873. ඒ බාහිර රූපයාගේ උපචය නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ උපචය නො වූ රූප යි.
874. ඒ ආධ්‍යාත්මික රූපයාගේ සන්තති නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ ආධ්‍යාත්මික රූපයාගේ සන්තති නො වූ රූප යි.
875. ඒ බාහිර රූපයාගේ සන්තතිරූපය කවරේ යත්:
රූපයාගේ යම් වැඩීමෙක් වේ ද, ඒ රූපයාගේ සන්තති යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ සන්තතිරූප යි.
876. ඒ බාහිර රූපයාගේ සන්තති නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ සන්තති නො වූ රූප යි.
877. ඒ ආධ්‍යාත්මික රූපයාගේ ජරතා නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ ආධ්‍යාත්මික රූපයාගේ ජරතා නො වූ රූප යි.
878. ඒ බාහිර රූපයාගේ ජරතාරූපය කවරේ යත්:
රූපයාගේ යම් ජරාවෙක් ජීර්‍ණාකාරයෙක් කැඩුණු බවෙක් නරනැගී බවෙක් රැළි වැටුණු සම ඇති බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් ඉන්‍ද්‍රියයන්ගේ මිහිකිරීමෙක් වේ ද, මේ ඒ බාහ්‍ය රූපයාගේ ජරතා රූප යි.
879. ඒ බාහිර රූපයාගේ ජරතා නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ ජරතා නො වූ රූප යි.
880. ඒ ආධ්‍යාත්මික රූපයාගේ අනිච්චතා නො වන රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ ආධ්‍යාත්මික රූපයාගේ අනිත්‍යතා නො වන රූප යි.
881. ඒ බාහිර රූපයාගේ අනිච්චතාරූපය කවරේ යත්:
රූපයාගේ යම් ක්‍ෂය වීමෙක් විනාශයෙක් බිඳීමෙක් පරිභේදයෙක් අනිත්‍යතායෙක් අතුරුදහන් වීමෙක් වේ ද, මේ ඒ බාහිර රූපයාගේ අනිත්‍යතාරූප යි.
882. ඒ බාහිර රූපයාගේ අනිච්චතා නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ අනිත්‍යතා නො වූ රූප යි.
883. ඒ ආධ්‍යාත්මික කබලීකාරාහාර නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ ආධ්‍යාත්මික කබලීකාරාහාර නො වූ රූප යි.
884. ඒ බාහිර කබලීකාරාහාරරූපය කවරේ යත්:
ඕදන ය කුල්මාස ය හත්වට ය මාළු ය මස් ය කිරි ය දිහි ය ගිතෙල් ය වෙඬරු ය තෙල් ය මිහි ය පැණි ය, තවද යම් යම් දනවියෙක්හි ඒ ඒ සත්ත්‍වයන් මුවින් කෑ යුතු දතින් විකිය යුතු ගෙලෙන් ගිලිය යුතු කුස පුරාලන යම් ඕජාවෙකින් සත්ත්‍වයෝ යැපෙත් නම් එබඳු වූ අන්‍ය වූ ද යම් රූපයෙක් ඇද්ද, මේ ඒ බාහ්‍ය කබලීකාරාහාර රූප යි.
885. ඒ බාහිර කබලීකාරාහාර නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... රූපයාගේ අනිත්‍යතා යි. මේ ඒ බාහ්‍ය කබලීකාරාහාරරූප යි. මෙසේ තුන් අයුරෙකින් රූපසඞ්ග්‍රහය වේ.
සූක්‍ෂ්මරූප ත්‍රිකයෝ යි.
ත්‍රිකනිර්දේශය යි.
චතුෂ්කය
886. ඒ උපාදාඋපාදින්නරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන ය ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ආකාශධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ උපාදාඋපාදින්න රූප යි.
