කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
35. මධ්‍යම වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් අනියත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
36. උත්පන්න වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අනුත්පන්න වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - උත්පාදී වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අතීත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අනාගත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ප්‍රත්‍යුත්පන්න වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අධ්‍යාත්ම වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - බාහ්‍ය වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සනිදර්‍ශන සප්‍රතිඝ වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අනිදර්‍ශන සප්‍රතිඝ වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
37. අතීතාලම්බන වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අනාගතාලම්බන වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අධ්‍යාත්මාලම්බන වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - බාහිරාලම්බන වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛත ධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් තබා පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
38. ප්‍රත්‍යුත්පන්නාලම්බන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අධ්‍යාත්ම බාහිරාලම්බන වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් තබා පඤ්චස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් දොළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙති. ෂඩ් ධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත්.
39. හේතු වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සහේතුක ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - හේතු සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - හේතු ද වූ මැ සහේතුක ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සහේතුක ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - හේතු ද වූ මැ හේතු සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - හේතු සම්ප්‍රයුක්ත වූ මැ නො ද හේතු වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - හේතු නො වූ සහේතුක ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් තබා පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනෙකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
40. අහේතුක ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - හේතුවිප්‍රයුක්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - හේතු නො වූ අහේතුක ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
41. අප්‍රත්‍යය ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අසඞ්ඛත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සනිදර්‍ශන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අනිදර්‍ශන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - රූපී ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ලෝකෝත්තර ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහුද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
42. ලෞකික වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
43. ආස්‍රව ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව සම්ප්‍රයුක්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව ද වූ මැ සාස්‍රව ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව ද වූ මැ ආස්‍රව සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රවසම්ප්‍රයුක්ත වූ මැ නො ද ආස්‍රව වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත වෙත්.
44. සාස්‍රව ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව විප්‍රයුක්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සාස්‍රව ද වූ මැ නො ද ආස්‍රව වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවා හු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
45. අනාස්‍රව ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව විප්‍රයුක්ත අනාස්‍රව ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත් : එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
46. සංයෝජන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ග්‍රන්‍ථ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ඕඝ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - යෝග ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - නීවරණ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශසම්ප්‍රයුක්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශ ද වූ මැ පරාමෘෂ්ට ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛත ධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් තබා පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත් : කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
47. පරාමෘෂ්ට ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශ විප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - පරාමෘෂ්ට ද වූ මැ නො ද පරාමර්‍ශ වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශ විප්‍රයුක්ත පරාමෘෂ්ට ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
48. අපරාමෘෂ්ට ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශ විප්‍රයුක්ත අපරාමෘෂ්ට ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත් : එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
49. සාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - චිත්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චෛතසික ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තසම්ප්‍රයුක්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ට ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ට සමුත්‍ථානසහභූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ට සමුත්‍ථානානුපරිවර්තී ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් තබා එක් ස්කන්‍ධයක් විසින් එකොළොස් ආයතනයක් විසින් එකොළොස් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත් : සතර ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් ධාතු සතක් විසින් අසඞ්ගෘහීත වෙත්.
50. අනාලම්බන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්ත විප්‍රයුක්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තවිසංසෘෂ්ට ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - උපාදා ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අනුපාදින්න ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත් : එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
51. උපාදින්න ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් තුන් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත් : එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් පසළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
52. උපාදානධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සංක්ලිෂ්ට ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශසම්ප්‍රයුක්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ සාංක්ලේශික වූ ද ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ සංක්ලිෂ්ට ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සංක්ලිෂ්ට ද වූ මැ නො ද ක්ලේශ ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සංඛ්‍යායෙන් තබා පඤ්චස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
53. සාංක්ලේශික වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අසංක්ලිෂ්ට වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශවිප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සාංක්ලේශික ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශවිප්‍රයුක්ත සාංක්ලේශික ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙතී.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
54. අසාංක්ලේශික ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ විප්‍රයුක්ත අසාංක්ලේශික ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතුන් අටක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
55. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ - අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සංඛ්‍යායෙන් තබා පඤ්ච ස්කන්‍ධයන් විසින් දෙළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
56. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක නො වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක නො වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
57. විතර්‍ක සහිත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - විචාර සහිත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සංඛ්‍යාවෙන් තබා පඤ්චස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් සතළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්. එක් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
58. සප්‍රීතික වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ප්‍රීතිසහගත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සුඛ සහගත ධර්‍මයන් සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛත ධාතුව ස්කන්‍ධ සංඛ්‍යායෙන් තබා පඤ්චස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනෙකුන් විසින් කිසි ආයතන කෙනෙකුන් විසින් කිසි ධාතු කෙනෙකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
59. උපේක්‍ෂා සහගත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සංඛ්‍යායෙන් තබා පඤ්චස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් තෙළෙස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්, පඤ්ච ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙති.
60. කාමාවචර ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - පර්‍ය්‍යාපන්න ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සඋත්තර ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතූ දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
61. කාමාවචර නො වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අපර්‍ය්‍යාපන්න ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අනුත්තර ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතූ අටක් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
62. රූපාවචර ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අරූපාවචර ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - නෛර්‍ය්‍යාණික ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - නියත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සරණ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සංඛ්‍යායෙන් තබා පඤ්චස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
63. රූපාවචර නො වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අරූපාවචර නො වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - නෛර්‍ය්‍යාණික නො වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අනියත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අරණ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙත්.
කෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙති.
උද්දානය:
ධර්‍මායතන යැ ධර්‍ම ධාතු යැ යළි ජීවිතේන්‍ද්‍රිය යැ නාම රූප යැ ෂඩායතනයැ ජාති යැ ජරා යැ මරණ යැ තිකමාතෘකාවෙහි (අජ්ඣත්ත බහිද්ධා පදය අනිදස්සන අප්පටිඝ පදය යන) දෙපදයෝ යැ යන මොහු නො ලැබෙත්.
පළමුවන අන්තර දුකයෙහි සත් පදයෙකැ, ගොච්ඡකයෙහි දසපදයෙකැ අපර වූ මහන්තර දුකයෙහි තුදුස්පදයෙකැ පිට්ඨි දුකයෙහි සපදයෙකැ යන මේ සත්සාළිස් ධර්‍මයෝ මෝඝ පුච්ඡකය භා වුද්දසම නය (සමුච්ඡේද) නිර්දේශයෙහි නො ලැබෙත්.
විප්‍රයුක්තයෙන් සඞ්ගෘහීත අසඞ්ගෘහීත පද නිර්දේශ නිමි.
ධාතුකථා ප්‍රකරණය සමාප්තයි.
[need trans]