Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 11401-11500 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පුබ්බෙ මග්ගං භාවෙත්වා පච්ඡා නියාමං ඔක්කමතී’ති.
Sinhala BJTස. අනු: පෙර මාර්‍ගය භවා පසු වැ නියාමයට බැසගන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පු: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: පුබ්බෙ සොතාපත්තිමග්ගං භාවෙත්වා පච්ඡා සොතාපත්තිනියාමං ඔක්කමතී’ති.
Sinhala BJTස. අනු: පෙර ශ්‍රෝතාපත්ති මාර්‍ග භවා පසු වැ ශ්‍රෝතාපත්ති නියාමයට බැසගන්නේ වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[මෙහි නිදානය ද දුග්ගතිකථායෙහි මෙනි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පු: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: පුබ්බෙ සකදාගාමිමග්ගං -පෙ- අනාගාමිමග්ගං -පෙ- අරහත්තමග්ගං භාවෙත්වා පච්ඡා අරහත්තනියාමං ඔක්කමතී’ති.
Sinhala BJTස. අනු: පෙර සෙදගැමි මග ... අනගැමි මග ... රහත්මග භවා පසු වැ අර්‍හත්ත්‍වනියාමයට බැසගන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පු: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: පුබ්බෙ සතිපට්ඨානං -පෙ- සම්මප්පධානං -පෙ- ඉද්ධිපාදං -පෙ- ඉන්ද්රියං -පෙ- බලං -පෙ- බොජ්ඣඞ්ගං භාවෙත්වා පච්ඡා නියාමං ඔක්කමතී’ති.
Sinhala BJTස. අනු: පෙර සතිපට්ඨාන ... සම්‍යක්ප්‍රධාන ... ඍද්ධිපාද ... ඉන්‍ද්‍රිය ... බල ... බෝධ්‍යඞ්ග භවා පසු වැ නියාමයට බැසගන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ප. පු: න වත්තබ්බං නියතො නියාමං ඔක්කමතී’ති.
Sinhala BJT3. ප. පු: ‘නියත සත්ත්‍වයා නියාමයට බැසගන්නේ ය’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු. භබ්බො බොධිසත්තො තාය ජාතියා ධම්මං නාභිසමෙතුන්ති.
Sinhala BJTප. අනු: බෝධිසත්ත්‍ව තෙමේ ඒ ජාතියෙහි ධර්‍මාභිසමයට භව්‍ය නොවන්නේ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. ආ: තෙන හි “නියතො නියාමං ඔක්කමතී”ති.
Sinhala BJTප. ආ: එකරුණින් නියතසත්ත්‍වයා නියාමධර්‍මයට බැසගන්නේ යැ.
Pali BJTනියතස්ස නියාමකථා නිට්ඨිතා.
Sinhala BJTනියතස්ස නියාමකථා නිමි.
Pali BJT13. 5.
Sinhala BJT13. 5.
Pali BJTනිවුතකථා.
Sinhala BJTනිවුතකථා
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“සඞ්ඝං සමග්ගං හෙත්‍වාන කප්පං නිරයම්හි පච්චති” යනු ගෙන සඞ්ඝභේදක කපක් පුරා නිරයෙහි සිටුනේ’යි රාජගිරිකයන් සෙයින් ලබ්ධි ගතුවන්ගේ වාද බිඳුනට කප්පට්ඨකථා එයි.]
Pali BJT1. ස. පු. නිවුතො නීවරණං ජහතී’ති.
Sinhala BJT1. ස. පු: නීවරණයෙන් නිවෘත වූයේ නීවරණ හැරපියන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රත්තො රාගං ජහති. දුට්ඨො දොසං ජහති. මූළ්හො මොහං ජහති. කිලිට්ඨො කිලෙසෙ ජහතී’ති.
Sinhala BJTස. අනු: රක්ත වූයේ රාගය හැරපියා ද? දුෂ්ට වූයේ ද්වේෂය හැරපියා ද? මූඪ වූයේ මෝහය හැරපියා ද? ක්ලිෂ්ට වූයේ ක්ලේශ හැරපියා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: රාගෙන රාගං ජහති, දොසෙන දොසං ජහති, මොහෙන මොහං ජහති, කිලෙසෙහි කිලෙසෙ ජහතී’ති.
Sinhala BJTස. අනු: රාගයෙන් රාගය හැරපියා ද? ද්වේෂයෙන් ද්වේෂය හැරපියා ද? මෝහයෙන් මෝහය හැරපියා ද? ක්ලේශයෙන් ක්ලේශය හැරපියා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: රාගො චිත්තසම්පයුත්තො, මග්ගො චිත්තසම්පයුත්තො’ති.
Sinhala BJT2. ස. පු: රාගය චිත්තසම්ප්‍රයුක්ත වේ ද? මාර්‍ගය චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වින්නං ඵස්සානං -පෙ- ද්වින්නං චිත්තානං සමොධානං හොතී’ති.
Sinhala BJTස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: රාගො අකුසලො, මග්ගො අකුසලො’ති.
Sinhala BJT3. ස. පු: රාගය අකුශල වේ ද? මාර්‍ගය කුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලාකුසලා සාවජ්ජානවජ්ජා හීනප්පණීතා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
Sinhala BJTස. අනු: කුශලාකුශල, සාවද්‍යානවද්‍යා, හීනප්‍රණීත, කෘෂ්ණශුක්ලසප්‍රතිභාග ධර්‍මයෝ සම්මුඛීභාවයට එද් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: කුසලාකුසලා සාවජ්ජානවජ්ජා හීනප්පණීතා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
Sinhala BJT4. ස. පු: කුශලාකුශල, සාවද්‍යානවද්‍යා, හීනප්‍රණීත, කෘෂ්ණශුක්ලසප්‍රතිභාග ධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “චත්තාරිමානි භික්ඛවෙ සුවිදූරවිදූරානි කතමානි චත්තාරි: නභඤ්ච භික්ඛවෙ පඨවී ච ඉදං පඨමං සුවිදූරවිදූරං -පෙ- තස්මා සතං ධම්මො අසබ්භි ආරකා’ති{a} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මේ සුවිදූරවිදූරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, අහසත් පොළොවත් යන මෙදෙක පළමු වන සුවිදූරවිදූරය යි. ... එහෙයින් සත්පුරුෂයන්ගේ ධර්‍මය අසත්පුරුෂයන් කෙරෙන් දුරු වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ආ: තෙන හි න වත්තබ්බං “කුසලාකුසලා -පෙ- සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
Sinhala BJTස. ආ: එකරුණින් ‘කුශලාකුශල ... ධර්‍මයෝ සම්මුඛීභාවයට එති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT5. ස. පු: නිවුතො නීවරණං ජහතී’ති.
Sinhala BJT5. ස. පු: නිවෘත වූයේ නීවරණ හැරපියන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ අනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙතී’ති{b} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “හේ මෙසේ සමාධිගත සිත පරිශුද්ධ වූ කල්හි පර්‍ය්‍යවදාත වූ කල්හි අනඞ්ගණ වූ කල්හි විගතෝපක්ලේශ වූ කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වූ කල්හි ස්ථිතිප්‍රාප්ත කල්හි අකම්ප්‍යභාවයට පැමිණි කල්හි ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත නමන්නේ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ආ: තෙන හි න වත්තබ්බං “නිවුතො නීවරණං ජහතී”ති.
Sinhala BJTස. ආ: එකරුණින් ‘නිවෘත වූයේ නීවරණ හැරපියා’යි නො කියැයුතු මැ යැ.
Pali BJT6. ප. පු: න වත්තබ්බං නිවුතො නීවරණං ජහතී’ති.
Sinhala BJT6. ප. පු: “නිවෘත වූයේ නීවරණ හැරපියන්නේ වේ” යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා “තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවා’පි චිත්තං විමුච්චති -පෙ- අවිජ්ජාසවා’පි චිත්තං විමුච්චතී”ති.{b} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මෙසේ දන්නා මෙසේ දක්නා ඔහට කාමාස්‍රවයෙනුදු සිත මිදෙයි ... අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු.
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ආ: තෙන හි නිවුතො නීවරණං ජහතී’ති.
Sinhala BJTප. ආ: එකරුණින් ‘නිවෘත වූයේ නීවරණ හැරපියන්නේ වෙයි.
Pali BJTනිවුතකථා නිට්ඨිතා.
Sinhala BJTනිවුතකථා නිමි.
Pali BJT13. 6.
Sinhala BJT13. 6.
Pali BJTසම්මුඛීභූතකථා.
Sinhala BJTසම්මුඛීභූතකථා
Pali BJT1. ස. පු: සම්මුඛීභූතො සඤ්ඤොජනං ජහතී’ති.
Sinhala BJT1. ස. පු: (සංයෝජනයන්ගේ) සම්මුඛීභාවයට පැමිණියේ සංයෝජන හැරපියන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රත්තො රාගං ජහති, දුට්ඨො දොසං ජහති, මූළ්හො මොහං ජහති, කිලිට්ඨො කිලෙසෙ ජහතී’ති.
Sinhala BJTස. අනු: රක්ත වූයේ රාගය හැරපියා ද? දුෂ්ට වූයේ ද්වේෂය හැරපියා ද? මූඨ වූයේ මෝහය හැරපියා ද? ක්ලිෂ්ට වූයේ ක්ලේශයන් හැරපියා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: රාගෙන රාගං ජහති, දොසෙන දොසං ජහති, මොහෙන මොහං ජහති, කිලෙසෙහි කිලෙසෙ ජහතී’ති.
Sinhala BJTස. අනු: රාගයෙන් රාගය හැරපියා ද? ද්වේෂයෙන් ද්වේෂය හැරපියා ද? මෝහයෙන් මෝහය හැරපියා ද? ක්ලේශයෙන් ක්ලේශයන් හැරපියා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: රාගො චිත්තසම්පයුත්තො, මග්ගො චිත්තසම්පයුත්තො’ති.
Sinhala BJT2. ස. පු: රාගය චිත්තසම්ප්‍රයුක්ත යැ. මාර්‍ගය චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වින්නං ඵස්සානං -පෙ- ද්වින්නං චිත්තානං සමොධානං හොතී’ති.
Sinhala BJTස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: රාගො අකුසලො, මග්ගො කුසලො’ති.
Sinhala BJT3. ස. පු: රාගය අකුශල යැ. මාර්‍ගය කුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලාකුසලා සාවජ්ජානවජ්ජා හීනප්පණීතා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
Sinhala BJTස. අනු: කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ලසප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට පැමිණෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: කුසලාකුසලා -පෙ- සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
Sinhala BJT4. ස. පු: කුශලාකුශල වූ ... ධර්‍මයෝ සම්මුඛීභාවයට පැමිණෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “චත්තාරිමානි භික්ඛවෙ සුවිදූරවිදූරානි. කතමානි චත්තාරි: නභඤ්ච භික්ඛවෙ පඨවී ච, ඉදං පඨමං සුවිදූරවිදූරං -පෙ- තස්මා සතං ධම්මො අසබ්භි ආරකා”ති.{a} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැනු: “මහණෙනි, මේ සුවීදූරවිදූරස්ථානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, අහස හා පොළොව හා මේ පළමු වන සුවිදූරවිදූරස්ථාන යි ... එහෙයින් සත්පුරුෂයන්ගේ ධර්‍මය අසත්පුරුෂයන් කෙරෙන් දුරු යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැනු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ආ: තෙන හි වත්තබ්බං “කුසලාකුසලා -පෙ- සම්මුඛීභාවං ආගච්ඡන්තී”ති.
Sinhala BJTස. ආ: එකරුණින් ‘කුශලාකුශල වූ ... ධර්‍මයෝ සම්මුඛීභාවයට එති’ යි නො කියැයුතු මැ යැ ...
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘කල්පස්ථයා කාමාවචර කුශලයක් මැ ලබා’ යනු ස්වසමය යි. ‘කුසල්සිත් නො ලබා’ යයි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘කුසලපටිලාභකථා’ එයි.]
Pali BJT5. ස. පු: සම්මුඛීභූතො සඤ්ඤොජනං ජහතී’ති.
Sinhala BJT5. ස. පු: සංයෝජනයන්ගේ සම්මුඛීභාවයට පැමිණියේ සංයෝජන හැරපියා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ -පෙ- ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙතී”ති.{b} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “හේ මෙසේ සමාහිත චිත්තය පරිශුද්ධ වත් මැ ... ආස්‍රවක්‍ෂයඥානය පිණිස චිත්තය නතු කෙරෙයි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටි: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ආ: තෙන හි න වත්තබ්බං “සම්මූඛීභුතො සඤ්ඤොජනං ජහතී’ති.
Sinhala BJTස. ආ: එකරුණින් ‘සම්මුඛීභූත වූයේ සංයෝජන හරනේ යැ’ යනු නො කියැ යුතු යැ.
Pali BJT6. ප. පු: න වත්තබ්බං “සම්මුඛීභූතො සඤ්ඤොජනං ජහතී”ති.
Sinhala BJT6. ප. පු: ‘සම්මුඛීභූත වූයේ සංයෝජන හරනේ යැ’ යනු නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවා’පි චිත්තං විමුච්චති -පෙ- අවිජ්ජාසවා’පි චිත්තං විමුච්චතී”ති.{b} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රව කෙරෙනුදු මිදෙයි ... අවිද්‍යාස්‍රව කෙරෙනුදු මිදේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටි: ආමන්තා.
Sinhala BJTස. පටි: එසේ යැ.
Pali BJTප. ආ: තෙන හි සම්මුඛීභූතො සඤ්ඤොජනං ජහතී”ති.
Sinhala BJTප. ආ: එකරුණින් සම්මුඛීභූත වූයේ සංයෝජන හරනේ යැ.
Pali BJTසම්මුඛීභූතකථා නිට්ඨිතා.
Sinhala BJTසම්මුඛීභූතකථා නිමි.
Pali BJT13. 7.
Sinhala BJT13. 7.
Pali BJTසමාපන්නො අස්සාදෙතිකථා.
Sinhala BJTසමාපන්නෝ අස්සාදෙති කථා
Pali BJT1. ස. පු: සමාපන්නො අස්සාදෙති, ඣානනිකන්ති ඣානාරම්මණා’ති.
Sinhala BJT1. ස. පු: සමවන්නේ ආස්වාද කෙරෙයි. ඒ ධ්‍යානතිකාන්තිය (ධ්‍යානාශාව) ධ්‍යානාලම්බන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තං ඣානං තස්ස ඣානස්ස ආරම්මණන්ති.
Sinhala BJTස. අනු: ඒ ධ්‍යානය ඒ ධ්‍යානයට ආලම්බන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: තං ඣානං තස්ස ඣානස්ස ආරම්මණන්ති.
Sinhala BJT2. ස. පු: ඒ ධ්‍යානය ඒ ධ්‍යානයට ආලම්බන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තෙන ඵස්සෙන තං ඵස්සං ඵුසති, තාය වෙදනාය තං වෙදනං වෙදෙති, තාය සඤ්ඤාය තං සඤ්ඤං ජානාති, තාය චෙතනාය තං චෙතනං චෙතෙති, තෙන චිත්තෙන තං චිත්තං චින්තෙති, තෙන විතක්කෙන තං විතක්කං විතක්කෙති, තෙන විචාරෙන තං විචාරං විචාරෙති, තාය පීතියා තං පීති පියායති, තාය සතියා තං සතිං සරති, තාය පඤ්ඤාය තං පඤ්ඤං පජානාතී’ති.
Sinhala BJTස. අනු: ඒ ස්‍පර්‍ශයෙන් ඒ ස්‍පර්‍ශය ස්‍පර්‍ශ කෙරේ ද? ඒ වේදනායෙන් ඒ වේදනාව විඳුනේ වේ ද? ඒ සංඥායෙන් ඒ සංඥාව දන්නේ වේ ද? ඒ චේතනායෙන් ඒ චේතනාව සිතා ද? ඒ චිත්තයෙන් ඒ චිත්තය චින්තන කෙරේ ද? ඒ විතර්‍කයෙන් ඒ විතර්‍ක තර්‍කණ කෙරේ ද? ඒ විචාරයෙන් විචාරය විචාරනා කෙරේ ද? ඒ ප්‍රීතියෙන් ඒ ප්‍රීතිය පියායනා කෙරේ ද? ඒ ස්මෘතියෙන් ඒ ස්මෘතිය ස්මරණ කෙරේ ද? ඒ ප්‍රඥායෙන් ඒ ප්‍රඥාව දනී ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: ඣානනිකන්ති චිත්තසම්පයුත්තා, ඣානං චිත්තසම්පයුත්තන්ති.
Sinhala BJT3. ස. පු: ධ්‍යානතිකාන්තිය චිත්තසම්ප්‍රයුක්ත වේ ද, ධ්‍යානය චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“කාබුන් මරණින් අනන්තර වැ විපාකදායක වූ ආනන්තර්‍ය්‍ය කර්‍මයක් පිණිස නියත ආණත්තියෙන් ඇණැවුම් ලැබූවෙක් මාතුඝාතකාදි ඒ කර්‍ම කෙරේ නම්, ඇණැවුම් කළ තැනැත්තේ අර්‍ත්‍ථසාධකචේතනා උපදවාලූයෙන් මිථ්‍යාත්‍වනියත වෙයි. සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නට අභව්‍ය වෙයි. අනියතාණත්තියකින් ඇණැවුම් ලැබූවෙක් ඒ කර්‍මය කෙරේ නම්, අණ කළ තැනැත්තේ අර්‍ත්‍ථසාධකචේතනා නූපදවාලූයෙන් මිථ්‍යාත්‍වනියත නො වෙයි. සම්‍යක්ත්‍ව නියාමයට බැසගන්නට භව්‍ය වෙයි” යනු ස්වසමය යි. එතෙකුදු වුව අනියතාණත්තියෙන් අණ කළ ද සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නට හේ අභව්‍ය වේ යයි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අනන්තරාපයුත්තකථා’ එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වින්නං ඵස්සානං -පෙ- ද්වින්නං චිත්තානං සමොධානං හොතී’ති.
Sinhala BJTස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: ඣානනිකන්ති අකුසලං, ඣානං කුසලන්ති.
Sinhala BJT4. ස. පු: ධ්‍යානනිකාන්තිය අකුශල යි. ධ්‍යානය කුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලාකුසලා සාවජ්ජානවජ්ජා හීනප්පණීතා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
Sinhala BJTස. අනු: කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ල සප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛී භාවයට එත් ද?