Dhātukathā

Discussion of Elements

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 901-965 න් 965

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT35. මජ්ඣිමෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- අනියතෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT35. මධ්‍යම වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් අනියත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT36. උප්පන්නෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- අනුප්පන්නෙහි ධම්මෙහි යෙ ධම්මා - උප්පාදීහි ධම්මෙහි යෙ ධම්මා - අතීතෙහි ධම්මෙහි යෙ ධම්මා - අනාගතෙහි ධම්මෙහි යෙ ධම්මා - පච්චුප්පන්නෙහි ධම්මෙහි යෙ ධම්මා - අජ්ඣත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - බහිද්ධාහි ධම්මෙහි යෙ ධම්මා - සනිදස්සනසප්පටිඝෙහි ධම්මෙහි යෙ ධම්මා - අනිදස්සනසප්පටිඝෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT36. උත්පන්න වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අනුත්පන්න වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - උත්පාදී වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අතීත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අනාගත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ප්‍රත්‍යුත්පන්න වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අධ්‍යාත්ම වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - බාහ්‍ය වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සනිදර්‍ශන සප්‍රතිඝ වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අනිදර්‍ශන සප්‍රතිඝ වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT37. අතීතාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- අනාගතාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - අජ්ඣත්තාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - බහිද්ධාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT37. අතීතාලම්බන වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අනාගතාලම්බන වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අධ්‍යාත්මාලම්බන වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - බාහිරාලම්බන වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛත ධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් තබා පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා,
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT38. පච්චුප්පන්නාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- අජ්ඣත්තබහිද්ධාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි ද්වාදසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT38. ප්‍රත්‍යුත්පන්නාලම්බන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අධ්‍යාත්ම බාහිරාලම්බන වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් තබා පඤ්චස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් දොළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි, ඡහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙති. ෂඩ් ධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT39. හෙතූහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- සහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා - හෙතුසම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - හෙතූහි චෙව සහෙතුකෙහි ච ධම්මෙහි යෙ ධම්මා - සහෙතුකෙහි චෙව න ච හෙතූහි ධම්මෙහි යෙ ධම්මා - හෙතූහි චෙව හෙතුසම්පයුත්තෙහි ච ධම්මෙහි යෙ ධම්මා - හෙතුසම්පයුත්තෙහි චෙව න ච හෙතූහි ධම්මෙහි යෙ ධම්මා - න හෙතුසහෙතුකෙහි{1} ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT39. හේතු වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සහේතුක ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - හේතු සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - හේතු ද වූ මැ සහේතුක ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සහේතුක ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - හේතු ද වූ මැ හේතු සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - හේතු සම්ප්‍රයුක්ත වූ මැ නො ද හේතු වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - හේතු නො වූ සහේතුක ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් තබා පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනෙකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT40. අහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- හෙතුවිප්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - න හෙතු අහෙතුකෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT40. අහේතුක ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - හේතුවිප්‍රයුක්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - හේතු නො වූ අහේතුක ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT41. අප්පච්චයෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- අසඞ්ඛතෙහි ධම්මෙහි යෙ ධම්මා - සනිදස්සනෙහි ධම්මෙහි යෙ ධම්මා - අනිදස්සනෙහි ධම්මෙහි යෙ ධම්මා - සප්පටිඝෙහි ධම්මෙහි යෙ ධම්මා - රූපීහි ධම්මෙහි යෙ ධම්මා - ලොකුත්තරෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT41. අප්‍රත්‍යය ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අසඞ්ඛත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සනිදර්‍ශන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අනිදර්‍ශන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - රූපී ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ලෝකෝත්තර ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහුද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT42. ලොකියෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT42. ලෞකික වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT43. ආසවෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- ආසවසම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - ආසවෙහි චෙව සාසවෙහි ච ධම්මෙහි යෙ ධම්මා - ආසවෙහි චෙව ආසවසම්පයුත්තෙහි ච ධම්මෙහි යෙ ධම්මා - ආසවසම්පයුත්තෙහි චෙව නො ච ආසවෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT43. ආස්‍රව ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව සම්ප්‍රයුක්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව ද වූ මැ සාස්‍රව ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව ද වූ මැ ආස්‍රව සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රවසම්ප්‍රයුක්ත වූ මැ නො ද ආස්‍රව වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT44. සාසවෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- ආසවවිප්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - සාසවෙහි චෙව නො ච ආසවෙහි ධම්මෙහි යෙ ධම්මා - ආසවවිප්පයුත්තෙහි සාසවෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT44. සාස්‍රව ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව විප්‍රයුක්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සාස්‍රව ද වූ මැ නො ද ආස්‍රව වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවා හු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT45. අනාසවෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- ආසවවිප්පයුත්තෙහි අනාසවෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT45. අනාස්‍රව ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව විප්‍රයුක්ත අනාස්‍රව ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත් : එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT46. සඤ්ඤොජනෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- ගන්ථෙහි ධම්මෙහි යෙ ධම්මා - ඔඝෙහි ධම්මෙහි යෙ ධම්මා - යොගෙහි ධම්මෙහි යෙ ධම්මා - නීවරණෙහි ධම්මෙහි යෙ ධම්මා - පරාමාසෙහි ධම්මෙහි යෙ ධම්මා - පරාමාසසම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - පරාමාසෙහි චෙව පරාමට්ඨෙහි ච ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT46. සංයෝජන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ග්‍රන්‍ථ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ඕඝ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - යෝග ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - නීවරණ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශසම්ප්‍රයුක්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශ ද වූ මැ පරාමෘෂ්ට ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛත ධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් තබා පඤ්ච ස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත් : කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT47. පරාමට්ඨෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- පරාමාසවිප්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - පරාමට්ඨෙහි චෙව නො ච පරාමාසෙහි ධම්මෙහි යෙ ධම්මා - පරාමාසවිප්පයුත්තෙහි පරාමට්ඨෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT47. පරාමෘෂ්ට ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශ විප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - පරාමෘෂ්ට ද වූ මැ නො ද පරාමර්‍ශ වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශ විප්‍රයුක්ත පරාමෘෂ්ට ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT48. අපරාමට්ඨෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- පරාමාසවිප්පයුත්තෙහි අපරාමට්ඨෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා -පෙ- චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT48. අපරාමෘෂ්ට ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශ විප්‍රයුක්ත අපරාමෘෂ්ට ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත් : එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT49. සාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- චිත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - චෙතසිකෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තසම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තසංසට්ඨෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තසංසට්ඨසමුට්ඨානෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තසංසට්ඨසමුට්ඨානසහභූහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තීහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා එකෙන ඛන්ධෙන එකාදසහායතනෙහි එකාදසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT49. සාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - චිත්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චෛතසික ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තසම්ප්‍රයුක්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ට ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ට සමුත්‍ථානසහභූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ට සමුත්‍ථානානුපරිවර්තී ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යායෙන් තබා එක් ස්කන්‍ධයක් විසින් එකොළොස් ආයතනයක් විසින් එකොළොස් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත් : සතර ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් ධාතු සතක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT50. අනාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- චිත්තවිප්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තවිසංසට්ඨෙහි ධම්මෙහි යෙ ධම්මා - උපාදාධම්මෙහි යෙ ධම්මා - අනුපාදින්නෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT50. අනාලම්බන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්ත විප්‍රයුක්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - චිත්තවිසංසෘෂ්ට ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - උපාදා ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අනුපාදින්න ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත් : එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT51. උපාදින්නෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි තීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT51. උපාදින්න ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් තුන් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි පණ්ණරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත් : එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් පසළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT52. උපාදානෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- කිලෙසෙහි ධම්මෙහි යෙ ධම්මා - සංකිලිට්ඨෙහි ධම්මෙහි යෙ ධම්මා - කිලෙසසම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - කිලෙසෙහි චෙව සංකිලෙසිකෙහි ච ධම්මෙහි යෙ ධම්මා - කිලෙසෙහි චෙව සංකිලිට්ඨෙහි ච ධම්මෙහි යෙ ධම්මා - සංකිලිට්ඨෙහි චෙව නො ච කිලෙසෙහි ධම්මෙහි යෙ ධම්මා - කිලෙසෙහි චෙව කිලෙසසම්පයුත්තෙහි ච ධම්මෙහි යෙ ධම්මා - කිලෙසසම්පයුත්තෙහි චෙව නො ච කිලෙසෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT52. උපාදානධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සංක්ලිෂ්ට ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශසම්ප්‍රයුක්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ සාංක්ලේශික වූ ද ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ සංක්ලිෂ්ට ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සංක්ලිෂ්ට ද වූ මැ නො ද ක්ලේශ ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සංඛ්‍යායෙන් තබා පඤ්චස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT53. සංකිලෙසිකෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- අසංකිලිට්ඨෙහි ධම්මෙහි යෙ ධම්මා - කිලෙසවිප්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - සංකිලෙසිකෙහි චෙව නො ච කිලෙසෙහි ධම්මෙහි යෙ ධම්මා - කිලෙසවිප්පයුත්තෙහි සංකිලෙසිකෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT53. සාංක්ලේශික වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අසංක්ලිෂ්ට වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශවිප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සාංක්ලේශික ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශවිප්‍රයුක්ත සාංක්ලේශික ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙතී.
Pali BJTකතීහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT54. අසංකිලෙසිකෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- කිලෙසවිප්පයුත්තෙහි අසංකිලෙසිකෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT54. අසාංක්ලේශික ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ විප්‍රයුක්ත අසාංක්ලේශික ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතුන් අටක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT55. දස්සනෙන පහාතබ්බෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- භාවනාය පහාතබ්බෙහි ධම්මෙහි යෙ ධම්මා - දස්සනෙන පහාතබ්බහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා - භාවනාය පහාතබ්බහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT55. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ - අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සංඛ්‍යායෙන් තබා පඤ්ච ස්කන්‍ධයන් විසින් දෙළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT56. න දස්සනෙන පහාතබ්බෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- න භාවනාය පහාතබ්බෙහි ධම්මෙහි යෙ ධම්මා - න දස්සනෙන පහාතබ්බ හෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා - න භාවනාය පහාතබ්බහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT56. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක නො වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක නො වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT57. සවිතක්කෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- සවිචාරෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි සත්තරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT57. විතර්‍ක සහිත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - විචාර සහිත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සංඛ්‍යාවෙන් තබා පඤ්චස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් සතළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි එකාය ධාතුයා අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්. එක් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT58. සප්පීතිකෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- පීතිසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා - සුඛසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT58. සප්‍රීතික වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ප්‍රීතිසහගත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සුඛ සහගත ධර්‍මයන් සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛත ධාතුව ස්කන්‍ධ සංඛ්‍යායෙන් තබා පඤ්චස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනෙකුන් විසින් කිසි ආයතන කෙනෙකුන් විසින් කිසි ධාතු කෙනෙකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT59. උපෙක්ඛාසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි තෙරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT59. උපේක්‍ෂා සහගත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සංඛ්‍යායෙන් තබා පඤ්චස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් තෙළෙස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි පඤ්චහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්, පඤ්ච ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙති.
Pali BJT60. කාමාවචරෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- පරියාපන්නෙහි ධම්මෙහි යෙ ධම්මා - ස උත්තරෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT60. කාමාවචර ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - පර්‍ය්‍යාපන්න ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සඋත්තර ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතූ දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT61. න කාමාවචරෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- අපරියාපන්නෙහි ධම්මෙහි යෙ ධම්මා - අනුත්තරෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT61. කාමාවචර නො වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අපර්‍ය්‍යාපන්න ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අනුත්තර ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතූ අටක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT62. රූපාවචරෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- අරූපාවචරෙහි ධම්මෙහි යෙ ධම්මා - නිය්යාණිකෙහි ධම්මෙහි යෙ ධම්මා - නියතෙහි ධම්මෙහි යෙ ධම්මා - සරණෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT62. රූපාවචර ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අරූපාවචර ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - නෛර්‍ය්‍යාණික ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - නියත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සරණ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සංඛ්‍යායෙන් තබා පඤ්චස්කන්‍ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT63. න රූපාවචරෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- න අරූපාවචරෙහි ධම්මෙහි යෙ ධම්මා - අනිය්යාණිකෙහි ධම්මෙහි යෙ ධම්මා - අනියතෙහි ධම්මෙහි යෙ ධම්මා - අරණෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, තෙ ධම්මා කතීහි ඛන්ධෙහි කතිහායතනෙහි කතීහි ධාතූහි සඞ්ගහිතා: තෙ ධම්මා කතීහි ඛන්ධෙහි කතිහායතනෙහි කතීහි ධාතූහි සඞ්ගහිතා: තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි සඞ්ගහිතා.
Sinhala BJT63. රූපාවචර නො වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අරූපාවචර නො වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - නෛර්‍ය්‍යාණික නො වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අනියත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අරණ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙත්.
Pali BJTකතීහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙති.
Pali BJTධම්මායතනං ධම්මධාතු{1} අථ ජීවිතං නාමරූපං, සළායතනං ජාතිජරාමරණං ද්වෙ ච තිකෙ න ලබ්භරෙ{2}.
Sinhala BJTධර්‍මායතන යැ ධර්‍ම ධාතු යැ යළි ජීවිතේන්‍ද්‍රිය යැ නාම රූප යැ ෂඩායතනයැ ජාති යැ ජරා යැ මරණ යැ තිකමාතෘකාවෙහි (අජ්ඣත්ත බහිද්ධා පදය අනිදස්සන අප්පටිඝ පදය යන) දෙපදයෝ යැ යන මොහු නො ලැබෙත්.
Pali BJTපඨමන්තරෙ සත්ත ච ගොච්ඡකෙ දස අපරන්තෙ චුද්දස ඡ ච මත්ථකෙ ඉච්චෙතෙ සත්තචත්තාරීස ධම්මා සමුච්ඡෙදෙ’ නුපලබ්භන්ති මොඝ පුච්ඡකෙන චා ති.
Sinhala BJTපළමුවන අන්තර දුකයෙහි සත් පදයෙකැ, ගොච්ඡකයෙහි දසපදයෙකැ අපර වූ මහන්තර දුකයෙහි තුදුස්පදයෙකැ පිට්ඨි දුකයෙහි සපදයෙකැ යන මේ සත්සාළිස් ධර්‍මයෝ මෝඝ පුච්ඡකය භා වුද්දසම නය (සමුච්ඡේද) නිර්දේශයෙහි නො ලැබෙත්.
Pali BJTවිප්පයුත්තෙන සඞ්ගහිතාසඞ්ගහිතපදනිද්දෙසො නිට්ඨිතො.
Sinhala BJTවිප්‍රයුක්තයෙන් සඞ්ගෘහීත අසඞ්ගෘහීත පද නිර්දේශ නිමි.
Pali BJTධාතුකථාප්පකරණං සමත්තං
Sinhala BJTධාතුකථා ප්‍රකරණය සමාප්තයි.
Pali BJT(සංගහමසංගහං සම්පයොග විප්පයොගං පරම්හි ච, ගම්භීරං නිපුණං ඨානං තම්පි බුද්ධෙන දෙසිතං. සඞ්ගහිතෙන අසඞ්ගහිතං අසඞ්ගහිතෙන ච සඞ්ගහිතං. සඞ්ගහිතෙන සඞ්ගහිතං අසඞ්ගහිතෙන ච සඞ්ගහිතං. ගම්භීරං ධම්මං චතුසච්චගොචරං චතුප්පකාරං විභජි තථාගතො. සම්පයුත්තෙන ච විප්පයුත්තං විප්පයුත්තෙන සම්පයුත්තං. සම්පයුත්තෙන ච සම්පයුත්තං විප්පයුත්තෙන ච විප්පයුත්තං. රූපී අරූපී බහු ධම්මසංකුලං විභාජි ධම්මං චතුධා තථාගතො.)
Sinhala BJT[need trans]
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTඋද්දානය: