Dhātukathā

Discussion of Elements

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 101-200 න් 965

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT78-79. සමුදයසච්චං -පෙ- මග්ගසච්චං - එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතං.
Sinhala BJT78-79. සමුදය සත්‍යය ... මාර්‍ග සත්‍යය ... එක් මැ සංස්කාර ස්කන්‍ධය විසින් එක් මැ ධර්‍මායතනය විසින් එක් මැ ධර්‍මධාතුව විසින් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතිහි අසඞ්ගහිතං: චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතං.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
Pali BJT80. නිරොධසච්චං -පෙ- න කෙහිචි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතං.
Sinhala BJT80. නිරෝධසත්‍යය ... කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් සඞ්ගෘහීත නො වෙයි. එක් මැ ධර්‍මායතනය විසින් එක් මැ ධර්‍මධාතුව විසින් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතිහි අසඞ්ගහිතං: පඤ්චහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතං.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වේ ද යත්: පඤ්චස්කන්‍ධය විසින් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
Pali BJT81. දුක්ඛසච්චඤ්ච සමුදයසච්චඤ්ච -පෙ- පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT81. දුඃඛසත්‍යයත් සමුදයසත්‍යයත් ... පඤ්චස්කන්‍ධය විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකු විසින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT82. දුක්ඛසච්චඤ්ච මග්ගසච්චඤ්ච -පෙ- පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT82. දුඃඛසත්‍යයත් මාර්‍ගසත්‍යයත් ... පඤ්චස්කන්‍ධය විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT83. දුක්ඛසච්චඤ්ච නිරොධසච්චඤ්ච -පෙ- අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT83. දුඃඛසත්‍යයත් නිරෝධසත්‍යයත් ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ හෙයින් නො ගෙන පඤ්චස්කන්‍ධය විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT84. දුක්ඛසච්චඤ්ච සමුදයසච්චඤ්ච මග්ගසච්චඤ්ච -පෙ- පඤ්චහි ඛන්ධෙ හි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT84. දුඃඛසත්‍යයත් සමුදයසත්‍යයත් මාර්‍ගසත්‍යයත් ... පඤ්චස්කන්‍ධය විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස්ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT85. දුක්ඛසච්චඤ්ච සමුදයසච්චඤ්ච නිරොධසච්චඤ්ච -පෙ- අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT85. දුඃඛසත්‍යයත් සමුදයසත්‍යයත් නිරෝධසත්‍යයත් ... අසඞ්ඛත ධාතුව ස්කන්‍ධ හෙයින් නො ගෙන පඤ්චස්කන්‍ධය විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස්ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT86. දුක්ඛසච්චඤ්ච සමුදයසච්චඤ්ච මග්ගසච්චඤ්ච -පෙ- නිරොධසච්චඤ්ච අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT86. දුඃඛ සත්‍යයත් සමුදය සත්‍යයත් මාර්‍ග සත්‍යයත් නිරෝධ සත්‍යයත් ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ හෙයින් නො ගෙන පඤ්චස්කන්‍ධය විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකු විසින් අසඞ්ගෘහීත නොවෙත්.
Pali BJT87. චත්තාරි සච්චානි කතිහි ඛන්ධෙහි කතිහායතනෙහි කතිහි ධාතූහි සඞ්ගහිතානි:
Sinhala BJT87. චතුස්සත්‍යයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්:
Pali BJTචත්තාරි සච්චානි අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතානි.
Sinhala BJTචතුස් සත්‍යයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධභාවයෙන් හැර පියා පඤ්චස්කන්‍ධය විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතානි: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතානි.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධකෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT88. චක්ඛුන්ද්රියං කතිහි ඛන්ධෙහි කතිහායතනෙහි කතිහි ධාතූහි සඞ්ගහිතං:
Sinhala BJT88. චක්ඛුන්‍ද්‍රියය කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්:
Pali BJTචක්ඛුන්ද්රියං එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතං.
Sinhala BJTචක්ඛුන්‍ද්‍රියය එක් මැ රූපස්කන්‍ධය විසින් එක් මැ චක්ඛායතනය විසින් එක් මැ චක්ඛුධාතුව විසින් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතිහි අසඞ්ගහිතං: චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතං.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
Pali BJT89-94. සොතින්ද්රියං -පෙ- ඝානින්ද්රියං - ජිව්හින්ද්රියං - කායින්ද්රියං - ඉත්ථින්ද්රියං - පුරිසින්ද්රියං - එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතං.
Sinhala BJT89-94. සෝතින්‍ද්‍රියය ... ඝානින්‍ද්‍රියය ... ජිව්හින්‍ද්‍රියය ... කායින්‍ද්‍රියය ... ඉත්‍ථින්‍ද්‍රියය ... පුරිසින්‍ද්‍රියය ... එක් මැ රූපස්කන්‍ධය විසින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතිහි අසඞ්ගහිතං: චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතං.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
Pali BJT95. මනින්ද්රියං -පෙ- එකෙන ඛන්ධෙන එකෙනායතනෙන සත්තහි ධාතූහි සඞ්ගහිතං.
Sinhala BJT95. මනින්‍ද්‍රියය ... එක් මැ විඥානස්කන්‍ධය විසින් එක් මැ මනායතනය විසින් සප්ත විඥාන ධාතූන් විසින් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතිහි අසඞ්ගහිතං: චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි එකාදසහි ධාතූහි අසඞ්ගහිතං.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
Pali BJT96. ජීවිතින්ද්රියං -පෙ- ද්වීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතං.
Sinhala BJT96. ජීවිතින්‍ද්‍රියය ... ස්කන්‍ධ දෙකකින් එක් මැ ධර්‍මායතනයෙන් එක් මැ ධර්‍මධාතුයෙන් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතිහි අසඞ්ගහිතං: තීහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතං.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: තුන් ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
Pali BJT97-109. සුඛින්ද්රියං -පෙ- දුක්ඛින්ද්රියං - සොමනස්සින්ද්රියං - දොමනස්සින්ද්රියං - උපෙක්ඛින්ද්රියං - සද්ධින්ද්රියං - විරියින්ද්රියං - සතින්ද්රියං - සමාධින්ද්රියං - පඤ්ඤින්ද්රියං - අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං - අඤ්ඤින්ද්රියං - අඤ්ඤාතාවින්ද්රියං - එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුහා සඞ්ගහිතං.
Sinhala BJT97-109. සුඛින්‍ද්‍රියය ... දුක්ඛින්‍ද්‍රියය ... සෝමනස්සින්‍ද්‍රියය ... දෝමනස්සින්‍ද්‍රියය ... උපෙක්ඛින්‍ද්‍රියය ... සද්ධින්‍ද්‍රියය ... විරියින්‍ද්‍රියය ... සතින්‍ද්‍රියය ... සමාධින්‍ද්‍රියය ... පඤ්ඤින්‍ද්‍රියය ... අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියය ... අඤ්ඤින්‍ද්‍රියය ... අඤ්ඤාතාවින්‍ද්‍රියය ... එක් ස්කන්‍ධයකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතිහි අසඞ්ගහිතං: චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්ත රසහි ධාතූහි අසඞ්ගහිතං.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
Pali BJT110. චක්ඛුන්ද්රියඤ්ච සොතින්ද්රියඤ්ච -පෙ- එකෙන ඛන්ධෙන ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT110. චක්ඛුන්‍ද්‍රියයත් සොතින්‍ද්‍රියයත් ... එක් මැ රූපස්කන්‍ධයෙන් ආයතන දෙකකින් ධාතු දෙකකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයකින් දස ආයතනයකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT111-115. චක්ඛුන්ද්රියඤ්ච ඝානින්ද්රියඤ්ච -පෙ- චක්ඛුන්ද්රියඤ්ච ජිව්හින්ද්රියඤ්ච - චක්ඛුන්ද්රියඤ්ච කායින්ද්රියිඤ්ච - චක්ඛුන්ද්රියඤ්ච ඉත්ථින්ද්රියඤ්ච - චක්ඛුන්ද්රියඤ්ච පුරිසින්ද්රියඤ්ච - එකෙන ඛන්ධෙන ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT111-115. චක්ඛුන්‍ද්‍රියයත් ඝානින්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් ජිව්හින්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් කායින්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් ඉත්‍ථීන්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් පුරිසින්‍ද්‍රියයත් ... එක් මැ රූපස්කන්‍ධය විසින් ආයතන දෙකකින් ධාතු දෙකකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයකින් දස ආයතනයකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT116. චක්ඛුන්ද්රියඤ්ච මනින්ද්රියඤ්ච -පෙ- ද්වීහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT116. චක්ඛුන්‍ද්‍රියයත් මනින්‍ද්‍රියයත් ... ස්කන්‍ධ දෙකකින් ආයතන දෙකකින් ධාතු අටෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: තීහි ඛන්ධෙහි දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත් : තුන් ස්කන්‍ධයකින් දස ආයතනයකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙති.
Pali BJT117. චක්ඛුන්ද්රියඤ්ච ජීවිතින්ද්රියඤ්ච -පෙ- ද්වීහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT117. චක්බුන්‍ද්‍රියත් ජීවිතින්‍ද්‍රියයත් ... ස්කන්‍ධ දෙකකින් ආයතන දෙකෙකින් ධාතූන් දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: තීහි ඛන්ධෙහි දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: තුන් ස්කන්‍ධයකින් දස ආයතනයකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT118-130. චක්ඛුන්ද්රියඤ්ච සුඛින්ද්රියඤ්ච -පෙ- චක්ඛුන්ද්රියඤ්ච දුක්ඛින්ද්රියඤ්ච - චක්ඛුන්ද්රියඤ්ච සොමනස්සින්ද්රියඤ්ච - චක්ඛුන්ද්රියඤ්ච දොමනස්සින්ද්රියඤ්ච - චක්ඛුන්ද්රියඤ්ච උපෙක්ඛින්ද්රියඤ්ච - චක්ඛුන්ද්රියඤ්ච සද්ධින්ද්රියඤ්ච - චක්ඛුන්ද්රියඤ්ච විරියින්ද්රියඤ්ච - චක්ඛුන්ද්රියඤ්ච සතින්ද්රියඤ්ච - චක්ඛුන්ද්රියඤ්ච සමාධින්ද්රියඤ්ච - චක්ඛුන්ද්රියඤ්ච පඤ්ඤින්ද්රියඤ්ච - චක්ඛුන්ද්රියඤ්ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියඤ්ච - චක්ඛුන්ද්රියඤ්ච අඤ්ඤින්ද්රියඤ්ච - චක්ඛුන්ද්රියඤ්ච අඤ්ඤාතාවින්ද්රියඤ්ච - ද්වීහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT118-130. චක්ඛුන්‍ද්‍රියයත් සුඛින්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් දුක්ඛින්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් සෝමනස්සින්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් දෝමනස්සින්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් උපෙක්ඛින්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් සද්ධින්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් විරියින්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් සතින්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් සමාධින්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් පඤ්ඤින්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියයත් .. චක්ඛුන්‍ද්‍රියයත් අඤ්ඤින්‍ද්‍රියයත් ... චක්ඛුන්‍ද්‍රියයත් අඤ්ඤාතාවින්‍ද්‍රියයත් ... ස්කන්‍ධ දෙකෙකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: තීහි ඛන්ධෙහි දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: තුන් ස්කන්‍ධයකින් දස ආයතනයකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT131. බාවීසතින්ද්රියානි කතිහි ඛන්ධෙහි කතිහායතනෙහි කතිහි ධාතූහි සඞ්ගහිතානි:
Sinhala BJT131. දෙවිසි ඉන්‍ද්‍රියයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්:
Pali BJTබාවීසතින්ද්රියානි චතූහි ඛන්ධෙහි සත්තහායතනෙහි තෙරසහි ධාතූහි සඞ්ගහිතානි.
Sinhala BJTදෙවිසි ඉන්‍ද්‍රියයෝ සතර ස්කන්‍ධයකින් සප්ත ආයතනයකින් තෙලෙස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතානි: එකෙන ඛන්ධෙන පඤ්චහායතනෙහි පඤ්චහි ධාතූහි අසඞ්ගහිතානි.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්‍ධයකින් පඤ්ච ආයතනයකින් පඤ්චධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT132. අවිජ්ජා -පෙ- එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT132. අවිද්‍යාව ... එක් මැ සංස්කාරස්කන්‍ධය විසින් එක් මැ ධර්‍මායතනය විසින් එක් මැ ධර්‍මධාතුව විසින් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතිහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
Pali BJT133. අවිජ්ජාපච්චයා සඞ්ඛාරා -පෙ- එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT133. අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන සංස්කාරයෝ ... එක් මැ සංස්කාර ස්කන්‍ධය විසින් එක් මැ ධර්‍මායතනය විසින් එක් මැ ධර්‍මධාතුව විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT134. සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං -පෙ- එකෙන ඛන්ධෙන එකෙනායතනෙන සත්තහි ධාතූහි සඞ්ගහිතං.
Sinhala BJT134. සංස්කාර ප්‍රත්‍යයෙන් වන විඥානය ... එක් මැ විඥානස්කන්‍ධය විසින් එක් මැ මනායතනය විසින් සප්තවිඥානධාතූන් විසින් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතිහි අසඞ්ගහිතං: චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි එකාදසහි ධාතූහි අසඞ්ගහිතං.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
Pali BJT135. විඤ්ඤාණපච්චයා නාමරූපං -පෙ- චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි එකාදසහි ධාතූහි සඞ්ගහිතං.
Sinhala BJT135. විඥානප්‍රත්‍යයෙන් වන නාමරූපය ... සතර ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයකින් එකොළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතිහි අසඞ්ගහිතං: එකෙන ඛන්ධෙන එකෙනායතනෙන සත්තහි ධාතූහි අසඞ්ගහිතං.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් මැ විඥාන ස්කන්‍ධය විසින් එක් මැ මනායතනය විසින් සප්තවිඥාන ධාතූන් විසින් අසඞ්ගෘහීත වේ.
Pali BJT136. නාමරූපපච්චයා සළායතනං -පෙ- ද්වීහි ඛන්ධෙහි ඡහායතනෙහි ද්වාදසහි ධාතූහි සඞ්ගහිතං.
Sinhala BJT136. නාමරූප ප්‍රත්‍යයෙන් වන ෂඩායතනය ස්කන්‍ධ දෙකෙකින් ආයතන සයෙකින් ධාතු දොළොසෙකින් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතිහි අසඞ්ගහිතං: තීහි ඛන්ධෙහි ඡහායතනෙහි ඡහි ධාතූහි අසඞ්ගහිතං.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: තුන් ස්කන්‍ධයකින් ෂඩ් ආයතනයකින් ෂඩ් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
Pali BJT137-141. සළායතනපච්චයා ඵස්සො -පෙ- ඵස්සපච්චයා වෙදනා - වෙදනාපච්චයා තණ්හා, - තණ්හාපච්චයා උපාදානං, - උපාදානපච්චයා කම්මභවො - එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතො.
Sinhala BJT137-141. ෂඩායතන ප්‍රත්‍යයෙන් වන ස්පර්‍ශය ... ස්පර්‍ශප්‍රත්‍යයෙන් වන වේදනාව … වේදනා ප්‍රත්‍යයෙන් වන තෘෂ්ණාව ... තෘෂ්ණා ප්‍රත්‍යයෙන් වන උපාදානය ... උපාදානප්‍රත්‍යයෙන් වන කර්‍මභවය ... එක් ස්කන්‍ධයකින් එක් ආයතනයකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතිහි අසඞ්ගහිතො: චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතො.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
Pali BJT142-145. උපපත්තිභවො - කාමභවො - සඤ්ඤාභවො - පඤ්චවොකාරභවො -පෙ- පඤ්චහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි සඞ්ගහිතො.
Sinhala BJT142-145. උත්පත්තිභවය ... කාමභවය ... සංඥාභවය ... පඤ්චවෝකාර භවය ... පඤ්ච ස්කන්‍ධයන් විසින් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතිහි අසඞ්ගහිතො: න කෙහිචි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා අසඞ්ගහිතො.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධකෙනකුන් විසින් අසඞ්ගෘහීත නොවේ. එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙයි.
Pali BJT146. රූපභවො -පෙ- පඤ්චහි ඛන්ධෙහි පඤ්චහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතො.
Sinhala BJT146. රූපභවය ... පඤ්ච ස්කන්‍ධයෙන් පඤ්ච ආයතනයෙකින් අෂ්ට ධාතුයෙකින් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතිහි අසඞ්ගහිතො: න කෙහිචි ඛන්ධෙහි සත්තහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතො.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධ කෙනෙකුන් විසින් අසඞ්ගෘහීත නො වෙයි. සප්ත ආයතනයකින් දශ ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
Pali BJT147-149. අරූපභවො -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤාභවො, චතුවොකාරභාවො - චතුහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතො.
Sinhala BJT147-149. අරූපභවය ... නේවසඤ්ඤානාසඤ්ඤාභවය ... චතුවෝකාරභවය ... සතර ස්කන්‍ධයකින් ආයතන දෙකෙකින් ධාතූන් දෙකෙකින් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතිහි අසඞ්ගහිතො: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතො.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්‍ධයකින් දශ ආයතනයකින් සොළොස්ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
Pali BJT150-151. අසඤ්ඤාභවො -පෙ- එකවොකාරභවො - එකෙන ඛන්ධෙන ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතො.
Sinhala BJT150-151. අසංඥා භවය ... ඒකවෝකාරභවය ... එක් ස්කන්‍ධයකින් ආයතන දෙකෙකින් ධාතුන් දෙකෙකින් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතිහි අසඞ්ගහිතො: චතූහි ඛන්ධෙහි දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතො.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයෙකින් දශ ආයතනයකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
Pali BJT152-154. ජාති -පෙ- ද්වීහි ඛන්ධෙහි - ජරා - ද්වීහි ඛන්ධෙහි - මරණං - ද්වීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතං.
Sinhala BJT152-154. ජාතිය ... ස්කන්‍ධ දෙකෙකින් ජරාව ... ස්කන්‍ධ දෙකෙකින් මරණය ... ස්කන්‍ධ දෙකෙකින් එක් ආයතනයකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතිහි අසඞ්ගහිතං: තීහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතං.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: තුන් ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
Pali BJT155-161. සොකො -පෙ- පරිදෙවො - දුක්ඛං - දොමනස්සං - උපායාසො - සතිපට්ඨානං - සම්මප්පධානං - එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතං.
Sinhala BJT155-161. සෝකය ... පරිදේවය ... දුක්ඛය ... දෝමනස්සය ... උපායාසය ... සතිපට්ඨානය ... සම්මප්‍පධානය ... එක් ස්කන්‍ධයකින් එක් ආයතනයකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතිහි අසඞ්ගහිතං: චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතං.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත් : සතර ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
Pali BJT162. ඉද්ධිපාදො -පෙ- ද්වීහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතො.
Sinhala BJT162. ඍද්ධිපාදය ... ස්කන්‍ධ දෙකෙකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතිහි අසඞ්ගහිතො: තීහි ඛන්ධෙහි දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතො.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: තුන් ස්කන්‍ධයකින් දශ ආයතනයකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
Pali BJT163. ඣානං -පෙ- ද්වීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතං.
Sinhala BJT163. ධ්‍යානය ... ස්කන්‍ධ දෙකෙකින් එක් ආයතනයකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතිහි අසඞ්ගහිතං: තීහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතං.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: තුන් ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
Pali BJT164-174. අප්පමඤ්ඤා -පෙ- පඤ්චින්ද්රියානි - පඤ්චබලානි - සත්තබොජ්ඣඞ්ගා, - අරියො අට්ඨඞ්ගිකො මග්ගො - ඵස්සො - වෙදනා - සඤ්ඤා - චෙතනා - අධිමොක්ඛො, - මනසිකාරො - එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතො.
Sinhala BJT164-174. අප්‍රාමාණ්‍යයෝ ... පඤ්චේන්‍ද්‍රියයෝ ... පඤ්චබලයෝ ... සප්ත බෝධ්‍යඞ්ගයෝ ... ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය ... ස්පර්‍ශය ... වේදනාව ... සංඥාව ... චේතනාව ... අධිමෝක්‍ෂය ... මනසිකාරය ... එක් ස්කන්‍ධයකින් එක් ආයතනයකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතිහි අසඞ්ගහිතො: චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතො.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
Pali BJT175. චිත්තං -පෙ- එකෙන ඛන්ධෙන එකෙනායතනෙන සත්තහි ධාතූහි සඞ්ගහිතං.
Sinhala BJT175. චිත්තය ... එක් ස්කන්‍ධයකින් එක් ආයතනයකින් සප්තවිඥාන ධාතූන් විසින් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතිහි අසඞ්ගහිතං: චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි එකාදසහි ධාතූහි අසඞ්ගහිතං.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද? යත්: සතර ස්කන්‍ධයකින් එකොළොස් ආයතනයකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
Pali BJT176. කුසලා ධම්මා -පෙ- අකුසලා ධම්මා කතිහි ඛන්ධෙහි කතිහායතනෙහි කතිහි ධාතූහි සඞ්ගහිතා: කුසලාධම්මා - අකුසලාධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT176. කුශල ධර්‍මයෝ අකුශල ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතුන් විසින් සඞ්ගෘහීත ද යත්: කුශල ධර්‍මයෝ අකුශල ධර්‍මයෝ සතර ස්කන්‍ධයකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්‍ධයකින් දස ආයතනයකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT177. අබ්යාකතා ධම්මා -පෙ- අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT177. අව්‍යාකෘත ධර්‍මයෝ ... අසඞ්ඛත ධාතුව ස්කන්‍ධභාවයෙන් හැරපියා පඤ්චස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස්ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT178-179. සුඛාය වෙදනාය සම්පයුත්තා ධම්මා -පෙ- දුක්ඛාය වෙදනාය සම්පයුත්තා ධම්මා - තීහි ඛන්ධෙහි ද්වීහායතනෙහි තීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT178-179. සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයෝ ... දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයෝ ... තුන් ස්කන්‍ධයකින් ආයතන දෙකෙකින් තුන් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: ද්වීහි ඛන්ධෙහි දසහායතනෙහි පණ්ණරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ දෙකෙකින් දස ආයතනයකින් පසළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT180. අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා ධම්මා, -පෙ- තීහි ඛන්ධෙහි ද්වීහායතනෙහි සත්තහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT180. අදුක්ඛමසුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයෝ ... තුන් ස්කන්‍ධයකින් ආයතන දෙකෙකින් සප්ත ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: ද්වීහි ඛන්ධෙහි දසහායතනෙහි එකාදසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ දෙකෙකින් දස ආයතනයකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT181. විපාකා ධම්මා -පෙ- චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT181. විපාක ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්‍ධයකින් දස ආයතනයකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT182-183. විපාකධම්මධම්මා -පෙ- සංකිලිට්ඨ සංකිලෙසිකා ධම්මා - චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT182-183. විපාක ස්වභාවධර්‍මයෝ ... සංක්ලිෂ්ට සාංක්ලේශිකධර්‍මයෝ සතර ස්කන්‍ධයකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්‍ධයකින් දස ආයතනයකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT184. නෙවවිපාකනවිපාකධම්මධම්මා -පෙ- අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි තෙරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT184. නේවවිපාකනවිපාකස්වභාවධර්‍මයෝ ... අසඞ්ඛත ධාතුව ස්කන්‍ධ භාවයෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධය විසින් දොළොස් ආයතනයන් විසින් තෙළෙස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි පඤ්චහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් පඤ්ච ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT185. උපාදින්නුපාදානියා ධම්මා -පෙ- පඤ්චහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT185. උපාදින්නෝපාදානියධර්‍මයෝ ... පඤ්ච ස්කන්‍ධය විසින් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙති. එක් ආයතනයකින් එක් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT186. අනුපාදින්නුපාදානියා ධම්මා -පෙ- පඤ්චහි ඛන්ධෙහි සත්තහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT186. අනුපාදින්නෝපාදානිය ධර්‍මයෝ ... පඤ්ච ස්කන්‍ධය විසින් සප්ත ආයතනයකින් අෂ්ට ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි පඤ්චහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් අසඞ්ගෘහීත නොවෙත්. පඤ්ච ආයතනයකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT187-188. අනුපාදින්නඅනුපාදානියා ධම්මා -පෙ- අසංකිලිට්ඨ අසංකිලෙසිකා ධම්මා - අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT187-188. අනුපාදින්න අනුපාදානිය ධර්‍මයෝ … අසංක්ලිෂ්ට අසාංක්ලේශික ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධභාවයෙන් හැරපියා සතර ස්කන්‍ධයකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්‍ධයකින් දස ආයතනයකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT189. අසඞ්කිලිට්ඨසඞ්කිලෙසිකා ධම්මා -පෙ- පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT189. අසංක්ලිෂ්ට සාංක්ලේශිකධර්‍මයෝ ... පඤ්චස්කන්‍ධය විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT190. සවිතක්කසවිචාරා ධම්මා -පෙ- චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි තීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT190. සවිතර්‍ක සවිචාර ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයකින් ආයතන දෙකෙකින් තුන් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි පණ්ණරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්‍ධයකින් දස ආයතනයකින් පසළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT191. අවිතක්කවිචාරමත්තා ධම්මා -පෙ- පීති සහගතා ධම්මා - චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ධාතූහි ද්වීහි සඞ්ගහිතා.
Sinhala BJT191. අවිතර්‍ක විචාර මාත්‍ර ධර්‍මයෝ ... ප්‍රීති සහගත ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.