Dhammasaṅgaṇī

Enumeration of Phenomena

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 3932 segments

පෙන්වන කොටස් 501-600 න් 3932

යම් සමයෙක් හි රූපාලම්බන වේවයි, ශබ්දාලම්බන වේවයි, ගන්‍ධාලම්බන වේවයි, රසාලම්බන වේවයි, ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, ධර්‍මාලම්බන වේවයි, යම් යම් අරමුණෙකැ හෝ එල්බැ සොම්නස්සහගියා වූ ඥානවිප්‍රයුක්ත වූ කාමාවචර කුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තයාගේ ඒකාග්‍රතාව වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, ස්මෘතීන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, සම්‍යක්සංකල්පය වෙයි, සම්‍යග්ව්‍යායාමය වෙයි, සම්‍යක්ස්මෘතිය වෙයි, සම්‍යක්සමාධිය වෙයි, ශ්‍රද්ධාබලය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, ස්මෘතිබලය වෙයි, සමාධිබලය වෙයි, හිරිබලය වෙයි, ඔත්තප්පබලය වෙයි, අලෝභය වෙයි, අද්වේෂය වෙයි, අනභිධ්‍යාව වෙයි, අව්‍යාපාදය වෙයි, හිරිය වෙයි, ඔත්තප්පය වෙයි, කායප්‍රශ්‍රබ්ධිය වෙයි, චිත්තප්‍රශ්‍රබ්ධිය වෙයි, කායලඝුත්‍වය වෙයි, චිත්තලඝුත්‍වය වෙයි, කායමෘදුත්‍වය වෙයි, චිත්තමෘදුත්‍වය වෙයි, කායකර්‍මණ්‍යත්‍වය වෙයි, චිත්තකර්‍මණ්‍යත්‍වය වෙයි, කායප්‍රාගුණ්‍යය වෙයි, චිත්තප්‍රාගුණ්‍යය වෙයි, කාය ඍජුත්‍වය වෙයි, චිත්ත ඍජුත්‍වය වෙයි, ස්මෘතිය වෙයි, ශමථය වෙයි, ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ සත්දෙනෙක් වෙති, පඤ්චාඞ්ගික ධ්‍යානය වෙයි, චතුරඞ්ගිකමාර්‍ගය වෙයි, බලයෝ සදෙනෙක් වෙති, හේතූහු දෙදෙනෙක් වෙති, එක් ස්පර්‍ශයෙක් වෙයි, එක් ධර්‍මායතනයෙක් වෙයි, එක් ධර්‍මධාතුයෙක් වේ. එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
148. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය, චේතනා ය, විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, චිත්තේකාග්‍රතා ය, ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, සම්‍යක්සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි ය, ශ්‍රද්ධාබල ය, වීර්‍ය්‍යබල ය, ස්මෘතිබල ය, සමාධිබල ය, හිරිබල ය, ඔත්තප්පබල ය, අලෝභ ය, අද්වේෂ ය, අනභිධ්‍යා ය, අව්‍යාපාද ය, හිරි ය, ඔත්තප්ප ය, කායප්‍රශ්‍රබ්ධි ය, චිත්තප්‍රශ්‍රබ්ධි ය, කායලඝුත්‍ව ය, චිත්තලඝුත්‍ව ය, කායමෘදුත්‍ව ය, චිත්තමෘදුත්‍ව ය, කායකර්‍මණ්‍යතා ය, චිත්තකර්‍මණ්‍යතා ය, කායප්‍රාගුණ්‍ය ය, චිත්තප්‍රාගුණ්‍ය ය, කායඍජුත්‍ව ය, චිත්තඍජුත්‍ව ය, ස්මෘති ය, ශමථ ය, ප්‍රග්‍රාහ ය, අවික්‍ෂේප ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් වෙත් ද - මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
තෘතීයචිත්තය යි.
149. කවර දහම්හු කුසල්හ යත්:
යම් සමයෙක් හි රූපාලම්බන වේවයි, ... ධර්‍මාලම්බන වේවයි, යම් යම් අරමුණෙකැ හෝ එල්බැ සොම්නස්සහගියා වූ ඥානවිප්‍රයුක්ත වූ සංස්කාර සහිත වැ කාමාවචර කුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
චතුර්‍ත්‍ථචිත්තය යි.
150. කවර දහම්හු කුශලහ යත්:
යම් කලෙක්හි රූපාලම්බන වේවයි, ශබ්දාලම්බන වේවයි, ගන්‍ධාලම්බන වේවයි, රසාලම්බන වේවයි, ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, ධර්‍මාලම්බන වේවයි, යම් යම් අරමුණෙකැ හෝ එල්බැ උපේක්‍ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචර කුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තේකාග්‍රතාව වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, ස්මෘතීන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි,
සම්‍යක්සංකල්පය වෙයි, සම්‍යග්ව්‍යායාමය වෙයි, සම්‍යක්සමාධිය වෙයි, ශ්‍රද්ධාබලය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, ස්මෘතිබලය වෙයි, සමාධිබලය වෙයි, ප්‍රඥාබලය වෙයි, හිරිබලය වෙයි, ඔත්තප්පබලය වෙයි, අලෝභය වෙයි, අද්වේෂය වෙයි, අමෝහය වෙයි, අනභිධ්‍යාව වෙයි, අව්‍යාපාදය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි, හිරිය වෙයි, ඔත්තප්පය වේ, කායප්‍රශ්‍රබ්ධිය වෙයි, චිත්තප්‍රශ්‍රබ්ධිය වෙයි, කායලඝුත්‍වය වෙයි, චිත්තලඝුත්‍වය වෙයි, කායමෘදුත්‍වය වෙයි, චිත්තමෘදුත්‍වය වෙයි, කායකර්‍මණ්‍යතා වෙයි, චිත්තකර්‍මණ්‍යතා වෙයි, කායප්‍රගුණත්‍වය වෙයි, චිත්තප්‍රගුණත්‍වය වෙයි, කාය ඍජුත්‍වය වෙයි, චිත්ත ඍජුත්‍වය වෙයි, ස්මෘතිය වෙයි, සම්‍යග්ඥානය වෙයි, ශමථය වෙයි, විදර්‍ශනාව වෙයි, අවික්‍ෂේපය වේ. තවද, එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ, යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
151. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද - මේ එසමයෙහි ස්පර්‍ශය වේ.
152. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:
එසමයෙහි යම් තදනුරූප වූ මනෝවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් උපේක්‍ෂාවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් උපේක්‍ෂාවේදනායෙක් වේ ද - මේ එසමයෙහි වේදනාව වේ. ...
153. කවරක් එසමයෙහි උපේක්‍ෂා වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් උපේක්‍ෂාවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් උපේක්‍ෂාවේදනායෙක් වේ ද - මේ එසමයෙහි උපේක්‍ෂාව වේ. ...
154. කවරෙක් එසමයෙහි උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් උපේක්‍ෂාවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් උපේක්‍ෂාවේදනායෙක් වේ ද, මේ එසමයෙහි උපේක්‍ෂේන්‍ද්‍රිය වේ. ...
තවද එසමයෙහි ප්‍රතීත්‍යසමුත්පන්න වූ අන්‍ය වූ ද යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි. ...
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති, චතුරඞ්ගධ්‍යානය වෙයි, පඤ්චාඞ්ගමාර්‍ගය වෙයි, සප්තබලයෝ වෙති, හේතූහු තිදෙනෙක් වෙති, එක් ස්පර්‍ශයෙක් වෙයි, ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි ප්‍රතීත්‍යසමුත්පන්න වූ අන්‍ය වූ ද යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇද්ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි. ...
155. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය, චේතනා ය, විතර්‍ක ය, විචාර ය, චිත්තේකාග්‍රතා ය, ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතින්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, සම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක්සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි ය, ශ්‍රද්ධාබල ය, වීර්‍ය්‍යබල ය, ස්මෘතිබල ය, සමාධිබල ය, ප්‍රඥාබල ය, හිරිබල ය, ඔත්තප්පබල ය, අලෝභ ය, අදෝස ය, අමෝහ ය, අනභිධ්‍යා ය, අව්‍යාපාද ය, සම්‍යග්දෘෂ්ටි ය, හිරි ය, ඔත්තප්ප ය, කායප්‍රශ්‍රබ්ධි ය, චිත්තප්‍රශ්‍රබ්ධි ය, කායලඝුත්‍ව ය, චිත්තලඝුත්‍ව ය, කායමෘදුත්‍ව ය, චිත්තමෘදුත්‍ව ය, කායකර්‍මණ්‍යතා ය, චිත්තකර්‍මණ්‍යතා ය, කායප්‍රාගුණ්‍ය ය, චිත්තප්‍රාගුණ්‍ය ය, කායඍජුත්‍ව ය, චිත්තඍජුත්‍ව ය, ස්මෘති ය, සම්‍යග්ඥාන ය, ශමථ ය, විදර්‍ශනා ය, ප්‍රග්‍රාහ ය, අවික්‍ෂේප ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා ප්‍රතීත්‍යසමුත්පන්න වූ අන්‍ය වූ ද යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
පඤ්චමචිත්තය යි.
156. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙක්හි රූපාලම්බන වේවයි ... යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචර කුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
ෂෂ්ඨචිත්තය යි.
157. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙක්හි රූපාලම්බන වේවයි, ශබ්දාලම්බන වේවයි, රසාලම්බන වේවයි, ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, ධර්‍මාලම්බන වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂා සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචර කුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තේකාග්‍රතාව වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, ස්මෘතීන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, සම්‍යක්සංකල්පය වෙයි, සම්‍යග්ව්‍යායාමය වෙයි, සම්‍යක්ස්මෘතිය වෙයි, සම්‍යක්සමාධි ය වෙයි, ශ්‍රද්ධාබලය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, ස්මෘතිබලය වෙයි, සමාධිබලය වෙයි, හිරිබලය වෙයි, ඔත්තප්පබලය වෙයි, අලෝභය වෙයි, අද්වේෂය වෙයි, අනභිධ්‍යාව වෙයි, අව්‍යාපාදය වෙයි, හිරිය වෙයි, ඔත්තප්පය වෙයි, කායප්‍රශ්‍රබ්ධිය වෙයි, චිත්තප්‍රශ්‍රබ්ධිය වෙයි, කායලඝුත්‍වය වෙයි, චිත්තලඝුත්‍වය වෙයි, කායමෘදුත්‍වය වෙයි, චිත්තමෘදුත්‍වය වෙයි, කායකර්‍මණ්‍යත්‍වය වෙයි, චිත්තකර්‍මණ්‍යත්‍වය වෙයි, කායප්‍රාගුණ්‍යය වෙයි, චිත්තප්‍රාගුණ්‍යය වෙයි, කායඍජුත්‍වය වෙයි, චිත්තඍජුත්‍වය වෙයි, ස්මෘතිය වෙයි, ශමථය වෙයි, ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි ප්‍රතීත්‍යසමුත්පන්න වූ අන්‍ය වූ ද යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි …
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ සත්දෙනෙක් වෙති, චතුරඞ්ගධ්‍යානය වෙයි, චතුරඞ්ගමාර්‍ගය වෙයි, බලයෝ සදෙනෙක් වෙති, හේතූහු දෙදෙනෙක් වෙති, එක් ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ ධර්‍මායතනයෙක් වෙයි, එක් මැ ධර්‍මධාතුයෙක් වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇත් ද, - මේ ධර්‍මයෝ කුශලයෝ යි ...
158. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ යැ චේතනා යැ විතර්‍ක යැ විචාර යැ චිත්තේකාග්‍රතා ය ශ්‍රද්ධේන්‍ද්‍රිය ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය ස්මෘතීන්‍ද්‍රිය ය සමාධීන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය සම්‍යක්සංකල්ප ය සම්‍යග් ව්‍යායාම ය සම්‍යක් සමාධි ය ශ්‍රද්ධාබල ය වීර්‍ය්‍යබල ය ස්මෘතිබල ය සමාධිබල ය හිරිබල ය ඔත්තප්පබල ය අලෝභ ය අද්වේෂ ය අනභිධ්‍යා ය අව්‍යාපාද ය හිරි ය ඔත්තප්ප ය කායප්‍රශ්‍රබ්ධි ය චිත්තප්‍රශ්‍රබ්ධි ය කායලඝුත්‍ව ය චිත්තලඝුත්‍ව ය කායමෘදුත්‍ව ය චිත්තමෘදුත්‍ව ය කායකර්‍මණ්‍යතා ය චිත්තකර්‍මණ්‍යතා ය කායප්‍රාගුණ්‍ය ය චිත්තප්‍රාගුණ්‍ය ය කාය - ඍජුත්‍ව ය චිත්ත - ඍජුත්‍ව ය ස්මෘති ය ශමථ ය ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප ය, - තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
සප්තම චිත්තය යි.
159. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙක්හි රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂා සහගත වූ ඥානවිප්‍රයුක්ත වූ කාමාවචර කුශල චිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
අෂ්ටම චිත්තය යි.
කාමාවචර අෂ්ට මහාචිත්තයෝ යි.
දෙවන බණවර යි.
රූපාවචරකුසලචිත්තය
[චතුක්කනය]
160. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙක්හි රූපභවයෙහි උප්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද - කාමයන් ගෙන් වෙන් වැ මැ අකුශලධර්‍මයන්ගෙන් වෙන් වැ මැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති පඨවීකසිණ සඞ්ඛ්‍යාත වූ ප්‍රථමධ්‍යානය උපදවා වෙසේ ද, ඒ ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙන ඇසිල්ලෙහි (මහද්ගත භාවයට පැමිණි) ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
161. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවයෙහි උත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද - විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ උතුම් එකඟබව වඩන අවිතර්‍ක වූ අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රිතීසුඛය ඇති පඨවිකසිණ සඞ්ඛ්‍යාත ද්විතීයධ්‍යානය උපදවා වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, ස්මෘතීන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි, සම්‍යග්ව්‍යායාමය වෙයි ... ප්‍රග්‍රාහය වෙයි ... අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි ප්‍රතීත්‍යසමුත්පන්න වූ අන්‍ය වූ ද යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති, තිවඞ්ගික ධ්‍යානය වෙයි, චතුරඞ්ගික මාර්‍ගය වෙයි, සප්තබලයෝ වෙති, හේතුහු තිදෙනෙක් වෙති, එක් ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි ...
162. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි, යත්:
ස්පර්‍ශ ය චේතනා ය ප්‍රීති ය චිත්තෛකාග්‍රතා ය ශ්‍රද්ධේන්‍ද්‍රිය ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය ස්මෘතීන්‍ද්‍රිය ය සමාධීන්‍ද්‍රිය ය ප්‍රඥේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය සම්‍යග්දෘෂ්ටි ය සම්‍යග්ව්‍යායාම ය ... ප්‍රග්‍රාහ ය ... අවික්‍ෂේප ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් - මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි …
163. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවයෙහි උත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද - ප්‍රීතිය ගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇතියේත් සිහි ඇතියේත් සම්‍යග්ඥාන ඇතියේත් වෙසේ ද, නාමකායයෙන් සුඛයත් විඳී ද, ආර්‍ය්‍යයෝ යමක් හේතුකොටගෙන ඔහු ‘උපේක්‍ෂකය ස්මෘතිමත් ය, සුඛවිහරණ ඇත්තේය’යි පවසත් ද, ඒ පඨවිකසිණ සඞ්ඛ්‍යාත තෘතීයධ්‍යානය උපදවා වෙසේ ද - එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි සුඛය වෙයි, චිත්තෛකාග්‍රතා වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, ස්මෘතීන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි, සම්‍යග්ව්‍යායාමය වෙයි, ... ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වෙයි. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි …
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති, දුවඞ්ගික ධ්‍යානය වෙයි, චතුරඞ්ගික මාර්‍ගය වෙයි, සප්තබලයෝ වෙති, හේතූහු තිදෙනෙක් වෙති, එක් ස්පර්‍ශයෙක් වෙයි, ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වෙයි. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි ...
164. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ යැ චේතනා යැ චිත්තෛකාග්‍රතා යැ ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ ස්මෘතීන්‍ද්‍රිය යැ සමාධීන්‍ද්‍රිය යැ ප්‍රඥේන්‍ද්‍රිය යැ ජීවිතේන්‍ද්‍රිය යැ සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යග්ව්‍යායාම යැ ... ප්‍රග්‍රාහ යැ අවික්‍ෂේප යැ, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් වෙත් ද - මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
165. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවයෙහි උත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද - සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයා ගේ ද ප්‍රහාණයෙන් පෙර (උපචාරක්‍ෂණයෙහි) මැ සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් නිදුක් වූ නො සුව වූ උපේක්‍ෂා වෙන් උපන් ස්මෘතිපාරිශුද්ධිය ඇති පඨවිකසිණ සඞ්ඛ්‍යාත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද - එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, ස්මෘතීන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි, සම්‍යග්ව්‍යායාමය වෙයි ... ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති, දුවඞ්ගික ධ්‍යානය වෙයි, චතුරඞ්ගික මාර්‍ගය වෙයි, සප්තබලයෝ වෙති, හේතුහු තිදෙනෙක් වෙති, එක් ස්පර්‍ශයෙක් වෙයි, ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වෙයි තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇද්ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි ...
166. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය චේතනා ය චිත්තෛකාග්‍රතා ය ශ්‍රද්ධේන්‍ද්‍රිය ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය ස්මෘතීන්‍ද්‍රිය ය සමාධීන්‍ද්‍රිය ය ප්‍රඥේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය සම්‍යග්දෘෂ්ටි ය සම්‍යග්ව්‍යායාම ය ... ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇත්නම් - එසමයෙහි මේ සංස්කාරස්කන්‍ධය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
චතුෂකනය යි.
167. කවර ධර්‍මයෝ කුශලහ? යත්:
යම් කලෙක්හි රූපභවයෙහි උත්පත්තිය පිණිස කාමයන්ගෙන් වෙන් වැ මැ ... පඨවිකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානය උපදවා වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, ... අවික්‍ෂේපය වෙයි, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
168. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙක්හි රූපභවයෙහි උත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද - විතර්‍ක රහිත වූ විචාරමාත්‍ර වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති පඨවි කසිණ සඞ්ඛ්‍යාත ද්විතීයධ්‍යානය උපදවා වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, සද්ධින්‍ද්‍රිය වෙයි, විරියින්‍ද්‍රිය වෙයි, සතින්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, පඤ්ඤින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතින්‍ද්‍රිය වෙයි, සම්‍යග්දෘෂ්ටිය වෙයි, සම්‍යග්ව්‍යායාමය වෙයි ... ප්‍රග්‍රාහය වෙයි අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි ...
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති, චතුරඞ්ගික ධ්‍යානය වෙයි, චතුරඞ්ගික මාර්‍ගය වෙයි, සප්තබලයෝ වෙති, හේතුහු තිදෙනෙක් වෙති, එක් ම ස්පර්‍ශයෙක් වෙයි, ... එක් ම ධර්‍මායතනය වෙයි, එක් ම ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍ය සමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇද්ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි. ...
169. කවරක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය චේතනා ය විචාර ය ප්‍රීති ය චිත්තෛකාග්‍රතා ය සද්ධින්‍ද්‍රිය ය විරියින්‍ද්‍රිය ය සතින්‍ද්‍රිය ය සමාධින්‍ද්‍රිය ය පඤ්ඤින්‍ද්‍රිය ය ජීවිතින්‍ද්‍රිය ය සම්මාදිට්ඨි ය සම්මාවායාම ය ... ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇද්ද - එසමයෙහි මේ සංස්කාරස්කන්‍ධය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
170. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙක්හි රූපභවයෙහි උත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද - විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... පඨවිකසිණ සඞ්ඛ්‍යාත තෘතීයධ්‍යානය උපදවා වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, චිත්තය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, සද්ධින්‍ද්‍රිය වෙයි, විරියින්‍ද්‍රිය වෙයි, සතින්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, පඤ්ඤින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතින්‍ද්‍රිය වෙයි, සම්මාදිට්ඨිය වෙයි, සම්මාවායාමය වෙයි, ... ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇද්ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි ...
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති, තීවඞ්ගික ධ්‍යානය වෙයි, චතුරඞ්ගික මාර්‍ගය වෙයි, සප්තබලයෝ වෙති, හේතුහු තිදෙනෙක් වෙති, එක් ම ස්පර්‍ශයෙක් වෙයි, ... එක් ම ධර්‍මායතනය වෙයි, එක් ම ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ ඇද්ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි. ...
171. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය චේතනා ය ප්‍රීති ය චිත්තෛකාග්‍රතා ය සද්ධින්‍ද්‍රිය ය විරියින්‍ද්‍රිය ය සතින්‍ද්‍රිය ය සමාධින්‍ද්‍රිය ය පඤ්ඤින්‍ද්‍රිය ය ජීවිතින්‍ද්‍රිය ය සම්මාදිට්ඨි ය සම්මාවායාම ය ... ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප ය - තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද - එසමයෙහි මේ සංස්කාරස්කන්‍ධය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
172. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... පඨවීකසිණ සඞ්ඛ්‍යාත වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, සද්ධින්‍ද්‍රිය වෙයි, විරියින්‍ද්‍රිය වෙයි, සතින්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, පඤ්ඤින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතින්‍ද්‍රිය වෙයි, සම්මාදිට්ඨිය වෙයි, සම්මාවායාමය වෙයි, ... ප්‍රග්‍රාහය වෙයි ... අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි ...
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති, දුවඞ්ගික ධ්‍යානය වෙයි, චතුරඞ්ගික මාර්‍ගය වෙයි, සප්තබලයෝ වෙති, හේතූහු තිදෙනෙක් වෙති, එක් ම ස්පර්‍ශයෙක් වෙයි, ... එක් ම ධර්‍මායතනය වෙයි, එක් ම ධර්‍මධාතු වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි …
173. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය චේතනා ය චිත්තෛකාග්‍රතා ය සද්ධින්‍ද්‍රිය ය විරියින්‍ද්‍රිය ය සතින්‍ද්‍රිය ය සමාධින්‍ද්‍රිය ය පඤ්ඤින්‍ද්‍රිය ය ජීවිතින්‍ද්‍රිය ය සම්මාදිට්ඨි ය සම්මාවායාම ය ... ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප ය - තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද - එසමයෙහි මේ සංස්කාරස්කන්‍ධය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
174. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙක්හි රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් ... පඨවීකසිණ සඞ්ඛ්‍යාත පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, සද්ධින්‍ද්‍රිය වෙයි, විරියින්‍ද්‍රිය වෙයි, සතින්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, පඤ්ඤින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපෙක්ඛින්‍ද්‍රිය වෙයි, ජීවිතින්‍ද්‍රිය වෙයි, සම්මාදිට්ඨිය වෙයි, සම්මාවායාමය වෙයි, ... ප්‍රග්‍රාහය වෙයි ... අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි ...
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති, දුවඞ්ගික ධ්‍යානය වෙයි, චතුරඞ්ගික මාර්‍ගය වෙයි, සප්තබලයෝ වෙති, හේතුහු තිදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි, ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි …
175. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය චේතනා ය චිත්තෛකාග්‍රතා ය සද්ධින්‍ද්‍රිය ය විරියින්‍ද්‍රිය ය සතින්‍ද්‍රිය ය සමාධින්‍ද්‍රිය ය පඤ්ඤින්‍ද්‍රිය ය ජීවිතින්‍ද්‍රිය ය සම්මාදිට්ඨි ය සම්මාවායාම ය ... ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප යි - තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, එසමයෙහි මේ සංස්කාරස්කන්‍ධය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
පඤ්චකනය යි.
චතුෂකපඤ්චකධ්‍යාන නිමි.
176. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති, පඨවීකසිණ සඞ්ඛ්‍යාත වූ ප්‍රථමධ්‍යානය උපදවා වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වෙයි, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
177. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ පිළිවෙත් ඇති නො ලස් වූ අභිඥා ඇති පඨවීකසිණ සඞ්ඛ්‍යාත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
178. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... සුව වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති, පඨවීකසිණ සඞ්ඛ්‍යාත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වෙයි, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
179. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... සුව වූ පිළිවෙත් ඇති නො ලස් වූ අභිඥා ඇති, පඨවීකසිණ සඞ්ඛ්‍යාත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වෙයි, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
180. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට .... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති පඨවීකසිණ සඞ්ඛ්‍යාත වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද ... දුක් වූ පිළිවෙත් ඇති නො ලස් වූ අභිඥා ඇති, පඨවීකසිණ සඞ්ඛ්‍යාත ... සුව වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති පඨවීකසිණ … සුව වූ පිළිවෙත් ඇති නො ලස් වූ අභිඥා ඇති පඨවීකසිණ (සඞ්ඛ්‍යාත පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද,) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
සතර පටිපදා යි.
[සතර ආරම්මණ]
181. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන් ගෙන් වෙන් වැ මැ පරිත්ත (අප්‍රගුණ) වූ පරිත්තාලම්බන වූ පඨවිකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
182. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන් ගෙන් වෙන් වැ මැ ... පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ පඨවිකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
183. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන් ගෙන් වෙන් වැ මැ ... අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ පඨවිකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.