Dhammasaṅgaṇī

Enumeration of Phenomena

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 3932 segments

පෙන්වන කොටස් 3901-3932 න් 3932

රූපාවචරයෝ යැ, අරූපාවචරයෝ යැ, අපර්‍ය්‍යාපන්නයෝ යැයි මොහු කාමාවචර නො වූ ධර්‍මයෝ යි.
1602. රූපාවචර ධර්‍මයෝ කවරහ යත්:
කුශල හෙයින් ද විපාක හෙයින් ද ක්‍රියා හෙයින් ද රූපාවචර චතුෂ්කපඤ්චකධ්‍යාන යැයි මොහු රූපාවචර ධර්‍මයෝ යි.
1603. රූපාවචර නො වූ ධර්‍මයෝ කවරහ යත්:
කාමාවචරයෝ යැ, අරූපාවචරයෝ යැ, අපර්‍ය්‍යාපන්නයෝ දැයි මොහු රූපාවචර ධර්‍මයෝ යි.
1604. අරූපාවචර ධර්‍මයෝ කවරහ යත්:
කුශල හෙයින් ද විපාක හෙයින් ද ක්‍රියා හෙයින් ද සතර ආරූප්‍යයෝ යැ යි මොහු අරූපාවචර ධර්‍මයෝ යි.
1605. අරූපාවචර නො වූ ධර්‍මයෝ කවරහ යත්:
කාමාවචරයෝ යැ, රූපාවචරයෝ යැ, අපර්‍ය්‍යාපන්නයෝ යැ යි මොහු අරූපාවචර නො වූ ධර්‍මයෝ යි.
1606. පර්‍ය්‍යාපන්නධර්‍මයෝ කවරහ යත්:
ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු පර්‍ය්‍යාපන්න ධර්‍මයෝ යි.
1607. අපර්‍ය්‍යාපන්නධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු අපර්‍ය්‍යාපන්නධර්‍මයෝ යි.
1608. නෛර්‍ය්‍යාණික ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න වු සතර මාර්‍ගයෝ යැ, මොහු නෛර්‍ය්‍යාණික ධර්‍මයෝ යි.
1609. අනෛර්‍ය්‍යාණික ධර්‍මයෝ කවරහ යත්:
ත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැ යි මොහු අනෛර්‍ය්‍යාණික ධර්‍මයෝ යි.
1610. නියත ධර්‍මයෝ කවරහ යත්:
සතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාද යෝ යැ, දෞර්‍මනස්‍ය සහගත චිත්තෝත්පාදයෝ දෙදෙන යැ, මේ ධර්‍මයෝ නියත ද වන්නාහ, අනියත ද වන්නාහ. අපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ යැ යන මොහු නියත ධර්‍මයෝ යි.
1611. අනියත ධර්‍මයෝ කවරහ යත්:
දෘෂ්ටිගත විප්‍රයුක්ත වූ ලෝභසහගත චිත්තෝත්පාදයෝ සතර දෙන යැ, විචිකිත්සාසහගත චිත්තෝත්පාද යැ, උද්ධච්චසහගත චිත්තෝත්පාද යැ ත්‍රෛභූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු අනියත ධර්‍මයෝ යි.
1612. සඋත්තර ධර්‍මයෝ කවරහ යත්:
ත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, සියලු රූපය දැයි මොහු සඋත්තර ධර්‍මයෝ යි.
1613. අනුත්තර ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු අනුත්තර ධර්‍මයෝ යි.
1614. සරණ ධර්‍මයෝ කවරහ යත්:
දොළොස් අකුශලචිත්තෝත්පාදයෝ යැ මොහු සරණ ධර්‍මයෝ යි.
1615. අරණ ධර්‍මයෝ කවරහ යත්:
චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු අරණ ධර්‍මයෝ යි
පිට්ඨිදුකය යි.
අර්‍ත්‍ථකථා කාණ්ඩය නිමි.
ධර්‍මසඞ්ගණීප්‍රකරණය සමාප්තයි.