අභිධර්‍ම පිටකයෙහි
ධාතුකථා ප්‍රකරණය
ඒ භාග්‍යවත් වූ අර්‍හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
මාතෘකා
1. නය මාතෘකා
සඞ්ග්‍රහ යැ අසඞ්ග්‍රහ යැ, සඞ්ගෘහීතයෙන් අසඞ්ගෘහීත යැ, අසඞ්ගෘහීතයෙන් සඞ්ගෘහීත යැ, සඞ්ගෘහීතයෙන් සඞ්ගෘහීත යැ, අසඞ්ගෘහීතයෙන් අසඞ්ගෘහීත යැ,
සම්ප්‍රයෝග යැ විප්‍රයෝග යැ, සම්ප්‍රයුක්තයෙන් විප්‍රයුක්ත යැ, විප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත යැ, සම්ප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත යැ, විප්‍රයුක්තයෙන් විප්‍රයුක්ත යැ.
සඞ්ගෘහීතයෙන් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත යැ, සම්ප්‍රයුක්තයෙන් සඞ්ගෘහීත අසඞ්ගෘහීත යැ, අසඞ්ගෘහීතයෙන් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත යැ, විප්‍රයුක්තයෙන් සඞ්ගෘහීත අසඞ්ගෘහීත යි.
2. අභ්‍යන්තර මාතෘකා
පඤ්චස්කන්‍ධයෝ යැ, ද්වාදශායතනයෝ යැ, අටළොස් ධාතුහු යැ, සතර සත්‍යයෝ යැ, දෙවිසි ඉන්‍ද්‍රියයෝ යැ, ප්‍රතීත්‍යසමුත්පාද යැ, සතරසතිපට්ඨානයෝ යැ, සතර සම්‍යක්ප්‍රධානයෝ යැ, සතර ඍද්ධිපාදයෝ යැ, සතර ධ්‍යානයෝ යැ, සතර අප්‍රාමාණ්‍යයෝ යැ, පඤ්චේන්‍ද්‍රියයෝ යැ, පඤ්චබලයෝ යැ, සප්තබෝධ්‍යඞ්ගයෝ යැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ග ය. ස්පර්‍ශ යැ, වේදනා යැ, සංඥා යැ, චේතනා යැ, චිත්ත යැ, අධිමෝක්‍ෂ යැ, මනසිකාර යි.
3. නයමුඛ මාතෘකා
(ස්කන්‍ධ ධාතු ආයතන යන) තුන් පදයෙන් සඞ්ග්‍රහ වෙයි, තුන් පදයෙන් අසඞ්ග්‍රහ වෙයි. සතර අරූපස්කන්‍ධයෙන් සම්ප්‍රයෝග වෙයි, සතර අරූපස්කන්‍ධයෙන් විප්‍රයෝග වේ.
4. ලක්‍ෂණ මාතෘකා
සභාග යැ විසභාග යි.
5. බාහිර මාතෘකා
හැම ධර්‍මසඞ්ගණි මාතෘකා ධාතු කථාවට මාතෘකා යි.
මාතෘකා නිමි.
1. සංග්‍රහ අසංග්‍රහ පද නිර්‍දෙශය
1. රූපස්කන්‍ධය කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්:
රූපස්කන්‍ධය එක්මැ රූපස්කන්‍ධය විසින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත යි.
(ස්කන්‍ධාදී) කෙතෙකින්, සඞ්ගෘහීත නොවේ ද යත්: සතර නාමස්කන්‍ධයන් විසින් එක් මැ මනායතනය විසින් සප්ත විඥාන ධාතූන් විසින් අසඞ්ගෘහීත යි.
2. වේදනාස්කන්‍ධය කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්:
වේදනාස්කන්‍ධය එක් මැ වේදනාස්කන්‍ධය විසින්, එක් මැ ධර්‍මායතනය විසින් එක් මැ ධර්‍මධාතුව විසින් සඞ්ගෘහීත යි.
(ස්කන්‍ධාදී) කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත යි.
3. සංඥාස්කන්‍ධය කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්:
සංඥාස්කන්‍ධය එක් මැ සංඥාස්කන්‍ධය විසින් එක් මැ ධර්‍මායතනය විසින් එක් මැ ධර්‍මධාතුව විසින් සඞ්ගෘහීත යි.
(ස්කන්‍ධාදී) කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත යි.
4. සංස්කාරස්කන්‍ධය කෙතෙක් ස්කන්‍ධයන් විසින්, කෙතෙක් ආයතනයන් විසින්, කෙතෙක් ධාතුන් විසින් සඞ්ගෘහීත ද යත්:
සංස්කාර ස්කන්‍ධය එක් මැ සංස්කාර ස්කන්‍ධය විසින් එක් මැ ධර්‍මායතනය විසින් එක් මැ ධර්‍මධාතුව විසින් සඞ්ගෘහීත යි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත යි.
5. විඥානස්කන්‍ධය කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්:
විඥාන ස්කන්‍ධය එක් මැ විඥානස්කන්‍ධය විසින් එක් මැ මනායතනය විසින් සප්ත විඥාන ධාතූන් විසින් සඞ්ගෘහීත යි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත යි.
6. රූපස්කන්‍ධයත් වේදනාස්කන්‍ධයත් කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්:
රූපස්කන්‍ධයත් වේදනාස්කන්‍ධයත් (රූප - වේදනා යන) ස්කන්‍ධයන් දෙදෙනා විසින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
(ස්කන්‍ධාදි) කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ තුනෙකින් එක් මැ මනායතනයෙන් සප්තවිඥානධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත්.
7. රූපස්කන්‍ධයත් සංඥාස්කන්‍ධයත් ... (රූප - සංඥා යන) ස්කන්‍ධ දෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ තුනකින් එක් මැ මනායතනයෙන් සප්තවිඥානධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත්.
8. රූපස්කන්‍ධයත් සංස්කාරස්කන්‍ධයත් –පෙ– (රූප සංස්කාර යන) ස්කන්‍ධ දෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ තුනෙකින් එක් මනායතනය විසින් සප්තවිඥානධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත්.
9. රූපස්කන්‍ධයත් විඥානස්කන්‍ධයත් ... (රූප – විඥාන යන) ස්කන්‍ධ දෙකින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ තුනෙකින් අසඞ්ගෘහීත වෙති. කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
10. රූපස්කන්‍ධයත් වේදනාස්කන්‍ධයත් සංඥාස්කන්‍ධයත් කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්:
රූපස්කන්‍ධයත් වේදනාස්කන්‍ධයත් සංඥාස්කන්‍ධයත් තුන් ස්කන්‍ධයන් විසින් එකොළොස් ආයතනයකින් එකොළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ දෙකකින් එක් මැ මනායතනය විසින් සප්ත විඥානධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත්.
11. රූපස්කන්‍ධයත් වේදනාස්කන්‍ධයත් සංස්කාරස්කන්‍ධයත් ... තුන් ස්කන්‍ධයන් විසින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ දෙකකින් එක් මැ මනායතනය විසින් සප්ත විඥාන ධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත්.
12. රූපස්කන්‍ධයත් වේදනාස්කන්‍ධයත් විඥානස්කන්‍ධයත් ... තුන් ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ දෙකෙකින් අසඞ්ගෘහීත වෙත්. කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනෙකුන් විසින් අසඞ්ගෘහීත නොවෙත්.
13. රූපස්කන්‍ධයත් වේදනාස්කන්‍ධයත් සංඥාස්කන්‍ධයත් සංස්කාරස්කන්‍ධයත් කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්:
රූපස්කන්‍ධයත් වේදනාස්කන්‍ධයත් සංඥාස්කන්‍ධයත් සංස්කාරස්කන්‍ධයත් සතරස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් මැ, විඥානස්කන්‍ධය විසින් එක් මැ මනායතනය විසින් සප්තවිඥාන ධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත්.
14. රූපස්කන්‍ධයත් වේදනාස්කන්‍ධයත් සංඥාස්කන්‍ධයත් විඥානස්කන්‍ධයත් ... සතර ස්කන්‍ධයෙකින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතුන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් මැ (සංස්කාර) ස්කන්‍ධය විසින් අසඞ්ගෘහීත වෙති. කිසි ආයතන කෙනකු විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නොවෙත්.
15. රූපස්කන්‍ධයත් වේදනාස්කන්‍ධයත් සංඥාස්කන්‍ධයත් සංස්කාරස්කන්‍ධයත් විඥානස්කන්‍ධයත් කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්:
රූපස්කන්‍ධයත්, වේදනාස්කන්‍ධයත්, සංඥාස්කන්‍ධයත්, සංස්කාර ස්කන්‍ධයත්, විඥානස්කන්‍ධයත් පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධකෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නොවෙත්.
16. පඤ්චස්කන්‍ධයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්: පඤ්චස්කන්‍ධයෝ පඤ්චස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින්, කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතූ කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙති.
17. චක්ඛායතනය කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්: චක්ඛායතනය එක් මැ රූපස්කන්‍ධය විසින් එක් මැ චක්ඛායතනය විසින් එක් මැ චක්ඛු ධාතුව විසින් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර නාමස්කන්‍ධයන් විසින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙයි.
18-26. සෝතායතනය ... ඝානායතනය ... ජිහ්වායතනය ... කායායතනය ... රූපායතනය ... සද්දායතනය ... ගන්‍ධායතනය ... රසායතනය ... ඵොට්ඨබ්බායතනය එක් මැ රූපස්කන්‍ධය විසින් එක් ආයතනයෙකින් එක් ධාතුවකින් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර නාමස්කන්‍ධයන් විසින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
27. මනායතනය එක් මැ විඥානස්කන්‍ධය විසින් එක් මැ මනායතනය විසින් සප්තවිඥානධාතූන් විසින් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
28. ධම්මායතනය ... අසඞ්ඛත ධම්මායතනය ස්කන්‍ධ හෙයින් නො ගෙන (රූපාදි) සතර ස්කන්‍ධයන් විසින් එක් මැ ධර්‍මායතනය විසින් එක් මැ ධර්‍මධාතුව විසින් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් මැ විඥාන ස්කන්‍ධය විසින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
29. චක්ඛායතනයත් සෝතායතනයත් ... එක් මැ රූපස්කන්‍ධය විසින් ආයතන දෙකකින් ධාතු දෙකකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙති.
30-37. චක්ඛායතනයත් ඝානායතනයත් ... චක්ඛායතනයත් ජිව්හායතනයත් ... චක්ඛායතනයත් කායායතනයත් ... චක්ඛායතනයත් රූපායතනයත් ... චක්ඛායතනයත් සද්දායතනයත් ... චක්ඛායතනයත් ගන්‍ධායතනයත් ... චක්ඛායතනයත් රසායතනයත් ... චක්ඛායතනයත් ඵොට්ඨබ්බායතනයත් ... එක් මැ රූපස්කන්‍ධය විසින් ආයතන දෙකකින් ධාතු දෙකකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
38. චක්ඛායතනයත් මනායතනයත් ... ස්කන්‍ධ දෙකකින් ආයතන දෙකකින් ධාතු අටකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: තුන් ස්කන්‍ධයකින් දස ආයතනයකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
39. චක්ඛායතනයත් ධම්මායතනයත් ... අසඞ්ඛත ධම්මායතනය ස්කන්‍ධ හෙයින් නො ගෙන (රූපාදි) සතර ස්කන්‍ධයකින් ආයතන දෙකකින් ධාතු දෙකකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් මැ (විඥාන) ස්කන්‍ධය විසින් දස ආයතනයකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
40. ද්වාදසායතනයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් අසඞ්ගෘහීත ද යත්:
ද්වාදසායතනයෝ අසඞ්ඛත ධර්‍මායතනය ස්කන්‍ධ හෙයින් නො ගෙන පඤ්චස්කන්‍ධයෙන් ද්වාදශායතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නොවේ.
41. චක්ඛුධාතුව කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්: චක්ඛු ධාතුව එක් මැ රූපස්කන්‍ධයෙන් එක් මැ චක්ඛායතනයෙන් එක් මැ චක්බුධාතුයෙන් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
42-57. සෝතධාතුව ... ඝානධාතුව ... ජිව්හාධාතුව ... කායධාතුව ... රූපධාතුව ... සද්දධාතුව ... ගන්‍ධධාතුව ... රසධාතුව ... ඵොට්ඨබ්බධාතුව ... චක්ඛුවිඤ්ඤාණධාතුව ... සෝතවිඤ්ඤාණධාතුව ... ඝානවිඤ්ඤාණ ධාතුව ... ජිව්හාවිඤ්ඤාණ ධාතුව ... කායවිඤ්ඤාණ ධාතුව ... මනෝධාතුව ... මනෝවිඤ්ඤාණ ධාතුව ... එක් ස්කන්‍ධයකින් එක් ආයතනයකින් එක්ධාතුවකින් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
58. ධම්මධාතුව ... අසඞ්ඛත ධම්මායතනය ස්කන්‍ධ හෙයින් නො ගෙන සතර ස්කන්‍ධයකින් එක් මැ ධම්මායතනයෙන් එක් මැ ධම්මධාතුයෙන් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් මැ විඥානස්කන්‍ධයෙන් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුවකින් අසඞ්ගෘහීත වේ.
59. චක්බුධාතුවත් සෝතධාතුවත් ... එක් මැ රූපස්කන්‍ධයෙන් ආයතන දෙකකින් ධාතුන් දෙකකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයකින් දස ආයතනයකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
60-67. චක්ඛු ධාතුවත් ඝාන ධාතුවත් ... චක්බුධාතුවත් ජිව්හා ධාතුවත් ... චක්බුධාතුවත් කාය ධාතුවත් ... චක්ඛු ධාතුවත් රූප ධාතුවත් ... චක්ඛු ධාතුවත් සද්දධාතුවත් ... චක්බුධාතුවත් ගන්‍ධධාතුවත් ... චක්ඛු ධාතුවත් රසධාතුවත් ... චක්බුධාතුවත් ඵොට්ඨබ්බධාතුවත් ... එක් මැ රූපස්කන්‍ධය විසින් ආයතන දෙකකින් ධාතු දෙකකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයකින් දස ආයතනයකින් සොළොස් ධාතුවකින් අසඞ්ගෘහීත වෙත්.
68. චක්බුධාතුවත් චක්බුවිඤ්ඤාණධාතුවත් ... ස්කන්‍ධ දෙකකින් ආයතන දෙකකින් ධාතු දෙකකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: තුන් ස්කන්‍ධයකින් දස ආයතනයකින් සොළොස් ධාතුවකින් අසඞ්ගෘහීත වෙත්.
69-74. චක්බුධාතුවත් සෝතවිඤ්ඤාණධාතුවත් ... චක්බුධාතුවත් ඝානවිඤ්ඤාණධාතුවත් ... චක්ඛු ධාතුවත් ජිව්හාවිඤ්ඤාණධාතුවත් ... චක්ඛු ධාතුවත් කාය විඤ්ඤාණ ධාතුවත් ... චක්ඛු ධාතුවත් මනෝධාතුවත් ... චක්ඛු ධාතුවත් මනෝවිඤ්ඤාණ ධාතුවත් ... ස්කන්‍ධ දෙකකින් ආයතන දෙකකින් ධාතු දෙකකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: තුන් ස්කන්‍ධයකින් දස ආයතනයකින් සොළොස් ධාතුවකින් අසඞ්ගෘහීත වෙති.
75. චක්චු ධාතුවත් ධම්මධාතුවත් ... අසඞ්ඛතධම්මධාතුව ස්කන්‍ධ හෙයින් නො ගෙන සතර ස්කන්‍ධයකින් ආයතන දෙකකින් ධාතු දෙකකින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් මැ ස්කන්‍ධයකින් දස ආයතනයකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
76. අටළොස් ධාතූහු කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්:
අටළොස් ධාතූහු අසඞ්ඛතධම්මධාතුව ස්කන්‍ධ හෙයින් නො ගෙන පඤ්ච ස්කන්‍ධයෙන් ද්වාදශායතනයෙන් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
77. දුඃඛ සත්‍යය කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්:
දුඃඛ සත්‍යය පඤ්චස්කන්‍ධය විසින් ද්වාදශායතනය විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙයි.
කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතුකෙනකුන් විසින් අසඞ්ගෘහීත නොවේ.