Dhātukathā

Discussion of Elements

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 965 segments

පෙන්වන කොටස් 801-900 න් 965

කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයක් විසින් එකොළොස් ආයතනයක් විසින් සතළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
28. චිත්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් එක් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: ස්කන්‍ධ දෙකක් විසින් එකොළොස් ආයතනයක් විසින් සතළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
29. චෛතසික ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... චිත්තසම්ප්‍රයුක්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්ත සංසෘෂ්ට ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්ත සංස්කෘෂ්ට සමුත්‍ථාන සහභූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ට සමුත්‍ථානානුපරිවර්තී ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් ධාතු සතක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයක් විසින් එකොළොස් ආයතනයක් විසින් එකොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
30. උපාදාන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... ක්ලේශ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ සාංක්ලේශික ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ සංක්ලිෂ්ට ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
31. සංක්ලිෂ්ට ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්‍මයන් භා සමග යම් ධර්‍ම කෙනෙක් - සවිතර්‍ක ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සවිචාර ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සප්‍රීතික වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ප්‍රීතිසහගත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සුඛසහගත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - උපේක්‍ෂා සහගත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්: ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් එක් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයක් විසින් එකොළොස් ආයතනයක් විසින් සතළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
උද්දානය:
සතර නාමස්කන්‍ධයෝ යැ, මනායතන යැ, සප්තවිඥාන ධාතු යැ, සත්‍ය දෙක යැ, තුදුස් ඉන්‍ද්‍රියයෝ යැ, පටිච්චසමුප්පාදයෙහි දොළොස් පදයෝ යැ එයින් මත්තෙහි සොළොස් පදයෝ යැ, ත්‍රිකමාතෘකායෙහි අටපදයෝ යැ, ගොච්ඡකයෙහි තෙසාළිස් පදයෝ යැ, මහන්තර දුකයෙහි සප්ත පදයෝ යැ, පිට්ඨි දුකයෙහි සපදයෝ යැ යන මේ (එක් සිය විස්සක්) පදයෝ නව වැනි වූ උද්දේශ පදයාගේ නිර්දේශයෙහි සඞ්ගෘහීත වෙත්.
සම්ප්‍රයුක්තයෙන් සඞ්ගෘහීත අසඞ්ගෘහීත පද නිර්දේශ නිමි.
13. අසඞ්ගෘහීතයෙන් සම්ප්‍රයුත්ක විප්‍රයුක්ත පද නිර්දේශ
1. රූපස්කන්‍ධය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නොකරන ලද්දාහු ද ආයතනසඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නො කරන ලද්දාහු ද ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නො කරන ලද්දාහු ද, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතුන් හා සමග සම්ප්‍රයුක්ත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් හා සමග සම්ප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
2. ධර්‍මායතනය විසින් යම් ධර්‍ම කෙනෙක් ... ධර්‍මධාතුව විසින් යම් ධර්‍ම කෙනෙක් - ඉත්‍ථින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - පුරිසින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - ජීවිතින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - විඥාන ප්‍රත්‍යයෙන් වූ නාමරූපය විසින් යම් ධර්‍ම කෙනෙක් - අසංඥභවය විසින් යම් ධර්‍ම කෙනෙක් - ඒකවෝකාර භවය විසින් යම් ධර්‍ම කෙනෙක් - ජාතිය විසින් යම් ධර්‍ම කෙනෙක් - ජරාව විසින් යම් ධර්‍ම කෙනෙක් - මරණය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නො කරන ලද්දාහු ද ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නො කරන ලද්දාහු ද ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නො කරන ලද්දාහු ද ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් හා සමග සම්ප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් භා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
3. අරූපභවය විසින් යම් ධර්‍ම කෙනෙක් - නේවසඤ්ඤානාසඤ්ඤා භවය විසින් යම් ධර්‍ම කෙනෙක් - චතුවෝකාර භවය විසින් යම් ධර්‍ම කෙනෙක් - ඉද්ධිපාදය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නොකරන ලද්දාහු ද ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නොකරන ලද්දාහු ද ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නො කරන ලද්දාහු ද, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වූවාහු ද යත්: (සම්ප්‍රයුක්ත වන්නාවූ ධර්‍මයෙක්) නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
4. කුශල ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... අකුශල ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අදුක්ඛමසුඛ (උපේක්‍ෂා) වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - විපාක වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - විපාකස්වභාව ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අනුපාදින්න අනුපාදානිය ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සංක්ලිෂ්ට සාංක්ලේශික ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අසංක්ලිෂ්ට අසාංක්ලේශික ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සවිතර්‍ක සවිචාර ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අවිතර්‍කවිචාරමාත්‍ර වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ප්‍රීති සහගත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සුඛසහගත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - උපේක්‍ෂා සහගත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - දර්‍ශනයෙන් (සෝවාන් මඟින්) ප්‍රහාතව්‍ය ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් (මතු මාර්‍ග ත්‍රයයෙන්) ප්‍රහාතව්‍ය ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආචයගාමී ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අපචයගාමී ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ශෛක්‍ෂ වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අශෛක්‍ෂ වූ ධර්‍මයන් විසින් ධර්‍ම කෙනෙක් - මහද්ගත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අප්‍රමාණවූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - පරිත්තාලම්බන වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - මහාද්ගතාලම්බන වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අප්‍රමාණාලම්බන වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - හීන වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ප්‍රණීත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - මිථ්‍යාත්‍වනියත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සම්‍යක්ත්‍වනියත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ගාලම්බන වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ගහේතුක වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ගාධිපති වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අතීතාලම්බන වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අනාගතාලම්බන වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ප්‍රත්‍යුත්පන්නාලම්බන වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අධ්‍යාත්මාලම්බන වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - බාහිරාලම්බන වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අධ්‍යාත්මබාහිරාලම්බන වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සහේතුක වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - හේතු සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සහේතුක ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - හේතුසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - හේතු නො වූ සහේතුක වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නොකරන ලද්දාහු ද, ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නොකරන ලද්දාහු ද, ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නොකරන ලද්දාහු ද, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වෙත් ද යත්: (සම්ප්‍රයුක්ත වන්නා වූ ධර්‍මයෙක්) නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: සතර ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
5. රූපී ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නො කරන ලද්දා හු ද ආයතනසඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නො කරන ලද්දාහු ද ධාතුසඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නො කරන ලද්දා හු ද ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
6. අරූපීධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ලෝකෝත්තර ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අනාස්‍රව ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ආස්‍රව වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රව ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සංයෝජනීය නො වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ග්‍රන්‍ථනීය නො වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ඕඝනීය නො වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - යෝගනීය නො වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - නීවරණීය නො වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අපරාමෘෂ්ට නො වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශසම්ප්‍රයුක්ත වූ කර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශවිප්‍රයුක්තඅපරාමෘෂ්ට ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතුන් හා සමග සම්ප්‍රයුක්ත වෙත් ද යත්: (සම්ප්‍රයුක්ත වන්නා වූ ධර්‍මයෙක්) නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
7. අනාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... චිත්ත නො වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තවිප්‍රයුක්ත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තවිසංසෘෂ්ට වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්- චිත්තසමුත්‍ථාන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තසහභූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තානුපරිවර්තී ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - බාහිර ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - උපාදාධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් හා සමග සම්ප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
8. අනුපාදානිය ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... උපාදානසම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - උපාදානසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද උපාදාන වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - උපාදානවිප්‍රයුක්ත වූ අනුපාදානිය ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අසාංක්ලේශික වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සංක්ලිෂ්ට වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශසම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සංක්ලිෂ්ට ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශවිප්‍රයුක්ත වූ අසාංක්ලේශික වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - විතර්‍ක සහිත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - විචාර සහිත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සප්‍රීතික වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ප්‍රීතිසහගත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සුඛසහගත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - උපේක්‍ෂා සහගත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - කාමාවචර නො වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - රූපාවචර වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් අරූපාවචර වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අපර්‍ය්‍යාපන්න ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - නෛර්‍ය්‍යාණික ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - නියත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අනුත්තරධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සරණ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ද ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ද ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ද, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්තයෝ ද යත්: සම්ප්‍රයුක්ත වන ධර්‍මයෙක් නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්තයෝ ද යත්: සතර ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනෙකුන් හා විප්‍රයුක්ත වෙත්.
උද්දානය:
රූප යැ, ධර්‍මායතන යැ, ධර්‍මධාතු යැ, ස්ත්‍රීන්‍ද්‍රිය යැ, පුරුෂේන්‍ද්‍රිය යැ, ජීවිතේන්‍ද්‍රිය යැ, නාමරූප යැ, භවයෝ දෙදෙන යැ, ජාති යැ, ජරාව යැ, මරණ යැ, රූපී ධර්‍ම යැ, අනාරම්මණ යැ, චිත්ත නො වූ ධර්‍ම යැ, චිත්තවිප්පයුත්ත ධර්‍ම යැ, චිත්තවිසංසට්ඨ ධර්‍ම යැ, චිත්තසමුට්ඨාන ධර්‍ම යැ, චිත්තසහභූ ධර්‍ම යැ, චිත්තානුපරිවත්තී ධර්‍ම යැ, බාහිරඋපාදා ධර්‍ම දෙක යැයි දෙවිසිනයක් ඇති මේ ක්‍රමය මොනොවට අවබෝධ කරන ලද්දේ වෙයි.
අසඞ්ගෘහීතයෙන් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත පද නිර්‍දෙශය නිමි.
14. විප්‍රයුක්තයෙන් සඞ්ගෘහීතා’සඞ්ගෘහීත පද නිර්‍දෙශය
1. රූපස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ සතර (නාම) ස්කන්‍ධයන් විසින් ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීතයහ.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් සඞ්ගෘහීත යෝ යි.
2. වේදනාස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... සංඥාස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සංස්කාර ස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් - විඥානස්කන්‍ධය භා සමග යම් ධර්‍ම කෙනෙක් - මනායතනය හා සමග යම් ධර්‍ම කෙනෙක් - මනින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් හැරපියා එක් ස්කන්‍ධයක් විසින් එකොළොස් ආයතනයක් විසින් එකොළොස් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙත්.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර (නාම) ස්කන්‍ධයන් විසින් එක් මනායතනය විසින් සප්ත ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
3. චක්ඛායතනය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... ඵොට්ඨබ්බායතනය හා සමග යම් ධර්‍ම කෙනෙක් - චක්ඛුධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් - ඵොට්ඨබ්බධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයෝ සතර (නාම) ස්කන්‍ධයන් විසින් ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීත වෙත්.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
4. චක්‍ෂුර්විඥානධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් ... ශ්‍රෝත්‍ර විඥානධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් - ඝ්‍රාණවිඥාන ධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් - ජිහ්වාවිඥානධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් - කායවිඥානධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් - මනෝධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් - මනෝවිඥානධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් හැරපියා පඤ්චස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් සතළොස් ධාතුවක් විසින් සඞ්ගෘහීතයෝ යි.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්. එක් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
5. දුඃඛසත්‍යය හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතුන් දෙකක් විසින් සඞ්ගෘහීත වෙත්.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
6. සමුදය සත්‍යය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... මාර්‍ග සත්‍යය හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙත්.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
7. නිරෝධසත්‍යය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... චක්ඛුන්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - කායින්‍ද්‍රියය හා සමග යම් ධර්‍ම කෙනෙක් - ඉත්‍ථින්‍ද්‍රියය හා සමග යම් ධර්‍ම කෙනෙක් - පුරිසින්‍ද්‍රියය හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් අෂ්ට ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙත්.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
8. සුඛින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... දුක්ඛින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සෝමනස්සින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - දෝමනස්සින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛත ධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙත්.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
9. උපෙක්ඛින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් තෙළෙස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙත්.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙති. පඤ්ච ධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත්.
10. සද්ධින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... විරියින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සතින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සමාධින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - පඤ්ඤින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤාතාවින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාව හා සමග යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාරයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සංඛ්‍යායෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
11. සංස්කාරප්‍රත්‍යයෙන් වූ විඥානය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... ෂඩායතන ප්‍රත්‍යයෙන් වූ ස්පර්‍ශය හා සමග යම් ධර්‍ම කෙනෙක් - ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වූ වේදනාව හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සංඛ්‍යායෙන් හැරපියා එක් ස්කන්‍ධයක් විසින් එකොළොස් ආයතනයක් විසින් එකොළොස් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයන් විසින් එක් ආයතනයක් විසින් සප්ත ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
12. වේදනාප්‍රත්‍යයෙන් වූ තෘෂ්ණාව හා සමග යම් ධර්‍ම කෙනෙක් ... තෘෂ්ණාප්‍රත්‍යයෙන් වූ උපාදානය හා සමග යම් ධර්‍ම කෙනෙක් - කර්‍මභවය හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතුන් විසින් සඞ්ගෘහීත වෙත්.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
13. උපප්‍රාප්තිභවය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... සංඥාභවය හා සමග යම් ධර්‍ම කෙනෙක් - පඤ්චවෝකාර භවය හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් විසින් ආයතන දෙකක් විසින් තුන් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් පසළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
14. කාමභවය හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් විසින් ආයතන දෙකක් විසින් පඤ්ච ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් තෙළෙස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
15. රූපභවය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... අසංඥභවය හා සමග යම් ධර්‍ම කෙනෙක් - ඒකවෝකාරභවය හා සමග යම් ධර්‍ම කෙනෙක් පරිදේවය හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් අෂ්ට ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
16. අරූපභවය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... නේවසඤ්ඤානාසඤ්ඤාභවය හා සමග යම් ධර්‍ම කෙනෙක් - චතුවෝකාරභවය හා සමග යම් ධර්‍ම කෙනෙක් - ශෝකය හා සමග යම් ධර්‍ම කෙනෙක් - දුඃඛය හා සමග යම් ධර්‍ම කෙනෙක් - දෞර්‍මනස්ස්‍යය හා යම් ධර්‍ම කෙනෙක් - උපායාසය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සතිපට්ඨානය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සම්‍යක්ප්‍රධානය හා සමග යම් ධර්‍ම කෙනෙක් - ඉද්ධිපාදය භා සමග යම් ධර්‍ම කෙනෙක් - ධ්‍යානය හා සමග යම් ධර්‍ම කෙනෙක් - අප්‍රාමාණ්‍යය හා සමග යම් ධර්‍ම කෙනෙක් - පඤ්චින්‍ද්‍රියයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - පඤ්ච බලයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සප්ත බෝධ්‍යඞ්ගයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඛ්‍යායෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස්ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
17. ස්පර්‍ශය හා සමග යම් ධර්‍ම කෙනෙක් - වේදනාව හා සමග යම් ධර්‍ම කෙනෙක් - සංඥාව හා සමග යම් ධර්‍ම කෙනෙක් - චේතනාව හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තය හා සමග යම් ධර්‍ම කෙනෙක් - මනසිකාරය හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සංඛ්‍යායෙන් හැරපියා එක් ස්කන්‍ධයක් විසින් එකොළොස් ආයතනයන් විසින් එකොළොස් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයන් විසින් එක් ආයතනයක් විසින් සප්ත ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
18. අධිමෝක්‍ෂය හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සංඛ්‍යායෙන් තබා පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් සතළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙති, එක් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
19. කුශලධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අකුශල ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සුඛවේදනා සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - දුඃඛවේදනාව සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛත ධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් තබා පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
20. අව්‍යාකෘත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් සඞ්ගෘහීත වෙත්.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
21. අදුක්ඛමසුඛවෙදනා සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - විපාක වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සංඛ්‍යායෙන් තබා පඤ්චස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් තෙළෙස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙත්.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙති. පඤ්ච ධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත්.
22. විපාකස්වභාව ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සංක්ලිෂ්ට සාංක්ලේශික ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් තබා පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත වෙත්.
23. නො මැ විපාක වූ විපාකස්වභාව නො වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අනුපාදින්නෝපාදානිය ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් අනුපාදින්නඅනුපාදානිය ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අසංක්ලිෂ්ට අසාංක්ලේශික ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් අෂ්ට ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
24. උපාදින්නෝපාදානිය ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් තුන් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් පසළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
25. අසංක්ලිෂ්ට අසාංක්ලේශික ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
26. සවිතර්‍කසවිචාර ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයෝ - අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සංඛ්‍යායෙන් තඛා පඤ්චස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් සතළොස් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙති. එක් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
27. අවිතර්‍කවිචාරමාත්‍ර වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ප්‍රීතිසහගත ධර්‍මයන් හා සමග යම් ධර්‍මකෙනෙක් - සුඛ සහගත ධර්‍මයන් භා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් තබා පඤ්චස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
28. අවිතර්‍කඅවිචාර ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් තුන් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් පසළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
29. උපේක්‍ෂා සහගත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ - අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් තබා පඤ්චස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් තෙළෙස් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් අසඞ්ගෘහීත නොවෙති. පඤ්ච ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
30. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයන් සමග යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ආචයගාමී ච්‍යුතිප්‍රතිසන්‍ධිය ලැබිය හැකි වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අපචයගාමී ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ශෛක්‍ෂ වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අශෛක්‍ෂ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - මහද්ගත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් තබා පඤ්ච ස්කන්‍ධයන් විසින් දෙළොස් ආයතනයන් විසින් අටළොස් ධාතුන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
31. නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ හේතු ඇති ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - නො මැ ආචයගාමී නො ද අපචයගාමී වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - නො මැ ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂ වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - පරිත්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
32. අප්‍රාමාණ්‍ය ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ප්‍රණීත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීත වෙත්.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
33. පරිත්තාලම්බන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සංඛ්‍යායෙන් හැරපියා පඤ්චස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් දොළොස් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙත්.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙති. ෂඩ් ධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත්.
34. මහද්ගතාලම්බන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අප්‍රමාණාලම්බන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - හීන වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - මිච්ඡත්තනියත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සම්මත්තනියත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ගාලම්බන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ග හේතුක ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ගාධිපති ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් තබා පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.