78-79. සමුදය සත්‍යය ... මාර්‍ග සත්‍යය ... එක් මැ සංස්කාර ස්කන්‍ධය විසින් එක් මැ ධර්‍මායතනය විසින් එක් මැ ධර්‍මධාතුව විසින් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
80. නිරෝධසත්‍යය ... කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් සඞ්ගෘහීත නො වෙයි. එක් මැ ධර්‍මායතනය විසින් එක් මැ ධර්‍මධාතුව විසින් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත වේ ද යත්: පඤ්චස්කන්‍ධය විසින් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
81. දුඃඛසත්‍යයත් සමුදයසත්‍යයත් ... පඤ්චස්කන්‍ධය විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකු විසින් අසඞ්ගෘහීත නො වෙත්.
82. දුඃඛසත්‍යයත් මාර්‍ගසත්‍යයත් ... පඤ්චස්කන්‍ධය විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
83. දුඃඛසත්‍යයත් නිරෝධසත්‍යයත් ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ හෙයින් නො ගෙන පඤ්චස්කන්‍ධය විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
84. දුඃඛසත්‍යයත් සමුදයසත්‍යයත් මාර්‍ගසත්‍යයත් ... පඤ්චස්කන්‍ධය විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස්ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
85. දුඃඛසත්‍යයත් සමුදයසත්‍යයත් නිරෝධසත්‍යයත් ... අසඞ්ඛත ධාතුව ස්කන්‍ධ හෙයින් නො ගෙන පඤ්චස්කන්‍ධය විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස්ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
86. දුඃඛ සත්‍යයත් සමුදය සත්‍යයත් මාර්‍ග සත්‍යයත් නිරෝධ සත්‍යයත් ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ හෙයින් නො ගෙන පඤ්චස්කන්‍ධය විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකු විසින් අසඞ්ගෘහීත නොවෙත්.
87. චතුස්සත්‍යයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්:
චතුස් සත්‍යයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධභාවයෙන් හැර පියා පඤ්චස්කන්‍ධය විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධකෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
88. චක්ඛුන්‍ද්‍රියය කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්:
චක්ඛුන්‍ද්‍රියය එක් මැ රූපස්කන්‍ධය විසින් එක් මැ චක්ඛායතනය විසින් එක් මැ චක්ඛුධාතුව විසින් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
89-94. සෝතින්‍ද්‍රියය ... ඝානින්‍ද්‍රියය ... ජිව්හින්‍ද්‍රියය ... කායින්‍ද්‍රියය ... ඉත්‍ථින්‍ද්‍රියය ... පුරිසින්‍ද්‍රියය ... එක් මැ රූපස්කන්‍ධය විසින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
95. මනින්‍ද්‍රියය ... එක් මැ විඥානස්කන්‍ධය විසින් එක් මැ මනායතනය විසින් සප්ත විඥාන ධාතූන් විසින් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
96. ජීවිතින්‍ද්‍රියය ... ස්කන්‍ධ දෙකකින් එක් මැ ධර්‍මායතනයෙන් එක් මැ ධර්‍මධාතුයෙන් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: තුන් ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
97-109. සුඛින්‍ද්‍රියය ... දුක්ඛින්‍ද්‍රියය ... සෝමනස්සින්‍ද්‍රියය ... දෝමනස්සින්‍ද්‍රියය ... උපෙක්ඛින්‍ද්‍රියය ... සද්ධින්‍ද්‍රියය ... විරියින්‍ද්‍රියය ... සතින්‍ද්‍රියය ... සමාධින්‍ද්‍රියය ... පඤ්ඤින්‍ද්‍රියය ... අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියය ... අඤ්ඤින්‍ද්‍රියය ... අඤ්ඤාතාවින්‍ද්‍රියය ... එක් ස්කන්‍ධයකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
110. චක්ඛුන්‍ද්‍රියයත් සොතින්‍ද්‍රියයත් ... එක් මැ රූපස්කන්‍ධයෙන් ආයතන දෙකකින් ධාතු දෙකකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයකින් දස ආයතනයකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
111-115. චක්ඛුන්‍ද්‍රියයත් ඝානින්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් ජිව්හින්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් කායින්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් ඉත්‍ථීන්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් පුරිසින්‍ද්‍රියයත් ... එක් මැ රූපස්කන්‍ධය විසින් ආයතන දෙකකින් ධාතු දෙකකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයකින් දස ආයතනයකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
116. චක්ඛුන්‍ද්‍රියයත් මනින්‍ද්‍රියයත් ... ස්කන්‍ධ දෙකකින් ආයතන දෙකකින් ධාතු අටෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත් : තුන් ස්කන්‍ධයකින් දස ආයතනයකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙති.
117. චක්බුන්‍ද්‍රියත් ජීවිතින්‍ද්‍රියයත් ... ස්කන්‍ධ දෙකකින් ආයතන දෙකෙකින් ධාතූන් දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: තුන් ස්කන්‍ධයකින් දස ආයතනයකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
118-130. චක්ඛුන්‍ද්‍රියයත් සුඛින්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් දුක්ඛින්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් සෝමනස්සින්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් දෝමනස්සින්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් උපෙක්ඛින්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් සද්ධින්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් විරියින්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් සතින්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් සමාධින්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් පඤ්ඤින්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියයත් .. චක්ඛුන්‍ද්‍රියයත් අඤ්ඤින්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් අඤ්ඤාතාවින්‍ද්‍රියයත් ... ස්කන්‍ධ දෙකෙකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: තුන් ස්කන්‍ධයකින් දස ආයතනයකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
131. දෙවිසි ඉන්‍ද්‍රියයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්:
දෙවිසි ඉන්‍ද්‍රියයෝ සතර ස්කන්‍ධයකින් සප්ත ආයතනයකින් තෙලෙස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්‍ධයකින් පඤ්ච ආයතනයකින් පඤ්චධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
132. අවිද්‍යාව ... එක් මැ සංස්කාරස්කන්‍ධය විසින් එක් මැ ධර්‍මායතනය විසින් එක් මැ ධර්‍මධාතුව විසින් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
133. අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන සංස්කාරයෝ ... එක් මැ සංස්කාර ස්කන්‍ධය විසින් එක් මැ ධර්‍මායතනය විසින් එක් මැ ධර්‍මධාතුව විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
134. සංස්කාර ප්‍රත්‍යයෙන් වන විඥානය ... එක් මැ විඥානස්කන්‍ධය විසින් එක් මැ මනායතනය විසින් සප්තවිඥානධාතූන් විසින් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
135. විඥානප්‍රත්‍යයෙන් වන නාමරූපය ... සතර ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයකින් එකොළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් මැ විඥාන ස්කන්‍ධය විසින් එක් මැ මනායතනය විසින් සප්තවිඥාන ධාතූන් විසින් අසඞ්ගෘහීත වේ.
136. නාමරූප ප්‍රත්‍යයෙන් වන ෂඩායතනය ස්කන්‍ධ දෙකෙකින් ආයතන සයෙකින් ධාතු දොළොසෙකින් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: තුන් ස්කන්‍ධයකින් ෂඩ් ආයතනයකින් ෂඩ් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
137-141. ෂඩායතන ප්‍රත්‍යයෙන් වන ස්පර්‍ශය ... ස්පර්‍ශප්‍රත්‍යයෙන් වන වේදනාව … වේදනා ප්‍රත්‍යයෙන් වන තෘෂ්ණාව ... තෘෂ්ණා ප්‍රත්‍යයෙන් වන උපාදානය ... උපාදානප්‍රත්‍යයෙන් වන කර්‍මභවය ... එක් ස්කන්‍ධයකින් එක් ආයතනයකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
142-145. උත්පත්තිභවය ... කාමභවය ... සංඥාභවය ... පඤ්චවෝකාර භවය ... පඤ්ච ස්කන්‍ධයන් විසින් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධකෙනකුන් විසින් අසඞ්ගෘහීත නොවේ. එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙයි.
146. රූපභවය ... පඤ්ච ස්කන්‍ධයෙන් පඤ්ච ආයතනයෙකින් අෂ්ට ධාතුයෙකින් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධ කෙනෙකුන් විසින් අසඞ්ගෘහීත නො වෙයි. සප්ත ආයතනයකින් දශ ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
147-149. අරූපභවය ... නේවසඤ්ඤානාසඤ්ඤාභවය ... චතුවෝකාරභවය ... සතර ස්කන්‍ධයකින් ආයතන දෙකෙකින් ධාතූන් දෙකෙකින් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්‍ධයකින් දශ ආයතනයකින් සොළොස්ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
150-151. අසංඥා භවය ... ඒකවෝකාරභවය ... එක් ස්කන්‍ධයකින් ආයතන දෙකෙකින් ධාතුන් දෙකෙකින් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයෙකින් දශ ආයතනයකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
152-154. ජාතිය ... ස්කන්‍ධ දෙකෙකින් ජරාව ... ස්කන්‍ධ දෙකෙකින් මරණය ... ස්කන්‍ධ දෙකෙකින් එක් ආයතනයකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: තුන් ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
155-161. සෝකය ... පරිදේවය ... දුක්ඛය ... දෝමනස්සය ... උපායාසය ... සතිපට්ඨානය ... සම්මප්‍පධානය ... එක් ස්කන්‍ධයකින් එක් ආයතනයකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත් : සතර ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
162. ඍද්ධිපාදය ... ස්කන්‍ධ දෙකෙකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: තුන් ස්කන්‍ධයකින් දශ ආයතනයකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
163. ධ්‍යානය ... ස්කන්‍ධ දෙකෙකින් එක් ආයතනයකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: තුන් ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
164-174. අප්‍රාමාණ්‍යයෝ ... පඤ්චේන්‍ද්‍රියයෝ ... පඤ්චබලයෝ ... සප්ත බෝධ්‍යඞ්ගයෝ ... ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය ... ස්පර්‍ශය ... වේදනාව ... සංඥාව ... චේතනාව ... අධිමෝක්‍ෂය ... මනසිකාරය ... එක් ස්කන්‍ධයකින් එක් ආයතනයකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
175. චිත්තය ... එක් ස්කන්‍ධයකින් එක් ආයතනයකින් සප්තවිඥාන ධාතූන් විසින් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද? යත්: සතර ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
176. කුශල ධර්‍මයෝ අකුශල ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතුන් විසින් සඞ්ගෘහීත ද යත්: කුශල ධර්‍මයෝ අකුශල ධර්‍මයෝ සතර ස්කන්‍ධයකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්‍ධයකින් දස ආයතනයකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
177. අව්‍යාකෘත ධර්‍මයෝ ... අසඞ්ඛත ධාතුව ස්කන්‍ධභාවයෙන් හැරපියා පඤ්චස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස්ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
178-179. සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයෝ ... දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයෝ ... තුන් ස්කන්‍ධයකින් ආයතන දෙකෙකින් තුන් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ දෙකෙකින් දස ආයතනයකින් පසළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
180. අදුක්ඛමසුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයෝ ... තුන් ස්කන්‍ධයකින් ආයතන දෙකෙකින් සප්ත ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ දෙකෙකින් දස ආයතනයකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
181. විපාක ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්‍ධයකින් දස ආයතනයකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
182-183. විපාක ස්වභාවධර්‍මයෝ ... සංක්ලිෂ්ට සාංක්ලේශිකධර්‍මයෝ සතර ස්කන්‍ධයකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්‍ධයකින් දස ආයතනයකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
184. නේවවිපාකනවිපාකස්වභාවධර්‍මයෝ ... අසඞ්ඛත ධාතුව ස්කන්‍ධ භාවයෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධය විසින් දොළොස් ආයතනයන් විසින් තෙළෙස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් පඤ්ච ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
185. උපාදින්නෝපාදානියධර්‍මයෝ ... පඤ්ච ස්කන්‍ධය විසින් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙති. එක් ආයතනයකින් එක් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
186. අනුපාදින්නෝපාදානිය ධර්‍මයෝ ... පඤ්ච ස්කන්‍ධය විසින් සප්ත ආයතනයකින් අෂ්ට ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් අසඞ්ගෘහීත නොවෙත්. පඤ්ච ආයතනයකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
187-188. අනුපාදින්න අනුපාදානිය ධර්‍මයෝ … අසංක්ලිෂ්ට අසාංක්ලේශික ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධභාවයෙන් හැරපියා සතර ස්කන්‍ධයකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්‍ධයකින් දස ආයතනයකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
189. අසංක්ලිෂ්ට සාංක්ලේශිකධර්‍මයෝ ... පඤ්චස්කන්‍ධය විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
190. සවිතර්‍ක සවිචාර ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයකින් ආයතන දෙකෙකින් තුන් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්‍ධයකින් දස ආයතනයකින් පසළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
191. අවිතර්‍ක විචාර මාත්‍ර ධර්‍මයෝ ... ප්‍රීති සහගත ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.