Dhammasaṅgaṇī

Enumeration of Phenomena

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 3932 segments

පෙන්වන කොටස් 201-300 න් 3932

එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් (පණ්ඩර වූ) භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද - මේ එසමයෙහි චිත්තය වේ.
7. කවරෙක් එසමයෙහි විතර්‍ක වෙයි යත්:
එසමයෙහි යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයයෙක් අර්‍පණයෙක් බලවත් අර්‍පණයෙක් (අරමුණෙහි) සිත පිහිටුවීමෙක් සම්‍යක්සංකල්පයෙක් වේ ද - මේ එසමයෙහි විතර්‍කය වේ.
8. කවරෙක් එසමයෙහි විචාර වෙයි යත්:
එසමයෙහි යම් (අරමුණෙහි හැසිරෙන) වාරයෙක් විචාරයෙක් අනුවිචාරයෙක් උපවිචාරයෙක් (අරමුණෙහි) සිත ගළපන බවෙක් අනුප්‍රේක්‍ෂණතායෙක් වේ ද - මේ එසමයෙහි විචාරය වේ.
9. කවරෙක් එසමයෙහි ප්‍රීති වෙයි යත්:
එසමයෙහි යම් ප්‍රීතියෙක් ප්‍රාමෝද්‍ය (තරුණප්‍රීති) යෙක් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් ප්‍රීතිධනයෙක් ඔදවැඩි බවෙක් චිත්තයා ගේ සතුටු බවෙක් වේ ද - මේ එසමයෙහි ප්‍රීතිය වේ.
10. කවරෙක් එසමයෙහි සුඛ වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික මිහිරෙක් චෛතසික සුඛයෙක් චිත්ත සංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවෙදනායෙක් වේ ද - මේ එසමයෙහි සුඛවේදනාව වේ.
11. කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:
එසමයෙහි චිත්තයා ගේ යම් (නිසල බැවින් අරමුණෙහි) සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක් සමාධියෙක් වේ ද - මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ.
12. කවරෙක් එසමයෙහි ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් ශ්‍රද්ධාවෙක් හැදැහීම් අයුරෙක් (ගුණයෙහි) බැසැ ගැනීමෙක් අභිප්‍රසාදයෙක් සැදැහැයෙක් ශ්‍රද්ධේන්‍ද්‍රියයෙක් ශ්‍රද්ධාබලයෙක් වේ ද - මේ එසමයෙහි ශ්‍රද්ධේන්‍ද්‍රිය වේ.
13. කවරෙක් එසමයෙහි වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් නිෂ්ක්‍රම (කුසීත බැවින් නික්මෙන) වීර්‍ය්‍යයෙක් පරාක්‍රම (වීර්‍ය්‍ය) යෙක් උද්‍යාමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් දෘඪපරාක්‍රම (ථාම) යෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිර පරාක්‍රමතායෙක් නො තැබූ ඡන්‍දය ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් වීර්‍ය්‍ය දැඩි වැ ගැනීමෙක් වේ ද, වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද - මේ එසමයෙහි වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වේ.
14. කවරෙක් එසමයෙහි ස්මෘතින්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් ස්මෘතියෙක් (සිහි කිරීමෙක්) පුනපුනා සිහි කිරීමෙක් අභිමුඛ කොට සිහි කිරීමෙක්, ස්මෘති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් අරමුණෙහි පිවිසෙන බවෙක් සිහිය නො නස්නා බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් වේ ද - මේ එසමයෙහි ස්මෘතීන්‍ද්‍රිය වේ.
15. කවරෙක් එසමයෙහි සාමාධීන්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනොවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සාමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක් සමාධියෙක් වේ ද - මේ එසමයෙහි සමාධීන්‍ද්‍රිය වේ.
16. කවරෙක් එසමයෙහි ප්‍රඥේන්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් ප්‍රඥායෙක් දන්නා අයුරෙක් (අනිත්‍යාදිය) විමසීමෙක් ප්‍රවිචයයෙක් ධර්‍මවිචයයෙක් (අනිත්‍යාදිය) සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පණ්ඩිත බවෙක් කුශල බවෙක් නිපුණ බවෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරිප්‍රඥායෙක් (කෙලෙසුන් නසන හෙයින්) මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් (සිත විදර්‍ශනාවීථියට නගන) පතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ එසමයෙහි ප්‍රඥේන්‍ද්‍රිය වේ.
17. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් චිත්තයෙක් භවාඞ්ගචිත්තයෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි මනින්‍ද්‍රිය වේ.
18. කවරෙක් එසමයෙහි සෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික මිහිරෙක් චෛතසික සුඛයෙක් චේතෝසම්ඵස්සජ - සාත - සුඛ - වේදනායෙක් වේ ද - මේ එසමයෙහි සෝමනස්සින්‍ද්‍රිය වේ.
19. කවරෙක් එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්:
ඒ අරූපීධර්‍මයන්ගේ යම් ආයුෂයෙක් සිටීමෙක් යපනයෙක් යැපීමෙක් ඉරියව් පැවැත්මෙක් වර්‍තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද - මේ එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වේ.
20. කවරෙක් එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වෙයි යත්:
එසමයෙහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් විචයයෙක් ප්‍රවිචයයෙක් ධර්‍මවිචයයෙක් සංලක්‍ෂණයෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරී (-පතළ)ප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතෝදැයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වේ.
21. කවරෙක් එසමයෙහි සම්‍යක්සංකල්ප වෙයි යත්:
එසමයෙහි යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයයෙක් අර්‍පණයෙක් බලවත් අර්‍පණයෙක් චිත්තයාගේ අභිනිරෝපණයෙක් සම්‍යක්සංකල්පයෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යක්සංකල්ප වේ.
22. කවරෙක් එසමයෙහි සම්‍යක්ව්‍යායාම වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් (කුසීත බැවින්) නික්මීමෙක් පරාක්‍රමයෙක් උද්‍යාමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් දෘඪ පරාක්‍රමයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිරපරාක්‍රමයෙක් නො තැබූ ඡන්‍දය ඇති බවෙක් නො තැබූ ධූර ඇති බවෙක් වීර්‍ය්‍යය දැඩි වැ ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යග්ව්‍යායාම වේ.
23. කවරක් එසමයෙහි සම්‍යක්ස්මෘති වෙයි යත්:
එසමයෙහි යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ප්‍රතිස්මෘතියෙක් සති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් අරමුණෙහි පිවිසෙන බවෙක් සිහිය නො නස්නා බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘති බලයෙක් සම්‍යක්ස්මෘතියෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යක්ස්මෘති වේ.
24. කවරෙක් එසමයෙහි සම්‍යක්සමාධි වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනොවට සිටීමෙක් බැසැ ගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක් සමාධියෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යක්සමාධි වේ.
25. කවරෙක් එසමයෙහි ශ්‍රද්ධාබල වෙයි යත්:
එසමයෙහි යම් ශ්‍රද්ධායෙක් හදහන අයුරෙක් (ගුණයෙහි) බැසැ ගැනීමෙක් අභිප්‍රසාදයෙක්, ශ්‍රද්ධාවෙක් ශ්‍රද්ධේන්‍ද්‍රියයෙක් ශ්‍රද්ධාබලයෙක් වේ ද - මේ එසමයෙහි ශ්‍රද්ධාබල වේ.
26. කවරෙක් එසමයෙහි වීර්‍ය්‍යබල වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් නික්මීමෙක් පරාක්‍රමයෙක් උද්‍යමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් දෘඪොත්සාහයෙක් දෘඪපරාක්‍රමයෙක් ධෘතියෙක් ස්ථිරපරාක්‍රමයෙක් අතික්‍ෂිප්තඡන්‍දතායෙක් අතික්‍ෂිප්තධුරතායෙක් ධුරසම්ප්‍රග්‍රාහයෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද - මේ එසමයෙහි වීර්‍ය්‍යබල වේ.
27. කවරෙක් එසමයෙහි ස්මෘතිබල වෙයි යත්:
එසමයෙහි යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ප්‍රතිස්මෘතියෙක් සති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් අරමුණෙහි පිවිසෙන බවෙක් සිහිය නො නස්නා බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘති බලයෙක් සම්‍යක්ස්මෘතියෙක් වේ ද - මේ එසමයෙහි ස්මෘතිබල වේ.
28. කවරෙක් එසමයෙහි සමාධිබල වෙයි යත්:
එසමයෙහි යම් චිත්තයාගේ සිටීමෙක් මොනොවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක් සමාධියෙක් වේ ද - මේ එසමයෙහි සමාධිබල වේ.
29. කවරෙක් එසමයෙහි ප්‍රඥාබල වෙයි යත්:
එසමයෙහි යම් ප්‍රඥායෙක් පජානනයෙක් විචයයෙක් ප්‍රවිචයයෙක් ධර්‍මවිචයයෙක් සංලක්‍ෂණයෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරි (පතළ) ප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යක්දෘෂ්ටියෙක් වේ ද - මේ එසමයෙහි ප්‍රඥාබල වේ.
30. කවරෙක් එසමයෙහි හිරිබල වෙයි යත්:
එසමයෙහි යමෙකින් ලජ්ජාවියයුතු කායදුශ්චරිතාදිය ජුගුප්සා කෙරේ ද, ලාමක අකුශලධර්‍මයන්ට පැමිණීම ජුගුප්සා කෙරේ ද- මේ එසමයෙහි හිරිබල වේ.
31. කවරෙක් එසමයෙහි ඔත්තප්පබල වෙයි යත්:
එසමයෙහි යමෙකින් බියට කරුණු වූ කායදුශ්චරිතාදිය හේතු කොට ගෙන බිය ගනී ද, ලාමක වූ අකුශලධර්‍මයන්ට පැමිණීමෙන් තැතිගනී ද - මේ එසමයෙහි ඔත්තප්පබල වේ.
32. කවරෙක් එසමයෙහි අලෝභ වෙයි යත්:
එසමයෙහි යම් අලොභයෙක් අලෝභාකාරයෙක් අලුබ්ධ බවෙක් නො ඇලීමෙක් නො ඇලෙන අයුරෙක් නො ඇලුණු බවෙක් අනභිධ්‍යායෙක් අලෝභ සඞ්ඛ්‍යාත වූ කුශලමූලයෙක් වේ ද - මේ එසමයෙහි අලෝභ වේ.
33. කවරෙක් එසමයෙහි අද්වේෂ වෙයි යත්:
එසමයෙහි යම් අද්වෙෂයෙක් අද්වේෂාකාරයෙක් අද්විෂ්ට බවෙක් අව්‍යාපාදයෙක් නිදුක් බවෙක් අද්වේෂ සඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද - මේ එසමයෙහි අද්වේෂ වේ.
34. කවරෙක් එසමයෙහි අමොහ වෙයි යත්:
එසමයෙහි යම් ප්‍රඥායෙක් වෙසෙසින් දැනීමෙක් විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් සිවුසස් දහම් විමසීමෙක් (අනිත්‍යාදි වශයෙන්) සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පණ්ඩිත බවෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරී (-පතළ) ප්‍රඥායෙක් මේධා සඞ්ඛ්‍යාත ප්‍රඥායෙක් (යාථාවලක්‍ෂණ ප්‍රතිවේධයට පමුණුවන) පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් (ප්‍රඥා සඞ්ඛ්‍යාත) පතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥා-ආලොකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් අමොහ සඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද - මේ එසමයෙහි අමොහ වේ.
35. කවරෙක් එසමයෙහි අනභිධ්‍යා වෙයි යත්:
එසමයෙහි යම් අලොභයෙක් අලෝභාකාරයෙක් අලුබ්ධ බවෙක් නො ඇලීමෙක් නො ඇලෙන අයුරෙක් නො ඇලුණු බවෙක් අනභිධ්‍යායෙක් අලෝභ සඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද - මේ එසමයෙහි අනභිධ්‍යා වේ.
36. කවරෙක් එසමයෙහි අව්‍යාපාද වෙයි යත්:
එසමයෙහි යම් අද්වෙෂයෙක් අද්වේෂාකාරයෙක් අද්විෂ්ට බවෙක් අව්‍යාපාදයෙක් නිදුක් බවෙක් අද්වේෂ සඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද - මේ එසමයෙහි අව්‍යාපාද වේ.
37. කවරෙක් එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වෙයි යත්:
එසමයෙහි යම් ප්‍රඥාවෙක් වෙසෙසින් දැනීමෙක් විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් ධර්‍මවිචයයෙක් සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරි සඞ්ඛ්‍යාත ප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥා-ආලොකයෙක් ප්‍රඥා-අවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යග්දෘෂ්ටි වේ.
38. කවරෙක් එසමයෙහි හිරි වෙයි යත්:
එසමයෙහි යමෙකින් ලජ්ජා විය යුතු කායදුශ්චරිතාදිය ජුගුප්සා කෙරේ ද - මේ එසමයෙහි හිරි වේ.
39. කවරෙක් එසමයෙහි අපත්‍රපා වෙයි යත්:
එසමයෙහි යමෙකින් බියට කරුණු වූ කායදුශ්චරිතාදිය හේතු කොටගෙන ත්‍රස්ත වේ ද, ලාමක වූ අකුශල ධර්‍මයන්ට පැමිණීමෙන් ත්‍රස්ත වේ ද - මේ එසමයෙහි අපත්‍රපා වේ.
40. කවරෙක් එසමයෙහි කායප්‍රශ්‍රබ්ධි වෙයි යත්:
එසමයෙහි වේදනාස්ඛන්‍ධයා ගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් සන්හිඳීමෙක් වෙසෙසින් සන්හිඳීමෙක් සන්හිඳුණු අයුරෙක් වෙසෙසින් සන්හිඳුණු අයුරෙක් සන්හිඳුණු බවෙක් වේ ද - මේ එසමයෙහි කායප්‍රශ්‍රබ්ධි වේ.
41. කවරෙක් එසමයෙහි චිත්තප්‍රශබ්ධි වෙයි යත්:
එසමයෙහි විඥානස්කන්‍ධයා ගේ යම් සංහිඳීමෙක් වෙසෙසින් සන්හිඳීමෙක් සන්හිඳුණු අයුරෙක් වෙසෙසින් සන්හිඳුණු අයුරෙක් සන්හිඳුණු බවෙක් වේ ද - මේ එසමයෙහි චිත්තප්‍රශබ්ධි වේ.
42. කවරෙක් එසමයෙහි කායලඝුතා වෙයි යත්:
එසමයෙහි වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් ලඝුත්‍වයෙක් යුහුව පෙරැළෙන බවෙක් නො බර බවෙක් නො තද බවෙක් වේ ද - මේ එසමයෙහි කායලඝුතා වේ.
43. කවරෙක් එසමයෙහි චිත්තලඝුතා වෙයි යත්:
එසමයෙහි විඥානස්කන්‍ධයා ගේ යම් ලඝුත්‍වයෙක් යුහුව පෙරැළෙන බවෙක් නො බර බවෙක් නො තද බවෙක් වේ ද - මේ එසමයෙහි චිත්තලඝුතා වේ.
44. කවරෙක් එසමයෙහි කායමෘදුතා වෙයි යත්:
එසමයෙහි වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් මෘදු බවෙක් මර්‍දවයෙක් නො කැකුළු බවෙක් නො තද බවෙක් වේ ද - මේ එසමයෙහි කායමෘදුතා වේ.
45. කවරක් එසමයෙහි චිත්තමෘදුතා වෙයි යත්:
එසමයෙහි විඥානස්කන්‍ධයා ගේ යම් මෘදුත්‍වයෙක් මර්‍දවයෙක් නො කැකුළු බවෙක් නො තද බවෙක් වේ ද - මේ එසමයෙහි චිත්තමෘදුතා වේ.
46. කවරෙක් එසමයෙහි කායකර්‍මණ්‍යතා වෙයි යත්:
එසමයෙහි වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් කර්‍මණ්‍යතායෙක් කර්‍මණ්‍යත්‍වයෙක් කර්‍මණ්‍ය බවෙක් වේ ද - මේ එසමයෙහි කායකර්‍මණ්‍යතා වේ.
47. කවරෙක් එසමයෙහි චිත්තකර්‍මණ්‍යතා වෙයි යත්:
එසමයෙහි විඥානස්කන්‍ධයා ගේ යම් කර්‍මණ්‍යතායෙක් කර්‍මණ්‍යත්‍වයෙක් කර්‍මණ්‍ය බවෙක් වේ ද - මේ එසමයෙහි චිත්තකර්‍මණ්‍යතා වේ.
48. කවරක් එසමයෙහි කායප්‍රාගුණ්‍ය වෙයි යත්:
එසමයෙහි වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් ප්‍රගුණතායෙක් ප්‍රගුණත්‍වයෙක් ප්‍රගුණ බවෙක් වේ ද - මේ එසමයෙහි කායප්‍රාගුණ්‍ය වේ.
49. කවරෙක් එසමයෙහි චිත්තප්‍රාගුණ්‍ය වෙයි යත්:
එසමයෙහි විඥානස්කන්‍ධයා ගේ යම් ප්‍රාගුණ්‍යයෙක් ප්‍රගුණත්‍වයෙක් ප්‍රගුණ බවෙක් වේ ද - මේ එසමයෙහි චිත්තප්‍රාගුණ්‍ය වේ.
50. කවරෙක් එසමයෙහි කායර්ජුකතා වෙයි යත්:
එසමයෙහි වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් ඍජුතායෙක් සෘජුත්‍වයෙක් අජිම්හතායෙක් අවඞ්කතායෙක් අකුටිලතායෙක් වේ ද - මේ එසමයෙහි කායර්ජුකතා වේ.
51. කවරෙක් එසමයෙහි චිත්තර්ජුකතා වෙයි යත්:
එසමයෙහි විඥානස්කන්‍ධයා ගේ යම් ඍජුතායෙක් සෘජුත්‍වයෙක් අජිහ්මතායෙක් අවඞ්කතායෙක් අකුටිලතායෙක් වේ ද - මේ එසමයෙහි චිත්තර්ජුකතා වේ.
52. කවරෙක් එසමයෙහි ස්මෘති වෙයි යත්:
එසමයෙහි යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ප්‍රතිස්මෘතියෙක් සති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් (අරමුණෙහි) පිවිසෙන බවෙක් සිහිය නො නස්නා බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘති බලයෙක් සම්‍යක්ස්මෘතියෙක් වේ ද - මේ එසමයෙහි ස්මෘති වේ.
53. කවරෙක් එසමයෙහි සම්‍යග්ඥාන වෙයි යත්:
එසමයෙහි යම් ප්‍රඥාවෙක් වෙසෙසින් දැනීමෙක් විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් ධර්‍මවිචයයෙක් සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශලයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරි සඞ්ඛ්‍යාත (පැතිරුණු) ප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් (ප්‍රඥාසඞ්ඛ්‍යාත) පතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද - මේ එසමයෙහි සම්‍යග්ඥාන වේ.
54. කවරෙක් එසමයෙහි ශමථ වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනොවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂප්යෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් වේ ද - මේ එසමයෙහි ශමථ වේ.
55. කවරෙක් එසමයෙහි විදර්‍ශනා වෙයි යත්:
එසමයෙහි යම් ප්‍රඥාවෙක් වෙසෙසින් දැනීමෙක් විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් ධර්‍මවිචයයෙක් සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පණ්ඩිත බවෙක් කුශල බවෙක් නිපුණ බවෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරි ප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් (නො මඟ යන සිත වීථියට නඟන) පතෝදය වැනි ප්‍රඥායෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥා-අවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද - මේ එසමයෙහි විදර්‍ශනා වෙයි.
56. කවරෙක් එසමයෙහි ප්‍රග්‍රාහ වෙයි යත්: