Dhātukathā

Discussion of Elements

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 965 segments

පෙන්වන කොටස් 401-500 න් 965

උද්දානය:
සත්‍යයෝ දෙදෙනෙකැ, ඉන්‍ද්‍රියයෝ පසළොස් දෙනෙකැ, ප්‍රර්‍තත්‍ය සමුත්පාදපදයෝ එකොළොස් දෙනෙකැ, යලි මත්තෙහි ධර්‍මයෝ එකොළොස් දෙනෙකැ, මෙහි ගොච්ඡකපදය තිස් වැදෑරුම් වේ යයි.
සඞ්ගෘහීතයෙන් සඞ්ගෘහීත පද නිර්‍දෙශය නිමි.
5. අසඞ්ගෘහීතයෙන් අසඞ්ගෘහීත පද නිර්‍දෙශය
1. රූපස්කන්‍ධය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් සප්තධාතූන් විසින් අසඞ්ගෘහීත යෝ යි.
2. වේදනාස්කන්‍ධය විසින් යම් ධර්‍ම කෙනෙක් - සංඥාස්කන්‍ධය විසින් යම් ධර්‍ම කෙනෙක් - සංස්කාරස්කන්‍ධය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
3. විඥානස්කන්‍ධය විසින් යම් ධර්‍ම කෙනෙක් - මනායතනය විසින් යම් ධර්‍ම කෙනෙක් - චක්‍ෂුර් විඥානධාතුව විසින් යම් ධර්‍ම කෙනෙක් - මනෝධාතුව විසින් යම් ධර්‍ම කෙනෙක් - මනෝවිඥානධාතුව විසින් යම් ධර්‍ම කෙනෙක් මනින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
4. චක්ඛායතනය විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඵොට්ඨබ්බායතනය විසින් යම් ධර්‍ම කෙනෙක් චක්ඛුධාතුව විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඵොට්ඨබ්බධාතුව විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් විසින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතූන් විසින් අසඞ්ගෘහීතයෝ යි.
5. ධර්‍මායතනය විසින් යම් ධර්‍ම කෙනෙක් - ධර්‍ම ධාතුව විසින් යම් ධර්‍ම කෙනෙක් - ඉත්‍ථින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - පුරිසින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - ජීවිතින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත්ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් සප්තධාතූන් විසින් අසඞ්ගෘහීතයෝ යි.
6. සමුදය සත්‍යයෙන් යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ග සත්‍යයෙන් යම් ධර්‍ම කෙනෙක් - නිරෝධසත්‍යයෙන් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
7. චක්ඛුන්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - කායින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතු සඞ්ග්‍රහයෙන් ද අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු අටෙකින් අසඞ්ගෘහීතයෝ යි.
8. සුඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - දුක්ඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - සෝමනස්සින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - දෝමනස්සින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - උපෙක්ඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - සද්ධින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - විරියින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - සතින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - සමාධින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - පඤ්ඤින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤාතාවින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාව විසින් යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාරය විසින් යම් ධර්‍මකෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත්ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
9. සංස්කාර ප්‍රත්‍යයෙන් වූ විඥානය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
10. විඥානප්‍රත්‍යයෙන් වූ නාමරූපය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් සප්ත ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
11. නාම රූප ප්‍රත්‍යයෙන් වූ ෂඩායතනය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත්ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
12. ෂඩායතනප්‍රත්‍යයෙන් වූ ස්පර්‍ශය විසින් යම් ධර්‍ම කෙනෙක් - ස්පර්‍ශප්‍රත්‍යයෙන් වූ වේදනාව විසින් යම් ධර්‍ම කෙනෙක් - වේදනා ප්‍රත්‍යයෙන් වූ තෘෂ්ණාව විසින් යම් ධර්‍ම කෙනෙක් - තෘෂ්ණා ප්‍රත්‍යයෙන් වූ උපාදානය විසින් යම් ධර්‍ම කෙනෙක් - කර්‍මභවය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඩගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
13. අරූප භවය විසින් යම් ධර්‍ම කෙනෙක් - නේවසඤ්ඤානාසකඤ්ඤා භවය විසින් යම් ධර්‍ම කෙනෙක් - චතුවෝකාරභවය විසින් යම් ධර්‍ම කෙනෙක් - ඉද්ධිපාදයෙන් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සංග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසංග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දසධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
14. අසංඥාභවයෙන් යම් ධර්‍ම කෙනෙක් - ඒකවෝකාරභවයෙන් යම් ධර්‍ම කෙනෙක් - ජාතිය විසින් යම් ධර්‍ම කෙනෙක්, ජරාව විසින් යම් ධර්‍ම කෙනෙක්, මරණය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සංග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසංග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් සප්ත ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
15. පරිදේවය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
16. ශෝකයෙන් යම් ධර්‍ම කෙනෙක් - දුඃඛයෙන් යම් ධර්‍ම කෙනෙක් - දෞමනස්‍යයෙන් යම් ධර්‍ම කෙනෙක් - උපායාසයෙන් යම් ධර්‍මකෙනෙක් - සතිපට්ඨානයෙන් යම් ධර්‍ම කෙනෙක් - සම්‍යක් ප්‍රධානයෙන් යම් ධර්‍ම කෙනෙක් - ධ්‍යානයෙන් යම් ධර්‍ම කෙනෙක් - අප්‍රාමාණ්‍යයෙන් යම් ධර්‍ම කෙනෙක් - පඤ්චින්‍ද්‍රියයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - පඤ්චබලයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සප්ත බෝධ්‍යඞ්ගයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයෙන් යම් ධර්‍ම කෙනෙක් - ස්පර්‍ශයෙන් යම් ධර්‍ම කෙනෙක් - වේදනායෙන් යම් ධර්‍ම කෙනෙක් - සංඥායෙන් යම් ධර්‍ම කෙනෙක් - චේතනායෙන් යම් ධර්‍ම කෙනෙක් - අධිමෝක්‍ෂයෙන් යම් ධර්‍ම කෙනෙක් - මනසිකාරයෙන් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
17. චිත්තයෙන් යම් ධර්‍මකෙනෙක්, ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
18. කුශල ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අකුශලධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - විපාකධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් විපාකස්වභාවධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් අනුපාදින්න අනුපාදනීය ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් සංක්ලිෂ්ට සාංක්ලේශික ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අසංක්ලිෂ්ට අසාංක්ලේශික ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සවිතර්‍කසවිචාර ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අවිතර්‍කවිචාරමාත්‍ර ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් -
ප්‍රීතිසහගත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සුඛසහගත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් උපේක්‍ෂාසහගත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍යධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආචයගාමී ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අපචයගාමී ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ශෛක්‍ෂ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අශෛක්‍ෂ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - මහද්ගත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් අප්‍රමාණ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - පරිත්තාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - මහද්ගතාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අප්‍රමාණාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - හීනධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ප්‍රණීතධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - මිථ්‍යාත්‍වනියත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සම්‍යක්ත්‍වනියත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් මාර්‍ගාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ගහේතුක ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ගාධිපති ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අතීතාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අනාගතාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ප්‍රත්‍යුත්පන්නාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අධ්‍යාත්මාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - බාහ්‍යාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අධ්‍යාත්මබාහ්‍යාලම්ඛන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දසධාතුයෙකින් අසඞ්ගෘහීත යෝ යි.
19. සනිදර්‍ශන සප්‍රතිඝ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අනිදර්‍ශන සප්‍රතිඝ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු අටෙකින් අසඞ්ගෘහීතයෝ යි.
20. හේතු ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - හේතු ද වූ මැ. සහේතුක ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - හේතු ද වූ මැ හේතු සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
21. සහේතුක ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් – හේතුසම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සහේතුක ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - හේතු සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - හේතු නොවූ සහේතුක ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
22. අප්‍රත්‍යය ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අසඞ්ඛත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
23. සනිදර්‍ශන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සප්‍රතිඝ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ සතරෙකින් ආයතන දෙකෙකින් ධාතු අටෙකින් අසඞ්ගෘහීතයෝ යි.
24. රූපී ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් ධාතු සතෙකින් අසඞ්ගෘහීතයෝ යි.
25. අරූපී ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ලෝකෝත්තර ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
26. ආස්‍රව ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව ද වූ මැ, සාස්‍රව ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව ද වූ මැ ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
27. අනාස්‍රව ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ආස්‍රව ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රවධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
28. සංයෝජන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ග්‍රන්‍ථ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ඕඝධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - යෝග ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - නීවරණ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශ ද වූ මැ පරාමෘෂ්ටද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
29. අපරාමෘෂ්ට ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අපරාමර්‍ශ සම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශ විප්‍රයුක්ත වූ අපරාමෘෂ්ට ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සාලම්බන වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
30. අනාලම්බනධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්ත නො වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තවිප්‍රයුක්ත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තවිසංසෘෂ්ට වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තසමුත්‍ථාන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්ත සහභූධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තානුපරිවර්තී වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් බාහ්‍ය වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් උපාදා ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් සප්ත ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
31. චිත්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
32. චෛතසික ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් චිත්තසම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්ත සංසෘෂ්ටධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
33. ආධ්‍යාත්මික ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ තුනෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
34. උපාදාන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ක්ලේශධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ සාංක්ලේශික ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ සංක්ලිෂ්ට ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
35. අසංක්ලේශිකධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සංක්ලිෂ්ටධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශසම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සංක්ලිෂ්ට ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශවිප්‍රයුක්ත වූ අසංක්ලේශිකධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සවවිතර්‍ක ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සවිචාරධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සප්‍රිතිකධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ප්‍රීතිසහගත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සුඛසහගත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - උපේක්‍ෂා සහගත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - කාමාවචර නො වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්
රූපාවචර ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අරූපාවචරධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අපර්‍ය්‍යාපන්න ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - නෛර්‍ය්‍යාණිකධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - නියතධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අනුත්තරධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සරණ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
උද්දානය:
රූපස්කන්‍ධ යැ ධර්‍මායතන යැ ධර්‍මධාතු යැ ස්ත්‍රීන්‍ද්‍රිය යැ පුරුෂේන්‍ද්‍රිය යැ ජීවිතේන්‍ද්‍රිය යැ නාමරූප යැ අරූපභව අසංඥභව දෙක යැ ජාති යැ ජරා යැ මරණ යැ අනාලම්බන යැ නො චිත්ත යැ චිත්තය හා විප්‍රයුක්ත යැ.
විසංසෘෂ්ට යැ සමුත්‍ථාන යැ සහභූ යැ අනුපරිවර්තී යැ බාහිර යැ උපාදා යැ යි දෙවිසිපායෙකි. තෙල නය (සර්‍වඥයන් විසින්) මොනොවට අවබෝධ කරන ලද්දේ යි.
උද්දානය:
සියලු ස්කන්‍ධයෝ යැ, එසේ මැ සියලු ආයතනධාතු යැ. සත්‍ය හෙයින් තිදෙනෙකැ සියලුමැ ඉන්‍ද්‍රියයෝ යැ ප්‍රතීත්‍ය සමුත්පාද හෙයින් තෙවිස්සෙකැ මත්තෙහි සොළොස්පදයෝ යැ. ත්‍රිකමාතෘකායෙහි තෙතාලිසෙකැ ගොච්ඡකයෙහි දෙ සැත්තෑ පදයෝ යැ, චුල්ලන්තරයෙහි සත්පදයෝ යැ මහන්තරයෙහි අටළොස් පදයෝ යැ යන මොහු වදාරන ලද්දාහ. එයින් මත්තෙහි අටළොස් පද කෙනෙක් මැ වෙති’යි දතයුත්තාහ. සෙසු පදයෝ මෙහි නො වදාරන ලද්දාහ යි.
අසඞ්ගෘහීතයෙන් අසඞ්ගෘහීතපද නිර්‍දෙශය නිමි.
6. සම්ප්‍රයෝග විප්‍රයෝග පද නිර්‍දෙශය
1. රූපස්කන්‍ධය කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වේ ද යත්: සම්ප්‍රයෝගයෙක් නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: සතර ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්තධාතූන් හා සමග විප්‍රයුක්ත යැ, එක් මනායතනය හා සමග එක් ධර්‍මධාතුව හා සමග කිසිවකුන් (ධර්‍මායතන ධර්‍මධාතු පර්‍ය්‍යාපන්න වූ වේදනා සංඥා සංස්කාරයන්) හා විප්‍රයුක්ත වේ.
2. වේදනාස්කන්‍ධය ... සංඥාස්කන්‍ධය ... සංස්කාරස්කන්‍ධය ... තුන් ස්කන්‍ධයන් හා සමග, එක් ආයතනයක් හා සමග, සප්තධාතූන් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග, එක් ධාතුවක් හා සමග, කිසිවකුන් හා සම්ප්‍රයුක්ත වේ.
කීදෙනකුන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග දස ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග (රූපනිබ්බාණ සඞ්ඛ්‍යාත) කිසිවකුන් හා සමග විප්‍රයුක්ත වේ.
3. විඥානස්කන්‍ධය ... තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්ත යැ. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග (වේදනාදි) කිසිවකුන් හා සම්ප්‍රයුක්ත වේ.
කී දෙනකුන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග දසධාතූන් හා සමග විප්‍රයුක්ත යැ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග, කිසිවකුන් හා විප්‍රයුක්ත වේ.
4. චක්‍ෂුරායතනය ... ස්ප්‍රෂ්ටව්‍යායතනය (කිසිවකුන් හා සමග) සම්ප්‍රයුක්ත වේ ද යත්: (සම්ප්‍රයෝගයෙක්) නැති.
කී දෙනකුන් හා සමග විප්‍රයුක්ත ද යත්: සතර ස්කන්‍ධයන් හා සමග එක් මනායතනය හා සමග සප්තධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසිවකුන් හා විප්‍රයුක්ත වේ.
5. මනායතනය තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්ත යැ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසිවකුන් හා සම්ප්‍රයුක්ත වෙයි.
කී දෙනකුන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග, දස ආයතනයන් හා සමග දසධාතූන් හා සමග විප්‍රයුක්ත වෙයි. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසිවකුන් හා විප්‍රයුක්ත වේ.
6. චක්ඛුධාතුව ... ඵොට්ඨබ්බධාතුව ... සම්ප්‍රයුක්ත වේ ද යත්: (සම්ප්‍රයෝගයෙක්) නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: සතර ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙයි. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසිවකුන් හා විප්‍රයුක්ත වේ.
7. චක්‍ෂුර්විඥාන ධාතුව ... මනෝ ධාතුව, මනෝ විඥාන ධාතුව තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්ත වෙයි. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා කිසිවකුන් හා සම්ප්‍රයුක්ත වේ.
කෙතෙක් ස්කන්‍ධයන් හා සමග විප්‍රයුක්ත වේද යත්: එක් ස්කන්‍ධයක් හා සමග, දස ආයතනයන් හා සමග, සොළොස් ධාතුන් හා සමග විප්‍රයුක්ත වෙයි. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
8. සමුදය සත්‍යය, මාර්‍ග සත්‍යය, තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තවෙයි. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා සම්ප්‍රයුක්ත වේ.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
9. නිරෝධ සත්‍යය චක්‍ෂුරින්‍ද්‍රියය ... කායින්‍ද්‍රියය, ඉත්‍ථින්‍ද්‍රියය පුරිසින්‍ද්‍රියය සම්ප්‍රයුක්ත වේ ද යත්: (සම්ප්‍රයෝගයෙක්) නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: සතර ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙයි. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා විප්‍රයුක්ත වේ.
10. මනින්‍ද්‍රිය තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග දස ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙයි. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා විප්‍රයුක්ත වේ.
11. සුඛින්‍ද්‍රිය ... දුක්ඛින්‍ද්‍රිය ... සෝමනස්සින්‍ද්‍රිය ... දෝමනස්සින්‍ද්‍රිය - තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්තය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
12. උපෙක්ඛින්‍ද්‍රිය ... තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග ෂඩ් ධාතූන් හා සමග සම්ප්‍රයුක්තය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග එකොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්තය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
13. සද්ධින්‍ද්‍රිය ... විරියින්‍ද්‍රිය ... සතින්‍ද්‍රිය ... සමාධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය - අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය - අඤ්ඤින්‍ද්‍රිය - අඤ්ඤාතාවින්‍ද්‍රිය - අවිද්‍යාව - අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාරයෝ - තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තයහ. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා සම්ප්‍රයුක්තයෝ ය.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්තයහ. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා විප්‍රයුක්ත වෙත්.
14. සංස්කාරප්‍රත්‍යයෙන් වූ විඥානය ... තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්තය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වන්නේ ය.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග දස ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
15. ෂඩායතනප්‍රත්‍යයෙන් වූ ස්පර්‍ශය ... තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග දස ධාතූන් හා සමග විප්‍රයුක්තය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
16. ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වූ වේදනාව ... තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග දස ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
17. වේදනාප්‍රත්‍යයෙන් වූ තෘෂ්ණාව ... තෘෂ්ණාප්‍රත්‍යයෙන් වූ උපාදානය - කර්‍මභවය - තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
18. රූපභවය ... සම්ප්‍රයුක්ත වේ ද යත්: (සම්ප්‍රයෝගයෙක්) නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේද යත්: කිසි ස්කන්‍ධ කෙනෙකුන් හා සමග කිසි ආයතන කෙනෙකුන් හා සමග විප්‍රයුක්ත නො වෙයි. තුන් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙයි.
19. අරූපභවය ... නේවසඤ්ඤානාසඤ්ඤාභවය ... චතුවෝකාරභවය ... සම්ප්‍රයුක්ත වේද යත්: (සම්ප්‍රයෝගයෙක්) නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා විප්‍රයුක්ත වේ.
20. අසංඥභවය ... ඒකවෝකාරභවය ... පරිදේවය ... සම්ප්‍රයුක්ත වේ ද යත්: සම්ප්‍රයෝගයෙක් නැති.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: සතර ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
21. සෝකය, දුක්ඛය, දෝමනස්සය ... තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
22. උපායාසය - සතිපට්ඨානය - සම්මප්පධානය ... තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා සම්ප්‍රයුක්ත වේ.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
23. ඉද්ධිපාදය ... ස්කන්‍ධ දෙකක් හා සමග සම්ප්‍රයුක්තය. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
24. ධ්‍යානය - ස්කන්‍ධ දෙකක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තය. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
25. අප්‍රාමාණ්‍යයයෝ පඤ්චේන්‍ද්‍රියයෝ, පඤ්චබලයෝ, සප්තබෝධ්‍යඞ්ගයෝ, ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්‍ගය ... තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
26. ඵස්සය, චේතනාව, මනසිකාරය ... තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.
කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග දස ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.