Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 11201-11300 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සො එකබීජී,
Sinhala BJTඅනු. ඨ: ඉදින් හෙ ඒකබීජී වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ “එකබීජී පුග්ගලො එකබීජිතානියතො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘ඒකබීජී පුද්ගල ඒකබීජිතායෙන් නියත වේය’ යි කියැයුතු මැ යැ.
Pali BJTඑකබීජිකථා නිට්ඨිතා.
Sinhala BJTඒකබීජීකථා නිමි.
Pali BJT12. 8.
Sinhala BJT12. 8.
Pali BJTජීවිතාවොරොපනකථා.
Sinhala BJTජීවිතාවෝරෝපන කථා
Pali BJT1. ස. පු. දිට්ඨිසම්පන්නො පුග්ගලො සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙය්යා’ති.
Sinhala BJT1. ස. පු: දෘෂ්ටිසම්පන්න (සෝතාපන්න) පුද්ගල දැන දැන සතක්හු දිවි ගළවන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දිට්ඨිසම්පන්නො පුග්ගලො සඤ්චිච්ච මාතරං ජීවිතා වොරොපෙය්ය -පෙ- පිතරං ජීවිතා වොරොපෙය්ය -පෙ- අරහන්තං ජීවිතා වොරොපෙය්ය -පෙ- දුට්ඨෙන චිත්තෙන තථාගතස්ස ලොහිතං උප්පාදෙය්ය -පෙ- සඞ්ඝං භින්දෙය්යා’ති.
Sinhala BJTස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල මව දිවි ගළවන්නේ වේ ද ... පියා දිවි ගළවන්නේ වේ ද? ... රහත්හු දිවි ගළවන්නේ වේ ද ... දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි ලෙහෙ සලන්නේ වේ ද? ... සඞ්ඝභේද කරන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: දිට්ඨිසම්පන්නො පුග්ගලො සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙය්යා’ති.
Sinhala BJT2. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගල දැන දැන සතක්හු දිවි ගළවන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ. (සෝතාපන්නයා පිළිබඳ අස්ථාන කරුණු හෙයින් ප්‍රතික්‍ෂිප්තයි.)
Pali BJTස. අනු: දිට්ඨිසම්පන්නො පුග්ගලො සත්ථරි අගාරවො’ති.
Sinhala BJTස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල බුදුන් කෙරෙහි අගෞරව ඇතියේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- සික්ඛාය අගාරවො’ති.
Sinhala BJTස. අනු: ධර්‍මය කෙරෙහි ... සඟුන් කෙරෙහි ... ශික්‍ෂායෙහි අගෞරව ඇතියේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[යම් හෙයෙකින් කර්‍මය කළ බැවින් ෂඩායතනය උපන්නේ වේ ද, එහෙයින් ‘ෂඩායතනය විපාක වේය’ යි මහාසාඞ්ඝිකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සළායතනකථා’ එයි.]
Pali BJTස. අනු: නනු දිට්ඨිසම්පන්නො පුග්ගලො සත්ථරි සගාරවො’ති.
Sinhala BJTස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල බුදුන් කෙරෙහි ගෞරව සහිත වූයේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි දිට්ඨිසම්පන්නො පුග්ගලො සත්ථරි සගාරවො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් දෘෂ්ටිසම්පන්න පුද්ගල බුදුන් කෙරෙහි ගෞරව සහිත වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: දිට්ඨිසම්පන්නො පුග්ගලො සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙය්යා’ති.
Sinhala BJTඅනු. පා: භවත ‘දෘෂ්ටිසම්පන්න පුද්ගල දැන දැන සතක්හු දිවි ගළවන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
Pali BJTස. අනු: නනු දිට්ඨිසම්පන්නො පුග්ගලො ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- සික්ඛාය සගාරවො’ති.
Sinhala BJTස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල ධර්‍මය කෙරෙහි ... සඟුන් කෙරෙහි ... ශික්‍ෂායෙහි ගෞරව සහිත වූයේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි දිට්ඨිසම්පන්නො පුග්ගලො සික්ඛාය සගාරවො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් දෘෂ්ටිසම්පන්න පුද්ගල ශික්‍ෂායෙහි ගෞරව සහිත වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “දිට්ඨිසම්පන්නො පුග්ගලො සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙය්යා”ති.
Sinhala BJTඅනු. පා: භවත ‘දෘෂ්ටිසම්පන්න පුද්ගල දැන දැන සතක්හු දිවි ගළවන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: දිට්ඨිසම්පන්නො පුග්ගලො සත්ථරි අගාරවො’ති.
Sinhala BJT3. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගල බුදුන් කෙරෙහි අගෞරව සහිත වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ. (අසති අමනසිකාර වශයෙන් අගෞරව සහිත වියහැකි හෙයින් ප්‍රතිඥාතයි.)
Pali BJTස. අනු: දිට්ඨිසම්පන්නො පුග්ගලො බුද්ධථූපෙ ඔහදෙය්ය{1} ඔමුත්තෙය්ය නිට්ඨුභෙය්ය, බුද්ධථූපෙ අපබ්යාමතො{2} කරෙය්යා’ති.
Sinhala BJTස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල බුද්ධස්තූපයෙහි මල-මූ-සෙම් බැහීම්කිස කරන්නේ වේ ද? බුද්ධස්තූපයෙහි අප්‍රදක්‍ෂිණා කරන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ... (දැන දැන නොකරන හෙයින් ප්‍රතික්‍ෂිප්තයි.)
Pali BJT4. ස. පු: දිට්ඨිසම්පන්නො පුග්ගලො සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙය්යා’ති.
Sinhala BJT4. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගල දැන දැන සතක්හු දිවි ගළවන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “සෙය්යථාපි භික්ඛවෙ මහාසමුද්දො ඨිතධම්මො වෙලං නාතිවත්තති, එවමෙව ඛො භික්ඛවෙ යං මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං, තං මම සාවකා ජීවිතහෙතූ’පි නාතික්කමන්තී”ති{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, යම්සේ මහාසමුද්‍රය ස්ථිතස්වභාව ඇත්තේ වෙරළ නො ඉක්මපවත්නේ වේ ද, එසෙයින් මැ මහණෙනි, මා විසින් ශ්‍රාවකයනට යම් ශික්‍ෂාපදයෙක් පනවනලද වේ ද, එය මාගේ ශ්‍රාවකයෝ ජීවිතහේතුවිනුදු නො ඉක්මෙති” යි වදාළ සුත්‍රාන්තයක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ආ: තෙන හි න වත්තබ්බං : දිට්ඨිසම්පන්නො පුග්ගලො සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙය්යා’ති.
Sinhala BJTස. ආ: එකරුණින් ‘දෘෂ්ටිසම්පන්න පුද්ගල දැන දැන සතක්හු දිවි ගළවන්නේ යැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJTජීවිතා වොරොපන කථා නිට්ඨිතා.
Sinhala BJTජීවිතාවෝරෝපනකථා නිමි.
Pali BJT12. 9.
Sinhala BJT12. 9.
Pali BJTදුග්ගතිකථා.
Sinhala BJTදුග්ගතිකථා
Pali BJT1. ස. පු: දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස පහීනා දුග්ගතී’ති.
Sinhala BJT1. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දිට්ඨිසම්පන්නො පුග්ගලො ආපායිකෙ රූපෙ රජ්ජෙය්යා’ති.
Sinhala BJTස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල ආපායික රූපයෙහි ඇලේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි දිට්ඨිසම්පන්නො පුග්ගලො ආපායිකෙ රූපෙ රජ්ජෙය්ය,
Sinhala BJTඅනු. ඨ: ඉදින් දෘෂ්ටිසම්පන්න පුද්ගල ආපායික රූපයෙහි ඇලේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස පහීනා දුග්ගතී”ති.
Sinhala BJTඅනු. පා: භවත ‘දෘෂ්ටිසම්පන්න පුද්ගලහට දුර්‍ගති ප්‍රහීණ’ යැයි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස පහීනා දුග්ගතී’ති.
Sinhala BJT2. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දිට්ඨිසම්පන්නො පුග්ගලො ආපායිකෙ සද්දෙ -පෙ- ගන්ධෙ -පෙ- රසෙ -පෙ- ඵොට්ඨබ්බෙ රජ්ජෙය්ය -පෙ- අමනුස්සිත්ථියා තිරච්ඡානගතිත්ථියා නාගකඤ්ඤාය මෙථුනං ධම්මං පටිසෙවෙය්ය, අජෙළකං{1} පටිගණ්හෙය්ය,{2} කුක්කුටසූකරං{3} පටිගණ්හෙය්ය, හත්ථිගවාස්සවළවං{4} පටිගණ්හෙය්ය{2}, තිත්තිරවට්ටකං මොරකපිඤ්ජලං පටිගණ්හෙය්යා’ති.
Sinhala BJTස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල ආපායික ශබ්දයන් ... ගන්‍ධයන් ... රසයන් ... ස්ප්‍රෂ්ටව්‍යයන් කෙරෙහි ඇලේ ද ... අමනුෂ්‍ය ස්ත්‍රිය හා සමග, තිරිසන්ගිය ස්ත්‍රිය හා සමග, නාගකන්‍යාව හා සමග මෙවුන්දම් සෙවුනේ වේ ද? එළුතිරෙළුවන් පිළිගන්නේ වේ ද, කුකුළුහූරන් පිළිගන්නේ වේ ද, ඇත් අස් වෙළඹුන් පිළිගන්නේ, තිත්වටු වටුවන් පිළිගන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි දිට්ඨිසම්පන්නො පුග්ගලො -පෙ- තිත්තිරවට්ටකං මොරකපිඤ්ජලං පටිගණ්හෙය්ය,{2}
Sinhala BJTඅනු. ඨ: ඉදින් දෘෂ්ටිසම්පන්න පුද්ගල ... තිත්වටු වටු මයුරකපිඤ්‍ජර පිළිගන්නේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස පහීනා දුග්ගතී”ති.
Sinhala BJTඅනු. පා: භවත ‘දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ යැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස පහීනා දුග්ගති, දිට්ඨිසම්පන්නො පුග්ගලො ආපායිකෙ රූපෙ රජ්ජෙය්යා’ති.
Sinhala BJT3. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට (තොප මතයෙහි) දුර්‍ගති ප්‍රහීණ යැ. දෘෂ්ටිසම්පන්න පුද්ගල ආපායික රූපයෙහි ඇලේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහතො පහීනා දුග්ගති, අරහා ආපායිකෙ රූපෙ රජ්ජෙය්යා’ති.
Sinhala BJTස. අනු: රහත්හට දුර්‍ගති ප්‍රහීණ යැ. රහත් ආපායික රූපයෙහි ඇලේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස පහීනා දුග්ගති, දිට්ඨිසම්පන්නො පුග්ගලො ආපායිකෙ සද්දෙ -පෙ- ගන්ධෙ -පෙ- රසෙ -පෙ- ඵොට්ඨබ්බෙ -පෙ- තිත්තිරවට්ටකං මොරකපිඤ්ජලං{1} පටිගණ්හෙය්යා’ති.
Sinhala BJT4. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ යැ. දෘෂ්ටිසම්පන්න පුද්ගල ආපායික ශබ්දයෙහි ... ගන්‍ධයෙහි ... රසයෙහි ... ස්ප්‍රෂ්ටව්‍යයෙහි ඇලේ ද ... තිත්වටු වටු මයුරකපිඤ්‍ජර පිළිගන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහතො පහීනා දුග්ගති. අරහා -පෙ- තිත්තිරවට්ටකං මොරකපිඤ්ජලං{1} පටිගණ්හෙය්යා’ති.
Sinhala BJTස. අනු: රහත්හට දුර්‍ගති ප්‍රහීණ යැ. රහත් තිත්වටුවටුවන් මයූරකපිඤ්‍ජරයන් පිළිගන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: අරහතො පහීනා දුග්ගති. න ච අරහා ආපායිකෙ රූපෙ රජ්ජෙය්යා’ති.
Sinhala BJT5. ස. පු: රහත්හට දුර්‍ගති ප්‍රහීණ යැ. රහත් ආපායික රූපයෙහි නො ඇලෙන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘සත්තක්ඛත්තුපරම’ යනු නුනුවණින් ගෙන සත්තක්ඛත්තුපරම සෝතාපන්නපුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත යැයි (සත්වරක්ම ඉපද පිරිනිවේ යයි) උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සත්තක්ඛත්තුපරමකථා’ එයි.]
Pali BJTස. අනු: දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස පහීනා දුග්ගති, න ච දිට්ඨිසම්පන්නො පුග්ගලො ආපායිකෙ රූපෙ රජ්ජෙය්යා’ති.
Sinhala BJTස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ යැ. දෘෂ්ටිසම්පන්න පුද්ගල ආපායික රූපයෙහි නො ඇලෙන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: අරහතො පහීනා දුග්ගති. න ච අරහා ආපායිකෙ සද්දෙ -පෙ- ගන්ධෙ -පෙ- රසෙ -පෙ- ඵොට්ඨබ්බෙ රජ්ජෙය්ය, අමනුස්සිත්ථියා තිරච්ඡානගතිත්ථියා නාගකඤ්ඤාය මෙථුනං ධම්මං පටිසෙවෙය්ය, අජෙළකං පටිගණ්හෙය්ය, කුක්කුටසූකරං පටිගණ්හෙය්ය, හත්ථිගවාස්සවළවං පටිගණ්හෙය්ය තිත්තිරවට්ටකං මොරකපිඤ්ජලං පටිගණ්හෙය්යා’ති.
Sinhala BJT6. ස. පු: රහත්හට දුර්‍ගති ප්‍රහීණ යැ. රහත් ආපායික ශබ්දයෙහි ... ගන්‍ධයෙහි ... රසයෙහි ... ස්ප්‍රෂ්ටව්‍යයෙහි නො ඇලෙන්නේ වේ ද? නො මිනිස් මාගමක හා තිරිසන්ගිය මාගමක හා නාමෙණෙවියක හා ද මෙවුන්දම් නො සෙවුනේ වේ ද? එළු බැටළු නො පිළිගන්නේ වේ ද? කුකුළුහූරු නො පිළිගන්නේ වේ ද? ඇත්ගවඅස්වළඹුන් නො පිළිගන්නේ වේ ද? ... තිත්වටුවටුවන් මයුරකපිඤ්‍ජර නො පිළිගන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස පහීනා දුග්ගති, න ච දිට්ඨිසම්පන්නො පුග්ගලො -පෙ- තිත්තිරවට්ටකං මොරකපිඤ්ජලං පටිගණ්හෙය්යා’ති.
Sinhala BJTස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ යැ. දෘෂ්ටිසම්පන්න පුද්ගල ... තිත්වටුවටුවන් මයුරකපිඤ්‍ජර නො පිළිගන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ස. පු: න වත්තබ්බං “දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස පහීනා දුග්ගතී”ති.
Sinhala BJT7. ප. පු: ‘දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ යැ’ යි නො කියයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: දිට්ඨිසම්පන්නො පුග්ගලො නිරයං උපපජ්ජෙය්ය -පෙ- තිරච්ඡානයොනිං උපපජ්ජෙය්ය -පෙ- පෙත්තිවිසයං{2} උපපජ්ජෙය්යා’ති.
Sinhala BJTප. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල නිරයට එළඹෙන්නේ වේ ද ... තිරිසන් යොනට එළැඹෙන්නේ වේ ද ... ප්‍රේතවිෂයට එළඹෙන්නේ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. ආ: තෙනෙහි “දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස පහීනා දුග්ගතී”ති.
Sinhala BJTප. ආ: එකරුණින් දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ වෙයි. (මෙයින් දුර්‍ගතිප්‍රහාණය හෝ දුර්‍ගතිගාමීතෘෂ්ණාප්‍රහාණය දැක්වූයේ වෙයි. දුර්‍ගතිසත්ත්‍වයන්ගේ රූපාදිය කෙරෙහිවූ තෘෂ්ණාප්‍රහාණය නොවේ. එහෙයින් අසාධකයි.)
Pali BJTදුග්ගතිකථා නිට්ඨිතා.
Sinhala BJTදුර්‍ගතිකථා නිමි.
Pali BJT12. 10.
Sinhala BJT12. 10.
Pali BJTසත්තමභවිකකථා.
Sinhala BJTසත්තමභවිකකථා
Pali BJT1. ප. පු: න වත්තබ්බං: සත්තමභවිකස්ස පුග්ගලස්ස පහීනා දුග්ගතී’ති.
Sinhala BJT1. ප. පු: ‘සප්තමභවික (සෝතාපන්න) පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ’ යැයි නො කියයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: සත්තමභවිකො පුග්ගලො නිරයං උපපජ්ජෙය්ය, තිරච්ඡානයොනිං උපපජ්ජෙය්ය, පෙත්තිවිසයං උපපජ්ජෙය්යා’ති.
Sinhala BJTප. අනු: සප්තමභවික පුද්ගල නිරයට එළඹෙන්නේ වේ ද? තිරශ්චීන යෝනියට එළඹෙන්නේ වේ ද? ප්‍රේත විෂයයට එළඹෙන්නේ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පු: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. ආ: තෙන හි සත්තමභවිකස්ස පුග්ගලස්ස පහීනා දුග්ගතී’ති.
Sinhala BJTප. ආ: එකරුණින් සප්තමභවික පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ වෙයි.
Pali BJTසත්තමභවිකකථා නිට්ඨිතා.
Sinhala BJTසත්තමභවිකකථා නිමි.
Pali BJTද්වාදසමො වග්ගො නිට්ඨිතො.
Sinhala BJTද්වාදශවර්‍ග නිමි.
Pali BJTතස්ස උද්දානං:
Sinhala BJTඑහි උද්දාන:
Pali BJTසංවරො කම්මං තථෙව අසංවරො සබ්බං කම්මං සවිපාකං සද්දො විපාකො සළායතනං විපාකො සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතා නියතො කොලංකොලො පුග්ගලො කොලංකොලතානියතො එකබීජී පුග්ගලො එකබීජිතානියතො දිට්ඨිසම්පන්නො පුග්ගලො සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙය්ය දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස පහීනා දුග්ගති තථෙව සත්තමභවිකස්සා’ති.
Sinhala BJTසංවරො කම්මන්ති කථා යැ, කම්මකථා යැ, සද්දො විපාකො’ති කථා යැ, සළායතනකථා යැ, සත්තක්ඛත්තුපරමකථා යැ, කොලංකොලකථා යැ, ඒකබීජිකථා යැ, ජීවිතා වෝරෝපනකථා යැ, දුග්ගතිකථා යැ, සත්තමභවිකකථා යි.
Pali BJTතෙරසමො වග්ගො.
Sinhala BJTතෙළෙස්වනවග
Pali BJT13. 1.
Sinhala BJT13. 1.
Pali BJTකප්පට්ඨකථා.
Sinhala BJTකප්පට්ඨකථා
Pali BJT1. ස. පු: කප්පට්ඨො කප්පං තිට්ඨෙය්යා’ති.
Sinhala BJT1. ස. පු: කල්පස්ථයා (සම්පූර්‍ණ මහා) කපක් සිටුනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කප්පො ච සණ්ඨාති, බුද්ධො ච ලොකෙ උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: කල්පයත් සිටුනේ වේ ද? බුදුහු ද ලොව උපදනාහු වෙත් ද? (සඞ්ඝභේදය බුදුන් ඇති කලැමැ වන බව හැඟවී.)
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: කප්පට්ඨො කප්පං තිට්ඨෙය්යා’ති.
Sinhala BJT2. ස. පු: කල්පස්ථයා කල්පයක් සිටුනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කප්පො ච සණ්ඨාති, සඞ්ඝො ච භිජ්ජතී’ති.
Sinhala BJTස. අනු: කපක් හටගනී. ඒ හා මැ සඞ්ඝයාත් බිඳේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: කප්පට්ඨො කප්පං තිට්ඨෙය්යා’ති.
Sinhala BJT3. ස. පු: කල්පස්ථයා කපක් සිටුනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කප්පො ච සණ්ඨාති, කප්පට්ඨො ච කප්පට්ඨියං කම්මං කරොතී’ති.
Sinhala BJTස. අනු: කප හටගන්නා හා මැ කල්පස්ථයා කල්පස්ථායී කර්‍ම කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: කප්පට්ඨො කප්පං තිට්ඨෙය්යා’ති.
Sinhala BJT4. ස. පු: කල්පස්ථයා කපක් සිටුනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.