Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 10301-10400 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT7. ස. පු: සම්මාවාචා න චිත්තානුපරිවත්තී’ති.
Sinhala BJT7. ස. පු: සම්මාවාචා චිත්තානුපරිවර්තී නො වන්නී වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාසඞ්කප්පො -පෙ- සම්මාවායාමො -පෙ- සම්මාසති -පෙ- සම්මාසමාධි න චිත්තානුපරිවත්තී’ති.
Sinhala BJTස. අනු: සම්මාසඞ්කප්ප ... සම්මාවායාම ... සම්මාසති ... සම්මාසමාධි චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: සම්මාකම්මන්තො -පෙ- සම්මාආජීවො න චිත්තානුපරිවත්තී’ති.
Sinhala BJT8. ස. පු: සම්මාකම්මන්ත ... සම්මාආජීව චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
Pali BJTප. පටි: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාදිට්ඨි න චිත්තානුපරිවත්තී’ති.
Sinhala BJTස. අනු: සම්මාදිට්ඨි චිත්තානුපරිවර්තී නො වන්නී වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ස. පු: සම්මාආජීවො න චිත්තානුපරිවත්තී’ති.
Sinhala BJT9. ස. පු: සම්මාආජීව චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාසඞ්කප්පො -පෙ- සම්මාවායාමො -පෙ- සම්මාසති -පෙ- සම්මාසමාධි න චිත්තානුපරිවත්තී’ති.
Sinhala BJTස. අනු: සම්මාසඞ්කප්ප ... සම්මාවායාම ... සම්මාසති ... සම්මාසමාධි චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT10. ස. පු: සම්මාදිට්ඨි චිත්තානුපරිවත්තී’ති.
Sinhala BJT10. ස. පු: සම්මාදිට්ඨි චිත්තානුපරිවර්තී නො වන්නී වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාවාචා චිත්තානුපරිවත්තී’ති.
Sinhala BJTස. අනු: සම්මාවාචා චිත්තානුපරිවර්තී නො වන්නී වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT11. ස. පු: සම්මාදිට්ඨි චිත්තානුපරිවත්තී’ති.
Sinhala BJT11. ස. පු: සම්මාදිට්ඨි චිත්තානුපරිවර්තී නො වන්නී වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාකම්මන්තො -පෙ- සම්මාආජීවො චිත්තානුපරිවත්තී’ති.
Sinhala BJTස. අනු: සම්මාකම්මන්ත ... සම්මාආජීව චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT12. ස. පු සම්මාසඞ්කප්පො -පෙ- සම්මාවායාමො -පෙ- සම්මාසති -පෙ- සම්මාසමාධි චිත්තානුපරිවත්තී’ති.
Sinhala BJT12. ස. පු: සම්මාසඞ්කප්ප ... සම්මාවායාම ... සම්මාසති ... සම්මාසමාධි චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාවාචා චිත්තානුපරිවත්තී’ති.
Sinhala BJTස. අනු: සම්මාවාචා චිත්තානුපරිවර්තී නො වන්නී වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT13. ස. පු: සම්මාසමාධි චිත්තානුපරිවත්තී’ති.
Sinhala BJT13. ස. පු: සම්මාසමාධි චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාකම්මන්තො -පෙ- සම්මාආජීවො චිත්තානුපරිවත්තී’ති.
Sinhala BJTස. අනු: සම්මාකම්මන්ත ... සම්මාආජීව චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT14. ප. පු: න වත්තබ්බං: සීලං න චිත්තානුපරිවත්තී’ති.
Sinhala BJT14. ප. පු: ‘ශීලය චිත්තානුපරිවර්තී නො වේ’ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: සීලෙ උප්පජ්ජිත්වා නිරුද්ධෙ දුස්සීලො හොතී’ති.
Sinhala BJTප. අනු: ශීලය ඉපදී නිරුද්ධ වත් මැ දුශ්ශීල වේද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. ආ: තෙන හි ‘සීලං න චිත්තානුපරිවත්තී’ති.
Sinhala BJTප. ආ: එකරුණින් ශීලය චිත්තානුපරිවර්තී නො වන්නේ යැ.
Pali BJTසීලං න චිත්තානුපරිවත්තීති කථා නිට්ඨිතා.
Sinhala BJTසීලං න චිත්තානුපරිවත්තීති කථා නිමි.
Pali BJT10. 9.
Sinhala BJT10. 9.
Pali BJTසමාදානහෙතුකථා.
Sinhala BJTසමාදානහේතුකථා
Pali BJT1. ස. පු: සමාදානහෙතුකං සීලං වඩ්ඪතී’ති.
Sinhala BJT1. ස. පු: සමාදානහේතුක ශීලය වැඩේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සමාදානහෙතුකො ඵස්සො වඩ්ඪති, වෙදනා වඩ්ඪති, සඤ්ඤා වඩ්ඪති, චෙතනා වඩ්ඪති, චිත්තං වඩ්ඪති, සද්ධා වඩ්ඪති, විරියං වඩ්ඪති, සති වඩ්ඪති, සමාධි වඩ්ඪති, පඤ්ඤා වඩ්ඪතී’ති.
Sinhala BJTස. අනු: සමාදානහේතුක ස්‍පර්‍ශය වැඩේ ද? වේදනා වැඩේ ද? සංඥා වැඩේ ද? චේතනා වැඩේ ද? චිත්තය වැඩේ ද? ශ්‍රද්ධා වැඩේ ද? වීර්‍ය්‍ය වැඩේ ද? ස්මෘතිය වැඩේ ද? සමාධි වැඩේ ද? ප්‍රඥා වැඩේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: සමාදානහෙතුකං සීලං වඩ්ඪතී’ති.
Sinhala BJT2. ස. පු: සමාදානහේතුක ශීලය වැඩේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ලතා විය වඩ්ඪති, මාලුවා විය වඩ්ඪති, රුක්ඛො විය වඩ්ඪති, තිණං විය වඩ්ඪති, මුඤ්ජපුඤ්ජො විය වඩ්ඪතී’ති.
Sinhala BJTස. අනු: වැලක් සේ වැඩේ ද? මාලුවාලිය සේ වැඩේ ද? රුකක් සේ වැඩේ ද? තෘණ සේ වැඩේ ද? මුදුතණපඳුරු සේ වැඩේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: සමාදානහෙතුකං සීලං වඩ්ඪතී’ති.
Sinhala BJT3. ස. පු: සමාදානහේතුක ශීලය වැඩේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සීලං සමාදියිත්වා කාමවිතක්කං විතක්කෙන්තස්ස ව්යාපාදවිතක්කං විතක්කෙන්තස්ස විහිංසාවිතක්කං විතක්කෙන්තස්ස සීලං වඩ්ඪතී’ති.
Sinhala BJTස. අනු: ශීලය සමාදන් වැ කාමවිතර්‍ක විතර්‍කණ කරන්නහුට ව්‍යාපාදවිතර්‍ක විතර්‍කණ කරන්නහුට විහිංසාවිතර්‍ක විතර්‍කණ කරන්නහුට ශීලය වැඩේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වින්නං ඵස්සානං -පෙ- ද්වින්නං චිත්තානං සමොධානං හොතී’ති.
Sinhala BJTස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමවධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: ද්වින්නං ඵස්සානං -පෙ- ද්වින්නං චිත්තානං සමොධානං හොතී’ති.
Sinhala BJT4. ස. පු: ස්‍පර්‍ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමවධාන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලාකුසලා සාවජ්ජානවජ්ජා හීනප්පණීතා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
Sinhala BJTස. අනු: කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ලසප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: කුසලාකුසලා සාවජ්ජානවජ්ජා හීනප්පණීතා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
Sinhala BJT5. ස. පු: කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ලසප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “චත්තාරිමානි භික්ඛවෙ සුවිදූරවිදූරානි. කතමානි චත්තාරි: නභඤ්ච{1} භික්ඛවෙ පඨවී ච, ඉදං පඨමං සුවිදූරවිදූරං -පෙ- තස්මා සතං ධම්මො අසබ්භි ආරකා”ති{a} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, සුවිදූරවිදූරයෝ මොහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක් යත්: මහණෙනි, අහස ද පොළොව දැ’යි මේ පළමුවන සුවිදූරවිදූරය යි. ... එහෙයින් සත්පුරුෂ ධර්‍මය අසත්පුරුෂයන් කෙරෙන් දුරු” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ආ: තෙන හි න වත්තබ්බං “කුසලාකුසලා සාවජ්ජානවජ්ජා හීනප්පණීතා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා සම්මුඛීභාවං ආගච්ඡන්තී”ති.{*}
Sinhala BJTස. ආ: එකරුණින් ‘කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ලසප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට එති’ යනු නො කියැයුතු යැ.
Pali BJT6. ප. පු: න වත්තබ්බං: සමාදානහෙතුකං සීලං වඩ්ඪතී’ති.
Sinhala BJT6. ප. පු: ‘සමාදානහේතුක ශීලය වැඩේ’ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා:
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:
Pali BJT“ආරාමරොපා වනරොපා යෙ ජනා සෙතුකාරකා -පෙ- ධම්මට්ඨා සීලසම්පන්නා තෙ ජනා සග්ගගාමිනො”ති{b}
Sinhala BJT“ආරාම රෝපණය කරන, වන රෝපණය කරන, හේ දඬු කරන යම් ජන කෙනෙක් ඇද්ද ... ධර්‍මස්ථ වූ ශීල සම්පන්න වූ ඒ ජනයෝ ස්වර්‍ගගාමීහ” යි
Pali BJTඅත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ආ: තෙන හි ‘සමාදානහෙතුකං සීලං වඩ්ඪතී’ති.
Sinhala BJTප. ආ: එකරුණින් සමාදානහේතුක සීලය වැඩෙයි.
Pali BJTසමාදානහෙතුකථා නිට්ඨිතා.
Sinhala BJTසමාදානහේතුකථා නිමි.
Pali BJT10. 10.
Sinhala BJT10. 10.
Pali BJTවිඤ්ඤත්ති සීලන්ති කථා.
Sinhala BJTවිඤ්ඤත්ති සීලන්ති කථා
Pali BJT1. ස. පු: විඤ්ඤත්ති සීලන්ති.
Sinhala BJT1. ස. පු: විඥප්තිය ශීල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පාණාතිපාතා වෙරමණී’ති.
Sinhala BJTස. අනු: පණිවායෙන් දුරු වීමෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: අදින්නාදානා වෙරමණී’ති.
Sinhala BJTස. අනු: අයිනාදනින් දුරු වීමෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: කාමෙසු මිච්ඡාචාරා වෙරමණී’ති.
Sinhala BJTස. අනු: කාමයෙහි මිසහසරින් දුරු වීමෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: මුසාවාදා වෙරමණී’ති.
Sinhala BJTස. අනු: මුසාවායෙන් දුරු වීමෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[මෙහි ද නිදානය ‘සීලං අචේතසිකන්ති’ කථාවෙහි නිදානය මෙනි.]
Pali BJTස. අනු: සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණී’ති.
Sinhala BJTස. අනු: මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වීමෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු අභිවාදනං සීලං, පච්චුට්ඨානං සීලං, අඤ්ජලිකම්මං සීලං, සාමීචිකම්මං සීලං, ආසනාභිහාරො සීලං, සෙය්යාභිහාරො සීලං, පාදොදකාභිහාරො සීලං, පාදකඨලිකාභිහාරො{1} සීලං, නහානෙ පිට්ඨිකම්මං සීලන්ති.
Sinhala BJT2. ස. පු: අභිවාදනය ශීල වේ ද, හුනස්නෙන් නැඟීම ශීල වේ ද, අඤ්‍ජලිකර්‍මය ශීල වේ ද, සාමීචිකර්‍මය ශීල වේ ද, අසුන් එළවාතැබීම ශීල වේ ද, ශයන එළවාතැබීම ශීල වේ ද, පාදෝනා දිය එළවාතැබීම ශීල වේ ද, පාපුවරු එළවාතැබීම ශීල වේ ද, නෑමෙහි පිට ඉලීම ශීල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පාණාතිපාතා වෙරමණී’ති.
Sinhala BJTස. අනු: පණිවායෙන් දුරු වීමෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණී’ති.
Sinhala BJTස. අනු: මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වීමෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ප. පු: න වත්තබ්බං: විඤ්ඤත්ති සීලන්ති.
Sinhala BJT3. ප. පු: ‘විඥප්තිය ශීලයෙකි’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: දුස්සීලන්ති.
Sinhala BJTප. අනු: දුශ්ශීල වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. ආ: තෙන හි විඤ්ඤත්ති සීලන්ති.
Sinhala BJTප. ආ: එකරුණින් විඥප්තිය ශීල වෙයි.
Pali BJTවිඤ්ඤත්ති සීලන්තිකථා නිට්ඨිතා.
Sinhala BJTවීඤ්‍ඤත්ති සීලන්ති කථා නිමි.
Pali BJT10. 11.
Sinhala BJT10. 11.
Pali BJTඅවිඤ්ඤත්ති දුස්සීල්යන්තිකථා.
Sinhala BJTඅවිඤ්ඤත්ති දුස්සීල්‍යන්තිකථා
Pali BJT1. ස. පු: අවිඤ්ඤත්ති දුස්සීල්යන්ති.
Sinhala BJT1. ස. පු: අවිඥප්තිය දුශ්ශීලකර්‍ම වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පාණාතිපාතො’ති.
Sinhala BJTස. අනු: ප්‍රාණාතිපාත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...