යම් අලෝභයෙක් අලෝභකාරයෙක් අලුබ්ධ බවෙක් නො ඇලීමෙක් නො ඇලෙන අයුරෙක් නො ඇලුණු බවෙක් අනභිධ්‍යායෙක් අලෝභ සඞ්ඛ්‍යාත කුශල මූලයෙක් වේ ද, මේ අලෝභ ය යි කියනු ලැබේ.
1061. එහි අද්වේෂ කවරේ යත්:
යම් අද්වේෂයෙක් අද්වේෂාකාරයෙක් අද්විෂ්ට බවෙක් මෛත්‍රියක් මෛත්‍ර්‍යාකාරයෙක් මෛත්‍රී ඇති බවෙක් අනුද්දයාවෙක් (රැකීමෙක්) අනුද්දයාකාරයෙක් අනුද්දයා ඇති බවෙක් හිතෛෂී බවෙක් අනුකම්පායෙක් අව්‍යාපාදයෙක් ක්‍රෝධ දුඃඛය නැති බවෙක් අදෝස සඞ්ඛ්‍යාත කුසල මූලයෙක් වේ ද, මේ අද්වේෂයයි කියනු ලැබේ.
1062. එහි අමෝහ කවරේ යත්:
දුඃඛසත්‍යයෙහි ඥානය, දුඃඛසමුදයෙහි ඥානය, දුඃඛනිරෝධයෙහි ඥානය, දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදායෙහි ඥානය, පූර්‍වාන්තයෙහි ඥානය, අපරාන්තයෙහි ඥානය, පූර්‍වාන්තාපරාන්තයෙහි ඥානය, ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයන්හි ඥානය, යන මෙබඳු වූ යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් (අනිත්‍යාදිය) විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් (අනිත්‍යාදීන්ගේ ලක්‍ෂණ වශයෙන්) සැලකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පණ්ඩිත බවෙක් කුසල බවෙක් නිපුණ බවෙක් (අනිත්‍යාදීන්ගේ) විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂාවෙක් භූරිප්‍රඥාවෙක් මේධා (ධාරණප්‍රඥා) වෙක් පරිණායිකාවක් විදර්‍ශනාවක් සම්‍යග්ඥානයෙක් (ප්‍රඥා) පතෝදයෙක් ප්‍රඥාවක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රෙයක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥා ආලෝකයෙක් ප්‍රඥා අවභාසයෙක් ප්‍රඥා ප්‍රද්‍යෝතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ අමෝහය යි කියනු ලැබේ.
මේ තුන් අකුසල් හේතු වෙත්.
1063. එහි තුන් අකුශලහේතු කවරහ යත්:
ලෝභ ය. දෝස ය. මෝහ යි.
1064. එහි ලෝභ කවරේ යත්:
යම් රාගයෙක් බලවත් රාගයෙක් අනුනයෙක් (විෂයයන්හි පැමිණැවීමෙක්) අනුරෝධයෙක් (ඇලීමෙක්) නන්‍දියෙක් නන්‍දිරාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් ඉච්ඡායෙක් මූර්ඡායෙක් බැසගෙන සිටීමෙක් ගිජු වීමෙක් හාත්පසින් ගිජු වීමෙක් ඇලීමෙක් පඞ්කයෙක් එජායෙක් මායාවක් (සසරැ උපදවන) ජනිකාවක් සඤ්ජනනියක්(චුති - පිළිසිඳ විසින්) හිවීමෙක් ජාලිනියක් සරිතාවක් විසත්තිකායෙක් සූත්‍ර(හූ)යෙක් පැතිරීමෙක් ආයූහිනියක් ද්විතීයාවක් ප්‍රණිධියෙක් භවරජ්ජු (රැහැන)යෙක් වනයෙක් වනථයෙක් සන්‍ථවයෙක් ස්නේහයෙක් අපේක්‍ෂායෙක් පටිබන්‍ධුයෙක් ආශායෙක් ආශංසනයෙක් ආශංසිත බවෙක් රූපාශායෙක් ශබ්ධාශායෙක් ගන්‍ධාශායෙක් රසාශායෙක් ස්ප්‍රෂ්ටව්‍යාශායෙක් ලාභාශායෙක් ධනාශායෙක් පුත්‍රාශායෙක් ජීවිතාශායෙක් ජල්පායෙක් ප්‍රජල්පායෙක් අභිජල්පායෙක් ජල්පනාකාරයෙක් ජල්පිත බවෙක් ලෝලුප බවෙක් ලෝලුපාකාරයෙක් ලෝලුපායිත බවෙක් නගුට සලන බවෙක් ස්වාදු කම්‍යතායෙක් අධර්‍මරාගයෙක් විෂමලෝභයෙක් නිකාන්තියෙක් කැමතිවන අයුරෙක් ප්‍රාර්‍ත්‍ථනායෙක් රිසි වීමෙක් සම්ප්‍රාර්‍ත්‍ථනායෙක් කාමතෘෂ්ණායෙක් භවතෘෂ්ණායෙක් විභවතෘෂ්ණායෙක් රූප (භව) තෘෂ්ණායෙක් අරූපතෘෂ්ණායෙක් නිරෝධතෘෂ්ණායෙක් රූපයෙහි තෘෂ්ණායෙක් ශබ්දතෘෂ්ණායෙක් ගන්‍ධතෘෂ්ණායෙක් රසතෘෂ්ණායෙක් ස්පෘෂ්ටව්‍යතෘෂ්ණායෙක් ධර්‍මතෘෂ්ණායෙක් ඕඝයෙක් යෝගයෙක් ග්‍රන්‍ථයෙක් උපාදානයෙක් (කුසලයන්ගේ) ආවරණයෙක් නීවරණයෙක් ඡාදනයෙක් බන්‍ධනයෙක් උපක්ලේශයෙක් අනුශයයෙක් (පරියුට්ඨාන) කුශලවාරය ගැනීමෙක් ලතායෙක් විවිධ ඉච්ඡායෙක් දුඃඛමූලයෙක් දුඃඛනිදානයෙක් දුඃඛප්‍රභවයෙක් මාරපාසයෙක් මාරබලිස (බිලි)යෙක් මාරවිෂයයෙක් තෘෂ්ණා නදියක් තෘෂ්ණා ජාලයෙක් තෘෂ්ණා ගර්දුලයෙක් තෘෂ්ණා සමුද්‍රයෙක් අභිධ්‍යායෙක් ලෝභ - අකුසල මූලයෙක් වේ ද, මේ ලෝභ ය යි කියනු ලැබේ.
1065. එහි ද්වේෂය කවරේ යත්:
‘මට අවැඩ කෙළේ’යි ආඝාත උපදී. ‘මට අවැඩ කෙරෙයි’ ආඝාත උපදී. ‘මට අවැඩ කරන්නේ’යි ආඝාත උපදී. ‘මාගේ ප්‍රිය මනාපය හට අනර්‍ත්‍ථ කෙළේය ... දැන් අනර්‍ත්‍ථ කෙරෙයි ... මතු අනර්‍ත්‍ථ කරන්නේ ය’යි ආඝාත උපදී. ‘මාගේ අප්‍රිය අමනාපය හට අර්‍ත්‍ථ කෙළේ ය … අර්‍ත්‍ථ කෙරෙයි ... අර්‍ත්‍ථ කරන්නේ ය’යි ආඝාත උපදී. යළි අස්ථානයෙහි ද ආඝාත උපදී. යම් මෙබඳු චිත්තයාගේ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරෝධයෙක් කෝපයෙක් ප්‍රකෝපයෙක් සම්ප්‍රකෝපයෙක් දෝෂයෙක් ප්‍රදෝෂයෙක් සම්ප්‍රදෝෂයෙක් චිත්තයාගේ විපන්න බවවෙක් මනස්ප්‍රදෝෂයෙක් ක්‍රෝධයෙක් කිපෙන අයුරෙක් කිපුණු බවෙක් දෝෂයෙක් දූෂණාකාරයෙක් දූෂිත බවෙක් ප්‍රකෘතිය හැරීමෙක් ප්‍රකෘතිය හරන අයුරෙක් ප්‍රකෘතිය හළ බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් සැඩ බවෙක් නො පිරිපුන් වචන ඇති බවෙක් චිත්තයාගේ අනත්තමන (නො සතුටු) භාවයෙක් වේ ද, මේ ද්වේෂ යයි කියනු ලැබේ.
