Pali BJT10. 4.
Sinhala BJT10. 4.
Pali BJTපඤ්චවිඤ්ඤාණා කුසලාපි අකුසලාපී’තිකථා.
Sinhala BJTපඤ්චවිඤ්ඤාණා කුසලාපි අකුසලාපී’ති කථා
Pali BJT1. ස. පු: පඤ්චවිඤ්ඤාණා කුසලා’පි අකුසලාපී’ති.
Sinhala BJT1. ස. පු: පඤ්චවිඥානයෝ කුසල්වූවාහුත් අකුසල්වූවාහුත් වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු පඤ්චවිඤ්ඤාණා උප්පන්නවත්ථුකා උප්පන්නාරම්මණා’ති.
Sinhala BJTස. අනු: පඤ්චවිඥානයෝ උත්පන්නවස්තුක උත්පන්නාලම්බන වූවාහු නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි පඤ්චවිඤ්ඤාණා උප්පන්නවත්ථුකා උප්පන්නාරම්මණා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් පඤ්චවිඥානයෝ උත්පන්නවස්තුක උත්පන්නාලම්බන වූවාහු නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: පඤ්චවිඤ්ඤාණා කුසලා’පි. අකුසලාපී’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘පඤ්චවිඥානයෝ කුසල් වූවාහුත් අකුසල් වූවාහුත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: නනු පඤ්චවිඤ්ඤාණා පුරෙජාතවත්ථුකා පුරෙජාතාරම්මණා අජ්ඣත්තිකවත්ථුකා බාහිරාරම්මණා අසම්භින්නවත්ථුකා අසම්භින්නාරම්මණා නානා වත්ථුකා නානාරම්මණා න අඤ්ඤමඤ්ඤස්ස ගොචරවිසයං පච්චනුභොන්ති. න අසමන්නාහාරා උප්පජ්ජන්ති, න අමනසිකාරා උප්පජ්ජන්ති, න අබ්බොකිණ්ණා උප්පජ්ජන්ති, න අපුබ්බං අචරිමං උප්පජ්ජන්ති, න අඤ්ඤමඤ්ඤස්ස සමනන්තරා උප්පජ්ජන්ති -පෙ- නනු පඤ්චවිඤ්ඤාණා අනාභොගා’ති.
Sinhala BJT2. ස. පු: පඤ්චවිඤ්‍ඤාණයෝ පුරේජාතවස්තුක පුරෙජාතාලම්බන වූවාහු ආධ්‍යාත්මිකවස්තුක බාහ්‍යාලම්බන වූවාහු අසම්භින්නවස්තුක අස්මභින්නාලම්බන වූවාහු නානාවස්තුක නානාලම්බන වූවාහු උනුන් සතු ගෝචරවිෂය නො වළඳන්නාහු නො? සමන්‍වාහාර රහිත වැ නූපදනාහු නො? අමනසිකාර හේතුයෙන් නූපදනාහු නො? අව්‍යාකීර්‍ණව නූපදනාහු නො? පෙරපසු නො වී නූපදනාහු නො? උනුනට සමනන්තර වැ නූපදනාහු නො? ... පඤ්චවිඥානයෝ අභෝග රහිත වූවාහු නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි පඤ්චවිඤ්ඤාණා අනාභොගා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් පඤ්චවිඥානයෝ අනාභෝග වෙත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: පඤ්චවිඤ්ඤාණා කුසලාපි අකුසලා’පීති.
Sinhala BJTඅනු. පා: භවත ‘පඤ්චවිඥානයෝ කුසල් වූවාහුත් අකුසල් වූවාහුත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: චක්ඛුවිඤ්ඤාණං අකුසලන්ති.
Sinhala BJT3. ස. පු: චක්‍ෂුර්විඥාන කුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුවිඤ්ඤාණං සුඤ්ඤතං ආරබ්භ උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුර්විඥානය ශුන්‍යතා ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: චක්ඛුවිඤ්ඤාණං සුඤ්ඤතං ආරබ්භ උප්පජ්ජතී’ති.
Sinhala BJT4. ස. පු: චක්‍ෂුර්විඥානය ශුන්‍යතා ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුඤ්ච පටිච්ච සුඤ්ඤතඤ්ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: ඇසත් ශුන්‍යතාත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: චක්ඛුඤ්ච පටිච්ච සුඤ්ඤතඤ්ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති.
Sinhala BJT5. ස. පු: ඇසත් ශුන්‍යතාත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: “චක්ඛුඤ්ච පටිච්ච සුඤ්ඤතඤ්ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණ”න්ති අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: “ඇසත් ශුන්‍යතාත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: නත්ථී.
Sinhala BJTප. පටිඤ්‍ඤා: නැත.
Pali BJTස. අනු: “චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණ’න්ති{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: “ඇසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි ‘චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති. චක්ඛුවිඤ්ඤාණ’න්ති අත්ථෙ’ව සුත්තන්තො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් “ඇසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: චක්ඛුඤ්ච පටිච්ච සුඤ්ඤතඤ්ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණ’න්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘ඇසත් ශුන්‍යතාත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT6. ස. පු: චක්ඛුවිඤ්ඤාණ කුසලම්පි අකුසලම්පී’ති.
Sinhala BJT6. ස. පු: චක්‍ෂුර්විඥානය කුශලත් අකුශලත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුවිඤ්ඤාණං අතීතානාගතං ආරබ්භ උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුර්විඥානය අතීතානාගතය ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ස. පු: චක්ඛුවිඤ්ඤාණං කුසලම්පි අකුසලම්පී’ති.
Sinhala BJT7. ස. පු: චක්‍ෂුර්විඥානය කුශලත් අකුසලත් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුවිඤ්ඤාණං ඵස්සං ආරබ්භ -පෙ- චිත්තං ආරබ්භ -පෙ- චක්ඛුං ආරබ්භ -පෙ- කායං ආරබ්භ -පෙ- සද්දං ආරබ්භ -පෙ- ඵොට්ඨබ්බං ආරබ්භ උප්පජ්ජතී”ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුර්විඥානය ස්පර්‍ශය ඇරැබැ ... චිත්තය ඇරැබැ ... චක්‍ෂුස ඇරැබැ ... කය ඇරැබැ ... ශබ්දය ඇරැබැ ... ස්ප්‍රෂ්ටව්‍යය ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: මනොවිඤ්ඤාණං කුසලම්පි අකුසලම්පි. මනොවිඤ්ඤාණං සුඤ්ඤතං ආරබ්භ උප්පජ්ජතී’ති.
Sinhala BJT8. ස. පු: මනෝවිඥානය කුශලත් අකුශලත් වෙයි. මනෝවිඥානය ශුන්‍යතාව ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුවිඤ්ඤාණං කුසලම්පි අකුසලම්පි. චක්ඛුවිඤ්ඤාණං සුඤ්ඤතං ආරබ්භ උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුර්විඥානය කුශලත් අකුශලත් වෙයි. චක්‍ෂුර්විඥානය ශුන්‍යතාව ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ස. පු: මනොවිඤ්ඤාණං කුසලම්පි අකුසලම්පි. මනොවිඤ්ඤාණං අතීතානාගතං ආරබ්භ උප්පජ්ජතී’ති.
Sinhala BJT9. ස. පු: මනෝවිඥානය කුශලත් අකුශලත් වෙයි. මනෝවිඥානය අතීතානාගතය ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුවිඤ්ඤාණං කුසලම්පි අකුසලම්පි. චක්ඛුවිඤ්ඤාණං අතීතානාගතං ආරබ්භ උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුර්විඥානය කුශලත් අකුශලත් වෙයි. චක්‍ෂුර්විඥානය අතීතානාගතය ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT10. ස. පු: මනොවිඤ්ඤාණං කුසලම්පි අකුසලම්පි. මනොවිඤ්ඤාණං ඵස්සං ආරබ්භ -පෙ- චිත්තං ආරබ්භ -පෙ- කායං ආරබ්භ -පෙ- සද්දං ආරබ්භ -පෙ- ඵොට්ඨබ්බං ආරබ්භ උප්පජ්ජතී’ති.
Sinhala BJT10. ස. පු: මනෝවිඥානය කුශලත් අකුශලත් වෙයි. මනෝවිඥානය ස්පර්‍ශය ඇරැබැ ... චිත්තය ඇරැබැ ... කය ඇරැබැ ... ශබ්දය ඇරැබැ ... ස්ප්‍රෂ්ටව්‍යය ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුවිඤ්ඤාණං කුසලම්පි අකුසලම්පි. චක්ඛුවිඤ්ඤාණං ඵස්සං ආරබ්භ -පෙ- ඵොට්ඨබ්බං ආරබ්භ උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුර්විඥානය කුශලත් අකුශලත් වෙයි. චක්‍ෂුර්විඥානය ස්පර්‍ශය ඇරැබැ ... ස්ප්‍රෂ්ටව්‍යය ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහි හොති - ඇසින් රූ දැක නිමිත්තග්‍රාහී නො වෙයි’ යන සූත්‍රය ඇසිරි කොට ‘පඤ්චවිඥානසමඞ්‍ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇති’ යි ලබ්ධි ගත් මහාසඞ්‍ඝිකයන්ගේ වාද බිඳුනට ‘පඤ්චවිඤ්‍ඤාණ සමඞ්‍ගිස්‍ස මග්ගකථා’ එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT11. ප. පු: න වත්තබ්බං: පඤ්චවිඤ්ඤාණං කුසලම්පි අකුසලම්පී’ති.
Sinhala BJT11. ප. පු: ‘පඤ්චවිඥානය කුශලත් අකුශලත් වෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා “ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති -පෙ- න නිමිත්තග්ගාහී හොති -පෙ- සොතෙන සද්දං සුත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා නිමිත්තග්ගාහී හොති -පෙ- න නිමිත්තග්ගාහී හොතී’ති{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:“මහණෙනි, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක නිමිත්තග්‍රාහී වෙයි ... නිමිත්තග්‍රාහී නො වෙයි ... කනින් ශබ්ද අසා ... කයින් ස්ප්‍රෂ්ටව්‍යය ස්පර්‍ශ කොට නිමිත්තග්‍රාහී වෙයි ... නිමිත්තග්‍රාහී නො වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ආ: තෙන හි “පඤ්චවිඤ්ඤාණා කුසලා’පි අකුසලාපී’ති
Sinhala BJTප. ආ: එකරුණෙන් ‘පඤ්චවිඥානයෝ කුසල් වූවාහුත් අකුසල් වූවාහුත් වෙති.
Pali BJTපඤ්චවිඤ්ඤාණා කුසලාපි අකුසලාපී’ති කථා නිට්ඨිතා.
Sinhala BJTපඤ්චවිඤ්‍ඤාණා කුසලාපි අකුසලාපී’ති කථා නිමි.
Pali BJT10. 5.
Sinhala BJT10. 5.
Pali BJTපඤ්චවිඤ්ඤාණා සාභොගාති කථා.
Sinhala BJTපඤ්චවිඤ්ඤාණා සාභෝගාති කථා
Pali BJT1. ස. පු: පඤ්චවිඤ්ඤාණා සාභොගා’ති.
Sinhala BJT1. ස. පු: පඤ්චවිඥානයෝ සාභොග (ප්‍රත්‍යවේක්‍ෂා සහිත) වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු පඤ්චවිඤ්ඤාණා උප්පන්නවත්ථුකා උප්පන්නාරම්මණා’ති.
Sinhala BJTස. අනු: පඤ්චවිඥානයෝ උත්පන්නවස්තුක උත්පන්නාලම්බන වූවාහු නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි පඤ්චවිඤ්ඤාණා උප්පන්නාවත්ථුකා උප්පන්නාරම්මණා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් පඤ්චවිඥානයෝ උත්පන්නවස්තුක උත්පන්නාලම්බන වෙත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: පඤ්චවිඤ්ඤාණා සාභොගා”ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘පඤ්චවිඥානයෝ සාභෝගයහ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: නනු පඤ්චවිඤ්ඤාණා පුරෙජාතවත්ථුකා පුරෙජාතාරම්මණා අජ්ඣත්තිකවත්ථුකා බාහිරාරම්මණා අසම්භින්නවත්ථුකා අසම්භින්නාරම්මණා නානා වත්ථුකා නානාරම්මණා, න අඤ්ඤමඤ්ඤස්ස ගොචරවිසයං පච්චනුභොන්ති. න අසමන්නාහාරා උප්පජ්ජන්ති, න අමනසිකාරා උප්පජ්ජන්ති, න අබ්බොකිණ්ණා{1} උප්පජ්ජන්ති, න අපුබ්බං අචරිමං උප්පජ්ජන්ති, නනු පඤ්චවිඤ්ඤාණා න අඤ්ඤමඤ්ඤස්ස සමනන්තරා උප්පජ්ජන්තී’ති.
Sinhala BJT2. ස. පු: පඤ්චවිඥානයෝ පුරේජාතවස්තුක පුරෙජාතාලම්බන වූවාහු ආධ්‍යාත්මික වස්තුක බාහ්‍යාලම්බන වූවාහු අසම්භින්නවස්තුක අසම්භින්නාලම්බන වූවාහු නානාවස්තුක නානාලම්බන වූවාහු උනුන් සතු ගෝචරවිෂය නො වළඳන්නාහු නො වෙත් ද, සමන්‍වාහරණ රහිත වැ නූපදනාහු නො වෙත් ද, අමනසිකාර හේතුයෙන් නූපදනාහු නො වෙත් ද, අව්‍යාකීර්‍ණ වැ නූපදනාහු නො වෙත් ද, පෙරපසු නො වී නූපදනාහු නො වෙත් ද? පඤ්චවිඥානයෝ උනුනට සමනන්තර වැ නූපදනාහු නො වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි පඤ්චවිඤ්ඤාණා න අඤ්ඤමස්ස සමනන්තරා උප්පජ්ජන්ති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් පඤ්චවිඥානයෝ උනුනට සමනන්තර වැ නූපදනාහු වෙත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “පඤ්චවිඤ්ඤාණා සාභොගා”ති.
Sinhala BJTඅනු. පා: භවත ‘පඤ්චවිඥානයෝ සාභෝගයහ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: චක්ඛුවිඤ්ඤාණං සාභොගන්ති.
Sinhala BJT3. ස. පු: චක්‍ෂුර්විඥානය සාභොග වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුවිඤ්ඤාණං සුඤ්ඤතං ආරබ්භ උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුර්විඥානය ශුන්‍යතා ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: චක්ඛුවිඤ්ඤාණං සුඤ්ඤතං ආරබ්භ උප්පජ්ජතී’ති.
Sinhala BJT4. ස. පු: චක්‍ෂුර්විඥානය ශුන්‍යතා ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුඤ්ච පටිච්ච සුඤ්ඤතඤ්ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුසත් ශුන්‍යතාත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: චක්ඛුඤ්ච පටිච්ච සුඤ්ඤතඤ්ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති.
Sinhala BJT5. ස. පු: චක්‍ෂුසත් ශුන්‍යතාත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: “චක්ඛුඤ්ච පටිච්ච සුඤ්ඤතඤ්ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණ”න්ති අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: “චක්‍ෂුසත් ශුන්‍යතාත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: නත්ථී.
Sinhala BJTප. පටිඤ්‍ඤා: නැත.
Pali BJTස. අනු: “චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණ’න්ති අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: “චක්‍ෂුසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි “චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණ’න්ති අත්ථෙ’ව සුත්තන්තො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් “චක්‍ෂුසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: චක්ඛුඤ්ච පටිච්ච සුඤ්ඤතඤ්ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණ’න්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘චක්‍ෂුසත් ශුන්‍යතාත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
Pali BJT6. ස. පු: චක්ඛුවිඤ්ඤාණං සාභොගන්ති.
Sinhala BJT6. ස. පු: චක්‍ෂුර්විඥානය සාභොග වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුවිඤ්ඤාණං අතීතානාගතං ආරබ්භ උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුර්විඥානය අතීතානාගත ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ස. පු: චක්ඛුවිඤ්ඤාණං සාභොගන්ති.
Sinhala BJT7. ස. පු: චක්‍ෂුර්විඥානය සාභොග වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුවිඤ්ඤාණං ඵස්සං ආරබ්භ -පෙ- ඵොට්ඨබ්බං ආරබ්භ උප්පජ්ජතී”ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුර්විඥානය ස්පර්‍ශය ඇරැබැ ... ස්ප්‍රෂ්ටව්‍යය ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: මනොවිඤ්ඤාණං සාභොගං, මනොවිඤ්ඤාණං සුඤ්ඤතං ආරබ්භ උප්පජ්ජතී’ති.
Sinhala BJT8. ස. පු: මනෝවිඥානය සාභෝගය යැ, මනෝවිඥානය ශුන්‍යතා ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුවිඤ්ඤාණං සාභොගං, චක්ඛුවිඤ්ඤාණං සුඤ්ඤතං ආරබ්භ උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුර්විඥානය සාභොග යැ, චක්‍ෂුර්විඥානය ශුන්‍යතා ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ස. පු: මනොවිඤ්ඤාණං සාභොගං මනොවිඤ්ඤාණං අතීතානාගතං ආරබ්භ උප්පජ්ජතී’ති.
Sinhala BJT9. ස. පු: මනෝවිඥානය සාභොග යැ, මනෝවිඥානය අතීතානාගතය ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුවිඤ්ඤාණං සාභොගං, චක්ඛුවිඤ්ඤාණං අතීතානාගතං ආරබ්භ උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුර්විඥානය සාභොග යැ, චක්‍ෂුර්විඥානය අතීතානාගතය ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT10. ස. පු: මනොවිඤ්ඤාණං සාභොගං, මනොවිඤ්ඤාණං ඵස්සං ආරබ්භ -පෙ- ඵොට්ඨබ්බං ආරබ්භ උප්පජ්ජතී’ති.
Sinhala BJT10. ස. පු: මනෝවිඥානය සාභොග යැ, මනෝවිඥානය ස්පර්‍ශය ඇරැබැ ... ස්ප්‍රෂ්ටව්‍යය ඇරැබැ උපදනේ වේ ද?