Dhammasaṅgaṇī

Enumeration of Phenomena

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 3932 segments

පෙන්වන කොටස් 3701-3800 න් 3932

අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු නීවරණවිප්‍රයුක්ත වූ අනීවරණීය ධර්‍මයෝ යි.
නීවරණසම්ප්‍රයුක්ත ධර්‍මයෝ නීවරණවිප්‍රයුක්ත නීවරණීය වූහ’යි ද, නීවරණවිප්‍රයුක්ත අනීවරණීය වූහ’යි ද නොකියයුත්තාහ.
නීවරණගොච්ඡක යි.
1514. පරාමර්‍ශ ධර්‍මයෝ කවරහ යත්:
දෘෂ්ටිපරාමර්‍ශය දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත වූ සතර සිත්හි උපදී. මොහු පරාමර්‍ශ ධර්‍මයෝ යි.
1515. පරාමර්‍ශ නො වූ ධර්‍මයෝ කවරහ යත්:
පරාමාසය තබා අවශේෂ අකුශල යැ, සියුබිම්හි කුසල් යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු පරාමර්‍ශ නො වූ ධර්‍මයෝ යි.
1516. පරාමෘෂ්ට (පරාමාසයන් විසින් අරමුණු කළ) ධර්‍මයෝ කවරහයත්:
ත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, හැම රූපය දැයි මොහු පරාමෘෂ්ට ධර්‍මයෝ යි.
1517. අපරාමෘෂ්ට ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු අපරාමෘෂ්ට ධර්‍මයෝ යි.
1518. පරාමර්‍ශසම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
සතර දෘෂ්ටිගතවිප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ, මෙහි උපන් පරාමර්‍ශය හැර යි. මොහු පරාමර්‍ශසම්ප්‍රයුක්ත ධර්‍මයෝ යි.
1519.පරාමර්‍ශවිප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
සතර දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයෝ යැ, දෝමනස්සහගත චිත්තෝත්පාදයෝ දෙදෙන යැ, විචිකිච්ඡාසහගත චිත්තෝත්පාද යැ, උද්ධච්චසහගත චිත්තෝත්පාද යැ. චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මෙහු පරාමර්‍ශවිප්‍රයුක්ත ධර්‍මයෝ යැ.
පරාමාසය තෙමේ පරාමර්‍ශසම්ප්‍රයුක්ත යයි ද, පරාමර්‍ශවිප්‍රයුක්ත යයි ද නො කියැයුත්තේ යි.
1520. පරාමර්‍ශ ද වූ පරාමෘෂ්ට ද වූ ධර්‍මයෝ කවරහ යත්:
එ මැ පරාමාසය පරාමර්‍ශ ද පරාමෘෂ්ට ද වේ.
1521. පරාමෘෂ්ට ද වූ නො ද පරාමර්‍ශ වූ ධර්‍මයෝ කවරහ යත්:
පරාමාසය තබා අවශේෂ අකුශල යැ, ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, හැම රූප දැයි මොහු පරාමෘෂ්ට ද වූ නො ද පරාමර්‍ශ වූ ධර්‍මයෝ යි.
අපරාමෘෂ්ට ධර්‍මයෝ පරාමර්‍ශ ද වූ පරාමෘෂ්ටයහ’යිද, පරාමෘෂ්ට ද වූ නො ද පරාමර්‍ශහ’යිද නොකියයුත්තාහ.
1522. පරාමර්‍ශවිප්‍රයුක්ත වූ පරාමාෂ්ට ධර්‍මයෝ කවරහ යත්:
සතර දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත සිත්හු යැ, දෝමනස්සහගත දෙ සිත්හු යැ, විචිකිත්සාසහගත සිත යැ, උද්ධච්චසහගත සිත යැ, තුන්බිමැ කුසල් යැ, තුන්බිමැ විපාක යැ, තුන්බිමැ ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු පරාමර්‍ශවිප්‍රයුක්ත පරාමෘෂ්ට ධර්‍මයෝ යි.
1523. පරාමර්‍ශවිප්‍රයුක්ත වූ අපරාමෘෂ්ට ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණඵලයෝ ද, නිර්‍වාණය දැ යි මොහු පරාමර්‍ශවිප්‍රයුක්ත වූ අපරාමෘෂ්ට ධර්‍මයෝ යි.
පරාමර්‍ශ වූ ද පරාමර්‍ශසම්ප්‍රයුක්ත වු ද ධර්‍මයෝ පරාමර්‍ශවිප්‍රයුක්ත වූ පරාමෘෂ්ටයහ’යි ද පරාමර්‍ශවිප්‍රයුක්ත වූ අපරාමෘෂ්ටයහ’යි ද නො කියැයුත්තාහ.
පරාමාසගොච්ඡක යි.
1524. සාලම්බන ධර්‍මයෝ කවරහ යත්:
සියුබිම්හි කුශල යැ, අකුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘතයෝ දැ යි සාලම්බන ධර්‍මයෝ යි.
1525.අනාලම්බන ධර්‍මයෝ කවරහ යත්:
රූපය ද,නිර්‍වාණය දැයි මොහු අනාලම්බන ධර්‍මයෝ යි.
1526. චිත්ත ධර්‍මයෝ කවරහ යත්:
චක්‍ෂුර්විඥාන යැ, ශ්‍රෝත්‍රවිඥාන යැ, ඝ්‍රාණවිඥාන යැ, ජිහ්වාවිඥාන යැ, කායවිඥාන යැ, මනෝධාතු යැ, මනෝවිඥානධාතු යි. මොහු චිත්ත ධර්‍මයෝ යි.
1527. චිත්ත නො වූ ධර්‍මයෝ කවරහ යත්:
වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු චිත්ත නො වූ ධර්‍මයෝ යි.
1528. චෛතසික ධර්‍මයෝ කවරහ යත්:
වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, මොහු චෛතසිකධර්‍මයෝ යි.
1529. අචෛතසික ධර්‍මයෝ කවරහ යත්:
චිත්තය ද, රූපය ද, නිර්‍වාණය දැයි මොහු චෛතසික නො වූ ධර්‍මයෝ යි.
1530. චිත්තසම්ප්‍රයුක්තධර්‍මයෝ කවරහ යත්:
වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, යන මොහු චිත්තසම්ප්‍රයුක්ත ධර්‍මයෝ යි.
1531. චිත්තවිප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
රූපය ද නිර්‍වාණය දැයි මොහු චිත්තවිපුයයුක්ත ධර්‍මයෝ යි.
චිත්තය චිත්තය හා සම්ප්‍රයුක්ත යයි ද, චිත්තය හා විප්‍රයුක්ත යයි ද නො කියැයුත්තේ යි.
1532. චිත්තය හා සංසෘෂ්ටධර්‍මයෝ කවරහ යත්:
වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යි. මොහු චිත්තසංසෘෂ්ට ධර්‍මයෝ යි.
1533. චිත්තය හා විසංසෘෂ්ටධර්‍මයෝ කවරහ යත්:
රූපය ද නිර්‍වාණය දැයි මොහු චිත්තසංසෘෂ්ට ධර්‍මයෝ යි.
චිත්තය චිත්තය හා සංසෘෂ්ට යයි ද, චිත්තය හා විසංසෘෂ්ට යයි ද නො කියැයුත්තේ යි.
1534. චිත්තසමුත්‍ථානධර්‍මයෝ කවරහ යත්:
වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, කායවිඥප්ති යැ, වාග්විඥප්ති යැ, යළි චිත්තජ චිත්තහේතුක චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙකුත් ඇද්ද එ යැ, රූපායතන යැ, ශබ්දායතන යැ, ගන්‍ධායතන යැ, රසායතන යැ, ස්ප්‍රෂ්ටව්‍යායතන යැ, ආකාසධාතු යැ, අබ්ධාතු යැ, රූපලඝුත්‍ව යැ, රූපමෘදුත්‍ව යැ, රූපකර්‍මණ්‍යතා යැ, රූපෝපචය යැ, රූපසන්තති යැ, කවලීකාරාහාර යැ , යන මොහු චිත්තසමුත්‍ථාන ධර්‍මයෝ යි.
1535. චිත්තසමුත්‍ථාන නො වූ ධර්‍මයෝ කවරහ යත්:
චිත්තය ද අවශේෂරූපයද නිර්‍වාණය දැයි මොහු චිත්තසමුත්‍ථාන නො වූ ධර්‍මයෝ යි.
1536. චිත්තසහභූ ධර්‍මයෝ කවරහ යත්:
වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, කායවිඥප්ති යැ, වාග්විඥප්ති යැ, යන මොහු සිත හා එක් වැ උපදනා (-චිත්තසහභූ) ධර්‍මයෝ යි.
1537. චිත්තසහභූ නො වූ ධර්‍මයෝ කවරහ යත්:
සිත ද අවශේෂ රූපය ද නිවන දැයි මොහු චිත්තසහභූ නො වූ ධර්‍මයෝ යි.
1538. චිත්තානුපරිවර්ති ධර්‍මයෝ කවරහ යත්:
වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, කායවිඥප්ති යැ, වාග්විඥප්ති යැ, යන මොහු චිත්තානුපරිවර්ති ධර්‍මයෝ යි.
1539. චිත්තානුපරිවර්තී නො වූ ධර්‍මයෝ කවරහ යත්:
චිත්තය ද අවශේෂ රූපය ද නිර්‍වාණය දැයි මොහු චිත්තානුපරිවර්තී නො වූ ධර්‍මයෝ යි.
1540. චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන ධර්‍මයෝ කවරහ යත්:
වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, යන මොහු චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන ධර්‍මයෝ යි.
1541. චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන නො වූ ධර්‍මයෝ කවරහ යත්:
චිත්තය ද රූපය ද නිර්‍වාණය දැයි මොහු චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන නො වූ ධර්‍මයෝ යි.
1542. චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන සහභූ ධර්‍මයෝ කවරහ යත්:
වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, යන මොහු චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන සහභූ ධර්‍මයෝ යි.
1543. චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන සහභූ නොවූ ධර්‍මයෝ කවරහ යත්:
චිත්තය ද, රූපය ද, නිර්‍වාණය දැයි මොහු චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන සහභූ නොවූ ධර්‍මයෝ යි.
1544. චිත්තසංසෘෂ්ට සමුත්‍ථානානුපරිවර්තී ධර්‍මයෝ කවරහ යත්:
වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, යන මොහු චිත්තසංසෘෂ්ට සමුත්‍ථානානුපරිවර්තී ධර්‍මයෝ යි.
1545. චිත්තසංසෘෂ්ට සමුත්‍ථානානුපරිවර්තී නො වූ ධර්‍මයෝ කවරහ යත්:
චිත්තය ද, රූපය ද, නිර්‍වාණය දැයි මොහු චිත්තසංසෘෂ්ට සමුත්‍ථාතානුපරිවර්තී නො වූ ධර්‍මයෝ යි.
1546. ආධ්‍යාත්මික ධර්‍මයෝ කවරහ යත්:
චක්‍ෂුරායතන යැ ... මනායතන යි. මොහු ආධ්‍යාත්මික ධර්‍මයෝ යි.
1547. බාහ්‍යධර්‍මයෝ කවරහ යත්:
රූපායතන යැ ... ධර්‍මායතන යි. මොහු බාහ්‍යාධර්‍මයෝ යි.
1548. උපාදා (-භූතයන් නිසා පවත්නා) ධර්‍මයෝ කවරහ යත්:
චක්‍ෂුරායතන යැ ... කවලීකාරාහාර යි. මොහු උපාදා ධර්‍මයෝ යි.
1549. උපාදා නොවූ ධර්‍මයෝ කවරහ යත්:
චාතුර්භූමක කුශල යැ, අකුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, සතර මහාභූතයෝ යැ, නිර්‍වාණ දැයි මොහු උපාදා නො වූ ධර්‍මයෝ යි.
1550. උපාදින්න ධර්‍මයෝ කවරහ යත්:
ත්‍රෛභූමක විපාක යැ, කර්‍මය පිළිබඳ යම් කෘතත්‍වාත් රූපයෙක් ඇද්ද, මොහු උපාදින්න ධර්‍මයෝ යි.
1551. අනුපාදින්න ධර්‍මයෝ කවරහ යත්:
ත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, කර්‍මය පිළිබඳ කෘතත්‍වාත් නො වූ යම් රූපයෙකුත් ඇද්ද, අපර්‍ය්‍යාපන්න වු සතර මාර්‍ගයෝ ද, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු අනුපාදින්න ධර්‍මයෝ යි.
මහන්තර දුක යි.
1552. උපාදනධර්‍මයෝ කවරහ යත්:
උපාදාන සතරෙකි: කාමූපාදාන යැ, දිට්ඨූපාදාන යැ, සීලබ්බතූපාදාන යැ, අත්තවාදූපාදාන යි.
කාමූපාදානය ලෝභසහගත සිත් අටෙහි උපදී. දිට්ඨූපාදානය ද සීලතබ්බතූපාදානය ද අත්තවාදූපාදානය ද දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත සිත් සතරෙහි උපදිත්. මේ ධර්‍මයෝ උපාදානයෝ යි.
1553. උපාදාන නො වු ධර්‍මයෝ කවරහ යත්:
උපාදානයන් තබා අවශේෂ අකුශල යැ, සියුබිම්හි කුශලයැ, සියුබිම්හි කුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිමැ ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු උපාදාන නො වූ ධර්‍මයෝ යි.
1554. උපාදානිය (උපාදනයන්ට හිත) ධර්‍මයෝ කවරහ යත්:
ත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මෙහු උපාදානිය ධර්‍මයෝ යි.
1555. අනුපාදනීය ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු අනුපාදනීය ධර්‍මයෝ යි.
1556. උපාදනාසම්ප්‍රයුක්තධර්‍මයෝ කවරහ යත්:
දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත වූ ලෝභසහගත සිත් සතර යැ, දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ ලෝභසහගත සිත් සතර යැ, මෙහි උපන් ලෝභය තබා යි. මේ ධර්‍මයෝ උපාදානසම්ප්‍රයුක්තයෝ යි.
1557. උපාදානවිප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත සිත් සතරෙහි උපන් ලෝභ යැ, දොම්නස්සහගිය සිත් දෙක යැ, විචිකිත්සාසහගත සිත යැ, ඖද්ධත්‍යසහගත සිත යැ, සියුබිමැ කුසල යැ, සියුබිමැ විපාක යැ, තුන්බිමැ ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු උපාදානවිප්‍රයුක්ත ධර්‍මයෝ යි.
1558. උපාදාන ද උපාදානිය ද වූ ධර්‍මයෝ කවරහ යත්: