Pali BJT206. ස. පු: පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT206. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: නනු යො න සුණාති -පෙ- යො න ඝායති -පෙ- යො න සායති -පෙ- යො න ඵුසති -පෙ- යො න විජානාති යං න විජානාති යෙන විජානාති, සො න විජානාති තං න විජානාති තෙන න විජානාතී’ති.
Sinhala BJTස. පු: යමෙක් නො අසන්නේ ... යමෙක් ආඝ්‍රාණ නො කරන්නේ ... යමෙක් ආස්වාද නො කරන්නේ ... යමෙක් ස්පර්‍ශ නො කරන්නේ යමෙක් විජානනා නො කරන්නේ යමක් විජානනා නො කරන්නේ යමෙකින් විජානනා නො කරන්නේ වේ ද, හෙ විජානනා නො කරන්නේ ඒ ධර්‍ම විජානනා නො කරන්නේ ඒ විඤ්ඤාණයෙන් විජානනා නො කරන්නේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි යො න විජානාති යං න විජානාති යෙන න විජානාති, සො න විජානාති තං න විජානාති තෙන න විජානාති,
Sinhala BJTඅනු. ඨ: ඉදින් යමෙක් විජානනා නො කරන්නේ යම් ධර්‍මයක් විජානනා නො කරන්නේ යම් විඤ්ඤාණයෙකින් විජානනා නො කරන්නේ වේ නම්, හෙ විජානනා නො කරන්නේ ඒ ධර්‍ම විජානනා නො කරන්නේ ඒ විඤ්ඤාණයෙන් විජානනා නො කරන්නේ වෙයි.
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTඅනු. පා: භවත, එයින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ’ යයි නො කියැයුතු මැ යැ.
Pali BJT207. ප. පු: න වත්තබ්බං, ‘පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT207. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ’ යයි නො කියැයුතු ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. පු: නනු වුත්තං භගවතා: “පස්සාමහං භික්ඛවෙ දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ චවමානෙ උප්පජ්ජමානෙ{1} හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාමී”ති අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTප. පු: “මහණෙනි, මම විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ච්‍යුත වන, උපදනා, හීන, ප්‍රණීත, සුවර්‍ණ, දුර්වර්‍ණ, සුගතිප්‍රාප්ත, දුර්‍ගතිප්‍රාප්ත, සත්ත්‍වයන් දක්මි, දන්මි” යි භගවත්හු විසින් වදාරන ලද්දේ නො වේ ද? සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. නිග: තෙන හි පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTප. නිග: එයින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල දන්නා ලැබේ මැ යැ.
Pali BJT208. ස. පු: වුත්තං භගවතා: “පස්සාමහං භික්ඛවෙ දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාමී” ති කත්වා තෙනෙව කාරණෙන පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT208. ස. පු: “මහණෙනි, මම විශුද්ධ වූ මිනිසැස ඉක්මැ සිටි දිවැසින්: ච්‍යුත වන, උපදනා, හීන, ප්‍රණීත, සුවර්‍ණ, දුර්වර්‍ණ, සුගතිප්‍රාප්ත, දුර්‍ගතිප්‍රාප්ත, යථාකර්මෝපග සත්ත්‍වයන් දක්මි දන්මි” යි භගවත්හු විසින් වදාරන ලදැ යි ගෙන එකරුණින් ම සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන රූපං පස්සති පුග්ගලං පස්සතී’ති.
Sinhala BJTස. පු: ‘භාග්‍යවතුන් වහන්සේ පිරිසිදු මිනිසැස ඉක්මැ සිටි දිවැසින් රූපය දක්නා සේක් ද? පුද්ගල දන්නා සේක් ද?
Pali BJTප. පටිඤ්ඤා: රූපං පස්සති.
Sinhala BJTප. පටිඤ්ඤා: රූපය දක්නා සේක.
Pali BJTස. අනු: රූපං පුග්ගලො, රූපං චවති රූපං උප්පජ්ජති, රූපං යථාකම්මූපගන්ති.
Sinhala BJTස. අනු: රූප පුද්ගල වේ ද, රූප ච්‍යුත වේ ද, රූප උපදනේ ද, රූප යථා කර්මෝපග වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT209. ස. පු: භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන රූපං පස්සති පුග්ගලං පස්සතී’ති.
Sinhala BJT209. ස. පු: භාග්‍යවතුන් වහන්සේ පිරිසිදු වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් රූප දක්නා සේක් ද? පුද්ගල දක්නා සේක් ද?
Pali BJTප. පටිඤ්ඤා: පුග්ගලං පස්සති.
Sinhala BJTප. පටිඤ්ඤා: පුද්ගල දක්නා සේක. (‘සත්තෙ පස්සාමි’ යන සූත්‍රප්‍රදේශ ගෙන පිළින කෙරෙයි.)
Pali BJTස. අනු: පුග්ගලො රූපං, රූපායතනං, රූපධාතු, නීලං, පීතකං, ලොහිතකං, ඔදාතං, චක්ඛුවිඤ්ඤෙය්යං, චක්ඛුස්මිං පටිහඤ්ඤති, චක්ඛුස්ස ආපාථං ආගච්ඡතී’ති.
Sinhala BJTස. අනු: පුද්ගල රූප වේ ද? රූපායතන, රූපධාතු, නීල, පීත, ලෝහිතක, අවදාත, චක්‍ෂුර්විඥේය වේ ද? ඇස්හි ගැටේ ද? ඇස් හමුවට ඒ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ...
Pali BJTස. පු: භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුස්සකෙන රූපං පස්සති, පුග්ගලං පස්සතී’ති.
Sinhala BJTස. පු: භාග්‍යවතුන් වහන්සේ පිරිසිදු වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් රූප දක්නා සේක් ද? පුද්ගල දක්නා සේක් ද?
Pali BJTප. පටිඤ්ඤා: උභො පස්සති.
Sinhala BJTප. පටිඤ්ඤා: රූප – පුද්ගල දෙක මැ දක්නා සේක.
Pali BJTස. අනු: උභො රූපං, රූපායතනං, රූපධාතු, උභො නීලා, උභො පීතකා, උභො ලොහිතකා, උභො ඔදාතා, උභො චක්ඛුවිඤ්ඤෙය්යා, උභො චක්ඛුස්මිං පටිහඤ්ඤන්ති, උභො චක්ඛුස්ස ආපාථං ආගච්ඡන්ති, උභො චවන්ති, උභො උප්පජ්ජන්ති, උභො යථාකම්මූපගා’ති.
Sinhala BJTස. අනු: දෙක මැ රූප, රූපායතන, රූපධාතු වේ ද? දෙක මැ නිල් වේ ද? දෙක මැ පීතක වේ ද? දෙක මැ ලෝහිතක වේ ද? දෙක මැ අවදාත වේ ද? දෙක මැ චක්‍ෂුර්විඥේය වේ ද? දෙක මැ ඇස්හි ගැටේ ද? දෙක මැ ඇස් හමුවට පැමිණේ ද? දෙක මැ ච්‍යුත වේ ද? දෙක මැ උපදනේ වේ ද? දෙක මැ යථාකර්මෝපග වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
Pali BJTඋපාදාපඤ්ඤත්තානුයොගො.
Sinhala BJTඋපාදාපඤ්ඤත්තානුයෝග යි.
Pali BJT210. ප. පු: කල්යාණපාපකානි කම්මානි උපලබ්භන්තී’ති.
Sinhala BJT210. ප. පු: කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයෝ දක්නා ලැබෙත් ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: කල්යාණපාපකානං කම්මානං කත්තා කාරෙතා උපලබ්භතී’ති.
Sinhala BJTප. අනු: කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම කරන්නෙක් කරවන්නෙක් දක්නා ලැබේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: කල්යාණපාපකානි කම්මානි උපලබ්භන්තී’ති කල්යාණපාපකානං කම්මානං කත්තා කාරෙතා උපලබ්භතී’ති.
Sinhala BJTස. පු: ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම කරන්නෙක් කරවන්නෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තස්ස කත්තා කාරෙතා උපලබ්භතී’ති.
Sinhala BJTස. අනු: (එසේ වී නම්) ඒ කර්‍ම කරන්නහු කරවන්නහු පිළිබඳ වත් කරන්නෙක් කරවන්නෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
Pali BJTස. පු: තස්ස කත්තා කාරෙතා උපලබ්භතී’ති.
Sinhala BJTස. පු: (නැවත ද) ඒ කර්‍ම කරන්නහු කරවන්නහු පිළිබඳ වත් කරන්නෙක් කරවන්නෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තස්ස තස්සෙව නත්ථි දුක්ඛස්ස අන්තකිරියා, නත්ථි වට්ටුපච්ඡෙදො, නත්ථි අනුපාදාපරිනිබ්බානන්ති.
Sinhala BJTස. පු: (තොප මතය අනුව කර්‍මය කර්‍මමාත්‍ර නො වේ. එය කරන පුද්ගලයෙක් ඇත. ඒ පුද්ගලයා නිපදවන වෙනත් පුද්ගලයෙක් ඇත. ඔහුදු නිපදවන වෙනත් පුද්ගලයෙක් ඇත. මෙසේ පුද්ගල පරම්පරායෙක් ඇත. එසේ වත් මැ) ඒ ඒ දුඃඛයාගේ අවසන් කිරීමෙක් නැද්ද? සසර වට සිඳලීමෙක් නැද්ද? අනුපාදා පරිනිර්‍වාණයෙක් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
Pali BJT211. ස. පු: කල්යාණපාපකානි කම්මානි උපලබ්භන්තී’ති කල්යාණපාපකානං කම්මානං කත්තා කාරෙතා උපලබ්භතී’ති.
Sinhala BJT211. ස. පු: ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම කරන්නෙක් කරවන්නෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පුග්ගලො උපලබ්භතී’ති පුග්ගලස්ස කත්තා කාරෙතා උපලබ්භතී’ති.
Sinhala BJTස. අනු: ‘පුද්ගල ඇත් නු’යි පුද්ගලයා පිළිබඳ කරන්නෙක් කරවන්නෙක් දක්නා ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT212. ස. පු: කල්යාණපාපකානි කම්මානි උපලබ්භන්තී’ති කල්යාණපාපකානං කම්මානං කත්තා කාරෙතා උපලබ්භතී’ති.
Sinhala BJT212. ස. පු: ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම කරන්නෙක් කරවන්නෙක් දක්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිබ්බානං උපලබ්භතී’ති නිබ්බානස්ස කත්තා කාරෙතා උපලබ්භතී’ති.
Sinhala BJTස. අනු: (එසේ වී නම්) ‘නිවන දක්නා ලැබේ නු’යි නිවන පිළිබඳ කරන්නෙක් කරවන්නෙක් දක්නා ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT213. ස. පු: කල්යාණපාපකානි කම්මානි උපලබ්භන්තී’ති කල්යාණපාපකානං කම්මානං කත්තා කාරෙතා උපලබ්භතී’ති.
Sinhala BJT213. ස. පු: කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම කරන්නෙක් කරවන්නෙක් දක්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මහාපඨවී උපලබ්භතී’ති මහාපඨවියා කත්තා කාරෙතා උපලබ්භතී’ති.
Sinhala BJTස. අනු: ‘මහපොළොව දක්නා ලැබේ නු’යි මහපොළොව පිළිබඳ කරන්නෙක් කරවන්නෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT214. ස. පු: කල්යාණපාපකානි කම්මානි උපලබ්භන්තී’ති කල්යාණපාපකානං කම්මානං කත්තා කාරෙතා උපලබ්භතී’ති.
Sinhala BJT214. ස. පු: ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම කරන්නෙක් කරවන්නෙක් දක්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මහාසමුද්දො උපලබ්භතීති මහාසමුද්දස්ස කත්තා කාරෙතා උපලබ්භතී’ති.
Sinhala BJTස. අනු: ‘මහමුහුද ඇත් නු’යි මහමුහුද පිළිබඳ කරන්නෙක් කරවන්නෙක් දක්නා ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT215. ස. පු: කල්යාණපාපකානි කම්මානි උපලබ්භන්තී’ති කල්යාණපාපකානං කම්මානං කත්තා කාරෙතා උපලබ්භතී’ති.
Sinhala BJT215. ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම කරන්නෙක් කරවන්නෙක් දක්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සිනෙරු පබ්බතරාජා උපලබ්භතී’ති සිනෙරුස්ස පබ්බතරඤ්ඤො කත්තා කාරෙතා උපලබ්භතී’ති.
Sinhala BJTස. අනු: ‘සිනේරු පර්‍වත රාජයා ඇත් නු’යි සිනේරු පර්‍වත රාජයා පිළිබඳ කරන්නෙක් කරවන්නෙක් දක්නා ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT216. ස. පු: කල්යාණපාපකානි කම්මානි උපලබ්භන්තී’ති කල්යාණපාපකානං කම්මානං කත්තා කාරෙතා උපලබ්භතී’ති.
Sinhala BJT216. ස. පු: ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම කරන්නෙක් කරවන්නෙක් දක්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ආපො උපලබ්භතී’ති ආපස්ස කත්තා කාරෙතා උපලබ්භතී’ති.
Sinhala BJTස. අනු: ‘අබ්ධාතු ඇත් නු’යි අබ්ධාතු පිළිබඳ කරන්නෙක් කරවන්නෙක් දක්නා ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT217. ස. පු: කල්යාණපාපකානි කම්මානි උපලබ්භන්තී’ති කල්යාණපාපකානං කම්මානං කත්තා කාරෙතා උපලබ්භතී’ති.
Sinhala BJT217. ස. පු: ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම කරන්නෙක් කරවන්නෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තෙජො උපලබ්භතී’ති තෙජස්ස කත්තා කාරෙතා උපලබ්භතී’ති.
Sinhala BJTස. අනු: ‘තෙජොධාතු ඇත් නු’යි තෙජොධාතු පිළිබඳ කරන්නෙක් කරවන්නෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT218. ස. පු: කල්යාණපාපකානි කම්මානි උපලබ්භන්තී’ති කල්යාණපාපකානං කම්මානං කත්තා කාරෙතා උපලබ්භතී’ති
Sinhala BJT218. ස. පු: ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම කරන්නෙක් කරවන්නෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වායො උපලබ්භතී’ති වායස්ස කත්තා කාරෙතා උපලබ්භතී’ති.
Sinhala BJTස. අනු: ‘වායෝධාතු ඇත් නු’යි වායෝධාතු පිළිබඳ කරන්නෙක් කරවන්නෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT219. ස. පු: කල්යාණපාපකානි කම්මානි උපලබ්භන්තී’ති කල්යාණපාපකානං කම්මානං කත්තා කාරෙතා උපලබ්භතී’ති.
Sinhala BJT219. ස. පු: ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම ඇත්නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම කරන්නෙක් කරවන්නෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තිණකට්ඨවනප්පතයො{1} උපලබ්භන්තීති තිණකට්ඨවනප්පතීනං කත්තා කාරෙතා උපලබ්භතීති.
Sinhala BJTස. අනු: ‘තෘණකාෂ්ටවනස්පතීහු ඇත් නු’යි තෘණකාෂ්ටවනස්පතීන් පිළිබඳ කරන්නෙක් කරවන්නෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියයුතු මැ යැ.
Pali BJT220. ස. පු: කල්යාණපාපකානි කම්මානි උපලබ්භන්තීති කල්යාණපාපකානං කම්මානං කත්තා කාරෙතා උපලබ්භතීති.
Sinhala BJT220. ස. පු: ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම පිළිබඳ කරන්නෙක් කරවන්නෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤානි කල්යාණපාපකානි කම්මානි, අඤ්ඤො කල්යාණපාපකානං කම්මානං කත්තා කාරෙතාති.
Sinhala BJTස. අනු: කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයෝ අන්‍ය වෙත් ද? කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍ම කරන්නේ කරවන්නේ අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT221. ස. පු: කල්යාණපාපකානං කම්මානං විපාකො උපලබ්භතී’ති.
Sinhala BJT221. ස. පු: කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයන්ගේ විපාකයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කල්යාණපාපකානං කම්මානං විපාකපටිසංවෙදී උපලබ්භතීති.
Sinhala BJTස. අනු: කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයන්ගේ විපාක පටිසංවේදකයෙක් (විවා විඳගනුයෙක්) ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT222. ස. පු: කල්යාණපාපකානං කම්මානං විපාකො උපලබ්භතීති කල්යාණපාපකානං කම්මානං විපාකපටිසංවෙදී උපලබ්භතීති.
Sinhala BJT222. ස. පු: ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයන්ගේ විපාක ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයන්ගේ විපාක පටිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තස්ස පටිසංවෙදී උපලබ්භතීති.
Sinhala BJTස. අනු: ඒ විපාක පටිසංවේදීහු පිළිබඳ පටිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT223. ස. පු: තස්ස පටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJT223. ස. පු: ඒ විපාක පටිසංවෙදකයා පිළිබඳ පටිසංවේදකයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තස්ස තස්සෙව නත්ථි දුක්ඛස්ස අන්තකිරියා, නත්ථි වට්ටූපච්ඡෙදො, නත්ථි අනුපාදාපරිනිබ්බානන්ති.
Sinhala BJTස. අනු: (තොප මතය අනුව විපාකය විපාකමාත්‍ර නො වෙයි. ඒ විඳුනා පුද්ගලයෙක් ඇත. ඔහු පිළිබඳ වත් විඳුනා පුද්ගලයෙක් ඇත. මෙසේ පුද්ගල පරම්පරායෙක් ඇත. එසේ වත් මැ) ඒ ඒ දුක් අවසන් කිරීමෙක් නැද්ද? සසර වට සිඳලීමෙක් නැද්ද? අනුපාදා පරිනිර්‍වාණයෙක් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
Pali BJT224. ස. පු: කල්යාණපාපකානං කම්මානං විපාකො උපලබ්භතී’ති කල්යාණපාපකානං කම්මානං විපාකපටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJT224. ස. පු: ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයන්ගේ විපාක ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයන්ගේ විපාක පටිසංවේදකයෙක් ඇද් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පුග්ගලො උපලබ්භතී’ති පුග්ගලස්ස පටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJTස. අනු: ‘පුද්ගල ඇත් නු’යි පුද්ගලයා පිළිබඳ ප්‍රතිසංවේදකයෙක් ඇද් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT225. ස. පු: කල්යාණපාපකානං කම්මානං විපාකො උපලබ්භතී’ති කල්යාණපාපකානං කම්මානං විපාකපටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJT225. ස. පු: ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයන්ගේ විපාක ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයන් පිළිබඳ විපාක ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිබ්බානං උපලබ්භතී’ති නිබ්බානස්ස පටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJTස. අනු: ‘නිර්‍වාණය ඇත් නු’යි නිර්‍වාණය පිළිබඳ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT226. ස. පු: කල්යාණපාපකානං කම්මානං විපාකො උපලබ්භතී’ති කල්යාණපාපකානං කම්මානං විපාකපටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJT226. ස. පු: ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයන් පිළිබඳ විපාක ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයන් පිළිබඳ විපාක ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.