Pali BJT1. ස. පු: ධම්මතණ්හා න දුක්ඛසමුදයො’ති.
Sinhala BJT1. ස. පු: ධර්‍මතෘෂ්ණාව දුඃඛසමුදය නො වනු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපතණ්හා න දුක්ඛසමුදයො’ති.
Sinhala BJTස. අනු: රූපතෘෂ්ණාව දුඃඛසමුදය නො වනු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: ධම්මතණ්හා න දුක්ඛසමුදයො’ති.
Sinhala BJT2. ස. පු: ධර්‍මතෘෂ්ණා දුඃඛසමුදය නො වනු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සද්දතණ්හා -පෙ- ගන්ධතණ්හා -පෙ- රසතණ්හා -පෙ- ඵොට්ඨබ්බතණ්හා න දුක්ඛසමුදයො’ති.
Sinhala BJTස. අනු: ශබ්දතෘෂ්ණා ... ගන්‍ධතෘෂ්ණා ... රසතෘෂ්ණා ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා දුඃඛසමුදය නො වනු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: රූපතණ්හා දුක්ඛසමුදයො’ති.
Sinhala BJT3. ස. පු: රූපතෘෂ්ණා දුඃඛසමුදය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස අනු: ධම්මතණ්හා දුක්ඛසමුදයො’ති.
Sinhala BJTස. අනු: ධර්‍මතෘෂ්ණා දුඃඛසමුදය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: සද්දතණ්හා -පෙ- ගන්ධතණ්හා -පෙ- රසතණ්හා -පෙ- ඵොට්ඨබ්බතණ්හා දුක්ඛසමුදයො’ති.
Sinhala BJT4. ස. පු: ශබ්දතෘෂ්ණා ... ගන්‍ධතෘෂ්ණා ... රසතෘෂ්ණා ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා දුඃඛසමුදය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ධම්මතණ්හා දුක්ඛසමුදයො’ති.
Sinhala BJTස. අනු: ධර්‍මතෘෂ්ණා දුඃඛසමුදය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: ධම්මතණ්හා න දුක්ඛසමුදයො’ති?
Sinhala BJT5. ස. පු: ධර්‍මතෘෂ්ණාව දුඃඛසමුදය නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු තණ්හා දුක්ඛසමුදයො වුත්තො භගවතා’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘තෘෂ්ණාව දුඃඛසමුදය’ යි වදාරනලද නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි තණ්හා දුක්ඛසමුදයො වුත්තො භගවතා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘තෘෂ්ණාව දුඃඛසමුදය’ යි වදාරනලද වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “ධම්මතණ්හා න දුක්ඛසමුදයො”ති.
Sinhala BJTඅනු. පා: භවත ‘ධර්‍මතෘෂ්ණාව දුඃඛසමුදය නො වේ යැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ තදස්සාදෙති - ප්‍රථමධ්‍යාන උපයා වාස කෙරෙයි. ඒ ධ්‍යානලාභී පුද්හල එය ආස්වාද කෙරෙයි’ යනාදි වචන නිසා ‘සමවන්නේ ආස්වාද කෙරේ යයි ද, ඔහුගේ ඒ ධ්‍යානතිකාන්තිය ධ්‍යානාලම්බන වේ’ යයි ද අන්‍ධක නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සමාපන්නෝ අස්සාදෙති’ කථා එයි.]
Pali BJT6. ස. පු: ධම්මතණ්හා න දුක්ඛසමුදයො’ති.
Sinhala BJT6. ස. පු: ධර්‍මතෘෂ්ණාව දුඃඛසමුදය නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු ලොභො දුක්ඛසමුදයො වුත්තො භගවතා, ‘ධම්මතණ්හා ලොභො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ලෝභය දුඃඛසමුදය ය’යි වදාරනලද නො? ධර්‍මතෘෂ්ණාව ලෝභ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි ලොභො දුක්ඛසමුදයො වුත්තො භගවතා ධම්මතණ්හා ලොභො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ලෝභය දුඃඛසමුදය’ යි වදාරනලද වේ නම්, ධර්‍මතෘෂ්ණාත් ලෝභ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “ධම්මතණ්හා න දුක්ඛසමුදයො”ති.
Sinhala BJTඅනු. පා: භවත ‘ධර්‍මතෘෂ්ණාව දුඃඛසමුදය නො වේ යැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT7. ස. පු: ධම්මතණ්හා ලොභො න දුක්ඛසමුදයො’ති.
Sinhala BJT7. ස. පු: ධර්‍මතෘෂ්ණාව ලෝභ වූයේ දුඃඛසමුදය නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපතණ්හා ලොභො න දුක්ඛසමුදයො’ති.
Sinhala BJTස. අනු: රූපතෘෂ්ණා ලෝභ වූයේ දුඃඛසමුදය නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: ධම්මතණ්හා ලොභො න දුක්ඛසමුදයො’ති.
Sinhala BJT8. ස. පු: ධර්‍මතෘෂ්ණාව ලෝභ වූයේ දුඃඛසමුදය නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සද්දතණ්හා -පෙ- ගන්ධතණ්හා -පෙ- රසතණ්හා -පෙ- ඵොට්ඨබ්බතණ්හා ලොභො න දුක්ඛ සමුදයො’ති.
Sinhala BJTස. අනු: ශබ්දතෘෂ්ණා ... ගන්‍ධතෘෂ්ණා ... රසතෘෂ්ණා ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා ලෝභ වූයේ දුඃඛසමුදය නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ස. පු: රූපතණ්හා ලොභො දුක්ඛසමුදයො’ති.
Sinhala BJT9. ස. පු: රූපතෘෂ්ණා ලෝභ වූයේ දුඃඛසමුදය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ධම්මතණ්හා ලොභො දුක්ඛසමුදයො’ති.
Sinhala BJTස. අනු: ධර්‍මතෘෂ්ණාව ලෝභ වූයේ දුඃඛසමුදය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT10. ස. පු: සද්දතණ්හා -පෙ- ඵොට්ඨබ්බතණ්හා ලොභො දුක්ඛසමුදයො’ති.
Sinhala BJT10. ස. පු: ශබ්දතෘෂ්ණා ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා ලෝභ වූයේ දුඃඛසමුදය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ධම්මතණ්හා ලොභො දුක්ඛසමුදයො’ති.
Sinhala BJTස. අනු: ධර්‍මතෘෂ්ණා ලෝභ වූයේ දුඃඛසමුදය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT11. ස. පු: ධම්මතණ්හා න දුක්ඛසමුදයො’ති.
Sinhala BJT11. ස. පු: ධර්‍මතෘෂ්ණා දුඃඛසමුදය නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “යා යං තණ්හා පොනොභවිකා{1} නන්දිරාග සහගතා තත්ර තත්රාභිනන්දිනී සෙය්යථීදං: කාමතණ්හා භවතණ්හා විභවතණ්හා”ති.{a} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “පුනර්‍භවය කරනසුලු වූ අභිනන්‍දන සඞ්ඛ්‍යාත නන්‍දිරාගයෙන් යුක්ත වූ ඒ ඒ ආත්මභාවයෙහි සතුටු වන යම් තෘෂ්ණාවක් ඇද්ද, ඔහු නම් කාමතෘෂ්ණා යැ භවතෘෂ්ණා යැ විභවතෘෂ්ණා යි” වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ආ: තෙන හි න වත්තබ්බං “ධම්මතණ්හා න දුක්ඛසමුදයො”ති.
Sinhala BJTස. ආ: එකරුණින් “ධර්‍මතෘෂ්ණා දුඃඛසමුදය නො වේ යැ’ යි නො කියැයුතු යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ධ්‍යානලාභියා ධ්‍යානයෙන් නැගීසිට ධ්‍යානාස්වාද කෙරෙයි. සමවත්තුළ ධ්‍යානතිකාන්තිය ධ්‍යානාලම්බන නොවෙයි. එහෙයින් අසාධකයි.)
Pali BJT12. ප. පු: න වත්තබ්බං “ධම්මතණ්හා න දුක්ඛසමුදයො”ති.
Sinhala BJT12. ප. පු: ‘ධර්‍මතෘෂ්ණා දුඃඛසමුදය නො වේ යැ’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු සා ධම්මතණ්හා’ති.
Sinhala BJTප. අනු: හො ධර්‍මතෘෂ්ණා නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘යං කිඤ්චි වේදනං වේදියති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සො තං වේදනං අභිනන්‍දති අභිවදති - සුඛ වේවයි දුඃඛ වේවයි අදුඃඛාසුඛ වේවයි යම් මැ වේදනාවක් විඳුනේ වේ ද, හේ ඒ වේදනාව අභිනන්‍දන කෙරෙයි. එයට ස්තුති කෙරෙයි’ යන සූත්‍රපාඨයෙහි දෘෂ්ටි අභිනන්‍දන වශයෙන් වදාළ ‘අභිනන්‍දති’ යන වචනය ගෙන දුඃඛ වේදනාව පිළිබඳවත් රගාස්වාද වශයෙන් අභිනන්‍දනයෙක් ඇත්නු යි අසාතරාගය පිළිගත් උත්තරාපථකයන්ගේ වාද බිඳුනට ‘අසාතරාගකථා’ එයි.]
Pali BJTඅනු. ඨ: හඤ්චි සා ධම්මතණ්හා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් හො ධර්‍මතෘෂ්ණා වේ නම්,
Pali BJTඅනු, පා: නො ච වත රෙ වත්තබ්බෙ “ධම්මතණ්හා දුක්ඛසමුදයො’ති.{2}
Sinhala BJTඅනු. පා: භවත, ධර්‍මතෘෂ්ණා දුඃඛසමුදය වේ යැ’ යි නො කියැයුතු යැ.
Pali BJTධම්මතණ්හා න දුක්ඛසමුදයොති කථා නිට්ඨිතා.
Sinhala BJTධම්මතණ්හා න දුක්ඛසමුදයෝතිකථා නිමි.
Pali BJTතෙරසමො වග්ගො නිට්ඨිතො.
Sinhala BJTතෙළෙස් වන වග නිමියේ යි.
Pali BJTතස්ස උද්දානං
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTකප්පට්ඨො කප්පං තිට්ඨෙය්ය, කප්පට්ඨො කුසලං චිත්තං න පටිලභෙය්ය, අනන්තරාපයුත්තො පුග්ගලො සම්මත්තනියාමං ඔක්කමෙය්ය, නියතො නියාමං ඔක්කමති, නිවුතො නීවරණං ජහති. සම්මුඛීභූතො සඤ්ඤොජනං ජහති, ඣානනිකන්ති, අසාතරාගො, ධම්මතණ්හා අබ්යාකතා, ධම්මතණ්හා න දුක්ඛසමුදයො’ති.
Sinhala BJTකප්පට්ඨකථා යැ කුසලපටිලාභකථා යැ අනන්තරාපයුත්තකථා යැ නියතස්ස නියාමකථා යැ නිවුතකථා යැ සම්මුඛීභූතකථා යැ සමාපන්නෝ අස්සාදෙති කථා යැ අසාතරාගකථා යැ ධම්මතණ්හා අඛ්‍යාකතාතිකථා යැ ධම්මතණ්හා න දුකඛසමුදයොති කථා යි.
Pali BJTචුද්දසමො වග්ගො.
Sinhala BJTතුදුස්වනවග
Pali BJT14. 1.
Sinhala BJT14. 1.
Pali BJTකුසලාකුසල පටිසන්දහනකථා.
Sinhala BJTකුසලාකුසලපටිසන්‍දහනකථා
Pali BJT1. ස. පු: අකුසලමූලං පටිසන්දහති කුසලමූලන්ති,
Sinhala BJT1. ස. පු: අකුශලමූලය කුශලමූලය ප්‍රතිසන්‍ධාන (එකිනෙක ගැලපීම) කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යා අකුසලස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධි, සාව{1} කුසලස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: අකුශලයාගේ උත්පාදය පිණිස යම් ආවර්‍ජනායෙක් ... ප්‍රණිධියෙක් ඇද්ද, ඕ මැ කුශලයාගේ උත්පාදය පිණිස ආවර්‍ජනා ... ප්‍රණිධි වේ ද,
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: අකුසලමූලං පටිසන්දහති කුසලමූලං, න වත්තබ්බං යා අකුසලස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධි, සාව කුසලස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT2. ස. පු: අකුශලමූලය කුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරේ ද, අකුශලයාගේ උත්පාදය පිණිස යම් ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද, ඒ මැ කුශලයාගේ උත්පාදය පිණිස ආවර්‍ජනා ... ප්‍රණිධි වේ යයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලං අනාවට්ටන්තස්ස{2} උප්පජ්ජති -පෙ- අපණිදහන්තස්ස{3} උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: කුශලය ආවර්‍ජනා නො කරන්නහුට උපදනේ වේ ද, ... ප්‍රණිධි නො කරන්නහුට උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: කුසලං ආවට්ටන්තස්ස උප්පජ්ජති -පෙ- පණිදහන්තස්ස උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: කුශලය ආවර්‍ජනා කරන්නහුට උපදනේ වේ ද? ... ප්‍රණිධි කරන්නහුට උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි කුසලං ආවට්ටන්තස්ස උප්පජ්ජති -පෙ- පණිදහන්තස්ස උප්පජ්ජති.
Sinhala BJTඅනු. ඨ: ඉදින් කුශලය ආවර්‍ජනා කරන්නහුට උපදනේ වේ නම් .... ප්‍රණිධි කරන්නහුට උපදනේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අකුසලමූලං පටිසන්දහති කුසලමූල”න්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘අකුශලමූලය කුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරේ’යයි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: අකුසලමූලං පටිසන්දහති කුසලමූලන්ති.
Sinhala BJT3. ස. පු: අකුශලමූලය කුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(දිට්ඨිමඤ්ඤනා වශයෙන් දුඃඛවේදනා අභිනන්‍දන කෙරෙයි. එය අසාතරාගයට සාධක නො වේ.)
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලං{4} අයොනිසො මනසිකාරොතො උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: අකුශලය අයෝනිසෝමනසිකාර කරන්නහුට උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ
Pali BJTස. අනු: කුසලං අයොනියො මනසිකරොතො උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: කුශලය අයෝනිසෝමනසිකාර කරන්නහුට උපදනේ වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘රූපාදි සවැදෑරුම් තෘෂ්ණා කෙරෙහි හැමට පසු තෘෂ්ණාව යම් හෙයෙකින් ‘ධම්මතණ්හා’ යි කියන ලද ද, එහෙයින් ‘ධර්‍මතෘෂ්ණාව අව්‍යාකෘතය’ යි පූර්‍වශෛලිය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ධම්මතණ්හා අඛ්‍යාකතාති කථා’ එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු කුසලං යොනිසො මනසිකරොතො උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: කුශලය යෝනිසෝමනසිකාර කරන්නහුට උපදනේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි කුසලං යොනියො මනසිකරොතො උප්පජ්ජති.
Sinhala BJTඅනු. ඨ: ඉදින් කුශලය යෝනිසෝමනසිකාර කරන්නහුට උපදනේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ. අකුසලමූලං පටිසන්දහති කුසලමූලන්ති.
Sinhala BJTඅනු. පා: භවත ‘අකුශලමූලය කුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරේ’යයි නො කියැයුතු මැ යැ.
Pali BJT4. ස. පු: අකුසලමූලං පටිසන්දහති කුසලමූලන්ති.
Sinhala BJT4. ස. පු: අකුශලමූලය කුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමසඤ්ඤාය අනන්තරා නෙක්ඛම්මසඤ්ඤා උප්පජ්ජති, බ්යාපාදසඤ්ඤාය අනන්තරා අබ්යාපාදසඤ්ඤා උප්පජ්ජති, විහිංසාසඤ්ඤාය අනන්තරා අවිහිංසාසඤ්ඤා උප්පජ්ජති, බ්යාපාදස්ස අනන්තරා මෙත්තා උප්පජ්ජති, අරතියා අනන්තරා මුදිතා උප්පජ්ජති, පටිඝස්ස{1} අනන්තරා උපෙක්ඛා උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: කාමසංඥාවට අනතුරු වැ නිෂ්කාමසංඥාව උපදනේ වේ ද? ව්‍යාපාදසංඥාවට අනතුරු වැ අව්‍යාපාදසංඥාව උපදනේ වේ ද? විහිංසාසංඥාවට අනතුරුව අවිහිංසාසංඥාව උපදනේ වේ ද? බ්‍යාපාදයට අනතුරු වැ මෛත්‍රිය උපදනේ වේ ද? විහිංසාවට අනතුරු වැ කරුණාව උපදනේ වේ ද? අරතියට අනතුරු වැ මුදිතාව උපදනේ වේ ද? ප්‍රතිඝයට අනතුරු වැ උපේක්‍ෂාව උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: කුසලමූලං පටිසන්දහති අකුසලමූලන්ති.
Sinhala BJT5. ස. පු: කුශලමූලය අකුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යා කුසලස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධි, සා’ව{2} අකුසලස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: කුශලෝත්පාදය පිණිස යම් ආවර්‍තනායෙක් ... ප්‍රණිධියෙක් ඇද්ද? ඒ මැ අකුශලොත්පාදයට ආවර්‍තනායෙක් ... ප්‍රණිධියෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: කුසලමූලං පටිසන්දහති අකුසලමූලං, යා කුසලස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධි, සා’ව අකුසලස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT6. ස. පු: කුශලමූලය අකුශලමූලය ප්‍රතිසන්‍ධාන කෙරේ, කුශලෝත්පාදය පිණිස යම් ආවර්‍තනායෙක් ... ප්‍රණිධියෙක් ඇද්ද, ඒ මැ අකුශලොත්පාදයට ආවර්‍තනා ... ප්‍රණිධි වේ ද?
Pali BJTප. පටි: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුසලං අනාවට්ටන්තස්ස උප්පජ්ජති -පෙ- අපණිදහන්තස්ස උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: අකුශලය ආවර්‍තන නො කරන්නහුට උපදනේ වේ ද ... ප්‍රණිධාන නො කරන්නහුට උපදනේ වේ ද?