Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 11301-11400 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTස. අනු: කප්පො ච සණ්ඨාති, කප්පට්ඨො ච පුග්ගලො කාලං කරොතී’ති.
Sinhala BJTස. අනු: කල්පය හටගන්නා හා මැ කල්පස්ථ පුද්ගලයා කලුරිය කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: කප්පට්ඨො කප්පං තිට්ඨෙය්යා’ති.
Sinhala BJT5. ස. පු: කල්පස්ථයා කපක් සිටුනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතං කප්පං තිට්ඨෙය්ය, අනාගතං කප්පං තිට්ඨෙය්යා’ති.
Sinhala BJTස. අනු: අතීතකල්පය සිටුනේ වේ ද? අනාගතකල්පය සිටුනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: කප්පට්ඨො කප්පං තිට්ඨෙය්යා’ති.
Sinhala BJT6. ස. පු: කල්පස්ථයා කපක් සිටුනේ වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(භාග්‍යවතුන් වහන්සේ ‘සත්තක්ඛත්තුපරම’ යනු සෝතාපන්නයා සත්වරකට වඩා නූපදින බව කියනු සඳහා මිස භවනියමයක් සඳහා නො වදාළ හෙයින් සාධක නොවේ.)
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ කප්පෙ තිට්ඨෙය්ය, තයො කප්පෙ තිට්ඨෙය්ය. චත්තාරො කප්පෙ තිට්ඨෙය්යා’ති.
Sinhala BJTස. අනු: දෙකපක් සිටුනේ වේ ද? තෙකපක් සිටුනේ වේ ද? සිවුකපක් සිටුනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ස. පු: කප්පට්ඨො කප්පං තිට්ඨෙය්යා’ති.
Sinhala BJT7. ස. පු: කල්පස්ථයා කපක් සිටුනේ වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[මෙහි නිදානය සත්තක්ඛත්තුපරමකථායෙහි මෙනි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කප්පට්ඨො කප්පෙ ඩය්හන්තෙ කත්ථ ගච්ඡතී’ති.
Sinhala BJTස. අනු: කල්පස්ථයා කප දන කලැ කොහි යේ ද?
Pali BJTප. පටිඤ්ඤා: අඤ්ඤං ලොකධාතුං ගච්ඡතී’ති.
Sinhala BJTප. පටිඤ්‍ඤා: අන්‍ය ලෝකධාතුවකට යෙයි.
Pali BJTස. අනු: මතො ගච්ඡති, වෙහාසං ගච්ඡතී’ති.
Sinhala BJTස. අනු: මළේ යේ ද, නොහොත් අහසින් යේ ද?
Pali BJTප. පටිඤ්ඤා: මතො ගච්ඡතී’ති.
Sinhala BJTප. පටි: මළේ යෙයි.
Pali BJTස. අනු: කප්පට්ඨියං කම්මං අපරාපරියවෙපක්කන්ති.{1}
Sinhala BJTස. අනු: කල්පස්ථායී කර්‍මය අපරාපරිය වේදනීය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: වෙහාසං ගච්ඡතී’ති.
Sinhala BJT8. ස. පු: අහසට යේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කප්පට්ඨො ඉද්ධිමා’ති.
Sinhala BJTස. අනු: කල්පස්ථයා ඍද්ධිමත් වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[මෙහි නිදානය ද සත්තක්ඛත්තුපරමකථා යෙ මෙනි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ... (භාවනාමය ඍද්ධි නැති හෙයින් ප්‍රතික්‍ෂිප්තයි.)
Pali BJT9. ස. පු: කප්පට්ඨො ඉද්ධිමා’ති.
Sinhala BJT9. ස. පු: කල්පස්ථයා ඍද්ධිමත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ. (ජාතිඍද්ධි ඇතියි ප්‍රතිඥාතයි.)
Pali BJTස. අනු: කප්පට්ඨෙන ඡන්දිද්ධිපාදො භාවිතො විරියිද්ධිපාදො භාවිතො චිත්තිද්ධිපාදො භාවිතො වීමංසිද්ධිපාදො භාවිතො’ති.
Sinhala BJTස. අනු: කල්පස්ථයා විසින් ඡන්‍දිද්ධිපාද භාවිත වේ ද, වීරියිද්ධිපාද භාවිත වේ ද, චිත්තිද්ධිපාද භාවිත වේ ද, වීමංසිද්ධිපාද භාවිත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ... (ජාතිඍද්ධිපාද ඇති කල්හි ඍද්ධිපාදභාවනා කුමටැයි ප්‍රතික්‍ෂිප්තයි.)
Pali BJT10. ප. පු: න වත්තබ්බං ‘කප්පට්ඨො කප්පං තිට්ඨෙය්යා’ති.
Sinhala BJT10. ප. පු: ‘කල්පස්ථයා කපක් සිටුනේ යැ’යි නො කියයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු:
Pali BJT“ආපායිකො නෙරයිකො කප්පට්ඨො සඞ්ඝභෙදකො, වග්ගරතො අධම්මට්ඨො යොගක්ඛෙමතො{2} ධංසති. සඞ්ඝං සමග්ගං භෙත්වාන{3} කප්පං නිරයම්හි පච්චතී”ති.{a}
Sinhala BJT“ආපායික වූ නේරයික වූ කල්පස්ථායී වූ වර්‍ගරත වූ අධර්‍මස්ථ වූ සඞ්ඝභේදක පුද්ගලයා යෝගක්‍ෂේමයෙන් පිරිහෙයි. සමග සඟුන් බිඳ කපක් දවස් නිරයෙහි පැසේ” යයි
Pali BJTඅත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘ප්‍රාණවධය ද්වේෂ සම්ප්‍රයුක්ත චිත්තයෙන් වෙයි. ද්වේෂය ද දෘෂ්ටිසම්පන්නයාහට අප්‍රහීන යැ. ඒ හේතුවින් දෘෂ්ටිසම්පන්න පුද්ගල දැන දැන ප්‍රාණවධ කෙරේය’ යි පූර්‍වශෛලීය අපරශෛලීය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ජීවිතාවෝරෝපනකථා එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ආ: තෙන හි “කප්පට්ඨො කප්පං තිට්ඨෙය්යා”ති.
Sinhala BJTප. ආ: එකරුණින් කල්පස්ථයා කපක් සිටුනේ යැ. (කල්පය අසූවට බෙදා එයින් භාගයක් පමණ කල් නිරයෙහි සිටී. ඒ නිරයෙහි ආයුෂ්කල්පය සඳහා කියුයෙන් අසාධක ය.)
Pali BJTකප්පට්ඨකථා නිට්ඨිතා.
Sinhala BJTකප්පට්ඨකථා නිමි.
Pali BJT13. 2.
Sinhala BJT13. 2.
Pali BJTකුසලපටිලාභකථා.
Sinhala BJTකුසලපටිලාභකථා
Pali BJT1. ස. පු: කප්පට්ඨො කුසලං චිත්තං න පටිලභෙය්යා’ති.
Sinhala BJT1. ස. පු: කල්පස්ථයා කුශලචිත්තය නො ලබන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කප්පට්ඨො දානං දදෙය්යා’ති.
Sinhala BJTස. අනු: කල්පස්ථයා දන් දෙන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි කප්පට්ඨො දානං දදෙය්ය,
Sinhala BJTඅනු. ඨ: ඉදින් කල්පස්ථයා දන් දෙන්නේ වේ නම්,
Pali BJTඅනු පා: නො ච වත රෙ වත්තබ්බෙ “කප්පට්ඨො කුසලං චිත්තං න පටිලභෙය්යා”ති.
Sinhala BJTඅනු. පා: භවත, කල්පස්ථයා කුශලචිත්තය නොලබන්නේ යැ යනු නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: කප්පට්ඨො කුසලං චිත්තං න පටිලභෙය්යා’ති.
Sinhala BJT2. ස. පු: කල්පස්ථයා කුශලචිත්තය නො ලබන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කප්පට්ඨො චීවරං දදෙය්ය -පෙ- පිණ්ඩපාතං දදෙය්ය -පෙ- සෙනාසනං දදෙය්ය -පෙ- ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං දදෙය්ය -පෙ- ඛාදනීයං දදෙය්ය -පෙ- භොජනීයං දදෙය්ය -පෙ- පානීයං දදෙය්ය -පෙ- චෙතියං වන්දෙය්ය -පෙ- චෙතියෙ මාලං ආරොපෙය්ය -පෙ- ගන්ධං ආරොපෙය්ය -පෙ- විලෙපනං ආරොපෙය්ය -පෙ- චෙතියං පදක්ඛිණං{1} කරෙය්යා’ති.
Sinhala BJTස. අනු: කල්පස්ථයා සිවුරු දෙන්නේ ... පිඬුවා දෙන්නේ ... සෙනසුන් දෙන්නේ ... ගිලන්පසබෙහෙත්පිරිකර දෙන්නේ ... ඛාද්‍ය දෙන්නේ ... භෝජ්‍ය දෙන්නේ ... පැන් දෙන්නේ ... සෑ වඳනේ ... සෑයෙහි මල් පළඳනේ ... සුවඳ නංවන්නේ ... විලෙවුන් රුවන්නේ ... සෑ පැදකුණු කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි කප්පට්ඨො චෙතියං පදක්ඛිණං{1} කරෙය්ය,
Sinhala BJTඅනු. ඨ: ඉදින් කල්පස්ථයා සෑ පැදකුණු කරන්නේ වේ නම්,
Pali BJTඅනු පා: නො ච වත රෙ වත්තබ්බෙ “කප්පට්ඨො කුසලං චිත්තං න පටිලභෙය්යා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘කල්පස්ථයා කුශලචිත්තය නොලබන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
Pali BJT3. ප. පු: කප්පට්ඨො කුසලං චිත්තං පටිලභෙය්යා’ති.
Sinhala BJT3. ප. පු: කල්පස්ථයා කුශලචිත්තය ලබන්නේ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: තතො වුට්ඨානං කුසලං චිත්තං පටිලභෙය්යා’ති.
Sinhala BJTප. අනු: එයින් උත්‍ථාන කුශලචිත්තය ලබන්නේ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: රූපාවචරං -පෙ- අරූපාවචරං -පෙ- ලොකුත්තරං කුසලං චිත්තං පටිලභෙය්යා’ති.
Sinhala BJTප. අනු: රූපාවචර ... අරූපාවචර ... ලෝකෝත්තරචිත්තය ලබන්නේ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTකුසලපටිලාභකථා නිට්ඨිතා.
Sinhala BJTකුශලපටිලාභකථා නිමි.
Pali BJT13. 3.
Sinhala BJT13. 3.
Pali BJTඅනන්තරාපයුත්තකථා.
Sinhala BJTඅනන්තරාපයුත්තකථා
Pali BJT1. ප. පු: අනන්තරාපයුත්තො පුග්ගලො සම්මත්තනියාමං ඔක්කමෙය්යා’ති.
Sinhala BJT1. ප. පු: අනන්තරාප්‍රයුක්ත පුද්ගලයා සම්‍යක්ත්‍වනියාමයට (ආර්‍ය්‍යමාර්‍ගයට) බැසගන්නේ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: මිච්ඡත්තනියාමඤ්ච සම්මත්තනියාමඤ්ච උභො ඔක්කමෙය්යා’ති.
Sinhala BJTප. අනු: මිථ්‍යාත්‍වනියාම (ආනන්තර්‍ය්‍යකර්‍ම) හා සම්‍යක්ත්‍වනියාම හා දෙකට මැ බැසගන්නේ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ප. පු: අනන්තරාපයුත්තො පුග්ගලො සම්මත්තනියාමං ඔක්කමෙය්යා’ති.
Sinhala BJT2. ප. පු: අනන්තරාප්‍රයුක්ත පුද්ගලයා සම්‍යක්ත්‍ව නියාමයට බැසගන්නේ වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[දුර්‍ගතිය හා දුර්‍ගතිසත්ත්‍වයන්ගේ රූපාදිය අරමුණු කොට ඇති තෘෂ්ණාව හා දෙක මැ දුර්‍ගති විසින් ගෙන නැවත ඒ විභාග නො කොට - ඒ වෙන වෙන නො ගෙන අවශේෂයෙන් ‘දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ’යැ යි උත්තරාපථක නිකායවාසීන් සෙයින් වාද ගත්තවුන්ගේ ඒ වාද බිඳුනට දුර්‍ගතිකථා එයි.]
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු තං කම්මං පයුත්තං කුක්කුච්චං උප්පාදිතං විප්පටිසාරියං ජනිතන්ති.
Sinhala BJTප. අනු: ඒ ආනන්තර්‍ය්‍යකර්‍මය ප්‍රයුක්ත නො වේ ද, කුකුස් උපදවනලද නො වේ ද, විපිළිසර උපදවනලද නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි තං කම්මං පයුත්තං කුක්කුච්චං උප්පාදිතං විප්පටිසාරියං ජනිතං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් කර්‍මය ප්‍රයුක්ත නම්, කුකුස් උපදවන ලද නම්, විපිළිසර උපදවන ලද නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අනන්තරාපයුත්තො පුග්ගලො සම්මත්තනියාමං ඔක්කමෙය්යා”ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘අනන්තරාප්‍රයුක්ත පුද්ගල සම්‍යක්ත්‍වනියාමයට බැස ගන්නේ යැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: අනන්තරාපයුත්තො පුග්ගලො අභබ්බො සම්මත්තනියාමං ඔක්කමිතුන්ති.
Sinhala BJT3. ස. පු: අනන්තරාප්‍රයුක්ත (අතියතාණත්තිකළ) පුද්ගලයා සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නට අභව්‍ය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මාතා ජීවිතා වොරොපිතා, පිතා ජීවිතා වොරොපිතො, අරහා ජීවිතා වොරොපිතො, දුට්ඨෙන චිත්තෙන තථාගතස්ස ලොහිතං උප්පාදිතං සඞ්ඝො භින්නො’ති.
Sinhala BJTස. අනු: (ඔහු විසින්) මවු දිවි තොර කරන ලදු ද, පියේ දිවි තොර කරන ලද්දේ ද, රහත් දිවි තොර කරන ලද්දේ ද, දුෂ්ට චිත්තයෙන් තථාගතයන් වහන්සේගේ සිරුරෙහි ලෙහෙ සලන ලද්දේ ද, සඞ්ඝයා බිඳින ලද ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: අනන්තරාපයුත්තො පුග්ගලො තං කම්මං පටිසංහරිත්වා කුක්කුච්චං පටිවිනොදෙත්වා විප්පටිසාරියං පටිවිනෙත්වා{1} අභබ්බො සම්මත්තනියාමං ඔක්කමිතුන්ති.
Sinhala BJT4. ස. පු: අනන්තරාප්‍රයුක්ත පුද්ගලයා ඒ අතියතාණත්ති කර්‍මය හකුළුවා කුකුස් දුරු කොට විපිළිසර බැහැර කොට සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නට අභව්‍ය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මාතා ජීවිතා වොරොපිතා පිතා ජීවිතා වොරොපිතො -පෙ- සඞ්ඝො භින්නො’ති.
Sinhala BJTස. අනු: (ඔහු විසින්) මවු දිවි තොර කරන ලදු ද? පියේ දිවි තොර කරන ලද්දේ ද, ... සඞ්ඝයා බිඳින ලද්දේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: අන්තරාපයුත්තො පුග්ගලො තං කම්මං පටිසංහරිත්වා කුක්කුච්චං පටිවිනොදෙත්වා විප්පටිසාරියං පටිවිනෙත්වා1 අභබ්බො සම්මත්තනියාමං ඔක්කමිතුන්ති.
Sinhala BJT5. ස. පු: අනන්තරාප්‍රයුක්ත පුද්ගලයා ඒ කර්‍මය හකුළුවා කුකුස් දුරු කොට විපිළිසර බැහැර කොට සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නට අභව්‍ය වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු තං කම්මං පටිසංහතං{2} කුක්කුච්චං පටිවිනොදිතං විප්පටිසාරියං පටිවිනීතන්ති.
Sinhala BJTස. අනු: ඒ කර්‍මය හකුළුවන ලද්දේ නො වේ ද? කුකුස දුරු කරන ලද්දේ නො වේ ද, විපිළිසර බැහැර කරන ලද්දේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි තං කම්මං පටිසංහතං{2} කුක්කුච්චං පටිවිනොදිතං විප්පටිසාරියං පටිවිනීතං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ඒ කර්‍මය හකුළුවන ලද වේ නම්, කුකුස් දුරු කරන ලද වේ නම්, විපිළිසර බැහැර කරන ලද වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අන්තරාපයුත්තො පුග්ගලො තං කම්මං පටිසංහරිත්වා කුක්කුච්චං පටිවිනොදෙත්වා විප්පටිසාරියං පටිවිනෙත්වා අභබ්බො සම්මත්තනියාමං ඔක්කමිතු”න්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘අනන්තරාප්‍රයුක්ත පුද්ගලයා ඒ කර්‍මය හකුළුවා කුකුස් දුරු කොට විපිළිසර බැහැර කොට සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නට අභව්‍ය වෙයි’ යනු නො කියැයුතු මැ යැ.
Pali BJT6. ප. පු: අනන්තරාපයුත්තො පුග්ගලො සමත්තනියාමං ඔක්කමෙය්යා’ති.
Sinhala BJT6. ප. පු: අනන්තරාප්‍රයුක්ත පුද්ගලයා සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නේ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු තං කම්මං පයුත්තො ආසී’ති.
Sinhala BJTප. අනු: ඒ ආනන්තර්‍ය්‍ය කර්‍මය ප්‍රයුක්ත වූයේ නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි තං කම්මං පයුත්තො ආසී,{2}
Sinhala BJTඅනු. ඨ: ඉදින් ඒ කර්‍මය ප්‍රයුක්ත වී නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අන්තරාපයුත්තො පුග්ගලො සම්මත්තනියාමං ඔක්කමෙය්යා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘අනන්තරාප්‍රයුක්ත පුද්ගලයා සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
Pali BJTඅනන්තරාපයුත්තකථා නිට්ඨිතා.
Sinhala BJTඅනන්තරාපයුත්තකථා නිමි.
Pali BJT13. 4.
Sinhala BJT13. 4.
Pali BJTනියතස්ස නියාමකථා.
Sinhala BJTනියතස්ස නියාමකථා
Pali BJT1. ස. පු: නියතො නියාමං ඔක්කමතී’ති.
Sinhala BJT1. ස. පු: නියත වූ සත්ත්‍වයා නියාමයට බැසගන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මිච්ඡත්තනියතො සම්මත්තනියාමං ඔක්කමති, සම්මත්තනියතො මිච්ඡත්තනියාමං ඔක්කමතී’ති.
Sinhala BJTස. අනු: මිථ්‍යාත්‍වනියත සත්ත්‍වයා සම්‍යක්ත්‍වනියාමයට බැස ගන්නේ වේ ද? සම්‍යක්ත්‍වනියත සත්ත්‍වයා මිථ්‍යාත්‍වනියාමයට බැසගන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු. නියතො නියාමං ඔක්කමතී’ති.
Sinhala BJT2. ස. පු: නියත සත්ත්‍වයා නියාමයට බැසගන්නේ වේ ද?