Pali BJTකතිහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයක් විසින් එකොළොස් ආයතනයක් විසින් සතළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT28. චිත්තෙහි ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා -පෙ- තෙ ධම්මා තීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT28. චිත්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් එක් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: ද්වීහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: ස්කන්‍ධ දෙකක් විසින් එකොළොස් ආයතනයක් විසින් සතළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT29. චෙතසිකෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- චිත්තසම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තසංසට්ඨෙහි ධම්මෙහි යෙ ධම්මා චිත්තසංසට්ඨසමුට්ඨානෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තසංසට්ඨසමුට්ඨානසහභූහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තීහි ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා -පෙ- තෙ ධම්මා එකෙන ඛන්ධෙන එකෙනායතනෙන සත්තහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT29. චෛතසික ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... චිත්තසම්ප්‍රයුක්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්ත සංසෘෂ්ට ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්ත සංස්කෘෂ්ට සමුත්‍ථාන සහභූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ට සමුත්‍ථානානුපරිවර්තී ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් ධාතු සතක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි එකාදසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයක් විසින් එකොළොස් ආයතනයක් විසින් එකොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT30. උපාදානෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- කිලෙසෙහි ධම්මෙහි යෙ ධම්මා - කිලෙසෙහි චෙව සංකිලෙසිකෙහි ච ධම්මෙහි යෙ ධම්මා - කිලෙසෙහි චෙව සංකිලිට්ඨෙහි ච ධම්මෙහි යෙ ධම්මා - කිලෙසෙහි චෙව කිලෙසසම්පයුත්තෙහි ච ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT30. උපාදාන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... ක්ලේශ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ සාංක්ලේශික ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ සංක්ලිෂ්ට ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT31. සංකිලිට්ඨෙහි චෙව නො ච කිලෙසෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- කිලෙසසම්පයුත්තෙහි චෙව නො ච කිලෙසෙහි ධම්මෙහි යෙ ධම්මා - සවිතක්කෙහි ධම්මෙහි යෙ ධම්මා - සවිචාරෙහි ධම්මෙහි යෙ ධම්මා - සප්පීතිකෙහි ධම්මෙහි යෙ ධම්මා - පීතිසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා - සුඛසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා - උපෙක්ඛාසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා, තෙ ධම්මා කතිහි ඛන්ධෙහි කතිහායතනෙහි කතිහි ධාතූහි සඞ්ගහිතා: තෙ ධම්මා එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT31. සංක්ලිෂ්ට ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්‍මයන් භා සමග යම් ධර්‍ම කෙනෙක් - සවිතර්‍ක ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සවිචාර ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සප්‍රීතික වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ප්‍රීතිසහගත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සුඛසහගත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - උපේක්‍ෂා සහගත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්: ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් එක් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයක් විසින් එකොළොස් ආයතනයක් විසින් සතළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJTඅරූපක්ඛන්ධා චත්තාරො මනායතනමෙව ච, විඤ්ඤාණ ධාතුයො සත්ත ද්වෙ සච්චා වුච්චසින්ද්රියා. පච්චයෙ ද්වාදස පදා තතො උපරි සොළස, තිකෙසු අට්ඨ ගොච්ඡකෙ තෙවත්ත ළීසමෙව ච. මහන්තරදුකෙ සත්තපදා පිට්ඨිදුකෙසු ඡ.{1} නවමස්ස පදස්සෙතෙ නිද්දෙසෙ සඞ්ගහං ගතා’ති.
Sinhala BJTසතර නාමස්කන්‍ධයෝ යැ, මනායතන යැ, සප්තවිඥාන ධාතු යැ, සත්‍ය දෙක යැ, තුදුස් ඉන්‍ද්‍රියයෝ යැ, පටිච්චසමුප්පාදයෙහි දොළොස් පදයෝ යැ එයින් මත්තෙහි සොළොස් පදයෝ යැ, ත්‍රිකමාතෘකායෙහි අටපදයෝ යැ, ගොච්ඡකයෙහි තෙසාළිස් පදයෝ යැ, මහන්තර දුකයෙහි සප්ත පදයෝ යැ, පිට්ඨි දුකයෙහි සපදයෝ යැ යන මේ (එක් සිය විස්සක්) පදයෝ නව වැනි වූ උද්දේශ පදයාගේ නිර්දේශයෙහි සඞ්ගෘහීත වෙත්.
Pali BJTසම්පයුත්තෙන සඞ්ගහිත අසඞ්ගහිතපදනිද්දෙසො නිට්ඨිතො.
Sinhala BJTසම්ප්‍රයුක්තයෙන් සඞ්ගෘහීත අසඞ්ගෘහීත පද නිර්දේශ නිමි.
Pali BJT13. අසඞ්ගහිතෙන සම්පයුත්ත විප්පයුත්ත පද නිද්දෙසො
Sinhala BJT13. අසඞ්ගෘහීතයෙන් සම්ප්‍රයුත්ක විප්‍රයුක්ත පද නිර්දේශ
Pali BJT1. රූපක්ඛන්ධෙන යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙ ධම්මා කතීහි ඛන්ධෙහි කතිහායතනෙහි, කතිහි ධාතූහි සම්පයුත්තා. තෙ ධම්මා තීහි ඛන්ධෙහි සම්පයුත්තා එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT1. රූපස්කන්‍ධය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නොකරන ලද්දාහු ද ආයතනසඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නො කරන ලද්දාහු ද ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නො කරන ලද්දාහු ද, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතුන් හා සමග සම්ප්‍රයුක්ත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් හා සමග සම්ප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.
Pali BJTකතිහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT2. ධම්මායතනෙන යෙ ධම්මා -පෙ- ධම්මධාතුයා යෙ ධම්මා - ඉත්ථීන්ද්රියෙන යෙ ධම්මා - පුරිසින්ද්රියෙන යෙ ධම්මා - ජීවිතින්ද්රියෙන යෙ ධම්මා - විඤ්ඤාණපච්චයා නාමරූපෙන යෙ ධම්මා - අසඤ්ඤාභවෙන යෙ ධම්මා - එකවොකාර භවෙන යෙ ධම්මා - ජාතියා යෙ ධම්මා - ජරාය යෙ ධම්මා - මරණෙන යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා ආයතන සඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා -පෙ- තෙ ධම්මා තීහි ඛන්ධෙහි සම්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT2. ධර්‍මායතනය විසින් යම් ධර්‍ම කෙනෙක් ... ධර්‍මධාතුව විසින් යම් ධර්‍ම කෙනෙක් - ඉත්‍ථින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - පුරිසින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - ජීවිතින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - විඥාන ප්‍රත්‍යයෙන් වූ නාමරූපය විසින් යම් ධර්‍ම කෙනෙක් - අසංඥභවය විසින් යම් ධර්‍ම කෙනෙක් - ඒකවෝකාර භවය විසින් යම් ධර්‍ම කෙනෙක් - ජාතිය විසින් යම් ධර්‍ම කෙනෙක් - ජරාව විසින් යම් ධර්‍ම කෙනෙක් - මරණය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නො කරන ලද්දාහු ද ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නො කරන ලද්දාහු ද ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නො කරන ලද්දාහු ද ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් හා සමග සම්ප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.
Pali BJTකතිහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් භා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT3. අරූපභවෙන යෙ ධම්මා -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤාභවෙන යෙ ධම්මා - චතුවොකාරභවෙන යෙ ධම්මා - ඉද්ධිපාදෙන යෙ ධම්මා ඛන්ධ සඞ්ගහෙන අසඞ්ගහිතා ආයතන සඞ්ගහෙන අසඞ්ගහිතා ධාතු සඞ්ගහෙන අසඞ්ගහිතා, තෙ ධම්මා කතිහි ඛන්ධෙහි කතිහායතනෙහි කතිහි ධාතූහි සම්පයුත්තාති: නත්ථී.
Sinhala BJT3. අරූපභවය විසින් යම් ධර්‍ම කෙනෙක් - නේවසඤ්ඤානාසඤ්ඤා භවය විසින් යම් ධර්‍ම කෙනෙක් - චතුවෝකාර භවය විසින් යම් ධර්‍ම කෙනෙක් - ඉද්ධිපාදය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නොකරන ලද්දාහු ද ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නොකරන ලද්දාහු ද ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නො කරන ලද්දාහු ද, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වූවාහු ද යත්: (සම්ප්‍රයුක්ත වන්නාවූ ධර්‍මයෙක්) නැති.
Pali BJTකතිහි විප්පයුත්තා: චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT4. කුසලෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- අකුසලෙහි ධම්මෙහි යෙ ධම්මා - සුඛාය වෙදනාය සම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - දුක්ඛාය වෙදනාය සම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - විපාකෙහි ධම්මෙහි යෙ ධම්මා - විපාකධම්මධම්මෙහි යෙ ධම්මා - අනුපාදින්නඅනුපාදානියෙහි ධම්මෙහි යෙ ධම්මා - සංකිලිට්ඨසංකිලෙසිකෙහි ධම්මෙහි යෙ ධම්මා - අසංකිලිට්ඨඅසංකිලෙසිකෙහි ධම්මෙහි යෙ ධම්මා - සවිතක්කසවිචාරෙහි ධම්මෙහි යෙ ධම්මා - අවිතක්කවිචාරමත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - පීතිසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා - සුඛසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා - උපෙක්ඛාසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා - දස්සනෙන පහාතබ්බෙහි ධම්මෙහි යෙ ධම්මා - භාවනාය පහාතබ්බෙහි ධම්මෙහි යෙ ධම්මා - දස්සනෙන පහාතබ්බහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා - භාවනාය පහාතබ්බහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා - ආචයගාමීහි ධම්මෙහි යෙ ධම්මා - අපචයගාමීහි ධම්මෙහි යෙ ධම්මා - සෙක්ඛෙහි ධම්මෙහි යෙ ධම්මා - අසෙක්ඛෙහි ධම්මෙහි යෙ ධම්මා - මහග්ගතෙහි ධම්මෙහි යෙ ධම්මා - අප්පමාණෙහි ධම්මෙහි යෙ ධම්මා - පරිත්තාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - මහග්ගතාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - අප්පමාණාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - හීනෙහි ධම්මෙහි යෙ ධම්මා - පණීතෙහි ධම්මෙහි යෙ ධම්මා - මිච්ඡත්තනියතෙහි ධම්මෙහි යෙ ධම්මා - සම්මත්තනියතෙහි ධම්මෙහි යෙ ධම්මා - මග්ගාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - මග්ගහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා - මග්ගාධිපතීහි ධම්මෙහි යෙ ධම්මා - අතීතාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - අනාගතාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - පච්චුප්පන්නාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - අජ්ඣත්තාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - බහිද්ධාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - අජ්ඣත්තබහිද්ධාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - සහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා - හෙතුසම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - සහෙතුකෙහි චෙ ව න ච හෙතූහි ධම්මෙහි යෙ ධම්මා - හෙතු සම්පයුත්තෙහි චෙව න ච හෙතූහි ධම්මෙහි යෙ ධම්මා - න හෙතූහි සහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා ආයතන සඞ්ගහෙන අසඞ්ගහිතා ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙ ධම්මා කතිහි ඛන්ධෙහි කතිහායතනෙහි කතිහි ධාතූහි සම්පයුත්තො’ති: නත්ථී.
Sinhala BJT4. කුශල ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... අකුශල ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අදුක්ඛමසුඛ (උපේක්‍ෂා) වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - විපාක වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - විපාකස්වභාව ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අනුපාදින්න අනුපාදානිය ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සංක්ලිෂ්ට සාංක්ලේශික ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අසංක්ලිෂ්ට අසාංක්ලේශික ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සවිතර්‍ක සවිචාර ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අවිතර්‍කවිචාරමාත්‍ර වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ප්‍රීති සහගත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සුඛසහගත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - උපේක්‍ෂා සහගත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - දර්‍ශනයෙන් (සෝවාන් මඟින්) ප්‍රහාතව්‍ය ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් (මතු මාර්‍ග ත්‍රයයෙන්) ප්‍රහාතව්‍ය ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආචයගාමී ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අපචයගාමී ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ශෛක්‍ෂ වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අශෛක්‍ෂ වූ ධර්‍මයන් විසින් ධර්‍ම කෙනෙක් - මහද්ගත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අප්‍රමාණවූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - පරිත්තාලම්බන වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - මහාද්ගතාලම්බන වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අප්‍රමාණාලම්බන වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - හීන වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ප්‍රණීත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - මිථ්‍යාත්‍වනියත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සම්‍යක්ත්‍වනියත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ගාලම්බන වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ගහේතුක වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ගාධිපති වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අතීතාලම්බන වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අනාගතාලම්බන වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ප්‍රත්‍යුත්පන්නාලම්බන වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අධ්‍යාත්මාලම්බන වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - බාහිරාලම්බන වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අධ්‍යාත්මබාහිරාලම්බන වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සහේතුක වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - හේතු සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සහේතුක ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - හේතුසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - හේතු නො වූ සහේතුක වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නොකරන ලද්දාහු ද, ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නොකරන ලද්දාහු ද, ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නොකරන ලද්දාහු ද, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වෙත් ද යත්: (සම්ප්‍රයුක්ත වන්නා වූ ධර්‍මයෙක්) නැති.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTඋද්දානය:
Pali BJTකතිහි විප්පයුත්තා: චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: සතර ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT5. රූපීහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා -පෙ- තෙ ධම්මා තීහි ඛන්ධෙහි සම්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT5. රූපී ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නො කරන ලද්දා හු ද ආයතනසඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නො කරන ලද්දාහු ද ධාතුසඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ නො කරන ලද්දා හු ද ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.
Pali BJTකතිහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT6. අරූපීහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- ලොකුත්තරෙහි ධම්මෙහි යෙ ධම්මා - අනාසවෙහි ධම්මෙහි යෙ ධම්මා - ආසවසම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - ආසවසම්පයුත්තෙහි චෙව නො ච ආසවෙහි ධම්මෙහි යෙ ධම්මා - ආසවවිප්පයුත්තෙහි අනාසවෙහි ධම්මෙහි යෙ ධම්මා - අසඤ්ඤොජනියෙහි ධම්මෙහි යෙ ධම්මා - අගන්ථනීයෙහි ධම්මෙහි යෙ ධම්මා - අනොඝනීයෙහි ධම්මෙහි යෙ ධම්මා - අයොගනීයෙහි ධම්මෙහි යෙ ධම්මා - අනීවරණියෙහි ධම්මෙහි යෙ ධම්මා - අපරාමට්ඨෙහි ධම්මෙහි යෙ ධම්මා - පරාමාසසම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - පරාමාසවිප්පයුත්තෙහි අපරාමට්ඨෙහි ධම්මෙහි යෙ ධම්මා - සාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතු සඞ්ගහෙන අසඞ්ගහිතා, තෙ ධම්මා කතිහි ඛන්ධෙහි කතිහායතනෙහි කතිහි ධාතූහි සම්පයුත්තා’ති: නත්ථී.
Sinhala BJT6. අරූපීධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ලෝකෝත්තර ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අනාස්‍රව ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ආස්‍රව වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රව ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සංයෝජනීය නො වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ග්‍රන්‍ථනීය නො වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ඕඝනීය නො වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - යෝගනීය නො වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - නීවරණීය නො වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අපරාමෘෂ්ට නො වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශසම්ප්‍රයුක්ත වූ කර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශවිප්‍රයුක්තඅපරාමෘෂ්ට ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතුන් හා සමග සම්ප්‍රයුක්ත වෙත් ද යත්: (සම්ප්‍රයුක්ත වන්නා වූ ධර්‍මයෙක්) නැති.
Pali BJTකතීහි විප්පයුත්තා: චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT7. අනාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- නො චිත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තවිප්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තවිසංසට්ඨෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තසමුට්ඨානෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තසහභූහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තානුපරිවත්තීහි ධම්මෙහි යෙ ධම්මා - බාහිරෙහි ධම්මෙහි යෙ ධම්මා - උපාදාධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙ ධම්මා කතිහි ඛන්ධෙහි කතීහායතනෙහි කතිහි ධාතූහි සම්පයුත්තා: තෙ ධම්මා තීහි ඛන්ධෙහි සම්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT7. අනාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... චිත්ත නො වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තවිප්‍රයුක්ත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තවිසංසෘෂ්ට වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්- චිත්තසමුත්‍ථාන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තසහභූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තානුපරිවර්තී ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - බාහිර ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - උපාදාධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් හා සමග සම්ප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.
Pali BJTකතිහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT8. අනුපාදානියෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- උපාදානසම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - උපාදානසම්පයුත්තෙහි චෙව නො ච උපාදානෙහි ධම්මෙහි යෙ ධම්මා - උපාදානවිප්පයුත්තෙහි අනුපාදානියෙහි ධම්මෙහි යෙ ධම්මා - අසංකිලෙසිකෙහි ධම්මෙහි යෙ ධම්මා - සංකිලිට්ඨෙහි ධම්මෙහි යෙ ධම්මා - කිලෙසසම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - සංකිලිට්ඨෙහි චෙව නො ච කිලෙසෙහි ධම්මෙහි යෙ ධම්මා - කිලෙසසම්පයුත්තෙහි චෙව නො ච කිලෙසෙහි ධම්මෙහි යෙ ධම්මා - කිලෙසවිප්පයුත්තෙහි අසංකිලෙසිකෙහි ධම්මෙහි යෙ ධම්මා - දස්සනෙන පහාතබ්බෙහි ධම්මෙහි යෙ ධම්මා - භාවනාය පහාතබ්බෙහි ධම්මෙහි යෙ ධම්මා - දස්සනෙන පහාතබ්බ හෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා - භාවනාය පහාතබ්බහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා - සවිතක්කෙහි ධම්මෙහි යෙ ධම්මා - සවිචාරෙහි ධම්මෙහි යෙ ධම්මා - සප්පීතිකෙහි ධම්මෙහි යෙ ධම්මා - පීතිසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා - සුඛසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා - උපෙක්ඛා සහගතෙහි ධම්මෙහි යෙ ධම්මා - න කාමාවචරෙහි ධම්මෙහි යෙ ධම්මා - රූපාවචරෙහි ධම්මෙහි යෙ ධම්මා - අරූපාවචරෙහි ධම්මෙහි යෙ ධම්මා - අපරියාපන්නෙහි ධම්මෙහි යෙ ධම්මා - නිය්යානිකෙහි ධම්මෙහි යෙ ධම්මා - නියතෙහි ධම්මෙහි යෙ ධම්මා - අනුත්තරෙහි ධම්මෙහි යෙ ධම්මා - සරණෙහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතු සඞ්ගහෙන අසඞ්ගහිතා: තෙ ධම්මා කතීහි ඛන්ධෙහි කතිහායතනෙහි කතීහි ධාතූහි සම්පයුත්තා’ති: නත්ථී.
Sinhala BJT8. අනුපාදානිය ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... උපාදානසම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - උපාදානසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද උපාදාන වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - උපාදානවිප්‍රයුක්ත වූ අනුපාදානිය ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අසාංක්ලේශික වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සංක්ලිෂ්ට වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශසම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සංක්ලිෂ්ට ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශවිප්‍රයුක්ත වූ අසාංක්ලේශික වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - විතර්‍ක සහිත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - විචාර සහිත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සප්‍රීතික වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ප්‍රීතිසහගත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සුඛසහගත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - උපේක්‍ෂා සහගත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - කාමාවචර නො වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - රූපාවචර වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් අරූපාවචර වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අපර්‍ය්‍යාපන්න ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - නෛර්‍ය්‍යාණික ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - නියත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අනුත්තරධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සරණ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ද ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ද ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ද, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්තයෝ ද යත්: සම්ප්‍රයුක්ත වන ධර්‍මයෙක් නැති.
Pali BJTකතීහි විප්පයුත්තා චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්තයෝ ද යත්: සතර ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනෙකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJTරූපඤ්ච ධම්මායතනං ධම්මධාතු ඉත්ථී පුමං, ජීවිතං නාමරූපං ද්වෙ භවා ජාති ජරා ච{1} මච්චු ච රූපී{2} අනාරම්මණං නො චිත්තං චිත්තෙන{3} විප්පයුත්තං විසංසට්ඨසමුට්ඨානං{4} සහභූ අනුපරිවත්ති, බාහිරූපාදා{5}. ද්වෙ විසයො එසනයො සුබුද්ධො.
Sinhala BJTරූප යැ, ධර්‍මායතන යැ, ධර්‍මධාතු යැ, ස්ත්‍රීන්‍ද්‍රිය යැ, පුරුෂේන්‍ද්‍රිය යැ, ජීවිතේන්‍ද්‍රිය යැ, නාමරූප යැ, භවයෝ දෙදෙන යැ, ජාති යැ, ජරාව යැ, මරණ යැ, රූපී ධර්‍ම යැ, අනාරම්මණ යැ, චිත්ත නො වූ ධර්‍ම යැ, චිත්තවිප්පයුත්ත ධර්‍ම යැ, චිත්තවිසංසට්ඨ ධර්‍ම යැ, චිත්තසමුට්ඨාන ධර්‍ම යැ, චිත්තසහභූ ධර්‍ම යැ, චිත්තානුපරිවත්තී ධර්‍ම යැ, බාහිරඋපාදා ධර්‍ම දෙක යැයි දෙවිසිනයක් ඇති මේ ක්‍රමය මොනොවට අවබෝධ කරන ලද්දේ වෙයි.
Pali BJTඅසඞ්ගහිතෙන සම්පයුත්ත විප්පයුත්තපදනිද්දෙසො නිට්ඨිතො.
Sinhala BJTඅසඞ්ගෘහීතයෙන් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත පද නිර්‍දෙශය නිමි.
Pali BJT14. විප්පයුත්තෙන සඞ්ගහිතා’ සඞ්ගහිත පද නිද්දෙසො
Sinhala BJT14. විප්‍රයුක්තයෙන් සඞ්ගෘහීතා’සඞ්ගෘහීත පද නිර්‍දෙශය
Pali BJT1. රූපක්ඛන්ධෙන යෙ ධම්මා විප්පයුත්තා, තෙ ධම්මා කතිහි ඛන්ධෙහි කතීහායතනෙහි කතිහි ධාතූහි සඞ්ගහිතා: තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT1. රූපස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ සතර (නාම) ස්කන්‍ධයන් විසින් ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීතයහ.
Pali BJTකතීහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් සඞ්ගෘහීත යෝ යි.
Pali BJT2. වෙදනාක්ඛන්ධෙන යෙ ධම්මා -පෙ- සඤ්ඤාක්ඛන්ධෙන යෙ ධම්මා - සඞ්ඛාරක්ඛන්ධෙන යෙ ධම්මා - විඤ්ඤාණක්ඛන්ධෙන යෙ ධම්මා - මනායතනෙන යෙ ධම්මා - මනින්ද්රියෙන යෙ ධම්මා විප්පයුත්තා, තෙ ධම්මා කතීහි ඛන්ධෙහි කතිහායතනෙහි කතීහි ධාතූහි සඞ්ගහිතා: තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා එකෙන ඛන්ධෙන එකාදහායතනෙහි එකාදසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT2. වේදනාස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... සංඥාස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සංස්කාර ස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් - විඥානස්කන්‍ධය භා සමග යම් ධර්‍ම කෙනෙක් - මනායතනය හා සමග යම් ධර්‍ම කෙනෙක් - මනින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් හැරපියා එක් ස්කන්‍ධයක් විසින් එකොළොස් ආයතනයක් විසින් එකොළොස් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙත්.
Pali BJTකතීහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර (නාම) ස්කන්‍ධයන් විසින් එක් මනායතනය විසින් සප්ත ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT3. චක්ඛායතනෙන යෙ ධම්මා -පෙ- ඵොට්ඨබ්බායතනෙන යෙ ධම්මා - චක්ඛුධාතුයා යෙ ධම්මා -පෙ- ඵොට්ඨබ්බධාතුයා යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT3. චක්ඛායතනය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... ඵොට්ඨබ්බායතනය හා සමග යම් ධර්‍ම කෙනෙක් - චක්ඛුධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් - ඵොට්ඨබ්බධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයෝ සතර (නාම) ස්කන්‍ධයන් විසින් ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීත වෙත්.
Pali BJTකතීහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT4. චක්ඛුවිඤ්ඤාණධාතුයා යෙ ධම්මා -පෙ- සොතවිඤ්ඤාණධාතුයා යෙ ධම්මා - ඝානවිඤ්ඤාධාතුයා යෙ ධම්මා - ජිව්හාවිඤ්ඤාණධාතුයා යෙ ධම්මා - කායවිඤ්ඤාණධාතුයා යෙ ධම්මා - මනොධාතුයා යෙ ධම්මා - මනොවිඤ්ඤාණධාතුයා යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි සත්තරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT4. චක්‍ෂුර්විඥානධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් ... ශ්‍රෝත්‍ර විඥානධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් - ඝ්‍රාණවිඥාන ධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් - ජිහ්වාවිඥානධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් - කායවිඥානධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් - මනෝධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් - මනෝවිඥානධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් හැරපියා පඤ්චස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් සතළොස් ධාතුවක් විසින් සඞ්ගෘහීතයෝ යි.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි, එකාය ධාතුයා අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්. එක් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTඋද්දානය:
Pali BJT5. දුක්ඛසච්චෙන යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT5. දුඃඛසත්‍යය හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතුන් දෙකක් විසින් සඞ්ගෘහීත වෙත්.
Pali BJTකතීහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT6. සමුදයසච්චෙන යෙ ධම්මා -පෙ- මග්ගසච්චෙන යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT6. සමුදය සත්‍යය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... මාර්‍ග සත්‍යය හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙත්.
Pali BJTකතීහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT7. නිරොධසච්චෙන යෙ ධම්මා -පෙ- චක්ඛුන්ද්රියෙන යෙ ධම්මා - කායින්ද්රියෙන යෙ ධම්මා - ඉත්ථීන්ද්රියෙන යෙ ධම්මා - පුරිසින්ද්රියෙන යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT7. නිරෝධසත්‍යය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... චක්ඛුන්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - කායින්‍ද්‍රියය හා සමග යම් ධර්‍ම කෙනෙක් - ඉත්‍ථින්‍ද්‍රියය හා සමග යම් ධර්‍ම කෙනෙක් - පුරිසින්‍ද්‍රියය හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් අෂ්ට ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙත්.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT8. සුඛින්ද්රියෙන යෙ ධම්මා -පෙ- දුක්ඛින්ද්රියෙන යෙ ධම්මා - සොමනස්සින්ද්රියෙන යෙ ධම්මා - දොමනස්සින්ද්රියෙන යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT8. සුඛින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... දුක්ඛින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සෝමනස්සින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - දෝමනස්සින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛත ධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙත්.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT9. උපෙක්ඛින්ද්රියෙන යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි තෙරසහි ධාතූහි සඞ්ගහිතා.{1}
Sinhala BJT9. උපෙක්ඛින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් තෙළෙස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙත්.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි, පඤ්චහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙති. පඤ්ච ධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT10. සද්ධින්ද්රියෙන යෙ ධම්මා -පෙ- විරියින්ද්රියෙන යෙ ධම්මා - සතින්ද්රියෙන යෙ ධම්මා - සමාධින්ද්රියෙන යෙ ධම්මා - පඤ්ඤින්ද්රියෙන යෙ ධම්මා - අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියෙන යෙ ධම්මා - අඤ්ඤින්ද්රියෙන යෙ ධම්මා - අඤ්ඤාතාවින්ද්රියෙන යෙ ධම්මා - අවිජ්ජාය යෙ ධම්මා - අවිජ්ජාපච්චයා සඞ්ඛාරෙහි යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහිසඞ්ගහිතා.
Sinhala BJT10. සද්ධින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... විරියින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සතින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සමාධින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - පඤ්ඤින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤාතාවින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාව හා සමග යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාරයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සංඛ්‍යායෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT11. සඞ්ඛාරපච්චයා විඤ්ඤාණෙන යෙ ධම්මා -පෙ- සළායතනපච්චයා ඵස්සෙන යෙ ධම්මා - ඵස්සපච්චයා වෙදනාය යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා එකෙන ඛන්ධෙන එකාදසහායතනෙහි එකාදසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT11. සංස්කාරප්‍රත්‍යයෙන් වූ විඥානය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... ෂඩායතන ප්‍රත්‍යයෙන් වූ ස්පර්‍ශය හා සමග යම් ධර්‍ම කෙනෙක් - ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වූ වේදනාව හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සංඛ්‍යායෙන් හැරපියා එක් ස්කන්‍ධයක් විසින් එකොළොස් ආයතනයක් විසින් එකොළොස් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයන් විසින් එක් ආයතනයක් විසින් සප්ත ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT12. වෙදනාපච්චයා තණ්හාය යෙ ධම්මා -පෙ- තණ්හා පච්චයා උපාදානෙන යෙ ධම්මා - කම්මභවෙන යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT12. වේදනාප්‍රත්‍යයෙන් වූ තෘෂ්ණාව හා සමග යම් ධර්‍ම කෙනෙක් ... තෘෂ්ණාප්‍රත්‍යයෙන් වූ උපාදානය හා සමග යම් ධර්‍ම කෙනෙක් - කර්‍මභවය හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතුන් විසින් සඞ්ගෘහීත වෙත්.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT13. උපපත්තිභවෙන යෙ ධම්මා -පෙ- සඤ්ඤාභවෙන යෙ ධම්මා - පඤ්චවොකාරභවෙන යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි තීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT13. උපප්‍රාප්තිභවය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... සංඥාභවය හා සමග යම් ධර්‍ම කෙනෙක් - පඤ්චවෝකාර භවය හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් විසින් ආයතන දෙකක් විසින් තුන් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි පණ්ණරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් පසළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT14. කාමභවෙන යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙන ද්වීහායතනෙහි පඤ්චහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT14. කාමභවය හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් විසින් ආයතන දෙකක් විසින් පඤ්ච ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි තෙරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් තෙළෙස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT15. රූපභවෙන යෙ ධම්මා -පෙ- අසඤ්ඤාභවෙන යෙ ධම්මා - එකවොකාරභවෙන යෙ ධම්මා - පරිදෙවෙන යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT15. රූපභවය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... අසංඥභවය හා සමග යම් ධර්‍ම කෙනෙක් - ඒකවෝකාරභවය හා සමග යම් ධර්‍ම කෙනෙක් පරිදේවය හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් අෂ්ට ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT16. අරූපභවෙන යෙ ධම්මා -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤාභවෙන යෙ ධම්මා - චතුවොකාරභවෙන යෙ ධම්මා - සොකෙන යෙ ධම්මා - දුක්ඛෙන යෙ ධම්මා - දොමනස්සෙන යෙ ධම්මා - උපායාසෙන යෙ ධම්මා - සතිපට්ඨානෙන යෙ ධම්මා - සම්මප්පධානෙන යෙ ධම්මා - ඉද්ධිපාදෙන යෙ ධම්මා - ඣානෙන යෙ ධම්මා - අප්පමඤ්ඤාය යෙ ධම්මා - පඤ්චහි ඉන්ද්රියෙහි යෙ ධම්මා - පඤ්චහි බලෙහි යෙ ධම්මා - සත්තහි බොජ්ඣඞ්ගෙහි යෙ ධම්මා - අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන යෙ ධම්මා - විප්පයුත්තා -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT16. අරූපභවය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... නේවසඤ්ඤානාසඤ්ඤාභවය හා සමග යම් ධර්‍ම කෙනෙක් - චතුවෝකාරභවය හා සමග යම් ධර්‍ම කෙනෙක් - ශෝකය හා සමග යම් ධර්‍ම කෙනෙක් - දුඃඛය හා සමග යම් ධර්‍ම කෙනෙක් - දෞර්‍මනස්ස්‍යය හා යම් ධර්‍ම කෙනෙක් - උපායාසය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සතිපට්ඨානය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සම්‍යක්ප්‍රධානය හා සමග යම් ධර්‍ම කෙනෙක් - ඉද්ධිපාදය භා සමග යම් ධර්‍ම කෙනෙක් - ධ්‍යානය හා සමග යම් ධර්‍ම කෙනෙක් - අප්‍රාමාණ්‍යය හා සමග යම් ධර්‍ම කෙනෙක් - පඤ්චින්‍ද්‍රියයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - පඤ්ච බලයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සප්ත බෝධ්‍යඞ්ගයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඛ්‍යායෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස්ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT17. ඵස්සෙන යෙ ධම්මා -පෙ- වෙදනාය යෙ ධම්මා - සඤ්ඤාය යෙ ධම්මා - චෙතනාය යෙ ධම්මා - චිත්තෙන යෙ ධම්මා - මනසිකාරෙන යෙ ධම්මා - විප්පයුත්තා -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා එකෙන ඛන්ධෙන එකාදසහායතනෙහි එකාදසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT17. ස්පර්‍ශය හා සමග යම් ධර්‍ම කෙනෙක් - වේදනාව හා සමග යම් ධර්‍ම කෙනෙක් - සංඥාව හා සමග යම් ධර්‍ම කෙනෙක් - චේතනාව හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තය හා සමග යම් ධර්‍ම කෙනෙක් - මනසිකාරය හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සංඛ්‍යායෙන් හැරපියා එක් ස්කන්‍ධයක් විසින් එකොළොස් ආයතනයන් විසින් එකොළොස් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයන් විසින් එක් ආයතනයක් විසින් සප්ත ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT18. අධිමොක්ඛෙන යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි සත්තසරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT18. අධිමෝක්‍ෂය හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සංඛ්‍යායෙන් තබා පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් සතළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි එකාය ධාතුයා අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙති, එක් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT19. කුසලෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- අකුසලෙහි ධම්මෙහි යෙ ධම්මා - සුඛාය වෙදනාය සම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - දුක්ඛාය වෙදනාය සම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT19. කුශලධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අකුශල ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සුඛවේදනා සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - දුඃඛවේදනාව සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛත ධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් තබා පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT20. අබ්යාකතෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT20. අව්‍යාකෘත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් සඞ්ගෘහීත වෙත්.
Pali BJTකතීහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT21. අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- විපාකෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි තෙරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT21. අදුක්ඛමසුඛවෙදනා සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - විපාක වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සංඛ්‍යායෙන් තබා පඤ්චස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් තෙළෙස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙත්.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි පඤ්චහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙති. පඤ්ච ධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT22. විපාකධම්මධම්මෙහි යෙ ධම්මා -පෙ- සංකිලිට්ඨසංකිලෙසිකෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT22. විපාකස්වභාව ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සංක්ලිෂ්ට සාංක්ලේශික ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් තබා පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT23. නෙවවිපාකනවිපාකධම්මධම්මෙහි යෙ ධම්මා -පෙ- අනුපාදින්නුපාදානියෙහි ධම්මෙහි යෙ ධම්මා - අනුපාදින්නඅනුපාදානියෙහි ධම්මෙහි යෙ ධම්මා - අසංකිලිට්ඨඅසංකිලෙසිකෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT23. නො මැ විපාක වූ විපාකස්වභාව නො වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අනුපාදින්නෝපාදානිය ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් අනුපාදින්නඅනුපාදානිය ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අසංක්ලිෂ්ට අසාංක්ලේශික ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් අෂ්ට ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT24. උපාදින්නුපාදානියෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි තීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT24. උපාදින්නෝපාදානිය ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් තුන් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි පණ්ණරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් පසළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT25. අසංකිලිට්ඨසංකිලෙසිකෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT25. අසංක්ලිෂ්ට අසාංක්ලේශික ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT26. සවිතක්කසවිචාරෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි සත්තරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT26. සවිතර්‍කසවිචාර ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයෝ - අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සංඛ්‍යායෙන් තඛා පඤ්චස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් සතළොස් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි, එකාය ධාතුයා අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙති. එක් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT27. අවිතක්කවිචාරමත්තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- පීතිසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා - සුඛසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT27. අවිතර්‍කවිචාරමාත්‍ර වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ප්‍රීතිසහගත ධර්‍මයන් හා සමග යම් ධර්‍මකෙනෙක් - සුඛ සහගත ධර්‍මයන් භා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් තබා පඤ්චස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT28. අවිතක්කඅවිචාරෙහි{1} ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි තීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT28. අවිතර්‍කඅවිචාර ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් තුන් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි පණ්ණරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් පසළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT29. උපෙක්ඛාසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි තෙරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT29. උපේක්‍ෂා සහගත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ - අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් තබා පඤ්චස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් තෙළෙස් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි පඤ්චහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් අසඞ්ගෘහීත නොවෙති. පඤ්ච ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT30. දස්සනෙන පහාතබ්බෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- භාවනාය පහාතබ්බෙහි ධම්මෙහි යෙ ධම්මා - දස්සනෙන පහාතබ්බහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා - භාවනාය පහාතබ්බහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා - ආචයගාමීහි ධම්මෙහි යෙ ධම්මා - අපචයගාමීහි ධම්මෙහි යෙ ධම්මා - සෙක්ඛෙහි ධම්මෙහි යෙ ධම්මා - අසෙක්ඛෙහි ධම්මෙහි යෙ ධම්මා - මහග්ගතෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT30. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයන් සමග යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ආචයගාමී ච්‍යුතිප්‍රතිසන්‍ධිය ලැබිය හැකි වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අපචයගාමී ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ශෛක්‍ෂ වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අශෛක්‍ෂ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - මහද්ගත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් තබා පඤ්ච ස්කන්‍ධයන් විසින් දෙළොස් ආයතනයන් විසින් අටළොස් ධාතුන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT31. නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- නෙවදස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා - නෙවාචයගාමී නාපචයගාමීහි ධම්මෙහි යෙ ධම්මා - නෙවසෙක්ඛා නාසෙක්ඛෙහි ධම්මෙහි යෙ ධම්මා - පරිත්තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT31. නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ හේතු ඇති ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - නො මැ ආචයගාමී නො ද අපචයගාමී වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - නො මැ ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂ වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - පරිත්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT32. අප්පමාණෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- පණීතෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT32. අප්‍රාමාණ්‍ය ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ප්‍රණීත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීත වෙත්.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT33. පරිත්තාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි ද්වාදසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT33. පරිත්තාලම්බන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සංඛ්‍යායෙන් හැරපියා පඤ්චස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් දොළොස් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙත්.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි, ඡහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙති. ෂඩ් ධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT34. මහග්ගතාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- අප්පමාණාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - හීනෙහි ධම්මෙහි යෙ ධම්මා - මිච්ඡත්තනියතෙහි ධම්මෙහි යෙ ධම්මා - සම්මත්තනියතෙහි ධම්මෙහි යෙ ධම්මා - මග්ගාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - මග්ගහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා - මග්ගාධිපතීහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT34. මහද්ගතාලම්බන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අප්‍රමාණාලම්බන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - හීන වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - මිච්ඡත්තනියත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සම්මත්තනියත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ගාලම්බන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ග හේතුක ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ගාධිපති ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් තබා පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.