1066. එහි මෝහය කවරේ යත්:
දුඃඛසත්‍යයෙහි නො දැනීම, දුඃඛසමුදයෙහි නො දැනීම, දුඃඛනිරෝධයෙහි නො දැනීම, දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදායෙහි නො දැනීම, පූර්‍වාන්තයෙහි නො දැනීම, අපරාන්තයෙහි නො දැනීම, පූර්‍වාන්තාපරාන්තයෙහි නො දැනීම. ඉදම්ප්‍රත්‍යතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයන්හි නො දැනීම, යන යම් මෙබඳු වූ අඥානයෙක් අදර්‍ශනයෙක් අනභිසමයෙක් අනනුබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් (අනිත්‍යාදි සාමාන්‍ය හෙයින්) මොනවට නො ගැනීමෙක් හාත්පසින් නො ගැනීමෙක් සමව නො දැකීමෙක් (ධර්‍මස්වභාවය) නො දැකීමෙක් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් දුර්මේධ්‍යයෙක් බාල බවෙක් අසම්‍යග්ඥානයෙක් මෝහයෙක් ප්‍රමෝහයෙක් සම්මෝහයෙක් අවිද්‍යාවක් අවිද්‍යෝඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාලඞ්ගියෙක් මෝහ - අකුශලමූලයෙක් වේ ද, මේ මෝහ යයි කියනු ලැබේ.
මේ තුන් අකුසල හේතු යි.
1067. එහි තුන් අව්‍යාකෘතහේතු කවරහ යත්:
කුශලධර්‍මයන්ගේ විපාක හෙයින් හෝ ක්‍රියා - අව්‍යාකෘත ධර්‍මයන්හි හෝ අලෝභ ය, අදෝස ය, අමෝහය යි. මොහු තුන් අව්‍යාකෘත හේතු යි.
1068. එහි නව කාමාවචර හේතු කවර යත්:
තුන් කුසල හේතු ය. තුන් අකුසල හේතුය. තුන් අව්‍යාකෘත හේතු යි. මොහු නව කාමාවචර හේතු යි.
1069. එහි ෂඩ් රූපාවචර හේතු කවරහ යත්:
තුන් කුසල හේතු ය. තුන් අව්‍යාකෘත හේතු යි. මොහු ෂඩ් රූපාවචර හේතු යි.
1070. එහි ෂඩ් අරූපාවචර හේතු කවරහ යත්:
තුන් කුසල හේතු ය. තුන් අව්‍යාකෘත හේතු යි. මොහු ෂඩ් අරූපාවචර හේතු යි.
1071. එහි ෂඩ් අපරියාපන්න හේතු කවරහ යත්:
තුන් කුසල හේතු ය. තුන් අව්‍යාකෘත හේතු යි. මොහු ෂඩ් අපරියාපන්න හේතු යි.
1072. එහි තුන් කුශල හේතු කවර යත්:
අලෝභ ය, අදෝස ය, අමෝහ යි.
1073. එහි අලෝභය කවරේ යත්:
යම් අලෝභයෙක් අලෝභකාරයෙක් අලුබ්ධ බවෙක් අසංරාගයෙක් අසංරක්තාකාරයෙක් අසංරක්ත බවෙක් අනභිධ්‍යාවක් අලෝභ - කුසල මූලයෙක් වේ ද, මේ අලෝභ යි කියනු ලැබේ.
1074. එහි අදෝසය කවරේ යත්:
යම් අදෝෂයෙක් අදූෂ්‍යාකාරයෙක් අදූෂිත බවෙක් ... අව්‍යාපාදයෙක් නිදුක් බවෙක් අද්වේෂ - කුශල මූලයෙක් වේ ද, මේ අදෝස ය යි කියනු ලැබේ.
1075. එහි අමෝහය කවරේ යත්:
දුඃඛසත්‍යයෙහි ඥානය, දුඃඛසමුදයෙහි ඥානය, දුඃඛනිරෝධයෙහි ඥානය, දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදායෙහි ඥානය, පූර්‍වාන්තයෙහි ඥානය, අපරාන්තයෙහි ඥානය, පූර්‍වාන්තාපරාන්තයෙහි ඥානය, ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයන්හි ඥානය, යන මෙබඳු වූ යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් විචයයෙක් ප්‍රවිචයයෙක් ධර්‍මවිචයයෙක් සංලක්‍ෂණයෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂාවෙක් භූරිප්‍රඥායෙක් ධාරණප්‍රඥායෙක් පරිණායිකාවක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥා - ආලෝකයෙක් ප්‍රඥා - අවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් මාර්‍ගාඞ්ගයෙක් මාර්‍ගපර්‍ය්‍යාපන්නයෙක් වේ ද, මේ අමෝහය යි කියනු ලැබේ.
මොහු තුන් කුසල හේතු යි.
1076. එහි තුන් අව්‍යාකෘත හේතු කවරහ යත්:
කුසල ධර්‍මයන්ගේ විපාක හෙයින් අලෝභ ය, අදෝස ය, අමෝහ ය, යන මොහු තුන් අව්‍යාකෘත හේතු යි.
මොහුසදෙන අපරියාපන්න හේතු යි.
මේ ධර්‍මයෝ හේතු නම් වෙත්.
1077. කවර ධර්‍මයෝ නහේතු (හේතු නො වූවාහු) වෙති යත්:
ඒ (හේතු) ධර්‍මයන් තබා අවශේෂ කාමාවචර - රූපාවචර - අරූපාවචර - අපරියාපන්න වූ කුශල - අකුශල - අව්‍යාකෘත ධර්‍මයෝ ය. වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛත (නිබ්බාන) ධාතුව ද, යන මේ ධර්‍මයෝ නහේතු නම් වෙත්.
1078. කවර ධර්‍මයෝ සහේතුක වෙති යත්:
ඒ හේතුධර්‍මයන්ගෙන් යම් ධර්‍ම කෙනෙක් සහේතුක වෙත් ද, වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධය යන මේ ධර්‍මයෝ සහේතුකයෝ යි.
1079. කවර ධර්‍මයෝ අහේතුක වෙති යත්:
ඒ හේතුධර්‍මයන්ගෙන් යම් ධර්‍ම කෙනෙක් අහේතුක වෙත් ද, වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛත ධාතුව ද, යන මේ ධර්‍මයෝ අහේතුකයෝ යි.
1080. කවර ධර්‍මයෝ හේතු සම්ප්‍රයුක්ත වෙති යත්:
ඒ හේතුධර්‍මයන්ගෙන් යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධ ය, යන මේ ධර්‍මයෝ හේතු සම්ප්‍රයුක්තයෝ යි.
1081. හේතු විප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
ඒ හේතුධර්‍මයන්ගෙන් යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛත ධාතුව ද, යන මේ ධර්‍මයෝ හේතු විප්‍රයුක්තයෝ යි.
1082. කවර ධර්‍මයෝ හේතු ද සහේතුක ද වෙති යත්:
ලෝභය මෝහය සමඟ වූයේ හේතු ද සහේතුක ද වෙයි. මෝහය ලෝභය සමඟ වූයේ හේතු ද සහේතුක ද වෙයි. දෝසය මෝහය සමඟ වූයේ හේතු ද සහේතුක ද වෙයි. මෝහය දෝසය සමඟ වූයේ හේතු ද සහේතුක ද වෙයි. අලෝභ ය අදෝස ය අමෝහ ය යන මොහු ඔවුනොවුන් හේතු වූවාහු ද සහේතුක වූවාහු ද වෙත්. මේ ධර්‍මයෝ හේතු ද සහේතුක ද වෙත්.
1083. කවර ධර්‍මයෝ සහේතුක ද නො ද හේතු ද වෙති යත්:
ඒ හේතුධර්‍මයන්ගෙන් යම් ධර්‍ම කෙනෙක් සහේතුක වූවාහු ද, ඒ ධර්‍මයන් තබා වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය යන මේ ධර්‍මයෝ සහේතුක ද නො ද හේතු වූවාහු ද වෙත්.
1084. කවර ධර්‍මයෝ හේතු ද හේතුසම්ප්‍රයුක්ත ද වෙති යත්:
ලෝභය මෝහය සමඟ වූයේ හේතු ද හේතුසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය ලෝභය සමඟ වූයේ හේතු ද හේතුසම්ප්‍රයුක්ත ද වෙයි. දෝසය මෝහය සමඟ වූයේ හේතු ද හේතුසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය දෝසය සමඟ වූයේ හේතු ද හේතුසම්ප්‍රයුක්ත ද වෙයි. අලෝභ ය අදෝස ය අමෝහ ය යන මොහු ඔවුනොවුන් හේතු ද හේතුසම්ප්‍රයුක්ත ද වෙත්. මේ ධර්‍මයෝ හේතු ද හේතුසම්ප්‍රයුක්ත ද වෙත්.
1085. කවර ධර්‍මයෝ හේතුසම්ප්‍රයුක්ත ද නො ද හේතු ද වෙති යත්:
ඒ හේතුධර්‍මයන්ගෙන් යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් තබා වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධය යන මේ ධර්‍මයෝ හේතුසම්ප්‍රයුක්ත ද නො ද හේතු ද වෙත්.
1086. කවර ධර්‍මයෝ නහේතු සහේතුක වෙති යත්:
ඒ හේතුධර්‍මයන්ගෙන් යම් ධර්‍ම කෙනෙක් හේතු නො වැ සහේතුක වූවාහු ද, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධය යන මේ ධර්‍මයෝ නහේතු සහේතුකයෝ යි.
1087. කවර ධර්‍මයෝ නහේතු අහේතුක වෙති යත්:
ඒ හේතුධර්‍මයන්ගෙන් යම් ධර්‍ම කෙනෙක් හේතු නො වැ අහේතුක වූවාහු ද, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධය, සියලු රූපය ද, අසඞ්ඛතධාතුව ද, යන මේ ධර්‍මයෝ නහේතු අහේතුකයෝ යි.
හේතු ගොච්ඡකය යි.
1088. කවර ධර්‍මයෝ සප්‍රත්‍යය වෙති යත්:
පඤ්චස්කන්‍ධයෝ ය: රූපස්කන්‍ධ ය, වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ සප්‍රත්‍යයෝ යි.
1089. කවර ධර්‍මයෝ අප්‍රත්‍යය වෙති යත්:
අසඞ්ඛත (නිබ්බාන) ධාතුව ය. මේ ධර්‍මයෝ අප්‍රත්‍යයෝ යි.
1090. කවර ධර්‍මයෝ සඞ්ඛත වෙති යත්:
ඒ යම් ම ධර්‍මකෙනෙක් සප්‍රත්‍යයෝ ද, එම ධර්‍මයෝ සඞ්ඛතයෝ යි.
1091. කවර ධර්‍මයෝ අසඞ්ඛත වෙති යත්:
ඒ යම් ම ධර්‍මයෙක් අප්‍රත්‍යය වේ ද, එම ධර්‍මය අසඞ්ඛත යි.
1092. කවර ධර්‍මයෝ සනිදර්‍ශන වෙති යත්:
රූපායතන ය. මේ ධර්‍මයෝ සනිදර්‍ශනයෝ යි.
1093. කවර ධර්‍මයෝ අනිදර්‍ශන වෙති යත්:
චක්‍ෂුරායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යායතන ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය. අනිදර්‍ශන අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ යම් රූපයෙකුත් වේ ද, අසඞ්ඛත ධාතුව ද යන මේ ධර්‍මයෝ අනිදර්‍ශනයෝ යි.
1094. කවර ධර්‍මයෝ සප්‍රතිඝ වෙති යත්:
චක්‍ෂුරායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යාතන ය, යන මේ ධර්‍මයෝ සප්‍රතිඝයෝ යි.
1095. කවර ධර්‍මයෝ අප්‍රතිඝ වෙති යත්:
වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධය, අනිදර්‍ශන අප්‍රතිඝ වූ ධර්‍මායතනයෙහි ඇතුලු වූ යම් රූපයෙකුත් වේ ද, අසඞ්ඛත ධාතුව ද, යන මේ ධර්‍මයෝ අප්‍රතිඝයෝ යි.
1096. කවර ධර්‍මයෝ රූපී වෙති යත්:
සතර මහා භූතයෝ ද, සතර මාහාභූතයන් නිසා පවත්නා රූපය ද, යන මේ ධර්‍මයෝ රූපී වෙත්.
1097. කවර ධර්‍මයෝ අරූපී වෙති යත්:
වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, අසඞ්ඛත ධාතුව ද, යන මේ ධර්‍මයෝ අරූපී වෙත්.
1098. කවර ධර්‍මයෝ ලෞකික වෙති යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර වූ ආස්‍රව සහිත වූ කුශලාකුශල අව්‍යාකෘත ධර්‍මයෝ ය, රූපස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, යන මේ ධර්‍මයෝ ලෞකිකයෝ යි.
1099. කවර ධර්‍මයෝ ලෝකෝත්තර වෙති යත්:
අපරියාපන්න වූ මාර්‍ගයෝ ද, මාර්‍ගඵලයෝ ද, අසඞ්ඛත ධාතුව ද, යන මේ ධර්‍මයෝ ලෝකෝත්තරයෝ යි.
1100. කවර ධර්‍මයෝ චක්‍ෂුරාදි කිසි විඥානයෙකින් දතයුතු ද කිසි විඥානයකින් නො දතයුතු ද වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් චක්‍ෂුර්විඥානයෙන් දත යුත්තාහු නම්, ඒ ධර්‍මයෝ ශ්‍රෝත්‍රවිඥානයෙන් නො දත යුත්තාහ. යළි යම් ධර්‍මකෙනෙක් ශ්‍රෝත්‍රවිඥානයෙන් දතයුත්තාහු නම්, ඒ ධර්‍මයෝ චක්‍ෂුර්විඥානයෙන් නො දත යුත්තාහ.
යම් ධර්‍ම කෙනෙක් චක්‍ෂුර්විඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ඝ්‍රාණවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ඝ්‍රාණවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ චක්‍ෂුවිඥේය නො වෙත්.
යම් ධර්‍ම කෙනෙක් චක්‍ෂුර්විඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ජිහ්වාවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ජිහ්වාවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ චක්‍ෂුවිඥේය නො වෙත්.
යම් ධර්‍ම කෙනෙක් චක්‍ෂුර්විඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ කායවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් කායවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ චක්‍ෂුවිඥේය නො වෙත්.
යම් ධර්‍ම කෙනෙක් ශ්‍රෝත්‍රවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ඝ්‍රාණවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ඝ්‍රාණවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ශ්‍රෝත්‍රවිඥේය නො වෙත්.
යම් ධර්‍ම කෙනෙක් ශ්‍රෝත්‍රවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ජිහ්වාවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ජිහ්වාවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ශ්‍රෝත්‍රවිඥේය නො වෙත්.
යම් ධර්‍ම කෙනෙක් ශ්‍රෝත්‍රවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ කායවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් කායවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ශ්‍රෝත්‍රවිඥේය නො වෙත්.
යම් ධර්‍ම කෙනෙක් ශ්‍රෝත්‍රවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ චක්‍ෂුර්විඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් චක්‍ෂුර්විඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ශ්‍රෝත්‍රවිඥේය නො වෙත්.
යම් ධර්‍ම කෙනෙක් ඝ්‍රාණවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ජිහ්වාවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ජිහ්වාවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ඝ්‍රාණවිඥේය නො වෙත්.
යම් ධර්‍ම කෙනෙක් ඝ්‍රාණවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ කායවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් කායවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ඝ්‍රාණවිඥේය නො වෙත්.
යම් ධර්‍ම කෙනෙක් ඝ්‍රාණවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ චක්‍ෂුර්විඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් චක්‍ෂුර්විඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ඝ්‍රාණවිඥේය නො වෙත්.
යම් ධර්‍ම කෙනෙක් ඝ්‍රාණවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ශ්‍රෝත්‍රවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ශ්‍රෝත්‍රවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ඝ්‍රාණවිඥේය නො වෙත්.
යම් ධර්‍ම කෙනෙක් ජිහ්වාවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ කායවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් කායවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ජිහ්වාවිඥේය නො වෙත්.
යම් ධර්‍ම කෙනෙක් ජිහ්වාවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ චක්‍ෂුර්විඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් චක්‍ෂුර්විඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ජිහ්වාවිඥේය නො වෙත්.