යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛ ප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
228. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛ ප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
229. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
230. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
231. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේද, ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
සතර ප්‍රතිපදා යි.
[දෙ අරමුණු]
232. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
233. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
234. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍යරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
දෙ අරමුණු යි.
235. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
236. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
237. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
238. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
239. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
240. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
241. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
242. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
243. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේද, ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේද, ... එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
අනෙකුදු අට්ඨක්ඛත්තුකයෙකි.
244. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ සුවර්‍ණදුර්‍වණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
245. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ සුවර්‍ණදුර්‍වණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
මේද අට්ඨක්ඛත්තුකයෙකි.
246. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ නිල් වූ නිල් වන් වූ හුදුනිල් වූ නිල්පැහැ වූ බැහැරි රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
247. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පීත වූ පීතවර්‍ණ වූ පීතනිදර්‍ශන වූ පීතප්‍රභ වූ බාහ්‍යරූපයන් දකී ද ... ලෝහිතක වූ ලෝහිතකවර්‍ණ වූ ලෝහිතකනිදර්‍ශන වූ ලෝහිතකප්‍රභ වූ ... අවදාත වූ අවදාතවර්‍ණ වූ අවදාතනිදර්‍ශන වූ අවදාතප්‍රභ වූ (බාහ්‍ය) රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එකල්හි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
මේ අභිභායතනයෝත් සෝළසක්ඛත්තුකයෝ යි.
[විමෝක්‍ෂ සොළසක්ඛත්තුකය]
248. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපධ්‍යාන ඇතියේ (බාහ්‍ය වූ ද) රූපයන් දකී ද, කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
249. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්‍මයෙහි රූපසංඥා රහිත වූයේ බාහ්‍ය රූපයන් දකී ද, කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
250. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සුභ ය යි කසිණ අරමුණෙහි නිසල වූයේ වේ ද, කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
මේ තුන් විමෝක්‍ෂයෝත් සෝළසක්ඛත්තුකයෝ යි.
[බ්‍රහ්මවිහාරධ්‍යාන සොළසක්ඛත්තුකය]
251. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මෛත්‍රීසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
252. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මෛත්‍රීසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
253. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... මෛත්‍රීසහගත තෘතීයධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
254. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... මෛත්‍රීසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
255. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අවිතර්‍ක වූ විචාරමාත්‍ර වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති මෛත්‍රීසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
256. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මෛත්‍රීසහගත වූ තෘතීයධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
257. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... මෛත්‍රීසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
258. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... කරුණාසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
259. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... කරුණාසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට ... පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
260. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මුදිතා සහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
261. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... මුදිතාසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
262. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
සතර බ්‍රහ්මවිහාරධ්‍යානික සොළසක්ඛත්තුකය යි.
[අශුභධ්‍යාන සොළසක්ඛත්තුකය]
263. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... උද්ධුමාතකසංඥාසහගත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
264. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... විනීලකසංඥාසහගත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද ... විපුබ්බකසංඥාසහගත වූ ... විච්‍ජිද්‍දකසංඥාසහගත වූ ... වික්‍ඛායිතකසංඥාසහගත වූ ... වික්‍ඛිත්‍තකසංඥාසහගත වූ ... හතවික්‍ඛිත්‍තකසංඥාසහගත වූ ... ලෝහිතකසංඥාසහගත වූ ... පුළවකසංඥාසහගත වූ ... අට්‍ඨිකසංඥා සහගත වූ (ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
අශුභධ්‍යාන සොළසක්ඛත්තුකය යි.
රූපාවචර කුශල යි.
අරූපාවචර කුශල
265. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මයෑමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ ප්‍රහාණයෙන් නානාත්‍වසංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් ආකාසානඤ්චායතන සංඥාසහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
266. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණඤ්චායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
267. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ආකිඤ්චඤ්ඤායතන සංඥාසහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
268. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
අරූපධ්‍යාන සොළසක්ඛත්තුකය යි.
අරූපාවචර කුශල යි.
ත්‍රෛභූමකකුශලය