Dhātukathā

Discussion of Elements

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 965 segments

පෙන්වන කොටස් 701-800 න් 965

34. අතීතාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... අනාගතාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
35. ප්‍රත්‍යුත්පන්නාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක්, අධ්‍යාත්මාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - බාහ්‍යාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - අධ්‍යාත්මබාහ්‍යාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
36. සනිදර්‍ශන සප්‍රතිඝ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් … අනිදර්‍ශන සප්‍රතිඝ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා විප්‍රයුක්ත වෙත්.
37. හේතුධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... සහේතුක ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - හේතු සම්ප්‍රයුක්ත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් හේතු ද වූ මැ සහේතුක ද වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් සහේතුක ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - හේතු ද වූ මැ හේතු සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - හේතුසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - හේතු නොවූ සහේතුක ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතුන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
38. අප්‍රත්‍යය ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... අසඞ්ඛත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - සනිදර්‍ශන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - සප්‍රතිඝ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - රූපීධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්තධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
39. ලෝකෝත්තර ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත වෙති, ෂඞ්ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
40. ආස්‍රව ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... ආස්‍රව සම්ප්‍රයුක්ත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව ද වූ මැ සාස්‍රව ද වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව ද වූ මැ ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ආස්‍රව වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
41. අනාස්‍රවධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් … ආස්‍රව විප්‍රයුක්තවූ අනාස්‍රව ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන්, හා යම් ධර්‍මයක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනෙකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නොවෙති. ෂඞ්ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
42. සංයෝජන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... ග්‍රන්‍ථධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ඕඝධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - යෝග ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - නීවරණ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශසම්ප්‍රයුක්ත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශ ද වූ මැ පරාමෘෂ්ට ද වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
43. අපරාමෘෂ්ටධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... පරාමර්‍ශවිප්‍රයුක්ත අපරාමෘෂ්ටධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනෙකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නොවෙති, ෂඞ්ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
44. සාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... චිත්ත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - චෛතසික ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - චිත්තසම්ප්‍රයුක්ත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - චිත්ත සංසෘෂ්ට ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්ති ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
45. අනාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... චිත්තවිප්‍රයුක්ත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - චිත්ත විසංසෘෂ්ට ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - උපාදාධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
46. අනුපාදින්න ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනෙකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, පඤ්චධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
47. උපාදානධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... ක්ලේශ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... සංක්ලිෂ්ට ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ සම්ප්‍රයුක්ත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ සාංක්ලේශික ද වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ සංක්ලිෂ්ට ද වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - සංක්ලිෂ්ට ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධය හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
48. අසාංක්ලේශික ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... ක්ලේශ විප්‍රයුක්ත අසාංක්ලේශික ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහුද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනෙකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, ෂඞ් ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
49. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දසආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
50. සවිතර්‍ක ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... සවිචාර ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා පසළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා විප්‍රයුක්ත වෙත්.
51. අවිතර්‍ක ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... අවිචාර ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහුද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනෙකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, එක් ධාතුවක් හා විප්‍රයුක්ත වෙත්.
52. සප්‍රීතිකධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... ප්‍රීති සහගත ධර්‍මයන් භා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
53. සුඛ සහගත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා පසළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
54. උපේක්‍ෂා සහගත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ඒ ධර්‍මය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා එකොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
55. කාමාවචර නො වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් … අපර්‍ය්‍යාපන්න ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - අනුත්තර ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, ෂඩ් ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
56. රූපාවචර ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... අරූපාවචර ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - නෛර්‍ය්‍යාණික ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - නියත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - සරණ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා කෙතෙක් ආයතනයන් හා කෙතෙක් ධාතූන් හා විප්‍රයුක්තයෝ ද යත්: ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතුන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
උද්දානය:
ධර්‍මායතන යැ, ධර්‍මධාතු යැ, දුඃඛසත්‍ය යැ, ජීවිත යැ, ෂඩායතන යැ, නාමරූප යැ, සතර මහාභවයෝ යැ, ජාති යැ, ජරා යැ, මරණය යැ, තික මාතෘකා පදයන් අතුරෙන් එකුන් විසි පද කෙනෙකැ, ගොච්ඡකයෙහි පනස් පද කෙනෙකැ, චුල්ලන්තර දුකයෙහි අටපදයෝ යැ මහන්තර දුකයෙහි පසළොස් පදයෝ යැ එයින් අන්‍ය පිට්ඨිදුකයෙහි අටළොස් පදයෝ යැ යන මේ එක් සිය තෙවිසි පදයෝ සම්ප්‍රයෝගයෙහි නො ලැබෙත්.
විප්‍රයුක්තයෙන් විප්‍රයුක්ත පද නිර්දේශ නිමි.
11. සඞ්ගෘහීතයෙන් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත පද නිර්‍දෙශය
1. සමුදය සත්‍යය විසින් යම් ධර්‍ම කෙනෙක් ... මාර්‍ග සත්‍යය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සංග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ධාතුසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වූවාහු ද යත්:
ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වූවාහුය, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වූවාහු ය.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වූවාහු ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වූවාහුය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වූවාහු ය.
2. ඉත්‍ථින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ... පුරිසින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වූවාහු ද යත්: සම්ප්‍රයුක්ත වූ ධර්‍ම කෙනෙක් නැත.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වූවාහු ද යත්: සතර ස්කන්‍ධයන් හා එක් ආයතනය හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වූවාහුය, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වූවාහු ය.
3. සුඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ... දුක්ඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ... සෝමනස්සින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ... දෝමනස්සින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ආයතනසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ධාතුසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වූවාහුය, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වූවාහු ය.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වූවාහු ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වූවාහු ය, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වූවාහු ය.
4. උපෙක්ඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ආයතනසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ධාතුසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග ධාතු දෙකක් හා සමග සම්ප්‍රයුක්ත වූවාහු ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වූවාහු ය.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වූවාහු ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා පසළොස් ධාතූන් හා විප්‍රයුක්ත වූවාහු ය, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වූවාහු ය.
5. සද්ධින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ... විරියින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - සතින්‍ද්‍රිය විසින් ධර්‍ම කෙනෙක් - සමාධින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - පඤ්ඤින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤාතාවින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාව විසින් යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාරයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ෂඩායතන ප්‍රත්‍යයෙන් වූ ස්පර්‍ශය විසින් යම් ධර්‍ම කෙනෙක් - වේදනාප්‍රත්‍යයෙන් වූ තෘෂ්ණාව විසින් යම් ධර්‍ම කෙනෙක් - තෘෂ්ණා ප්‍රත්‍යයෙන් වූ උපාදානයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - කර්‍මභවය විසින් යම් ධර්‍ම කෙනෙක් - ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ආයතනසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ධාතුසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා සම්ප්‍රයුක්ත වූවාහු ය.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වූවාහු ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වූවාහු ය, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා ද විප්‍රයුක්ත වූවාහු ය.
6. පරිදේවය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ආයතනසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ධාතුසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වූවාහු ද යත්: සම්ප්‍රයුක්ත වූ ධර්‍ම කෙනෙක් නැත්තාහ.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වූවාහු ද යත්: සතර ස්කන්‍ධයක් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා සමග ද විප්‍රයුක්ත වූවාහුය. එක් ආයතනයක් හා සමග ද එක් ධාතුවක් හා කිසි ධර්‍ම කෙනෙකුන් හා විප්‍රයුක්ත වූවාහු ය.
7. ශෝකය විසින් යම් ධර්‍ම කෙනෙක් ... දුඃඛය විසින් යම් ධර්‍ම කෙනෙක් - දෞර්‍මනස්‍යය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහුද ධාතුසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීති වූවාහු ද ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධත්‍රයක් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වූවාහු ය, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වූවාහු ය.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වූවාහු ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වූවාහු ය, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වූවාහු ය.
8. උපායාසය විසින් යම් ධර්‍ම කෙනෙක් ... සතිපට්ඨානය විසින් යම් ධර්‍ම කෙනෙක් - සම්මප්පධානය විසින් යම් ධර්‍ම කෙනෙක් - අප්‍රාමාණ්‍යය විසින් යම් ධර්‍ම කෙනෙක් - පඤ්චේන්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - පඤ්චබලයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සප්තබෝධ්‍යඞ්ගයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය විසින් යම් ධර්‍ම කෙනෙක් - ස්පර්‍ශය විසින් යම් ධර්‍ම කෙනෙක් - චේතනාව විසින් යම් ධර්‍ම කෙනෙක් - අධිමෝක්‍ෂය විසින් යම් ධර්‍ම කෙනෙක් - මනසිකාරය විසින් යම් ධර්‍ම කෙනෙක් - හේතු ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - හේතු ද වූ මැ සහේතුක වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - හේතු ද වූ මැ හේතුසම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රවධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රවද වූ මැ සාස්‍රව ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව ද වූ මැ ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සංයෝජන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ග්‍රන්‍ථධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ඕඝ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - යෝග ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - නීවරණ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - උපාදානධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ සාංක්ලේශික ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ සංක්ලිෂ්ට ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ආයතනසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ධාතුසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වූවාහු ද යත්: ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වූවාහු ය, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වූවාහු යි.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වූවාහු ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වූවාහු ය, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වූවාහු යි.
සත්‍යයෝ දෙදෙනා යැ, පසළොස් ඉන්‍ද්‍රියපදයෝ යැ, එකොළොස් ප්‍රතීත්‍ය සමුත්පාද පදයෝ යැ, යළි මතුයෙහි එකොළොස් පද යැ, තිස් වැදෑරුම් ගොච්ඡක පදයෝ යැ යන මොහු මෙහි වෙත්.
සඞ්ගෘහීතයෙන් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත පද නිර්දේශ නිමි.
12. සම්ප්‍රයුක්තයෙන් සඞ්ගෘහීත අසඞ්ගෘහීත පද නිර්‍දෙශය
1. වේදනාස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... සංඥාස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... සංස්කාරස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්: ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ දෙකක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
2. විඥානස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... මනායතනය හා සමග යම් ධර්‍ම කෙනෙක් … චක්‍ෂුර්විඥානධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් ... මනෝධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් ... මනෝවිඥාන ධාතුව හා යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් එක් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ දෙකක් විසින් එකොළොස් ආයතනයක් විසින් සතළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
3. සමුදය සත්‍යය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... මාර්‍ග සත්‍යය භා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතනද්වයක් විසින් ධාතුද්වයක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
4. මනින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් එක් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධද්වයක් විසින් එකොළොස් ආයතනයක් විසින් සතළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
5. සුඛින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... දුඃඛින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සෝමනස්සින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - දෝමනස්සින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ දෙකක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
6. උපෙක්ඛින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් සප්ත ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ දෙකක් විසින් දස ආයතනයක් විසින් එකොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
7. සද්ධින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... විරියින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සතින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සමාධින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - පඤ්ඤින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤාතාවින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාව හා සමග යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාරයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීතත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
8. සංස්කාර ප්‍රත්‍යයෙන් වූ විඥානය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් එක් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ දෙකක් විසින් එකොළොස් ආයතනයක් විසින් සතළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
9. ෂඩායතන ප්‍රත්‍යයෙන් වූ ස්පර්‍ශය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
10. ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වූ වේදනාව හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ දෙකක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
11. වේදනා ප්‍රත්‍යයෙන් වූ තෘෂ්ණාව හා සමග යම් ධර්‍ම කෙනෙක් ... තෘෂ්ණා ප්‍රත්‍යයෙන් වූ උපාදානය හා සමග යම් ධර්‍ම කෙනෙක් - කර්‍මභවය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
12. ශෝකය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... දුඃඛය හා සමග යම් ධර්‍ම කෙනෙක් - දෞර්‍මනස්‍යය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ දෙකක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
13. උපායාසය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... සතිපට්ඨානය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සම්මප්පධානය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
14. ඉද්ධිපාදය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් එක් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ දෙකක් විසින් එකොළොස් ආයතනයක් විසින් සතළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
15. ධ්‍යානය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ දෙකක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
16. අප්‍රාමාණත්‍යය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... පඤ්චේන්‍ද්‍රියයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් පඤ්ච බලයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සප්තබෝධ්‍යඞ්ගයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්‍ගය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙත්.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
17. ස්පර්‍ශ හා සමග යම් ධර්‍ම කෙනෙක් ... චේතනාව හා සමග යම් ධර්‍ම කෙනෙක් - මනසිකාරය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් - ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
18. වේදනාව හා සමග යම් ධර්‍ම කෙනෙක් ... සංඥාව හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: ස්කන්‍ධ දෙකක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
19. චිත්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් එක් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: ස්කන්‍ධ දෙකක් විසින් එකොළොස් ආයතනයක් විසින් සතළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
20. අධිමෝක්‍ෂය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයක් විසින් පසළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
21. සුඛ වේදනා සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... දුක්ඛ වේදනා සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අදුක්ඛමසුඛවෙදනා සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සවිතර්‍ක සවිචාර ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අවිතර්‍ක විචාරමාත්‍ර වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ප්‍රීතිසහගත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සුඛසහගත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - උපේක්‍ෂා සහගත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් එක් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයක් විසින් එකොළොස් ආයතනයක් විසින් සතළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
22. හේතු ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... හේතු ද වූ මැ සහේතුක ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - හේතු ද වූ මැ හේතු සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
23. සහේතුක ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... හේතුසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද හේතු ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - හේතු නො වූ සහේතුක ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් එක් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයක් විසින් එකොළොස් ආයතනයක් විසින් සතළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
24. ආස්‍රව ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... ආස්‍රව ද වූ මැ සාස්‍රව ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව ද වූ මැ ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත් : එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
25. ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ආස්‍රව ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් එක් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයක් විසින් එකොළොස් ආයතනයක් විසින් සතළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
26. සංයෝජන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... ග්‍රන්‍ථ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ඕඝ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - යෝග ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - නීවරණ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශ ද වූ මැ පරාමෘෂ්ට ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
27. පරාමර්‍ශ සම්ප්‍රයුක්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් එක් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති: