Dhammasaṅgaṇī

Enumeration of Phenomena

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 3932 segments

පෙන්වන කොටස් 2901-3000 න් 3932

1144. ග්‍රන්‍ථ නො වූ ධර්‍මයෝ කවරහ යත්:
ඒ ග්‍රන්‍ථධර්‍මයන් තබා ශේෂ වූ කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ, හැම රූප ද, අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ ග්‍රන්‍ථ නො වූවෝ යි.
1145. කවර ධර්‍මයෝ ග්‍රන්‍ථනීය වෙති යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ, රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ ග්‍රන්‍ථනීය වෙති.
1146. කවර ධර්‍මයෝ අගන්‍ථනීය වෙති යත්:
අපරියාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛත ධාතුව ද යන මොහු අගන්‍ථනීය ධර්‍මයෝ යි.
1147. ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ ග්‍රන්‍ථධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වූවාහු ද ඒ වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධය යන මේ ධර්‍මයෝ ග්‍රන්‍ථසම්ප්‍රයුක්තයෝ යි.
1148. ග්‍රන්‍ථවිප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ ග්‍රන්‍ථධර්‍මයන්ගෙන් විප්‍රයුක්ත වූවාහු ද වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධය සියලු රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ ග්‍රන්‍ථ විප්‍රයුක්තයෝ යි.
1149. කවර ධර්‍මයෝ ග්‍රන්‍ථ වූවාහු ද ග්‍රන්‍ථනීය වූවාහු ද වෙති යත්:
ඒ ග්‍රන්‍ථයෝ මැ ග්‍රන්‍ථ ද ග්‍රන්‍ථනීය ද වෙත්.
1150. කවර ධර්‍මයෝ ග්‍රන්‍ථනීය ද නො ද ග්‍රන්‍ථ ද වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ ග්‍රන්‍ථධර්‍මයන්ගෙන් ග්‍රන්‍ථනීය වෙත් නම් ඒ ධර්‍මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ, රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ ග්‍රන්‍ථනීය වූවාහු ද නො ද ග්‍රන්‍ථ වූවාහු ද වෙත්.
1151. කවර ධර්‍මයෝ ග්‍රන්‍ථ වූවාහු ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත වූවාහු ද වෙති යත්:
ශීලව්‍රතපරාමර්‍ශ කායග්‍රන්‍ථය අභිධ්‍යාකායග්‍රන්‍ථය හා ග්‍රන්‍ථ ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වෙයි. අභිධ්‍යාකායග්‍රන්‍ථය ශීලව්‍රතපරාමර්‍ශ කායග්‍රන්‍ථය හා ග්‍රන්‍ථ වූයේ ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත වූයේ ද වෙයි. ඉදම්සත්‍යාභිනිවේශ කායග්‍රන්‍ථය අභිධ්‍යාකායග්‍රන්‍ථය හා ග්‍රන්‍ථ ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වෙයි. අභිධ්‍යාකායග්‍රන්‍ථය ඉදම්සත්‍යාභිනිවේශ කායග්‍රන්‍ථය හා ග්‍රන්‍ථ ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වේ. මේ ධර්‍මයෝ ග්‍රන්‍ථ වූවාහු ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත වූවාහු ද වෙත්.
1152. කවර ධර්‍මයෝ ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද නො ද ග්‍රන්‍ථ ද වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ ග්‍රන්‍ථධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වූවාහු නම් ඒ ධර්‍මයන් තබා වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධය යන මේ ධර්‍මයෝ ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ද නො ද ග්‍රන්‍ථ ද වෙත්.
1153. කවර ධර්‍මයෝ ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ ග්‍රන්‍ථධර්‍මයන්ගෙන් විප්‍රයුක්ත වූවාහු නම් කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වූවාහු වෙත්.
1154. කවර ධර්‍මයෝ ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වූවාහු වෙති යත්:
අපර්‍ය්‍යාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ ග්‍රන්‍ථවිප්‍රයුක්ත අග්‍රන්‍ථනීය වූවාහු වෙත්.
ග්‍රන්‍ථ ගොච්ඡක යි.
1155. කවර ධර්‍මයෝ ඕඝ වෙති යත්: ...
ඕඝ ගොච්ඡක යි.
1156. කවර ධර්‍මයෝ යෝග වෙති යත්: ...
යෝග ගොච්ඡක යි.
1157. කවර ධර්‍මයෝ නීවරණ වෙති යත්:
නීවරණයෝ සදෙනෙකි: කාමච්ඡන්‍දනීවරණ යැ, ව්‍යාපාදනීවරණ යැ, ථීනමිද්ධනීවරණ යැ, උද්ධච්චකුක්කුච්චනීවරණ යැ, විචිකිච්ඡානීවරණ යැ, අවිද්‍යානීවරණ යි.
1158. එහි කාමච්ඡන්‍දනීවරණය කවරේ යත්:
කාම විෂයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණායෙක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමුර්ඡායෙක් කාමාධ්‍යාවසානයෙක් ඇද්ද මේ කාමච්ඡන්‍ද නීවරණ යයි කියනු ලැබේ.
1159. එහි ව්‍යාපාදනීවරණ කවරේ යත්:
‘මට අනර්‍ත්‍ථ කෙළැ’යි ආඝාත උපදී. ‘මට අනර්‍ත්‍ථ කෙරෙයි’ ආඝාත උපදී. ‘මට අනර්‍ත්‍ථ කරන්නේ’යි ආඝාත උපදී. ‘මාගේ ප්‍රියමනාප වූවහුට අනර්‍ත්‍ථ කෙළේ ... අනර්‍ත්‍ථ කෙරෙයි ... අනර්‍ත්‍ථ කරන්නේ ය’යි ආඝාත උපදී. ‘මාගේ අප්‍රිය අමනාප වූවහුට අර්‍ත්‍ථ කෙළේ යැ ... අර්‍ත්‍ථ කෙරෙයි ... අර්‍ත්‍ථ කරන්නේ යයි ආඝාත උපදී. යළි අස්ථානයෙහි හෝ ආඝාත උපදී. මෙබඳු වූ යම් චිත්තයාගේ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් කෝපයෙක් ප්‍රකෝපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වේෂයෙක් සම්ප්‍රද්වේෂයෙක් චිත්තයාගේ පෙරැළීමෙක් චිත්තයාගේ ප්‍රදෝෂයෙක් ක්‍රෝධයෙක් කිපෙන අයුරෙක් කිපුණු බවෙක් දෝෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂ්‍ය බවෙක් පෙරැළීමෙක් පෙරැළෙන අයුරෙක් පෙරැළුණු බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් චණ්ඩ බවෙක් වාක් අපරිපූර්‍ණතායෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් ඇද්ද, මේ ව්‍යාපාදනීවරණ යයි කියනු ලැබේ.
1160. එහි ථීනමිද්ධනීවරණ කවරේ යත්:
ථීනයෙක් ඇත, මිද්ධයෙක් ඇති.
1161. එහි ථීනය කවරේ යත්:
චිත්තයාගේ යම් අකල්‍ය (ගිලන්) බවෙක් අකර්‍මණ්‍ය බවෙක් එලෙන අයුරෙක් මොනවට එලෙන අයුරෙක් හැකිළීමෙක් හැකිළෙන අයුරෙක් හැකුළුණු බවෙක් ස්ත්‍යානයෙක් ස්ත්‍යානාකාරයෙක් ස්ත්‍යානභාවයෙක් (තද බවෙක්) වේ ද, මේ ථීන යයි කියනු ලැබේ.
1162. එහි මිද්ධය කවරේ යත්:
කයෙහි යම් ගිලන් බවෙක් අකර්‍මණ්‍යභාවයෙක් බැඳීමෙක් හාත්පසින් බැඳීමෙක් ඇතුළත ඇවිරීමෙක් (අකර්‍මණ්‍යභාවයෙක්) පෙළීමෙක් නිද්‍රායෙක් (ඇස් පිය සැලීම් ආදී) සල බවෙක් නිදන අයුරෙක් නිදිගත් බවෙක් ඇද්ද, මේ මිද්ධ යයි කියනු ලැබේ. මෙසේ මේ ථීනයත් මේ මිද්ධයත් ථීනමිද්ධනීවරණ යයි කියනු ලැබේ.
1163. එහි උද්ධච්චකුක්කුච්චනීවරණ කවරේ යත්:
උද්ධච්චයෙක් ඇත, කුක්කුච්චයෙක් ඇති.
1164. එහි උද්ධච්ච කවරේ යත්:
චිත්තයාගේ යම් උද්ධත භාවයෙක් නො සන්හිඳීමෙක් චිත්ත වික්‍ෂේපයෙක් චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් ඇද්ද, මේ උද්ධච්ච යයි කියනු ලැබේ.
1165. එහි කුක්කුච්ච කවරේ යත්:
අකැපයෙහි කැප සංඥා ඇති බව යැ, කැපයෙහි අකප්‍යසංඥා ඇති බව යැ, අවද්‍යෙයහි වද්‍යසංඥා ඇති බව යැ, වද්‍යෙයහි අවද්‍යසංඥා ඇති බව යැ යන මෙබඳු යම් කුකුසෙක් කුකුස් අයුරෙක් කුකුස් කළ බවෙක් චිත්තයාගේ විපිළිසරයෙක් සිත හිරිනැගීමෙක් ඇද්ද, මේ කුක්කුච්ච යයි කියනු ලැබේ. මෙසේ මේ උද්ධච්චයත් මේ කුක්කුච්චයත් යන මේ උද්ධච්චකුක්කුච්චනීවරණ යයි කියනු ලැබේ.
1166. එහි විචිකිච්ඡා නීවරණ කවරේයත්:
ශාස්තෘන් කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ධර්‍මයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ත්‍රිවිධ ශික්‍ෂායෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. පූර්‍වාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. අපරාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. පූර්‍වාපරාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයන්හි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. මෙබඳු වූ යම් සැකයෙක් සැකයට පැමිණීමෙක් සැකයට පැමිණි බවෙක් විමතියෙක් විචිකිත්සායෙක් ද්වෙළ්හකයෙක් ද්විධාපථයෙක් සැකයෙක් අනේකාන්තග්‍රාහයෙක් පසුබැසීමෙක් හාත්පසින් පසුබැසීමෙක් නො බැසගැනීමෙක් චිත්තයාගේ තද බවෙක් මනෝවිලේඛයෙක් ඇද්ද, මේ විචිකිච්ඡානීවරණ යයි කියනු ලැබේ.
1167. එහි අවිද්‍යානීවරණ කවරේ යත්:
දුඃඛසත්‍යයෙහි නො දැනීම යැ, දුඃඛසමුදයෙහි නො දැනීම යැ, දුඃඛනිරෝධයෙහි නො දැනීම යැ, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි නො දැනීම යැ, පූර්‍වාන්තයෙහි නො දැනීම යැ, අපරාන්තයෙහි නො දැනීම යැ, පූර්‍වාපරාන්තයෙහි නො දැනීම යැ, ඉදම්ප්‍රත්‍යතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයෙහි නො දැනීම යැ යන නොදැනීමෙක් අදර්‍ශනයෙක් ධර්‍මයට නුවණින් අනභිමුඛ වීමෙක් අනවබෝධයෙක් අනිත්‍යාදි විසින් නො දැනීමෙක් සිවුසස් නො දැනීමෙක් (අනිත්‍යාදි වශයෙන්) සඟහා නො ගැනීමෙක් හාත්පසින් නො ගැනීමෙක් සමව නො දැක්මෙක් ධර්‍මස්වභාවය නො දැකීමෙක් (කුශලාකුශලයන්) ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් අපවිත්‍ර බවෙක් බාල බවෙක් මුළායෙක් බලවත් මෝහයෙක් සම්මෝහයෙක් අවිද්‍යායෙක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාලඞ්ගියෙක් අකුශලමූලයෙක් ඇද්ද, මේ අවිද්‍යානීවරණ යි කියනු ලැබේ.
මේ ධර්‍මයෝ නීවරණයෝ යි.
1168. නීවරණ නො වූ ධර්‍මයෝ කවරහ යත්:
ඒ නීවරණ ධර්‍මයන් තබා ශේෂ වූ කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශලාව්‍යාකෘත වූ ධර්‍මයෝ යැ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු නීවරණ නො වූ ධර්‍මයෝ යි.
1169. කවර ධර්‍මයෝ නීවරණීය වෙති යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මොහු නීවරණීය ධර්‍මයෝ යි.
1170. කවර දහම්හු අනීවරණීය වෙති යත්:
අපරියාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ අනීවරණීය වෙත්.
1171. කවර ධර්‍මයෝ නීවරණසම්ප්‍රයුක්ත වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ නීවරණධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වූවාහු ද, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ නීවරණ සම්ප්‍රයුක්තයෝ යි.
1172. කවර ධර්‍මයෝ නීවරණවිප්‍රයුක්ත වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ නීවරණධර්‍මයන්ගෙන් විප්‍රයුක්ත වූවාහු ද, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ නීවරණවිප්‍රයුක්තයෝ යි.
1173. කවර ධර්‍මයෝ නීවරණ ද නීවරණීය ද වෙති යත්:
ඒ නීවරණයෝ මැ නීවරණයෝ ද නීවරණීය වූවාහු ද වෙත්.
1174. කවර ධර්‍මයෝ නීවරණීය ද නො ද නීවරණ ද වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ නීවරණධර්‍මයන්ගෙන් නීවරණීය වෙත් ද ඒ ධර්‍මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ නීවරණීය ද නො ද නීවරණ ද වෙත්.
1175. කවර ධර්‍මයෝ නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙති යත්:
කාමච්ඡන්‍දනීවරණය අවිද්‍යානීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යානීවරණය කාමච්ඡන්‍දනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. ව්‍යාපාදනීවරණය අවිද්‍යානීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යානීවරණය ව්‍යාපාදනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. ථීනමිද්ධනීවරණය අවිද්‍යානීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යානීවරණය ථීනමිද්ධනීවරණය හා නීවරණ ද නීවරණ සම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චනීවරණය අවිද්‍යානීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යානීවරණය උද්ධච්චනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. කුක්කුච්චනීවරණය අවිද්‍යානීවරණය හා නීවරණ ද නීවරණ සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යානීවරණය කුක්කුච්චනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. විචිකිච්ඡානීවරණය අවිජ්ජානීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. අවිජ්ජානීවරණය විචිකිච්ඡානීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. කාමච්ඡන්‍දනීවරණය උද්ධච්චනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චනීවරණය කාමච්ඡන්‍දනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. ව්‍යාපාදනීවරණය උද්ධච්චනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චනීවරණය ව්‍යාපාදනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. ථීනමිද්ධනීවරණය උද්ධච්චනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චනීවරණය ථීනමිද්ධනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. කුක්කුච්චනීවරණය උද්ධච්චනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චනීවරණය කුක්කුච්චනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. විචිකිච්ඡානීවරණය උද්ධච්චනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චනීවරණය විචිකිච්ඡානීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. අවිජ්ජානීවරණය උද්ධච්චනීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චනීවරණය අවිජ්ජානීවරණය හා නීවරණ ද නීවරණසම්ප්‍රයුක්ත ද වෙයි. මේ ධර්‍මයෝ නීවරණ වූවාහු ද නීවරණසම්ප්‍රයුක්ත වූවාහු ද වෙත්.
1176. කවර ධර්‍මයෝ නීවරණසම්ප්‍රයුක්ත වූවාහු ද නො ද නීවරණ වූවාහු ද වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ නීවරණ ධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් තබා වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ නීවරණසම්ප්‍රයුක්ත වූවාහු ද නො ද නීවරණ වූවාහු ද වෙත්.
1177. කවර ධර්‍මයෝ නීවරණවිප්‍රයුක්ත නීවරණීය වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ නීවරණධර්‍මයෙන් විප්‍රයුක්ත වූවාහු කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍ම කෙනෙක් ඇද්ද, රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ නීවරණවිප්‍රයුක්ත නීවරණීය වෙත්.
1178. කවර ධර්‍මයෝ නීවරණවිප්‍රයුක්ත අනීවරණීය වෙති යත්:
අපරියාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ නීවරණවිප්‍රයුක්ත අනීවරණීය වෙත්.
නීවරණ ගොච්ඡක යි.
1179. කවර ධර්‍මයෝ පරාමාස වෙති යත්:
දෘෂ්ටි පරාමර්‍ශයයි.
1180. එහි දෘෂ්ටිපරාමර්‍ශ කවරේ යත්:
ස්කන්‍ධ සඞ්ඛ්‍යාත ලෝකය ශාශ්වත යැ හෝ ලෝකය අශාශ්වත යැ හෝ ලෝකය අන්තවත් යැ හෝ ලෝකය අනන්තවත් යැ හෝ ඒ මැ ජීව යැ ඒ මැ ශරීර යැ යි හෝ ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි හෝ සත්ත්‍වයා මරණින් මතුයෙහි වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතුයෙහි වන්නේත් නො ද වන්නේත් වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතුයෙහි නො මැ වෙයි නො වන්නේ නො වේ යයි හෝ මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිලෝමයෙක් දෘෂ්ටිවිස්ඵන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටා සිටීමෙක් අභිනිවේශයෙක් කුන්මාර්‍ගයෙක් මිත්‍ථ්‍යාපථයෙක් මිත්‍ථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මේ දෘෂ්ටිපරාමර්‍ශය යි කියනු ලැබේ. හැම මිථ්‍යාදෘෂ්ටි දෘෂ්ටිපරාමර්‍ශ යි. මේ ධර්‍මයෝ පරාමර්‍ශයෝ යි.
1181. කවර ධර්‍මයෝ පරාමාස නො වෙති යත්:
ඒ පරාමාස ධර්‍මයන් තබා අවශේෂ කාමාවචර රූපාවර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ පරාමාස නො වෙත්.
1182. කවර ධර්‍මයෝ පරාමෘෂ්ට වෙති යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධයැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ පරාමෘෂ්ටයෝ යි.
1183. කවර ධර්‍මයෝ අපරාමෘෂ්ට වෙති යත්:
අපරියාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ අපරාමෘෂ්ටයෝ යි.
1184. කවර ධර්‍මයෝ පරාමර්‍ශසම්ප්‍රයුක්ත වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ පරාමර්‍ශ ධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වූවාහු ද, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ පරාමර්‍ශසම්ප්‍රයුක්තයෝ යි.
1185. කවර ධර්‍මයෝ පරාමර්‍ශවිප්‍රයුක්ත වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ පරාමර්‍ශ ධර්‍මයන්ගෙන් විප්‍රයුක්ත වූවාහු ද, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ පරාමර්‍ශවිප්‍රයුක්තයෝ යි.
1186. කවර ධර්‍මයෝ පරාමර්‍ශ වූවාහු ද පරාමෘෂ්ට වූවාහු ද වෙති යත්:
ඒ පරාමර්‍ශ මැ පරාමර්‍ශ ද පරාමෘෂ්ට ද වෙත්.
1187. කවර ධර්‍මයෝ පරාමෘෂ්ට වූවාහු ද නො ද පරාමර්‍ශ වූවාහු ද වෙති යත්:
ඒ පරාමර්‍ශ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් පරාමෘෂ්ට වෙත් ද ඒ ධර්‍මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර සාස්‍රව වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ, රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ පරාමෘෂ්ට ද නො ද පරාමර්‍ශ ද වෙත්.
1188. කවර ධර්‍මයෝ පරාමර්‍ශ විප්‍රයුක්ත වූ පරාමෘෂ්ටයෝ වෙති යත්:
ඒ ධර්‍මයන්ගෙන් යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වෙත් ද, කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ, රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ පරාමර්‍ශවිප්‍රයුක්ත වූ පරාමෘෂ්ටයෝ යි.
1189. කවර ධර්‍මයෝ පරාමර්‍ශවිප්‍රයුක්ත අපරාමෘෂ්ටයෝ වෙති යත්:
අපර්‍ය්‍යාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ පරාමර්‍ශවිප්‍රයුක්ත වූ අපරාමෘෂ්ටයෝ යි.
පරාමාස ගොච්ඡක යි.
1190. කවර ධර්‍මයෝ සාරම්මණ වෙති යත්:
වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ විඥානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ සාලම්බනයෝ යි.
1191. කවර ධර්‍මයෝ අනාලම්බන වෙති යත්:
හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ අනාලම්බනයෝ යි.