එසමයෙහි යමකින් ලජ්ජා විය යුතු කායදුශ්චරිතාදිය ජුගුප්සා කෙරේද, ලාමක අකුශලධර්‍මයන්ට පැමිණීම ජුගුප්සා කෙරේ ද - මේ එසමයෙහි හිරිබල වේ.
102. කවරෙක් එසමයෙහි ඔත්තප්පබල වෙයි යත්:
එසමයෙහි යමකින් තැවීමට කරුණු වූ කායදුශ්චරිතාදිය හේතු කොටගෙන ත්‍රස්ත වේ ද - මේ ඔත්තප්පබල වේ.
මේ එසමයෙහි සප්තබලයෝ වෙත්.
103. එසමයෙහි කවර හේතු තිදෙන වෙති යත්:
අලෝභ ය අදෝස ය අමෝහය යි.
104. කවරෙක් එසමයෙහි අලෝභ වෙයි යත්:
එසමයෙහි යම් අලොභයෙක් අලෝභාකාරයෙක් අලුබ්ධ බවෙක් නො ඇලීමෙක් නො ඇලෙන අයුරෙක් නො ඇලුණු බවෙක් අනභිධ්‍යයෙක් අලෝභ කුශලමූලයෙක් වේ ද - මේ එසමයෙහි අලෝභ වේ.
105. කවරෙක් එසමයෙහි අදෝස වෙයි යත්:
එසමයෙහි යම් අද්වෙෂයෙක් අද්වේෂාකාරයෙක් අද්විෂ්ට බවෙක් අව්‍යාපාදයෙක් නිදුක් බවෙක් අදෝස කුසලමූලයෙක් වේ ද - මේ එසමයෙහි අදෝස වේ.
106. කවරෙක් එසමයෙහි අමොහ වෙයි යත්:
එසමයෙහි යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද - මේ එසමයෙහි අමොහ වේ.
මොහු එසමයෙහි තුන්හෙතූහු වෙත්.
107. කවරෙක් එසමයෙහි එක් මැ ස්පර්‍ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ ස්පර්‍ශ වේ.
108. කවරෙක් එසමයෙහි එක් මැ වේදනා වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ මධුර බවෙක් චෛතසික වූ සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවෙදනායෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ වේදනා වේ.
109. කවරෙක් එසමයෙහි එක් මැ සංඥා වෙයි යත්:
එසමයෙහි යම් සංඥායෙක් සංජානනාකාරයෙක් හැඳිනගත් බවෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ සංඥා වේ.
110. කවරෙක් එසමයෙහි එක් මැ චේතනා වෙයි යත්:
එසමයෙහි යම් චේතනාවක් සංචේතනායෙක් සිතන ලද බවෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ චේතනා වේ.
111. කවරෙක් එසමයෙහි එක් මැ සිත වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ සිත වේ.
112. කවරෙක් එසමයෙහි එක් මැ වේදනාස්කන්‍ධ වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශජ වූ සාතසුඛවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශජ වූ සාතසුඛවෙදනායෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ වේදනාස්කන්‍ධ වේ.
113. කවරෙක් එසමයෙහි එක් මැ සංඥාස්කන්‍ධ වෙයි යත්:
එසමයෙහි යම් සංඥාවක් සංජානනාකාරයෙක් සඤ්ජානිත බවෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ සංඥාස්කන්‍ධ වේ.
114. කවරෙක් එසමයෙහි එක් මැ සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය, චේතනා ය, විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, චිත්තේකාග්‍රතා ය, ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, සම්‍යක්දෘෂ්ටිය ය, සම්‍යක්සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි ය, ශ්‍රද්ධාබල ය, වීර්‍ය්‍යබල ය, ස්මෘතිබල ය, සමාධිබල ය, ප්‍රඥාබල ය, හිරිබල ය, ඔත්තප්පබල ය, අලෝභ ය, අද්වේෂ ය, අමොහ ය, අනභිධ්‍යා ය, අව්‍යාපාද ය, සම්‍යග්දෘෂ්ටි ය, හිරි ය, ඔත්තප්ප ය, කායප්‍රශ්‍රබ්ධි ය, චිත්තප්‍රශ්‍රබ්ධි ය, කායලඝුත්‍ව ය, චිත්තලඝුත්‍ව ය, කායමෘදුත්‍ව ය, චිත්තමෘදුත්‍ව ය, කායකර්‍මණ්‍යතා ය, චිත්තකර්‍මණ්‍යතා ය, කායප්‍රාගුණ්‍ය ය, චිත්තප්‍රාගුණ්‍ය ය, කාය ඍජුත්‍ව ය, චිත්ත ඍජුත්‍ව ය, ස්මෘති ය, සම්‍යග්ඥාන ය, ශමථ ය, විදර්‍ශනා ය, ප්‍රග්‍රාහ ය, අවික්‍ෂේප ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍ය සමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද - මේ එසමයෙහි එක් මැ සංස්කාරස්කන්‍ධ වේ.
115. කවරෙක් එසමයෙහි එක් මැ විඥානස්කන්‍ධ වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ විඥානස්කන්‍ධ වේ.
116. කවරෙක් එසමයෙහි එක් මැ මනායතන වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ මනායතන වේ.
117. කවරෙක් එසමයෙහි එක් මැ මනින්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් සිතෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ මනින්‍ද්‍රිය වේ.
118. කවරෙක් එසමයෙහි එක් මැ මනෝවිඥානධාතු වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි එක් මැ මනෝවිඥානධාතු වේ.
119. කවරෙක් එසමයෙහි එක් මැ ධර්‍මායතන වෙයි යත්:
වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, මේ එසමයෙහි එක් මැ ධර්‍මායතන වේ.
120. කවරක් එසමයෙහි එක් මැ ධර්‍මධාතු වෙයි යත්:
වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යි - මේ එසමයෙහි එක් මැ ධර්‍මධාතු වේ.
තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න අරූපීධර්‍මයෝ වෙත් ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
කොට්ඨාසවාරය යි.
සුඤ්ඤතවාරො
121. තවද එසමයෙහි ධර්‍මයෝ වෙති, ස්කන්‍ධයෝ වෙති, ආයතනයෝ වෙති, ධාතූහු වෙති, ආහාරයෝ වෙති, ඉන්‍ද්‍රියයෝ වෙති, ධ්‍යානය වෙයි, මාර්‍ගය වෙයි, බලයෝ වෙති, හෙතූහු වෙති, ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, වේදනාස්කන්‍ධය වෙයි, සංඥාස්කන්‍ධය වෙයි, සංස්කාරස්කන්‍ධය වෙයි, විඥානස්කන්‍ධය වෙයි, මනායතනය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, මනෝවිඥානධාතුව වෙයි, ධර්‍මායතනය වෙයි, ධර්‍මධාතුව වෙයි. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
122. කවරහු එසමයෙහි ධර්‍මයෝ වෙති යත්:
වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යැ, විඥානස්කන්‍ධ යි. එසමයෙහි මේ ධර්‍මයෝ වෙත්.
123. කවරහු එසමයෙහි ස්කන්‍ධයෝ වෙති යත්:
වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යැ විඥානස්කන්‍ධ යි. එසමයෙහි මේ ස්කන්‍ධයෝ වෙත්.
124. කවරහු එසමයෙහි ආයතනයෝ වෙති යත්:
මනායතන ය, ධර්‍මායතන යි. එසමයෙහි මේ ආයතනයෝ වෙත්.
125. කවරහු එසමයෙහි ධාතූහු වෙති යත්:
මනෝවිඥානධාතු ය, ධර්‍මධාතු යි. එසමයෙහි මේ ධාතූහු වෙත්.
126. කවරහු එසමයෙහි ආහාරයෝ වෙති යත්:
ස්පර්‍ශාහාර ය, මනස්සංචේතනාහාර ය, විඥානාහාර යි. එසමයෙහි මේ ආහාරයෝ වෙත්.
127. කවරහු එසමයෙහි ඉන්‍ද්‍රියයෝ වෙති යත්:
ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, සෝමනස්සින්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය යි. එසමයෙහි මේ ඉන්‍ද්‍රියයෝ වෙත්.
128. කවරෙක් එසමයෙහි ධ්‍යාන වෙයි යත්:
විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, සුඛ ය, චිත්තේකාග්‍රතා යි. එසමයෙහි මේ ධ්‍යානය වේ.
129. කවරෙක් එසමයෙහි මාර්‍ග වෙයි යත්:
සම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක්සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක් සමාධි යි. එසමයෙහි මේ මාර්‍ගය වේ.
130. කවරහු එසමයෙහි බලයෝ වෙති යත්:
ශ්‍රද්ධාබල ය, වීර්‍ය්‍යබල ය, ස්මෘතිබල ය, සමාධිබල ය, ප්‍රඥාබල ය, හිරිබල ය, ඔත්තප්පබල යි. එසමයෙහි මේ බලයෝ වෙත්.
131. කවරහු එසමයෙහි හෙතූහු වෙති යත්:
අලෝභ ය, අද්වේෂ ය, අමොහ යි. එසමයෙහි මේ හෙතූහු වෙත්.
132. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ... එසමයෙහි මේ ස්පර්‍ශය වේ.
133. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප මනෝවිඤ්ඤාණධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් චෛතසික සාතයෙක් ... එසමයෙහි මේ වේදනාව වේ.
134. කවරක් එසමයෙහි සංඥා වෙයි යත්:
එසමයෙහි තදනුරූප මනෝවිඤ්ඤාණධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් සංඥායෙක් ... එසමයෙහි මේ සංඥාව වේ.
135. කවරක් එසමයෙහි චේතනා වෙයි යත්:
එසමයෙහි තදනුරූප මනෝවිඤ්ඤාණධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් චේතනායෙක් ... එසමයෙහි මේ චේතනා වේ.
136. කවරෙක් එසමයෙහි චිත්ත වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් ... එසමයෙහි මේ චිත්තය වේ.
137. කවරෙක් එසමයෙහි වේදනාස්කන්‍ධ වෙයි යත්:
එසමයෙහි යම් චෛතසිකසාතයෙක් ... එසමයෙහි මේ වේදනාස්කන්‍ධ වේ.
138. කවරෙක් එසමයෙහි සංඥාස්කන්‍ධ වෙයි යත්:
එසමයෙහි යම් සංඥායෙක් ... එසමයෙහි මේ සංඥාස්කන්‍ධ වේ.
139. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය, චේතනා ය ... ප්‍රග්‍රාහ ය, අවික්‍ෂේප ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ.
140. කවරෙක් එසමයෙහි විඥානස්කන්‍ධ වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් ... එසමයෙහි මේ විඥානස්කන්‍ධ වේ.
141. කවරෙක් එසමයෙහි මනායතන වෙයි යත්:
එසමයෙහි යම් සිතෙක් ... එසමයෙහි මේ මනායතන වේ.
142. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් සිතෙක් ... එසමයෙහි මේ මනින්‍ද්‍රිය වේ.
143. කවරක් එසමයෙහි මනෝවිඤ්ඤාණධාතු වෙයි යත්:
එසමයෙහි යම් සිතෙක් ... එසමයෙහි මේ මනෝවිඤ්ඤාණධාතු වේ.
144. කවරෙක් එසමයෙහි ධර්‍මායතන වෙයි යත්:
වේදනාස්කන්‍ධ ය, සඥාස්කන්‍ධය, සංස්කාරස්කන්‍ධ යි - එසමයෙහි මේ ධර්‍මායතන වේ.
145. කවරක් එසමයෙහි ධර්‍මධාතු වෙයි යත්:
වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යි. එසමයෙහි මේ ධර්‍මධාතු වේ.
තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
ශුන්‍යතවාරය යි.
ප්‍රථමචිත්තය යි.
146. කවර දහම්හු කුසල්හ යත්:
යම් කලෙක්හි රූපාලම්බන වේවයි, ... ධර්‍මාලම්බන වේවයි, යම් යම් අරමුණෙකැ හෝ එල්බැ සොම්නස්සහගියා වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචර කුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද. එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
ද්වීතීයචිත්තය යි.
147. කවර දහම්හු කුසල්හ යත්: