Dhammasaṅgaṇī

Enumeration of Phenomena

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 3932 segments

පෙන්වන කොටස් 601-700 න් 3932

184. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ පඨවිකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
185. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට .... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පරිත්ත වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ සඞ්ඛ්‍යාත පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, ... පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ සඞ්ඛ්‍යාත ... අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ සඞ්ඛ්‍යාත වූ ... අප්‍රමාණ වූ (ඵරණ වශයෙන්) අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ සඞ්ඛ්‍යාත වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
සතර ආරම්මණයෝ යී.
[සොළසක්ඛත්තුකය]
186. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ පිළිවෙත් ඇති ලස් වූ අභිඥා ඇති පරිත්ත වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ සඞ්ඛ්‍යාත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
187. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ පිළිවෙත් ඇති ලස් වූ අභිඥා ඇති, පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වෙයි, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
188. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ පිළිවෙත් ඇති දන්ඩාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
189. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ පිළිවෙත් ඇති දන්ඩාභිඥ වූ අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
190. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ පිළිවෙත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
191. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ පිළිවෙත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
192. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ ප්‍රතිපදා ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
193. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ ප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍ර වූ අභිඥා ඇති අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
194. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛ වූ ප්‍රතිපත් ඇති දන්ඬ වූ අභිඥා ඇති පරිත්ත වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
195. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛ වූ ප්‍රතිපත් ඇති දන්ඬ වූ අභිඥා ඇති පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
196. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛ වූ ප්‍රතිපත් ඇති දන්ඬ වූ අභිඥා ඇති අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
197. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛ වූ ප්‍රතිපත් ඇති දන්ඬ වූ අභිඥා ඇති අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
198. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛ වූ ප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍ර වූ අභිඥා ඇති පරිත්ත වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
199. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛ වූ ප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍ර වූ අභිඥා ඇති, පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
200. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛ වූ ප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍ර වූ අභිඥා ඇති, අප්‍රමාණ වූ පරිත්තාලම්බන ඇති පඨවීකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
201. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... සුඛ වූ ප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍ර වූ අභිඥා ඇති, අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන ඇති පඨවීකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
202. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... දෙවැනි දැහැන ... තෙවැනි දැහැන ... සතර වැනි දැහැන ... පළමුවැනි දැහැන ... දුක් වූ පිළිවෙත් ඇති, ලස් වූ අභිඥා ඇති, අල්ප වූ අල්පාලම්බන වූ පඨවීකසිණ - පස්වැනි දැහැන … දුක් වු පිළිවෙත් ඇති දන්ඬ වූ අභිඥා ඇති, පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ පඨවිකසිණ … දුක් වූ පිළිවෙත් ඇති දන්ඬ වූ අභිඥා ඇති, අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ … දුක් වූ පිළිවෙත් ඇති දන්ඬ වූ අභිඥා ඇති, අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ … දුක් වූ පිළිවෙත් ඇති නො ලස් වූ අභිඥා ඇති, පරිත්ත වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ … දුක් වූ පිළිවෙත් ඇති නො ලස් වූ අභිඥා ඇති, පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ … දුක් වූ පිළිවෙත් ඇති නො ලස් වූ අභිඥා ඇති, අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ … දුක් වූ පිළිවෙත් ඇති නො ලස් වූ අභිඥා ඇති, අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ … සුඛ වූ ප්‍රතිපත් ඇති, දන්ඬ වූ අභිඥා ඇති, පරිත්ත වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ … සුඛ වූ ප්‍රතිපත් ඇති, දන්ඬාභිඥ වූ පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ … සුඛප්‍රතිපදා ඇති දන්ඬාභිඥ වූ අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ … සුඛප්‍රතිපදා ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ … සුඛප්‍රතිපදා ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ පරිත්ත වූ අප්පමාණාලම්බන වූ පඨවීකසිණ … සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ … සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ (පඤ්චමධ්‍යානය වඩා ද) එසමයෙහි ස්පර්‍ශය වෙයි, ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
සොළසක්ඛත්තුකය යි.
203. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... ආපෝකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, ... තේජෝකසිණ … වායෝකසිණ ... නීලකසිණ … පීතකසිණ … ලෝහිත කසිණ … ඔදාතකසිණ … එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
අට්ඨකසිණ සොළසක්ඛත්තුක වාරය යි.
[අභිභායතන]
204. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ නො වැඩූ බාහිර වූ අටවැදෑරුම් කසිණ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී, දක්මී යි (මෙනෙහි කොට) කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
205. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී, දක්මී යි මෙනෙහි කොට විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
[අභිභායතන - සතර ප්‍රතිපදා]
206. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි (මෙනෙහි කොට) කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ පටිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
207. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ පටිපදා ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
208. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛ වූ ප්‍රතිපත් ඇති දන්‍ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
209. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
210. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... දුක් වූ පටිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, ... දුක් වූ පටිපදා ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
සතර ප්‍රතිපදා යි.
[දෙඅරමුණු]
211. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... පරිත්ත වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
212. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
213. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පරිත්ත වූ පරිත්තාලම්බන වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, ... අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
දෙ අරමුණු යි.
[අට්ඨක්ඛත්තුකය]
214. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
215. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
216. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
217. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම දුඃඛ වූ ප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
218. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
219. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
220. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
221. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
222. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... දෙවැනි ධ්‍යානයට ... තෙවැනි ධ්‍යානයට ... සතර වැනි ධ්‍යානයට ... පළමු වැනි ධ්‍යානයට ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ පස්වැනි ධ්‍යානයට පැමිණ වෙසේද, ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
අට්ඨක්ඛත්තුකය යි.
223. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ සුවර්‍ණදුර්‍වණ වූ බාහ්‍ය රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
224. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ සුවර්‍ණදුර්‍වණ වූ පරිත්ත වූ බාහ්‍ය රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
මේද අට්ඨක්ඛත්තුක යි.
225. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
226. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
[සතර ප්‍රතිපදා]
227. කවර ධර්‍මයෝ කුශලහ යත්: