Dhātukathā

Discussion of Elements

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 965 segments

පෙන්වන කොටස් 601-700 න් 965

77. කාමාවචර නොවූ ධර්‍මයෝ ... අපර්‍ය්‍යාපන්න ධර්‍මයෝ ... අනුත්තර ධර්‍මයෝ සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, ෂඩ් ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
78. රූපාවචර ධර්‍මයෝ ... අරූපාවචර ධර්‍මයෝ ... නෛර්‍ය්‍යාණික ධර්‍මයෝ - නියත ධර්‍මයෝ - සරණ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
උද්දානය:
ධර්‍මායතන යැ ධර්‍මධාතු යැ දුඃඛසත්‍ය යැ ජීවිතින්‍ද්‍රිය යැ ෂඩායතන යැ නාම රූප යැ මහාභව සතර යැ ජාති යැ ජරා යැ මරණ යැ යි තික පදයන් අතුරෙහි එකුන් විසි පදයෝ ද, ගොච්ඡකයන්හි පණස් පදයෝ ද, චුල්ලන්තරදුකයෙහි අට පදයෝ ද, මහන්තර දුකයෙහි පසළොස් පදයෝ ද, ඉන් මතුයෙහි පිට්ඨිදුකයෙහි අටළොස් පදයෝ ද යන තෙල එක්සිය තෙවිසි පදයෝ සම්ප්‍රයෝග (විප්‍රයෝගක්‍රම) යෙහි නො ලැබෙත්.
සම්ප්‍රයෝග විප්‍රයෝග පද නිර්දේශ නිමි.
7. සම්ප්‍රයුක්තයෙන් විප්‍රයුක්ත පද නිර්‍දෙශය
1. වේදනා ස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් … සංඥා ස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සංස්කාරස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් - විඥානස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් - මනායතනය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වෙත් ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් නම් ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා කෙතෙක් ආයතනයන් හා කෙතෙක් ධාතූන් හා විප්‍රයුක්ත වෙත් ද යත්:
ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්තධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍මයන් හා විප්‍රයුක්ත වෙත්.
2. චක්‍ෂුර්විඥාන ධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් ... මනෝ ධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් - මනෝවිඥාන ධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වෙත් ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් නම් ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, එක් ධාතුවක් හා විප්‍රයුක්ත වෙත්.
3. මනින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වෙත් ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් නම්, ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනෙකුන් හා විප්‍රයුක්ත වෙත්.
4. උපෙක්ඛින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වෙත් ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍මකෙනෙක් විප්‍රයුක්ත වෙත් නම් ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, පඤ්ච ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
5. සංස්කාර ප්‍රත්‍යයෙන් වූ විඥානය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... ෂඩායතන ප්‍රත්‍යයෙන් වූ ස්පර්‍ශය හා සමග යම් ධර්‍ම කෙනෙක් - ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වූ වේදනාව හා සමග යම් ධර්‍ම කෙනෙක් - ස්පර්‍ශය හා සමග යම් ධර්‍ම කෙනෙක් - වේදනාව හා සමග යම් ධර්‍ම කෙනෙක් - සංඥාව හා සමග යම් ධර්‍ම කෙනෙක් - චේතනාව හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තය හා සමග යම් ධර්‍ම කෙනෙක් - මනසිකාරය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වෙත් ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් නම් ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
6. අධිමෝක්‍ෂය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වෙත් ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් නම් ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, එක් ධාතුවක් හා විප්‍රයුක්ත වෙත්.
7. අදුක්ඛමසුඛ වේදනා හා සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - උපේක්‍ෂා සහගත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වෙත් ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් නම් ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, එක් ධාතුවක් හා විප්‍රයුක්ත වෙත්.
8. සවිතර්‍ක සවිචාර ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වෙත් ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් නම් ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, එක් ධාතුවක් හා විප්‍රයුක්ත වෙත්.
9. චිත්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චෛතසික ධර්‍මයන් භා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්ත සම්ප්‍රයුක්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ට ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්ත සංසෘෂ්ටසමුත්‍ථානසහභූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වෙත් ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් නම් ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්තධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
10. සවිතර්‍ක ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක්, සවිචාර ධර්‍මයන් සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වෙත් ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් නම් ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති. එක් ධාතුවක් හා විප්‍රයුක්ත වෙත්.
11. උපේක්‍ෂා සහගත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... සම්ප්‍රයුක්ත වෙත් ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් නම් ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා කෙතෙක් ආයතනයන් හා කෙතෙක් ධාතූන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, පඤ්ච ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
සතර නාමස්කන්‍ධයෝ යැ එක් මැ මනායතන යැ ධාතූන් අතුරෙන් සප්ත විඥාන ධාතු යැ ඉන්‍ද්‍රියයන් අතුරෙන් ඉන්‍ද්‍රියයෝ දෙදෙනෙකැ පටිච්චසමුප්පාදාඞ්ගයෝ තුන් දෙනෙකැ එසේ ම ස්පර්‍ශය පස්වනු කොට ඇති පදයෝ යැ අධිමෝක්‍ෂයැ මනස්කාර යැ ත්‍රික මාතෘකා පදයන් අතුරෙන් පද තුනෙකැ මහන්තර දුකයෙන් පදයෝ සත් දෙනෙකැ, මනෝ ධාතුව හා සමග සම්ප්‍රයුක්ත වූ (විතර්‍ක විචාර පදය හා සවිතර්‍ක සවිචාර යන) දෙපද යැ උපේක්‍ෂා සම්ප්‍රයුක්ත (පදය යන මේ පදයෝ මෙහි වෙති.)
සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත පද නිර්‍දෙශය නිමි.
8. විප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත පද නිර්‍දෙශය
1. රූපස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් නම් ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වෙත් ද යත්: (සම්ප්‍රයෝගයෙක්) නැති.
2. වේදනාස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් ... සංඥා ස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් - සංස්කාර ස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් - විඥාන ස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් - සරණ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - අරණ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් නම්, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා කෙතෙක් ආයතනයන් හා කෙතෙක් ධාතූන් හා සම්ප්‍රයුක්තයෝ ද යත්: (සම්ප්‍රයෝගයෙක්) නැති.
උද්දානය:
ධර්‍මායතන යැ ද ධර්‍මධාතු යැ යළි ජීවිතේන්‍ද්‍රිය යැ නාම රූප යැ ෂඩායතන යැ ජාතියැ ජරා යැ මරණ යැ (ත්‍රිකදුක) මාතෘකායෙහි දෙ පදයෙකැ පළමුවන චුල්ලන්තර දුකයෙහි සත් වැදෑරුම් වූ පදයෝ යැ ගොච්ඡකයෙහි දස පදයෙකැ අන්‍ය වූ මහන්තර දුකයෙහි තුදුස් පද යැ මත්තෙහි පිට්ඨිදුකයෙහි සපදයෙකැ යන මේ සත්සාළිසක් ප්‍රභේද ගත වූ (අෂ්ට) පදයෝ මෝඝපුච්ඡක නම් වූ මේ නිර්‍දෙශය හා සමග සමුච්ඡේද නම් වූ චුද්දසම නය නිර්දේශයෙහි නො ලැබෙත්.
විප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත පද නිර්‍දෙශය නිමි.
9. සම්ප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත පද නිර්‍දෙශය
1. වේදනාස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... සංඥාස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සංස්කාරස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම්, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වූවාහු ද යත්: ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග, එක් ආයතනයක් හා සමග, සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත යෝ යි.
2. විඥානස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... මනායතනය හා සමග යම් ධර්‍ම කෙනෙක් - චක්‍ෂුර්විඥානධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් ... මනෝධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් - මනෝවිඥාන ධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
3. සමුදය සත්‍යය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... මාර්‍ග සත්‍යය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
4. මනින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහුද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... එ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
5. සුඛින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... දුක්ඛින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සෝමනස්සින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - දෝමනස්සින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තයෝ යි.
6. උපෙක්ඛින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග ෂඩ් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත යහ. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
7. සද්ධින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... විරියින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සතින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සමාධින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - පඤ්ඤින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤින්‍ද්‍රිය භා සමග යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤාතාවින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාව හා සමග යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාරයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
8. සංස්කාර ප්‍රත්‍යයෙන් වූ විඥානය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
9. ෂඩායතන ප්‍රත්‍යයෙන් වූ ස්පර්‍ශ හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්තධාතූන් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
10. ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වූ වේදනාව සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
11. වේදනා ප්‍රත්‍යයෙන් වූ තෘෂ්ණාව හා සමග යම් ධර්‍ම කෙනෙක් ... තෘෂ්ණාප්‍රත්‍යයෙන් වූ උපාදානය හා සමග යම් ධර්‍ම කෙනෙක් - කර්‍මභවය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් භා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
12. ශෝකය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... දුඃඛය හා සමග යම් ධර්‍ම කෙනෙක් - දෞර්‍මනස්‍යය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
13. උපායාසය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... සතිපට්ඨානය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සම්මප්පධානය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් සමග සම්ප්‍රයුක්තයහ, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
14. ඉද්ධිපාදය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
15. ධ්‍යානය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
16. අප්‍රාමාණ්‍යය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... පඤ්චේන්‍ද්‍රියයන් හා සමග යම්ධර්‍ම කෙනෙක් - පඤ්ච බලයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සප්ත බෝධ්‍යඞ්ගයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
17. ස්පර්‍ශය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... චේතනාව හා සමග යම් ධර්‍ම කෙනෙක් - මනසිකාරය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
18. වේදනාව හා සමග යම් ධර්‍ම කෙනෙක් ... සංඥාව හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහුද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්තධාතූන් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
19. චිත්තය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහුද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්පූයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
20. අධිමෝක්‍ෂය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග ධාතු දෙකක් හා සමග සම්ප්‍රයුක්තයහ. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
21. සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... දුක්ඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අදුක්ඛමසුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහුද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
22. සවිතර්‍කසවිචාර වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... අවිතර්‍කවිචාරමාත්‍ර වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ප්‍රීති සහගත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහුද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
23. සුඛ සහගත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... උපේක්‍ෂා සහගත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
24. හේතු ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... හේතු ද වූ මැ සහේතුක ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - හේතු ද වූ මැ හේතු සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ස්කන්‍ධයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
25. සහේතුක ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් … හේතු සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - හේතු නොවූ සහේතුක ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
26. ආස්‍රවධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... ආස්‍රව ද වූ මැ සාස්‍රව ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව ද වූ මැ ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් … ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
27. ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ආස්‍රව වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහුද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
28. සංයෝජන - ග්‍රන්‍ථ - ඕඝ - යෝග - නීවරණ - පරාමර්‍ශ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - පරාමාර්‍ශ ද වූ මැ පරාමෘෂ්ට ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
29. පරාමර්‍ශ සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් … ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
30. චිත්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
31. චෛතසික වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... චිත්ත සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්ත සංසෘෂ්ට ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්තයෝ යි.
32. උපාදාන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... ක්ලේශ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ සාංක්ලේශික ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ සංක්ලිෂ්ට ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
33. සංක්ලිෂ්ට ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සවිතර්‍ක ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සවිචාර ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සප්‍රීතික ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ප්‍රීති සහගත ධර්‍මයන් සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
34. සුඛ සහගත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... උපේක්‍ෂා සහගත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු නම් ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්තයෝ ද යත්: ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග සම්ප්‍රයුක්තයහ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනෙකුන් හා සම්ප්‍රයුක්තයෝ යි.
උද්දානය:
සතර නාමස්කන්‍ධයෝ යැ, මනායතන යැ, සප්තවිඥානධාතු යැ, සත්‍ය දෙකෙකැ, තුදුස් ඉන්‍ද්‍රියයෝ යැ, පටිච්චසමුප්පාදයෙහි දොළොස් පදයෝ යැ, ඉන් මත්තෙහි සොළොස් පදයෝ යැ, ත්‍රික මාතෘකායෙහි අට පදයෝ යැ, ගොච්ඡකයෙහි තෙසාළිස් පදයෝ යැ, මහන්තර දුකයෙහි සප්ත පදයෝ යැ, පිට්ඨිදුකයෙහි සපදයෝ යැ, යන මේ (එක් සිය විස්සක්) පදයෝ නව වැනි උද්දේශයාගේ නිර්දේශයෙහි සංග්‍රහ වෙත්.
සම්ප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත පද නිර්දේශ නිමි.
10. විප්‍රයුක්තයෙන් විප්‍රයුක්ත පද නිර්‍දෙශය
1. රූපස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා කෙතෙක් ආයතනයන් හා කෙතෙක් ධාතූන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍මයන් හා විප්‍රයුක්ත වෙත්.
2. වේදනාස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් ... සංඥාස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් - සංස්කාරස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් - විඥාන ස්කන්‍ධය හා යම් ධර්‍ම කෙනෙක් - මනායතනය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් … ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දසධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා එක් ධාතුවක් හා ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
3. චක්ඛායතනය හා යම් ධර්‍ම කෙනෙක් ... ඵොට්ඨබ්බායතනය හා යම් ධර්‍ම කෙනෙක් - චක්ඛු ධාතුව හා යම් ධර්‍ම කෙනෙක් - ඵොට්ඨබ්බ ධාතුව හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
4. චක්ඛුවිඤ්ඤාණධාතුව හා යම් ධර්‍ම කෙනෙක් ... මනෝවිඤ්ඤාණ ධාතුව හා යම් ධර්‍ම කෙනෙක් - සමුදයසත්‍යය හා යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ගසත්‍යය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
5. නිරෝධසත්‍යය හා යම් ධර්‍ම කෙනෙක් ... චක්ඛුන්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - කායින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - ඉත්‍ථින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - පුරිසින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
6. මනින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
7. සුඛින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් ... දුක්ඛින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - සෝමනස්සින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - දෝමනස්සින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
8. උපෙක්ඛින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා එකොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
9. සද්ධින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් ... විරියින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - සතින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - සමාධින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - පඤ්ඤින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤාතාවින්‍ද්‍රිය හා යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාව හා යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාරයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
10. සංස්කාර ප්‍රත්‍යයෙන් වූ විඥානය හා යම් ධර්‍ම කෙනෙක් ... ෂඩායතන ප්‍රත්‍යයෙන් වූ ස්පර්‍ශය හා යම් ධර්‍ම කෙනෙක් - ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වූ වේදනාව හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
11. වේදනා ප්‍රත්‍යයෙන් වූ තෘෂ්ණාව හා යම් ධර්‍ම කෙනෙක් ... තෘෂ්ණා ප්‍රත්‍යයෙන් වූ උපාදානය හා යම් ධර්‍ම කෙනෙක් - කර්‍මභවය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
12. රූපභවය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධයක් හා කිසි ආයතනයක් හා විප්‍රයුක්ත නො වෙති, තුන් ධාතු කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
13. අසඤ්ඤාභවය හා යම් ධර්‍ම කෙනෙක් ... ඒකවෝකාරභවය හා යම් ධර්‍ම කෙනෙක් - පරිදේවය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
14. අරූපභවය හා යම් ධර්‍ම කෙනෙක් ... නේවසඤ්ඤානාසඤ්ඤා භවය හා යම් ධර්‍ම කෙනෙක් - චතුවෝකාරභවය හා යම් ධර්‍ම කෙනෙක් - සෝකය හා යම් ධර්‍ම කෙනෙක් - දුක්ඛය හා යම් ධර්‍ම කෙනෙක් - දෝමනස්සය හා යම් ධර්‍ම කෙනෙක් - උපායාසය හා යම් ධර්‍ම කෙනෙක් - සතිපට්ඨානය හා යම් ධර්‍ම කෙනෙක් - සම්මප්පධානය හා යම් ධර්‍ම කෙනෙක් - ඉද්ධිපාදය හා යම් ධර්‍ම කෙනෙක් - ධ්‍යානය හා යම් ධර්‍ම කෙනෙක් - අප්පමඤ්ඤාව හා යම් ධර්‍ම කෙනෙක් - පඤ්චින්‍ද්‍රියයන් හා යම් ධර්‍ම කෙනෙක් - පඤ්චබලයන් හා යම් ධර්‍ම කෙනෙක් - සප්තබෝධ්‍යඞ්ගයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්‍ගය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
15. ස්පර්‍ශය හා යම් ධර්‍ම කෙනෙක් ... වේදනාව හා යම් ධර්‍ම කෙනෙක් - සංඥාව හා යම් ධර්‍ම කෙනෙක් - චේතනාව හා යම් ධර්‍ම කෙනෙක් - චිත්තය හා යම් ධර්‍ම කෙනෙක් - මනසිකාරය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
16. අධිමෝක්‍ෂය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ... නම් ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා පසළොස් ධාතුන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
17. කුශල ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... අකුශල ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
18. සුඛවේදනාව හා සමග සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... දුඃඛවේදනාව හා සමග සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා පසළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
19. අදුක්ඛමසුඛ වේදනාව හා සමග සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහුද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම්, ඒ ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා එකොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
20. විපාකධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
21. විපාකධර්‍මධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... සංක්ලිෂ්ට සාංක්ලේශික ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
22. නෛවවිපාකනවිපාකධර්‍මධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... අනුපාදින්නෝපාදානීය ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, පඤ්ච ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
23. අනුපාදින්න අනුපාදානිය ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... අසංක්ලිෂ්ට අසාංක්ලේශික ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනෙකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නොවෙති, ෂඩ් ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
24. සවිතර්‍ක සවිචාර ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා පසළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
25. අවිතර්‍කවිචාරමාත්‍ර ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... ප්‍රීති සහගත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
26. අවිතර්‍ක අවිචාර ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, එක් ධාතුවක් හා විප්‍රයුක්ත වෙත්.
27. සුඛසහගත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා පසළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
28. උපෙක්ඛා සහගත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා එකොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
29. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුක වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුක වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ආචයගාමී ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - අපචයගාමී ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ශෛක්‍ෂ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - අශෛක්‍ෂ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - මහද්ගත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
30. අප්‍රමාණ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... ප්‍රණීත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, ෂඩ්ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
31. පරිත්තාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
32. මහග්ගතාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... අප්‍රමාණාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - හීන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - මිථ්‍යාත්‍වනියත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - සම්‍යක්ත්‍ව නියත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ගාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ග හේතුක ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ගාධිපති ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
33. අනුත්පන්න ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනෙකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, පඤ්චධාතූන් හා ද විප්‍රයුක්ත වෙත්.