මේ සස්නෙන් බැහැර මහබමුණන්ගේ ශීලයෙන් ශුද්ධි ය, ව්‍රතයෙන් ශුද්ධි ය, ශීලව්‍රතයෙන් ශුද්ධි ය යි යම් මෙබඳු වූ දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිසූකායිකයෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටාසිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ෂයෙක් කුත්සිතමාර්‍ගයෙක් මිත්‍ථ්‍යාපථයෙක් මිත්‍ථ්‍යාස්වභාවයෙක් තීත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ශීලව්‍රතපරාමර්‍ෂ යයි කියනු ලැබේ.
මේ තුන් සංයෝජනයෝ ය, ඔවුන් හා ප්‍රහාණෛකස්ථ වූ ක්ලේශයෝ ද, ඒ තදේකස්ථ ලෝභ දි අටකෙලෙසුන් හා සම්ප්‍රයෝග වූ වේදනාස්කන්‍ධ ය … විඥානස්කන්‍ධ ය, ඒ ලෝභාදිය විසින් උපදවන ලද කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම ය, මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ යි.
1014. කවර ධර්‍මයෝ භාවනායෙන් ප්‍රහාතව්‍ය වෙති යත්:
අවශේෂ වූ ලෝභ ය දෝස ය මෝහ ය, (ප්‍රහාණවශයෙන්) තදේකස්ථ වූ ක්ලේශයෝ ද, ඒ කෙලෙසුන් හා සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය … විඥානස්කන්‍ධ ය, තත්සමුත්‍ථිත වූ කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම යි. මේ ධර්‍මයෝ භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ යි.
1015. කවර ධර්‍මයෝ දර්‍ශනයෙන් - භාවනායෙන් නො ම ප්‍රහාතව්‍ය වෙති යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාව්‍යාකෘත ධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛත (නිබ්බාන) ධාතු දැයි මේ ධර්‍මයෝ නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ යි.
1016. කවර ධර්‍මයෝ දර්‍ශනයෙ ප්‍රහාතව්‍ය හේතු ඇතියහ යත්:
සත්කායදෘෂ්ටි ය විචිකිත්සා ය ශීලව්‍රතපරාමර්‍ෂ ය යන තුන් සංයෝජනයෝ යි.
එහි සත්කායදෘෂ්ටි කවරෙ යත්: මෙ ලොවැ අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ ... රූපය ආත්මයයි දකී ... මේ සත්කායද්‍රෂ්ටි යයි කියනු ලැබේ.
එහි විචිකිත්සා කවර යත්: ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කෙරෙයි ... මේ විචිකිත්සා යයි කියනු ලැබේ.
එහි ශීලව්‍රතපරාමර්‍ෂය කවරෙ යත්: මේ සස්නෙන් බැහැර මහබමුණන්ගේ ශීලයෙන් ශුද්ධිය ... මේ ශීලව්‍රතපරාමර්‍ෂ යයි කියනු ලැබේ.
මේ තුන් සංයෝජනයෝ ය, තදේකස්ථ වූ ක්ලේශයෝ ද, තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය … විඥානස්කන්‍ධ ය, ඒ කෙලෙසුන් විසින් සමුත්‍ථිත වූ කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම ය, යන මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇත්තාහු ය. සත්කායදිට්ඨි ය විචිකිච්ඡා ය සීලබ්බතපරාමාස ය යන තුන් සංයෝජනයෝ ය, මේ දහම්හු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ ය. තදේකස්ථ වූ ලෝභ ය දෝස ය මෝහ ය, යන මේ දහම්හු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුහු ය. තදේකස්ථ වූ ක්ලේශයෝ ද, තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, ඒ ලෝභාදීය විසින් සමුත්‍ථිත වූ කායකර්‍මය වාක්කර්‍මය මනඃකර්‍ම ය, මේ දහම්හු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුකයෝ යි.
1017. කවර දහම්හු භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇතියහ යත්:
අවශේෂ වූ ලෝභ ය දෝස ය මෝහ ය, මේ දහම්හු භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියහ. තදේකස්ථ වූ ක්ලේශයෝ ද, ඒ කෙලෙසුන් හා සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, ඒ ලෝභාදීය විසින් සමුත්‍ථිත වූ කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම ය, මේ ධර්‍මයෝ භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුකයෝ යි.
1018. කවර ධර්‍මයෝ නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇතියහ යත්:
ඒ ධර්‍මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශලාව්‍යාකෘත වූ ධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධ සංඥාස්කන්‍ධ සංස්කාරස්කන්‍ධ විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛතධාතු දැ යි මේ ධර්‍මයෝ නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුකයෝ යි.
1019. කවර දහම්හු ආචයගාමී වෙති යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාකුශල ධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ ආචයගාමීහු ය.
1020. කවර දහම්හු අපචයගාමී වෙති යත්:
අපරියාපන්න වූ සතර මාර්‍ගයෝ යි. මේ ධර්‍මයෝ අපචයගාමීහු ය.
1021. කවර දහම්හු නො ම ආචයගාමී නො ද අපචයගාමී වෙති යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර වූ අපරියාපන්න වූ කුශලාකුශලධර්‍මයන්ගේ විපාකයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙක් වෙත් ද, සියලු රූපය ද, අසඞ්ඛත (නිවන) ධාතුව දැ යි, මේ ධර්‍මයෝ නො ම ආචයගාමී නො ද අපචයගාමී වෙත්.
1022. කවර දහම්හු ශෛක්‍ෂ වෙති යත්:
අපරියාපන්න වූ සතරමාර්‍ගයෝ ද, හෙට්ඨිම වූ තුන් ශ්‍රාමාණ්‍යඵලයෝ දැ යි, මේ ධර්‍මයෝ ශෛක්‍ෂයෝ යි.
1023. කවර දහම්හු අශෛක්‍ෂ වෙති යත්:
මතුයෙහි වූ අර්‍හත්ත්‍වඵල ය. මේ ධර්‍මයෝ අශෛක්‍ෂ යෝ යි.
1024. කවර ධර්‍මයෝ නෛව ශෛක්‍ෂ නාශෛක්‍ෂ වෙති යත්:
ඒ (ශෛක්‍ෂාශෛක්‍ෂ) ධර්‍මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛතධාතුව දැ යි මේ ධර්‍මයෝ නෛවශෛක්‍ෂ නාශෛක්‍ෂයෝ යි.
1025. කවර ධර්‍මයෝ පරිත්ත වෙති යත්:
සියලු ම කාමාවචර වූ කුශල - අකුශල - අව්‍යාකෘත ධර්‍මයෝ ය, රූපස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ පරිත්තයෝ යි.
1026. කවර ධර්‍මයෝ මහද්ගත වෙති යත්:
රූපාවචර අරූපාවචර වූ කුශලාව්‍යකෘතධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ මහද්ගතයෝ ය.
1027. කවර ධර්‍මයෝ අප්‍රමාණ වෙති යත්:
අපරියාපන්න වූ මාර්‍ගයෝ ද, මාර්‍ගඵලයෝ ද, අසඞ්ඛත (නිබ්බාන) ධාතුව දැ යි, මේ ධර්‍මයෝ අප්‍රමාණයෝ යි.
1028. කවර ධර්‍මයෝ පරිත්තාලම්බන වෙති යත්:
පරිත්ත වූ ධර්‍මයන් අරභයා (අරමුණු කොට) යම් චිත්තචෛතසික ධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ පරිත්තාලම්බනයෝ යි.
1029. කවර ධර්‍මයෝ මහද්ගතාලම්බන වෙති යත්:
මහද්ගත වූ ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසික ධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ මහද්ගතාලම්බනයෝ යි.
1030. කවර ධර්‍මයෝ අප්‍රමාණාලම්බන වෙති යත්:
අප්‍රමාණ වූ ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මෙ ධර්‍මයෝ අප්‍රමාණාලම්බනයෝ යි.
1031. කවර ධර්‍මයෝ හීන වෙති යත්:
ලෝභ ය දෝස ය මෝහ ය යන තුන් අකුශලමූලයෝ ය, (සහජ වශයෙන්) තෙදෙකස්ථ වූ ක්ලේශයෝ ද, උන් හා සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, තත්සමුත්‍ථිත වූ කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම යි. මේ ධර්‍මයෝ හීනයෝ යි.
1032. කවර ධර්‍මයෝ මධ්‍යම වෙති යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාව්‍යාකෘත ධර්‍මයෝ ය, රූපස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ මධ්‍යමයෝ යි.
1033. කවර ධර්‍මයෝ ප්‍රණීත වෙති යත්:
අපරියාපන්න වූ මාර්‍ගයෝ ද, මාර්‍ගඵලයෝ ද , අසඞ්ඛත ධාතුව දැයි. මේ ධර්‍මයෝ ප්‍රණීතයෝ යි.
1034. කවර ධර්‍මයෝ මිත්‍ථ්‍යාත්‍වනියත වෙති යත්:
මාතෘවධාදි පඤ්ච ආනන්තරික කර්‍මයෝ ද, යම් නියත මිත්‍ථ්‍යාදෘෂ්ටියකුත් වේ ද, මේ ධර්‍මයෝ මිත්‍ථ්‍යාත්‍වනියතයෝ යි.
1035. කවර ධර්‍මයෝ සම්‍යක්ත්‍වනියත වෙති යත්:
අපරියාපන්න වූ සතර මාර්‍ගයෝ යි. මේ ධර්‍මයෝ සම්‍යක්ත්‍ව නියතයෝ යි.
1036. කවර ධර්‍මයෝ අනියත වෙති යත්:
ඒ ධර්‍මයන් තබා අවශේෂ වූ කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛතධාතුව දැ යි මේ ධර්‍මයෝ අනියතයෝ යි.
1037. කවර ධර්‍මයෝ මාර්‍ගාලම්බන වෙති යත්:
ආර්‍ය්‍යමාර්‍ගය අරමුණු කොට යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ මාර්‍ගාලම්බනයෝ යි.
1038. කවර ධර්‍මයෝ මාර්‍ගහේතුක වෙති යත්:
ආර්‍ය්‍යමාර්‍ගසමඞ්ගීහුගේ මාර්‍ගාඞ්ගයන් තබා ඒ මාර්‍ගසම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය යන මේ ධර්‍මයෝ මාර්‍ගහේතුකයෝ ය, ආර්‍ය්‍යමාර්‍ගසමඞ්ගීහුගේ සම්‍යග්දෘෂ්ටිය මාර්‍ග ද හේතු ද වෙයි. සම්‍යග්දෘෂ්ටිය තබා තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, යන මේ ධර්‍මයෝ මාර්‍ගහේතුකයෝ ය. ආර්‍ය්‍යමාර්‍ගසමඞ්ගීහුගේ අලෝභ ය අදෝස ය අමෝහ ය යන මේ ධර්‍මයෝ මාර්‍ගහේතුහු ය. උන් හා සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය. මේ ධර්‍මයෝ මාර්‍ගහේතුකයෝ යි.
1039. කවර ධර්‍මයෝ මාර්‍ගාධිපති වෙති යත්:
ආර්‍ය්‍යමාර්‍ගය ආරම්මණාධිපති කොට යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ මාර්‍ගාධිපතිහු ය. වීමංසාව අධිපති කොට මාර්‍ගය වඩන ආර්‍ය්‍යමාර්‍ගසමඞ්ගීහුගේ වීමංසාව තබා තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ මාර්‍ගාධිපති වෙත්.
1040. කවර ධර්‍මයෝ උත්පන්න වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් හටගත්තාහු පහළ වූවාහු මොනොවට හටගත්තාහු නිපන්නාහු වෙසෙසින් නිපන්නාහු ප්‍රකට වූවාහු උපන්නාහු වෙසෙසින් උපන්නාහු උත්‍ථිත වූවාහු සමුත්‍ථිත වූවාහු උපන්නාහු උපන් කොටසින් ගැණුනාහු ද, ඒ රූප ය වේදනා ය සංඥා ය සංස්කාර ය විඥාන යි. මේ ධර්‍මයෝ උත්පන්නයෝ යි.
1041. කවර ධර්‍මයෝ අනුත්පන්න වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් අජාත අභූත අසඤ්ජාත අනිර්‍වෘත අනභිනිර්‍වෘත අප්‍රාදුර්භූත අනුත්පන්න අසමුත්පන්න අනුත්‍ථිත අසමුත්‍ථිත අනුත්පන්න වූවාහු අනුත්පන්නාංශයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ රූප ය වේදනා ය සංඥා ය සංස්කාර ය විඥාන යි. මේ ධර්‍මයෝ අනුත්පන්නයෝ යි.
1042. කවර ධර්‍මයෝ උත්පාදී (අවශ්‍යයෙන් උපදනා) වෙති යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ නො මූ කළ විපාක ඇති කුශලාකුශල ධර්‍මයන්ගේ විපාකයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, කර්‍මය කළ හෙයින් යම් රූපයෙකුත් උපදනේ ද, මේ ධර්‍මයෝ උත්පාදීහ.
1043. කවර ධර්‍මයෝ අතීත වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ක්‍ෂණත්‍රය ඉක්මවූවාහු නිරුද්ධ වූවාහු පහව ගියාහු (ප්‍රකෘතිය හැරීමෙන්) විපරිණාමයට ගියාහු අස්තයට ගියාහු අභ්‍යස්තයට ගියාහු ඉපිදැ පහව ගියාහු ද, අතීත වූවාහු අතීතාංශයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ රූප ය වේදනා ය සංඥා ය සංස්කාර ය විඥාන යි. මේ ධර්‍මයෝ අතීතයෝ යි.
1044. කවර ධර්‍මයෝ, අනාගත වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් අජාත අභූත අසඤ්ජාත අනිර්‍වෘත්ත අනභිනිර්‍වෘත අප්‍රාදුර්භූත අනුත්පන්න අසමුත්පන්න අනුත්‍ථිත අසමුත්‍ථිත වූවාහු අනාගත වූවාහු අනාගතාංශයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ රූප ය වේදනා ය සංඥා ය සංස්කාර ය විඥාන යි. මේ ධර්‍මයෝ අනාගතයෝ යි.
1045. කවර ධර්‍මයෝ ප්‍රත්‍යුත්පන්න වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ජාත භූත සඤ්ජාත නිර්‍වෘත්ත අභිනිර්‍වෘත ප්‍රාදුර්භූත උත්පන්න සමුත්පන්න උත්‍ථිත සමුත්‍ථිත වූවාහු ප්‍රත්‍යුත්පන්න වූවාහු ප්‍රත්‍යුත්පන්නාංශයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ රූපයෝ ය වේදනා ය සංඥා ය සංස්කාරයෝ ය විඥාන යි. මේ ධර්‍මයෝ ප්‍රත්‍යුත්පන්නයෝ යි.
1046. කවර ධර්‍මයෝ අතීතාලම්බන වෙති යත්:
(පරිත්ත මහද්ගත වූ) අතීත ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසික ධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ අතීතාලම්බනයෝ ය.
1047. කවර ධර්‍මයෝ අනාගතාලම්බන වෙති යත්:
අනාගත ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ අනාගතාලම්බනයෝ යි.
1048. කවර ධර්‍මයෝ ප්‍රත්‍යුත්පන්නාලම්බන වෙති යත්:
ප්‍රත්‍යුත්පන්න ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ ප්‍රත්‍යුත්පන්නාලම්බනයෝ යි.
1049. කවර ධර්‍මයෝ අධ්‍යාත්ම වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ ඒ සත්ත්තවයන්ගේ අධ්‍යාත්ම වූවාහු ප්‍රත්‍යාත්ම වූවාහු (සිය සිය සතනැ උපන්නාහු) තිජක (තමා කෙරෙහි) වූවාහු ප්‍රාතිපෞද්ගලික (වෙන් වෙන් ව පුඟුල්සතු) වූවාහු උපාදින්න (ශරීරස්ථ) වූවාහු ද, ඒ රූප ය වේදනා ය සංඥා ය සංස්කාරයෝ ය විඥාන යි. මේ ධර්‍මයෝ අධ්‍යාත්මයෝ යි.
1050. කවර ධර්‍මයෝ බාහ්‍ය වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ ඒ පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ අධ්‍යාත්ම වූවාහු ප්‍රත්‍යාත්ම වූවාහු නිජාත්මයෙහි උපන්නාහු ප්‍රාතිපෞද්ගලික වූවාහු උපාදින්න වූවාහු ද, ඒ රූප - වේදනා -සංඥා ය සංස්කාර - විඥාන යි. මේ ධර්‍මයෝ බාහ්‍යයෝ යි.
1051. කවර ධර්‍මයෝ අධ්‍යාත්ම - බාහ්‍ය වෙති යත්:
ඒ (අධ්‍යාත්ම - බාහ්‍ය යන) දෙකය. මේ ධර්‍මයෝ අධ්‍යාත්ම බාහ්‍යයෝ යි.
1052. කවර ධර්‍මයෝ අධ්‍යාත්මාලම්බන වෙති යත්:
අධ්‍යාත්ම වූ ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසික ධර්‍මකෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ අධ්‍යාත්මාලම්බනයෝ යි.
1053. කවර ධර්‍මයෝ බාහ්‍යාලම්බන වෙති යත්:
බාහ්‍ය වූ ධර්‍මයන් අරමුණු කොට යම් චිත්තචෛතසික ධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ බාහ්‍යාලම්බනයෝ යි.
1054. කවර ධර්‍මයෝ අධ්‍යාත්ම - බාහ්‍යාලම්බන වෙති යත්:
අධ්‍යාත්ම - බාහ්‍ය වූ ධර්‍මයන් අරභයා (අරමුණු කොට) යම් චිත්තචෛතසික ධර්‍ම කෙනෙක් උපදනාහු නම්, මේ ධර්‍මයෝ අධ්‍යාත්ම බාහ්‍යාලම්බනයෝ යි.
1055. කවර ධර්‍මයෝ සනිදර්‍ශන - සප්‍රතිඝ වෙති යත්:
රූපායතන ය, මේ ධර්‍මයෝ සනිදර්‍ශන - සප්‍රතිඝයෝ යි.
1056. කවර ධර්‍මයෝ අනිදර්‍ශන - සප්‍රතිඝ වෙති යත්:
චක්‍ෂුරායතන ය ශ්‍රෝත්‍රායතන ය ඝ්‍රාණායතන ය ජිහ්වායතන ය කායායතන ය ශබ්දායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ධර්‍මයෝ අනිදර්‍ශන - සප්‍රතිඝයෝ යි.
1057. කවර ධර්‍මයෝ අනිදර්‍ශන - අප්‍රතිඝ වෙති යත්:
වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ ය, අනිදර්‍ශන - අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ යම් රූපයකුත් වේ ද, අසඞ්ඛත (නිබ්බාන) ධාතුව දැ යි. මේ ධර්‍මයෝ අනිදර්‍ශන - ප්‍රතිඝයෝ යි.
ත්‍රික නිර්දේශ යි.
1058. කවර ධර්‍මයෝ හේතු වෙති යත්:
තුන් කුශල හේතු ය. තුන් අකුශල හේතු ය. තුන් අව්‍යාකෘත හේතු ය. නව කාමාවචර හේතුය. ෂඩ් රූපාවචර හේතු ය. ෂඩ් අරූපාවචර හේතු ය. ෂඩ් අපරියාපන්න හේතු යි.
1059. එහි තුන් කුශල හේතු කවරහ යත්:
අලෝභ ය. අදෝස ය. අමෝහ යි.
1060. එහි අලෝභ කවරේ යත්: