Dhātukathā

Discussion of Elements

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 965 segments

පෙන්වන කොටස් 301-400 න් 965

කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
301. චෛතසික නොවූ ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා ස්කන්‍ධ දෙකෙකින් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: තුන් ස්කන්‍ධයෙකින් අසඞ්ගෘහීත වෙති. කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
302-303. චිත්ත විප්‍රයුක්ත ධර්‍මයෝ ... චිත්ත විසංසෘෂ්ට ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා එක් ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් සප්ත ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
304. චිත්තසමුත්‍ථාන ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන සයෙකින් ධාතු සයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් ආයතන සයෙකින් දොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
305-306. චිත්තසමුත්‍ථාන නො වූ ධර්‍මයෝ ... චිත්තසහභූ නො වූ ධර්‍මයෝ ... චිත්තානුපරිවර්තී නො වූ ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා ස්කන්‍ධ දෙකෙකින් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: තුන් ස්කන්‍ධයෙකින් අසඞ්ගෘහීත වෙති. කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
307-308 චිත්තසහභූ වූ ධර්‍මයෝ ... චිත්තානුපරිවර්තී වූ ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
309-310. චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන වූ ධර්‍මයෝ ... චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන සහභූ වූ ධර්‍මයෝ ... චිත්තසංසෘෂ්ට සමුත්‍ථානානුපරිවර්තී වූ ධර්‍මයෝ ... තුන් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
311-313. චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන නො වූ ධර්‍මයෝ ... චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන සහභූ නො වූ ධර්‍මයෝ ... චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයානු පරිවර්තී නො වූ ධර්‍මයෝ ... අසඞ්ඛත ධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා ස්කන්‍ධ දෙකෙකින් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: තුන් ස්කන්‍ධයෙකින් අසඞ්ගෘහීත වෙති. කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
314. ආධ්‍යාත්මික ධර්‍මයෝ ... ස්කන්‍ධ දෙකෙකින් ආයතන සයෙකින් දොළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත් : තුන් ස්කන්‍ධයෙකින් ආයතන සයෙකින් ධාතු සයෙකින් අසඞ්ගෘහීත වෙත්.
315. බාහිර ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා සතර ස්කන්‍ධයෙකින් ෂඩායතනයෙකින් ෂඩ්ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් ෂඩායතනයෙකින් දොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
316. උපාදා ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දස ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
317. උපාදා නො වූ ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධසඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙන් තුන් ආයතනයෙකින් නව ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් අසඞ්ගෘහීත නො වෙත්. නව ආයතනයෙකින් නව ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
318. උපාදින්න ධර්‍මයෝ ... පඤ්ච ස්කන්‍ධයෙන් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් අසඞ්ගෘහීත නොවෙති. එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
319. අනුපාදින්න ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙකින් සප්ත ආයතනයෙන් අෂ්ට ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් අසඞ්ගෘහීත නොවෙති. පඤ්ච ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
320-324. උපාදාන ධර්‍මයෝ ... ක්ලේශ ධර්‍මයෝ ... ක්ලේශ ද සාංක්ලේශික ද වූ ධර්‍මයෝ ... ක්ලේශ ද සංක්ලිෂ්ට වූ ද ධර්‍මයෝ ... ක්ලේශ ද වූ ක්ලේශසම්ප්‍රයුක්ත ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
325-327. ක්ලේශ නො වූ ධර්‍මයෝ ... අසංක්ලිෂ්ට ධර්‍මයෝ ... ක්ලේශ විප්‍රයුක්ත ධර්‍මයෝ ... අසඞ්ඛත ධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස්ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
328-330. සාංක්ලේශික ධර්‍මයෝ ... සාංක්ලේශික ද නො ද ක්ලේශ ද වූ ධර්‍මයෝ ... ක්ලේශ විප්‍රයුක්ත වූ සාංක්ලේශික ධර්‍මයෝ ... පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
331-332. සාංකේලේශික නො වූ ධර්‍මයෝ ... ක්ලේශ විප්‍රයුක්ත අසාංක්ලේශික වූ ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
333-336. සංක්ලිෂ්ට ධර්‍මයෝ ... ක්ලේශසම්ප්‍රයුක්ත ධර්‍මයෝ ... සංක්ලිෂ්ට ද නො ද ක්ලේශ ද වූ ධර්‍මයෝ ... ක්ලේශ සම්ප්‍රයුක්ත ද නො ද ක්ලේශ ද වූ ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
337-340. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ ... භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ ... දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ ... භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
341-344. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ ... භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ ... දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ ... භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූ හේතු ඇති ධර්‍මයෝ ... අසඞ්ඛත ධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
345-346. සවිතර්‍ක ධර්‍මයෝ ... සවිචාර ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් තුන් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් පසළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
347-348. අවිතර්‍ක ධර්‍මයෝ ... අවිචාර ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්චස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් සතළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් අසඞ්ගෘහීත නො වෙති. එක් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
349-350. සප්‍රීතික ධර්‍මයෝ ... ප්‍රීතිසහගත ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
351-353. අප්‍රීතික ධර්‍මයෝ ... ප්‍රීති සහගත නො වූ ධර්‍මයෝ ... සුඛසහගත නො වූ ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
354. සුඛ සහගත ධර්‍මයෝ ... තුන් ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් තුන් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: ස්කන්‍ධ දෙකෙකින් දස ආයතනයෙකින් පසළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
355. උපේක්‍ෂා සහගත ධර්‍මයෝ ... තුන් ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් සප්ත ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: ස්කන්‍ධ දෙකෙකින් දස ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
356. උපේක්‍ෂා සහගත නොවූ ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් තෙළෙස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත්ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් අසඞ්ගෘහීත නොවෙත්. පඤ්ච ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
357-359. කාමාවචර ධර්‍මයෝ ... පර්‍ය්‍යාපන්න ධර්‍මයෝ සඋත්තර ධර්‍මයෝ ... පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
360-362. කාමාවචර නොවූ ධර්‍මයෝ ... අපර්‍ය්‍යාපන්න ධර්‍මයෝ ... අනුත්තර ධර්‍මයෝ ... අසඞ්ඛත ධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
363-367. රූපාවචර ධර්‍මයෝ ... අරූපාවචර ධර්‍මයෝ ... නෛර්‍ය්‍යාණික ධර්‍මයෝ ... නියත ධර්‍මයෝ ... සරණ ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
368-372. රූපාවචර නො වූ ධර්‍මයෝ ... අරූපාවචර නො වූ ධර්‍මයෝ ... නෛර්‍ය්‍යාණික නො වූ ධර්‍මයෝ ... අනියත ධර්‍මයෝ ... අරණ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයෙන් කෙතෙක් ආයතනයෙන් කෙතෙක් ධාතුයෙන් අසඞ්ගෘහීත වෙත් ද යත්:
අරණ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
සඞ්ග්‍රහාසඞ්ග්‍රහ පද නිර්‍දෙශය නිමි.
2. සඞ්ගෘහීතයෙන් අසඞ්ගෘහීත පද නිර්‍දෙශය
1. චක්ඛායතන විසින් යම් (චක්ඛායතන වර්ජිත වූ සත්විසිරූප) ධර්‍ම කෙනෙක් ... ඵොට්ඨබ්බායතන විසින් යම් ධර්‍ම කෙනෙක් - චක්ඛු ධාතුහු විසින් යම් ධර්‍ම කෙනෙක් ඵොට්ඨබ්බ ධාතු විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු වෙත් ද ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
2. චක්ඛු විඤ්ඤාණ ධාතු විසින් යම් ධර්‍ම කෙනෙක්, සෝත විඤ්ඤාණ ධාතු විසින් යම් ධර්‍ම කෙනෙක්, ඝාන විඤ්ඤාණ ධාතු විසින් යම් ධර්‍ම කෙනෙක් ජිව්හා විඤ්ඤාණ ධාතු විසින් යම් ධර්‍ම කෙනෙක්, කාය විඤ්ඤාණ ධාතු විසින් යම් ධර්‍ම කෙනෙක්, මනෝධාතු විසින් යම් ධර්‍ම කෙනෙක් මනෝ විඤ්ඤාණ ධාතු විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු වෙත් ද යත්: ඒ ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් දොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
3. චක්ඛුන්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සෝතින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, ඝානින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, ජිව්හින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, කායින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, ඉත්‍ථින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, පුරිසින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ... ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ද, ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු වෙත් ද යත්: ඒ ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
4. අසංඥාභව විසින් යම් ධර්‍ම කෙනෙක් - ඒකවෝකාර භව විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු වෙත් ද යත් : ඒ ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් තුන් ආයතනයෙකින් නව ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
5. පරිදේව විසින් යම් ධර්‍ම කෙනෙක් සනිදර්‍ශන සප්‍රතිඝධර්‍ම විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු වෙත් ද, ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
6. අනිදර්‍ශන සප්‍රතිඝධර්‍ම විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
7. සනිදර්‍ශනධර්‍ම විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
8. සප්‍රතිඝධර්‍ම විසින් යම් ධර්‍මකෙනෙක් ... උපාදා ධර්‍ම විසින් යම් ධර්‍මකෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු වෙත් ද ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතුන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්:
ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
උද්දානය:
දස ආයතන යැ, සතළොස් ධාතුහු යැ සප්ත ඉන්‍ද්‍රියයෝ යැ, අසංඥ භව යැ ඒකවෝකාරභව යැ පරිදේව යැ සනිදස්සනසප්පටිඝ යැ අනිදස්සන යැ සප්පටිඝ යැ උපාදා යි.
සඞ්ගෘහීතයෙන් අසඞ්ගෘහීත පද නිර්‍දෙශය නිමි.
3. අසඞ්ගෘහීතයෙන් සඞ්ගෘහීත පද නිර්‍දෙශය
1. වේදනා ස්කන්‍ධය විසින් යම් ධර්‍ම කෙනෙක්, සංඥා ස්කන්‍ධය විසින් යම් ධර්‍ම කෙනෙක් සංස්කාර ස්කන්‍ධය විසින් යම් ධර්‍ම කෙනෙක්, සමුදය සත්‍යය විසින් යම් ධර්‍ම කෙනෙක් මාර්‍ග සත්‍යය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ අසඞ්ඛත ධාතුව (නිර්‍වාණය) ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා තුන් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.
2. නිරෝධ සත්‍යය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.
3. ජීවිතේන්‍ද්‍රියය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ නිර්‍වාණය ස්කන්‍ධසඞ්ඛ්‍යාවෙන් හැරපියා ස්කන්‍ධ දෙකෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.
4. ඉත්‍ථින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ... පුරිසින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සුඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, දුක්ඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සෝමනස්සින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, දෝමනස්සින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, උපෙක්ඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සද්ධින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, විරියින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සතින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සමාධින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, පඤ්ඤින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, අඤ්ඤින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, අඤ්ඤාතාවින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, අවිද්‍යාව විසින් යම් ධර්‍ම කෙනෙක්, අවිද්‍යාප්‍රත්‍යයයෙන් වන සංස්කාරයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, ෂඩායතන ප්‍රත්‍යයෙන් වන ස්පර්‍ශය විසින් යම් ධර්‍ම කෙනෙක්, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වන වේදනාව විසින් යම් ධර්‍ම කෙනෙක්, වේදනා ප්‍රත්‍යයෙන් වන තෘෂ්ණාව විසින් යම් ධර්‍ම කෙනෙක්, තෘෂ්ණා ප්‍රත්‍යයෙන් වන උපාදානය විසින් යම් ධර්‍ම කෙනෙක් කර්‍ම භවය විසින්, යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ නිර්‍වාණය ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා තුන් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.
5. ජාතිය විසින් යම් ධර්‍ම කෙනෙක්, ජරාව විසින් යම් ධර්‍ම කෙනෙක්, මරණය විසින් යම් ධර්‍ම කෙනෙක්, ධ්‍යානය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ නිර්‍වාණය ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා ස්කන්‍ධ දෙකෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.
6. ශෝකය විසින් යම් ධර්‍ම කෙනෙක්, දුඃඛය විසින් යම් ධර්‍ම කෙනෙක්, දෞර්‍මනස්ස්‍යය විසින් යම් ධර්‍ම කෙනෙක්, උපායාසය විසින් යම් ධර්‍ම කෙනෙක්, සතිපට්ඨානය විසින් යම් ධර්‍ම කෙනෙක්, සම්‍යක්ප්‍රධානය විසින් යම් ධර්‍ම කෙනෙක්, අප්‍රාමාණ්‍යය විසින් යම් ධර්‍ම කෙනෙක්, පඤ්චේන්‍ද්‍රියයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, පඤ්චබල විසින් යම් ධර්‍ම කෙනෙක්, සප්ත බෝධ්‍යඞ්ගයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය විසින් යම් ධර්‍ම කෙනෙක්, ස්පර්‍ශය විසින් යම් ධර්‍ම කෙනෙක්, වේදනාව විසින් යම් ධර්‍ම කෙනෙක්, සංඥාව විසින් යම් ධර්‍ම කෙනෙක්, චේතනාව විසින් යම් ධර්‍ම කෙනෙක්, අධිමෝක්‍ෂය විසින් යම් ධර්‍ම කෙනෙක්, මනසිකාරය විසින් යම් ධර්‍ම කෙනෙක්, හේතු ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, හේතු ද සහේතුක ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, හේතුද හේතුසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු, ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු, ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ නිර්‍වාණය ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා තුන් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.
7. අප්‍රත්‍යය ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, අසඞ්ඛත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතුසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත්ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.
8. ආස්‍රව ධර්‍මයන් විසින් යම් ධර්‍මකෙනෙක් - ආස්‍රව ද සාස්‍රව ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, ආස්‍රව ද ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ නිර්‍වාණය ස්කන්‍ධ සංඛ්‍යාවෙන් හැරපියා තුන් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.
9. සංයෝජන - ග්‍රන්‍ථ - ඕඝ - යෝග - නීවරණ - පරාමර්‍ශ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, පරාමර්‍ශ ද පරාමෘෂ්ට ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ නිර්‍වාණය ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා තුන් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.
10. චෛතසික ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, චිත්තසම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, චිත්තසංසෘෂ්ට ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, චිත්තසංසෘෂ්ට සමුත්‍ථානසහභූ ධර්‍මයන් විසින් ධර්‍ම කෙනෙක්, චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානු පරිවර්තී ධර්‍මයන් විසින් යම් ධර්‍මකෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඩ්ගගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ නිර්‍වාණය ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.
11. චිත්තසහභූ ධර්‍මයන් විසින් යම් ධර්‍මකෙනෙක්, චිත්තානුපරිවර්තී ධර්‍මයන් විසින් යම් ධර්‍මකෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධයෙකින් සඞ්ගෘහීත නො වෙති. එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.
12. උපාදාන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ක්ලේශ ද සාංක්ලේශික ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද සංක්ලිෂ්ට ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයෙන් කෙතෙක් ආයතනයෙන් කෙතෙක් ධාතුයෙන් සඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ නිර්‍වාණය ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා තුන් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.
උද්දානය:
ස්කන්‍ධයෝ තිදෙනෙක් වෙති, එසේ මැ සත්‍යයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ ද සොළොසෙකි, ප්‍රත්‍යයාකාරයෙහි තුදුස්පදයෙකි, මත්තෙහි පද තුදුසෙකි, දසගොච්ඡකයන් අතුරෙන් මෙහි සමතිස් පද කෙනෙක් වෙති. චූලන්තරදුකයෙන් පද දෙකෙකි. මහන්තරදුකයෙන් අටපද කෙනෙක් වෙත් යයි.
අසඞ්ගෘහීතයෙන් සඞ්ගෘහීත පද නිර්දේශ නිමි.
4. සඞ්ගෘහීතයෙන් සඞ්ගෘහීත පද නිර්‍දෙශය
1. සමුදයසත්‍ය විසින් යම් ධර්‍ම කෙනෙක් මාර්‍ග සත්‍ය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ආයතන සංග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ කරන ලද්දාහු ද ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ කරන ලද්දාහු ද ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ කරන ලද්දාහු ද ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් එක් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙත්.
2. ඉත්‍ථින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, පුරිසින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් සුඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, දුක්ඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සෝමනස්සින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, දෝමනස්සින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් උපෙක්ඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සද්ධින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් විරියින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සතින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සමාධින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් පඤ්ඤින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, අඤ්ඤින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් -
අවිද්‍යාව විසින් යම් ධර්‍ම කෙනෙක්, අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාරය විසින් යම් ධර්‍ම කෙනෙක්, ෂඩායතන ප්‍රත්‍යයයෙන් වූ ස්පර්‍ශය විසින් යම් ධර්‍ම කෙනෙක්, වේදනා ප්‍රත්‍යයයෙන් වූ තෘෂ්ණාව විසින් යම් ධර්‍ම කෙනෙක්, තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් වූ උපාදානය විසින් යම් ධර්‍ම කෙනෙක්, කර්‍ම භවය විසින් යම් ධර්‍ම කෙනෙක්, ශෝකයෙන් යම් ධර්‍ම කෙනෙක්, පරිදේවයෙන් යම් ධර්‍ම කෙනෙක්, දුඃඛයෙන් යම් ධර්‍ම කෙනෙක්, දෝමනස්ස්‍යයෙන් යම් ධර්‍ම කෙනෙක් උපායාසයෙන් යම් ධර්‍ම කෙනෙක් -
සතිපට්ඨානයෙන් යම් ධර්‍ම කෙනෙක්, සම්‍යක්ප්‍රධානයෙන් යම් ධර්‍ම කෙනෙක්, අප්‍රාමාණත්‍යයෙන් යම් ධර්‍ම කෙනෙක් පඤ්චේන්‍ද්‍රියයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, පඤ්ච බලයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, සප්ත බෝධ්‍යඞ්ගයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගයෙන් යම් ධර්‍ම කෙනෙක්, ස්පර්‍ශයෙන් යම් ධර්‍ම කෙනෙක්, චේතනායෙන් යම් ධර්‍ම කෙනෙක්, අධිමෝක්‍ෂයෙන් යම් ධර්‍ම කෙනෙක්, මනසිකාරයෙන් යම් ධර්‍ම කෙනෙක් -
හේතු ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් හේතු ද වූ සහේතුක ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, හේතු ද වූ හේතු සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, ආස්‍රවයන් විසින් සංයෝජනයන් විසින් - ග්‍රන්‍ථයන් විසින් - ඕඝයන් විසින් - යෝගයන් විසින් - නීවරණයන් විසින් - පරාමර්‍ශයන් විසින් - උපාදානයන් විසින් - ක්ලේශධර්‍මයන් විසින් - යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ සාංක්ලේශික ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ සංක්ලිෂ්ට ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ ක්ලේශ සම්ප්‍රයුක්තද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවා හු ද, ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවා හු ද, ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහුද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍මකෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වෙත් ද ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වෙත් ද ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත යෝ යි.