Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: කුසලාකුසලා සාවජ්ජානවජ්ජා හීනප්පණීතා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
Sinhala BJT5. ස. පු: කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ල සප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “චත්තාරිමානි භික්ඛවෙ සුවිදූරවිදූරානි. කතමානි චත්තාරි: නභඤ්ච භික්ඛවෙ පඨවී ච, ඉදං පඨමං සුවිදූර විදූරං -පෙ- තස්මා සතං ධම්මො අසබ්භි ආරකා”ති{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, මේ සුවිදූරවිදූරස්ථානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, අහස හා පොළොව හා මේ පළමු වන සුවිදූරවිදූර ස්ථාන යි. ... එහෙයින් සත්පුරුෂයන්ගේ ධර්‍මය අසත්පුරුෂයන් කෙරෙන් දුරු වෙයි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ආ: තෙන හි න වත්තබ්බං: කුසලාකුසලා සාවජ්ජානවජ්ජා හීනප්පණීතා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා සම්බුඛීභාවං ආගච්ඡන්තී’ති.
Sinhala BJTස. ආ: එකරුණින් ‘කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ලසප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට එති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT6. ප. පු: න වත්තබ්බං “සමාපන්නො අස්සාදෙති. ඣානනිකන්ති ඣානාරම්මණා”ති.
Sinhala BJT6. ප. පු: ‘සමවන්නේ ආස්වාද කෙරෙයි. ඒ ධ්‍යානතිකාන්තිය ධ්‍යානාලම්බන වෙයි’ යනු නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා “ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමංඣානං උපසම්පජ්ජ විහරති. සො තං අස්සාදෙති. තං නිකාමෙති. තෙන ච විත්තිං ආපජ්ජති. විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො තං අස්සාදෙති. තං නිකාමෙති. තෙන ච විත්තිං ආපජ්ජතී”ති{b} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ අකුසල්දහමින් වෙන් වැ සවිතර්‍ක සවිචාර විවේකජ ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යාන උපයා වාස කෙරෙයි. හේ ඒ දැහැන ආස්වාද කෙරෙයි. ඒ දැහැන කැමැති වෙයි. එයිනුදු ප්‍රීතියට පැමිණෙයි. විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් ... ද්විතීයධ්‍යාන ... තෘතීයධ්‍යාන ... චතුර්‍ත්‍ථධ්‍යාන උපයා වාස කෙරෙයි. හේ එය ආස්වාද කෙරෙයි. හේ ඒ කැමැති වෙයි. එයිනුදු ප්‍රීතියට පැමිණෙ’ යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ආ: තෙන හි “සමාපන්නො අස්සාදෙති, ඣානනිකන්ති ඣානාරම්මණා”ති.
Sinhala BJTප. ආ: එකරුණින් සමවන්නේ ආස්වාද කෙරෙයි. ඒ ධ්‍යානතිකාන්තිය ධ්‍යානාලම්බන වෙයි.
Pali BJTසමාපන්නො අස්සාදෙතිකථා නිට්ඨිතා.
Sinhala BJTසමාපන්නෝ අස්සාදෙතිකථා නිමි.
Pali BJT13. 8.
Sinhala BJT13. 8.
Pali BJTඅසාතරාගකථා.
Sinhala BJTඅසාතරාගකථා
Pali BJT1. ස. පු: අත්ථි අසාතරාගො’ති.
Sinhala BJT1. ස. පු: අසාතරාගය (දුඃඛවේදනායෙහි මේ වේදනා මට ඇත් නම් මැනැවැයි රජ්ජනායෙක්) ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දුක්ඛාභිනන්දිනො සත්තා අත්ථි කෙචි දුක්ඛං පත්ථෙන්ති පිහෙන්ති එසන්ති ගවෙසන්ති පරියෙසන්ති, දුක්ඛං අජ්ඣොසාය තිට්ඨන්තී’ති.
Sinhala BJTස. අනු: දුක පතන කැමැති වන සොයන ගවේෂණය කරණ පර්‍ය්‍යෙෂණ කරණ, දුකෙහි බැස සිටුනා දුක අභිනන්‍දනා කරන යම් මැ සත්ත්‍ව කෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු සුඛාභිනන්දිනො සත්තා අත්ථි කෙචි සුඛං පත්ථෙන්ති පිහෙන්ති එසන්ති ගවෙසන්ති පරියෙසන්ති, සුඛං අජ්ඣොසාය තිට්ඨන්තී’ති.
Sinhala BJTස. අනු: සුව පතන කැමැති වන ඒෂණා ගවේෂණා පර්‍ය්‍යෙෂණා කරන සුවයෙහි බැස සිටුනා සුවය අභිනන්‍දනා කරන යම් මැ සත්ත්‍ව කෙනෙක් ඇත්තාහු නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සුඛාභිනන්දිනො සත්තා අත්ථි කෙචි සුඛං පත්ථෙන්ති පිහෙන්ති එසන්ති ගවෙසන්ති පරියෙසන්ති, සුඛං අජ්ඣොසාය තිට්ඨන්ති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සුව පතන කැමැති වන ඒෂණා ගවේෂණා පර්‍ය්‍යෙෂණා කරන සුඛයෙහි බැසසිටුනා සුඛය අභිනන්‍දනා කරන යම් මැ සත්ත්‍ව කෙනෙක් ඇත්තාහු නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථි අසාතරාගො’ති.{1}
Sinhala BJTඅනු. පා: භවත, ‘අසාතරාගයෙක් ඇත’ යනු නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: අත්ථි අසාතරාගො’ති.{1}
Sinhala BJT2. ස. පු: අසාතරාගයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දුක්ඛාය වෙදනාය රාගානුසයො අනුසෙති, සුඛාය වෙදනාය පටිඝානුසයො අනුසෙතී’ති.
Sinhala BJTස. අනු: (තොප මතයෙහි,) දුඃඛවේදනායෙහි රාගානුශය ලුහුබඳී, සුඛවේදනායෙහි ප්‍රතිඝානුශය ලුහුබඳනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු සුඛාය වෙදනාය රාගානුසයො අනුසෙති, දුක්ඛාය වෙදනාය පටිඝානුසයො අනුසෙතී’ති.
Sinhala BJTස. අනු: සුඛවේදනායෙහි රාගානුශය ලුහුබඳනේ දුඃඛවේදනායෙහි ප්‍රතිඝානුශය ලුහුබඳනේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[නියාමය දෙපරිදි වෙයි. එහි ආනන්තර්‍ය්‍ය කර්‍මය මිථ්‍යාත්‍වනියාම වෙයි. ආර්‍ය්‍යමාර්‍ගය සම්‍යක්ත්‍වනියාමය වෙයි. මේ නියාමධර්‍ම දෙක තබා අන්‍ය නියාමයෙක් නැත. සියලු ත්‍රෛභූමකධර්‍මයෝ අනියතයහ. එයින් යුක්ත වූයේත් අනියත මැ වෙයි. බුදුවරුන් විසින් තමන්ගේ ඥානබලයෙන් ‘මේ සත්ත්‍වයා අනාගතයෙහි බුදු වෙති’යි ව්‍යාකෘත වූ බෝධිසත්ත්‍ව තෙමේ අත්‍යන්ත පින් ඇති හෙයින් නියත’ යයි කියනු ලැබේ. මේ ව්‍යවහාර මාත්‍රය ගෙන ‘පශ්චිමභවික බෝධිසත්ත්‍වයා ධර්‍මාභිසමයට භව්‍යය’ යි යන අදහසින් ‘නියත වූයේ ආර්‍ය්‍යමාර්‍ග නියාමයට බැස ගන්නේ වේ ය’ යි පූර්‍ව ශෛලීය අපරශෛලීය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘නියතස්ස නියාමකථා’ එයි]
Pali BJTඅනු. ඨ: හඤ්චි සුඛාය වෙදනාය රාගානුසයො අනුසෙති, දුක්ඛාය වෙදනාය පටිඝානුසයො අනුසෙති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සුඛවේදනායෙහි රාගානුශය ලුහුබඳනේ වේ නම්, දුඃඛවේදනායෙහි ප්‍රතිඝානුශය ලුහුබඳනේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අත්ථි අසාතරාගො”ති.
Sinhala BJTඅනු. පා: භවත ‘අසාතරාගයෙක් ඇත’ යනු නො කියැයුතු මැ යැ.
Pali BJT3. ප. පු: න වත්තබ්බං “අත්ථි අසාතරාගො”ති.
Sinhala BJT3. ප. පු: ‘අසාතරාගයෙක් ඇත’ යනු නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා “සො එවං අනුරොධවිරොධං සමාපන්නො යං කිඤ්චි වෙදනං වෙදියති.{1} සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සො තං වෙදනං අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨතී”ති{a} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු? “හේ මෙසේ අනුරෝධවිරෝධයට පැමිණියේ සුඛ වේවයි දුඃඛ වේවයි අදුඃඛාසුඛ වේවයි යම් මැ වේදනාවක් විඳුනේ වේ ද, හේ ඒ වේදනාව අභිනන්‍දන කෙරෙයි, බෙණෙයි, බැසගෙන සිටී” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ආ: තෙන හි ‘අත්ථි අසාතරාගො’ති.
Sinhala BJTපටි. ආ: එකරුණින් ‘අසාතරාගයෙක් ඇත’.
Pali BJTඅසාතරාගකථා නිට්ඨිතා.
Sinhala BJTඅසාතරාගකථා නිමි.
Pali BJT13. 9.
Sinhala BJT13. 9.
Pali BJTධම්මතණ්හා අබ්යාකතාති කථා.
Sinhala BJTධම්මතණ්හා අබ්‍යාකතාතිකථා
Pali BJT1. ස. පු: ධම්මතණ්හා අබ්යාකතා’ති.
Sinhala BJT1. ස. පු: ධර්‍මතෘෂ්ණා (මනෝද්වාරයෙන් සිතවන් අරමුණු කෙරෙහි තෘෂ්ණාව) අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: විපාකාබ්යාකතා කිරියාබ්යාකතා, රූපං නිබ්බානං චක්ඛායතනං -පෙ- ඵොට්ඨබ්බායතන’න්ති.
Sinhala BJTස. අනු: විපාකයෝ අව්‍යාකෘත වෙති, ක්‍රියා අව්‍යාකෘත යැ, රූපය නිර්‍වාණය චක්‍ෂුරායතනය ... ස්‍ප්‍රෂ්ටව්‍යායතනත් අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: ධම්මතණ්හා අබ්යාකතා’ති.
Sinhala BJT2. ස. පු: ධර්‍මතෘෂ්ණා අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපතණ්හා අබ්යාකතා’ති.
Sinhala BJTස. අනු: රූපතෘෂ්ණා අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: ධම්මතණ්හා අබ්යාකතා’ති.
Sinhala BJT3. ස. පු: ධර්‍මතෘෂ්ණා අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සද්දතණ්හා -පෙ- ගන්ධතණ්හා -පෙ- රසතණ්හා -පෙ- ඵොට්ඨබ්බතණ්හා අබ්යාකතා’ති.
Sinhala BJTස. අනු: ශබ්දතෘෂ්ණා ... ගන්‍ධතෘෂ්ණා ... රසතෘෂ්ණා ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: රූපතණ්හා අකුසලා’ති.
Sinhala BJT4. ස. පු: රූපතෘෂ්ණා අකුශල වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘ශුද්ධපුද්ගලයාහට ශුද්ධිකෘත්‍ය නැති බැවින් නීවරණයෙන් නිවෘත වූයේ (වෙළුණු පුද්ගලයා) නීවරණ දුරු කෙරේ’ යයි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘නිවුතකථා’ එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ධම්මතණ්හා අකුසලා’ති.
Sinhala BJTස. අනු: ධර්‍මතෘෂ්ණා අකුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: සද්දතණ්හා -පෙ- ඵොට්ඨබ්බතණ්හා අකුසලා’ති.
Sinhala BJT5. ස. පු: ශබ්දතෘෂ්ණා ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා අකුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ධම්මතණ්හා අකුසලා’ති.
Sinhala BJTස. අනු: ධර්‍මතෘෂ්ණා අකුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: ධම්මතණ්හා අබ්යාකතා’ති.
Sinhala BJT6. ස. පු: ධර්‍මතෘෂ්ණා අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු තණ්හා අකුසලා වුත්තා භගවතා’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් තෘෂ්ණා අකුශල යයි වදාරනලද නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි තණ්හා අකුසලා වුත්තා භගවතා,
Sinhala BJTස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් තෘෂ්ණා අකුශල යයි වදාරනලද නම්,
Pali BJTස. පා: නො ච වත රෙ, වත්තබ්බෙ ධම්මතණ්හා අබ්යාකතා’ති.
Sinhala BJTස. පා: භවත ‘ධර්‍මතෘෂ්ණා අව්‍යාකෘත වේ ය’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT7. ස. පු: ධම්මතණ්හා අබ්යාකතා’ති.
Sinhala BJT7. ස. පු: ධර්‍මතෘෂ්ණා අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු ලොභො අකුසලො වුත්තො භගවතා, ධම්මතණ්හා ලොභො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ලෝභය අකුශල යයි වදාරනලද නො, ධර්‍මතෘෂ්ණා ලෝභ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි ලොභො අකුසලො වුත්තො භගවතා, ධම්මතණ්හා ලොභො.
Sinhala BJTස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ලෝභය අකුශල යයි වදාරනලද වේ නම්, ධර්‍මතෘෂ්ණාත් ලෝභ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ, වත්තබ්බෙ ‘ධම්මතණ්හා අබ්යාකතා’ති.
Sinhala BJTඅනු. පා: භවත ‘ධර්‍මතෘෂ්ණා අව්‍යාකෘත වේ ය’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT8. ස. පු: ධම්මතණ්හා ලොභො අබ්යාකතො’ති.
Sinhala BJT8. ස. පු: ධර්‍මතෘෂ්ණාව ලෝභ වූයේ අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපතණ්හා ලොභො අබ්යාකතො’ති.
Sinhala BJTස. අනු: රූපතෘෂ්ණාව ලෝභ වූයේ අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ස. පු: ධම්මතණ්හා ලොභො අබ්යාකතො’ති.
Sinhala BJT9. ස. පු: ධර්‍මතෘෂ්ණා ලෝභ වූයේ අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සද්දතණ්හා -පෙ- ගන්ධතණ්හා -පෙ- රසතණ්හා -පෙ- ඵොට්ඨබ්බතණ්හා ලොභො අකුසලො’ති.
Sinhala BJTස. අනු: ශබ්දතෘෂ්ණා ... ගන්‍ධතෘෂ්ණා ... රසතෘෂ්ණා ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා ලෝභ වූයේ අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT10. ස. පු: සද්දතණ්හා -පෙ- ඵොට්ඨබ්බතණ්හා ලොභො අකුසලො’ති.
Sinhala BJT10. ස. පු: ශබ්දතෘෂ්ණා ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා ලෝභ වූයේ අකුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ධම්මතණ්හා ලොභො අකුසලො’ති.
Sinhala BJTස. අනු: ධර්‍මතෘෂ්ණා ලෝභ වූයේ අකුශල වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(සූත්‍රපාඨයෙන් දැක්වෙන්නේ ආස්‍රවක්‍ෂය මිස නිවෘතයාගේ නීවරණ හැරලීමෙක් නොවේ. එහෙයින් අසාධකයි.)
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT11. ස. පු: ධම්මතණ්හා අබ්යාකතා’ති.
Sinhala BJT11. ස. පු: ධර්‍මතෘෂ්ණා අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: “යායං තණ්හා පොනොභවිකා{1} නන්දිරාගසහගතා තත්රතත්රාභිනන්දිනී සෙය්යථීදං: කාමතණ්හා භවතණ්හා විභවතණ්හා”ති{a} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “පුනර්‍භවය පිණිස වැටෙන නන්‍දිරාග සහගත වූ ඒ ඒ ගතියෙහි අභිනන්‍දනය කරන යම් තෘෂ්ණායෙක් ඇද්ද, ඔහු නම් කාමතෘෂ්ණා යැ භවතෘෂ්ණා යැ විභවතෘෂ්ණා යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[මෙහි නිදානය ද නිවුත්කථායෙහි මෙනි.]
Pali BJTප. පටිඤ්ඤා. ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ආ: තෙන හි න වත්තබ්බං “ධම්මතණ්හා අබ්යාකතා”ති.
Sinhala BJTස. ආ: එකරුණින් “ධර්‍මතෘෂ්ණා අව්‍යාකෘත යැ’ යි නො කියැයුතු යැ.
Pali BJT12. ප. පු: න වත්තබ්බං “ධම්මතණ්හා අබ්යාකතා”ති.
Sinhala BJT12. ප. පු: ‘ධර්‍මතෘෂ්ණාව අව්‍යාකෘත යැ’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු සා ධම්මතණ්හා’ති.
Sinhala BJTප. අනු: ඔ ධර්‍මතෘෂ්ණා නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සා ධම්මතණ්හා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ඔ ධර්‍මතෘෂ්ණා වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ “ධම්මතණ්හා අබ්යාකතා”ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘ධර්‍මතෘෂ්ණා අව්‍යාකෘත යැ’ යි කියැයුතු මැ යැ.
Pali BJTධම්මතණ්හා අබ්යාකතාතිකථා නිට්ඨිතා.
Sinhala BJTධම්මතණ්හා අඛ්‍යාකතාතිකථා නිමි.
Pali BJT13. 10.
Sinhala BJT13. 10.
Pali BJTධම්මතණ්හා න දුක්ඛසමුදයොතිකථා.
Sinhala BJTධම්මතණ්හා න දුක්ඛසමුදයෝති කථා