Dhammasaṅgaṇī

Enumeration of Phenomena

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 3932 segments

පෙන්වන කොටස් 3801-3900 න් 3932

ඒ උපාදානයෝ මැ උපාදාන ද උපාදානිය ද වෙත්.
1559. උපාදානිය ද නො ද උපාදාන වු ධර්‍මයෝ කවරහ යත්:
උපාදානයන් තබා අවශේෂ අකුශල යැ, ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු උපාදානිය ද නො ද උපාදාන වූ ධර්‍මයෝ යි.
අනුපාදානිය ධර්‍මයෝ උපාදාන ද වූ උපාදානිය යි ද උපාදානිය ද නො ද උපාදාන වූහ යි ද නො කියැයුත්තාහ.
1560. උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ කවරහ යත්:
යම් සිතෙක දෘෂ්ටියත් ලෝභයත් එක්වට උපදිත් ද, මොහු උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ යි.
1561. උපාදානසම්ප්‍රයුක්ත වූ ද නො ද උපාදාන වූ ධර්‍මයෝ කවරහ යත්:
අෂ්ටලෝභසහගත චිත්තෝත්පාදයෝ යැ, මෙහි උපන් උපාදානයන් තබා, මොහු උපාදානසම්ප්‍රයුක්ත ද වූ නො ද උපාදාන වූ ධර්‍මයෝ යි.
උපාදානවිප්‍රයුක්ත ධර්‍මයෝ උපාදානා ද වූ උපාදානසම්ප්‍රයුක්තයෝ යයි ද, උපාදානසම්ප්‍රයුක්ත ද වූ නො ද උපාදාන වූහ යි නො කියයුත්තාහ.
1562. උපාදානවිප්‍රයුක්ත වූ උපාදානිය ධර්‍මයෝ කවරහ යත්:
දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත සතර සිත්හි උපන් ලෝභ යැ, දොම්නස්සහගිය දෙසිත්හු යැ, විචිකිත්සාසහගත සිත යැ, ඖද්ධත්‍යසහගත සිත යැ, ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකාත යැ, හැම රූපය දැයි මොහු උපාදානවිප්‍රයුක්ත උපාදානිය ධර්‍මයෝ යි.
1563. උපාදානවිප්‍රයුක්ත අනුපාදානිය ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න සතරමාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු උපාදානවිප්‍රයුක්ත අනුපාදානිය ධර්‍මයෝ යි.
උපාදානසම්ප්‍රයුක්ත ධර්‍මයෝ උපාදනාවිප්‍රයුක්ත උපාදානීයහ යි ද උපාදානවිප්‍රයුක්ත අනුපාදානීයහ යි ද නො කියැයුත්තාහ.
උපාදානගොච්ඡක යි.
1564. ක්ලේශධර්‍මයෝ කවරහ යත්:
ක්ලේශවස්තු දසයෙකි: ලෝභ යැ, ද්වේෂ යැ, මෝහ යැ, මාන යැ, දෘෂ්ටි යැ, විචිකිත්සා යැ, ස්ත්‍යාන යැ, ඖද්ධත්‍ය යැ, අහ්‍රීක යැ, අනපත්‍රපා යි.
ලෝභය අෂ්ට ලෝභසහගත චිත්තෝත්පාදයන්හි උපදී. ද්වේෂය දොම්නස්සහගිය දෙසිත්හි උපදී. මෝහය සියලු අකුශලයෙහි උපදී. මානය දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත සතර සිත්හි උපදී. දෘෂ්ටිය දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත සතර සිත්හි උපදී. විචිකිත්සාව විචිකිත්සාසහගත සිත්හි උපදී. ස්ත්‍යානය සසංස්කාරික අකුශලයන්හි උපදී. ඖද්ධත්‍යය ද අහ්‍රීකය ද අනොත්තප්පය ද සියලු අකුසල් අකුසල්සිත්හි උපදිත්. මොහු ක්ලේශ ධර්‍මයෝ යි.
1565. ක්ලේශ නො වූ ධර්‍මයෝ කවරහ යත්:
ක්ලේශයන් තබා අවශේෂ අකුශල යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු ක්ලේශ නො වූ ධර්‍මයෝ යි.
1566. සාංක්ලේශික ධර්‍මයෝ කවරහ යත්:
ත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු සාංක්ලේශික ධර්‍මයෝ යි.
1567. අසාංක්ලේශික ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු අසාංක්ලේශික ධර්‍මයෝ යි.
1568. සංක්ලිෂ්ට ධර්‍මයෝ කවරහ යත්:
ද්වාදශ අකුශලචිත්තෝත්පාදයෝ යි. මොහු සංක්ලිෂ්ට ධර්‍මයෝ යි.
1569. අසංක්ලිෂ්ට ධර්‍මයෝ කවරහ යත්:
සියුබිම්හි කුසල් යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිමැ ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු අසංක්ලිෂ්ට ධර්‍මයෝ යි.
1570. ක්ලේශසම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
දොළොස් අකුශලචිත්තතෝත්පාදයෝ යි. මොහු ක්ලේශසම්ප්‍රයුක්ත ධර්‍මයෝ යි.
1571. ක්ලේශවිප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු ක්ලේශවිප්‍රයුක්ත ධර්‍මයෝ යි.
1572. ක්ලේශ ද වු සාංක්ලේශික ද වු ධර්‍මයෝ කවරහ යත්:
එ මැ ක්ලේශයෝ ද ක්ලේශ ද සාංක්ලේශික ද වෙත්.
1573. සාංක්ලේශික ද වූ නො ද ක්ලේශ වූ ධර්‍මයෝ කවරහ යත්:
ක්ලේශයන් තබා අවශේෂ අකුශල යැ, ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, හැම රූපය දැයි මොහු සංක්ලේශක ද වූ නො ද ක්ලේශ වූ ධර්‍මයෝ යි.
අසාංක්ලේශික ධර්‍මයෝ ක්ලේශ ද වූ සාංක්ලේශික වූහ’යි ද, සාංක්ලේශික ද වූ ක්ලේශ වූහ’යි ද නො කියැයුත්තාහ.
1574. ක්ලේශ ද වූ සංක්ලිෂ්ට ද වූ ධර්‍මයෝ කවරහ යත්:
එ මැ ක්ලේශයෝ ක්ලේශ ද වූ සංක්ලිෂ්ට ද වෙත්.
1575. සංක්ලිෂ්ට ද වූ නො ද ක්ලේශ වූ ධර්‍මයෝ කවරහ යත්:
ක්ලේශයන් තබා අවශේෂ අකුශල යි. මොහු සංක්ලිෂ්ට ද වූ නොද වූ ක්ලේශ වු ධර්‍මයෝ යි.
අසංක්ලිෂ්ට ධර්‍මයෝ ක්ලේශ ද වූ සංක්ලිෂ්ට වූහ’යි ද සංක්ලිෂ්ට ද වූ නො ද ක්ලේශ වූහ’යි ද නො කියැයුත්තාහ.
1576. ක්ලේශ ද වූ ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ කවරහ යත්:
යම් තැනෙක දෙතුන් ක්ලේශ කෙනෙක් එක්වට උපදිත් ද, මොහු ක්ලේශ ද වූ ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ යි.
1577. ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ නො ද ක්ලේශ වූ ධර්‍මයෝ කවරහ යත්:
ක්ලේශයන් තබා අවශේෂ අකුශල යි. මොහු ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ නො ද ක්ලේශ වූ ධර්‍මයෝ යි.
ක්ලේශවිප්‍රයුක්ත ධර්‍මයෝ ක්ලේශ ද වූ ක්ලේශසම්ප්‍රයුක්ත වූහ’යි ද, ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ නො ද ක්ලේශ වූහ’යි නො කියැයුත්තාහ.
1578. ක්ලේශවිප්‍රයුක්ත වූ සාංක්ලේශික ධර්‍මයෝ කවරහ යත්:
ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, හැම රූපය දැ’යි මොහු ක්ලේශවිප්‍රයුක්ත වූ සාංක්ලේශික ධර්‍මයෝ යි.
1579. ක්ලේශවිප්‍රයුක්ත වූ අසාංක්ලේශික ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැ’යි මොහු ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශික ධර්‍මයෝ යි.
ක්ලේශසම්ප්‍රයුක්ත ධර්‍මයෝ ක්ලේශවිප්‍රයුක්ත සාංක්ලේශික වූහ’යි ද, ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශික වුහ’යි ද නො කියැයුත්තාහ.
ක්ලේශගොච්ඡක යි.
1580. දර්‍ශනයෙන් (සෝවන් මඟින්) ප්‍රහාතව්‍යධර්‍මයෝ කවරහ යත්:
සතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ, විචිකිත්සාසහගත චිත්තෝත්පාදය දැ’යි මොහු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යධර්‍මයෝ යි.
දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයෝ සතරදෙන යැ, දොම්නස් සහගිය චිත්තෝත්පාදයෝ දෙදෙන යැ, යන මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො ද වන්නාහ.
1581. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ කවරහ යත්:
උද්ධච්චසහගත චිත්තෝත්පාදයැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ යි.
1582. භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ කවරහ යත්:
ඖද්ධත්‍යසහගත චිත්තෝත්පාද යැ, මොහු භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ යි.
සතර දෘෂ්ටිවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයෝ යැ, දොම්නස් සහගිය චිත්තෝත්පාදයෝ දෙදෙන යැ යන මේ ධර්‍මයෝ භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො ද වන්නාහ.
1583. භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ කවරහ යත්:
සතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ, විචිකිත්සාසහගත චිත්තෝත්පාදයෝ යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ යි.
1584. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ කවරහ යත්:
සතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ, විචිකිත්සාසහගත චිත්තෝත්පාදයෝ යැ මෙහි උපන් මෝහය හැර යි. මොහු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයෝ යි.
සතර දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයෝ යැ, දොම්නස් සහගත දෙසිත යැ, යන මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු නැත්තාහු ද වන්නාහ.
1585. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු නැති ධර්‍මයෝ කවරහ යත්:
විචිකිත්සාසහගත මෝහ යැ, උද්ධච්චසහගත චිත්තෝත්පාද යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු නැති ධර්‍මයෝ යි.
1586. භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයෝ කවරහ යත්:
ඖද්ධත්‍යසහගත චිත්තෝත්පාද යැ, මෙහි උපන් මෝහය හැර යි. මොහු භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයෝ යි.
සතර දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාද යැ, දොම්නස් සහගත චිත්තෝත්පාදයෝ දෙදෙන යැ යන මේ ධර්‍මයෝ භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ද වන්නාහ. භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු නැත්තාහු ද වන්නාහ.
1587. භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු නැති ධර්‍මයෝ කවරහ:
සතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ, විචිකිත්සාසහගත චිත්තෝත්පාදයෝ යැ, ඖද්ධත්‍යසහගත මෝහ යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු නැති ධර්‍මයෝ යි.
1588. සවිතර්‍කධර්‍මයෝ කවරහ යත්:
කාමාවචරකුශල යැ, අකුශල යැ, කාමාවචරකුශලයාගේ විපාකයෙන් එකොළොස් චිත්තෝත්පාදයෝ යැ, අකුශලයාගේ විපාකයෙන් දෙසිතෙක, ක්‍රියායෙන් එකොලොසෙක, කුශලහෙයින් ද, විපාකහෙයින් ද ක්‍රියාහෙයින් ද රූපාවචර ප්‍රථමධ්‍යාන යැ, කුශලහෙයින් ද විපාකහෙයින් ද ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන යැ,මෙහි උපන් විතර්‍කය හැර යි. මොහු සවිතර්‍ක ධර්‍මයෝ යි.
1589. අවිතර්‍කධර්‍මයෝ කවරහ යත්:
දෙපස් විඥානයෝ යැ, කුශල විපාක ක්‍රියාහෙයින් රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, කුශල විපාක ක්‍රියාහෙයින් සතර අරූපාවචරයෝ යැ, කුශලහෙයින් ද විපාකහෙයින් ද ලෝකෝත්තර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, රූපය ද නිර්‍වාණය දැයි මොහු අවිතර්‍කධර්‍මයෝ යි.
1590. සවිචාරධර්‍මයෝ කවරහ යත්:
කාමාවචර කුශල යැ, අකුශල යැ, කාමාවචර කුශලයාගේ විපාක හෙයින් එකොළොස් චිත්තෝත්පාද කෙනෙකැ, අකුශලවිපාකහෙයින් දෙසිතෙකැ, ක්‍රියාහෙයින් එකොළොසෙකැ, කුශලහෙයින් ද විපාකහෙයින් ද ක්‍රියාහෙයින් ද රූපාවචර ඒකකද්විකධ්‍යානයෝ යැ, කුශලහෙයින් ද විපාකහෙයින් ද ලෝකෝත්තර ඒකකද්විකධ්‍යානයෝ යැ, මෙහි උපන් විචාරය හැර යි. මොහු සවිචාරධර්‍මයෝ යි.
1591. අවිචාරධර්‍මයෝ කවරහ යත්:
දෙපස් විඥානයෝ යැ, කුශල විපාක ක්‍රියාහෙයින් රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, කුශල විපාක ක්‍රියාහෙයින් සතර ආරූප්‍යයෝ යැ, කුශල විපාක හෙයින් ලෝකෝත්තර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, විචාරය ද, රූපය ද නිර්‍වාණය දැයි මොහු අවිචාර ධර්‍මයෝ යි.
1592. සප්‍රීතිකධර්‍මයෝ කවරහ යත්:
කාමාවචරකුශලයෙන් සතර සොම්නස්සහගිය සිත්හු යැ, අකුශලයෙන් සතරෙකැ, කාමාවචරකුශලයාගේ විපාකයෙන් පසෙකැ, ක්‍රියායෙන් පසෙක, කුශලහෙයින් ද විපාකහෙයින් ද ක්‍රියා හෙයින් ද රූපාවචර ද්විත්‍රිකධ්‍යානයෝ යැ, කුශලහෙයින් ද විපාකහෙයින් ද ලෝකෝත්තර ද්විත්‍රිකධ්‍යානයෝ යැ,මෙහි උපන් ප්‍රීතිය හැර යි. මොහු සප්‍රීතික ධර්‍මයෝ යි.
1593. අප්‍රීතිකධර්‍මයෝ කවරහ යත්:
කාමාවචරකුශලයෙන් සතර උපේක්‍ෂාසහගත චිත්තෝත්පාදයෝ යැ, අකුශලයෙන් සිත් අටෙකැ, කාමාවචරකුශලයාගේ විපාකයෙන් එකොළොසෙකැ, අකුශලවිපාකයෙන් සතෙකැ, ක්‍රියාහෙයින් සයෙකැ, කුශල විපාක ක්‍රියාහෙයින් රූපාවචර ද්විකද්විකධ්‍යානයෝ යැ, කුශල විපාක ක්‍රියාහෙයින් සතර ආරූප්‍යයෝ යැ, කුශලහෙයින් ද විපාකහෙයින් ද ලෝකෝත්තර ද්විකද්විකධ්‍යානයෝ යැ, ප්‍රීතිය ද, රූපය ද, නිර්‍වාණය දැයි මොහු අප්‍රීතිකධර්‍මයෝ යි.
1594. ප්‍රීතිසහගතධර්‍මයෝ කවරහ යත්:
කාමාවචර කුශලයෙන් සතර සොම්නස්සහගියසිත්හු යැ, අකුශලයෙන් සතරෙකැ , කාමාවචරකුශලයාගේ විපාකයෙන් පසෙකැ, ක්‍රියායෙන් පසෙකැ, කුශල විපාක ක්‍රියාහෙයින් රූපාවචර ද්විකත්‍රිකධ්‍යානයෝ යැ කුශලහෙයින් ද, විපාකහෙයින් ද. ලෝකෝත්තර ද්විකත්‍රිකධ්‍යානයෝ යැ, මෙහි උපන් ප්‍රීතිය හැර යි. මොහු ප්‍රීතිසහගතධර්‍මයෝ යි.
1595. ප්‍රීතිසහගත නො වූ ධර්‍මයෝ කවරහ යත්:
කාමාවචරකුශලයෙන් සතර උපේක්‍ෂාසහගත චිත්තෝත්පාදයෝ යැ, අකුශලයෙන් අටෙකැ, කාමාවචරකුශලයාගේ විපාකයෙන් එකොළොසෙකැ, අකුශලවිපාකයෙන් සතෙකැ, ක්‍රියාහෙයින් සයෙකැ, කුශල විපාක ක්‍රියා හෙයින් රූපාවචර ද්විකද්විකධ්‍යානයෝ යැ ,කුශලවිපාක ක්‍රියාහෙයින් සතර ආරූප්‍යයෝ යැ, කුශලහෙයින් ද විපාක හෙයින් ද ලෝකෝත්තර ද්විකද්විකධ්‍යානයෝ යැ, ප්‍රීතිය ද, රූපය ද, නිර්‍වාණය දැයි මොහු ප්‍රීතිසහගත නො වූ ධර්‍මයෝ යි.
1596. සුඛසහගතධර්‍මයෝ කවරහ යත්:
කාමාවචර කුශලයෙන් සොම්නස්සහගිය සතරසිත්හු යැ, අකුශලයෙන් සතරෙක, කාමාවචරකුශලයාගේ විපාකයෙන් සයෙකැ, ක්‍රියායෙන් පසෙකැ, කුශල හෙයින් ද විපාක හෙයින් ද ක්‍රියාහෙයින් ද රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, කුශල හෙයින් ද විපාක හෙයින් ද ලෝකෝත්තර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, මෙහි උපන් සුඛය හැර යි. මොහු සුඛසහගත ධර්‍මයෝ යි.
1597. සුඛසහගත නො වූ ධර්‍මයෝ කවරහ යත්:
කාමාවචරකුශලයෙන් උපේක්‍ෂාසහගත සතරසිත්හු යැ, අකුශලයෙන් අටෙක, කාමාවචරකුශලයාගේ විපාකයෙන් දශයෙක, අකුශලයාගේ විපාකයෙන් සතෙක, ක්‍රියායෙන් සයෙක, කුශල විපාක ක්‍රියා හෙයින් රූපාවචර චතුෂ්කධ්‍යාන යැ, කුශලවිපාක ක්‍රියා හෙයින් සතර ආරූප්‍යයෝ යැ, කුශල හෙයින් ද විපාක හෙයින් ද ලෝකෝත්තර චතුෂ්කධ්‍යාන යැ, සුඛය ද, රූපය ද, නිර්‍වාණය දැයි මොහු සුඛසහගත නො වූ ධර්‍මයෝ යි.
1598. උපේක්‍ෂාසහගතධර්‍මයෝ කවරහ යත්:
කාමාවචරකුශලයෙන් සතර උපේක්‍ෂාසහගත චිත්තෝත්පාදයෝ යැ, අකුශලයෙන් සයෙක, කාමාවචරකුශලයාගේ විපාකයෙන් දසයෙක් අකුශලයාගේ විපාකයෙන් සයෙක, ක්‍රියාහෙයින් සයෙක, කුශල විපාක ක්‍රියාහෙයින් රූපාවචර චතුර්‍ත්‍ථධ්‍යාන යැ, කුශලවිපාක ක්‍රියාහෙයින් සතර ආරූප්‍යයෝ යැ, කුශලහෙයින් ද විපාක හෙයින් ද ලෝකෝත්තර චතුර්‍ත්‍ථධ්‍යාන යැ, මෙහි උපන් උපේක්‍ෂාව හැරයි. මොහු උපේක්‍ෂාසහගත ධර්‍මයෝ යි.
1599. උපේක්‍ෂාසහගත නො වූ ධර්‍මයෝ කවරහ යත්:
කාමාවචර කුශලයෙන් සොම්නස් සහගිය සතර සිත්හු යැ, අකුශලයෙන් සයෙක, කමාචචරකුශලයාගේ විපාකයෙන් සයෙක, අකුශලයාගේ විපාකයෙන් එකෙක, ක්‍රියා හෙයින් පසෙක, කුශල විපාක ක්‍රියාහෙයින් රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, කුශල හෙයින් ද විපාක හෙයින් ද ලෝකෝත්තර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, උපේක්‍ෂාව ද, රූපය ද, නිර්‍වාණය දැයි මොහු උපේක්‍ෂාසහගත නො වූ ධර්‍මයෝ යි.
1600. කාමාවචර ධර්‍මයෝ කවරහ යත්:
කාමාවචර කුශල යැ, අකුශල යැ, සියලු කාමාවචර විපාක යැ කාමාවචර ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැ යි මොහු කාමාවචර ධර්‍මයෝ යි.
1601. කාමාවචර නො වූ ධර්‍මයෝ කවරහ යත්: