Dhammasaṅgaṇī

Enumeration of Phenomena

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 3932 segments

පෙන්වන කොටස් 301-400 න් 3932

එසමයෙහි යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් (කෞසීද්‍යයෙන්) නික්මීමෙක් පරාක්‍රමයෙක් උද්‍යාමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් දෘඪොත්සාහයෙක් දෘඪපරාක්‍රමයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිරපරාක්‍රමයෙක් නො තැබූ ඡන්‍ද ඇති බවෙක් නො තැබූ ධූර ඇති බවෙක් වීර්‍ය්‍යධූරය දැඩි ව ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද - මේ එසමයෙහි ප්‍රග්‍රාහ වේ.
57. කවරෙක් එසමයෙහි අවික්‍ෂේප වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනොවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් වේ ද - මේ එසමයෙහි අවික්‍ෂේප වේ.
එසමයෙහි අන්‍ය වූ ද, ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
පද බෙදුම නිමි.
පළමුවන බණවර යි.
කොට්ඨාසවාරො
58. තවද, එසමයෙහි (ප්‍රථම මහාකුශල චිත්තය උපදනා කෙණෙහි) ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති. පඤ්චාඞ්ගිකධ්‍යානය වෙයි, පඤ්චාඞ්ගික මාර්‍ගය වෙයි, බලයෝ සත්දෙනෙක් වෙති, හෙතූහු තිදෙනෙක් වෙති, එක් ස්පර්‍ශයෙක් වෙයි, එක් වේදනායෙක් වෙයි, එක් සංඥායෙක් වෙයි, එක චේතනායෙක් වෙයි, එක් චිත්තයෙක් වෙයි, එක් වේදනාස්කන්‍ධයෙක් වෙයි, එක සංඥාස්කන්‍ධයෙක් වෙයි, එක් සංස්කාරස්කන්‍ධයෙක් වෙයි, එක විඥානස්කන්‍ධයෙක් වෙයි, එක් මනායතනයෙක් වෙයි, එක් මනින්‍ද්‍රියයෙක් වෙයි, එක් මනෝවිඥානධාතුයෙක් වෙයි, එක් ධර්‍මායතනයෙක් වෙයි, එක් ධර්‍මධාතුයෙක් වෙයි. එසමයෙහි අන්‍ය වූ ද, ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
59. එසමයෙහි කවර ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති යත්:
වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, සංස්කාරස්කන්‍ධය, විඥානස්කන්‍ධය යන මොහු යි.
60. කවරෙක් එසමයෙහි වේදනාස්කන්‍ධ වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික වූ සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් මිහිරි වූ සැප වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙක් උපන් සාත වූ මධුර වූ සුඛවේදනාවක් වේ ද - මේ එසමයෙහි වේදනාස්කන්‍ධ වේ.
61. කවරෙක් එසමයෙහි සංඥාස්කන්‍ධ වෙයි යත්:
එසමයෙහි යම් සංඥායෙක් හැඳිනගන්නා අයුරෙක් හැඳිනගත් බවෙක් වේ ද - මේ එසමයෙහි සංඥාස්කන්‍ධ වේ.
62. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය ප්‍රීති ය චිත්තේකාග්‍රතා ය ශ්‍රද්ධේන්‍ද්‍රිය ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය ස්මෘතීන්‍ද්‍රිය ය සමාධීන්‍ද්‍රිය ය ප්‍රඥේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය සම්‍යග්දෘෂ්ටි ය සම්‍යක්සඞ්කල්ප ය සම්‍යග්ව්‍යායාම ය සම්‍යක්ස්මෘති ය සම්‍යක් සමාධි ය ශ්‍රද්ධාබල ය වීර්‍ය්‍යබල ය ස්මෘතිබල ය සමාධිබල ය ප්‍රඥාබල ය හිරිබල ය ඔත්තප්පබල ය අලෝභ ය අද්වේෂ ය අමොහ ය අනභිධ්‍යා ය අව්‍යාපාද ය සම්‍යග්දෘෂ්ටි ය හිරි ය ඔත්තප්ප යැ කායප්‍රශ්‍රබ්ධි යැ චිත්තප්‍රශ්‍රබ්ධි යැ කායලහුතා යැ චිත්තලහුතා යැ කායමෘදුත්‍ව ය චිත්තමෘදුත්‍ව ය කායකර්‍මණ්‍යතා ය චිත්තකර්‍මණ්‍යතා ය කායප්‍රාගුණ්‍ය ය චිත්තප්‍රාගුණ්‍ය ය කාය-ඍජුත්‍ව ය චිත්ත-ඍජුත්‍ව ය ස්මෘති ය සම්‍යග්ඥාන ය ශමථ ය විදර්‍ශනා ය ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප යැ, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා, විඥානස්කන්‍ධය තබා, අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද - මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ.
63. එසමයෙහි කවරෙක් විඥානස්කන්‍ධ වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි විඥානස්කන්‍ධ වේ.
මොහු එසමයෙහි සතර ස්කන්‍ධයෝ වෙත්.
64. එසමයෙහි කවර ආයතනයෝ දෙදෙනෙක් වෙති යත්:
මනායතන යැ ධර්‍මායතන යි,
65. කවරෙක් එසමයෙහි මනායතන වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි මනායතනය වේ.
66. කවරෙක් එසමයෙහි ධර්‍මායතන වෙයි යත්:
වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ ය යි - මේ එසමයෙහි ධර්‍මායතන වේ.
මොහු එසමයෙහි ද්වායතනයෝ වෙත්:
67. එසමයෙහි කවර ධාතූහු දෙදෙනෙක් වෙති යත්:
මනෝවිඥානධාතු යැ, ධර්‍මධාතු යි.
68. කවරෙක් එසමයෙහි මනෝවිඥානධාතු වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි මනෝවිඥානධාතු වේ.
69. කවරෙක් එසමයෙහි ධර්‍මධාතු වෙයි යත්:
වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යි. මේ එසමයෙහි ධර්‍මධාතු වේ.
මොහු එසමයෙහි ධාතූහු දෙදෙනා වෙත්:
70. එසමයෙහි කවර තුන් ආහාරයෝ වෙති යත්:
ස්පර්‍ශාහාර යැ, මනස්සංචේතනාහාර යැ, විඥානාහාර යි.
71. කවරෙක් එසමයෙහි ස්පර්‍ශාහාර වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද - මෙ එසමයෙහි ස්පර්‍ශාහාර වේ.
72. කවරෙක් එසමයෙහි මනස්සංචේතනාහාර වෙයි යත්:
එසමයෙහි යම් චේතනායෙක් සංචේතනායෙක් සිතන ලද බවෙක් වේ ද - මේ එසමයෙහි මනස්සංචේතනාහාර වේ.
73. කවරෙක් එසමයෙහි විඥානාහාර වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි විඥානාහාර වේ.
මොහු එසමයෙහි තුන් ආහාරයෝ වෙත්.
74. එසමයෙහි කවර ඉන්‍ද්‍රියයෝ අටදෙන වෙති යත්:
ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, සෝමනස්සින්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය යි.
75. කවරෙක් එසමයෙහි ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් ශ්‍රද්ධායෙක් හැදහීම් අයුරෙක් (ගුණයෙහි) බැසැගැනීමෙක් ඉතා පැහැදීමෙක් ශ්‍රද්ධායෙක් ශ්‍රද්ධේන්‍ද්‍රියයෙක් ශ්‍රද්ධාබලයෙක් වේ ද - මේ එසමයෙහි ශ්‍රද්ධේන්‍ද්‍රිය වේ.
76. කවරෙක් එසමයෙහි වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් (කුසීත බැවින්) නික්මීමෙක් පරාක්‍රමයෙක් උද්‍යාමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් දෘඪ උත්සාහයෙක් දෘඪපරාක්‍රමයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථීරපරාක්‍රමයෙක් නො තැබූ ඡන්‍දය ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධූර ඇති බවෙක් වීර්‍ය්‍යය දැඩි වැ ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද - මේ එසමයෙහි වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වේ.
77. කවරෙක් එසමයෙහි ස්මෘතින්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ... සම්‍යක්ස්මෘතියෙක් වේ ද මේ එසමයෙහි ස්මෘතීන්‍ද්‍රිය වේ.
78. කවරෙක් එසමයෙහි සමාධීන්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් ස්ථිතියෙක් ... සම්‍යක් සමාධියෙක් වේ ද - මේ එසමයෙහි සමාධීන්‍ද්‍රිය වේ.
79. කවරෙක් එසමයෙහි ප්‍රඥේන්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් ප්‍රඥායෙක් දැනීම් අයුරෙක් විචයයෙක් ප්‍රවිචයයෙක් ධර්‍මවිචයයෙක් සංලක්‍ෂණයෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂණයෙක් පතළ ප්‍රඥායෙක් ධාරණප්‍රඥායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද - මේ එසමයෙහි ප්‍රඥේන්‍ද්‍රිය වේ.
80. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හදය - සිතෙක් භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි මනින්‍ද්‍රිය වේ.
81. කවරෙක් එසමයෙහි සෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් මධුර වූ සුඛ වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවෙදනායෙක් වේ ද - මේ එසමයෙහි සෝමනස්සින්‍ද්‍රිය වේ.
82. කවරෙක් එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්:
ඒ අරූපීධර්‍මයන්ගේ යම් ආයුෂයෙක් සිටීමෙක් යැපීමෙක් පැවැත්මෙක් ඉරියව් පැවැත්මෙක් වර්‍තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද - මේ එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වේ.
මොහු එසමයෙහි අෂ්ටෙන්‍ද්‍රියයෝ වෙත්:
83. කවරෙක් එසමයෙහි පඤ්චාඞ්ගික ධ්‍යාන වෙයි යත්:
විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, සුඛ ය, චිත්තේකාග්‍රතා යි.
84. කවරෙක් එසමයෙහි විතර්‍ක වෙයි යත්:
එසමයෙහි යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයෙක් අර්‍පණායෙක් බලවත් අර්‍පණායෙක් (අරමුණෙහි) සිත පිහිටුවීමෙක් සංකල්පයෙක් වේ ද - මේ එසමයෙහි විතර්‍ක වේ.
85. කවරෙක් එසමයෙහි විචාර වෙයි යත්:
එසමයෙහි යම් (අරමුණෙහි හැසිරෙන) වාරයෙක් විචාරයෙක් අනුවිචාරයෙක් උපවිචාරයෙක් (අරමුණෙහි) සිත ගළපන බවෙක් අනුප්‍රේක්‍ෂණතායෙක් වේ ද - මේ එසමයෙහි විචාර වේ.
86. කවරෙක් එසමයෙහි ප්‍රීති වෙයි යත්:
එසමයෙහි යම් ප්‍රීතියෙක් ප්‍රාමෝද්‍යයෙක් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් ප්‍රීතිධනයෙක් ඔදවැඩි බවෙක් චිත්තයාගේ සතුටු බවෙක් වේ ද - මේ එසමයෙහි ප්‍රීති වේ.
87. කවරෙක් එසමයෙහි සුඛ වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවෙදනායෙක් වේ ද - මේ එසමයෙහි සුඛ වේ.
88. කවරෙක් එසමයෙහි චිත්තේකාග්‍රතා වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් (නිසල බැවින් අරමුණෙහි) සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැ ගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුළ සිත ඇති බවෙක් සමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් වේ ද - මේ එසමයෙහි චිත්තේකාග්‍රතා වේ.
මේ එසමයෙහි පඤ්චාඞ්ගික ධ්‍යාන වේ.
89. කවරෙක් එසමයෙහි පඤ්චාඞ්ගික මාර්‍ග වෙයි යත්:
සම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක් සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි යි.
90. කවරෙක් එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වෙයි යත්:
එසමයෙහි යම් ප්‍රඥාවක් පජානනයෙක් විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් ධර්‍මවිචයයෙක් සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරී සඞ්ඛ්‍යාත ප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥාඅවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වේ.
91. කවරෙක් එසමයෙහි සම්‍යක්සංකල්ප වෙයි යත්:
එසමයෙහි යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයෙක් අර්‍පණයෙක් බලවත් අර්‍පණයෙක් චිත්තයාගේ අභිනිරෝපණයෙක් සම්‍යක් සංකල්පයෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යක්සංකල්ප වේ.
92. කවරෙක් එසමයෙහි සම්‍යග්ව්‍යායාම වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් කෞසීද්‍යයෙන් නික්මැයෑමෙක් පරාක්‍රමයෙක් උද්‍යාමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් දෘඪොත්සාහයෙක් දෘඪපරාක්‍රමයෙක් ධෘතියෙක් ස්ථීරපරාක්‍රමයෙක් පරාක්‍රමතායෙක් නො පියූ ඡන්‍දය ඇති බවෙක් වීර්‍ය්‍යය දැඩි වැ ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍ය බලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යග්ව්‍යායාම වේ.
93. කවරෙක් එසමයෙහි සම්‍යක්ස්මෘති වෙයි යත්:
එසමයෙහි යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ප්‍රතිස්මෘතියෙක් සති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් අරමුණෙහි පිවිසෙන බවෙක් නො මුළා වන බවෙක් ස්මෘතියෙක් ස්මෘතීන්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යක්ස්මෘති වේ.
94. කවරෙක් එසමයෙහි සම්‍යක්සමාධි වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයාගේ සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුළ සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යක්සමාධි වේ.
මේ එසමයෙහි පඤ්චාඞ්ගිකමාර්‍ග වේ.
95. එසමයෙහි කවර සප්තබලයෝ වෙති යත්:
ශ්‍රද්ධාබල ය, වීර්‍ය්‍යබල ය, ස්මෘතිබල ය, සමාධිබල ය, ප්‍රඥාබල ය, හිරිබල ය, ඔත්තප්පබල යි.
96. කවරෙක් එසමයෙහි ශ්‍රද්ධාබල වෙයි යත්:
එසමයෙහි යම් ශ්‍රද්ධායෙක් හැදහීම් අයුරෙක් බැසැගැනීමෙක් අභිප්‍රසාදයෙක් ශ්‍රද්ධායෙක් ශ්‍රද්ධේන්‍ද්‍රියයෙක් ශ්‍රද්ධාබලයෙක් වේ ද - මේ එසමයෙහි ශ්‍රද්ධාබල වේ.
97. කවරෙක් එසමයෙහි වීර්‍ය්‍යබල වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද - මේ එසමයෙහි වීර්‍ය්‍යබල වේ.
98. කවරෙක් එසමයෙහි ස්මෘතිබල වෙයි යත්:
එසමයෙහි යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ප්‍රතිස්මෘතියෙක් ස්මෘති සඞ්ඛ්‍යාත සිහි කරන බවෙක් ධරන බවෙක් බැසැගන්නා බවෙක් නො මුළා වන බවෙක් ස්මෘතියෙක් ස්මෘතීන්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් වේ ද - මේ එසමයෙහි ස්මෘතිබල වේ.
99. කවරෙක් එසමයෙහි සමාධිබල වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් ස්ථිතියෙක් ... සම්‍යක්සමාධියෙක් වේ ද - මේ එසමයෙහි සමාධිබල වේ.
100. කවරෙක් එසමයෙහි ප්‍රඥාබල වෙයි යත්:
එසමයෙහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද - මේ එසමයෙහි ප්‍රඥාබල වේ.
101. කවරෙක් එසමයෙහි හිරිබල වෙයි යත්: