269. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ සෝමනස්සසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ හීන වූ කාමාවචර කුශලචිත්තය උපදනේ වේ ද ... මධ්‍යම වූ .... ප්‍රණීත වූ ... ඡන්‍දය අධිපති කොට ඇති ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... වීමංසාව අධිපති කොට ඇති ... ඡන්‍දය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... චිත්තය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීමංසාව අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ - (කාමාවචර කුශලචිත්තය උපදනේ වේ ද) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
270. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ සෝමනස්සසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචර කුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද ... සෝමනස්සසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ ... සෝමනස්සසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ, සංස්කාර සහිත වැ ... උපේක්‍ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ ... උපේක්‍ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ, සංස්කාර සහිත වැ .. උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත, සංස්කාර සහිත වැ හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... ඡන්‍දය අධිපති කොට ඇති ... වීර්‍ය්‍ය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... ඡන්‍දය අධිපති කොට ඇති හීන වු ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීර්‍ය්‍ය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... (කාමාවචර කුශලචිත්තයය) උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
කාමාවචරකුශල යි.
271. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්ති පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... හීන වූ පඨවිකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... ඡන්‍දය අධිපති කොට ඇති ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... විමංසාව අධිපති කොට ඇති ... ඡන්‍දය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... චිත්තය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීමංසාව අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ (ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද), එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
272. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... හීන වූ පඨවිකසිණ - පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද .... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... ඡන්‍දය අධිපති කොට ඇති ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... විමංසාව අධිපති කොට ඇති ... ඡන්‍දය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... චිත්තය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීමංසාව අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), එසමයෙහි ස්පර්‍ශය වෙයි .... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
රූපාවචරකුශල යි.
273. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මයෑමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ ප්‍රහාණයෙන් නානාත්‍වසංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් ආකාසානඤ්චායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... හීන වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... ඡන්‍දය අධිපති කොට ඇති ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... වීමංසාව අධිපති කොට ඇති ... ඡන්‍දය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... චිත්තය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීමංසාව අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... (චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද), එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
274. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණඤ්චායතන සංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... හීන වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... ඡන්‍දය අධිපති කොට ඇති ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... වීමංසාව අධිපති කොට ඇති ... ඡන්‍දය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... චිත්තය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීමංසාව අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... (චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද), එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
275. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ආකිඤ්චඤ්ඤායතනසංඥාසහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... හීන වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... ඡන්‍දය අධිපති කොට ඇති ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... වීමංසාව අධිපති කොට ඇති ... ඡන්‍දය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... චිත්තය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීමංසාව අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
276. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා සහගත වූ, සුඛයාගේ ප්‍රහාණයෙන් ... හීන වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... ඡන්‍දය අධිපති කොට ඇති ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... වීමංසාව අධිපති කොට ඇති ... ඡන්‍දය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... චිත්තය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීමංසාව අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... (චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද), එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
අරූපාවචරකුශල යි.
ත්‍රෛභූමකකුශලය නිමි.
ලෝකෝත්තර සිත
277. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස (ස්‍රෝතාපත්තිඵල සඞ්ඛ්‍යාත) ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ (ච්‍යුතිප්‍රතිසන්‍ධි නසමින් යන) ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, විතෛත්කාග්‍රතාව වෙයි, සද්ධින්‍ද්‍රිය වෙයි, විරියින්‍ද්‍රිය වෙයි, සතින්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, පඤ්ඤින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතින්‍ද්‍රිය වෙයි, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වෙයි, සම්මාදිට්ඨි වෙයි, සම්මාවාචා වෙයි, සම්මාකම්මන්ත වෙයි, සම්මාආජීව වෙයි, සම්මාවායාම වෙයි, සම්මාසති වෙයි, සම්මාසමාධි වෙයි, සද්ධාබල වෙයි, විරියබල වෙයි, සතිබල වෙයි, සමාධිබල වෙයි, පඤ්ඤාබල වෙයි, හිරිබල වෙයි, ඔත්තප්පබල වෙයි, අලෝභය වෙයි, අදෝසය වෙයි, අමෝහය වෙයි, අනභිජ්ඣා වෙයි, අව්‍යාපාද වෙයි, සම්මාදිට්ඨි වෙයි, හිරි වෙයි, ඔත්තප්ප වෙයි, කායපස්සද්ධි වෙයි, චිත්තපස්සද්ධි වෙයි, කායලහුතා වෙයි, චිත්තලහුතා වෙයි, කායමුදුතා වෙයි, චිත්තමුදුතා වෙයි, කායකම්මඤ්ඤතා වෙයි, චිත්තකම්මඤ්ඤතා වෙයි, කායපාගුඤ්ඤතා වෙයි, චිත්තපාගුඤ්ඤතා වෙයි, කායුජ්ජුකතා වෙයි, චිත්තුජ්ජුකතා වෙයි, සති වෙයි, සම්පජඤ්ඤ වෙයි, සමථය වෙයි, විපස්සනා වෙයි, පග්ගාහය වෙයි, අවික්ඛේපය වේ. තවද එසමයෙහි ප්‍රතීත්‍යසමුත්පන්න වූ අන්‍ය වූ ද යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇද්ද, මේ ධර්‍මයෝ කුශලයෝ යි.
278. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශ වේ.
279. කවරෙක් එසමයෙහි වේදනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් චෛතසික වූ යම් මිහිරි බවෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් මධුර වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් මධුර වූ සුඛ වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනාව වේ.
280. කවරෙක් එසමයෙහි සංඥා වෙයි යත්:
එසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් සංඥායෙක් සඤ්ජානනාකාරයෙක් හැඳිනගත් බවෙක් වේ ද, මේ එසමයෙහි සංඥා වේ.
281. කවරෙක් එසමයෙහි චේතනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ එසමයෙහි චේතනා වේ.
282. කවරෙක් එසමයෙහි චිත්ත වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි චිත්තය වේ.
283. කවරෙක් එසමයෙහි විතර්‍ක වෙයි යත්:
එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයෙක් අර්‍පණායෙක් බලවත් අර්‍පණායෙක් (අරමුණෙහි) සිත පිහිටුවීමෙක් සම්‍යක් සංකල්පයෙක් වේ ද, මේ එසමයෙහි විතර්‍ක වේ.
284. කවරෙක් එසමයෙහි විචාර වෙයි යත්:
එසමයෙහි යම් (අරමුණෙහි හැසිරෙන) වාරයෙක් විචාරයෙක් අනුවිචාරයෙක් උපවිචාරයෙක් (අරමුණෙහි) සිත ගළපන බවෙක් අනුප්‍රේක්‍ෂණතායෙක් වේ ද, මේ එසමයෙහි විචාරය වේ.
285. කවරෙක් එසමයෙහි ප්‍රීති වෙයි යත්:
එසමයෙහි යම් ප්‍රීතියෙක් ප්‍රාමෝද්‍යයෙක් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් ප්‍රීතිධනයෙක් ඔදවැඩි බවෙක් චිත්තයාගේ සතුටු බවෙක් වේ ද, මේ එසමයෙහි ප්‍රීති වේ.
286. කවරෙක් එසමයෙහි සුඛ වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවෙදනායෙක් වේ ද, මේ එසමයෙහි සුඛවේදනා වේ.
287. කවරෙක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:
එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, චිත්තයාගේ යම් (නිසල බැවින් අරමුණෙහි) සිටීමෙක් බැසැ සිටීමෙක් නොවිසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුළ සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධි බලයෙක් සම්‍යක්සමාධියෙක් සමාධි සම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ.
288. කවරෙක් එසමයෙහි ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් ශ්‍රද්ධායෙක් හැදැහීම් අයුරෙක් (ගුණයෙහි) බැසැ ගැනීමෙක් අභිප්‍රසාදයෙක් ශ්‍රද්ධායෙක් ශ්‍රද්ධේන්‍ද්‍රියයෙක් ශ්‍රද්ධාබලයෙක් වේ ද, මේ එසමයෙහි ශ්‍රද්ධේන්‍ද්‍රිය වේ.
289. කවරෙක් එසමයෙහි වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් නිෂ්ක්‍රම (කුසීත බැවින් නික්මෙන වීර්‍ය්‍ය) යෙක් පරාක්‍රමයෙක් උද්‍යමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් ථාමයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිරපරාක්‍රමයෙක් නො තැබූ ඡන්‍දය ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් වීර්‍ය්‍යය දැඩි වැ ගැනීමෙක්, වීර්‍ය්‍යයෙක්, වීර්ය්‍යේන්‍ද්‍රියයෙක්, වීර්‍ය්‍යබලයෙක්, සම්‍යග්වීර්‍ය්‍යයෙක්, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වේ.
290. කවරෙක් එසමයෙහි ස්මෘතින්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් සිහි කිරීමෙක් පුනපුනා සිහි කිරීමෙක් අභිමුඛ කොට සිහි කිරීමෙක් ස්මෘති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් අරමුණෙහි පිවිසෙන බවෙක් නො මුළා වන බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් ස්මෘති සම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි ස්මෘතින්‍ද්‍රිය වේ.
291. කවරෙක් එසමයෙහි සමාධීන්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ චිත්තයාගේ යම් සිටීමෙක් මොනොවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුළ සිත ඇති බවෙක් ශමථයෙක් සමාධින්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් සමාධි සම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි සමාධීන්‍ද්‍රිය වේ.
292. කවරෙක් එසමයෙහි ප්‍රඥේන්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් (අනිත්‍යාදි ප්‍රකාරයෙන් දහම්) දැනීමෙක් දන්නා අයුරෙක් (අනිත්‍යාදිය) විමසීමෙක් සිවුසස්දහම් විමසීමෙක් (අනිත්‍යාදිය) සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පණ්ඩිත බවෙක් කුශල බවෙක් නිපුණ බවෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරීප්‍රඥායෙක් ධාරණප්‍රඥායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් (සිත විදර්‍ශනාවීථියට නඟන) පතෝදයෙක් ප්‍රාඥයෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥා ප්‍රාසාදයෙක් ප්‍රඥා ආලොකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි ප්‍රඥේන්‍ද්‍රිය වේ.
293. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදය (චිත්ත) යෙක් භවාඞ්ගචිත්තයෙක් මනසඞ්ඛ්‍යාත මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි මනින්‍ද්‍රිය වේ.
294. කවරෙක් එසමයෙහි සෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික සුඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සජ සාතසුඛවෙදනායෙක් වේ ද, මේ එසමයෙහි සෝමනස්සින්‍ද්‍රිය වේ.
295. කවරෙක් එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්:
ඒ අරූපීධර්‍මයන්ගේ යම් ආයුසයෙක් සිටීමෙක් යපනයෙක් යැපීමෙක් ඉරියව් පැවැත්මෙක් වර්‍තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වේ.
296. කවරෙක් එසමයෙහි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වෙයි යත්:
නො දත් විරූ නුදුටු විරූ නො පත් විරූ නුවණින් නො පාළ කළ නො පසක් කළ ඒ සිවුසස් දහමුන්ගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥායෙක් පජානනාකාරයෙක් විමසීමෙක් ප්‍රවිචයයෙක් (අනිත්‍යාදිය) සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරීප්‍රඥායෙක් ධාරණප්‍රඥායෙක් පරිණායිකාවක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් ප්‍රතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥාඅවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වේ.
297. කවරෙක් එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වෙයි යත්:
එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් ප්‍රඥායෙක් පජානනාකාරයෙක් විමසීමෙක් ප්‍රවිචයයෙක් (අනිත්‍යාදිය) සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරීප්‍රඥායෙක් ධාරණප්‍රඥායෙක් පරිණායිකාවක් නිදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් ප්‍රතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥා අවහාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වේ.
298. කවරෙක් එසමයෙහි සම්‍යක්සංකල්ප වෙයි යත්:
එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයෙක් අර්‍පණායෙක් බලවත් අර්‍පණායෙක් චිත්තයාගේ අභිනිරෝපණයෙක් සම්‍යක් සංකල්පයෙක් වේ ද, මේ එසමයෙහි සම්‍යක් සංකල්ප වේ.
299. කවරෙක් එසමයෙහි සම්මාවාචා වෙයි යත්:
එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, සතර වාග්දුශ්චරිතයෙන් යම් දුරුවීමෙක් විරතියෙක් පටිවිරතියෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් ආචාරසීමා නො ඉක්මැවීමෙක් ප්‍රත්‍යය සිඳීමෙක් සම්‍යග්වචනයෙක් වේ ද, මේ එසමයෙහි සම්මාවාචා වේ.
300. කවරෙක් එසමයෙහි සම්‍යක්කර්‍මාන්ත වෙයි යත්:
එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, ත්‍රිවිධ කායදුශ්චරිතයෙන් යම් දුරුවීමෙක් විරතියෙක් පටිවිරතියෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් සීමා නො ඉක්මැවීමෙක් ප්‍රත්‍යය සිඳීමෙක් සම්‍යක්කර්‍මාන්තයෙක් වේ ද, මේ එසමයෙහි සම්‍යක්කර්‍මාන්ත වේ.
301. කවරෙක් එසමයෙහි සම්‍යගාජීව වෙයි යත්:
එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, මිථ්‍යා ආජීවයෙන් යම් දුරුවීමෙක් විරතියෙක් පටිවිරතියෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් සීමා නො ඉක්මැවීමෙක් ප්‍රත්‍යය සිඳීමෙක් සම්‍යක්ආජීවයෙක් වේ ද, මේ එසමයෙහි සම්‍යගාජීව වේ.
302. කවරෙක් එසමයෙහි සම්‍යග්ව්‍යායාම වෙයි යත්:
එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් (කුසීත බැවින්) නික්මීමෙක් පරාක්‍රමයෙක් උද්‍යාමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් දෘඨ උත්සාහයෙක් දෘඪපරාක්‍රමයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිරපරාක්‍රමයෙක් නො තැබූ ඡන්‍දය ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් වීර්‍ය්‍යය දැඩි වැ ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්ඛොධ්‍යාඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි සම්‍යග්ව්‍යායාම වේ.
303. කවරෙක් එසමයෙහි සම්‍යක්ස්මෘති වෙයි යත්:
එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ප්‍රතිස්මෘතියෙක් සති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් අරමුණෙහි පිවිසෙන බවෙක් නො මුළා වන බවෙක් ස්මෘතියෙක් ස්මෘතීන්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි සම්‍යක්ස්මෘති වේ.
304. කවරෙක් එසමයෙහි සම්‍යක්සමාධි වෙයි යත්:
එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් චිත්තයාගේ සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුළ සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් සමාධිසම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි සම්‍යක්සමාධි වේ.
305. කවරෙක් එසමයෙහි ශ්‍රද්ධාබල වෙයි යත්:
එසමයෙහි යම් ශ්‍රද්ධායෙක් හදහන අයුරෙක් (ගුණයෙහි) බැසැගැනීමෙක් අභිප්‍රසාදයෙක් ශ්‍රද්ධායෙක් ශ්‍රද්ධේන්‍ද්‍රියයෙක් ශ්‍රද්ධාබලයෙක් වේ ද, මේ එසමයෙහි ශ්‍රද්ධාබල වේ.
306. කවරෙක් එසමයෙහි වීර්‍ය්‍යබල වෙයි යත්:
එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් නික්මීමෙක් පරාක්‍රමයෙක් උද්‍යමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් දෘඪොත්සාහයෙක් දෘඪපරාක්‍රමයෙක් ධෘතියෙක් ස්ථිරපරාක්‍රමයෙක් අනික්‍ෂිප්ත ඡන්‍දතායෙක් අනික්‍ෂිප්තධුරතායෙක් ධුරසම්ප්‍රග්‍රාහයෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි වීර්‍ය්‍යබල වේ.
307. කවරෙක් එසමයෙහි ස්මෘතිබල වෙයි යත්:
එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ප්‍රතිස්මෘතියෙක් සති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් අරමුණෙහි පිවිසෙන බවෙක් නො මුළා වන බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි ස්මෘතිබල වේ.
308. කවරෙක් එසමයෙහි සමාධිබල වෙයි යත්:
එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් චිත්තයාගේ සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුළ සිත ඇති බවෙක් සමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් සමාධිසම්ඛොධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි සමාධිබල වේ.
309. කවරෙක් එසමයෙහි ප්‍රඥාබල වෙයි යත්:
එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් විචයයෙක් ප්‍රවිචයයෙක් ධර්‍මවිචයයෙක් සංලක්‍ෂණයෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් පතළ ප්‍රඥායෙක් ධාරණප්‍රඥායෙක් පරිණායිකාවක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥා ආලොකයෙක් ප්‍රඥා අවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්ඛොඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි ප්‍රඥාබල වේ.
310. කවරෙක් එසමයෙහි හිරිබල වෙයි යත්:
එසමයෙහි යමෙකින් ලජ්ජාවිය යුතු කායදුශ්චරිතාදිය ජුගුප්සා කෙරේ ද, ලාමක අකුශලධර්‍මයන්ගේ පැමිණීම ජුගුප්සා කෙරේ ද, මේ එසමයෙහි හිරිබල වේ.
311. කවරෙක් එසමයෙහි ඔත්තප්පබල වෙයි යත්:
එසමයෙහි යමෙකින් තැවීමට කරුණු වූ කායදුශ්චරිතාදිය හේතුකොට බිය වේ ද, ලාමක වූ අකුශලධර්‍මයන්ගේ පැමිණීමෙන් බිය වේ ද, මේ එසමයෙහි ඔත්තප්පබල වේ.
312. කවරෙක් එසමයෙහි අලෝභ වෙයි යත්:
එසමයෙහි යම් අලොභයෙක් අලෝභාකාරයෙක් අලුබ්ධ බවෙක් නො ඇලීමෙක් නො ඇලෙන අයුරෙක් නො ඇලුණු බවෙක් අනභිධ්‍යායෙක් අලෝභ සඞ්ඛ්‍යාත වූ කුශලමූලයෙක් වේ ද, මේ එසමයෙහි අලෝභ වේ.
313. කවරෙක් එසමයෙහි අද්වේෂ වෙයි යත්:
එසමයෙහි යම් අද්වෙෂයෙක් අද්වේෂාකාරයෙක් අද්විෂ්ට බවෙක් අව්‍යාපාදයෙක් නිදුක්බවෙක් අද්වේෂසඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද, මේ එසමයෙහි අද්වේෂ වේ.
314. කවරෙක් එසමයෙහි අමොහ වෙයි යත්:
එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ, යම් ප්‍රඥායෙක් ප්‍රකාරයෙන් දන්නා අයුරෙක් විමසීමෙක් ප්‍රකාරයෙන් විමසීමෙක් සිවුසස්දහම් විමසීමෙක් සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පණ්ඩිත බවෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් භූරීප්‍රඥායෙක් ධාරණප්‍රඥායෙක් පරිණායිකාවක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි අමොහ වේ.
315. කවරෙක් එසමයෙහි අනභිධ්‍යා වෙයි යත්:
එසමයෙහි යම් අලොභයෙක් අලෝභාකාරයෙක් අලුබ්ධ බවෙක් නො ඇලීමෙක් නො ඇලෙන අයුරෙක් නො ඇලුණුබවෙක් අනභිධ්‍යායෙක් අලෝභ සඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද, මේ එසමයෙහි අනභිධ්‍යා වේ.
316. කවරෙක් එසමයෙහි අව්‍යාපාද වෙයි යත්: