Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු{1} අකුසලං ආවට්ටන්තස්ස උප්පජ්ජති -පෙ- පණිදහන්තස්ස උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: අකුශලය ආවර්‍තනා කරන්නහුට උපදනේ ... ප්‍රණිධි කරන්නහුට උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අකුසලං ආවට්ටන්තස්ස උප්පජ්ජති -පෙ- පණිදහන්තස්ස උප්පජ්ජති.
Sinhala BJTඅනු. ඨ: ඉදින්, අකුශලය ආවර්‍තනා කරන්නහුට උපදනේ වේ නම් ... ප්‍රණිධි කරන්නහුට උපදනේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ, “කුසලමූලං පටිසන්දහති අකුසලමූලං”න්ති.
Sinhala BJTඅනු. පා: භවත, කුශලමූලය අකුශලමූල ප්‍රතිසන්‍ධාන කෙරේ, යයි නො කියැයුතු මැ යැ.
Pali BJT7. ස. පු: කුසලමූලං පටිසන්දහති අකුසලමූලන්ති.
Sinhala BJT7. ස. පු: කුශලමූලය අකුශලමූල ප්‍රතිසන්‍ධාන කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලං යොනිසොමනසිකරොතො උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: කුශලය යෝනිසෝමනසිකාරයෙන් උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ
Pali BJTස. අනු: අකුසලං යොනිසොමනසිකරොතො උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: අකුසලය යෝනිසෝමනසිකාරයෙන් උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJTස. අනු: නනු අකුසලං අයොනිසො මනසිකරොතො උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: අකුශලය අයෝනිසෝමනසිකාර කරන්නහුට උපදනේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අකුසලං අයොනිසොමනසිකරොතො උප්පජ්ජති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අකුශලය අයෝනිසෝමනසිකාර කරන්නහුට උපදනේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: කුසලමූලං පටිසන්දහති අකුසලමූලන්ති.
Sinhala BJTඅනු. පා: භවත, කුශලමූලය අකුශලමූල ප්‍රතිසන්‍ධාන කෙරේයයි නො කියැයුතු මැ යැ.
Pali BJT8. ස. පු: කුසලමූලං පටිසන්දහති අකුසලමූලන්ති.
Sinhala BJT8. ස. පු: කුශලමූලය අකුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නෙක්ඛම්මසඤ්ඤාය අනන්තරා කාමසඤ්ඤා උප්පජ්ජති, අබ්යාපාදසඤ්ඤාය අනන්තරා බ්යාපාදසඤ්ඤා උප්පජ්ජති, අවිහිංසාසඤ්ඤාය අනන්තරා විහිංසා සඤ්ඤා උප්පජ්ජති, මෙත්තාය අන්තරා බ්යාපාදො උප්පජ්ජති, කරුණාය අනන්තරා විහිංසා උප්පජ්ජති, මුදිතාය අනන්තරා අරති උප්පජ්ජති, උපෙක්ඛාය අනන්තරා පටිඝං උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: නිෂ්කාමසංඥාවට අනතුරු වැ කාමසංඥා උපදනේ වේ ද, අව්‍යාපාදසංඥාවට අනතුරු වැ ව්‍යාපාදසංඥා උපදනේ වේ ද, අවිහිංසාසංඥාවට අනතුරු වැ විහිංසාසංඥා උපදනේ වේ ද, මෛත්‍රියට අනතුරු වැ ව්‍යාපාදය උපදනේ වේ ද, කරුණාවට අනතුරු වැ විහිංසා උපදනේ වේ ද, මුදිතාවට අනතුරු වැ අරති උපදනේ වේ ද, උපේක්‍ෂාවට අනතුරු වැ ප්‍රතිඝය උපදනේ වේ ද?
Pali BJTප. පටි. න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ප. පු: න වත්තබ්බං අකුසලමූලං පටිසන්දහති කුසලමූලං, කුසලමූලං පටිසන්දහති අකුසලමූලන්ති.
Sinhala BJT9. ප. පු: ‘අකුශලමූලය කුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරෙයි, කුශලමූලය අකුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරෙයි’ යනු නො කියයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු යස්මිඤ්ඤෙව වත්ථුස්මිං රජ්ජති, තස්මිඤ්ඤෙව වත්ථුස්මිං විරජ්ජති, යස්මිඤ්ඤෙව වත්ථුස්මිං විරජ්ජති තස්මිඤ්ඤෙව වත්ථුස්මිං රජ්ජතී’ති.
Sinhala BJTප. අනු: යම් මැ වස්තුයෙකැ ඇලේ ද, එ මැ වස්තුයෙහි නො ඇලෙන්නේ, යම් මැ වස්තුයෙකැ නො ඇලේ ද, එ මැ වස්තුයෙහි ඇලෙන්නේ නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි යස්මිඤ්ඤෙව වත්ථුස්මිං විරජ්ජති තස්මිඤ්ඤෙව වත්ථුස්මිං රජ්ජති,{1}
Sinhala BJTඅනු. ඨ: ඉදින් යම් මැ වස්තුයෙකැ නො ඇලෙනුයේ එ මැ වස්තුයෙහි ඇලේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ “අකුසලමූලං පටිසන්දහති කුසලමූලං, කුසලමූලං පටිසන්දහති අකුසලමූල”න්ති.
Sinhala BJTඅනු. පා: භවත එකරුණින් ‘අකුශලමූලය කුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරෙයි, කුශලමූලය අකුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරෙයි’ යනු කියැයුතු මැ යැ.
Pali BJTකුසලාකුසලපටිසන්දහනකථා නිට්ඨිතා.
Sinhala BJTකුසලාකුසලපටිසන්‍දහනකථා නිමි.
Pali BJT14. 2.
Sinhala BJT14. 2.
Pali BJTසළායතනුප්පත්තිකථා.
Sinhala BJTසළායතනුප්පත්තිකථා
Pali BJT1. ස. පු: සළායතනං අපුබ්බං අචරිමං මාතුකුච්ඡිස්මිං සණ්ඨාතී’ති.
Sinhala BJT1. ස. පු: ෂඩායතන පෙර පසු නො වැ මවුකුසැ පිහිටා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සබ්බඞ්ගපච්චයා අහීනින්ද්රියො{1} මාතුකුච්ඡිස්මිං ඔක්කමතී’ති.
Sinhala BJTස. අනු: හැම අඟපසඟ ඇති වැ අනූන ඉඳුරන් ඇති වැ මවුකුසැ සිටුනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: උපපත්තෙසියෙන චිත්තෙන චක්ඛායතනං සණ්ඨාතී’ති.
Sinhala BJT2. ස. පු: උප්පත්තෙසිය (ප්‍රතිසන්‍ධි) සිතින් චක්‍ෂුරායතනය පිහිටන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: උපපත්තෙසියෙන චිත්තෙන හත්ථා සණ්ඨන්ති, පාදා සණ්ඨන්ති, සීසං සණ්ඨාති, කණ්ණො සණ්ඨාති, නාසිකා සණ්ඨාති, මුඛං සණ්ඨාති, දන්තා සණ්ඨන්තී’ති.
Sinhala BJTස. අනු: උපපත්තෙසිය සිතින් හස්තයෝ පිහිටත් ද, පාදයෝ පිහිටත් ද, ශීර්‍ෂය පිහිටා ද, කර්‍ණය පිහිටා ද, නාසිකාව පිහිටා ද, මුඛය පිහිටා ද, දන්තයෝ පිහිටත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: උපපත්තෙසියෙන චිත්තෙන සොතායතනං -පෙ- ඝානායතනං -පෙ- ජිව්හායතනං සණ්ඨාතී’ති.
Sinhala BJT3. ස. පු: උපපත්තෙසිය සිතින් ශ්‍රෝත්‍රායතනය ... ඝ්‍රාණායතනය ... ජිහ්වායතනය පිහිටන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: උපපත්තෙසියෙන චිත්තෙන හත්ථා සණ්ඨන්ති, පාදා සණ්ඨන්ති, සීසං සණ්ඨාති, කණ්ණො සණ්ඨාති, නාසිකා සණ්ඨාති, මුඛං සණ්ඨාති, දන්තා සණ්ඨන්තී’ති.
Sinhala BJTස. අනු: උපපත්තෙසිය සිතින් හස්තයෝ පිහිටත් ද, පාදයෝ පිහිටත් ද, ශීර්‍ෂය පිහිටා ද, කර්‍ණය පිහිටා ද, නාසිකාව පිහිටා ද, මුඛය පිහිටා ද, දන්තයෝ පිහිටත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(‘තනු සා ධම්මතණ්හා’ යන පදයෙන් ධර්‍මාලම්බන නිසා පවත්නා තෘෂ්ණාව කියැ වේ. අව්‍යාකෘතභාවය නො වේ. එහෙයින් අසාධක යි.)
Pali BJT4. ප. පු: මාතුකුච්ඡිගතස්ස පච්ඡා චක්ඛායතනං උප්පජ්ජතී’ති.
Sinhala BJT4. ප. පු: මාතෘකුක්‍ෂිගතයාහට පසු වැ චක්‍ෂුරායතන උපදනේ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: මාතුකුච්ඡිස්මිං චක්ඛුපටිලාභාය කම්මං කරොතී’ති.
Sinhala BJTප. අනු: මාතෘකුක්‍ෂියෙහි දී චක්‍ෂුෂ්ප්‍රතිලාභ පිණිස කර්‍ම කරන්නේ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[ධර්‍මතෘෂ්ණාව ‘ධම්මතණ්හා’ යයි කී හෙයින් එය දුක්ඛසමුදය නො වේ යයි පූර්‍වශෛලීයනිකාය වාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳිනට ‘ධම්මතණ්හා න දුක්ඛසමුදයෝති කථා’ එයි.]
Pali BJT5. ප. පු: මාතුකුච්ඡිගතස්ස පච්ඡා සොතායතනං -පෙ- ඝානායතනං -පෙ- ජිව්හායතනං උප්පජ්ජතී’ති.
Sinhala BJT5. ප. පු: මාතෘකුක්‍ෂිගතයාහට පසු වැ ශ්‍රෝත්‍රායතන ... ඝ්‍රාණායතන ... ජිහ්වායතන උපදනේ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: මාතුකුච්ඡිස්මිං ජිව්හායතනපටිලාභය කම්මං කරොතී’ති.
Sinhala BJTප. අනු: මාතෘකුක්‍ෂියෙහි ජිහ්වායතන ප්‍රතිලාභ පිණිස කර්‍ම කරන්නේ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ප. පු: මාතුකුච්ඡිගතස්ස පච්ඡා කෙසා ලොමා නඛා දන්තා අට්ඨි උප්පජ්ජන්තී’ති.
Sinhala BJT6. ප. පු: මාතෘකුක්‍ෂිගතයාහට පසු වැ කෙස් ලොම් නිය දත් ඇට උපදනේ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: මාතුකුච්ඡිස්මිං අට්ඨිපටිලාභාය කම්මං කරොතී’ති.
Sinhala BJTප. අනු: මාතෘකුක්‍ෂියෙහි දී අස්‍ථිප්‍රතිලාභ පිණිස කර්‍ම කරන්නේ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ස. පු: න වත්තබ්බං මාතුකුච්ඡිගතස්ස පච්චයා කෙසා ලොමා නඛා දන්තා අට්ඨි උප්පජ්ජන්තී’ති.
Sinhala BJT7. ස. පු: ‘මාතෘකුක්‍ෂිගතයාහට පසු වැ කෙස් ලොම් නිය දත් ඇට උපදනේ යැ’යි කියැයුතු නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:
Pali BJT“පඨමං කලලං හොති කලලා හොති අබ්බුදං අබ්බුදා ජායතෙ පෙසී පෙසී නිබ්බත්තතී ඝනො ඝනා පසාඛා ජායන්ති කෙසා ලොමා නඛා’පි ච.
Sinhala BJT“පළමු වැ කලලරූපය වෙයි. කලලරූපයෙන් අර්බුද වෙයි. අර්බුදයෙන් පේශි උපදි. පෙශියෙන් ඝන වෙයි. ඝනයෙන් ප්‍රශාඛයෝ ද කෙස් ලොම් නිය ද උපදිත්.
Pali BJTයඤ්චස්ස භුඤ්ජතෙ{1}. මාතා අන්නං පානඤ්ච භොජනං තෙන සො තත්ථ යාපෙති මාතුකුච්ඡිගතො නරො’ති”{a}
Sinhala BJTඔහුගේ මව ආහාරපාන සඞ්ඛ්‍යාත යම් මැ බොජුනක් බුදී ද, ඒ මාතෘකුක්‍ෂිගත සත්ත්‍වයා එයින් යැපේ”යයි
Pali BJTඅත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සුත්‍රාන්තයක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පු: එසේ යැ.
Pali BJTස. ආ: තෙන හි “මාතුකුච්ඡිගතස්ස පච්ඡා කෙසා ලොමා නඛා දන්තා අට්ඨි උප්පජ්ජන්තී”ති.
Sinhala BJTස. ආ: එකරුණින් ‘මාතෘකුක්‍ෂිගතයාහට පසු වැ කෙස් ලොම් නිය දත් ඇට උපදනාහු වෙත්.
Pali BJTසළායතනුප්පත්තිකථා නිට්ඨිතා.
Sinhala BJTසළායතනුප්පත්තිකථා නිමි.
Pali BJT14. 3.
Sinhala BJT14. 3.
Pali BJTඅනන්තරපච්චයකථා
Sinhala BJTඅනන්තරපච්චයකථා
Pali BJT1. ස. පු: චක්ඛුවිඤ්ඤාණස්ස අනන්තරා සොතවිඤ්ඤාණං උප්පජ්ජතී’ති.
Sinhala BJT1. ස. පු: චක්‍ෂුර්විඥානයට අනතුරු වැ ශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යා චක්ඛුවිඤ්ඤාණස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධි, සා’ව සොතවිඤ්ඤාණස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුර්විඥානයාගේ උත්පාදය පිණිස යම් ආවර්‍ජනායෙක් ... ප්‍රණිධියෙක් ඇද්ද, ඒ ආවර්‍ජනා ... ප්‍රණිධි මැ ශ්‍රෝත්‍රවිඥානයාගේ උත්පාදය පිණිස ආවර්‍ජනා ... ප්‍රණිධි වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: චක්ඛුවිඤ්ඤාණස්ස අනන්තරා සොතවිඤ්ඤාණං උප්පජ්ජති,{1} න වත්තබ්බං ‘යා චක්ඛුවිඤ්ඤාණස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධි, සාව’ සොතවිඤ්ඤාණස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණී’ධීති.
Sinhala BJT2. ස. පු: (තොප මතයෙහි) චක්‍ෂුර්විඥානයට අනතුරු වැ ශ්‍රෝත්‍රවිඥානය උපදනේ යැ. චක්‍ෂුර්විඥානයාගේ උත්පාදය පිණිස යම් ආවර්‍තනායෙක් ... ප්‍රණිධියෙක් ඇද්ද ඒ මැ ශ්‍රෝත්‍රවිඥානයාගේ උත්පාදය පිණිස ආවර්‍තනා ... ප්‍රණිධි වෙති’යි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතවිඤ්ඤාණං අනාවට්ටන්තස්ස උප්පජ්ජති -පෙ- අපණිදහන්තස්ස උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: ශ්‍රෝත්‍රවිඥානය ආවර්‍තනා නො කරන්නහුට උපදනේ වේ ද? ... ප්‍රණිධි නොකරන්නහුට උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු සොතවිඤ්ඤාණං ආවට්ටන්තස්ස උප්පජ්ජති -පෙ- පණිදහන්තස්ස උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: ශ්‍රෝත්‍රවිඥානය ආවර්‍තනා කරන්නහුට උපදනේ නො වේ ද? ... ප්‍රණිධි කරන්නහුට උපදනේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සොතවිඤ්ඤාණං ආවට්ටන්තස්ස උප්පජ්ජති -පෙ- පණිදහන්තස්ස උප්පජ්ජති.
Sinhala BJTඅනු. ඨ: ඉදින් ශ්‍රෝත්‍රවිඥානය ආවර්‍තනා කරන්නහුට උපදනේ වේ නම්, ... ප්‍රණිධි කරන්නහුට උපදනේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “චක්ඛුවිඤ්ඤාණස්ස අනන්තරා සොතවිඤ්ඤාණං උප්පජ්ජතී’ති.
Sinhala BJTඅනු. පා: භවත, චක්‍ෂුර්විඥානයට අනතුරු වැ ශ්‍රෝත්‍රවිඥානය උපදනේ යැ’යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: චක්ඛුවිඤ්ඤාණස්ස අනන්තරා සොතවිඤ්ඤාණං උප්පජ්ජතී’ති.
Sinhala BJT3. ස. පු: චක්‍ෂුර්විඥානයට අනතුරු වැ ශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුවිඤ්ඤාණං රූපනිමිත්තං මනසිකරොතො උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුර්විඥානය රූපනිමිත්ත මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතවිඤ්ඤාණං රූපනිමිත්තං මනසිකරොතො උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: ශ්‍රෝත්‍රවිඥානය රූපනිමිත්ත මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: චක්ඛුවිඤ්ඤාණං රූපාරම්මණඤ්ඤෙව න අඤ්ඤාරම්මණන්ති.
Sinhala BJT4. ස. පු: චක්‍ෂුර්විඥානය රූපාලම්බන මැ වේ ද, අන්‍යාලම්බන නොවන්නේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතවිඤ්ඤාණං රූපාරම්මණඤ්ඤෙව න අඤ්ඤාරම්මණන්ති.
Sinhala BJTස. අනු: ශ්‍රෝත්‍රවිඥානය රූපාලම්බන මැ වේ ද, අන්‍යාලම්බන නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති.
Sinhala BJT5. ස. පු: චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති සොතවිඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා ශ්‍රෝතවිඥානය උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති සොතවිඤ්ඤාණන්ති.
Sinhala BJT6. ස. පු: චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: “චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති සොතවිඤ්ඤාණන්ති” අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: “චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා ශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
Pali BJTප. පටි: නත්ථි.
Sinhala BJTප. පටි: නැති.
Pali BJTස. අනු: “චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණන්ති” අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: “චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි “චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණ”න්ති. අත්ථෙ’ව සුත්තන්තො,
Sinhala BJTඅනු. ඨ: ඉදින්, “චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති සොතවිඤ්ඤාණ”න්ති.
Sinhala BJTඅනු. පා: භවත “චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා ශ්‍රෝතවිඥානය උපදනේ වේ” යයි නො කියැයුතු මැ යැ.
Pali BJT7. ස. පු: චක්ඛුවිඤ්ඤාණස්ස අනන්තරා සොතවිඤ්ඤාණං උප්පජ්ජතී’ති.
Sinhala BJT7. ස. පු: චක්‍ෂුර්විඥානයට අනතුරු වැ ශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ ද?