887. ඒ උපාදාඅනුපාදින්නරූපය කවරේ යත්:
ශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපලඝුත්‍ව ය රූපමෘදුත්‍ව ය රූපකර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය නො වූ රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ආකාශධාතු ය රූපෝපචය ය රූපසන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ උපාදාඅනුපාදින්න රූප යි.
888. ඒ උපාදාඋපාදින්න නො වූ රූපය කවරේ යත්:
කර්‍මප්‍රත්‍යය වූ ස්ප්‍රෂ්ටව්‍යායතන ය අබ්ධාතු යි. මේ ඒ උපාදාඋපාදින්න නො වූ රූප යි.
889. ඒ උපාදාඅනුපාදින්න නො වූ රූපය කවරේ යත්:
කර්‍මප්‍රත්‍යය නො වූ ස්ප්‍රෂ්ටව්‍යායතන ය, අබ්ධාතු යි. මේ ඒ උපාදාඅනුපාදින්න නො වූ රූප යි.
890. ඒ උපාදාඋපාදින්නුපාදානීයරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන ය ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ආකාශධාතු ය රූපෝපචය ය රූපසන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ උපාදාඋපාදින්නුපාදානීය රූප යි.
891. ඒ උපාදාඅනුපාදින්නුපාදානීය රූපය කවරේ යත්:
ශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යත්‍ව ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය නො වූ රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ආකාශධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ උපාදාඅනුපාදින්නුපාදානීය රූප යි.
892. ඒ උපාදාඋපාදින්නුපාදානීය නො වූ රූපය කවරේ යත්:
කර්‍මප්‍රත්‍යය වූ ස්ප්‍රෂ්ටව්‍යායතන ය අබ්ධාතු යි. මේ ඒ උපාදාඋපාදින්නුපාදානීය නො වූ රූප යි.
893. ඒ උපාදාඅනුපාදින්නුපාදානීය නො වූ රූපය කවරේ යත්:
කර්‍මප්‍රත්‍යය නො වූ ස්ප්‍රෂ්ටව්‍යායතන ය අබ්ධාතු යි. මේ ඒ උපාදාඅනුපාදින්නුපාදානීය නො වූ රූප යි.
894. ඒ උපාදාසප්පටිඝරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... රසායතන යි. මේ ඒ උපාදාසප්‍රතිඝරූප යි.
895. ඒ උපාදාඅප්පටිඝරූපය කවරේ යත්:
ස්ත්‍රීන්‍ද්‍රිය ය ... කවලීකාරාහාර යි. මේ ඒ උපාදාඅප්‍රතිඝරූප යි.
896. ඒ උපාදාසප්පටිඝ නො වූ රූපය කවරේ යත්:
ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ උපාදාසප්‍රතිඝ නො වූ රූප යි.
897. ඒ උපාදාඅප්පටිඝ නො වූ රූපය කවරේ යත්:
අබ්ධාතු යි. මේ ඒ උපාදාඅප්‍රතිඝ නො වූ රූප යි.
898. ඒ උපාදාඕළාරිකරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... රසායතන යි. මේ ඒ උපාදාඖදාරිකරූප යි.
899. ඒ උපාදාසුඛුමරූපය කවරේ යත්:
ස්ත්‍රීන්‍ද්‍රිය ය ... කවලීකාරාහාර යි. මේ ඒ උපාදාසුඛුමරූප යි.
900. ඒ උපාදාඕළාරික නො වූ රූපය කවරේ යත්:
ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ උපාදාඖදාරික නො වූ රූප යි.
901. ඒ උපාදාසුඛුම නො වූ රූපය කවරේ යත්:
අබ්ධාතු යි. මේ ඒ උපාදාසුඛුම නො වූ රූප යි.
902. ඒ උපාදාදුරේ රූපය කවරේ යත්:
ස්ත්‍රීන්‍ද්‍රිය ය ... කවලීකාරාහාර යි. මේ ඒ උපාදාදූරේ රූප යි.
903. ඒ උපාදා සන්තිකේරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... රසායතන යි. මේ ඒ උපාදාසන්තිකේ රූප යි.
904. ඒ උපාදාදුරේ නො වූ රූපය කවරේ යත්:
අබ්ධාතු යි. මේ ඒ උපාදාදූරේ නො වූ රූප යි.
905. ඒ උපාදාසන්තිකේ නො වූ රූපය කවරේ යත්:
ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ උපාදාසන්තිකේ නො වූ රූප යි.
906. ඒ උපාදින්න වූ සනිදස්සනරූපය කවරේ යත්:
කර්‍මප්‍රත්‍යය වූ රූපායතන යි. මේ ඒ උපාදින්න වූ සනිදර්‍ශන රූප යි.
907. ඒ උපාදින්න වූ අනිදර්‍ශනරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන ය ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ උපාදින්න වූ අනිදර්‍ශන රූප යි.
908. ඒ අනුපාදින්න වූ සනිදස්සනරූපය කවරේ යත්:
කර්‍මප්‍රත්‍යය නො වූ රූපායතන යි. මේ ඒ අනුපාදින්න වූ සනිදර්‍ශන රූප යි.
909. ඒ අනුපාදින්න අනිදස්‍සන වූ රූපය කවරේ යත්:
ශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපලඝුතා ය රූපමෘදුතා ය රූපකර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය නො වූ ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපෝපචය ය රූපසන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ අනුපාදින්න වූ අනිදර්‍ශන රූප යි.
910. ඒ උපාදින්න වූ සප්පටිඝරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ උපාදින්න වූ සප්‍රතිඝරූප යි.
911. ඒ උපාදින්න වූ අප්පටිඝරූපය කවරේ යත්:
ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ උපාදින්න වූ අප්‍රතිඝ රූප යි.
912. ඒ අනුපාදින්න වූ සප්පටිඝරූපය කවරේ යත්:
ශබ්දායතන ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය යන යම් රූපයෙක් හො ඇද්ද, මේ ඒ අනුපාදින්න වූ සප්‍රතිඝරූප යි.
913. ඒ අනුපාදින්න වූ අප්පටිඝරූපය කවරේ යත්:
කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපලඝුතා ය රූපමෘදුතා ය රූපකර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය නො වූ ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ අනුපාදින්න වූ අප්‍රතිඝරූප යි.
914. ඒ උපාදින්න වූ මහාභූතරූපය කවරේ යත්:
කර්‍මප්‍රත්‍යය වූ ස්ප්‍රෂ්ටව්‍යායතන ය, අබ්ධාතු යි. මේ ඒ උපාදින්න වූ මහාභූතරූප යි.
915. ඒ උපාදින්න වූ මහාභූත නො වූ රූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන ය ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ආකාශධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ උපාදින්න වූ මහාභූත නො වූ රූප යි.
916. ඒ අනුපාදින්න වූ මහාභූතරූපය කවරේ යත්:
කර්‍මප්‍රත්‍යය නො වූ ස්ප්‍රෂ්ටව්‍යායතන ය, අබ්ධාතු යි. මේ ඒ අනුපාදින්න වූ මහාභූත රූප යි.
917. ඒ අනුපාදින්න වූ මහාභූත නො වූ රූපය කවරේ යත්:
ශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ආකාශධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ අනුපාදින්න මහාභූත නො වූ රූප යි.
918. ඒ උපාදින්න ඕලාරිකරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කායායතන ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් හෝ ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ උපාදින්න ඖදාරිකරූප යි.
919. ඒ උපාදින්න සුඛුමරූපය කවරේ යත්:
ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ උපාදින්න සූක්‍ෂ්මරූප යි.
920. ඒ අනුපාදින්න ඕලාරිකරූපය කවරේ යත්:
ශබ්දායතන ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ අනුපාදින්න ඖදාරික රූප යි.
921. ඒ අනුපාදින්න සුඛුමරූපය කවරේ යත්: