Dhammasaṅgaṇī

Enumeration of Phenomena

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 3932 segments

පෙන්වන කොටස් 2401-2500 න් 3932

කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ අනුපාදින්න සූක්‍ෂ්මරූප යි.
922. ඒ උපාදින්න දූරේරූපය කවරේ යත්:
ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ උපාදින්න දුරේරූප යි.
923. ඒ උපාදින්න සන්තිකේරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ උපාදින්න සන්තිකේරූප යි.
924. ඒ අනුපාදින්න දූරේරූපය කවරේ යත්:
කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ අනුපාදින්න දුරේරූප යි.
925. ඒ අනුපාදින්න සන්තිකේරූපය කවරේ යත්:
ශබ්දායතන ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ අනුපාදින්න සන්තිකේරූප යි.
926. ඒ උපාදින්නුපාදානීය සනිදස්සනරූපය කවරේ යත්:
කර්‍මප්‍රත්‍යය වූ රූපායතන යි. මේ ඒ උපාදින්නෝපාදානීය සනිදර්‍ශනරූප යි.
927. ඒ උපාදින්නුපාදානීය අනිදස්සනරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන ය ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ උපාදින්නෝපාදානීය අනිදර්‍ශනරූප යි.
928. ඒ අනුපාදින්නුපාදානීය සනිදස්සනරූපය කවරේ යත්:
කර්‍මප්‍රත්‍යය නො වූ රූපායතන යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය සනිදර්‍ශනරූප යි.
929. ඒ අනුපාදින්නුපාදානීය අනිදස්සනරූපය කවරේ යත්:
ශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය අනිදර්‍ශනරූප යි.
930. ඒ උපාදින්නුපාදානීය සප්පටිඝරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ උපාදින්නෝපාදානීය වූ සප්‍රතිඝරූප යි.
931. ඒ උපාදින්නුපාදානීය වූ අප්පටිඝරූපය කවරේ යත්:
ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ උපාදින්නෝපාදානීය වූ අප්‍රතිඝරූප යි.
932. ඒ අනුපාදින්නුපාදානීය වූ සප්පටිඝරූපය කවරේ යත්:
ශබ්දායතන ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය වූ සප්‍රතිඝ රූප යි.
933. ඒ අනුපාදින්නුපාදානීය වූ අප්පටිඝරූපය කවරේ යත්:
කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය වූ අප්‍රතිඝරූප යි.
934. ඒ උපාදින්නුපාදානීය වූ මහාභූතරූපය කවරේ යත්:
කර්‍මප්‍රත්‍යය වූ ස්ප්‍රෂ්ටව්‍යායතන ය අබ්ධාතු යි. මේ ඒ උපාදින්නෝපාදානීය වූ මහාභූතරූප යි.
935. ඒ උපාදින්නුපාදානීය වූ මහාභූත නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන ය ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ආකාශධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ උපාදින්නෝපාදානීය වූ මහාභූත නො වූ රූප යි.
936. ඒ අනුපාදින්නුපාදානීය වූ මහාභූතරූපය කවරේ යත්:
කර්‍මප්‍රත්‍යය නො වූ ස්ප්‍රෂ්ටව්‍යායතන ය අබ්ධාතු යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය වූ මහාභූතරූප යි.
937. ඒ අනුපාදින්නුපාදානීය වූ මහාභූත නො වූ රූපය කවරේ යත්:
ශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ආකාශධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය මහාභූතරූප යි.
938. ඒ උපාදින්නුපාදානීය ඕලාරිකරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් හෝ ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ උපාදින්නෝපාදානීය ඖදාරිකරූප යි.
939. ඒ උපාදින්නුපාදානීය සුඛුමරූපය කවරේ යත්:
ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය යි. තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ උපාදින්නෝපාදානීය සූක්‍ෂ්මරූප යි.
940. ඒ අනුපාදින්නුපාදානීය ඕලාරිකරූපය කවරේ යත්:
ශබ්දායතන ය යි. තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය ඖදාරිකරූප යි.
941. ඒ අනුපාදින්නුපාදානීය සුඛුමරූපය කවරේ යත්:
කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යත්‍ව ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා යි. තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් හෝ ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය සූක්‍ෂ්මරූප යි.
942. ඒ උපාදින්නුපාදානීය දූරේරූපය කවරේ යත්:
ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය යි. තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ උපාදින්නෝපාදානීය දුරේරූප යි.
943. ඒ උපාදින්නුපාදානීය සන්තිකේරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ උපාදින්නෝපාදානීය සන්තිකේරූප යි.
944. ඒ අනුපාදින්නුපාදානීය දූරේරූපය කවරේ යත්:
කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා යි. තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය දුරේරූප යි.
945. ඒ අනුපාදින්නුපාදානීය සන්තිකේරූපය කවරේ යත්:
ශබ්දායතන යි. තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය සන්තිකේරූප යි.
946. ඒ සප්‍රතිඝ ඉන්‍ද්‍රියරූපය කවරේ යත්:
චක්‍ෂුරින්‍ද්‍රිය ... කායේන්‍ද්‍රිය යි. මේ ඒ සප්‍රතිඝ වූ ඉන්‍ද්‍රියරූප යි.
947. ඒ සප්‍රතිඝ ඉන්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ සප්‍රතිඝ ඉන්‍ද්‍රිය නො වූ රූප යි.
948. ඒ අප්‍රතිඝ ඉන්‍ද්‍රියරූපය කවරේ යත්:
ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය යි. මේ ඒ අප්‍රතිඝ ඉන්‍ද්‍රියරූප යි.
949. ඒ අප්‍රතිඝ ඉන්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:
කායවිඥප්ති ය වාග්විඥප්ති ය ... කවලීකාරාහාර යි. මේ ඒ අප්‍රතිඝ ඉන්‍ද්‍රිය නොවූ රූප යි.
950. ඒ සප්‍රතිඝ වූ මහාභූතරූපය කවරේ යත්:
ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ සප්‍රතිඝ වූ මහාභූතරූප යි.
951. ඒ සප්‍රතිඝ වූ මහාභූත නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... රසායතන යි. මේ ඒ සප්‍රතිඝ වූ මහාභූත නො වූ රූප යි.
952. ඒ අප්‍රතිඝ වූ මහාභූතරූපය කවරේ යත්:
අබ්ධාතු යි. මේ ඒ අප්‍රතිඝ වූ මහාභූතරූප යි.
953. ඒ අප්‍රතිඝ වූ මහාභූත නො වූ රූපය කවරේ යත්:
ස්ත්‍රීන්‍ද්‍රිය ය ... කවලීකාරාහාර යි. මේ ඒ අප්‍රතිඝ මහාභූත නො වූ රූප යි.
954. ඒ ඉන්‍ද්‍රිය වූ ඕලාරිකරූපය කවරේ යත්:
චක්‍ෂුරින්‍ද්‍රිය ය ... කායේන්‍ද්‍රිය යි. මේ ඒ ඉන්‍ද්‍රිය වූ ඖදාරිකරූප යි.
955. ඒ ඉන්‍ද්‍රිය වූ සුඛුමරූපය කවරේ යත්:
ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය යි. මේ ඒ ඉන්‍ද්‍රිය වූ සූක්‍ෂ්මරූප යි.
956. ඒ ඉන්‍ද්‍රිය නො වූ ඕලාරිකරූපය කවරේ යත්:
රූපායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ ඉන්‍ද්‍රිය නො වූ ඖදාරිකරූප යි.
957. ඒ ඉන්‍ද්‍රිය නො වූ සුඛුමරූපය කවරේ යත්:
කායවිඥප්ති ය ... කවලීකාරාහාර යි. මේ ඒ ඉන්‍ද්‍රිය නො වූ සූක්‍ෂ්මරූප යි.
958. ඒ ඉන්‍ද්‍රිය වූ දූරේරූපය කවරේ යත්:
ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය යි. මේ ඒ ඉන්‍ද්‍රිය වූ දුරේරූප යි.
959. ඒ ඉන්‍ද්‍රිය වූ සන්තිකේරූපය කවරේ යත්:
චක්‍ෂුරින්‍ද්‍රිය ය ... කායේන්‍ද්‍රිය යි. මේ ඒ ඉන්‍ද්‍රිය වූ සන්තිකේරූප යි.
960. ඒ ඉන්‍ද්‍රිය නො වූ දූරේරූපය කවරේ යත්:
කායවිඥප්ති ය වාග්විඥප්ති ය ... කවලීකාරාහාර යි. මේ ඒ ඉන්‍ද්‍රිය නො වූ දුරේරූප යි.
961. ඒ ඉන්‍ද්‍රිය නො වූ සන්තිකේරූපය කවරේ යත්:
රූපායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ ඉන්‍ද්‍රිය නො වූ සන්තිකේ රූප යි.
962. ඒ මහාභූත වූ ඕලාරිකරූපය කවරේ යත්:
ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ මහාභූත වූ ඖදාරිකරූප යි.
963. ඒ මහාභූත වූ සුඛුමරූපය කවරේ යත්:
අබ්ධාතු යි. මේ ඒ මහාභූත වූ සූක්‍ෂමරූප යි.
964. ඒ මහාභූත නො වූ ඕලාරිකරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... රසායතන යි. මේ ඒ මහාභූත නො වූ ඖදාරිකරූප යි.
965. ඒ මහාභූත නො වූ සුඛුමරූපය කවරේ යත්:
ස්ත්‍රීන්‍ද්‍රිය ය ... කවලීකාරාහාර යි. මේ ඒ මහාභූත නො වූ සූක්‍ෂරූප යි.
966. ඒ මහාභූත වූ දූරේරූපය කවරේ යත්:
අබ්ධාතු යි. මේ ඒ මහාභූත වූ දුරේරූප යි.
967. ඒ මහාභූත වූ සන්තිකේරූපය කවරේ යත්:
ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ මහාභූත වූ සන්තිකේරූප යි.
968. ඒ මහාභූත නො වූ දූරේරූපය කවරේ යත්:
ස්ත්‍රීන්‍ද්‍රිය ය ... කවලීකාරාහාර යි. මේ ඒ මහාභූත නො වූ දුරේරූප යි.
969. ඒ මහාභූත නො වූ සන්තිකේරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... රසායතන යි. මේ ඒ මහාභූත නො වූ සන්තිකේරූප යි.
970. රූපායතනය දෘෂ්‍ට ය, ශබ්දායතනය ශ්‍රැත ය, ගන්‍ධායතන - රසායතන - ස්ප්‍රෂ්ටව්‍යායතන මුත ය, හැම රූපය මනසින් විඥාතරූප යි.
මෙසේ චතුස්ප්‍රකාරයෙකින් රූපසඞ්ග්‍රහය වේ.
චතුෂ්කය යි.