්චයෙන පච්චයො හොති, අනන්තරපච්චයෙන පච්චයො හොති, සමනන්තරපච්චයෙන පච්චයො හොතී’ති.
Sinhala BJTප. අනු: හේතු ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වන්නේ, ආලම්බන ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වන්නේ, අනන්තරප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වන්නේ, සමනන්තරප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වන්නේ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. පා: තෙන හි{1} පච්චයතා වවත්ථිතා’ති.
Sinhala BJTප. පා: එකරුණින් ප්‍රත්‍යයතාව ව්‍යවස්ථාවත් (නියමයන් අනුගත) වේ.
Pali BJTපච්චයකථා{2} නිට්ඨිතා.
Sinhala BJTප්‍රත්‍යයකථා නිමි.
Pali BJT15. 2.
Sinhala BJT15. 2.
Pali BJTඅඤ්ඤමඤ්ඤපච්චයකථා.
Sinhala BJTඅඤ‍්ඤමඤ‍්ඤපච්චයකථා
Pali BJT1. ස. පු: අවිජ්ජාපච්චයාපි සඞ්ඛාරා, න වත්තබ්බං ‘සඞ්ඛාරපච්චයාපි අවිජ්ජා’ති.
Sinhala BJT1. ස. පු: අවිද්‍යාප්‍රත්‍යයයෙනුදු සංස්කාරයෝ වෙති සංස්කාරයන් ප්‍රත්‍යය කොට ද අවිද්‍යා ඇතියි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අවිජ්ජා සඞ්ඛාරෙන සහජාතා’ති.
Sinhala BJTස. අනු: අවිද්‍යා සංස්කාරයන් හා සහජාත නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අවිජ්ජා සඞ්ඛාරෙන සහජාතා,
Sinhala BJTස. ඨ: ඉදින් අවිද්‍යා සංස්කාර හා සහජාත වේ නම්,
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[විපාක ක්‍රියා රූප නිර්‍වාණ යන චතුර්විධ අව්‍යාකෘතය අවිපාක බැවින් ‘අව්‍යාකෘත’ යයි වදාරනලද යැ. “සස්සතෝ ලොකොති ඛො වච්ඡ අබ්‍යාකතමෙතං” ආදි තන්හි ශාශ්වතාදි භාවයෙන් නො වදාළ බැවින් අව්‍යාකෘත නම් වෙයි. මේ භේදය නො ගෙන පළමු අව්‍යාකෘතය මෙන් මැ දෘෂ්ටිගතය ‘අව්‍යාකෘත’ යයි අන්‍ධක උත්තරාපථක නිකායවාසීන් සෙයින් ලබ්ධි ගතුවන්ගේ වාද බිඳුනට ‘අබ්‍යාකතකථා’ එයි.]
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ “අවිජ්ජාපච්චයාපි සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයාපි අවිජ්ජා”ති.
Sinhala BJTස. පා: භවත, එකරුණින් අවිද්‍යා ප්‍රත්‍යය කොට ඇති සංස්කාරයෝ ඇත, සංස්කාර ප්‍රත්‍යය කොට ගත් අවිද්‍යා ඇතියි’ කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: තණ්හාපච්චයා උපාදානං, න වත්තබ්බං උපාදාන පච්චයාපි තණ්හා’ති.
Sinhala BJT2. ස. පු: තෘෂ්ණාප්‍රත්‍යයෙනුදු උපාදාන වෙයි, උපාදානප්‍රත්‍යයෙනුදු තෘෂ්ණා වේ යයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු තණ්හා උපාදානෙන සහජාතා’ති.
Sinhala BJTස. අනු: තෘෂ්ණාව උපාදානය හා සහජාත නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි තණ්හා උපාදානෙන සහජාතා,
Sinhala BJTස. ඨ: ඉදින් තෘෂ්ණාව උපාදානය හා සහජාත වේ නම්,
Pali BJTස. පා: තෙන වත රෙ වත්තබ්බෙ “තණ්හාපච්චයාපි උපාදානං, උපාදානපච්චයාපි තණ්හා”ති.
Sinhala BJTස. පා: භවත, එකරුණින් ‘තෘෂ්ණා ප්‍රත්‍යයෙනුදු උපාදාන වෙයි, උපාදානප්‍රත්‍යයෙනුදු තෘෂ්ණා වේ’යයි කියැයුතු මැ යැ.
Pali BJT3. ප. පු: “ජරාමරණපච්චයා භික්ඛවෙ, ජාති, ජාතිපච්චයා භවො”ති අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJT3. ප. පු: ‘මහණෙනි, ජරාමරණප්‍රත්‍යයෙන් ජාති වෙයි, ජාතිප්‍රත්‍යයෙන් භව වේ’ යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
Pali BJTස. පටි: නත්ථි.
Sinhala BJTස. පටි: නැත.
Pali BJTප. නිග: තෙන හි “අවිජ්ජාපච්චයාපි සඞ්ඛාරා, න වත්තබ්බං, සඞ්ඛාරපච්චයාපි අවිජ්ජා’ති. තණ්හාපච්චයාපි උපාදානං, න වත්තබ්බං උපාදානපච්චයාපි තණ්හා”ති.
Sinhala BJTප. නිග: එකරුණින් “අවිද්‍යාප්‍රත්‍යයෙනුදු සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයෙනුදු අවිද්‍යා වේ’යයි නො කියැයුතු යැ. තෘෂ්ණා ප්‍රත්‍යයෙනුදු උපාදාන වෙයි, උපාදාන ප්‍රත්‍යයෙනුදු තෘෂ්ණා වේ” යයි නො කියැයුතු යැ.
Pali BJT4. ස. පු: “විඤ්ඤාණපච්චයා භික්ඛවෙ නාමරූපං, නාමරූපපච්චයාපි විඤ්ඤාණ”න්ති{a} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJT4. ස. පු: “මහණෙනි, විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමරූපප්‍රත්‍යයෙනුදු විඥාන වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. නිග: තෙන හි අවිජ්ජාපච්චයාපි සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයාපි අවිජ්ජා, තණ්හාපච්චයාපි උපාදානං උපාදානපච්චයාපි තණ්හා’ති.
Sinhala BJTස. නිග: එකරුණින් අවිද්‍යාප්‍රත්‍යයෙනුදු සංස්කාරයෝ වෙති. සංස්කාර ප්‍රත්‍යයෙනුදු අවිද්‍යා වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙනුදු උපාදාන වෙයි. උපාදානප්‍රත්‍යයෙනුදු තෘෂ්ණා වෙයි.
Pali BJTඅඤ්ඤමඤ්ඤපච්චයකථා නිට්ඨිතා.
Sinhala BJTඅඤ්ඤමඤ්ඤපච්චයකථා නිමි.
Pali BJT15. 3.
Sinhala BJT15. 3.
Pali BJTඅද්ධාකථා
Sinhala BJTඅද්ධාකථා
Pali BJT1. ස. පු: අද්ධා පරිනිප්ඵන්නො’ති.
Sinhala BJT1. ස. පු: කාලය පරිනිෂ්පන්න (හේතුප්‍රත්‍යයෙන් උපන්නේ) වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.