Dhātukathā

Discussion of Elements

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 965 segments

පෙන්වන කොටස් 501-600 න් 965

27. වේදනාව සංඥාව තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග දස ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
28. චිත්තය ... තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්තය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයක් හා සමග දස ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
29. අධි මෝක්‍ෂය තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග ධාතු දෙකක් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග පසළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
30. කුශලධර්‍මයෝ, අකුශල ධර්‍මයෝ, කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වෙත් ද යත්: (සම්ප්‍රයෝගයෙක්) නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
31. සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයෝ, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයෝ - එක් ස්කන්‍ධයක් හා සමග සම්ප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග පසළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
32. අදුක්ඛමසුඛවෙදනා ව හා සම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග සම්ප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග එකොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
33. විපාක ධර්‍මයෝ - සම්ප්‍රයුක්ත වෙත් ද යත්: සම්ප්‍රයුක්තයෝ නැති.
කෙතෙක් ස්කන්‍ධයන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග දස ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
34. විපාකස්වභාව ධර්‍මයෝ - සංක්ලිෂ්ට සාංක්ලේශික ධර්‍මයෝ සම්ප්‍රයුක්ත වෙත් ද යත්: නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
35. නො මැ විපාක වූ විපාක ස්වභාව ධර්‍ම නො වූවාහු ... අනුපාදින්න අනුපාදානිය ධර්‍මයෝ සම්ප්‍රයුක්ත වෙත් ද යත්: නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් හා සමග කිසි ආයතන කෙනකුන් හා සමග විප්‍රයුක්ත නො වෙති. පඤ්ච ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙත්.
36. අනුපාදින්න අනුපාදානිය ධර්‍මයෝ - අසංක්ලිෂ්ට අසාංක්ලේශික ධර්‍මයෝ - සම්යුක්ත වෙත් ද යත්: නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් හා සමග කිසි ආයතන කෙනකුන් හා සමග විප්‍රයුක්ත නො වෙති. ෂඩ් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙත්.
37. සවිතර්‍ක සවිචාර ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග පසළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
38. අවිතර්‍ක විචාරමාත්‍ර ධර්‍මයෝ - ප්‍රීතිසහගත ධර්‍මයෝ - එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්,
39. අවිතර්‍ක අවිචාර ධර්‍මයෝ - සම්ප්‍රයුක්ත වෙත් ද යත්: නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනෙකුන් හා සමග කිසි ආයතන කෙනකුන් හා සමග විප්‍රයුක්ත නො වෙති එක් ධාතුවක් හා සමග විප්‍රයුක්ත වෙත්.
40. සුඛසහගත ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයක් හා සමග සම්ප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග පසළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
41. උපේක්‍ෂා සහගත ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයක් හා සමග සම්ප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයක් හා සමග එකොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
42. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ ... භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ - භාවනාවෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ - ආචයගාමී ධර්‍මයෝ - අපචයගාමී ධර්‍මයෝ - ශෛක්‍ෂ ධර්‍මයෝ - අශෛක්‍ෂ ධර්‍මයෝ - මහද්ගත ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
43. අප්‍රමාණ ධර්‍මයෝ ... ප්‍රණීත ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති. ෂඩ් ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
44. පරිත්තාලම්බන ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
45. මහද්ගතාලම්බන ධර්‍මයෝ ... අප්‍රමාණාලම්බන ධර්‍මයෝ - හීන ධර්‍මයෝ - මිථ්‍යාත්‍ව නියත ධර්‍මයෝ - සම්‍යක්ත්‍ව නියත ධර්‍මයෝ - මාර්‍ගාලම්බන ධර්‍මයෝ - මාර්‍ගහේතුක ධර්‍මයෝ - මාර්‍ගාධිපති ධර්‍මයෝ ... සම්ප්‍රයුක්ත වෙත් ද යත්: නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
46. අනුත්පන්න ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත වෙති. පඤ්ච ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
47. අතීතාලම්බන ධර්‍මයෝ ... අනාගතාලම්බන ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
48. ප්‍රත්‍යුත්පන්නාලම්බන ධර්‍මයෝ ... අධ්‍යාත්මාලම්බන ධර්‍මයෝ - බාහ්‍යාලම්බන ධර්‍මයෝ - අධ්‍යාත්මබාහ්‍යාලම්බන ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
49. සනිදර්‍ශනසප්‍රතිඝ ධර්‍මයෝ ... අනිදර්‍ශනසප්‍රතිඝ ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
50. හේතු ධර්‍මයෝ ... හේතු ද වූ මැ සහේතුක ද වූ ධර්‍මයෝ - හේතු ද වූ මැ හේතු සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ - තුන් ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්ත වෙති. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කොනකුන් හා විප්‍රයුක්ත වෙත්.
51. සහේතුක ධර්‍මයෝ ... හේතු සම්ප්‍රයුක්ත ධර්‍මයෝ - සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
52. සහේතුක ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයෝ ... හේතු සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයෝ - හේතු නොවූ සහේතුක ධර්‍මයෝ - එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
53. අප්‍රත්‍යය ධර්‍මයෝ ... අසඞ්ඛත ධර්‍මයෝ - සනිදර්‍ශන ධර්‍මයෝ - සප්‍රතිඝ ධර්‍මයෝ - රූපී ධර්‍මයෝ - සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
54. ලෝකෝත්තර ධර්‍මයෝ - සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති. ෂඩ් ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
55. ආස්‍රව ධර්‍මයෝ ... ආස්‍රව ද වූ මැ සාස්‍රව ද වූ ධර්‍මයෝ - ආස්‍රව ද වූ මැ ආස්‍රව සම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ - තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
56. අනාස්‍රව ධර්‍මයෝ ... ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රව ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයක් හා කිසි ආයතනයක් හා විප්‍රයුක්ත නො වෙති. ෂඩ් ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
57. ආස්‍රව සම්ප්‍රයුක්ත ධර්‍මයෝ - සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයක් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
58. ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ආස්‍රව වූ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
59. සංයෝජන ධර්‍මයෝ ... ග්‍රන්‍ථ ධර්‍මයෝ - ඕඝ ධර්‍මයෝ - යෝග ධර්‍මයෝ - නීවරණ ධර්‍මයෝ - පරාමර්‍ශ ධර්‍මයෝ - පරාමර්‍ශ ද වූ ම පරාමෘෂ්ට ද වූ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්ත වෙති. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
60. අපරාමෘෂ්ට ධර්‍මයෝ ... පරාමර්‍ශ විප්‍රයුක්ත වූ අපරාමෘෂ්ට ධර්‍මයෝ සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති. ෂඩ්ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
61. පරාමර්‍ශ සම්ප්‍රයුක්ත ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
62. සාලම්බන ධර්‍මයෝ සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
63. අනාලම්බන ධර්‍මයෝ ... චිත්ත විප්‍රයුක්ත ධර්‍මයෝ - චිත්ත විසංසෘෂ්ට ධර්‍මයෝ - උපාදා ධර්‍මයෝ සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
64. චිත්ත ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සම්ප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයක් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
65. චෛතසික ධර්‍මයෝ ... චිත්තසම්ප්‍රයුක්ත ධර්‍මයෝ - චිත්ත සංසෘෂ්ට ධර්‍මයෝ - චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන ධර්‍මයෝ - චිත්තසංසෘෂ්ට සමුත්‍ථානසහභූ ධර්‍මයෝ - චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා සම්ප්‍රයුක්ත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
66. අනුපාදින්න ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනෙකුන් හා විප්‍රයුක්ත නො වෙති. පඤ්ච ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
67. උපාදාන ධර්‍මයෝ ... ක්ලේශ ධර්‍මයෝ - ක්ලේශ ද වූවාහු මැ සාංක්ලේශික ද වූ ධර්‍මයෝ - ක්ලේශ ද වූවාහු මැ සංක්ලිෂ්ට ද වූ ධර්‍මයෝ - ක්ලේශ ද වූවාහු මැ ක්ලේශ සම්ප්‍රයුක්තද වූ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්ත වෙත්. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
68. අසාංක්ලේශික ධර්‍මයෝ ... ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශික ධර්‍මයෝ සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනෙකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති. ෂඩ් ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
69. සංක්ලිෂ්ට ධර්‍මයෝ ... ක්ලේශසම්ප්‍රයුක්තධර්‍මයෝ සම්ප්‍රයුක්තයෝද යත්: නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
70. සංක්ලිෂ්ට ද වූවාහු මැ නො ද ක්ලේශ ද වූ ධර්‍මයෝ ... ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූවාහු මැ නො ද ක්ලේශ වූ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
71. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ ... භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ - භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
72. සවිතර්‍ක ධර්‍මයෝ ... සවිචාර ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා පසළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
73. අවිතර්‍ක ධර්‍මයෝ, අවිචාර ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති. එක් ධාතුවක් හා විප්‍රයුක්ත වෙත්.
74. සප්‍රීතික ධර්‍මයෝ - ප්‍රීතිසහගත ධර්‍මයෝ, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
75. සුඛසහගත ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයක් හා සමග සම්ප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා පසළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
76. උපේක්‍ෂා සහගත ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයක් භා සමග සම්ප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා එකොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.