කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්‍ධයකින් දස ආයතනයකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
192. අවිතර්‍ක අවිචාර ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් සතළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙත්.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් අසඞ්ගෘහීත නො වෙත්. එක් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
193. සුඛසහගත ධර්‍මයෝ ... තුන් ස්කන්‍ධයෙකින් දෙ ආයතනයෙකින් තුන් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: ස්කන්‍ධ දෙකෙකින් දස ආයතනයෙකින් පසළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
194. උපේක්‍ෂා සහගත ධර්‍මයෝ ... තුන් ස්කන්‍ධයෙකින් දෙආයතනයෙකින් සප්ත ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: ස්කන්‍ධ දෙකෙකින් දස ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
195-203. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ ... භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ ... දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ ... භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ ... ආචයගාමී ධර්‍මයෝ ... අපචයගාමී ධර්‍මයෝ ... ශෛක්‍ෂ ධර්‍මයෝ ... අශෛක්‍ෂ ධර්‍මයෝ ... මහද්ගත ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් දෙ ආයතනයෙකින් ද්විවිධ ධාතුයකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
204-207. නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ ... නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ ... නො මැ ආචයගාමී නො ද අපචයගාමී ච්‍යුති ප්‍රතිසන්‍ධිය ධර්‍මයෝ ... නො මැ ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂ ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙකින් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නොවෙත්.
208. පරිත්ත ධර්‍මයෝ ... පඤ්චස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
209. අප්‍රමාණ ධර්‍මයෝ ... ප්‍රණීත ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා සතර ස්කන්‍ධයෙකින් දෙ ආයතනයෙකින් ධාතූන් දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
210. පරිත්තාලම්බන ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
211-220. මහද්ගතාලම්බන ධර්‍මයෝ ... අප්‍රමාණාලම්බන ධර්‍මයෝ ... හීන ධර්‍මයෝ … මිථ්‍යාත්‍ව නියත ධර්‍මයෝ ... සම්‍යක්ත්‍ව නියත ධර්‍මයෝ … මාර්‍ගාලම්බන ධර්‍මයෝ ... මාර්‍ග හේතුක ධර්‍මයෝ … මාර්‍ගාධිපති ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස්ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
221. මධ්‍යම ධර්‍මයෝ ... පඤ්චස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙකින් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
222. අනියත ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙකින් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙත්.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
223. උත්පන්න ධර්‍මයෝ … පඤ්චස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
224. අනුත්පන්න ධර්‍මයෝ … පඤ්චස්කන්‍ධයෙන් සප්ත ආයතනයෙකින් අෂ්ට ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් අසඞ්ගෘහීත නො වෙත්. ආයතන පසෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
225. උත්පාදී ධර්‍මයෝ ... පඤ්චස්කන්‍ධයෙන් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් අසඞ්ගෘහීත නො වෙත්. එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
226-231. අතීත ධර්‍මයෝ ... අනාගත ධර්‍මයෝ ... ප්‍රත්‍යුත්පන්න ධර්‍මයෝ ... අධ්‍යාත්ම ධර්‍මයෝ ... අධ්‍යාත්ම බාහිර ධර්‍මයෝ ... පඤ්චස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
232. බාහ්‍ය ධර්‍මයෝ ... අසඞ්ඛත ධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
233-234. අතීතාලම්බන ධර්‍මයෝ … අනාගතාලම්බන ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
235-238. ප්‍රත්‍යුත්පන්නාලම්බන ධර්‍මයෝ ... ආධ්‍යාත්මලම්බන ධර්‍මයෝ ... බාහිරාලම්බන ධර්‍මයෝ ... ආධ්‍යාත්ම බාහිරාලම්බනධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
239. සනිදර්‍ශන සප්‍රතිඝ ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
240. අනිදර්‍ශන සප්‍රතිඝ ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයෙකින් නව ආයතනයෙකින් නව ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයෙකින් තුන් ආයතනයෙකින් නව ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
241. අනිදර්‍ශන අප්‍රතිඝ ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්චස්කන්‍ධයෙන් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත් : කිසි ස්කන්‍ධයෙකින් අසඞ්ගෘහීත නොවෙත්. දස ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
242-244. හේතු ධර්‍මයෝ ... හේතු සහේතුක වූ ධර්‍මයෝ ... හේතු ද හේතු සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
245-248. හේතු නොවූ ධර්‍මයෝ ... අහේතුක ධර්‍මයෝ ... හේතු විප්‍රයුක්ත ධර්‍මයෝ ... හේතු නොවූ අහේතුක ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්චස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
249-253. සහේතුක ධර්‍මයෝ ... හේතු සම්ප්‍රයුක්ත ධර්‍මයෝ ... සහේතුක ද නො ද හේතු ද වූ ධර්‍මයෝ ... හේතු සම්ප්‍රයුක්ත ද නො ද හේතු ද වූ ධර්‍මයෝ ... හේතු නො වූ සහේතුක ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
254-255. සප්‍රත්‍යය ධර්‍මයෝ ... සඞ්ඛත ධර්‍මයෝ … පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
256. අප්‍රත්‍යය ධර්‍මයෝ ... අසඞ්ඛත ධර්‍මයෝ ... කිසි ස්කන්‍ධයෙකින් සඞ්ගෘහීත නොවෙත්. එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත් : පඤ්ච ස්කන්‍ධයෙන් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
257. සනිදර්‍ශන ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
258. අනිදර්‍ශන ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙන් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් අසඞ්ගෘහීත නො වෙත්. එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
259. සප්‍රතිඝ ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දස ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
260. අප්‍රතිඝ ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙන් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් අසඞ්ගෘහීත නො වෙත්. දස ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
261. රූපී ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් සප්ත ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
262. අරූපී ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
263. ලෞකික ධර්‍මයෝ ... පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
264. ලෝකෝත්තර ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
265-266. කිසි විඤ්ඤාණයකින් දත යුතු වූ ධර්‍මයෝ ... කිසි විඤ්ඤාණයෙකින් නො දත යුතු වූ ධර්‍මයෝ ... අසඞ්ඛත ධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස්ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
267-269. ආස්‍රව ධර්‍මයෝ ... ආස්‍රව ද සාස්‍රව ද වූ ධර්‍මයෝ ... ආස්‍රව ද ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
270-271. අස්‍රව නො වූ ධර්‍මයෝ ... ආස්‍රව විප්‍රයුක්ත ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙත්.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
272-274. සාස්‍රව ධර්‍මයෝ ... සාස්‍රව ද නො ද ආස්‍රව ද වූ ධර්‍මයෝ ... ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව ධර්‍මයෝ ... පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙත්.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නොවෙත්.
275-276. අනාස්‍රව ධර්‍මයෝ ... ආස්‍රව විප්‍රයුක්තවූ අනාස්‍රව ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
277-278. ආස්‍රව සම්ප්‍රයුක්ත ධර්‍මයෝ ... ආස්‍රව සම්ප්‍රයුක්ත ද නො ද ආස්‍රව ද වූ ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතුන් දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
279-285. සංයෝජන ධර්‍මයෝ ... ග්‍රන්‍ථ ධර්‍මයෝ ... ඕඝ ධර්‍මයෝ යෝග ධර්‍මයෝ ... නීවරණ ධර්‍මයෝ ... පරාමර්‍ශ ධර්‍මයෝ ... පරාමර්‍ශ ද පරාමෘෂ්ට ද වූ ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
286-287. පරාමර්‍ශ නො වූ ධර්‍මයෝ ... පරාමර්‍ශ විප්‍රයුක්ත ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්චස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
288-290. පරාමෘෂ්ට ධර්‍මයෝ ... පරාමෘෂ්ට ද නො ද පරාමර්‍ශ ද වූ ධර්‍මයෝ ... පරාමර්‍ශ විප්‍රයුක්ත වූ ද පරාමෘෂ්ට ධර්‍මයෝ ... පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
291-292. අපරාමෘෂ්ට ධර්‍මයෝ ... පරාමර්‍ශ විප්‍රයුක්ත වූ අපරාමෘෂ්ට ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
293. පරාමර්‍ශසම්ප්‍රයුක්ත ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතුදෙකෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
294. සාලම්බන ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
295. අනාලම්බන ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා එක් ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් සප්ත ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
296. චිත්ත ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් සප්ත ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත්ද යත්: සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
297. චිත්ත නොවූ ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් සප්ත ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
298-300. චෛතසික ධර්‍මයෝ ... චිත්තසම්ප්‍රයුක්ත ධර්‍මයෝ ... චිත්ත සංසෘෂ්ට ධර්‍මයෝ ... තුන් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.